සීනියර් ඉංජිනේරු මහත්තයාගේ වතුර බෝතලේ…

ඉංජිනේරුවෝ වුනත් ඉතිං වතුර තිබහ හැදෙනවනේ. එත‍කොට එයාලා බොන්නෙත් අපි බොන වතුරම තමා. ඒ වුනාට ටිකක් අමුතු ඉංජිනේරුවෙක් ඉන්නවා අපේ ෆැක්ටරියේ. පොරගේ සර්විස් එක අවුරුදු පහලොවකට වැඩියි, අපේ කම්පැනි නෙට් වර්ක් ඇතුලේ විතරක්. ඒකනේ එයාට සීනියර් ඉංජිනියර් කියන්නේ.

ඉතිං මට දවසක් දා පොර නැති වෙලාවක යන්න වුනා මෑන්ගේ කාමරේට. ඒ යන්න වුනේ පොරගේ ඒ.සී මැසිම සර්විස් කරන්න කියලා කට්ටියක් ඇවිත් හිටිය නිසා කාමරේ ඇරලා ඒ වැඩ ටික ඉවර වෙනකං කම්පැනියේ කෙනෙක් පොඩ්ඩක් රැ‍ඳෙන්න ඕනේ නිසා. පස්සේ ඉතිං සර්විස් එකට ආපු කට්ටියයි මමයි ගිහිං වැඩේ පටන් ගත්තා. මට එතෙන කරන්න වැඩක් නැති නිසා ඒ.සි එක ගලවල සර්විස් කරන දිහා බලාගෙන මාත් ලඟ තිබ්බ පුටුවකට වෙලා වාඩි වෙලා ඉන්නවා. ඔහොම ඉද්දි ඉතිං සිනියර් ඉංජිනේරු මහත්තයාගේ මේසෙ උඩත් නිකමට වගේ බැළුනා.

ඒකෙ ලස්සන…..! හරියට නිකං දුම්බර පැදුරක් වගේ. එක එක පැත්තට එක එක පාට එක එක ජාතියේ කඩදාසි වලින් පිරිලා. මොනා වුනත් පොර හොඳ කලා ඇසක් තියෙන පොරක්. නැත්තං කවදාවත් ඒ වගේ රටාවක් මවන්න ඇහැකි මොන දෙවියන්ටද. ඊට පස්සේ මාත්… හ්ම්… කියලා සුසුමක් පිටකරන ගමන්ම බැළුවා මේසෙ කෙරෝලේ තියෙන එක එක අයිටම් දිහා. මෙයා ඉතිං ඉංජිනේරුවෙක්නේ, ඒක නිසා අර කඩදාසි වලට උඩින් එක එක විදියේ යකඩ කෑලි, එත‍කොට එක එක අයිටම් වල ප්ලාස්ටික් ප්‍රොටෝ ටයිප් අයිටම් කෑලි එහෙම හැම තැනම. ඒ අස්සෙන් තියෙනවා වීදුරු බෝතලේකුත්. ඒක තමා පොරගේ වතුර බෝතලේ.

ඒක නිකංම නිකං ප්ලේන් වීදුරුවෙන් හදපු අරක්කු බෝතලයක් වෙන්න ඕනේ. හැබැයි බෝතලේ අඩිය හරියේ ලස්සන කොල පාටක් වැටිලා තිබුනා. මං හිතුවේ මේසේ හැටියට කොල පාට කඩදාසියක්වත් බෝතලේට යට වෙලා වෙන්න ඇති කියලා… මාර ලස්සන කලර් ඉෆෙක්ට් එකක් ඒක. පස්සේ ඉතිං තව ටිකක් කිට්ටු කරලා බැළුවා.

අප්පච්චියේ… ඒක කලර් ඉෆෙක්ට් එකක් නෙමේ… බෝ‍තලේ අඩියේ දිය සෙවෙල බැඳිලා…  

මට එවෙලේ ඇතිවෙච්ච අප්පිරියාව ටික දවසක් යනකං තිබුනා. එදායින් පස්සේ අනිත් වතුර බෝතල් දකිද්දිත් මං බලන්නේ අඩියේ දිය සෙවෙල තියෙනවද කියලා. කොහොම කොහොම හරි ඔය විදියට සතියක් විතර ගියා. මං ඉතිං ඔය සීන් එක ගිහිං අපේ බොස්ටත් කිව්වා. මෙන්න පොර ඉංජිනේරු මහත්තයාගෙන්  මං ඉන්න තැනම දවසක් දා ඇහුවා දිය සෙවෙල බෝතලේ සීන් එක….

ඔන්න සිනියර් ඉංජිනේරු මහත්තයා කියනවා…

ආහ්… ඒ දියසෙවෙල නෙමේ…  ඖෂධීය ගුණයක් තියෙන ඇල්ගී වර්ගයක්…!

අනේ ඉතිං කාට කියන්නද… මායි බොසයි කට වහගෙන… හ්ම්…. කියලා නිකං හිටියා. පස්සේ ඉතිං නිකමට අහෙන් මෙහෙන් විපරම් කරලා බලද්දී සිනියර් ඉංජිනේරු මහත්තයා බෝත‍ලේ මාරු කරලා. ඇයි ඉතිං කියන්න බැහැනේ… තව කවුරු දැකලා ඖෂධීය ඇල්ගී වලට විහිළු කලොත් එහෙම දිය සෙවෙල කියලා…..!

ඒකත් නිකං අර ප්ලේන්ටි හත්ත වගේ එකක් වෙන්ඩ ඇති මයෙ හිතේ…

51 Responses to “සීනියර් ඉංජිනේරු මහත්තයාගේ වතුර බෝතලේ…”

  1. ශානි Says:

    අනුන්ගේ එව්වාට හොම්බ දාන එක කැත පුරුද්දක් ඈ මාළුවෝ 😉

  2. ශානි Says:

    හා හා එකයි දෙකයි දෙකම මම 😉

  3. විසිතුරු | visituru Says:

    ශෙහ්! කැත පුරුද්ද අතාරින්නෙ නෑ!

  4. මයියා Says:

    හැම ඉංජම දිය සෙවල බැදිච්ච බෝතල් පාවිච්චි නොකරති…
    දිය සෙවල බැදිච්ච බෝතල් පාවිච්චි කරන හැම එකාම ඉංජෝද නොවේති

    ගණං වලින්ම කියනව නම් මේවා එකිනෙක ස්වායත්ත සිද්ධි..හැබැයි අන්්‍යොන්‍ය වශයෙන් බහිශ්කාර නොවේ…..

  5. maathalan Says:

    උදේ පාන්දර සෙවල කතාවක් නේ දාලා තියෙන්නේ.. හෙහ් හෙහ්…

  6. නලින්-සමනලුන්ට වෙඩිතියන්න Says:

    සීනියර් ඉංජිනියර්ට දිය සෙවෙල,ඖෂධීය ඇල්ගී වර්ගයක් වෙන්ටඇති.

  7. හිස් අහස Says:

    ඕක මොකද්ද බං අපේ මුලින් හිටපු ගෙදර තිබුනු වතුර බොන ලිඳේ ගෙමොබෝ සමග දිය බරියෝ බොහොම සතුටෙන් ජීවත් වුණේ !

    ඔය දියසෙවෙල් ජුංඩ මොකක්ද ?

  8. praveena Says:

    //ඉංජිනේරුවෝ වුනත් ඉතිං වතුර තිබහ හැදෙනවනේ. //
    හැබෑට ??? අදනේ දන්නේ…..:D

  9. ගිනි කුරුල්ලා Says:

    ෂුවර් එකටම ඕකේ දිය සෙවල විතරමද තිබුනේ? මාළු පැටව් එහෙම හිටියේ නැද්ද?
    //හික්… ඉංජා සීනීයර් නේ බන්. ඉතින් අධික වැඩ කන්දරාවට බෝතලේ හෝදන්න වත් වෙලාවක් නැතුව ඇති…. 😛

  10. Chanaka Says:

    ඔච්චර කියන්නෙ උඹත් හදාගනින්කො ඔය

    ” ඖෂධීය ගුණයක් තියෙන ඇල්ගී වර්ගයක්…!”

  11. පන්සල් හංදිය Says:

    හිහ් .. හිහ් ….
    එහෙනං දියසෙවෙලත් ඖෂධීය ඇල්ගී උනා ………
    උඹත් අනුන්ගේ දෙගල් අස්සෙ රිංගලා මොකක් හරි ඕපයක් හොයාගෙන එනවා නේද බං ……..

  12. Gayan Rupasinghe (සිංහයා) Says:

    හික් හික්. අපේ මාළුවාගේ වතුර බෝතලේ ඉස් ගෙඩි පැටව් එහෙමත් ඉන්නවලු…

    ජය..

  13. Praසන්ன Says:

    ඇත්තද බං උඹේ වතුර බෝතලේ ඩෙංගු මදුරු කීටයො ඉන්නවයි කියන්නෙ.

  14. sevini Says:

    ane maluwo wirasaka hadawath walatath rasa danena nisa waraddak nane kiyeuwata……………

  15. Observer Says:

    මාළු ටැංකියෙ පතුල චෙක් කලාද ළඟකකදී?

  16. henryblogwalker Says:

    මාලු උඹේ අම්මා, එතකොට යසෝදරා, එතකොට නඩුකාරී කියන කෂ්ටියම බ්ලොග් කියවන්නෙ නැති නිසා උඹ බේරිලා හිටියට, මේ ඉන්ජා බ්ලොග් කියවන්නෙ නැති බව සහතිකේටම දන්නෙ කොහොමද?
    henryblogwalker the Dude

  17. henryblogwalker Says:

    ඒකත් යකාගෙ ඉන්ජෙක්නෙ බලාගෙන ගියාම.
    henryblogwalker the Dude

  18. රූ Says:

    මාළුවගෙ ටැංකියෙ වතුරටික අතින්ම අරන්දාලා ඉවරකරන සීන් එකක් ළඟදි වුනොත් අපිටත් කියන්න..අපි එන්නම් බේරගන්න..හික්ස්..

  19. ලොකු ජෝන් Says:

    ගෝල්ඩ් Fish දියසෙවල වලට අකමැතියි කියලා මම අදනෙ දන්නෙ

  20. මධුරංග Says:

    ඒ කියන්නේ ඉංජිනේරුවෝ බොන්නේ දිය සෙවල වතුර ද ?
    අම්මෝ. බඩේ ගාය හැදිලා නතර උනොත් ඇති.

  21. ඔබ නොදු‍ටු ලොවක් Says:

    මිනිහගේ වැඩ කන්දරාව එක්ක අමතක වෙනව ඇති බෝතලේ හෝදන්න,පව් …

  22. pissa palaamalla Says:

    උඹට තිබ්බෙ පොඩ්ඩක් බීල බලන්න මොනව උනත් හික් හික්


හිස් අහස වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: