මට දෙදාස් දොලහ පටන් ගන්න විදියක් නැතුව ඉද්දී මට පිහිටට හිටියේ මගේ මල්ලි විතරයි. මගේ ටැංකියට මල්ලිගේ කටය හෙවනැල්ල….!!! අලුත් අවුරුද්දෙ වැදගත් පෝස්ට් එකක් දාන්න ඕනෙ නිසා බාගෙට ලියාගෙන තියාගෙන ඉන්න 18 ප්ල්ස් මෙව්වා ටික දාන්න හිත දුන්නෙම නෑ. නිකං මොකටද අලුත් අවුරුද්දේ පොඩි එවුන්ගේ හැඟීම් අවුස්සලා උන්ව නරක් කරන්නේ කියලා පළවෙනිදා දාපු පෝස්ට් එක කරවෙද්දී මට ලියන්න දෙයක් හිතාගන්න බැරුව තමා මේ ටිකේම හිටියේ.
ඊට පස්සේ ඉතිං ඕං ඊයේ ගෙදර යද්දී අපේ මල්ලි, ටිකක් සද්දෙන් සිංදු සෙට් එකක් දාගෙන ඉන්නවා. ඔය අස්සේ දැන් දවස් කීපයකම ඉඳලා ප්ලේ වෙන එක සිංදුවකුත් තියෙනවා. මට ඔය සිංදුව එක දිගට තුන් හතර පාරක් රිපීට් වෙද්දී ටිකක් මීටර් වෙලා තිබුනට ඒ ගැන එච්චර හිතන්න දෙයක් තිබුනේ නෑ. ඒත් ඉතිං මේ වගේ පෝස්ට් එකක් නොදා ලියන්න දෙයක් හිත හිත වෙලාවකට අර කබර ගොයා තලගොයා වෙනවා වගේ තමා. සිංදුව ඕං තියෙනවා පහල…
http://www.fileden.com/files/2011/12/13/3238070/Pem%20Sitha%20Riduna%20Raththarane.mp3%20මේක බූට් එකක් කාපු සීන් එකක්…! ඉතිං මට නිකමට වගේ හිතුනා අළුත් අවුරුද්ද පටන් ගද්දිම අපේ එකාට බඩුම තමා කියලා. මල්ලිට එහෙම වුනා අයියා කෙනෙක් හැටියට මං හිනාවෙන්න හොඳ නෑනෙ… අයියා කෙනෙක් හැටියට මල්ලි ගැන සොයා බලා උපදෙස් දීමනේ කරන්න ඕනේ . ඒක නිසා මාත් නිකමට වගේ ඇහුවා… මොකද බං මේ සිංදුව දෙතුන් පාර රිපීට් වෙන්නේ කියලා… ඒ ඇහුවේ මලේ උඹට සපත්තුවක්වත් හම්බුනාද කියලා සිංහලෙන් අහන්නේ නැතුව…. ඒ ප්‍රශ්නෙට පොර කියන්නේ … නෑ … මේ…. මං ඒකට ආසයි ඒකයි… කියලා. ඉතිං මට ඌට උපදෙස් දෙන්න අවස්ථාවක් වුනේ නෑ… මං දන්නවනේ මල්ලි දසසයා කියලා… නැත්තං ෆෝන එක රීලෝඩ් නොකර හොරෙන් එෆ්.බී ලොග් වෙලා, මහ රෑ දෙකට තුනටත් චැට් කරාවියෑ. අපිට නිදාගන්න නෑ මුගේ ෆෝන් එකත් එක්ක…. මහ රෑ දෙකටත් මූට නොටිෆිකේෂන් එනවා… ඇයි ඉතිං මූට රෑ වුනාට අනිත් රටවල මුගේ ක්‍රෂ් වලට දවල් ලන්ච් එකනේ… හැබැයි මට හොඳටම ෂුවර් මලයා තව දෙකක් ඇතුලත කලින් පාර වගේම,
අයියේ… වැඩක්ද….
ඇයි … මොකෝ සීන් එක…
අර කෙසෙල්වත්තේ ගෑණු ළමයා….
හා… හා… ඇති. මට හිතුනා තෝ අර සිංදුව අහද්දී….
හ්ම්…. ඒකනේ….
ඕකනේ ඕයි කියන්නේ තමුසෙට මහා රෑ නිදා මරාගෙන, එෆ්. බී එකෙන් කෙල්ලෝ සෙට් කරගන්න එපා කියලා….!!!
ඔව්ව ඔහොම තමා බං… හිමීට වෙන රැල්ලක් පාගමු….වෙලාවට අපේ ගස් ගෙම්බා මෙව්වා බලන්නේ නෑ… නැත්තං උගේ ජීවිතේම මේ බ්ලොග් එක කියෝලා හදා ගන්න පුළුවන්… නැද්ද මං අහන්නේ…
2012 ජනවාරි 4 දින පෙ.ව. 5:41 ට
අදම මෙය මල්ලි බලත්වා
පව් බොල අහින්සක කොල්ලා ඔහොම මඩ ගහන්න එපා
2012 ජනවාරි 4 දින ප.ව. 8:21 ට
අපි බය වෙයි…
2012 ජනවාරි 4 දින පෙ.ව. 6:53 ට
එහෙම කියන්න එපාබන් වර්චුවල් ලව් එකෙත් ගතියක් තියෙනවාලු , අපි නොදන්න වර්චිවල් ලව් ! 🙂
2012 ජනවාරි 4 දින ප.ව. 8:22 ට
ඒක නම් ඇත්ත තමා බං…
2012 ජනවාරි 4 දින පෙ.ව. 6:56 ට
බූට් කාලා විඳින්න ඉඩ දෙන්න මල්ලිට, එතකොට වැරදුනෙ කොතනද කියලා තේරුම් අරන් ඉස්සරහදි වැඩේ ගොඩ දමා ගනී !
2012 ජනවාරි 4 දින ප.ව. 8:23 ට
ඌට ගොඩදාන්න දෙයක් නෑ අයියෙ… දැන් මට තමා උගෙන් ඉගෙන ගන්න වෙන්නෙ…
2012 ජනවාරි 4 දින පෙ.ව. 7:03 ට
පව් පොඩි එකා…..
2012 ජනවාරි 4 දින ප.ව. 8:30 ට
උඹලත් අපිට හැංගුවට ඔය වගේ තමා…
2012 ජනවාරි 5 දින පෙ.ව. 8:44 ට
&*&^$#^&%^#^&#%^%^^&^#^ &*$$$& &^&$^&$ $&^ &^$&^$&*$$
2012 ජනවාරි 5 දින ප.ව. 7:36 ට
😀 😀
2012 ජනවාරි 4 දින පෙ.ව. 7:19 ට
උඹ ලැබුව ඇත්දැකීම් ඌත් ලැබුවාම මක් වෙනවද බං 😀
2012 ජනවාරි 4 දින ප.ව. 8:33 ට
හික්ස්… කට කට…
2012 ජනවාරි 5 දින පෙ.ව. 8:44 ට
හික්ස් මාළුවා නහින්නේ කට හින්දලු…
2012 ජනවාරි 4 දින පෙ.ව. 8:47 ට
පව් බං මල්ලි ඌට හැදෙන්න උපදෙස් නොදි මෙහෙම මඩ ගහන එකට නම් මම විරුද්දයි..
ඕකනේ ඕයි කියන්නේ තමුසෙට මහා රෑ නිදා මරාගෙන, එෆ්. බී එකෙන් කෙල්ලෝ සෙට් කරගන්න එපා කියලා….!!!
හික් මරු අයියා..
2012 ජනවාරි 4 දින ප.ව. 8:36 ට
මොනා කරන්නද බං… එලවන්න කියලැයි…
2012 ජනවාරි 4 දින පෙ.ව. 8:57 ට
“මේ විදිහට බූට් කෑමෙන් අයියාගේත් අයියාගේ බ්ලොග් යාළුවන්ගේත් සිනහවට ලක් විය හැක“
2012 ජනවාරි 4 දින ප.ව. 8:38 ට
හා හා අපේ මල්ලිට මුකුත් කියන්නේ නෑ….
2012 ජනවාරි 4 දින පෙ.ව. 9:03 ට
ඇඩෝ.. හිටපං මම මල්ලිට කියන්න උඹ පෝස්ටෙකේ දැම්මා කියලා උගේ සපත්තුව ගැන…
2012 ජනවාරි 4 දින ප.ව. 8:39 ට
ඒ එපා බං…. මං මේක විහිළුවට දැම්මේ…
2012 ජනවාරි 4 දින පෙ.ව. 9:58 ට
උඹේ මලය ලියන්න යනව කිව්ව නේද බ්ලොග් එකක්… මම මේ ඒක කියවන්න බලන් ඉන්නෙ 😉
අපිට බලාගන්න පුළුවන් එතකොට අයියගෙ කෙරුම්
2012 ජනවාරි 4 දින ප.ව. 8:40 ට
මේ කපේ නම් ලියවෙන එකක් නෑ…
2012 ජනවාරි 4 දින පෙ.ව. 10:07 ට
ayye matha onna hodalamayek una me blog ek keyawala… 😀 😀 😀 😀
2012 ජනවාරි 4 දින ප.ව. 8:42 ට
එල කොල්ලෙක්….
2012 ජනවාරි 4 දින පෙ.ව. 10:13 ට
බූට් නැති ජීවිතය කුමට?? 😀
2012 ජනවාරි 4 දින ප.ව. 8:42 ට
අත්දැකීමෙන්ද මන්දා….
2012 ජනවාරි 4 දින පෙ.ව. 10:43 ට
මන්තරකාරිගෙ කටේ පිදේණියක් දාන්න වටිනව කිව්ව කතාවට.
2012 ජනවාරි 4 දින ප.ව. 8:47 ට
පිදේනියක් නෙමෙයි… රං අහුරක් දාන්න ඕනි…
2012 ජනවාරි 4 දින ප.ව. 12:20 ට
අඩේ බූට් එකක්ද… අනේ අම්මප ඒවගේ දවස්.. ආයෙ කවද කන්නද අප්පා එහෙම එකක්…….
2012 ජනවාරි 4 දින ප.ව. 8:48 ට
ඔය කියන්නේ රස කර කර
2012 ජනවාරි 4 දින ප.ව. 12:56 ට
ඔය පාගල යන්නෙ කොල්ල අයියගෙ අඩි පාරෙම.හිකිස්.
2012 ජනවාරි 4 දින ප.ව. 8:49 ට
නෑ නෑ මු යන්නේ වෙනස් මගක…
2012 ජනවාරි 4 දින ප.ව. 1:47 ට
ආස කොරන සින්දුවක් ඇහුව කියල ඉතින් ‘බුට් ‘ එකක් කෑවම කියල කියන්නෙ කෝමද?
2012 ජනවාරි 4 දින ප.ව. 8:51 ට
පොර හැරෙන කොට මට කියන්න බැරිද…
2012 ජනවාරි 4 දින ප.ව. 7:18 ට
අය්යාගේම මල්ලි නොවැ …. ආයේ කතා දෙකක් මොකටැ …
2012 ජනවාරි 4 දින ප.ව. 8:53 ට
එහෙම්ම කියන්න එපා ඉතිං… උගෙන් මට ඉගෙන ගන්න පාඩම් ගොඩක් තියෙනවා…
2012 ජනවාරි 4 දින ප.ව. 8:02 ට
කියල වැඩක් නෑ උඹේ බ්ලොග කියෝලා හැදිච්ච එවුන් පාරෙ හැම කැනම බොල…. අනේ මාළුවෝ.
2012 ජනවාරි 4 දින ප.ව. 8:53 ට
හික්… උඹත් එක්කෙනෙක්නේ….
2012 ජනවාරි 4 දින ප.ව. 9:24 ට
කොල්ලෙක් වුණාම ඉතින් බූට් එකක් කන්න ඕනෙලු .. බලාගෙන මචෝ මල්ලි මූනු පොතේ කෙල්ලක් එක්ක පැනලා යන්නත් බැරි නෑ 🙂
2012 ජනවාරි 4 දින ප.ව. 9:47 ට
ඒ ගමන නම් දැනටම ගිහිං ඇති බං….
2012 ජනවාරි 4 දින ප.ව. 10:04 ට
අඩේ මල්ලි මාර ඩයල් එකක් නේ (අයියා වගේම ඇති මල්ලිත්)
එතකොට මලයට කෙල්ලෝ කීයක් එෆ් බී එකෙන් සෙට් වෙලා හිටියද ?
2012 ජනවාරි 5 දින ප.ව. 7:34 ට
කටක් ඇරලා ඒක අහනන්න විදියක් නැතුව තමා මේ මාත් ඉන්නේ…
2012 ජනවාරි 4 දින ප.ව. 11:44 ට
බූට් වල රසය දන්නේ බූට් කා ඇති උන් පමණි. මාත් ඉන් එකෙක්මි.
henryblogwalker the Dude
2012 ජනවාරි 5 දින ප.ව. 7:34 ට
කොයි කාලෙදෝ…????
2012 ජනවාරි 5 දින පෙ.ව. 1:46 ට
හික් හික් මරු අයියයි මල්ලියි…වෙන රැල්ලක් පාගයිද….
2012 ජනවාරි 5 දින ප.ව. 7:35 ට
මම නම් ඉතිං එක රැල්ලයි… මලයා නම් පාගනවා දිගට හරහට…
2012 ජනවාරි 5 දින පෙ.ව. 2:29 ට
අයියා වගේම නැතෑ මල්ලිත්.. 🙂 මූණු පොතේ ලවු එකක් නං ඉතින් ආයේ කියන්න දෙයක් නෑ..
2012 ජනවාරි 5 දින ප.ව. 7:35 ට
මල්ලිට සෑහෙන අත්දැකීම් තියෙනවා වගේ නේද….
2012 ජනවාරි 5 දින පෙ.ව. 9:03 ට
හිටු මම බොලාගෙ අම්මට කියන්න, අයිය මලෝගෙ වැඩ කිඩ ………
2012 ජනවාරි 5 දින ප.ව. 7:36 ට
ඈ… එතකොට දෙන්නවම ගෙදරින් පන්නයිද දන්නේ නෑ….
2012 ජනවාරි 5 දින ප.ව. 4:38 ට
ශුවර් නේ කෙසෙල් වත්තෙ කියල… අපේ රොබින්හුට්ටගෙ කෙහෙල් කොටුවෙ නෙමෙයිනේ…….
ආ… ඔය පිට කොටුවෙ කෙහෙල් වත්තේද… අම්බෝ…. මගේ පාසැල් කාලෙ යාලුවෙක් ඔය වත්තෙන් කෑල්ලක් දාගෙන… සුමාන දෙකක් මුනිං දාල ඇඳ උඩ හිටිය…. පුකපැත්තට මැහුං හතරයි….. අයියා දැලිපිහියෙං එම්බ්‍රොයිඩර් කරලා……..මලයටත් පුකපැත්තට ඩිසයින් එකක් දාගන්න ආසද අහපං
2012 ජනවාරි 5 දින ප.ව. 7:37 ට
නෑ නෑ මුගේ කැබැල්ල පානදුරෙන්….
2012 ජනවාරි 5 දින ප.ව. 9:03 ට
මලය ඔහොම කිව්ව කීවෙනි එකද ඔය…හික්ස්…
2012 ජනවාරි 6 දින ප.ව. 5:35 ට
මගෙ තරම්ම වැඩි අගයක් නම් නෙවයි…
2012 ජනවාරි 6 දින පෙ.ව. 10:09 ට
පව් යකෝ තමන්ගෙ මල්ලිට ගස් ගෙම්බා කියල බනින්නෙපා.. බොටත් මොකෙක් වත් නොහිටියනං මට වගේම සත්ත කරුණාව පහල වේවි…
2012 ජනවාරි 6 දින ප.ව. 6:08 ට
හික් ඒක නම් ඇත්ත… ඒත් ඉතිං ආදරේටනේ බං…
2012 ජනවාරි 8 දින ප.ව. 11:03 ට
ekata ape malaya matath love koranda uganai dan love ekata aurudu 7kda koheda maluwoooo anna love
2012 ජනවාරි 9 දින ප.ව. 7:55 ට
අන්න රියල් කොල්ලෙක්…
2012 ජනවාරි 10 දින ප.ව. 2:25 ට
ඔන්ලයින් ප්‍රේම කතා
2012 ජනවාරි 10 දින ප.ව. 8:43 ට
දැන් වෙන එකක්….!!!
2012 ජනවාරි 13 දින ප.ව. 1:24 ට
mama dan idala meka hamadama kiyawanawa goda yanna puluwanda kiyala balanna.mata sure naha meka malliwa thawa amaruwe dammada kiyala
2012 ජනවාරි 13 දින ප.ව. 8:35 ට
එල එල….