කාලයට වෙනස් වුන වෙලාව…!!!

හතර වටේ කැරකිලා කැරකිලා…. හෙම්බත් වෙලා, මං කළු නිසා මට සිල්වර් පාට, ගෝල්ඩ් පාට ඔරලෝසු හරියන්නේ නෑ කියල කෙනෙක් කිව්ව නිසා හොයලා හොයලා අන්තිමේ පිටකොටුවෙන් ගත්තා ඔරලෝසුවක්… හරියටම මීට අවුරුදු දෙකහ මාරකට ඉස්සර.

ආහ්… මල්ලි එන්න එන්න…. මොනාද ඔරලෝසුද බැළුවේ….

නෑ අපි මේ වොෂින් මැෂින් එකක් බැළුවේ කියලා කට කැඩිච්චි කතාවක් කියන්නත් හදලා ආයෙම කට පියාගෙන ඉවසගෙන හිටියේ, මෙතෙනින්වත් හොඳ ඔරලෝසුවක් වගකීමක් එක්ක අඩු ගානට ගන්න ඕනේ නිසා. එක එක ජාතියේ එක එක පාට ඔරලෝසු අස්සෙන් යාන්තං මටම හරියන විදියේ, ඒ කියන්නේ මං කලු නිසා මට වැඩිය කලු වට පෙනෙන ඔරලෝසුවක් යාන්තං සිලෙක්ට් කරගත්තා.

අයියේ මේක ගමුද බලන්න….

ආහ් මල්ලි… මේක සුපිරි භාන්ඩයක්. මේකෙන් තව දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. වතුර යන්නේත් නෑ… වීදුරුව හීරෙන්නෙත් නෑ…

ඔච්චර දේවල් ගොඩක් තියෙන එකේ බැටරිත් බහින්නේ නැතුව ඇති නේද කියලා හිතලා ඒකත් වචන වලට පෙරලන්නේ නැතුව නිකං හිටියේ. කොහොම හරි ගාන බස්සලා මේකම ගන්නව කියලා හිතාගෙනම තමා. අන්තිමේ ඉතිං රුපියල් 2500යි කියපු ඔරලෝසුව යාන්තං රුපියල් 1800කට අඩු කරගත්තා.

ඉතිං ඔය ඔරලෝසුවට ඔෆිස් එකේ අයගෙනුත් කතා ගොඩයි.

ආහ්… පුතා… අළුත් වොච් එකක් අරං වගේ… ඒ කමර්ෂල් මැනේජර්

ආ… දැන් කළු පාටින්ම වගේ වැඩ…. ඒ මැටිරියල්ස් මැනේජර්

අනේ ෂෝක්…. ඔයාට ඔය පාට තමා ලස්සනම… ඒ රිසිප්ෂන් අක්කි…

හ්ම්… ඔය අරගෙන තියෙන්නේ ලස්සන ඔරලෝසුවක්… නඩුකාරි සහ පුංචි කුමාරි.

ඔය ඔක්කොම කතා මැද්දේ, අවුරුදු දෙකාමාරක් මේක අතේ බැන්දම, දැන් තියෙන තත්වේ තමා ඔය උඩ තියෙන්නේ.

ඕක ගද්දී ඔරලෝසු කඩේ අයියා කිව්වේ වීදුරුව හීරෙන්නේ නෑ , වතුර යන්නේ කියලා. දැන්නම් වීදුරුව බිඳිලා. බෙල්ට් එකෙත් කෝටඩ් එක පතුරු ගැලවිලා. ඒ මදිවට මේ ලඟකදී ඉඳන් අළුත් ඔප්ෂන් එකකුත් තියෙනවා. ඒ තමා සීතල දාට වීදුරුව ඇතුලේ වතුර බැඳිලා අද සීතල දවසක් කියලා පෙන්නනවා. ආයෙම තවත් සීතල වුනොත් ඒ වතුර ටික මීදුම වගේ තදට බැඳිලා… අද අධික සීතල දවසක් කියනවා… තරමක් උණුසුම් දාට වතුර ටික බිංදු විදියට වීදුරුවේ රැඳිලා අද තරමක් රස්නෙයි කියනවා… අම්බානෙට පිච්චෙන දාට, වතුර ටික වාෂ්ප වෙලා ගිහිං, ෂා… අද හොඳ පැහැදිලි අහසක් තියෙන්නේ කියනවා…

කොහොම හරි කාලයත් එකක් වෙලාව පෙන්නන එකත් වෙනස් වෙලා. ඒත් මගේ වෙලාවනම් තාමත් එහෙම්මයි….!!! ආයෙමත් වෙලාව වෙනස් කරගන්න කාලෙ හරි වගේ….

66 Responses to “කාලයට වෙනස් වුන වෙලාව…!!!”

  1. ශානි Says:

    මට පේන්නම බැරි දේ තමා ඔරලෝසුව :-/

  2. arunishapiro Says:

    This all-business outdoorsman’s watch features a lightweight, carbon-reinforced polymer case and brilliant Swiss tritium illumination. Tritium light technology requires no batteries or sunlight, providing three constant colors (orange at 12; blue at 3, 6 and 9; green on hands and hours) for easy low-light timekeeping. It’s water-resistant to 50 meters and features a date-indicator window, Swiss-quartz movement and a Black nylon strap.
    Case diameter: 1.77″. Truglo® Switchback Watch sale price: $99 (Rs.11,187/-)

  3. රූ Says:

    එහෙනම් අළුත් ඔරලොසුවේ පාටත් බලමුකෝ……
    මම නම් පුරුදු වෙලා ඔරලෝසු ගන්නෙම එක කඩේකින්..නුගේගොඩ පැත්තෙ පොඩි තැනක්…

  4. Chanaka Says:

    අලුත් වෙලාවක් හොයා ගනිං

  5. බුද්ධි Says:

    හික්….. මටනං ඔරලෝසු අරහං… ඒක බැන්දම පැත්තක් ඇලයි වගේ මට තේරෙන්නෙ. කොහොම උනත් උඔ මට අලුත් කතාවක් මතක් කලා. ඒක දානවා ඉදිරි දිනකදි! ඉෂ්ථුථි්‍යි

  6. සාතන් Says:

    මටත් තිබුන ඔහොම කාලගුනේ කියන ඔරලෝසුවක්.. හැබැයි ෆෝන් එක ආවත් හරි ඔරලෝසුව පාවිච්චි කිරිල්ල නැතුව ගියා..

  7. කෙෂාන් විදුරංග (විද්දා) Says:

    අපෝ මූ නං හෙට්ටු කොරන්න මාර දස්සයෙක්… හොද ටැලන්ට් එකක්.. මගේ වෙලාවෙත් ඔය ටෙම්රේචර් ඔප්සන් එක නං ලෙසටම වැඩ.. මේ පාර ගනිං සිල්වර් එකක්.. පටියත් සිල්වර් එකක් අර ලොක් කරන එව්ව එකක්…

  8. බීටා Says:

    කොහෙන්ද බං මාළුවෝ 2500 ඒවා 1800 ට දෙන්න කියකෝ……

  9. Malith Says:

    අවුරුදු ගානකින් ඔරලොසුවක් පාවිච්චි ක‍රල්ක නැහැ. ඔන දේකට ෆෝන් එක තමයි

  10. සිතුවම් Says:

    අඩ්ඩේ ඒක මරුනෙ බං.මටත් ඔව්වැයින් එකක් ගන්නෝනි බන්.

  11. X-Porter Says:

    අඩේ.. මට පේන්නෙ ඔරලෝසු කඩේ එකා මූව අන්දල 900 එකක් 1800 දීල වගේ…වැඩ්ඩ වගේ මූ කේවල් කොලා කිව්වට (දෙකොනිං හිනා)…කඩේ එකා කියපු දේ හරිනෙ බං.. සෝකේස් එකේ තියෙනකං වතුර යන්නෙත් නෑ.. හීරෙන්නෙත් නෑ…..

    පිටකො‍ටුවෙ ඉන්නෙ ගල් ආඳෝ.. පරිස්සමෙං බඩු ගං… අර කමිස විකුනන්නෙ.. “ආ.. එන්න මහත්තයා….මේ ගානට මෙතන විතරයි පිට නෑ…පිට නෑ….. අද විතරයි..බ්ලා…බ්ලා….” කියල. කමිසෙ අරං ගෙදර ගිහිං බලුවාම ඇත්තටම පිට නෑ… ඉස්සරහපැත්ත විතරයි..

  12. Observer Says:

    මදෑ රු /= 1800 ට අවුරුදු දෙකහ මාරක්ම දිව්ව නං….හෙහ්…හෙහ්…

  13. කස්ස Says:

    හැමදේම වෙනස්වෙන ලෝකෙ උඹේ ඔරලෝසුව කජ්ජක්ද බං?

  14. මධුරංග Says:

    මාත් ඔහොම මගුලකට රැවටුනා.
    අපරාදේ සල්ලි කියලා හිතුනා.
    ඔර්ලෝසු කඩේකින් ගැරන්ටියක් එක්ක ඔර්ලෝසුවක් ගන්න පුලුවන් නම් එල. ඒත් අත් දිගට දාලා යද්දි ඔර්ලෝසු වැරක් නෑ කියලා හිතෙනවා. 🙂

  15. ශානka Says:

    මමනම් ඔරලෝසු පාවිච්චියක් ඇත්තෙම නැහැ .
    ෆෝන් එක මල්ටි පර්පස් .
    ඇත්තටම බං කොහොමෙයි 2500 එක 1800 ට අඩු කොලේ.
    ගත්තේ වෙසක් මාසෙද … හික්

  16. ඔබ නොදු‍ටු ලොවක් Says:

    ටිකට් පොතක් ගහන්න වෙයිද කලෙක්ශන් එකට….

  17. හිස් අහස Says:

    ඔකෝමත් හරි ඔය ඔරලෝසුවේ වෙලාව වැඩ කරනවාද කියලා මට කියහංකෝ අයියේ .

  18. අසරණයා Says:

    අනේ මචං සිර අහනේ ඕක විකුනන්නේ නැද්ද.කවදාවත් අහපු දැකලා නැති ඔරලෝසුවක් නේ කාලගුණ අනාවැකි කියන.

  19. නලින්(S.W.) Says:

    නියම ඔරලෝසුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට යවන්න වටිනවා

  20. නවම් Says:

    හෙහ්.. ඔය ගානට මදෑ බං දෑවුරුද්දක්ම පාවිච්චි කොලා. ඊලඟට ගන්න එක ඩිංගක් වැඩිපුර දීල හරි හොඳවැයිං එකක් ගං. මතක ඇතුව ගන්න ඒකේ වොච් කේස් එක ස්ටේන්ලස් ස්ටීල්දැයි කියන එකයි වොච් බෑන්ඩ් එක සොලිඩ් මෙට්ල් දැයි කියල බලන්න. නැත්නම් කාලයක් යනකොට දාඩියට කොරෝෂන්ස් එනව. නිකල් ප්ලේටඩ් වොච් නම් ඒත් කාලයක් යනකොට කලර් ෆේඩ් වෙනව.

  21. dinesh umagiliya Says:

    මාර ඔප්ශන් තියෙන ඔරලෝසුවක්නේ.. මමවත් දැකලා නෑ එහෙම ඔරලෝසුවක්…

  22. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    ඔමැක්ස් එකක් නේද ???? සිරා බ්‍රෑන්ඩ් එක (මල්වත්ත පාරෙ බඩු නං කොහොමද දන්නෙ නෑ)

  23. pissa palaamalla Says:

    යකෝ 1800 ට පිට කොටුවෙන් අරන් ඔහොම දිව්ව ඇති

  24. pissa palaamalla Says:

    එහෙම කිව්වට හොඳ අයිටම් තියෙනවා… අහු වෙන චෑන්ස් වැඩියි එත්

  25. henryblogwalker Says:

    ඉතින් අලුත් ඔප්ෂන් එකකුත් පස්සෙ මතුවෙලා තියෙද්දෙ ඇයි මේ මාලුවා අඬන්නෙ?

    henryblogwalker the Dude


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: