රිසවු ස්විච් එක වෙනස් කලේ ඇයි…???

කට්ටිය දන්නවා නේද ත්‍රී වීල්… පොෂ් අය නම් කියන්නේ ට්‍රයි ෂෝ කියලා. අපි ඉතිං චූටි කාලේ ඉඳන් ට්‍රයි ෂෝ කියන්නේ වෙන මෙව්වා එකකට වුනාට කොළඹ කෙල්ලෝ කොල්ලෝ එව්වා දන්නේ නැහැනේ. ඒක නිසා ඉතිං තැනක් නොතැනක් නොබලා ට්‍රයි ෂෝ කියද්දී අහගෙන ඉන්න මට චුට්ටක් විතර මොකද්ද වෙනවා. ඇයි ඉතිං ප්‍රසිද්ධියේ එක එක ඒව කියද්දි අපි වගේ ලැජ්ජ බයට හැදිච්චි එවුන්ට කරන්ට් එක වදිනවා වගේනේ.

ඉතිං මේකයි කතාව. මේ ලඟදී දවසක මගේ යාළුවෙක් එක්ක මං ගියා ඌට ත්‍රී වීල් එකක් ගන්න. ගන්න කියන්නේ අලුතින්ම ගන්න නෙමෙයි. පොර පාච්ච්චි කරපු ත්‍රී වීල් එක ට්‍රේඩ් කරලා ත්‍රී වීල් පොලකින් ඊට වැඩිය පට්ටා ත්‍රී වීල් එකක් ගේන්න. ඉතිං උදේ පාන්දරම තමා වැඩේට ගියේ. මොකද පරක්කු වෙන්න පරක්කු වෙන්න හොඳ වාහන ටික විකිණිලා හම්පඩ වෙච්ච ලදරන් තමා ඉතුරු වෙන්නේ.

ඉතිං අපි ගිහිං ත්‍රී වීල් දෙක තුනක් බලද්දී අළුත්ම අළුත් කිරි ටොයියා භාන්ඩයක් තියෙනවා විකුණන්න. බජාජ් ඩබල් ලයිට්, ෆෝ ස්ට්‍රෝක් ත්‍රී වීල් එකක්. පොර ගාව තිබුනේ ටූ ස්ට්‍රෝක් එකක් නිසා මෑන් කොහොමත් බලාපොරොත්තුවෙන් ගියෙත් ෆෝ ස්ට්‍රොක් එකක්ම තමා. හැබැයි මේ තරම් සිරා එකක් නම් හම්බුවෙයි කියලා හිතුවේ නෑ. ඒක විකුණන්න දාලා තිබුනෙත් අයිතිකාරයා පවුලේ අයත් එකක් රට යන නිසා. ඒක හොඳටම පාවිච්චි කරලා තිබුනා. පස්සේ ඉතිං ඔන්න අරංගිය සල්ලි වලින් ඇඩ්වාන්ස් එකක් එහෙම දීලා ලියකියවිලි අත්සන් කරගෙන එහෙම ආයෙම ගෙදර ආවා ඉතුරු සල්ලි ටික ගෙනියන්න.

පස්සේ ඉතිං ආයෙම හවස වරුවේ ගිහිං යාලුවාගේ පරණ ත්‍රී වීල් එක විකුණන්න දාලා අළුත් භාන්ඩේ ගෙනාවා. ඒක ඇත්තටම මාරම ගති. කුෂන් කරලා, ස්ටේන්ලස් ස්ටීල් පොලු ගහලා හොඳටම තියෙනවා. ඉතිං ත්‍රී වීල් එක අරගෙන එන ගමන් එක පාරට තිබ්‍රන පෙට්‍රල් ඉවරවෙලා රිසවු වැටුනා. හැබැයි මේකේ රිසවු ස්විච් එකක් නෑ….!!!

සාමාන්‍යෙයන් රිසවු ස්විච් එක තියෙන්නේ පිටිපස්සේ සීට් එකේ යට දකුණු පැත්තේ. මල මගුලයි කියන්නේ මේකේ එහෙම එකක් නෑ. නෑ කියන්නේ…. තිබුන සලකුනක්වත් නෑ… ඊට පස්සේ වහාම ගත්තා කෝල් එකක් ත්‍රී වීල් පොලේ අයිති කාරයට මේකේ රිසවු ස්විච් එක ගැන කියන්න.

මට නිකං ලාවට වගේ ඇහුනා… පොරට ත්‍රී වීල් පොලේ අයිති කාරය හොඳ කුණු හබ්බ දෙකකුත් කියලා, බලපිය තොගේ සීට් එක තියෙන තැන ඇති කියලා කියනවා. පස්සේ වැඩේ ඇත්ත. රිසවු ස්විච් එකේ ප්ලේස් එක මාරු වෙලා.

පස්සේ වාහනේ යාලුවගේ ගෙදර ගෙනිහිං ආයෙම අරගෙන ගියා ත්‍රී වීල් බාස් කෙනෙක් ගාවට. කෝකටත් හොඳයිනේ දොස්තරට පෙන්නන එක කියලා, ගෙනිහිල්ලා රිසවු ස්විච් එකේ කතාවත් කිව්වා.

මෙන්න පොර කියනවා… අයියෝ මල්ලි ඔය ස්විච් එක එතෙන්ට දාලා තියෙන්නේ උඹලා වගේ එවුන්ගෙන් කෙල්ලන්ට වෙන හිරිහැර මග හරෝගන්න කියලා.

හෑ…. යකෝ බෝ පැල වගේ ඉන්න අපෙන් කෙල්ලන්ට මොන හිරිහැරද…? කෙල්ලන්ගෙන්නේ අපිට වෙන තරමක් හිරිහැර වෙන්නේ කියලා කියන්න හදද්දිම අර ගල් මූසලයා ආයෙම කියනවා… උඹලා කළුවරේ හයර් යන ගමන් රිසවු දාන්න කියලා කෙල්ලන්ගේ කකුල් අතගානවනේ බං. ඒකනේ ඔය ස්විච් එක මාරු කරලා තියෙන්නේ…!!!

පෙනේද අපේ ත්‍රී වීල් බුවාලගේ වැඩ. මමත් ඔය සීන් එක දන්නේ නෑ. සමහර විට ෆන් එකට කියන කතාවක් වෙන්න ඇති. කොහොමටත් වාහනයක අළුත් වර්ෂන් එකක් එද්දි කාර්යක්ෂමතාව වැඩි කරන්න, රියදුරුට පහසුවෙන්න වගේ ඔය වගේ පොඩි පොඩි වෙනස් කම් කරන එක සාමාන්‍ය දෙයක්. ඒත් මේ කරපු වැඩේට නම් බජාජ් එකේ ඩිසයිනින් ලොක්කට හෙන හත වදින්න ඕනේ. අසරන කොල්ලන්ගේ සහ කෙල්ලන්ගේ ෆන් එකට බාධා කරාට.

දැන් ඉතිං ඔය ලද දෙයින් සතුටු වෙන ගෑණු කට්ටිය එහෙම අළුතින් ආපු ෆෝ ස්ට්‍රෝක් වාහන වල නොයා පරන එවුවයෙම යයිද දන්නේ නෑ….!!! කොහොම හරි ඉතිං ආරක්ෂාව ගැන තදින්ම හිතන අය නම් අළුත් එව්වයේ යයි නේද…

අර ත්‍රී වීල් වල පිටිපස්සේ ගහලා තියෙන්නේ එක එක වැකි. අන්න ඒ අතරට මේ සීන් එක නිසා මෙහෙම දේකුත් එකතු වෙන්න පුළුවන්…

රිසවු තියෙන්නේ ඉස්සරහා, බය නැතුව නගින්න නංගිලා…

73 Responses to “රිසවු ස්විච් එක වෙනස් කලේ ඇයි…???”

  1. Bunny Says:

    ඔය රිසවු සීං එක දන්නෙ අත ගැවිච්චි කෙල්ලො වෙන්ටැති නේද ? 😀
    නැත්නම් තිං රෙඩිරෙටරෙ දන්නෙ නැති ප්‍රාඩො පෙරල ගන්න කෙල්ලොනෙ ඉන්නෙ 😀

  2. පන්සල් හංදිය Says:

    දැන් ඉතිං මාලුවා එලවන ත්‍රීවීල් එකක යන්න ගෑණු ලමයි බය වෙන්න ඕන නැහැ ……….

  3. අසංක Says:

    ඔය කීවම තමයි දන්නේ රිසවු ස්විච් එක වෙනස් කරලා කියලා….

  4. පූසා Says:

    මචං උඹ ගන්නේ පරණ මොඩ්ල් එකේ ත්‍රීවීල් එකක් නේද? 😀

  5. කෝඩුකාරයා Says:

    අයියෝ…..ත්‍රීවිල් කාරයො ගත්ත ඒ ආතල් එකත් ඊරයි වගේ……

  6. හරී Says:

    “රිසවු තියෙන්නේ ඉස්සරහා, බය නැතුව නගින්න නංගිලා…”

    ela ela…..

  7. indika27 Says:

    ලංකාවෙ ට්‍රී විල් එකක් අලුතින්ම මිලදී ගන්නත් එකපාර බෑ ඕඩර් කරල මාසයක් දෙකක් බලං ඉන්න ඕනි…කෝම උනත් හොඳ ඩිසයිනින් එකක්..

  8. රූ Says:

    ඔය වෙනස් කම කරපු ඩිසයින් ලොක්කට ජයවේවා…!!
    මේ වගේ දේවල් නිතරම කරන්න තව තව අයිඩියාස් පහල වේවා…

  9. සාතන් Says:

    මම දැනන් හි‍ටියෙ නෑනෙ උඹ ඔහොම වැඩ කරනව කියල 😉

  10. ඉන්දික උපශාන්ත Says:

    අපරාදෙ ගලක් අතගාගන්න චෑන්ස් මිස් වෙලා!

  11. Gayan Rupasinghe (සිංහයා) Says:

    මම ඔය කියනකම් ඕක ගැන දන්නේ නෑ..

    ජය,,,,,,,

  12. යැන්කි Says:

    මම පරන ත්‍රීවීල් එකක්ම ගන්නවා.

  13. WickZ Says:

    රිසවු තියෙන්නේ ඉස්සරහා, බය නැතුව නගින්න නංගිලා…

  14. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    මම පලවෙනි වතාවට ඩබල් ලයිට් මොඩල් එකකට නැගල රිසවු එක හොයද්දි හිත කලකිරුන මචං පුදුම විදියට

  15. X-Porter Says:

    අඩේ පවු අප්ප ගෝල් පිසා. සික් විතරක්…….සැලෙන්න එපා…. උඹේ ඔය මෙව්ව ඤානෙ දාල තවකොරෝමයක් හොයාගං……

  16. සාබිත් Says:

    හික්ස් ! අපෙත් රිසවු ඉස්සරහ තමා 🙂 ලැජ්ජ ටැක්සි කියලත් කියනව නේ ඔව්වට!

  17. ඔබ නොදු‍ටු ලොවක් Says:

    හප්පේ ඒකනං හොදා යන ගමන් එක පාරටම තනි අතින් මුං ඔය පිටි පස්සේ සීට් එක අස්සට අත දාලා කරකවනවා කොල්ලෙක් හිටියොත් ඔන්න ඕක කරකවන්න කියනවා…මමත් ඔය කට්ට කාලා තියෙනවා…

  18. වැලිමැඩියා Says:

    පෝස්ට් එකේ ලස්සනම ටික අර පිටිපස්සෙ ලියන්න දීපු ටික
    //රිසවු තියෙන්නේ ඉස්සරහා, බය නැතුව නගින්න නංගිලා…//
    ශෝක්….

  19. ශානka Says:

    අයියෝ ඒ සැපත් අහවරයි එහෙනම් …. පවු අපේ ත්‍රී වීල් මල්ලිලා ටික …..

  20. chathu Says:

    //රිසවු තියෙන්නේ ඉස්සරහා, බය නැතුව නගින්න නංගිලා…//

    එළ එළ… මරු වැකිය !!!

  21. සිතුවම් Says:

    /පොෂ් අය නම් කියන්නේ ට්‍රයි ෂෝ./

    ඇයි බං දැන් කියන්නෙ ටුක් ටුක් කියල නේද?

  22. හිස් අහස Says:

    දැං පොල්ලෙන් ඇදලා ස්ටාර්ට් කරන ආටාත් නෑ නේ .. තාක්‍ෂනේ දියුනු වුණා

  23. dinesh umagiliya Says:

    ඒකෙනුත් ත්‍රීවිල් සහෝදරයන්ටනේ ගහලා තියෙන්නේ.. බදු දාලා බඩට ගහනව මදිවට දැන් කාගෙ කාගෙත් සතුටට බාදා කරලා..

  24. ABC Says:

    සමහර ත්‍රීවිල් පොරවල් ගමනක් යනකොට හැම වෙලේම රිසව් වෙනව නෙ. මොකද මුන් ගෙ ත්‍රීවිල් හැම වෙලේම තියෙන්නෙ රිසව් එකේ. ඒත් ඒක ඔන් එකට කරකවල තමයි හයර් එකක් එනකන් බලාගෙන ඉන්නෙ. ඉතින් මීටර් 100 ක් විතර යනකොට ඕක අයෙ රිසව් වෙනව අර පල්ලෙහාට ගිහිල්ල තිබුන පෙට්‍රල් ටික ඉවර වෙනකොටම.

    ඇයි අලුත් ත්‍රීවිල් වල රිවස් එක තියෙන්නෙත් අමුතු විදියකට නෙ. හරියට අර වාහන වල හැන්ඩ් බ්‍රේක් එක වගේ. ඕක දන්නෙ නැතුව මමත් එක සැරයක් ඔය අලුත් ත්‍රීවිල් එකක් හරවගන්න මාර දුකක් වින්ද නෙ.

  25. henryblogwalker Says:

    හරියටම ත්‍රී වීල් ගැන ක්‍රෑෂ් කෝස් එකක් කලා වගෙ. මාර අධ්‍යාපනයක්නෙ ලැබුවෙ. මාත් ජීවිතේ එකම එක වතාවක් ඔය එකක් එලවලා තියෙනවා.

    henryblogwalker the dude

  26. pissa palaamalla Says:

    රිසවු තියෙන්නේ ඉස්සරහා, බය නැතුව නගින්න නංගිලා…

    මේක පට්ට වදන.. මාත් ඔය කියනකම් දන්නෙ නෑනේ වෙනස් කරල කියල

  27. කෙෂාන් විදුරංග (විද්දා) Says:

    අඩෝ මේ බොට නිකං වත් හිතුනෙ නැද්ද ඔය ඩිසයින් කරන කෙනා ගෑනියෙක් කියල.. මං මේ මගේ හිතට ආපු දේ කිව්වෙ..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: