මෙයා හරි වැඩකාරයානේ… මගේ යශෝධරාවත 20

ගෙදර කවුදෝ…?

මේ ඉලවු මාලිගාවේ බෙල් එකක සුයිච් එකක් තිබුනට ඒක එබුවට බෙල් එකක් වදිනවා කියලයැ… ඒක නිසා ඉතිං කුමාරිකාව හරි නඩුකාරි හරි පියාණන් හරි පේන්න නොහිටියොත් මං කුමාරයා කරන්නේ ගෙදර කවුද කියලා කෑගහන එක තමා… ඊට පස්සේ ඉතිං නඩුවක් සහතිකයි…

ඊට පස්සේ ඉතිං ඔන්න එනවා… ආහ්… අම්මේ මේ කවුද ඇවිල්ලා……

ඔය චූටි බබා මාව දන්නේ නැද්ද….? ආ…..

ම්… සීයව දැකලා පුරුදුයි….

අඩෝ… මං සීයනං ඔයා ආච්චි හරිද….

ඒ පාර ගෙට එන්නත් කලින් රංඩුද…? නියම අයියයි නංගියි… අනේ අනේ…

මෙයා තමා මැඩම් මට එව්වා මෙව්ව කිව්වේ…

ඔව් ඔව් අම්මේ මං තමා මෙයාට එක එක කිව්වේ…. හ්ම්….

ඊට පස්සේ නඩුකාරිගේ ඉන වටේට  රත්තරං පාට පුංචි ඇඟිලි ටිකෙන් බදාගෙන අම්මට තුරුල් වෙන පුංචි කෙල්ලව  දකිද්දි… හ්ම්...... මං කුමාරයාගෙ ඉන වටේ මේ ඇඟිලි ටික දුවන දවස ඉක්මනට උදාවෙනව නම් කියල හිතෙනවා…!!!

පස්සේ ඉතිං මං කුමාරයට වාඩි වෙන්න කියලා, යශෝධරාවයි, නඩුකාරියි සිරි යහන් ගැබට යන්නේ වෙනදා වගේම මට විරුද්ධව ක්‍රමන්ත්‍රණයක් දියත් කරන්න තමා. යශෝධරාවගේ ඔලුවට මට ෂොට් එක දෙන්න අදහස් එන්නේ නඩුකාරි ඔලුව අතගාද්දි කියන්නේ…

මං ඒ දවස් වල තමා ක්‍රන්චර් එකට ගේම් එක හද හද හිටියේ. ඉතිං ඒකට මුලින්ම අදහසක් ගන්න හිතලා කතාකරේ යශෝධරාවටයි මවුතුමියටයි තමා. දෙන්න එක්ක එක එක අදහස් දුන්නත් ඒවා ක්‍රියාත්මක කරන්න ගියොත් මට වෙන්නේ රස්සාවෙන් අස් වෙලා ගෙදර ඉන්න නිසා. දෙන්න එක්ක අදහස් ප්‍රකාශ කරද්දි හිස් මුදුනින් පිළිඅරගෙන ගෙදර ගිහින් රිසයිකල් බින් එකට දාන එක ඇරෙන්න වෙන කොරන්න දෙයක් තිබුනේ නෑ.

ටික වෙලාවකින් සියළුම රහස් සාකච්චා ඉවර වෙලා ඕං පැමිණෙනවා…. අර ගේම් එක හදලා ඉවරද…?

තාම නැහැ… ගෙදර ඇවිත් කරන්න වෙලාවක් නැහැනේ….

හ්ම්….

මං නම් දන්නවා ලේසි ගේම් එකක්. කියන්නද ඒක…?

හා කියන්න…

ඔයා කියන ඕනේ අවුරුද්දක ඕනේ දිනයකට අදාල දවස මට කියන්න පුළුවනි.

ඈ… අනේ පල කෙල්ලේ බොරු නොකිය… එනවා මෙතෙන මට මැජික් පෙන්නන්න කියලා හිතින් හිතුවට කිව්වේ මෙහෙම….

නෑ… ඔයා දන්නවා එහෙම ක්‍රමයක්… හා එහෙනම් කියන්න බලන්න එක දාස් නවසිය අසූ හයේ ඉල් මස හතර වෙනි අඟහරුවාදාට දවස මොකද්ද කියලා.

අනේ ඉතිං පුංචි ඇස් දෙකත් ලොකු කරගෙන, කටත් වෙස් මූන වගේ කරගෙන මොලේ කරකව කරකව හිතන විදිය දැක්කම මටම හිනා. මුලින්ම අසූහය ගැන හිතන්න ඕනේලු… ඊට පස්සේ ඉල් මාසේ සිංහල මාස ක්‍රමයෙන් අනිත් මාස ක්‍රයට පරිවර්තනය කරගන්න ඕනේලු… ඒකට මොකද්ද මන්දා නමක් කිව්වා යශෝධරාව මට දැන් මතක නෑ. ඔය ඔක්කොටම පස්සේ හතර වෙනිදා කවද්ද කියලා හිතන්න ඕනෙලු. ඒ ඉතිං එයාගේ තියරිය. ආහ් තව… අධික අවුරුද්දක් එද්දී ඔන්න කීයක්ද මන්දා එකතු කරන්න ඕනැයි කියලත් කිව්වේ… පවු කෙල්ල මහන්සි වෙනවා සෑහෙන්න මං කියපු දිනේට අදාල දවස මට හොයලා දෙන්න… එතකොට තමා ඉතිං අර ගෑණු  මොලේ හැඳි මිටේ කියන එක ආයමත් මතක් වෙන්නේ.

එයාට ඒකේ මහ ලොකුවට හිතන්න දෙයක් නෑ, මං ප්‍රශ්නේ අහද්දිම අන්තිමට අඟහරුවාදා කියලා කියලම තමා ප්‍රශ්නේ ඇහුවේ. ඒත් ඉතිං දැන් ඔව්වා කියවන්න ගිහිං නිකං ඉල්ලං කන්න ඕනේ නැහැනේ. අනික ඉතිං ඔය වගේ පොඩි විහිළුවකට ඒ මූන කොයි තරම් නම් රතු වෙයිද…???

ඒක නිසා ඉතිං මං කුමාරයා විනාඩි දෙකක් විතර ඉවසගෙන හිටියා. ඒක ඇත්තටම කෙටි චිත්‍රපටියක් බැළුවා වගේ තමා. එව්වෑ කතා කරනවා අඩුයිනේ… ඔක්කොම තියෙන්නේ අංග චලන වලන් කතාව කියන ඒවනේ. මේ හොල්මනත් ඒ වගේ තමා… අයින්ස්ටයින්ද, පයිතරගරස්ද අයිසෙක් නිව්ටන්ද, ඩෝල්ටන්ද, රොජන්ජන්ද තව තව හිටිය ඔක්කෝගෙම මූන ටික අර පොඩි ප්‍රශ්නෙට උත්තර හොයන මූනෙන් සැරින් සැරේ මතු වෙනවා යනවා…

අන්තිමේ මං හිතන විදියට කනා මුට්ටි පාරක්ද කොහෙද ඇදලා ඇරියා… හරි… අඟහරුවාදා නේද….?

ඒ වෙලාවෙ ඉතිං ම්… හරි හරි…  කියනවා ඇරෙන්න පඬි ටෝක් දෙන්න ගියානම් දෙවෙනි නඩුවත් නිකංම ෆයිල් වෙන නිසා දිනුම දීලා නිකං හිටියා.  කාට කියන්නද ඉතිං… ඊට පස්සේ මං කුමාරයට කුමාරිකාව කියනව… හා පුළුවන්නම් මීට වැඩිය ලේසියෙන් මේක කරන විදියක් හොයලා දෙන්න කියලා… පේනවනේ ලස්සනට බටර් පාර ගාල පාං අරං එන්න කඩේ යවන හැටි….

මොනා වුනත් හිත රිද්දන්න බැරි කමටම මං කුමාරයත් වැඩේ බාර ගත්තා. පස්සේ ඉතිං වෙබ් පොජ්ජට මං ගච්චලා සමීකරන පොජ්ජවල් බැලුම් ලාල හරියන්නෙම නැති තැන පොඩි පොඩි ස්ක්‍රිප්ට් කෑලි දෙක තුනක් අමුනලා කරලා යාන්තං ජාමේ බේර ගන්න පුළුවන් තරමේ ෆ්ලෑෂ් මෙව්ව එකක් හදාගත්තා.

මේකෙන් ඉතිං භය නැතුව ඕනේ අවුරුද්දක ඕනේ දවසක් හොයාගන්න පුළුවනි. වැඩිය ඕනේ නෑ, පෙබරවාරි මාසේ තිස් එක්වෙනිදත් හොයාගන්න පුළුවනි…! පස්සේ ඉතිං ෆෝන් එකට ඔබාගෙන ගිහිං පෙන්නුවා…

ම්හ්… මෙයා හරි වැඩකාරයානේ…

ඉතිං මං කුමාරයටත් එනවා කටට…. ඔයා දන්නේ නෑ සුදු මගේ වැඩ ගැන තාම…. කියලා කියන්න වුනාට කටක් ඇරලා මං කුමාරයාගේ ඔය ජිඟිරි බිරිස් වැඩ ගැන කොහොම කියන්නද….

ඔය ෆයිල් එක ඕනෙ අය ඉන්නවනම් ඩවුන් කරගන්න. සමහරවිට එක පාරක් අනිත් ෆ්ලෑස් ෆයිල් වලට වුනා වගේ මේකත් නැති වෙන්න පුළුවන් නිසා මටත් ආයේ ඕනේ වුනොත් ඉල්ල ගන්න පුළුවන් වෙන්න පරිස්සං කොරලා තියාගන්න. ඒ වගේම උන තියෙන ඇමතිවරු ඉන්නව නම් මේ ෆයිල් එක කෑලි කරලා වෙනස් කම් කරලා වැඩි දියුණු කරා කියලා මං යුද්ධෙට එන්නේ නෑ…

44 Responses to “මෙයා හරි වැඩකාරයානේ… මගේ යශෝධරාවත 20”

  1. ශානු Says:

    පට්ට පට්ට මම ඉපදිලා තියෙන්නෙ සඳුදා දවසක 😉

  2. Weni Says:

    ඔය තියෙන්නෙ තව ෆ්ලෑශ් වැඩ කෑල්ලක් එල එල !

  3. Chanaka Says:

    උඹට ඕවා කරන්න වෙලාව තියෙනවද බං.. අර ගේම් එකත් රිසයිකල් එකට නොදා හදපං අපිට සෙල්ලම් කරන්න

  4. නවම් Says:

    මූ මෙතන කොලේ වහල ගහල තියෙන්නෙ. ඔය ගෑණු ළමයි එහෙම මේකෙ ටෙස්ට් කරන්න යනවනං උපන්දිනේ එහෙම දාල බලන්න එපා. කෙලින්ම ෆීඩ්බැක් එකක් යනව මූට. ආයෙ ඉතිං ඔය කිරිං ජාති උලල හංගපු වයස එහෙම මාට්‍ටු හරිය.. ඔන්න පස්සෙ නොකිව්වයි කියන්න එපා….

  5. මාඩා Says:

    😀 😀 😀 😀 fattaa bn…. math daown kora onna…..

    @නවම් : math ehem hithanawa ayye…. miyak kadanne atha lewinyea…. 😀 😀 😀 😀 😀 😀

  6. රාජ් Says:

    මේක කෙල්ලන්ගෙ උපන්දින හොයන ප්‍රෝඩාකාරී ප්‍රෝග්‍රෑමයක් බව මටද සැකසිතේ:D

  7. E-Porter Says:

    “නියම අයියයි නංගියි..”
    පුහ්… අනේ *කේ නන්නානේ…….
    උඹත් බබා…. උඹේ නඩුකාරිත් බබා

  8. ඔබ නොදු‍ටු ලොවක් Says:

    අදයි දන්නේ මම ඉපදිලා තියෙන්නේ ඉරිදාවක….එළ…

  9. ඉන්දික උපශාන්ත Says:

    මූ මන්තර ගුරුකං වත් කරන්නද මේ උපන්දින හොයන්නෙ?

    කුමාරිහාමිනං විසි පහෙන් උඩ! පුළුවන්නං කියන්න ගෙස් කොරාපු ක්‍රමෙ? (තාම බැරි උනේ කුමාරිහාමිගෙ ජෙන්ඩර් එක ගෙස් කොරගන්න විතරයි )

  10. ශානka Says:

    මචන් උඹ ඔච්චර වැඩ කාරය වෙච්ච එකේ ඔය නඩුකාරිගේ ගෙදරට බෙල් එකක් දාල දියන්කෝ දුක්‌ විඳින්නේ නැතුව.
    ඒක නෙමේ ෆ්ලෑෂ් වැඩ කෑල්ල මරු මචන්…

  11. කෝඩුකාරයා Says:

    එළම කිරි මචෝ……..උඹේ කෑල්ලෙන් බැලුව මම ඉපදිලා තියෙන්නෙ කවද්ද කියල.මම ඉපදිලා තියෙන්නෙ අඟහරුවාද….තැන්කූ මචෝ

  12. රූ Says:

    හරි සොක් වැඩ කෑල්ල…අද දිනේ දැම්මම දිනේ හරියටම කිව්වා…මාළුවා දස්සයා…

  13. හරී Says:

    හුඟ කාලෙකින් යසෝ කතාවක් සෙට් වුනේ….මමත් අඟහරුවාදා බන්…

  14. හිස් අහස Says:

    උඹ නම් මාර ෆ්ලෑෂ් වැඩ්ඩෙක් මචෝ . මේක බාගත්තා ෆෝන් එකට නම් හරි ගියේ නෑ බං . මොකද්ද මන්දා එරර් එකක් එනවා .. මගේ ෆෝන් එකට හරියන්නේ නැතුව ඇති

  15. ගිනිකුරුල්ලා Says:

    මල ජූලියයි…

    ආ හරි හරි මාළුවෝ මේක කියපු කෙනාව අංගොඩ යවන්න ඕනේ නෑ..

    -නිකන් මොකටද අහක යන තොප්පි දාගන්නේ-
    // බුකියේ කොමෙන්ටුව හා සබැඳි….

  16. මධුරංග Says:

    මම උපන්නේ සඳුදා දවසක කියලා තහවුරු කර ගත්තා.

  17. දොඩං Says:

    මේකෙ සිරාම වැඩේ කට්ටියට මග ඇරිල වගේ…ඇයි දෙයියනේ මූම කියල තියෙනව නේද..මේකෙං පෙබරවාරි 31ත් බලන්න පුළුවන් කියල..හැබෑම නේන්නං….Z score වගේ 😀

  18. කෙෂාන් විදුරංග (විද්දා) Says:

    The day of 50-05-1995
    Monday

    හික් මුගේ මහ අමන වැඩ තියෙන්නෙ යකෝ මාසෙට දින 30යි කියල ඕකට කියල දියං මැටිසන්…

  19. kamal Says:

    go to your computer “date and time setting” then you can peep to any year calender


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: