ඔව්ව ඔහොම තමා බං…

මට දෙදාස් දොලහ පටන් ගන්න විදියක් නැතුව ඉද්දී මට පිහිටට හිටියේ මගේ මල්ලි විතරයි. මගේ ටැංකියට මල්ලිගේ කටය හෙවනැල්ල….!!! අලුත් අවුරුද්දෙ වැදගත් පෝස්ට් එකක් දාන්න ඕනෙ නිසා බාගෙට ලියාගෙන තියාගෙන ඉන්න 18 ප්ල්ස් මෙව්වා ටික දාන්න හිත දුන්නෙම නෑ. නිකං මොකටද අලුත් අවුරුද්දේ පොඩි එවුන්ගේ හැඟීම් අවුස්සලා උන්ව නරක් කරන්නේ කියලා පළවෙනිදා දාපු පෝස්ට් එක කරවෙද්දී මට ලියන්න දෙයක් හිතාගන්න බැරුව තමා මේ ටිකේම හිටියේ.

ඊට පස්සේ ඉතිං ඕං ඊයේ ගෙදර යද්දී අපේ මල්ලි, ටිකක් සද්දෙන් සිංදු සෙට් එකක් දාගෙන ඉන්නවා. ඔය අස්සේ දැන් දවස් කීපයකම ඉඳලා ප්ලේ වෙන එක සිංදුවකුත් තියෙනවා. මට ඔය සිංදුව එක දිගට තුන් හතර පාරක් රිපීට් වෙද්දී ටිකක් මීටර් වෙලා තිබුනට ඒ ගැන එච්චර හිතන්න දෙයක් තිබුනේ නෑ. ඒත් ඉතිං මේ වගේ පෝස්ට් එකක් නොදා ලියන්න දෙයක් හිත හිත වෙලාවකට අර කබර ගොයා තලගොයා වෙනවා වගේ තමා. සිංදුව ඕං තියෙනවා පහල…

http://www.fileden.com/files/2011/12/13/3238070/Pem%20Sitha%20Riduna%20Raththarane.mp3%20

මේක බූට් එකක් කාපු සීන් එකක්…! ඉතිං මට නිකමට වගේ හිතුනා අළුත් අවුරුද්ද පටන් ගද්දිම අපේ එකාට බඩුම තමා කියලා. මල්ලිට එහෙම වුනා අයියා කෙනෙක් හැටියට මං හිනාවෙන්න හොඳ නෑනෙ… අයියා කෙනෙක් හැටියට මල්ලි ගැන සොයා බලා උපදෙස් දීමනේ කරන්න ඕනේ . ඒක නිසා මාත් නිකමට වගේ ඇහුවා… මොකද බං මේ සිංදුව දෙතුන් පාර රිපීට් වෙන්නේ කියලා… ඒ ඇහුවේ මලේ උඹට සපත්තුවක්වත් හම්බුනාද කියලා සිංහලෙන් අහන්නේ නැතුව…. ඒ ප්‍රශ්නෙට පොර කියන්නේ … නෑ … මේ…. මං ඒකට ආසයි ඒකයි… කියලා. ඉතිං මට ඌට උපදෙස් දෙන්න අවස්ථාවක් වුනේ නෑ… මං දන්නවනේ මල්ලි දසසයා කියලා… නැත්තං ෆෝන එක රීලෝඩ් නොකර හොරෙන් එෆ්.බී ලොග් වෙලා, මහ රෑ දෙකට තුනටත් චැට් කරාවියෑ. අපිට නිදාගන්න නෑ මුගේ ​ෆෝන් එකත් එක්ක…. මහ රෑ දෙකටත් මූට නොටිෆිකේෂන් එනවා… ඇයි ඉතිං මූට රෑ වුනාට අනිත් රටවල මුගේ ක්‍රෂ් වලට දවල් ලන්ච් එකනේ… හැබැයි මට හොඳටම ෂුවර් මලයා තව දෙකක් ඇතුලත කලින් පාර වගේම,

අයියේ… වැඩක්ද….

ඇයි … මොකෝ සීන් එක…

අර කෙසෙල්වත්තේ ගෑණු ළමයා….

හා… හා… ඇති. මට හිතුනා තෝ අර සිංදුව අහද්දී….

හ්ම්…. ඒකනේ….

ඕකනේ ඕයි කියන්නේ තමුසෙට මහා රෑ නිදා මරාගෙන, එෆ්. බී එකෙන් කෙල්ලෝ සෙට් කරගන්න එපා කියලා….!!!

ඔව්ව ඔහොම තමා බං… හිමීට වෙන රැල්ලක් පාගමු….වෙලාවට අපේ ගස් ගෙම්බා මෙව්වා බලන්නේ නෑ… නැත්තං උගේ ජීවිතේම මේ බ්ලොග් එක කියෝලා හදා ගන්න පුළුවන්… නැද්ද මං අහන්නේ…

61 Responses to “ඔව්ව ඔහොම තමා බං…”

  1. ශානි Says:

    අදම මෙය මල්ලි බලත්වා
    පව් බොල අහින්සක කොල්ලා ඔහොම මඩ ගහන්න එපා

  2. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    එහෙම කියන්න එපාබන් වර්චුවල් ලව් එකෙත් ගතියක් තියෙනවාලු , අපි නොදන්න වර්චිවල් ලව් ! 🙂

  3. Weni Says:

    බූට් කාලා විඳින්න ඉඩ දෙන්න මල්ලිට, එතකොට වැරදුනෙ කොතනද කියලා තේරුම් අරන් ඉස්සරහදි වැඩේ ගොඩ දමා ගනී !

  4. පූසා Says:

    උඹ ලැබුව ඇත්දැකීම් ඌත් ලැබුවාම මක් වෙනවද බං 😀

  5. Chanaka Says:

    පව් බං මල්ලි ඌට හැදෙන්න උපදෙස් නොදි මෙහෙම මඩ ගහන එකට නම් මම විරුද්දයි..

    ඕකනේ ඕයි කියන්නේ තමුසෙට මහා රෑ නිදා මරාගෙන, එෆ්. බී එකෙන් කෙල්ලෝ සෙට් කරගන්න එපා කියලා….!!!

    හික් මරු අයියා..

  6. රූ Says:

    “මේ විදිහට බූට් කෑමෙන් අයියාගේත් අයියාගේ බ්ලොග් යාළුවන්ගේත් සිනහවට ලක් විය හැක“

  7. සෝරෝ Says:

    ඇඩෝ.. හිටපං මම මල්ලිට කියන්න උඹ පෝස්ටෙකේ දැම්මා කියලා උගේ සපත්තුව ගැන…

  8. සාතන් Says:

    උඹේ මලය ලියන්න යනව කිව්ව නේද බ්ලොග් එකක්… මම මේ ඒක කියවන්න බලන් ඉන්නෙ 😉

    අපිට බලාගන්න පුළුවන් එතකොට අයියගෙ කෙරුම්

  9. ඉන්දික උපශාන්ත Says:

    මන්තරකාරිගෙ කටේ පිදේණියක් දාන්න වටිනව කිව්ව කතාවට.

  10. නවම් Says:

    අඩේ බූට් එකක්ද… අනේ අම්මප ඒවගේ දවස්.. ආයෙ කවද කන්නද අප්පා එහෙම එකක්…….

  11. සිතුවම් Says:

    ඔය පාගල යන්නෙ කොල්ල අයියගෙ අඩි පාරෙම.හිකිස්.

  12. Observer Says:

    ආස කොරන සින්දුවක් ඇහුව කියල ඉතින් ‘බුට් ‘ එකක් කෑවම කියල කියන්නෙ කෝමද?

  13. ශානka Says:

    අය්යාගේම මල්ලි නොවැ …. ආයේ කතා දෙකක් මොකටැ …

  14. පැණි දොඩම් Says:

    කියල වැඩක් නෑ උඹේ බ්ලොග කියෝලා හැදිච්ච එවුන් පාරෙ හැම කැනම බොල…. අනේ මාළුවෝ.

  15. හිස් අහස Says:

    කොල්ලෙක් වුණාම ඉතින් බූට් එකක් කන්න ඕනෙලු .. බලාගෙන මචෝ මල්ලි මූනු පොතේ කෙල්ලක් එක්ක පැනලා යන්නත් බැරි නෑ 🙂

  16. මධුරංග Says:

    අඩේ මල්ලි මාර ඩයල් එකක් නේ (අයියා වගේම ඇති මල්ලිත්)
    එතකොට මලයට කෙල්ලෝ කීයක් එෆ් බී එකෙන් සෙට් වෙලා හිටියද ?

  17. henryblogwalker Says:

    බූට් වල රසය දන්නේ බූට් කා ඇති උන් පමණි. මාත් ඉන් එකෙක්මි.

    henryblogwalker the Dude

  18. ඔබ නොදු‍ටු ලොවක් Says:

    හික් හික් මරු අයියයි මල්ලියි…වෙන ‍රැල්ලක් පාගයිද….

  19. dinesh umagiliya Says:

    අයියා වගේම නැතෑ මල්ලිත්.. 🙂 මූණු පොතේ ලවු එකක් නං ඉතින් ආයේ කියන්න දෙයක් නෑ..

  20. calhara Says:

    හිටු මම බොලාගෙ අම්මට කියන්න, අයිය මලෝගෙ වැඩ කිඩ ………

  21. X-Porter Says:

    ශුවර් නේ කෙසෙල් වත්තෙ කියල… අපේ රොබින්හුට්ටගෙ කෙහෙල් කො‍ටුවෙ නෙමෙයිනේ…….

    ආ… ඔය පිට කො‍ටුවෙ කෙහෙල් වත්තේද… අම්බෝ…. මගේ පාසැල් කාලෙ යාලුවෙක් ඔය වත්තෙන් කෑල්ලක් දාගෙන… සුමාන දෙකක් මුනිං දාල ඇඳ උඩ හිටිය…. පුකපැත්තට මැහුං හතරයි….. අයියා දැලිපිහියෙං එම්බ්‍රොයිඩර් කරලා……..මලයටත් පුකපැත්තට ඩිසයින් එකක් දාගන්න ආසද අහපං

  22. Miyuru Says:

    මලය ඔහොම කිව්ව කීවෙනි එකද ඔය…හික්ස්…

  23. කෙෂාන් විදුරංග (විද්දා) Says:

    පව් යකෝ තමන්ගෙ මල්ලිට ගස් ගෙම්බා කියල බනින්නෙපා.. බොටත් මොකෙක් වත් නොහිටියනං මට වගේම සත්ත කරුණාව පහල වේවි…

  24. Nirmda Kusumsiri Says:

    ekata ape malaya matath love koranda uganai dan love ekata aurudu 7kda koheda maluwoooo anna love

  25. mohan kanishka Says:

    mama dan idala meka hamadama kiyawanawa goda yanna puluwanda kiyala balanna.mata sure naha meka malliwa thawa amaruwe dammada kiyala


ගෝල්ඩ් fish වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: