කනගාටුයි G.M.N…

අපේ ඔෆිස් එකේ ඉන්න එලම එල පොරක් ගැන චරිත සහතිකයක් තමා මේ. පොඩි ළමයි, දඟ ළමයි එහෙම පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ මේ මාමා වගේ හැඩගැහෙන්න.

මේ මාමාගේ නම අපි ගමුකෝ මේකන කියලා. මේනක නෙමේ මේකන හරිද. නැත්තං මං වසල හමාරයි. ඉතිං මේ මේකන කියන්නේ අපේ ඔෆිස් එකේ ඉන්න ප්‍රඩක්ෂන් සුපවයිසර් කෙනෙක්. කොච්චර සුපවයිසර් කෙනෙක් වුනත් වැඩ ගැන නම් කියන්න වැරැද්දක් නෑ, හරිම පිළිවෙලයි. හොඳ වෙලාවට ඒ ඩිපාමන්ට් එකට තව තත්ත්ව පරීක්ෂකයෙක් ඉන්නේ.

ඒ වගේම ඔය අනිත් සුපවයිසර් මහත්තරු වගේ තමන්ට තියෙන නිවාඩු ඕනේ දේටයි එපා දේටයි ගන්න කෙනෙක් නම් නෙමේ මෙයා. හරිම පරිස්සමින් තමා නිවාඩු ගන්නේ. කවදාවත් නෝපේ නොගිය කෙනෙක් ඉන්නවනම් අපේ කම්පැණියේ ඒ මෙයා විතරයි. ඒකත් ලඟකදී ඉඳන් නෙමෙයි දැන් අවුරුදු ගානක ඉඳන්. මොකද සමහරු ඉන්නවා බඳින්න කලින් කෑල්ල සෙට් කරගන්න කං ඕනේ තරම් නිවාඩු අරගෙන බැන්දට පස්සේ කවදාවත් නිවාඩු දාපු නැති ඈයෝ. හේතු අහන්න ගියාම උං බයින්නේ අපේ අම්මට, අත්අම්මලටත් එක්ක. ඒ තරමට ගෑණු ළමයාව හිතට අල්ලලා ඒකයි ඒ.

ඉතිං මේ මේකන ලොක්ක හරිම අර පරිස්සම් පොරක්. ඇත්තටම පොර ගැන වැඩිය  කියන්න දෙයක් නෑ. වචන දෙකයි තියෙන්නේ කියන්න. ඒක කිව්වම මේකනගේ අර පිරිමැස්මේ තරම දැන ගන්න පුළුවන්. ඒත් ඉතිං එතකොට කතාව රස නැති නිසා තමා මේ එව්වා මෙව්ව ඇද ඇද රචනාවක් ලියන්නේ.

පොරගේ අර පිරිමැස්ම ගැන වගේම මෑන්ස්ටම අයිති වුන තව දේවල් දෙකක් තියෙනවා. ඒ තමා අපේ වාර්ෂික විනෝද සාදයේදී කපල් ඩාන්ස් එකට පිරිනැමෙන පළමුවෙනි තෑග්ග මේකනටයි මිසිස් මේකනටයි ලැබෙන එක.  ඇනුඅල් පාටියේදී කොයි තරම් දේවල් වැරදිලා, පීචං වෙලා සංවිධායකයෝ බැනුම් ඇහුවත් කවදාවත් මේ දෙන්නගේ නැටුමටනම් මේ වෙනකං වැරදිලා හරි දෙවෙනි තැන ලැබිලා නෑ. මිසිස් මේකන හොඳ නැට්ටුක්කාරියක් කියලා තමා මිස්ට මේකනත් කියන්නේ. අනේ මන්දා එව්වා නම්.

අනිත් නොවරදිනම දේ තමා. බෙස්ට් ඇටෙන්ඩන්ස් අවෝඩ් එක. පොර නිවාඩු ගන්නේ නැති නිසා වැඩිම නිවාඩු ඉතුර කරපු කෙනාට දෙන තෑග්ගත් හැම දාම යන්නේ මේකනටම තමා. ඒ කත් අර කලින් කිව්වා වගේ වැරදිලා හරි වෙන කෙනෙකුට ගිහිං නෑ. එකම එක පාරක් පොරත් එක්ක තරඟෙට නිවාඩු ඉතුරු කරපු කෙනෙක්ට සම තැන ලැබිලා තියෙනවා එච්චරයි. හැබැයි එදායින් පස්සේ ඒ මෑන්ගේ නිවාඩු ගැනිල්ල ටිකක් වැඩි වුනා. හේතු දන්නේ නෑ… අපේ කට්ටිය ඔය තරම් නිවාඩු ඉතුර කරන්නේ වසර අවසානයේ ඒ අයට ඉතුර වෙච්ච නිවාඩු ඕනේ නම් ඊලඟ අවුරුද්දට ගෙනියන්න පුළුවන් නිසා වගේම ඕනෙනම් සල්ලි කරගන්න පුළුවන් නිසා. මේකන වගේ වැඩි දෙනෙක් කරන්නේ ඒ නිවාඩු සල්ලි කරගන්න එක තමා. නිවාඩු දහයක් විතර තිබුනොත් රුපියල් 15,000ක් 20,000ක් විතර නිකංම අතේ.

දැන් තමා එලම කෑල්ල. දැන් ඔය අනිත් ඔෆිස් වල වගේ නෙවේනේ අපේ ඔෆිස් එකේ. අපේ එකේ නිවාඩු ගන්නවනම් ගන්නේ කාගේ හරි සහෝදර සේවකයක්ගේ මළ ගෙදරකට සහභාගී වෙන්න, එහෙමත් නැත්තං මගුලකට. ඉතිං මේ මිස්ට මේකන ඉන්නවනේ… පොර අරපරිස්සම් කාරයා නිසා මගුල් ගෙවල් වලට යනවා නම් යන්නේ වැඩ ඇරිලා ගෙදර ගිහිං මහ රෑ ජාමේ. එතකොට ජස්ට් මැරීඩ් දෙන්න නයිට් ඩියුටි. ඒ කියන්නේ දෙන්නට දෙන්නවා මුර කරනවා. බැඳපු අය දන්නවනේ ඒ කොහොමද කියලා. නිකං මොකටද මං දන්න බව පෙන්නන්න යන්නේ.

ඉතිං ඒ වගේ මගුල් ගෙවල් වල ගිහිං සමහර දවස් වලට කෑම මේසේ අස්කරලා නිසා නොකාම ආපහු ආවා කියලත් කතා තියෙනවා. පොරගේ කටින් නම් ඒ වගේ දෙයක් මේ සංසාරේ ඉන්නකං අහගන්න බෑ. වටේ පිටේ ඉන්නේ අයගෙන් අහගත්තොත් මිසක්.

ඒ වගේම තමා මළ ගෙවලුත්. අපේ කට්ටිය ඔය මළ ගෙවල් වල නොයා මග හරින එකට කියන්නේ “හෂාන් කරනවා” කියලා. ඒ කියන්නේ හෂාන් තිලකරත්න පන්දුව නිදැල්ලේ හරිනවා වගේ මළ ගෙවල් වලටත් සහභාගී නොවී නිදැල්ලේ හරිනවා වගේ  අදහසක්. ඉතිං මළ ගෙවල් හෂාන් කිරීමෙනුත් ප්‍රමුඛස්ථානයේ වැජඹෙන්නේ මේකනම තමා.  ඒත් ඉතිං පොර ඔය අහල පහල තියෙන එව්වට නම් යනවා. ඒ යන්නෙත් අර මගුල් ගෙවල් ගියා වගේ රෑට. එතකොට මළ මිනියට දොයි මත හැදිලා නිදිලු. ඒකෙන් වෙන්නේ මළ මිනිය හිතන්නේ, අර මේකනයා ආවේ නෑනේද මගේ මළ ගෙදරට කියලා ඌට රෙජිස්ටරේ බිංදුව වැටෙන එක.

ඒ වගේම පොර කොයිතරම් අරපරිස්සම්ද කියන්න තියෙන හොඳම උදාහරනේ තමා, ටිකක් දුර බැහැර තිබුන මළ ගෙදරකට යවපු ටෙලිග්‍රෑම් එකේ විස්තරේ.

ඒකේ ඇත්තටම ලොකු විස්තරයක් නෑ… මුළු ටෙලිග්‍රෑම් එකටම තිබිලා තියෙන්නේ වචන දෙකයි.

කනගාටුයි.

G.M.N

කනගාටුයි කියන්නේ මළ ගෙදරට කනගාටුව පළකිරීමේ වැකිය. G.M.N කියන්නේ පොරගේ නමේ මුල අකුරු තුන. නම දිග ඇරලා කොටස් තුනට ලිව්වනම් එහෙම තවත් වචන දෙකක් වැඩිවෙනවනේ. ඒක නිසා තමා මේකන පොරගේ නම කෙට් කරලා එක වචනෙකට ලියලා තියෙන්නේ.

දැන් හිතාගන්න පුළුවන් නේද මේකනගේ අරපිරිමැස්මේ ප්‍රමාණය…!!!! ඉහල යන ජීවන වියදමත් එක්ක අනාගතේ භාර ගන්න ඉන්න ළමයි ඔන්න ඔය වගේ හැදෙන්න ඕනේ හරිද. බලන්න කොයි තරම් ආදර්ශවත් චරිතයක්ද කියලා.

ඕකට කියන්නේ තනිකරම ලෝභ කම නෙවේ, අරපිරිමැස්ම කියලා….!!!

 

 

Advertisements

46 Responses to “කනගාටුයි G.M.N…”

  1. Chanaka Says:

    කිසිම දෙයක් ඕනාවට වඩා ඕනෙම නෑ මාලුවෝ.. අරපිරිමැස්මත් එහෙමයි..

  2. haree Says:

    නියම ඩයල් එකක්නෙ…

    අපිත් ආදර්ශයට ගන්න ඕනෙ…….

  3. සාතන් Says:

    ලෝභ කමයි අරපිරිමැස්මයි අතරෙ ලොකු වෙනසක් තියෙනව කියල රත්ති නෝන කියන්නෙ ඒකනෙ.. මේ තනිකර අරපිරිමැස්ම 🙂

  4. රූ Says:

    මට නම් මාළුවගේ බ්ලොග් එක එයාගෙ ඔපීසියෙ අය කියවනකම් ඉවසුම් නෑ ඊළඟට වෙන දේ බලාගන්න..හික්ස්..
    මරු ඩයල් ටිකක්නේ ඔයාගේ ඔපීසියෙ ඉන්නෙ…(මම කිව්වෙ මාළුවටත් එක්ක හොඳේ..)

  5. calhara Says:

    නොදෝමකිං ……..

    • ගෝල්ඩ් fish Says:

      හ්ම්… අයියා ගේ බ්ලොග් එක මකුළු දැල් බැඳිලා තියෙන්නේ… අළුත් කරලා ගන්න ඉක්මනට….

  6. නවම් Says:

    හෙහ් ! ආදර්සමත් පුරුසයෙක්.. ඕං මාත් හිතට ගත්තා 😀

  7. ඕනයා (Dulip Sikurajapathy) Says:

    හැබැයි ටෙලිග්‍රෑම් එකකට නමේ මුල් අකුරු තුන ගැහුවාම වචන තුනක් විදියට තමා චාජ් වෙන්නෙ

  8. ගිනිකුරුල්ලා Says:

    ඕනාවට වැඩිය අරපිරිමැස්ම වත් ඕනේ නෑ….

  9. ශානka Says:

    අනේ බං ඕකට කියන්නේ අරපිරිමැස්ම නෙමෙයි ලෝභ කම.
    මොකට ඔච්චර ඉතුරු කරනවද අනේ මං අහන්නේ.
    අන්න අපේ සෙට් එක ලංකාවේ වැඩ කරනකොට මළගෙවල් මගුල් ගෙවල් වල දවස දෙක නිවාඩු දාගෙන යන්නේ.
    අනික තමන්ට හිමි නිවාඩු ටික පාවිච්චි නොකරන එකා … කතා කරලා වැඩක් නැහැ.

  10. කෙෂාන් විදුරංග (විද්දා) Says:

    යකෝ ඕකව හම ගහන්නෙපැයි… ඇයි බං නිවාඩු 10කට 20ක් හම්බෙනව කියන්නෙ මූට අනිව 50කට එහාපැත්තෙ නිවාඩු පඩිත් ඇතිනෙ ඈ????

  11. praveena Says:

    මට නම් ආස හිතුනේ ඔය ඔෆීසිය කොයි වගේ එකක්ද කියලා බලන්ට…:D

  12. හිතහොඳ පිස්සා Says:

    ඔය වගේ මිනිස්සු නැත්නම් සමාජෙටත් කිසි කික් එකක් නෑනෙ…. 😀

  13. සිතුවම් Says:

    ආදර්ශමත් යුග පුරුෂයෙක්.ලියපන් තව මේ වගේ චරිත කථා පොඩි එව්වොන්ට හැදෙන්න. 🙂

  14. Observer Says:

    මේ මාළුවා නසින්නේ කට නිසා නොව උගේ බ්ලොගේ නිසාය.

  15. mohan kanishka Says:

    muta mehema blog eka kalothnan gedara thama inna wenne

  16. N.S.A. Niriella Says:

    ඔය වගේ හාල්පාරුවෝනම් ඕනතරම් මම දැකල තියෙනවා…
    උන් ජීවත් වෙන්නෙත් නෑ…මැරෙන්නෙත් නෑ.
    ඔහොම පොරවල් සාමාන්‍යයෙන් බොග දාලත් පස්ස හැරිල බලනවා වැඩිපුර ..*%((*….ද කියලා.

  17. henryblogwalker Says:

    Niriella is correct, Dude!!!

  18. ඔබ නොදු‍ටු ලොවක් Says:

    අර පිරි මැස්ම ඉගෙන ගන්න මරු පොරක්නේ…

  19. හිස් අහස Says:

    පුංචි පහේ ලෝබ කුනෙක්

  20. මධුරංග Says:

    පට්ට බුවෙක් ! ලෝබ කුනෙක් !
    පෝස්ට් එකේ සමහර වාක්කි ලා පැහැයෙන් තිබේ. ඒ ඇයි ? 🙂

  21. Kasun Chanaka Says:

    අඩේ ඇත්තට නිවාඩු සල්ලි කරන්න පුලුවන්ද මාළු අයියේ? මම අදමයි ඇහුවේ. මොනවා වුනත් අදහන්න වටින මනුස්සයෙක්.

  22. sarath Lankapriya Says:

    ඔය කිසිම දවසක නිවාඩුවක් නොගන්නේ ගෙදර ගිහින් ඉන්න බැරි අය.. එක්කෝ පවුල එලවනවා එහෙම නැත්නම් වළි සීන් … අපේ ඔෆිස් එකේ එකෙක් හිටිය මහා පාන්දර වැඩට එන.. ඌට කිවුවේ පාන්දරම ගෑනි පු**ට පයින් ගහල ඇඳෙන් බිමට දාල එලවන හින්දා කලින් වැඩට එනවා කියලයි..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: