අම්මේ, සෙනසුරු මාරුව මට නම් හොඳයි….

මේ ලඟඳී දවසක අපේ තාත්තගේ අම්මගේ, පොඩි දුවගේ ලොකුම දුව එයාගේ මහත්තයත් එක්ක ආවා අපේ ගෙදර. ඒ කියන්නේ නෑදෑකමේ හිටියට ගත්තොත් මට වෙන්නේ අක්කයි අයියයිලු… ඇයි ඉතිං මං අපේ තාත්තගේ බිරිඳගේ ලොකු පුතානේ…. ඒක නිසා.

ඉතිං ඔන්න ඇවිල්ලා අක්කලාගේ පොඩි කෙල්ල මාගේ ලඟට වෙලා ලැපී දිහා බලාගෙන ඉන්නවා. මං බ්ලොග් කියවනවා. කෙල්ලක් අකුරු අමුන අමුන කියනවනවා. මං බැලුවා මේ වැඩේ හරියන්නේ නෑ… ඒ පාර බ්ලොග් කියවිල්ල පැත්තකට දැම්මා. නැත්තං මේ පොඩි එකා මෙව්වයේ තියෙන එව්වා දැකලා නරක් වුනොත් ඒ ක්‍රෙඩිට් එකත් එන්නේ මටනේ… කවදහරි කෙල්ල කියයි…. ලොකු මාමා තමා මට මේවා කියලා දුන්නේ කියලා… ඒක නිසා ඉතිං වහාම ක්‍රියාත්මක වන පරිදි බ්ලොග් කියවන මෙහෙයුම ෂට් ඩවුන් කරලා දැම්මා. මං ඇත්තටම හිතුවේ මං වැඩේ නැවැත්තුවම කෙල්ල යාවි කියලා… මොන… යන පාටක් නෑ… ඒ පාර ඒකිව ලඟින් තියාගෙන මාත් පොඩි එකා වගේ රියෝ බලන්න පටන් ගත්තා. මං හිතන්නේ මං ඒ රියෝ බැළුවේ ජයග්‍රාහී විසි වෙනි වතාවට විතර.

ඉතිං ඔහොම පොඩි එකියි මායි මූවි එක බලද්දී අක්කලා අපේ අම්මලා එක්ක කතා කර කර ඉන්නවා. මට ඇහුනා මේ දවස් වල ජාතික ගීය වගේ ප්ලේ වෙන අරාශ්ගේ බ්‍රෝකන් ඒන්ජල් ප්ලේ වෙනවා අක්කගේ හරි අයියගේ හරි ෆෝන් එකේ… ගෙදරින් වෙන්න ඇති කෝල් එක. පොඩි එකීව උස්සගෙන ගාල්ලේ ඉඳන් මෙහෙ ආවට තව ලොකු දෙන්නෙක් ගෙදර. ඉතිං ඔන්න කෝල් එක ඉවර වෙලා ආයෙමත් අම්මලා ලොකු කතාවක, මගුලක් හොයනවද දන්නෙත් නෑ….

පස්සේ ඉතිං කෝම හරි අක්කලා දවල්ට කනකනුත් මට කන්න විදියක් නෑ. පොඩි එකීව දාලා ලැපී ගාවින් හෙල වෙන්න බෑ. මේකිගේ වැඩේ අරහෙන් මෙහෙන් බට්න් ඔබන එක. ඒකත් හිමිං නම් කමක් නෑ… පස්සේ ඉතිං කරන්නම දෙයක් නැති තැන මාත් බඩගනින්න පැත්තක දාලා කෙලී එක්ක රියෝ බැලුවා. මේකි පොඩ්ඩක්වත් ස්කිප් කරන්න දෙන්නෙත් නෑ, ආයේ ආයේ… කිය කිය ඒ ටික බලන්න ඕනේ කියනවා. කොටි වල්ගේ අල්ල ගත්ත වගේ තමා ඉතිං.

දවල් දෙකට විතර අක්කලා කෑම කාලා එහෙම ඉවර වෙලා ආය පොඩි සතුටු සමීචියක ඉද්දී ආයෙම චයිනීස් ෆෝන් එක රිං වෙනවා. එව්වයේ සද්දෙ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඊට පස්සේ එක පාරටම අක්කා කලබල වෙලා වගේ අපේ අම්මට කියනවා ඇහුනා… නැන්දේ ලොකු පුතා ඉක්මනට එන්න කියනවා, මොකක් හරි කරදරයක්ද දන්නේ නෑ කියලා…

මමත් පොඩි එකීව තියලා ගියා බලන්න මොකද කේස් එක කියලා. නෑ මල්ලි විතරයක් කිව්වේ නෑ ඉක්මනට එන්න කිව්වා විතරයි…. කියලා තමා මටත් උත්තරේ හම්බුනේ.

පස්සේ පොඩි එකීවත් දඩ බඩ ගාලා ලෑස්ති කරගෙන අක්කයි අයියයි ආයෙම ගාලු යන්න පිටත් වුනා. ඊට පස්සේ රෑ හතට විතර ගෙදරට කෝල් එකක් ආවා. අපි හිතුවෙම අයියලාගේ ආච්චි සෙත්ත පෝච්චි තමා කියලා… අනේ… ඒ වුනාට අක්කා කතා කරලා කියපු දේට මට නම් පෝලොව පලාගෙන යන්න හිතුනා.

නෑ නැන්දේ … අපේ ලොකු එක්කෙනාට සෙනසුරු මාරුව හොඳයි කියන්නේ… කොල්ලට කෙල්ලෙක් සෙට් වෙලාලු.

බලන්න දැං හැදෙන එවුන්. ඌට කෙල්ලෙක් සෙට් වෙච්ච අම්මට කියන්නේ කෝල් එකක් දීලා. ඒ මදිවට අක්කලා ගෙදර යද්දී, ගෙදර බැලුම් බෝල එල්ලලා, උගේ යාළුවන්ට පාටියක්ලු.

මං වැරදිලා වත් අපේ අම්මට ඒ දවස් වල කිව්වනම් එහෙම “අම්මේ යශෝ මට….” කියලා… මට වහාම ක්‍රියාත්මක වෙන පරිදි පදිංචිය වෙනස් කරන්න වෙනවා.

 

44 Responses to “අම්මේ, සෙනසුරු මාරුව මට නම් හොඳයි….”

  1. පූසා Says:

    දැන් කාලේ වෙනස් බං…. යාළු උන ගමන් ගෙවල් දෙකං කතා කරගන්නේ 😀

  2. ශානka Says:

    අනේ කාලේ වනේ වාසේ කිව්වලු …. හිකිස්‌ ….
    සුබ නත්තලක් වේවා ඔබ සියලු දෙනාට ….

  3. ඔබ නොදු‍ටු ලොවක් Says:

    හප්පේ දැං හැදෙන එවුං…ඒකට අපි ඒ කාලේ..අම්මට කිව්වනං ඉතිං කියන්න වෙන්නේ බෝඩිමක් හොයාගෙන ….ඒ මදිවට මුං පාටිත් දානවනේ ලැජ්ජ නැතුව…හික් හික් හික් …

    ///ඔබ නොදුටු ලොවක් ලෝඩ් වෙන්න අම්බානෙට වෙලාවක් ගනී…//

  4. රූ Says:

    හික්ස්..ඒ කියන්නෙ මාළුවගෙ අම්මා තාම බ්ලොග් ලෝකෙ ප්‍රසිද්ධ “යශෝ“ ගැන දන්නැද්ද?

  5. හරී Says:

    මෙහෙමත් පුතාලා හා මෙහෙමත් අම්මලා……

  6. ඉන්දික උපශාන්ත Says:

    උඹෙ අලුත් ටෙම්ප්ලේට් එක අගෙයි! තව ටික කාලෙකින් මුන් ලිවින් ටුගෙදරතු වෙයි. හැබැයි කතාවෙ නියම කෑල්ල මේ නවීන ලෝකෙ සුද්දගෙ ක්‍රමේට උනත් ඌ කේන්දරේ ගලපල තීන ගැලපිල්ල!

  7. Kasun Chanaka Says:

    කාලෙ වෙනස්, තාලෙ අලුත් කියනවනේ මාළු අයියේ. දැන් නම් ගොඩක් වෙලාවට ඔය වගේ දේවල් බය නැතුව අම්මල තාත්තලාට කියනවා නේද. අයියෝ ඉතින් අපි කවුරු ගැන කියන්නද….. 😦

  8. ඕනයා (Dulip Sikurajapathy) Says:

    //අම්මලා ලොකු කතාවක, මගුලක් හොයනවද දන්නෙත් නෑ….//
    මේ අසිරිමත් නත්තලේ . . ඔබ පතන පැතුම් සියල්ල ඉ‍ටුවේවා . . .!!!!

    //ඒකිව ලඟින් තියාගෙන මාත් පොඩි එකා වගේ රියෝ බලන්න පටන් ගත්තා. //
    මල්ලි රියෝ කිවුවට ලැටින් වැලක් නේද පෙන්නුවෙ ???? පවු බොල පොඩි එවුං

  9. මධුරංග Says:

    මාත් ඒ දවස්වල කෙල්ලෙක් එක්ක යාළු උනාම ගෙදර නිකන් මඟුල් ගෙයක් වගේ උනා.
    මම නම් ආසයි පොඩි එවුන් එක්ක දවස ගෙවන්න. වෙලාව ගෙවෙනවා තේරෙන්නෙම නෑ. 🙂

  10. Weni Says:

    පටන් ගන්න ලව දිගටම කර ගෙන යනවා කියලා සුවර්ම නම් මෙහෙම ගෙදරට කියන එක තමා හොඳම !

  11. E-Porter Says:

    පිස්සු පීකුදු…. එහෙම මේවා අම්මට කියන්න ගියොත් නං ඉතිං කීයක් කියල කියන්නද…බැලුං නං කීයක් කියල එල්ලන්නද… පාටිනං කීයක් කියල දාන්නද….මේ අලුත හැදෙන උන්…. හයියෝ සල්ලි….. . මූ ඉස්ස ඉස්සෙල්ලාම ගලේවෙල ගියාමත් අම්මට කියල බැලුං එල්ලල පාටියක් දායිද දන්නෑ….ගූ හතයි……

  12. E-Porter Says:

    අඩෝ… පස්සෙ මීටර් උනෙ..” අම්මෙ යසෝ මට….*ක ඉරාගෙන ට්‍රයි කියලද….” *ක පලෙන්න හිනා ඌයි…උඹ බබා…..

  13. සෝරෝ Says:

    සික්… මට අම්මට කෝල් එකක් දෙන්න බැරි වුනා නේ…….. 😀

  14. පැණි දොඩම් Says:

    මොකද්ද මන්දා මුල කෑල්ල නං.
    “***** ** කාලේ කජ්ජේන පුහුලං“ කිව්වලු.

    ඒ කියන්නේ කජු ගෙඩිය යට පුහුලම හැදෙන කාලයක්…

  15. පැණි දොඩම් Says:

    මොකක් නමුත් හේතුවක් හන්ද මට මේක ෆලෝ වෙලා නෑනේ.. ගොඩක් මිස්වෙලා.. දැන් හරි.

  16. සිතුවම් Says:

    අනේ මන්ද බං මටනම් කියාගන්න ඕනි වයසෙදි අම්මලා අවුල්..කියාගන්න පුලුවන් වයස එනකොට ගෑණු අවුල්.හපෝයි..

  17. කෝඩුකාරයා Says:

    මදෑ කොලා…….අපේ ගෙදරට ඔහොම සීන් එකක් කිවුවොත් පදිංචිය වෙනස් කරල නවතින එකක් නෑ….


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: