සිවුර පො​රවගත්ත, නරි….

මහා සංඝරත්නයෙන් අවසරයි…! කියලා තමා පටන් ගන්න වෙන්නේ. නැත්තං මේක කිය‍වන එක කටකින් හරි කියවෙන්න පුළුවන් අපෝ මූ ඒ පාර හාමුදුරු වරුන්ටත් අපහස කරනවය කියලා. නැත්තං වල්ගේ පාගගෙන මගෙන් අහන එව්වට උත්තර දෙන්න මට ආයෙමත් අතීතෙට ගිහිං දිසාපාමොක්ගෙන් ඉගෙන ගෙන එන්න වෙනවා.

මේ කියන දේවල් හැම හාමුදුරු කෙනෙකුටම අදාල වෙන්නේ නෑ. අපි දන්නේ නැති වුනාට මේ සිරි ලංකාව ඇතුලේ තවමත් වන ගතව ජීවත් වෙන මාර්ග ඵල ලාභී හාමුදුරුවරු ඉන්නවා. ඒක නිසා මේක සංඝ ශාසනේටවත් බුද්ධ ශාසනේටවත් අගෞරවයක් වෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන තමා ලියන්නේ. කොටින්ම මේක ලියන්නේ බුදු දහම විකුන ගෙන කන, බොරු මැජික් පෙන්නන,  සිවුරු පෙරවන් ඉන්න නරි හැතිකරේත් එක්ක මගේ හිතේ තියෙන කේන්තිය නිවාගන්න.

හාමුදුරුවරු ඉන්නවනේ, ඒය අය මං දන්න තරමින් ඉන්නේ බෞද්ධ දර්ශනයේ උන්නතිය සඳහා වැඩ කටයුතු කරන්න. ඒ කියන්නේ තවත් අවුරුදු 2400ක් විතර අපේ බුදු දහම රැක ගන්න. බුදු හාමුදුරුවෝ කියලා තියෙන විදියට මේ ලෝකේ මේ වාරේ බුදු දහම රැඳෙන්නේ අවුරුදු 5000ක් විතරයි. ඊට පස්සේ පවතින්නේ හින්දු ආගම. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ධර්මය දේසනා කරන්න කලිනුත් මේ ලෝකේ වැඩියෙන්ම ප්‍රචලිත වෙලා තිබුනේ හින්දු ආගම. මේ සේරම දේවල් මං ඉගෙන ගත්තේ දහම් පසලෙන්. දැන් නම් දහම් පාසල් වල උගන්නන්නේ එහෙම්මද කියන්න මං දන්නේ නෑ… හිටි ගමන් විෂය කරුණුත් එක්ක සිලබස් වෙනස් වෙන රටක්නේ මේක.

ඉතිං ඔය හාමුදුවරු ගැන එක එක දේවල් එක එක වතාවන් වලදී අපිට අහන්න වෙනවා. ගොඩක් ඒවා මුලින්ම පටන් ගන්නේ බුදු දහමේ අනුහස් කියලා. ඒත් ඒ හැම දෙයක්ම තනිකරම පිරිසිදු සත්‍ය නෙවෙයි කියන එක අපිට දැනගන්නේ ලැබෙන්නේ ටික කාලෙකින්. ඒ හැම දෙයක්ම බෞද්ධ හාමුදුරුවරු විසින් තමන්ගේ මළු තර කරගන්න කරන දේවල් කියලයි මටනම් හිතෙන්නේ.

මට මතක මුල්ම තියෙන මුල්ම කතාව තමා නිකවැරටියේ පන්සලක බෝගහෙන් බුදුරැස් විහිදුන එක. වැඩිය ඕනේ නෑ ඒක බලන්න අපේ අම්මලා මාවත් උස්සගෙන ගියා තකහනියක්ම. මං නම් බුදුරැස් දැක්කේ නෑ. සමහර විට මං පුංචි නිසා වෙන්න ඇති. ඒකත් 18+ අයට විතරද දන්නෙ නෑනේ පේන්නේ. ඉතිං ටික දවසකින් ඒ කතාව බොරුවක් කියලා රටපුරා කතාවුනා. කොහොම හරි ඉතිං ඒ දවස් වල නොතේරුනාට දැන්නම් හිතෙනවා ඒ කතාව නිසා ඒ පන්සලට කොයිතරම් ආදායමක් ලැබෙන්න ඇතිද කියලා.

ආදායම ලැබුනට ඒකෙන් 99%ක්ම හාමුදුරුවන්ගේ පවුලේ අයගේ හා හිතවතුන්ගේ වැඩ වලට ඒ සල්ලි යෙදෙවුවොත් හාමුදුරුවන්ට නම් පින් සිද්ධ වෙයි, දානයක් දීම සම්බන්ධයෙන්. ඒත් සැදැහැවත් සිත් රවට්ටලා ඒ වගේ අපරාධයක් කරගත්ත එකටනම් අර පිං වගේ අනන්ත ප්‍රමාණයක පව්සිද්ධ වෙයි. ඇත්තටම මං නිකවැරටිය බෝගහේ සත්‍ය කතාව දැන ගත්තේ බොහොම මෑතකදී නිකවැරටියේම ඉන්නේ අම්ම දන්න කියන පවුලකින්.

අනිත් එක තමා දොලුකන්ද…. මං නොගියට අපේ ගමෙන් බස් කීයක් පුරෝගෙන පැන් කල අරගෙන කී දාහක් ගියාද දොලුකන්දට. රට වටෙන්ම කොයි තරම් පිරිසක් දිවා රෑ නොබලා ගියාද පිරිත් පැන් අරගෙන එන්න. ඒ මදිවට ලීටර් තිස්දාහේ වතුර බවුසර් කීයක් ලංකාව වටේ ගියාද පිරිත් පැන් බෙදන්න… අද කෝ ඒවා… පිරිත් පැනුත් නෑ, ඒවායෙන් සනීප වෙච්චි කෙනෙකුත් නෑ, හාමුදුරුවොත් නෑ. මං හිතන්නේ ඒ හාමුදුරුවොත් අපායේ කොහෙහරි හොඳ පොට් එකකින් ඉඩක් වෙන් කරගන්න ඇති. ඒ අතරේ හාමුදුරුවන්ගේ වටේ පිටේ නෑදෑයොන්ට, උදවු කරන මුදලාලිලට, එයාලගේ නෝනලට එහෙම වෙන වෙනම ඒ හම්බුන ආධාර බෙදෙන්න ඇති. මොකද අද වෙනකං ඒ පන්සල නගා සිටුවන්න ඒ ආධාර යොදා ගත්තා කියලා සාධු කාර දෙන කිසිම කෙනෙක් නැති නිසා.

ඊට පස්සේත් කිහිපයක් තිබුනත් ඒ ඔක්කොම පැත්තක දාලා මෑතකදී වෙච්ච දේ බලමු. පිටිදූවේ සිරිධම්ම… දැන් ඉතිං ඒ හාමුදුවරුවන්ට මොනා කිව්වත් කමක් නෑනේ… උන්නාන්සේ අපවත් වෙලානේ. මං පුංචි කාලේ දහම් පාසලේදි ඉගෙන ගත්ත විදියට කිසියම් මාර්ග ඵලයක් ලබපු උත්තමයෙක් ඒ බව අනුන්ට කියන්න යන්නේ නෑ. මොකද එහෙම තමන්ගේ තත්ත්වය අනිත් අයට කියලා, ඒ මිනිස්සු අතර කැපී පෙනෙන්න වගේම ගරු සැලකිලි ලබාගන්න තරම් පහත් මානසික මට්ටමක්, විකෘති ආශාවක් මාර්ගඵල ලාභීන්ට නැති නිසා.

ඒ වගේම මාර්ග ඵලයකට පත්වුනා කියලා සිවුරේ පාට වෙනස් කරන්න ඕනේ කියලා දෙයක් ගැන මං දන්නේ නෑ. සමහරවිට අර කලින් කිවුවත් වගේ සිලබස් වෙනස් වෙලාද දන්නේ නැහැනේ. අනික ඉතිං සිවුරේ පාට වෙනස් කරලා වාහනෙත් වෙනස් කරන්න ඕනෙයි…

ඒ වගේම තමන්ට හම්බුන මාර්ග ඵලේ ගැන මාර්ග ඵල ලබපු අය කියවන්න යන්නේ නැත්තේ ඒ ගැන සාමාන්‍ය අයට නොවැටහෙන නිසා වගේම, ඒ මාර්ග ඵලය තමන්ට මිල කල නොහැකි තරම් වටින නිසා. මොකද දැන් අයට මාර්ග ඵලය, සල්ලි නිසා, යටට ඇඳලා අහවල් එකට අඟල් දෙක තුනක් පහලට විතරක් වෙනකන් රෙද්දක් ඇඳගෙන කකුල් දෙකට වීට් සත්කාරය දීලා දිලිසි දිලිසි එන ගෑණූ නිසා නිකංම ලැබුන වුනාට සැබැවින්ම බුදු දහමට අනුව මාර්ග ඵල ලබාගන්ත උත්තමයෙක් කාපු කට්ට ගැන අපිට විස්තර කරන්න දන්නේ නෑ. කොටින්ම අපේ පටු මානසිකත්වයට ඒ වගේ බැරෑරුම් දේවල් තේරුම්  ගන්න බෑ.

ඉතිං මේකත් දැන් එක් තරා රැල්ලක් වෙලා තියෙන්නේ. එක එක කාලෙට මැජික් පෙන්නගෙන හාමුදුවරු එනවා යනවා. මතක ඇතිනේ දැනට අවුරුද්දකට දෙකකට විතර කලින් සිරා හාමුදුරුනමක් පට්ට බන වගයක් කිව්වා. අර ගෑණුන්ගේ බුරියේ එල්ලන, ටාං ටාං ගාලා සද්දේ එන ගෙජ්ජියක් ගැන එහෙම.ඒ හාමුදුරුවන්ගේ බන අහලා හිත් පහදවා ගත්ත කෙනෙක් නැති වුනාට ඒ කතා අහල ආතල් එකක් ගත්ත උපාසක උපාසිකාවෝ නම් ඕනේ තරම් ඉන්නවා. පන්සල් කීයකින් ඒ හාමුදුරුවන්ට ආරාධනා කරන්න ඇතිද… වඩින්න ස්වාමීනි, වඩින්න… අපේ උපාසක නෝනලා මහත්තරුන්ට පැය දෙකකට කනට පොඩි ආතල් එකක් දෙන්න කියලා… අපේ ගෙවල් අවටත් පන්සල් දෙකකටම වැඩියා. මං ගියෙ නැති වුනාට ගිය අය රෙකෝඩ් කර ගත්තු එව්වැයින් තමා මාත් දැනගත්තේ ගැහැනු අයගේ නැව නවත්තන වරාය ගැන එහෙම.

තව මේ වගේ සිද්ධි සෑහෙන්න ඇති. එව්වත් මීට දෙවෙනි නෑ. මොනා වුනත් මේ යන විදියටනම් අවුරුදු තව අවුරුදු 2400ක් තියා 1000ක් වත් තිබුනොත් ලොකු දෙයක්. මොකද දැනට බුදු දහමට වැඩියෙන්ම හානි කරන්නේ බුදු දහම තමන්ගේ, පවුලේ හා අවට හිතවතුන්ගේ යැපීම් මාර්ගය කරගත්ත මේ වගේ අලුගුත්තේරු හැත්තක් නිසා. මහ ලොකුවට බෞද්ධයෝ කෑගහනවා, අපිට වෙනත් ආගම් වලට එන්න කියලා බල කරනවය, අරක කරනවය මේක කරනවය කියලා… ඒත් ක බෞද්ධයෙක් කෑගහනවද… අපිට බුදු දහම නැති කරන මේ වගේ හොරුන්ගේ සිවුරු ගලවලා ශාසනෙන් නෙරපන්න කියලා…

මට නම් ඇහිලා නෑ…. ඔයාලට ඇහිලා තියෙනවද එහෙම කියනවා…?

කොහොම නමුත් සැබෑවටම යහපත් හාමුදුවරු ඉන්න නිසා අපිට මැරෙන්න මොහොතකට කලින් හරි බණ පදයක් අහන්න ඕනේ වුනොත් හිතේ සතුටින් ඒ අවස්ථාව තාමත් උදාකරගන්න පුළුවන් එක ගැන සතුටුයි…

මේ වගේ හොරු නිසා කොහොමත් අනිත් ආගම් වපුරන අයට තමන්ගේ වැඩේ කරගන්න මහ ලොකු අමාරුවක් වෙන එකක් නෑ. අන්තිමේ කොහොම හරි මේ වගේ සුළු පිරිසක් නිසා වෙන්නේ ඇත්තටම පන්සිල් රැකගෙන ධර්මයට අනුව ජීවත් වෙන ස්වාමීන් වහන්සේලාටත් පන්සල් අතෑරලා කැලෑවට යන්න වෙන එක. එතෙනත් ප්‍රශ්නයක්නේ… කෝ යන්න කැලෑ…??? කොහොමහරි මට නම් හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වට වැඩිය ඉක්මනට බුදු දහම මේ ලෝකෙන් නැති වෙයි වගේ මේ වගේ සල්ලි වලට මාර්ග ඵල ලබාගන්න හාමුදුරුවරු නිසා හා බොරු මැජික් කාරයෝ නිසා.

එයලා හිතාගෙන ඉන්නේ, කොම්පියුටර් ගේම් එකක චීට් කෝඩ් යූස් කරලා ගේම් එක ඉවර කරනවා වගේ කියලද දන්නේ නෑ සංසාර චක්කරේ ඉවර කරනවා කියන එකත්…! 😀 

 

Advertisements

58 Responses to “සිවුර පො​රවගත්ත, නරි….”

  1. පන්සල් හංදිය Says:

    දැන් ඉතිං කාඨාසණ්ඨක කියන අන්තිම ශ්‍රාවකයා ඉපදෙන්න කිට්ටුයි බං ඒකයි ඔය පිස්සු කෙලින්නෙ ………
    අනික් රටවල් බුද්ධාගම වැලඳ ගනිද්දි, ලංකාව මොන අතකට යන්න හදනවද මන්දා …….

    • ගෝල්ඩ් fish Says:

      තව පරම් පරා ගානකින් දැන් තියෙන ​චෛත්‍ය එහෙම ඔක්කොම පරන නටඹුන් වෙලා යයි අයියේ…

  2. maathalan Says:

    කොමෙන්ට් කරන්න දෙයක් නෑ. කියන්න ඕන ඔක්කොම කියලා තියෙන්නේ.

  3. විසිතුරු | visituru Says:

    අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කියනවනේ

  4. සෝරෝ Says:

    යකෝ හාන්දුරුවොන්ට එක එක ඒවා කියන්නෙපා හරිය…. 😀

  5. අකීකරුහිත Says:

    තව ඉස්සරහට මොනවයින් මොනව වෙයිද දන්නේ නෑ….

  6. වර්ණා Says:

    හ්ම්ම් මම උපතින් කතෝලික. එත බුදු දහමට ගොඩාක් ගරු කරනවා. මමත් ගොඩාක් දැකලා තියෙනවා ඔය වගේ දේවල්. අපේ කතෝලික පියතුමන්ලගේත් ඔය දේවල් තියෙනවා. මනුස්ස්ස ගතිය.

    • ගෝල්ඩ් fish Says:

      සාමාන්‍යයෙන් රැවටිල්ලට අහුවෙන එකත් මනුස්ස ගතියනේ… හැබැයි ඔය ආගම් පිටින් දාලා කරන ජරා වැඩ වලට නම් දඬුවම් ලැබෙනවා…

  7. සාතන් Says:

    අනාගත ශාස්තෘන්වහන්සේලට අපහාස කරන්න එපා යකෝ… පව් සිද්ධ වෙයි 😉

  8. ශානka Says:

    මචන් අර කිව්වත් වගේ මමත් පොඩි කලේ අපේ අම්මල මාව උස්සගෙන ගියා නිකවැරටියේ බුදුරැස් බලන්න.
    අර කිව්වත් වගේ තව අවුරුදු 2500 බුදු දහම පවතීද කියන එක ඔක්කොටම ප්‍රශ්නයක්.

    නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි…
    නමස්කාර වේවා දම් රුවනට සැමදා සඳහම් සරණ යමි…
    නමස්කාර වේවා සඟ රුවනට සැමදා මහ සඟ සරණ යමි…
    නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි…

    ලෝභ ද්වේෂය මෝහ – සිතක හටගත් විටෙක
    සතුරා ය එය ඔහුට – විපතක් ය එය ලොවට
    ඒ සියලු කෙලෙසුන් ම – සහ මුලින් වනසන්ට
    බුදුන් දෙසූ මේ දහම – සැබැවින් ම බලවත් ය

    දැන උගත් පමණකින් – කැමති වූ පමණකින්
    පරපුරෙන් පැවත ආ – දෙය ගත්ත පමණකින්
    ලොවේ පරසිදු කෙනෙක් – එය කිව්ව පමණකින්
    ලෝභ ද්වේෂය මෝහ – කිසි දිනෙක නැති නොවේ

    එනිසා ම නැණවතා – බුදුන් දෙසූ දම් අසා
    සොඳින් කෝවෙහි දමා – රනක් සෝදන ලෙසින්
    තමා තුළ උපදවා – සිල් සමාහිත නුවණ
    නසයි අකුසල් සියලු – ලබයි ඒ අම නිවන

    • ගෝල්ඩ් fish Says:

      ඔය බුදුරැස් ඕනේ ගහක බලාගන්න පුළුවන් බං උදේ වරුවෙදි. ඒක ආ​ලෝක වර්තන සංසිද්ධි එක්ක ඇඳුන විද්‍යාත්මක දෙයක් තියෙන්නේ

    • supun Says:

      සාදු සාදු සාදු!!!

      • ගෝල්ඩ් fish Says:

        🙂

  9. E-Porter Says:

    ආගම, සිවුර, මාර්ගපලේ…..අනේ මන්දා……. ලබ්ධියත් එක්ක තර්කෙ ගෝචර නෑනෙ…….පරිනාමවාදය ඔප්පුකළ ඩාවිනුත් දෙවියන් වහන්සේ මිනිසා මැවූ සේක කිව්වනෙ… පල්ලියෙදි…….ආගම අබිං…. තරහ අවසර…ඒහෝ මේ ආගම් නෙමෙයි මේ සියලු ආගමික නායකයින් සහ මේ පච ආගම් වපුරන එවුන්ට ගහල පන්නන ඕනෙ..මිනිස්සුංව අන්දනවට……

    • ගෝල්ඩ් fish Says:

      අන්දන එවුන්ට කලින් අන්දන්න පුළුවන් වෙන්න වාතාවරණය හදන එවුන්ට නෙලන්න ඕනේ…

  10. praveena Says:

    අද නම් ටිකක් හිතන්ට ඕනි ලිපියක් ලියලා තියෙන්නේ…

  11. රූ Says:

    අදනම් කවදාටමත් වැඩිය හිතන්න දෙයක් පෝස්ටුවෙ තියනවා මලේ..
    ඒත් පොඩි ප්‍රශ්නයක්..ආගමක් පරිණාමය වෙන්නේ අනුගාමිකයන්ගේ ඕනෑ එපාකම් මත.. මේ විදිහට හාමුදුරුවරු වෙනස්වෙන්නේ ඉල්ලුම තියෙන විදිහට.ඒ අනුව අපිටත් වගකීමක් තියනවා හාමුදුරුවන්ට අවබොධ කරලා දෙන්න නැත්නම් ප්‍රතික්ෂේප කරන්න.
    පුදුම වෙයිද මන්දා තාමත් බුදු දහම හරියට පිළිපැදලා මාර්ගඵල වලට පත්වුනු ස්වාමීන් වහන්සේලා තාමත් වැඩ ඉන්නවා..සොයන්නන්ට තමයි හම්බ වෙන්නෙ… අනිත් එක තමා බුදු දහම තියෙන්නෙ සැදැහැවත් නුවණැති කුල පුත්‍රයන්ට..රටේ හැමෝටම නෙවි…
    ස්තුතිය් වෙනස් දෙයකට මග පෙන්නුවට…

    • ගෝල්ඩ් fish Says:

      අක්කා හිතනවද අපි වගේ පොඩි එවුන් හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කලාට, ලොකු ලොකු පොරවල් හාමුදුරුවන්ව ප්‍රතික්ෂේප කරයි කියලා. ඒ අය හාමුදුරුවන්ව තමා ආයුධ විදියට පාවිච්චා කරන්නේ… කොටින්ම ගොට්ටෝ කරගෙන ඉන්නේ… අපි ප්‍රතික්ෂේප කලොත් අපිව ප්‍රතික්ෂේප වෙලා බ්ලැක් ලිස්ට් වෙලාම තමා නතර වෙන්නේ…

  12. Praසන්ன Says:

    හෙට අනිද්ද වෙනකොට රහත් විච්ච කට්ටියත් එයිද දන්නෑ..

    • ගෝල්ඩ් fish Says:

      දැන්නම ඉන්නවද දන්නෙත් නැහැ… ඇයි ගාල්ල පැත්තේ බුදු වෙච්ච අයත් හිටියේ…

      • Ieam Noon Says:

        මාත් ගාල්ලේ. ඒ පෙරේතයා බුදු වෙලා කීවම මෝඩ මිනිස්සුත් ගිහින් ඒකගෙන් බුදුරැස් විහිදෙනවා කියල කිව්වා කියලා ආරංචියක් අවා…

      • ගෝල්ඩ් fish Says:

        ඔය වගේ එවුන් කොච්චරක් තව ඇත්ද

  13. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    අඩෝ . . . උඹ අපේ සමන්ත බඩ්ඩ හාමුදුරුවන්ට එක එක ඒව කියන්න එපා හරිද . . . .

  14. Observer Says:

    හිකිස්… මාළුව ආනන්තරිය පාප කර්මයක් වත් කොර ගත්තද මන්ද මේ පෝස්ට් එක ලියල

  15. Itnishantha Says:

    මගේ හිතේ තිබුනට ලියාගන්න බැරි උනදේ උඹ කොහොමද හරියටම ලීවේ ඔන්න එහෙනම් මේකත් මගේ බ්ලොගේ ”
    මට හිතුන දේ මේ ගොල්ලෝ ලියලා…! මගේ වගේ කියවලා යන්න.”
    තැනට දැම්ම කමක් නැ නොවැ.

  16. kathandarakaraya Says:

    GS නම් මැරිලත් වැඩ!

  17. ගිනි කුරුල්ලා Says:

    මචන් කාගෙන් බේරීලා මොන මගඩි නැටුවත් කර්මය කියන එකෙන් බේරෙන්න බෑනේ.. අන්න ඒ හින්දා තමයි ඔය පට්ට බේගල් ඇදගෙන නටන හැමෝගෙම ටික කලකින් රෙදි ගැලවිලා යන්නේ….

  18. ඉන්දික උපශාන්ත Says:

    රත්වෙන තෙක් දිය සැලියේ,
    සැපයක් යැයි කකුළුව දිය කෙළියේ…

  19. Gayan Rupasinghe (සිංහයා) Says:

    ලිපියට මුලික වුනු හේතුව දනිමි.. ඔය අහවල් ස්වාමීන් වහන්සේ ගාල්ලේ ඉදලා කොලබ ගෙන්න වලි කාපු සෙට් එකේ මමත් උන්නා,, අපේ කණ්ඩායමේ නායකයා උනේ වර්තමානයේ ප්‍රසිද්ද ජායා රූප ශිල්පියෙක්.. කට්ටිය එක්ක ඒක දවසක් ගාල්ලේ ඉදලා කොලබ ට තුන පාරක් ආවා ගියා අවසරයක් ගන්න,, එහෙව් කට්ටක් කාලා කොලබ ගෙනාවම ඒ ගෙනාව උන්ට සලකන විදිහක් තියෙනවා,, එදා අපට සලකපු විදිහෙන්ම දන ගත්තා මේකා කෙලගන්නවා කියලා ලගදීම.. ඔය ජායාරුප ශිල්පී අයියා සහ එකල උන් දායක මණ්ඩලය අරන් දුන්නු කාර් රථය ත් ඔවුන්ට නොදන්වා විකුනපු පොරක් තමයි දැන් ඔය මාර්ග පල ලැබුවාය කියන්නේ,,, බලපාන තව ටිකක් කල් යනකොට ඔය උත්තමයට වෙන දේ,,

    ජය,,

    • ගෝල්ඩ් fish Says:

      උත්තමයට මොනා වෙන්නද බං, තව ටික දවසකින් සල්ලි වලින් රහත් වෙයි…

  20. Miyuru Says:

    බොහොම ස්තුතියි මේ පෝස්ට් එකට…

  21. Kasun Chanaka Says:

    කතා කරලා වැඩක් නෑ මාළු අයියේ. අපි හැමදාම අහුවෙනවා. පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවොන්ට නම් මම පුදුම විදියට ගෞරව කළා. ඒ අදහස් වලට වචන වලට අපි බොහොම ආසාවෙන් ඇහුන්කන් දුන්නා. අන්තිමට බලනකොට ඒකත් කලින් කතාවම තමයි.

    • ගෝල්ඩ් fish Says:

      මමත් අනිත් ධර්ම දේශනා ඇහුවේ නැති වුනාට ඒ හාමුදුරුවන්ගේ ඒවා ඇහුවා බං. මටත් අම්බානෙට දුකයි එහෙම වටින කෙනෙක් සල්ලි නිසා නැතිවෙච්ච එකට.

      • කෙෂාන් විදුරංග (විද්දා) Says:

        ඒ බං පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවො අපවත් වෙලාද? කොහොමද අපවත් උනේ කියල කියහං.. මටත් පට්ට දුකයි.. මට මේ සීන් එක තාම හිතා ගන්න බෑ.. මේ වගේ හාමුදුරු කෙනෙක් අපවත් උනාද කියලත්…

      • ගෝල්ඩ් fish Says:

        උඹ බබා…

  22. Alchemiya Says:

    සැටිපිකේට් ටෘත්….
    මේක කවුරුවත් නොදන්න කතාවක්….

    ඔය සිරිධම්ම හාමුදුරුවො ඇමරිකාවෙ ආපු වෙලාවෙ මාත් එක්ක කතා කළා ආචාර්ය උපාධියක් ගැන….
    මමත් හිතන් උන්නෙ හරි හොඳ කෙනෙක් කියලා… සමහර බණ නම් මටත් හිතට අල්ලලා ගියා… මොකද විස්තර කරන විදිය අනුව… ඒකයි මම මගේ කතාවෙදිත් කිවුවෙ සමහර අයට ඒක තේරෙන්නෙ නැහැ කියලා… ඒක වෙනම කතාවක්…

    මාත් එක්ක කතා කරන අතරේ මෙයා මගෙන් ඇහුවා ක්‍ෂුද්‍ර ජීව විද්‍යාවෙන් (Microbiology) ආචාර්ය උපාධියක් කරන්න කැමැත්තක් තියෙනවා කියලා… මම උඩ ගියා…. රසායන විද්‍යාවෙන් ආචාර්ය උපාධියක් කරන්න හාමුදුරු කෙනෙකුට බැහැ.. ඒකෙ තියෙන දේවල්. ළමයි එක්ක වැඩ කරන කටයුතු, ලැබ් වල වැඩ ආදිය හාමුදුරු කෙනෙකුට කරන්න බැහැ.. (හාමුදුරු කෙනෙක්ගෙ වුනත් සීලෙ කැඩෙනවනේ සමහර වෙලාවල් වලට….ගෑණු ලමයි එක්ක වැඩ කරන්න ගියාම— ඒක වෙනම කතාවක්.. ඕවා ගැන ඉතිං අපි වැඩිදුර කතා කරන්න ඕන නැහැ….)
    ඒ විතරක් නෙවෙයි… ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව හාමුදුරු කෙනෙකුට කොහොමත්ම කරන්න බැහැ.. සත්තු මැරෙනවා නේ. සත්තුත් මේ පර්යේෂණ වලට ගන්නව නේ.. ඒ වගේ හේතු නිසා…
    මම ඉතිං විස්තර ටිකක් හොයලා දුන්නා… නමුත් ඊට පස්සෙ මාව සම්බන්ධ කරගත්තෙ නෑ…
    මම හිතන්නෙ නං අර ලංකාවෙන් ආවට පස්සේ වැඩේ හරි නොගියා නං මෙහේ ආචාර්ය උපාධියකට සෙට් වෙන්නයි බලාපොරොත්තුව තියෙන්න ඇත්තෙ….

    • ගෝල්ඩ් fish Says:

      අයියේ…. මං දන්න තරමින් නම් හාමුදුරුවෝ කැළණිය යුනියේ මයික්‍රො කරපු කෙනෙක්….

      • Alchemiya Says:

        ඔව් ඔව්….
        ඒ නිසා තමයි තරමක් විද්‍යාව පැත්තෙන් බුදු දහම විග්‍රහ කරන්න දන්නෙ…..

  23. dinesh umagiliya Says:

    යුරෝපා වගේ රටවලුත් දැං දැං බුදු දහම ගැන පැහැදෙද්දි අවුරුදු 2500ක් තිස්සේ බුදු දහම ආරක්ෂා කරන් ආපු අපේ රටේ වෙන දෙවල් නම් හරිම වැරදියි..

  24. කස්සා Says:

    කතාව සහතික ඇත්ත.දැන් වෙලා තියෙන්නේ හරි කෙනා කවුද? වැරදි කෙනා කවුද කියල හොයාගන්න බැරි එක.හැබැයි මෙහෙම ගියොත් බුදුදහම ඉක්මනින්ම පිරිහිලා යයි මචන්

  25. මධුරංග Says:

    සහතික ඇත්ත කතාවක් අයියා. 🙂

  26. Ieam Noon Says:

    සිරාම ලිපිය බං.උබ මේ වගේ ඒවා ගැන උනන්දු වෙනවා කියල මං කලින් හිතුවේ නෑ.එල මචං…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: