මචං මුහුද…..

මං පුංචි කාලේ ඉඳන් මුහුදට හෙන ආසයි. අපේ ගෙවල් වල ඉඳන් කිලෝ මීටර් තුනක් විතර තමා මුහුදට තියෙන්නේ. ඒ දුර අර මොබයිල් ටවර් වැඩ කරන ක්‍රමයට බැළුවොත් නම් හූ දෙකයි… පිනුමයි. ඒත් ඉතිං අපිට කෙලින් යන්න ඩිරෙක්ට් පාරවල් නැති නිසා ගමන යන්නේ වටෙන්.

ඉතුර ටික කියවන්න කලින් මේක ප්ලේ වෙන්න දාන්න….

ඉස්සර තාත්ත මාව නිදි කරවන්නේ “ඔය ඇහෙන්නේ පුතේ මුහුදේ සද්දේ” කියලා ඔලුව අතගාලා. කොච්චර විසේ කර කර උන්නත් මං මුහුදේ සද්දේ අහන්න ඕනේ නිසා තාත්ත ගාව ගුලි වුනාම තාත්තා හිමීට ඔළුව අතගාන කොට මං දන්නෙත් නෑ පස්සෙන්දට එලිවෙන හැටි. ඊට පස්සේ ටික ටික ලොකු වෙද්දීත් ඔය සද්දෙට වැඩියෙන් කන් දෙන්න මං පුරුදු වුනා. හැම තිස්සෙම පවතින හෝ… හෝ… සද්දෙට අමතරව හිටපු ගමන් බෝස්… ගාලා ලොකු රළගෙඩි පෙරළෙන හැටි කිලෝමීටර් තුනක් ඈතින් ඉඳලා හිතෙන් චිත්‍රනය කරනවා කියෙන්නේ මාරම අත්දැකීමක්. ඉස්සරනම් තාත්තගේ උණුසුමේ හොඳට නින්ද ගියාට දැන් ඉතිං මං තනියම නිදියන නිසා හිටි ගමන් මහ පාන්දරට ඇහැරෙනවා වතුර තිබහා හැදිලා එහෙම. එතකොට ඉතිං ආයෙ නින්ද යනවා බොරු. ඒ වෙලාවට තමා වැඩියෙන්ම මුහුදේ සද්දෙට කන් දෙන්නේ. රෑට ඇහෙන රැ‍හැයි නාදය ඇරෙන්න මට නම් ඇහෙන්නේ මුහුදේ හඬ විතරයි. එහෙම වෙලාවට මට හිතෙනවා, රැහෙයියෝ ඔක්කොම අල්ලලා කටේ ප්ලාස්ටර් ගහන්න… නැත්තං චූටි ස්ලීපින් ගෑස් පාරක් දෙන්න.

ඒ ඔක්කොම ඔය මහ ලොකු මුහුදේ සද්දේ අහන්න ඕනේ නිසා. ඔය කොයිතරම් මං මුහුදට ආසා වුනත් එකපාරක් දෙපාරක් ඇරෙන්න මං මහ රෑට මුහුදු වෙරලට ගිහිං නෑ. ඒත් ගියේ අත්‍යවශ්‍යම හේතු කීපයකට. එකක් තමා යාළුවෙක්ගේ වෙන්වීමේ පාටියක්… අනික තව යාළුවෙක්ගේ ආච්චි කෙනෙක්ගේ මිනී වලක් කපන්න. එහෙම නොයන්න හේතුව තමා අර මෝහීනි කියන හොල්මන් ගෑණීට මං පට්ට බයයි. දැකලා නැති වුනාට දකින්නත් බයයි. හැබැයි ඉතිං අර පාටිය දවසෙනම් බය ටිකක් මග ඇරුනා… එදා මෝහිනි ආවනම් එහෙම රෙද්ද අන්දනවා නෙමෙයි ගලෝනවා…

ඉතිං දැන් මේ මෙච්චර විස්තර කිව්වේ පොඩි සීන් එකක් නිසා මං ‍දැන් අවුරුදු කීපයක ඉඳන් මුහුද එක්ක පට්ට කේන්තියෙන් ඉන්න බව කියන්න. ඔය මුහුද ඉන්නව නේද… හිටි ගමන් මූ මහ ජරාවැඩ කරනවා. 2004 මතකනේ… එදා මාත් සුනාමි බලන්න ගිහිං වැටකෙයියා පඳුරක් උඩ ඉද්දී පෙරිය සයිය් කකුලුවක් ගෙනත් දැම්මේ නැතෑ මගේ කලිසම උඩට. වෙලාවට වැටකෙයියා ගහේම ඉඳන් එහාට මෙහාට දඟලලා තමා යන්තං අනාගතේ බේරගත්තේ. ඒක තමා මං බය වෙච්ච හොඳම අවස්ථාව. හම්මේ… මතක් වෙද්දිත් දාඩිය දානවා.

ඊළඟ කැත වැඩේ තමා සුනාමිය. මං යාන්තං අඬලා දොඩලා, තකහනියක් කිලෝමීටර් හයක් විතර බයිසිකලෙන් ගිහිං ට්‍රයිටෙල් බොක්ස් එකකින් නඩුකාරිට කෝල් කරලා…. කෝල් කරලා…. විසිපස් වෙනිදාම දෙන්නව ගෙදර ගෙන්න ගත්තේ නැත්තං මට වෙන්නෙත් විසි හත් වෙනිදට මුහුදේ පනින්න. ඒ දෙන්නත් ගාල්ලේ ගිහිං හිටියේ. හම්මෝ එතෙනිනුත් යන්තං බේරුනා.

ඊට පස්සේ ඔය 2005 විතර ඉඳන් තමා මූ කැතම වැඩේ කරන්න ගත්තේ. මමයි මගේ යාළුවෙකුයි හැම ඉරිදම වගේ හවසට යනවා රැල්ල පොඩ්ඩක් පාගලා, සෙරප්පු දෙකත් හෝදගෙන එන්න කියලා මුහුදට. අපි යනකම්ම මූ ලස්සනට රැල්ල ගහනවා වෙරලේ වැවිලා තියෙන අර සමනල්ලු වගේ කොල තියෙන පඳුරු හරියටම… හැබැයි අපි ගියත් හරි මූ රැල්ල ගහන එක අඩු කරනවා. ඊට පස්සේ ඉතිං කොටයක් උඩින් වාඩිවෙලා කකුල් දෙකට වතුර පාරක් වදිනකම් අපි අව්වේ වේලෙනවා. තාමත් රැල්ල පාගන්න හිතාගෙන ගියොත් ඒක එහෙම්මයි…

තවත් වැඩක් තියෙනවා. අපි යාලුවෝ සෙට් වෙලා මුහුදේ නාන්න යද්දී රැල්ල හොඳ ගානට තැන්පත්ව තියෙනවා. අපි කලිසං ටික ගලෝලා යටට ඇඳන් ආපු අනිත් ෂෝට පිටිං මුහුදට බැස්සත් හරි මූ රැල්ල ගහන්නේ අපිව වෙරලට විසික් වෙන්න. වල් මුහුද… ඉතිං නාන එක පැත්තක තියලා ඇතුලට ගිය වැලි පිහිදාන්න ඕනේ.

ඔන්න ඊට පස්සේ ඊයේ මූ තව අවලං වැඩක් කරා. ඊයේ මමයි තව යාළුවෙකුයි ගියා නිකමට රැල්ල පාගන්න කියලා. මොකද සෑහෙන කාලෙකින් මුහුද පැත්තේ ගිය නැති නිසා. නිකං ආසාවට වගේ කැමරාවත් අරගෙන ගියෙ. කියන්න බැහැනේ අර එකපාරක් වගේ මැරිච්චි කැස්බෑවෙක් හෙම ගොඩ ගහලා හිටියොත්…. ඉතිං මං ඔරුවක් උඩට වෙලා පොඩි ඇලට් එකක් දාගෙන ඉද්දී යාළුවා කැමරාව ඉල්ල ගත්තා. පස්සේ ඉතිං මාත් ඒ වැඩේට සෙට් වුනා. දැං මගෙ යාළුවට ඕනේ රැල්ල එද්දී පෙන නගිනවනේ… අන්න ඒ කිරි සුදු පාට පෙන වෙරලේ වැදෙද්දිම පෙනෙන ලා හෙවනැල්ල වැටෙන්න පෙන වල ෆොටෝ එකක් ගන්න. එතනින් පස්සේ… කතාකරලා වැඩක් නෑ…

මෙච්චර වෙලා කකුල් තෙමෙන්න ලඟටම ආපු රැල්ල දැන් නෑ…. දැන් රැල්ල කැඩෙන්නේ මුහුදේ ටිකක් දුරින්. රැල්ලක් එන්න ඕනේ නිසා වගේ ලාවට එකක් ඇවිත් ශේප් වෙලා යනවා. පස්සේ ඉතිං ටිකක් ඉවසගෙන ඉන්න කොට මෙන්න එනවා එකක්. ඒකේ ෆොටෝ ගන්න ගියානම් එහෙම කැමරාව හොයන්න වෙනවා…  ඒ පාර ඔරුවට නැගලා යාන්තං අමාරුවෙන් එකක් ගත්තා. ඊට පස්සේ මට ඕනේ වුනා පැත්තක තියෙන සිප්පි කටු වල පොඩි පින්තූරයක් ගන්න. ඒ පාර මම සිප්පි කටු තිබුන තැනට යද්දී එතනට ගොඩ වෙලාවකින් රැල්ලක් ඇවිත් නෑ… ඉර  අවුවට වැලි වේලිලා ගිහිං. ඊට පස්සේ ඉතිං ආයෙ රැල්ලක් එන එකක් නැහැනේ කියලා හිතලා මාත් ලාවට බිමින් ඉඳගෙන සිප්පි කටු තේරුවා. යාළුවත් ලඟ. මෙන්න බොල පිටිපස්සෙන් සාස් ගාලා රැල්ලක් බිඳුනා. හරි සනීපයි. පිට දිගේ වතුර බේරෙනවා.  ඊට පස්සේ සිප්පි කටු ටික හේදිලා ටිකක් උඩහට ගිහිං කුනු ගොඩක් ගාව නැවතිලා.

හිතාගන්න පුළුවන්නේ හිතට හිතෙන එව්වා. සා ප්‍රසංගයේ අනිත් වර්ෂන් එකේ වචන ටික නහර දිගේ ගලාගෙන යනවා ඒ වෙලාවට. මචං මුහුද… අර ඈත දවසක ලේන අම්මට බැරි වුනාට උඹව හින්දන්න මට බැරි කමක් නෑ. හැබැයි මං එහෙම කරන්නේ නෑ උඹට… මොකද අද රෑටත් මාව නලවලා නිදිකරන්නේ උඹ නිසා. මහ පාන්දරට ඇහැරුනත් ටික වෙලාවකින් ආයෙම නිදිකරවන්නේ උඹ නිසා…

මේ ලෝකේ තේරුම් ගන්න බැරි ලොකුම දේ කෙල්ලෝ කියලා හිතාගෙන ඉන්නවනම් කවුරු හරි ඒක වැරදියි. තේරුම් ගන්න බැරිම දේ මුහුද… මුහුද චුට්ටක් තේරුම් ගත්තනම් ගෑණු ළමයි නතිං. ඒකනේ මං අපේ මල්ලිට කිව්වේ ගිය රැල්ල ගියාදෙන් වෙන රැල්ලක් පාගපං කියලා….!!!

ළමයි මේක විහිළුවට ගන්න එපා. මට දන්න කෙනෙක් කියන්න ඔරුවල වේගය මනින මිම්ම මොකද්ද කියලා. මේ ඔරුවේනම් තියෙන්නේ මං හිතන්නේ  කිලෝමීටර් විසි පහයි කියලා….

කොච්චර වුනත් මුහුද කියන්නේ හොඳ බෙහෙතක්…!!! හැමදේටම….!!!
 

Advertisements

61 Responses to “මචං මුහුද…..”

  1. Chanaka Says:

    කොච්චර වුනත් මුහුද කියන්නේ හොඳ බෙහෙතක්…!!! හැමදේටම….!!!

    අනිත් අයට කොහොමද දන්නෙ නෑ ඒත් මට නම් මේ කතාව ඇත්ත..

  2. සාතන් Says:

    හිටපන්කො මමත් දානව මං ගහපු පොටෝ කෑලි… සිරාවටම මුහුද කියන්නෙ නම් මමත් කැමති තැනක්… ගිලිලත් තියෙනව 10-12 පාරක්… හැම පාරම තනියෙන්ම ගොඩ ඇවිත් හිතනව ආයි නම් යන්නෙ නෑ කියල… කොහෙද ඉතිං ලැජ්ජ නැති කම මහ මුදලි කමටත් වඩා ලොකුයි කියනවනෙ 🙂

    • ගෝල්ඩ් fish Says:

      ඈ… ගිලෙන්න ගියා…??? මොන එහෙකටද එච්චර දුර ගියේ. මම නම් බෙල්ල හරියට වතුර තියෙද්දි නතර වෙනවා.

      • සාතන් Says:

        නාන්න ගිහින් නෙමෙයි බන් ගිලෙන්න ගියෙ… කොරල් පර අස්සෙ රිංගන්නයි මාළු පස්සෙ පන්නන්නයි ගිහින්… කලින් අර හික්කඩුවෙ කොරල් ගැන ලියල ෆොටෝ දාපු ගමනෙදි දෙපාරක් ගිලෙන්න ගියා 🙂

      • ගෝල්ඩ් fish Says:

        බැරි වැඩ නොකරං සාතෝ කියන්නේ ඒකනේ…. මටත් හෙන ආසයි කොරල් පර අස්සේ ගිහිං බලන්න.

  3. Observer Says:

    K.M.R. නෙමේ M.K.R. කියල ගැහුව නං තමා හරියටම හරි. තේරුම දන්නවනෙ.

  4. Weni Says:

    අතාරින්න එපා මල්ලි ගේමට ගේම ගේමෙන්ම දෙමු.. යන්න හැම සති අන්තයේම මුහුදු වෙරලට.. ඒත් එදා නම් ගාල්ලෙදි මුකුත් වුනේ නෑ නේද ? මොඅට මොනවාවත් මිස් උනාද මන්දා ???

    • ගෝල්ඩ් fish Says:

      එදා මුහුද බීලානේ අයියෙ හිටියේ. ඒක නිසා එච්චර තේරුමක් නැතුව ඇති….

      • සාතන් Says:

        සිරාවට මුහුද බීලද හිටියෙ… ෂුවර් එකට බියර් කෑන් එකක් වෙන්න ඇති.. ඊ‍ට වඩා බිව්ව වෙන්න බෑ.. 😉

      • ගෝල්ඩ් fish Says:

        මං දන්නේ නෑ… මුහදෙන් බේරෙතහැකි… මුන්ගෙන්නේ බේරෙන්න බැරි.

  5. praveena Says:

    ඔයා මේ මූ , මූ කියන්නේ මුහුදටද? මම නම් මුහුදට හරී ආසයි අනේ. 🙂

  6. හිතහොඳ පිස්සා Says:

    හැබෑටම මුහුද වෙලාවකට පිස්සුම තමා කෙලින්නෙ…..මාත් අර අන්තිමට කියපු දේ පිළිගන්නව….මොකද අම්බානෙක තුවාල ඉක්මනට සනීප කරල දීල තියෙනව.

  7. නවම් Says:

    //එදා මෝහිනි ආවනම් එහෙම රෙද්ද අන්දනවා නෙමෙයි ගලෝනවා…//

    දෙකක් දාගත්තම චණ්ඩිවෙන හැටි !!

  8. රූ Says:

    // අර ඈත දවසක ලේන අම්මට බැරි වුනාට උඹව හින්දන්න මට බැරි කමක් නෑ. හැබැයි මං එහෙම කරන්නේ නෑ උඹට//
    මාළුවෙක් හිතලා තියන දුර..හහ්..

  9. ගිනිකුරුල්ලා Says:

    මුහුද උබත් එක්ක පෙරිය සයිස් මලකින් ඉන්නේ…

  10. X-Porter Says:

    මචෝ මුහුදේ නැත්තං වතුරේ යන ඒව මනින්නෙ මම දන්න විදිහට n.m.p.h (nautical miles per hour)වලින් ඒකියන්නෙ පැයට නාවික සැතපුම් ( 1 n.m =1.852 km). දැං එතකොට මාලුවත් වතුරෙ ඉන්න නිසා තොගේ වේගෙ නෝටිකලු මයිල් කීයද..?

    උඹ ගෙදර ඇවිල්ල හොඳට සෝදිසි කොරල බැලුවද..? ඔය වෙරලෙ ඉන්න කක්කුට්ටොන්ට ගුල් පේන්නබෑ.. දැක්කගමං රිංඟනව…….

    • ගෝල්ඩ් fish Says:

      අයියත් ටිකක් පරිස්සමින් හිටපං. ඔය කාන්තාර වල තියෙන වැලි හිල් අස්සේ ගියාම ඔක්කොම ඉවරයි…

  11. ශානka Says:

    අපි මුහුදට බැන්නත් කමක් නැහැ කියමුකෝ.
    ඒත් මාලුවෙක් වෙච්ච උඹ මොන මල වෙඩිමකටද මුහුදට බනින්නේ.
    අනේ මාළුවෝ අර කියනවා වගේ දෙකක් දාගත්තම උඹලගේත් සිංහයා බඩේ නෙව.හික්

  12. පිණිබිඳු Says:

    කවදාවත් බලාගෙන ඉන්න එපා වෙන්නෙ නැති තැනක් මුහුද

  13. සිතුවම් Says:

    හහ් මහ රෑ මුහුද දිහා බලන් ඉඳල නෑ කියනකොට ඇඩෙනවනෙ යකෝ.ඒ වෙලාවට අර ඈත පේන නැවක් දිහා බලන් බටයක් උරනකොට පුදුම සැහැල්ලුවක්නෙ බන් දැනෙන්නෙ.

    • ගෝල්ඩ් fish Says:

      දැන් ඉස්සර වගේ නෙවේ බං මුහුදත් මහ අමුතු වෙලා. දැන් එක නැවක් නෙමේනේ… අපේ හරියටනම් බේරුවල ලයිට් හවුස් එකේ තත්පර විස්සෙන් විස්සට පේන එලියත් පේනවා…

  14. අකීකරුහිත Says:

    මම නම් මුහුදට කැමති නැ..

  15. pissa palaamalla Says:

    කොච්චර වුනත් මුහුද කියන්නේ හොඳ බෙහෙතක්…!!! හැමදේටම….

    සිරාවටම… ඉර බැහගෙන යන වෙලාවට… එහෙම සුපිරි.

    තව පොඩි ගිනි මැලයක් එක්ක හීනියට සෙට් වෙන්න කලුවර වැටුනම…

  16. deeps Says:

    අනේ මාළුවෝ…මේක කියෙව්වම ඉරිසියා හිතුනා……නුවර ඉන්න මට මුහුද හීනයක්‌ විතරයි

  17. සාබිත් Says:

    සහතික ඇත්ත බං..බෙන්තර බීච් එක තියෙන්නෙත් අපේ දිහා ඉඳන් කිලෝමීටර 4ක් විතර එහා…යාලුවොත් එක්ක ගිහින් ෆුට් බෝල් ගහලා නාලා ඉර බහිනවා බලනවා වගේ මානසික සහනයක් මනසට ප්‍රතිකාරයක් තව නෑ බං!

    • ගෝල්ඩ් fish Says:

      මමත් ඉස්සර බීච් එකේ සෙල්ලං කරා බං. ඒත් දැන් ගෙදර එන්නේ රෑ වෙලා නිසා. ඒ ඔක්කොම ඉරවයි. දැන් මං සැනසෙන්නේ මහ රෑට මූදේ හඬ අහලා විතරයි.

      • X-Porter Says:

        ඒයි උඹ යසෝත් එක්ක අල්ලන සෙල්ලමද කරේ….. හිකෑස්..හිහ්.හැහ්..හුහ්….

      • ගෝල්ඩ් fish Says:

        🙂

  18. කස්ස Says:

    උඹ අන්තිමට කියපු කතාවනම් මසුරන්.ඇත්තටම මුහුද කියන්නෙ ගොඩක් ප්‍රශ්නවලට හොඳ බෙහෙතක්

    • ගෝල්ඩ් fish Says:

      ඔව් බං… ඔය කොල්ලෝ, කෙල්ලෝ බොරුවට ගිහිං මුහුදේ පයිනවා. අපරාදේ උං ඉක්මන් නොවී එක විනාඩියක් මුහුද දිහා බලාගෙන හිටියනම් ඊළඟට එන රැල්ල ගැන හිතලා ජීවිතේ හදාගන්න පුළුවන්.

  19. මධුරංග Says:

    මාත් මාර ආසයි මූද බලන්න යන්න.
    නිවාඩු දවසක සෙට් වෙමුද මූදු වෙරළේ ???

    • ගෝල්ඩ් fish Says:

      එල උඹට පුළුවන් දවසක වරෙන්… හැබැයි නාලා කාලා බීලා යන්න හරිද…

      • මධුරංග Says:

        ඕනම කරන එක කපලා දාලා.
        එච්චර නැතත් බියර් එකක්වත් ???
        සිංහයාවත් සෙට් කරගමු !!

      • ගෝල්ඩ් fish Says:

        එල උඹට පහසු දවසක් කියපං… මටනම් පුළුවන් සෙනසුරාදා හවසයි, පෝය දවසකටයි තමා.

  20. හිස් අහස Says:

    අප්පේ මම නම් මූද දැකලා තියෙන්නේ හතර වතාවයි මූදු වතුර පාගලා තියෙන්නේ දෙවතාවයි . ඉතින් මම නම් මාර ආසයි මූද බලන්න .

    • ගෝල්ඩ් fish Says:

      උඹලට ඉර නගිනවා පෙනුනට අපි හැමචාම දකින්නේ ඉර බහිනවා විතරයි. වරෙන් දවසක එක්කන් යන්නම් උඹව.

  21. පැණි දොඩම් Says:

    මං නං හැමදාම මූද බලාගෙන ඉන්නේ…

    • ගෝල්ඩ් fish Says:

      නෑ නෑ මූද උඹව බලාගෙන ඉන්නේ… උඹ හිතාගෙන ඉන්නේ උඹ මූද බලාගන්න තරම් ලොකු මිනිහෙක් කියලද ඈ… 😀 මූද බලාගන්න සියුස් ඉන්නවා….:P

  22. ඔබ නොදු‍ටු ලොවක් Says:

    උඹේ මලයානං එළ බුවෙක් ඈ….

  23. arunishapiro Says:

    ඔරුවල වේගය කියන්නෙ “නොට්” වලින් . ඔරුවේ දාගෙන යන්න පුළුවන් යන්නෙ නොට් කොච්චර වලින් ද කියලා පෙන්වන විජට්ටුව.

    a vessel travelling at 1 knot along a meridian travels one minute of geographic latitude in one hour.

    තව විස්තර මෙතැන: http://en.wikipedia.org/wiki/Knot_(unit)

    • ගෝල්ඩ් fish Says:

      ඇත්තටම මං මේ දේ දැනගෙන හිටියේ නෑ. ඒකම තමා මං දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න කියලා දැම්මේ. ස්තූතියි අක්කේ…

  24. ඕනයා (Dulip Sikurajapathy) Says:

    ඊලඟ වතාවෙ වැල්ලට යද්දි හොඳට චෙක් කරල බලපං . . . ‍රැල්ලෙ වලි තියනවද කියල

  25. henryblogwalker Says:

    පොඩිකාලෙ මට හිත හදාගන්න අමාරුයි මම වඩා කැමති කඳුවලටද මුහුදටද කියලා. දැන් නම් අනිවා කඳුවලට.
    ඇයි කියලා කියන්න ඕනෙ නෑනෙ.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: