මුලින්ම මේක කියවලා ඉන්න. කිසිම වෙනස් කිරීමකින් තොරව අපේ අම්මගෙන් මගෙ අතට ලැබුන විදියටම මං ලියලා තියෙනවා.
******
හිතවත් ඇන්ටි…
මම ප්‍රසන්නගේ යාළුවෙක්. ඇන්ටි මාව අඳුනනවා. නමුත් ඇන්ටිට මේ ගැන කියන්න ක්‍රමයක් නැති නිසයි, මේ විදියට ලියන්න සිද්ද උනේ. මට කියන්න තියෙන්නේ ප්‍රසන්න ගැනයි.
ඇන්ටි ප්‍රසන්න ගැන මීට වඩා ටිකක් හොඳට හොයල බලන්න. මේ මෝඩයා කෙල්ලෙක් නිසා පිස්සු නටනවා. මට දැනගන්න ලැබුන විදියට කෙල්ල **** කියල මිස් කෙනෙක්ගේ දුවෙක්. මට නම් ඒ ගෙදර එවුන්ව පේන්න බෑ. මහ ලොකු වංශෙන් හිතන්නේ. ඒ කෙල්ල නම් කොහොමත් ප්‍රසන්නට ගැලපෙන්නේ නෑ. ඒ කෙල්ල ගැන මං දන්නවා. මහම මහ ආඩම්බර පණ්ඩිත කෙල්ලෙක්. මං දන්න විදියට ඒ කෙල්ල කැම්පස් යන්න හදන්නේ. කොහොම උනත් ඇන්ටි මේ ගැන ප්‍රසන්නට හොඳින් අවවාද කරන්න.
මොන ක්‍රමයකින් හරි මේ මගුල සිද්ද උනත් ප්‍රසන්නට ඉන්න වෙන්නේ නිවට කොන්ද පන නැති මිනිහෙක් විදියට. ඒ කෙල්ල කවදාවත් මූට සලකන්නේවත්, ගණන් ගන්නේවත් නෑ. නිකං පාච්චල් වෙනවා. මං හිතන්නේ ඒ කෙල්ල මේකට බැනලත් තියෙනවා. එහෙම තියෙද්දිත් ලැජ්ජ නැතුව තවත් පස්සෙන් යනවා.
කරන්න තියෙන්නේ මේකට ආදරෙන් කියල දෙන්න ඒක එයාට ගැලපෙන්නේ නෑ කියලා. ඇන්ටි හිතනව ඇති පොඩි පුතා ඇන්ටිට සලකයි කියලා. එහෙම හිතනවනම් මේ ටිකත් දැන ගන්න. ප්‍රසන්නගේ මල්ලි හොඳම වර්ගයේ බේබද්දෙක්. මේ ගැන ඇන්ටි නොදන්නව උණාට මං දන්නවා. ඌට හොඳට බොන්න නම් උගන්නන්න දෙයක් නෑ. ඒ අතින් ප්‍රසන්න නම් ටිකක් හොඳයි. එක අතකින් ඌ පව්. ඌ හොයන්නේ ආදරය. මාත් එක්ක කියල තියෙනවා අපේ අම්මට මං ගැන කිසිම ගානක් නෑ කියලා. එහෙම නම් ප්‍රසන්නගේ ජීවිතයට සම්පූර්ණ වගකින්න ඕනෙ ඇන්ටි බවත් මතක තියාගන්න. ඒ නිසා අම්ම කෙනෙක් විදියට විශේෂයෙන් ආදරණීය අම්මා කෙනෙක් විදියට ඌව හොඳ මාර්ගයට ගන්න.
*******
මේක අපේ අම්මගේ නමට තැපැල් කරලා තියෙන්නේ මගේ හොඳම යාළුවා. වැඩිය ඕනේ නෑ මේ ලියුම ලියන්න කලින් දවසෙත් එකට බියර් එකක් හිස් කරපු මට ඉන්න හොඳම යාළුවා කියලා හිතාගෙන හිටිය යාළුවා.
අද ගෙදර ගිය ගමන් අම්මායි තාත්තයි, මාත් එක්ක යශෝධරා ගැන කතා කලා. එයාල පුංචි කාලේ ඉඳන් දන්න ඒ හා පැටික්කි ගැන ආයේ මගෙන් අහන්න දෙයක් නෑ එයාලට. ඒ ගතිගුන ගැන අම්මලා දන්නවා. ඒකි ආඩම්බරයි… පණ්ඩිතයි… තමා. ඉතිං මං ඒ ගති ගුන වලට පට්ට ආසයිනේ. මම දන්නේ නෑ ඇයි මේ වගේ යාළුවෝ මට හම්බුනේ කියලා. මං ගැන සෑහෙන්න හිතනවා. මගේ බ්ලොග් එක බලන අය මගේ යශෝධරාවත කියල එකක් කියෙවුවට මේ යාළුවා එහෙම එකක් ගැන දන්නේ නෑ. ඌ දන්නේ ඒකි මාත් එක්ක නඩුවක් දාගත්තම මම ෆෝන් එකෙන් නඩුකාරිත් එක්ක කතාකරන එව්වා විතරයි. ඒ හැම නඩුවක්ම රොමැන්ටික් නඩු කියලා මගෙ යාළුවා තේරුම් අරගෙන නැති හැටි…!!!
කමක් නෑ ඌ මං ගැන සෑහෙන්න හිතලා තියෙනවා. බලන්න ඉතිං මායි මල්ලියි බොන එක ගැනත් කියලා. මටයි මල්ලිටයි මේ යාළුවව අමුත්තෙක් නෙමේ. අපි තුන් හතර දෙනෙක් සෙට් වුනාම එක එක දේවල් කතා කරනවා. හිටි ගමන් ඉතිං මල්ලිත් මාත් එක්ක සෙට් වුනාම ඔය බොන එක ගැනත් කතා කරනවා. ඒ ගැන තමා පොර ලියලා තියෙන්නේ. හික්ස්…. ඌ දන්නේ නෑ, අපේ ගෙදරින් මං ඉඳලා හිටලා බියර් එකක් බිව්වට බනින්නේ නැති විත්තිය.
මල්ලිත් හැම දාම වයින් ස්ටෝර්ස් එකට යන්නේ නෑ. ඉඳලා හිටලා… අර කියන්නේ තැනේ හැටියට කියලා… ආං එහෙම පොරත් සෙට් වෙනවා. එකේ වැරැද්දක් මං දකින්නේ නෑ. කාටවත් කිසිම කරදරයක් නැත්තං තමන් ගැන තමන්ට බලාගන්න පුළුවන්නම් ඇයි බොන එකේ වැරැද්දක් දකින්නේ.
අපේ අම්මට මං ගැන කිසිම ගානක් නැහැ කියන එකෙන් පොර මොනා අදහස් කලාද දන්නේ නෑ. හැබැයි මං ඌට එහෙම කිව්වනම් කියන්න ඇත්තේ… අපේ අම්ම මට වැඩිය නීති දාලා නෑ බං කියන එකම තමා වෙන විදියකට. මගේ කිලිටු රෙදි තියෙනවා බලාගෙන ඉන්න බැරිනම්, උදේ පාන්දර නැගිටලා මට කිරි එක හදලා දීලා, කෑම ලෑස්ති කරලා දෙනව නම් එතෙනින් එහාට කිසිම ගානක් නැහැයි කියන්න හේතුවක්…? අනේ මන්දා. ඇත්තටම මං ගැන මේ බ්ලොග් එක තුලින් කියවලා, මාව දකින්නේ නැතුව හරි මාව තේරුම් ගත්ත අයත් එක්ක බලද්දි, මගේ යාළුවා හොඳම හොඳ පොරක්. මං තව අවුරුද්දක් ජීවත් වුනත් 100ක් ජීවත් වුනත් මගේ ආශ්‍රෙයන් අයින් කරන්න ඕනේ එකෙක් ගැන හොඳම පැහැදිලි කිරීම මට උගේ අත්අකුරින්ම දෙන්න තරම් පොර කාරුණික වුනා.
මට මේක එවපු යාළුවගේ අත් අකුරු අරුමයක් නෙවෙයි. මොකද මමයි මූයි එකට ටියුෂන් ක්ලාස් වල අකුරු ලිව්වේ. උඹ නමක් නැතුව ලියුම එවුවට අපේ අම්ම ඒක කියවලා මගෙන් විස්තර ඇහුවට, මං මොකටෙයි බං තරහ වෙන්නේ. උඹට ඕනේ වෙලාවක මට කෝල කරපන්, අපේ ගෙදර වරෙන්… කිසි ප්‍රශ්නයක් නෑ බං. හැබැයි මචං මට ආයේ මගේ හුස්ම වැටෙනකං උඹලාගේ ගෙදර එන්න කියන්නවත්, බොන්න යන්නවත් අඩුම ගානේ උඹත් එක්ක කොහෙවත් යන්නවත් මට කතා කරන්න එපා බං. මොකද මං බයයි උඹට. උඹ යාළුවෙක් වුනා තමා. ඒත් දැන් ඒ බැඳීම බැඳිලා. හරියට වීදුරුවක් බිම වැටුනා වගේ. ආයේ උඹට කවදාවත් ඒක එකතු කරන්න බෑ. අපේ අම්ම මට අද පැහැදිලි කරලා දෙනකං මට තේරුනේ නෑ මචං උඹ මගේ කුමාරිකාවටත් ඇහැදාගෙන හිටිය බව.
යාළුවෝ ගැන කියලා දුන්න උඹට රොම්බ තෑන්ක්ස් මචං…!!!
මේක බ්ලොග් එකේ දැම්මේ උණු උණූ ත්‍රාසජනක සීන් එකක් බෙදා ගන්න නෙවෙයි. බොහොම කූල් එකේ ගෙදර මිනිස්සු එක්ක වත් මේක එවපු එකා එක්ක වත් කිසිම ගැටලුවක් ඇති කරගන්නෙ නැතිව දන්න නොදන්න ගානට ප්‍රශ්නේ බේරගත්ත එකේ සතුට සමරන්න. ඔයගොල්ලොත් ටිකක් පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න. යාළුවෝ වගේ ඉන්න එක එක මිනිස්සු අපි අතර ඉන්නවා. මේ තමා මට මෙච්චර කාලෙකට හම්බුවෙච්චි හොඳම යාළුවා. ඇයි දන්නවද..??? දැන් ඉතිං මට අර කලින් කිව්වත් වගේ පාප මිත්‍ර සේවනයෙන් වැලකිලා ශේප් එකේ ඉස්සරහට ජීවත් වෙන එක දවසක් හරි හිටියෑකි. පොර ගැන මං ලියපු පෝස්ට් එකක් මේ…. මූ මාව පාව දුන්නට, පොරගේ කතාව මෙතනින් එහාට මේකෙ ලියන්නේ නෑ….
2012 ජනවාරි 26 දින ප.ව. 10:40 ට
ඇඩෙනවා ඇස් දෙකෙන්ම. යකෝ මං හිතුවේ මේ දෙක වසරදිවත් උන සිද්ධියක් කියලා. නොදකින් ඔය වගේ ළදරු වැඩ කරන යාළුවොත් උඹට ඉන්නවද බං…
අමතක කරලා දාපං
වරෙන් බං අපිත් එක්ක සෙට් වෙන්න. උඹ දන්නවනේ අපි ගැන… බීලා මොන දේ කිව්වත් එවෙලට විතරයි ආයේ පිට යන්නේ නෑ! 😀
2012 ජනවාරි 27 දින පෙ.ව. 2:45 ට
අනේ පූසො ඒ පාර මොකක්ද ඔය කොරන්න හදන්නෙ??..
2012 ජනවාරි 27 දින ප.ව. 12:40 ට
බීලා මොන දේ කිව්වත් බ්ලොග් එකේ දානව ඇරෙන්න වෙන කාටවත් කියන්නෙ නැ නේද පූසො 🙂
මටත් පුදුම මේච්චර වයසට ගිහිල්ලත් ඔයවගේ කරන එවුන් ඉන්නව කියන එක, පොඩි කාලෙනම් ඔන තරම් ඔව වෙනව .
2012 ජනවාරි 27 දින ප.ව. 5:43 ට
අනේ අනේ මං නොදන්න උඹ… එක අතකින් ඒක හොඳයි තමා බං… එහෙනම් ඊළඟ නිවාඩුවට… හරිනේ…
2012 ජනවාරි 26 දින ප.ව. 10:57 ට
යාළුවෝ කියන එවුං විස්වාස කරන්න බෑ මචං…එක එකා එක එක කොලිටියේ..හොඳ පාඩමක් මේක…..මගෙත් යාළුවෙක් කියලා හිතපු එකෙක් ගෙදරට කෝල් කරලා ඔය වගේ ගින්නක් දීලා ආයි ඔය වගේ වැඩ නොකරන්න පාඩමක් ඉගැන්නුවා…කොයිකටත් පරිස්සමින් ආශ්‍රය කරන එක තමා හොඳ…
2012 ජනවාරි 27 දින ප.ව. 5:44 ට
අපි ඉන්නේ මාර ලෝකයක කියලා හිතෙන්නේ දැන් තමා…
2012 ජනවාරි 26 දින ප.ව. 11:25 ට
බලපන් ඔය යකා යසෝදරාවටත් ලියුමක් ලියලද දන්නේ නෑ…
හොඳ වැඩේ මාලුවට 😛
මම දන්න යාලුවෙකුත් ඔය වගේ වැඩක් කලා… ඒ කලේ නම් යාලුවව හදාගන්න තියන ඕනේ කමටමයි… එයා කැම්පස් ලෙක්චස් තියන දවස් වලට ලෙක් එන්නේ නැතුව ගමට වෙලා හිටිය.. අපි කොච්චර කියුවත් ආවේ නෑ.. යාලුවට කියල, කියල බැරිම තැන ගෙදරට කෝල් එකක් ගත්තේ අපේ තවත් යාලුවෙක්.. බලපුවහම මේ යකා ගෙදරට කියල තියෙන්නේ කැම්පස් වහල කියල… හැබැයි ඒ ඇන්ටිටත් බැරි උනා පුතාව හරියට කැම්පස් එවන්න…
2012 ජනවාරි 27 දින ප.ව. 5:45 ට
මටත් ඒ ගැන සැකයක් තියෙනවා… එහෙම වුනොත් නම් මං, උංගේ අම්මා ලව්වා ඌව ගෙදරින් එලියට ඇදලා දාන්න වැඩේ කරලා තමා පස්ස බලන්නේ.
2012 ජනවාරි 26 දින ප.ව. 11:26 ට
:O අනේ මන්දා බන්. සත්තුන්ගෙන් නරකම සතා මනුසතා කියනවනේ…
2012 ජනවාරි 27 දින ප.ව. 5:46 ට
ඒක ඇත්ත බං… හැබැයි ඔය ගිනිකුරුල්ලොත් මහ නපුරෝ බං… 😀
2012 ජනවාරි 26 දින ප.ව. 11:42 ට
මම හිතුවෙ ම ආතල් එකක් කියලානේ… මූව නම් කාලත් මදි මම හිතන්නේ! එක අතකට දැන්වත් මෑන් ගැන දැනගත්ත එක ලොකු දෙයක්, ඉස්සරහට වත් බේරිලා ඉන්න!
2012 ජනවාරි 27 දින ප.ව. 5:47 ට
අනිවාර්යෙන්… මෙව්වා තමා අත්දැකීම් කියන්නේ…
2012 ජනවාරි 26 දින ප.ව. 11:50 ට
මම නම් හිතන්නේ මු හොද එකෙක් …. මෙහෙමය් මිනිස්සු තේරුම් ගන්න විදිහ වෙනස් නේ … අනික් එක මු අම්මට නේ එවල තියෙන්නේ …. මුගේ අකුරෙන්ම ලියල … කලපත්තරයක් ගහල නෙවි නේ … මට නම් හිතෙන්නේ මු මේ ගැන වෙන කාටවත් කියන්නත් නැතුව ඇති … උබ මොඩය වගේ මේක පබිලිස් කොරට …. ටිකක් අමුතු ඩයල් එකක් තමා … ඒ උනාට හිත හොද එකෙක් වගේ
2012 ජනවාරි 27 දින ප.ව. 5:48 ට
උගෙ හිත ගැන මං හොඳට දන්නවා. මාත් එක්ක ෆිට් වෙන්න කලින් ඌ යාළු වෙන්න ගිය කෙල්ල වෙන කොල්ලෙක්ට කැමැත්ත දුන්නා කියලා කෙල්ලගේ ගෙදරටත් කොල්ලා ගැන කියලා මේ වගේ ලියුමක් ගිහිං තියෙන බව උගේ ස්කෝලේ ගුරුවරුම මාත් එක්ක කියලා තියෙනවා…
2012 ජනවාරි 27 දින පෙ.ව. 2:25 ට
හපෝ මටත් ඔය වගේ අත්දැකීමක් ලගදි උනා.. මමත් මගේ හොදම යාළුවා කියලා හිතන් හිටපු මනුස්සයා කියලනේ මට ෆේස්බුක් එකේ කෙල්ලෙක් ඉන්නවා කියලා අපේ ගෙදරට.. ඔහොම තමයි මිනිස්සුන්ගේ හැටි.. ඕක උනේ මම ලංකාවට ගිහින් ආපුම ගමන් වගේ.. පස්සේ හොයාගෙන යද්දි තමයි හේතුව අහු උනේ.. මම පොරට බෝතලයක් දුන්නේ නෑ කියලනේ ඔහොම කියලා තියෙන්නේ..
2012 ජනවාරි 27 දින ප.ව. 5:49 ට
උඹලටත් ඉන්නේ මහ බේබදු යාළුවොනේ බං… අපිට වගේ… 😀 😀 😀
2012 ජනවාරි 27 දින පෙ.ව. 2:41 ට
අපි දන්න ගොඩාක් දුප්පත් අහිංසක පැමිලි එකක් උන්න..ඒ ගෙදර පිරිමි කෙනා ඇක්සිඩන්ට් වෙලා වැඩ කරන්න බැහැ කවදාවත්,දරුවො 4. ජීවත්වෙන්න හිඟානොකා හිඟා කැවා…අපේ අම්ම ලංකාවෙ අම්ම වැඩ කරපු තැන සුලු ජොබ් එකක් අරන් දුන්න ගැහැනු කෙනාට….ජොබ් එකට ගියෙ අම්මට දන ගහල වැඳල…මාස දෙකක් ගියෙ නැහැ අම්මට විරුද්ධව ලියුමක් ලියල එතන කාටද දීල ඒක අපේ අම්මගෙ අතටම ආපසු ආව……ඉතින් බලන්න මෙහෙමත් කැත මිනිස්සු… අපේ අය විතරයි ඔය වගේ දේවල් කරන්නෙ..අපිට ඔය වගේ අත්දැකීම් මෙහෙදි අහන්න වත් දකින්න වත් ලැබුනෙ නැහැ…
2012 ජනවාරි 27 දින පෙ.ව. 7:12 ට
පිට මිනිස්සු ගැන කවර කතාද? අපේ තාත්තා රස්සාවට දාපු මල්ලීම පස්සේ අනිත් එවුන් එක්ක එකතුවෙලා අපේ තාත්තට පඩි වැඩී ඒගොල්ලන්ට අඩුයි කියලා පෙත්සම් ගැහුවෙ.. හි..හි.
2012 ජනවාරි 27 දින ප.ව. 5:53 ට
එහෙම තමා බං මිනිස්සු… හිත හොඳ වුනාම ඔහොම වෙනවා.
2012 ජනවාරි 27 දින ප.ව. 5:51 ට
යාළුවෝ එක එක විදියයිනේ… අපිට උන්ව අඳුරගන්න කල් යනවා වැඩියි.
2012 ජනවාරි 27 දින පෙ.ව. 7:11 ට
ඔහොම තමයි ගෝල්ඩ් fish අය්යා සමහර යාලුවො….මගෙත් හොදම යාලුවෙක් වෙලා හිටිය එකෙක් මට දුන්නා නියම ගේමක්..ඒත් අපෙ අම්මලා වැඩිය කලබල වෙන්න ගියෙ නැති නිසා අව්ලක් උනේ නෑ…
2012 ජනවාරි 27 දින ප.ව. 5:52 ට
වැඩක් නෑ බං කතාකරලා…. මට ඇත්තටම නොදැක මාත් එක්ක ෆිට් වෙච්ච උඹලා හොඳයි කියලා හිතෙනවා වෙලාවකට.
2012 ජනවාරි 27 දින පෙ.ව. 7:18 ට
මේ ලියුම කියෙව්වම නම් මට මුලින් හිතුනෙ.. මිනිහා හොඳ එකෙක් වෙන්න ඇති උඹට කරදරයක් වෙන්න යන එක වළක්වන චේතනාවෙන් ලියන්න ඇති කියලා…
ඒත් මුල් ලිපිය කියෙව්වට පස්සේ..ඌ උඹටත් කෙළවන්න යනවද කියලා හිතුනා..
2012 ජනවාරි 27 දින ප.ව. 6:00 ට
මන්දා බං… අම්ම කියන්නේ ගෙදර ප්‍රශ්නයක් ඇති කරන්න කරන්න ඇති කියලා. නැත්තං ඌට පුළුවන් ඔය වගේ දෙයක් අපේ ගෙදරටම ඇවිත් කියන්න. ඒ තරමට ඌව විශ්වාස කරගෙන හිටියේ.
2012 ජනවාරි 27 දින පෙ.ව. 8:07 ට
මේ වගේ යාලුවොත් ඉන්න්වා තමයි නමුත් මට නම් වැදගත් වෙන්නේ මේ ප්‍රශ්නේ කූල් එකේ විසඳගත්තු එක ගැනයි.. ඒ අතින් උඹගේ දෙමව්පියෝ උඹව හොඳට තේරුම් අරගෙන තියෙනවා..ඉස්සරහට මොන දේ උනත් උඹ එක්ක ඒගොල්ලෝ ඉන්නව කියන එක මේකෙන් පැහැදිලි වෙනවා..
2012 ජනවාරි 27 දින ප.ව. 6:01 ට
ඇත්ත බං… දෙමවුපියන්ට කියන්න බැරි කේස් මං කෙලින්ම රිපෝට් කරන්නේ මූට… අදින් පස්සේ එව්වා මං මුහුදට හරි අහසට හරි කියනවා….
2012 ජනවාරි 27 දින පෙ.ව. 8:33 ට
අන්න නියම යාළුවො….හෙහ්…හෙහ්….
2012 ජනවාරි 27 දින ප.ව. 6:01 ට
බලන්නකෝ මං ගැන කොයිතරම් හිතනවද කියලා….
2012 ජනවාරි 27 දින පෙ.ව. 8:51 ට
ඔයාගෙ අම්මයි තාත්තයි ගැන නම් හරිම ආඩම්බරයි මලේ..ඇත්තටම ලොකු පුතාලා දෙන්නෙක් ඉන්නවා කියලා හිතාගෙන ප්‍රශ්නෙ ඔයත් එක්ක කතා කරල තියෙන්නේ..
කොච්චර යාළුවො හිටියත් දෙමව්පියො වගේ නෑනෙ කියල තියෙන්නෙ කට කහනවට නෙවේ…
2012 ජනවාරි 27 දින ප.ව. 6:03 ට
ඒක ඇත්ත අක්කේ… අපිව හොඳටම තේරුම් ගන්නේ අපේ දෙමවුපියො විතරයි…
2012 ජනවාරි 27 දින පෙ.ව. 8:59 ට
අනේ… මෙහෙමත් යාළුවෝ…..
මොකා අස්සරේ කොලත් හොයලා බලලා ලං කර ගන්නව නම් හොඳා
2012 ජනවාරි 27 දින ප.ව. 6:03 ට
ඒක ඇත්ත… මේවා හොඳ පාඩම්…
2012 ජනවාරි 27 දින පෙ.ව. 9:32 ට
හුනා කිව්වා වගේ කියන්නම්… ඕක අනිවා එවල තියෙන්නේ කෙල්ලෙක්… මෙන්න කැට….
ජය…
2012 ජනවාරි 27 දින ප.ව. 6:04 ට
අනේ උඹේ කැට…
2012 ජනවාරි 27 දින පෙ.ව. 9:37 ට
හික් හික්.. යකෝ මම වැරදි නේ,,, කොල්ලෙක් එවපු ලියුමක්…අනේ මන්දා බං.. ඒකා උබේ කෙල්ලෙටත් ඇහැ දාන් උන්නු ගොබිලයෙක් ද?,,,, උබටත් වෙන වැඩ…
ජය…
2012 ජනවාරි 27 දින ප.ව. 6:05 ට
ඔන්න ඔහොමයි බං අපිත් එක්ක එකට ස්කෝලේ ගිහිං එකට පිස්සු නටපු එවුන් අපිට කරන්නේ….
2012 ජනවාරි 27 දින පෙ.ව. 10:46 ට
අර ජාතක කථාවකත් තියෙනවානේ නිදාගෙන උන්න රජතුමාගේ අඟේ වහපු මැස්සාව මරන්න, කඩුවකින් තොටාපු වදුරු යාළුවෙක් ගැන.
මට හිතෙන්නේ මූත් ඒ ජාතියේ, චේතනාව හොදයි. ඒත් ක්‍රියාත්මක වෙච්ච ආකාරය තමයි වැරදි.
2012 පෙබරවාරි 4 දින පෙ.ව. 10:24 ට
හ්ම් මටත් එහෙම හිතුනා…
2012 ජනවාරි 27 දින පෙ.ව. 11:08 ට
mama letter eka ewanna kalin welawata pora eka ewwe…. mamath ewwanam aparade mage salli
2012 ජනවාරි 27 දින ප.ව. 6:05 ට
අනේ උඹේ රුපියල් පහ…. මං බොලාගේ ගෙදට්ටත් යවනවා එහෙම වුනොත්… 😀
2012 ජනවාරි 27 දින පෙ.ව. 11:32 ට
අයියෝ දෙකයි පණහේ වැඩ කරන යාළුවෙක්නේ අප්පා.. හරි යාළුවෙක් නම් ඔය ටික ඔයාගේ මූණටම කියන්න හයියක් තියෙන්න ඕනේ.. කොකටත් පරිස්සමින් හැමකෙනෙක්වම ආශ්‍රය කරන්න
2012 ජනවාරි 27 දින ප.ව. 6:06 ට
අනිවාර්යෙන්…
2012 ජනවාරි 27 දින ප.ව. 12:03 ට
බුදු අම්මෝ අපිත් යාලුවොන්ට පණ දීගෙන ඉන්නෙ..මේ වගේ වැඩක් වුනොත් මරාගෙන මැරෙන්න වෙන්නෙ…ප්‍රසන්න අයිය ඔහොමවත් ඉවසනව ඇති…:(
2012 ජනවාරි 27 දින ප.ව. 6:07 ට
මල්ලි තරහකාරයෙක්ට රිටන් එක දෙන්නන ඕන නම් ඌට ලංවෙලා හිටපන්… තරහා වෙන්න එපා ඌත් එක්ක…
2012 ජනවාරි 27 දින ප.ව. 12:51 ට
මේ වගේ යාළුවො ඉන්නකොට තව හතුරෝ මොකටද ?
මැරෙන්න දවසකට කලින් හරි හඳුනාගන්න ඒක වැදගත්..
2012 ජනවාරි 27 දින ප.ව. 6:08 ට
ඒක ඇත්ත අයියේ… නැත්තං මට මැරෙන්න වෙන්නේ මූ නිසා…
2012 ජනවාරි 27 දින ප.ව. 2:27 ට
ඔයින් ගියා මදැයි
අඟේ ඉඳන් කන කන පාප මිත්‍රයෝ නැති ලෝකෙක උපදිවා කියල තමයි මාත් උදේ හවස ප්‍රර්ථනා කරන්නේ.
2012 ජනවාරි 27 දින ප.ව. 6:09 ට
ඇත්ත පැතුම්… එහෙම වෙනවනම් පාඩුවේ යාළුවෙක් නැතුව හරි හිටියෑකි බං…
2012 ජනවාරි 27 දින ප.ව. 4:42 ට
හපොයි බං උඹටත් ඉන්න යාලු මාළුවෝ
2012 ජනවාරි 27 දින ප.ව. 6:09 ට
වැඩක් නෑ කතා කරලා උං ගැන….
2012 ජනවාරි 27 දින ප.ව. 6:31 ට
every thing is fair in love and war!
2012 ජනවාරි 27 දින ප.ව. 7:42 ට
ඒක ඇත්ත සාබිත්…
2012 ජනවාරි 27 දින ප.ව. 7:22 ට
මූ ගැන ඇයි බං උබට මීට කලින් තේරුම ගන්න බැරි වුනේ?.
2012 ජනවාරි 27 දින ප.ව. 7:43 ට
අනේ මන්දා බං…
2012 ජනවාරි 27 දින ප.ව. 7:30 ට
මූ නම් ගෑණු නැකතක ඉපදිච්ච පිරිමියෙක්.
henryblogwalker the Dude
2012 ජනවාරි 27 දින ප.ව. 7:46 ට
බලන්න ඉතිං අපිට ඉන්න යාළුවෝ…
2012 ජනවාරි 27 දින ප.ව. 7:32 ට
ඒ මාලු. ඒ ඒ යාලුවනෙ. එතකොට අර ලොකු ජෝන්ගෙ බ්ලොග් එකේ මාලු ටැන්කියෙ පෝස්ට් වලට වෙනම බොක්ස් එකක් තියෙන්නෙ ඒ මාලුගෙ හොඳම යාලුවෙක්ද නැත්නම් ලොකු ජෝන් කියන්නෙ මාලුමද?
2012 ජනවාරි 27 දින ප.ව. 7:48 ට
ඔව් අයියේ… ඒ මං ඇහින් නොදැකපු ඒත් ෆෝන් එකෙන් කතා කරලා තියෙන හොඳ යාලවෙක්. මං පෙට්ටගමේ ලියන්න අරගෙන බ්ලොග් දෙකක් ලියන්න බැරි බව කිව්වම තමා ජෝන් මං වෙනුවෙන් කමෙන්ට් බොක්ස් එකක් දැම්මේ….
2012 ජනවාරි 27 දින ප.ව. 7:40 ට
යකෝ මම හිතුවෙ මෙහෙම සීං වෙන්නෙ ෆිල්ම් වල කියලා..
ඌ උඹට වඩා ආදරෙ ඇති උඹේ සිහින කුමාරිට 😀 😀
ඔන්න අදුර ගනින් යාලුවො කියන උං.!! හොද උන් අදුර ගන්න අමාරුයි බං.. මොකද නරක උන් ඉන්නෙත් හොද උන් විදියට නිසා..!!
2012 ජනවාරි 27 දින ප.ව. 7:49 ට
අන්තිම ටික සහතික ඇත්ත බනී. හැබැයි එක හොඳක් වුනා බං. මට ලොකු ගැටළුවක් වලා තිබ්බ… අපේ අම්ම ඉස්සර වගේම දැනුත් කෙල්ලට කැමතිද කියන එකට පට්ට සතුටු හිතෙන උත්තරයක් ලැබුනා….
2012 ජනවාරි 27 දින ප.ව. 11:57 ට
//උදේ පාන්දර නැගිටලා මට කිරි එක හදලා දීලා// බලාගෙන ගියාම තාම කිරි බොන පොඩි එකෙක් ව කොහොම ද //හොඳම වර්ගයේ බේබද්දෙක්// කියන්නෙ??
2012 ජනවාරි 28 දින ප.ව. 1:32 ට
ඒකනේ… කිරි බද්දෙක් කිව්වනම් කමක් නෑ….
2012 ජනවාරි 28 දින පෙ.ව. 1:06 ට
මාත් කියවන් යද්දි හිතුනෙ පොඩි කාලේ සිද්ධියක් කියලා, යකෝ මේ වයසෙත් ඔහොම වැඩ කරන එව්වො ඉන්නවද බොලේ. . . . :O
2012 ජනවාරි 28 දින ප.ව. 1:32 ට
ඉන්නවා බං ඉන්නවා….
2012 ජනවාරි 28 දින ප.ව. 12:13 ට
අන්න බලහං යාලුවො….”යාලුවො…මාලුවො.. යාලුවෝ…..” ඕක මූනටම කියන්න ආවනං වචන අතමක වෙන්න තිබ්බ… අදහස නිවැරදිව පොරකාස නොවෙන්න තිබ්බ… තව එක එක ලබ්බවල් වෙන්න තිබ්බ… ඒ නිසා.. ඒක පැහැදිලිව කොරමවත්ව නියම යාලුවෙක් විදිහට මවු පියන් දැනුවත් කොරල…බලහං කොච්චර වැදගත්ද..තොට තේරෙනවයි ඕව….. තව ඔය වගේ චීත්ත දෙක තුනක් හොයාගං… උඹට හොඳ අනාගතයක් හදාගන්න ඕන්නං….
යකෝ ගෙදට්ට ගිහිං හරි ගෙදට්ට ගෙන්නල හරි දීපංකො දෙකක් මූන ගලෝලයන්න….බල බල ඉන්නෙ (හැබැයි දෙකට වඩා දෙන්න එපා හරිය..)
2012 ජනවාරි 28 දින ප.ව. 1:33 ට
අනිවා තව කීප දෙනෙක් හොයාගන්න ඔන්න….
2012 ජනවාරි 28 දින ප.ව. 1:03 ට
මං හිතුවෙ විහිලුවක් කියලා. කියවාගෙන යනකොටනෙ තේරුනේ…. යාළුවෙක් නිසා අපේ හිත බිදුනම ආයි හම්බෙන යාළුවන්වත් අතේ දුරින් ආශ්‍රය කරන්න ගන්නවා. එහෙම වෙන්න එපා මාළුවෝ… හැම යාළුවම එක වගේ නෑ…
2012 ජනවාරි 28 දින ප.ව. 4:53 ට
ඔයා කිව්ව දේ හරියට හරි… මට දැන් වෙලා තියෙන්නේ ඒක තමා….
2012 ජනවාරි 28 දින ප.ව. 3:58 ට
යකෝ අර පූස කිව්ව වගේ මම හිතුවෙ මේ චූ කාලේ සීන් එකක් කියල.. මොකාද බන් මේ ගූ වැඩේ කල එකා. ඌ සිරාවට උබව හදා ගන්න ලිව්වද මන්ද හක් හක්
2012 ජනවාරි 28 දින ප.ව. 4:54 ට
මාව හදාගන්න නම් බං අපේ අම්මට මේ වගේ කැත විදියට කියලා හරියනවද..? තේරුම් කරලා කියන විදයක් තියෙනවනේ….
2012 ජනවාරි 28 දින ප.ව. 5:19 ට
මේ දැං උබේ යසෝ දරා කැම්පස් යනව කියන එකද කියන්න ඕන උනේ… (හික් විහිලුවක් ඈ)
ඇත්ත බං මගේ ගාවත් ඔහොම යාළුවෝ ඕන තරං ඉන්නව.. ගනං ගන්නෙපා.. අපි නං එහෙම නැති බව උබ දන්නවනෙ.. අපිට කියපං ඕන එකක් මේ කීබෝඩ් එකෙං එක අකුරක් ගලවල දාන්නෑ ඔය ගැන… මේ අම්මප…
2012 ජනවාරි 29 දින පෙ.ව. 7:17 ට
හිකිස්… මං නොදන්නේ මොකේ උඹ ගැන….
2012 ජනවාරි 29 දින පෙ.ව. 4:07 ට
ම්….මම අදයි මේපැත්තට ආවෙ….
ආව වෙලාව වැරදිද මන්ද…
දුක්වෙන්න එපා අයියෝ…ඔය වගේ යාවවෙක් ගැන පහුවෙලා හරි දැනගත්තඑක ලොකු දෙයක්…
2012 ජනවාරි 29 දින පෙ.ව. 7:18 ට
ඒක නම් ඇත්ත නිපුනි….
2012 ජනවාරි 29 දින ප.ව. 6:22 ට
පුදුම මිනිස්සු නේ !!!
ජීවිත කාලයම ආශ්‍රය කලත් මනුස්සයා කියන එකාව තේරුම් ගන්න බෑ අයියා !
2012 ජනවාරි 29 දින ප.ව. 9:07 ට
ඒක සහතික ඇත්ත මල්ලි…