ඉස්සර ස්කෝලෙ යද්දී මොකද්දෝ මන්දා උත්සවයකට නාට්‍යයක් ඉදිරිපත් කරන්න ඕනේ කියලා අපේ පන්තිභාර මිස් කිව්වා. පන්තියේ අනිත් එවුන්ට වගේම ඉතිං මටත් ඒ දවස් වල ඔය නාට්‍යයකට මූන දාන්න හම්බුවෙන එක හෙන සන්තෝසයි. ඇයි ඉතිං කවද ලැබෙන චෑන්ස්ද… පස්සේ ඉතිං ගෙවල් වලට එහෙමත් ගිහිං කියලා ඇඳුම් පැළඳුම් ලෑස්ති කරගන්න ඕනේ කියලා ටිකක් ලොකු දඩයක් ගැන වෝර්නින් එකකුත් දුන්නා. ඇයි ඉතිං වෙනමම ඇඳුම් ලෑස්ති කරන්න ඕනේ… තව මොනා මොනා හරි සැරසිලි කරන්නත් තියෙනවනේ. පස්සේ කියලා බැනුම් අහනවට වැඩිය හොඳයිනේ මුලින්ම කියලා දැනුවත් කරලා තියන එක කියලා හිතලා මාත් එහෙම කිව්වට මොකද මං ඒ වෙද්දී නාට්‍යයට තේරිලාවත් හිටියේ නෑ.
පස්සේ ඉතිං ආයෙම ටික දවසකින් අපේ මිස් කතා කලා පන්තියේ ළමයින්ට. කතා කරලා ළමයි දහ දෙනෙකුට විතර චරිත දුන්නා. අනේ වාසනාවන්…! මටත් චරිතයක් හම්බුනා. දැන් ඉතිං අනිත් චරිත නොලැබුන තිහක් විතර දෙනා ඉන්නවා මූන එල්ලගෙන. අපේ මිස් නිකමටහරි සත්තු වත්තක නාට්‍යයක් කරන්න හිතාගෙන හිටියනම් අනිත් අයටත් පොඩි සලමලයෙක්ගේ හරි බච්චිච්චෙක්ගේ හරි කොටසක් දෙන්න තිවුනා අනිත්. අනික ඉතිං ඌරොන්ගේ, වලස්සුන්ගේ, කොටියන්ගේ, නරියන්ගේ, ඔර්සමටුල්ලන්ගේ, වවුලන්ගේ චරිත එහෙම ස්කෝලේ වෙලාවෙදිම රඟපාන එවුන්ම කීදෙනෙක් කියලා හිටියද…!
පස්සේ නොචරිත අයව ගත්තා සපෝට් සර්විස් එකට. ඒ කියන්නේ සැරසිලි වලට, වතුර අදින්න වගේ වැඩ වලට. ඒකත් ඉතිං වුන්ට ලොකු සතුටක්. කොහොමත් නාට්‍යයට ඉන්න අපිට වඩා ජොලි සපෝට් සර්විස් ටීම් එකට.
ඉතිං ඔන්න අපිට දවසකින් හම්බුනා ටයිප් රයිටර් එකෙන් ටයිප් කරලා ෆොටෝ කොපි කරලා කහ පාට හයිලයිටර් එකෙන් හයිලයිට් කරපු ඩයලොග්ස් තියෙන ස්ක්‍රිප්ට් එක. දහදෙනාටම එක කොපිය ගානේ. මට මතකයි ඒ දවස් වල ඒකටත් අපෙන් රුපියල් 20ක්ද කොහෙද ගත්තා. පස්සේ ඉතිං මිස් කිව්වා ගෙදර ගිහිං හොඳට, තමන්ට අයිති ඩයලොග්ස් ටික කට පාඩම් කරගෙන එන්න හෙට රියසල් එකක් තියනවා කියලා. ඉතිං ගෙදර ගිහිං අනිත් අය වගේම ලොකු ලොකු බලාපොරොත්තු ඇතුව මාත් පටන් ගත්තා වැඩේ. නාට්‍යය දාට වෙන ස්කෝල වලිනුත් ළමයි එනවලුනේ. ගෑණු ළමයිනුත් ඒවිනේ…! ඒක නිසා ඉතිං මේ ඩයලොග් ටික හොඳට පාඩම් කරගෙන නාට්‍යය හොඳින් කරන්න ඕනේ… එතකොට ඉතිං දකින දකින තැන… ආව්…. කොහොමද මල් හිනා ගොඩක් එක පාර කියද්දී… ආ…අර එදා අහවල් ස්කෝලේ නාට්‍යයට හිටිය කෙනා නේද කියල, කාටද ආඩම්බර…!
ඒක නිසා ස්කෝලේ සිංහල පොතේ තිබුන කවි පාඩම් නොකරත්, බුද්ධාගම පොතේ ගාථා පාඩම් නොකරත් කොහොම හරි කරලා මේ ඩයලොග් ටික මතක තියා ගන්නවා කියලා හිතාගෙන වැඩේ පටන් ගත්තා. ටික වෙලාවක් යද්දී වැඩේ තරමක් සාර්ථකයි. මෙන්න මට ඩයලොග් වලින් ටිකක් කට පාඩම්….! ඉතිං නාට්‍යයට තව කල් තියෙන නිසා ඉතුරු ටික හිමීට කරගන්න බැරියෑ කියලා පොඩ්ඩක් පස්සට දැම්මා.
පස්සේ ඔන්න ඊට පස්සෙන්දා ස්කෝලේ ගියා පස්සේ ඉතිං ඉන්ටවල් එකෙන් පස්සේ අපිව ගත්තා රියසල් වලට. ඉතිං කොයිතරම් පාඩම් කරත් තැන් තැන් වලින් ඩයලොග් වලින් අමතකයි. ඒක නිසා හැමෝම වගේ තමන්ට කලින්දා දුන්න ස්ක්‍රිප්ට් එක අතේ තියාගෙන තමා හිටියේ. ඉතිං ඔහොම නාට්‍යය පෙර පුහුණු වීම කරගෙන යද්දි මගෙ කොටහ ආවා.
ඇයි එහෙම කලේ…. උඹට තිබුනේ එහෙම නොකර ඉන්න… කියලා කියාගෙන යද්දීම
හා… හා… නවත්තන්න නවත්තන්න…. කියලා අපේ මිස් පැන්නේ නැද්ද රියසල් මැද්දට. වටේම එවුන් බලාගෙන ඉන්නවා මොකද වුනේ කියලා. අනික මටත් බයයි, මං වැරදිලා හරි අනුන්ගේ දෙබසක්වත් කියලද කියලා. පස්සේ ඉතිං මිස් ඇවිල්ලා කරුනු පැහැදිලා කලා.
ළමයෝ… ඔතෙන තියෙන්නේ උඹ කියලා නෙමෙයිනේ… නුඹ කියලනේ… ඇයි ඔයා උඹ කිව්වේ…?
අප්පටසිරි ඇත්තනේ…. නුඹ කියලා නේන්නම් තියෙන්නේ. මේක ලියපු එකා ලියලා තියෙන්නේ තනිකම ලියන භාෂාවෙන්නේ…. දැන් ඉතිං මටත් අප්සට්… පළවෙනි රියසල් එකේම දෙබස වැරැද්දුවනේ. අනිත් එක අර සපෝට් සර්විස් එකේ එවුන්ගේ කින්ඩි හිනාව සහ හූ හඬ. පස්සෙ ඉතිං මිස් ඇවිල්ලා කිව්වා අනිත් තැන් හරියට කියන්න කියලා. මාත්, හා.. හරි මිස් කියලා කිව්වට අනිත් හැම තැනකදිමත් මට කියවුනේ උඹ කියලමයි.
ඇයි දෙයියෙන් පන්තියේ ගෑණු ළමයින්ට උයා, මෙයා කියලා කතා කරාට පන්තියේ කොල්ලොන්ට කතා කරන්නේ උඹ කියලමනේ. අනික ඉතිං කවදාවත් පන්තියේ එකෙකුට නූඹ එහි පල කියලා කියන සිරිතක් තියෙනවැයි තෝ පලයන් කියනවා මිසක්. ඉතිං කොයිතරම් කට පාඩම් කරගෙන ස්ටේජ් එකට නැග්ගත් ඒ වෙලාවට තියෙන අර අමුතු බය ගතිය නුඹ කියල කියවෙන්නෙම නැතුව ගියා. පස්සේ ඉති කෝම හරි මට සිද්ද වුනේ උඹ හා නුඹ නිසා මගේ නාට්‍යමය අනාගතේ සුනේ සුන් කොරගන්න. කොටින්ම කියනවනම් මාව සපෝට් සර්විස් දාලා එකේ හිටිය එකෙක්ව ගත්තෙනැතෑ මං කරපු චරිතෙට. පස්සේ ඉතිං මට වුනේ මං වැරදියට කියලා කෙලවගත්ත දෙබස් ටික අනිත් මෑන් කියනකොට කට ඇරගෙන බලාගෙන ඉන්න.
අන්තිමේ මං හිතාගත්තා, අනේ මට ඒ නාට්‍යෙය් රඟපාන්න අවස්ථාවක් නොලැබුන එක කොයිතරම් හොඳද… නැත්තං මට අනිත් ස්කෝල වල කෙල්ලන්ගෙන් විසුමක් වෙන්නේ නෑනේ… කියලා පොලියානා තියරිය දාලා හිත හදා ගන්නවා කියලා…
නැත්තං මට ෆ්‍රෙන්ඩ් ෂිප් බුක් වල අත්සන් කරන්නයි, ගෑණු ළමයි අහන එව්වට උත්තර දෙන්නයි… අම්බෝ…. කීයක් කියලා වැඩ සෙට් වෙනවද…! ගෑණු ළමයි මාව ඉඹින්නත් තිවුනානේ එහෙනම්….! මගේ හොඳ වෙලාවට මට උ යන්නයි නු යන්නයි මාරු වුනේ… නැත්තම්… හ්ම්ම්ම්ම්ම්……!
2011 දෙසැම්බර් 11 දින පෙ.ව. 9:17 ට
අපොයි අපරාදෙ චාන්ස් එක….
2011 දෙසැම්බර් 11 දින පෙ.ව. 11:02 ට
කතා කරලා වැඩක් නැ අප්පා… කට පරිස්සම් කරගන්න බැරි එක තමා ඉතිං.
2011 දෙසැම්බර් 11 දින පෙ.ව. 9:33 ට
අර කොහේද යන නරියෙකුත් කිව්වලු මිදි තිත්තයි කියල නේද මාලුවෝ …
2011 දෙසැම්බර් 11 දින පෙ.ව. 11:02 ට
දැන් උඹ කියනවා වගේ නේද ශානක…!!!
2011 දෙසැම්බර් 11 දින පෙ.ව. 9:45 ට
මාර දුකකින් ලියලා තියෙන්නේ..
2011 දෙසැම්බර් 11 දින පෙ.ව. 11:03 ට
මතක් වෙද්දි ඈඬෙන සයිස්…
2011 දෙසැම්බර් 11 දින පෙ.ව. 9:54 ට
ohetama wela hitiyanan hari neda fishi….maara seethalaith ekkane….
2011 දෙසැම්බර් 11 දින පෙ.ව. 11:04 ට
ෂා මරුනේ….
2011 දෙසැම්බර් 11 දින පෙ.ව. 10:11 ට
මිදි තිත්තයිලු බං
2011 දෙසැම්බර් 11 දින පෙ.ව. 11:04 ට
ම්ම්ම්… අනේ මන්දා එව්වා නම්…
2011 දෙසැම්බර් 11 දින පෙ.ව. 10:18 ට
අයියාගේ වෙලාව හොදයි….
2011 දෙසැම්බර් 11 දින පෙ.ව. 11:05 ට
නැත්තං නැත්තං….
2011 දෙසැම්බර් 11 දින පෙ.ව. 10:41 ට
අපරාදේ නේ.
මාත් පොඩි කාලේ හාවෙක්ට හිටියා. පටන් ගත්ත වෙලේ ඉදන් පැන පැන ඉන්නයි තිබ්බේ. ඒ පනිල්ලමද දන්නේ නෑ මේ කාලෙත් …… 🙂
අපේ යාළුවෙක්ට ලැබුනා දඩයක්කාරයෙක් ගේ චරිතයක්. තනිකරම තිබ්බේ සද්ද නොකර දඩයමක් පස්සේ යන සීන් එනන්. කතා කලොත් දඩයම මිස් වෙන නිසා දෙබස් තිබ්බේ නෑ. 🙂
2011 දෙසැම්බර් 11 දින පෙ.ව. 11:05 ට
දැන් නම් චරිතේ මාරු වෙලා මං හිතන්නේ… දැං උඹ දඩයක් කාරයනේ….
2011 දෙසැම්බර් 11 දින පෙ.ව. 11:45 ට
හික්ස්! ඔව් ..ගලවල දුන්නොත් අත්සන් කරන්න 🙂
2011 දෙසැම්බර් 11 දින ප.ව. 3:21 ට
කියන්න බැහැනේ බං…
2011 දෙසැම්බර් 11 දින පෙ.ව. 11:58 ට
යකෝ මං පල්ලියෙ නට්ටියක සාතන්ට රඟපෑව . . . ස්ක්‍රිප්ට් එකේ තිබ්බ එක මගුලක්වත් මතක නෑ අන්තිම දවසෙ . . අන්තිමේ මහජන ප්‍රදර්ශනේදි කියපු ඩයලොග්ස් ඔක්කොම මට ඒ වෙලාවෙ කටට ආපුවා
2011 දෙසැම්බර් 11 දින ප.ව. 3:22 ට
ඉතිං ගල් පාරවල් එහෙම කැවෙ නැතෑ…
2011 දෙසැම්බර් 11 දින ප.ව. 12:18 ට
කොහෙද එදා ඉඳලා කුප්ප කටක්නෙ තියෙන්නෙ, මාලුවා නහින්නෙ කට හින්දලු …….
2011 දෙසැම්බර් 11 දින ප.ව. 3:22 ට
ඈ…. ඒ දවස් වල ඉඳන එව්වා අයියා කොහොමද දන්නේ…
2011 දෙසැම්බර් 11 දින ප.ව. 12:51 ට
හොද වෙලාවට උඹ ඒකේ හිටියේ නැත්තේ නැත්තම් ඔටෝ හිටන් සයින් කරන්න වෙනවනේ බන්…
2011 දෙසැම්බර් 11 දින ප.ව. 3:23 ට
ඒකනේ බං… මට කලින්ම වැඩේ තේරුනා ඒක නිසා තමා අප්සට් වචකයක් දාලා වැඩේ ශේප් කරගත්තේ…
2011 දෙසැම්බර් 11 දින ප.ව. 7:17 ට
මොකාද බන් ඔර්සමටුල්ලා කියන්නේ? පොඩ් හින්ට් එකක් දෙන්න බැරිද?
2011 දෙසැම්බර් 11 දින ප.ව. 7:56 ට
සන්ධි පද විසන්ධි කරලා බලපං… එහෙට මෙහෙට කරලා බලපං
2011 දෙසැම්බර් 11 දින ප.ව. 1:11 ට
ඔර්සමටුල්ලන් යනු මොකුන්ද?
2011 දෙසැම්බර් 11 දින ප.ව. 3:24 ට
ඒක නම් කියන්නේ නෑ…. පුළුවන්නම් හොයාගන්න…
2011 දෙසැම්බර් 11 දින ප.ව. 2:09 ට
මාළුවා මේ පාර එහෙනං කට හිංද නැහිල නෑ….
මගෙත් ප්‍රශ්නෙ ඔර්සමටුල්ලන් යනු මොකුන්ද?
2011 දෙසැම්බර් 11 දින ප.ව. 3:25 ට
මේ පාර කට හිංදා බේරුණා… ඔච්චර දැනුම් තේරුම් තියෙන කෙනෙක් ඔර්සමටුල්ලා ගැන අහන හැටි…
2011 දෙසැම්බර් 11 දින ප.ව. 4:43 ට
අම්මට සිරි ගෝල් පිසා නලුබස්ට්ටා වගේ ඉඳන් සඟපාන්නත් ගියාද…. කවද කාපු ටකරංද… නේ..හ්….. ඒයි… මෙයා…. ඔයාට උ යන්නයි නු යන්නයි විතරද මාරුවෙන්නෙ… ප යන්නයි ක යන්නයි මාරු වෙන්නැත…?
ඔය එදාටත් එක්ක හරියන්න අද සඟපාන්නෙ නඩුකාරි ඉස්සරහ… බබා පාට් එක…
2011 දෙසැම්බර් 11 දින ප.ව. 7:55 ට
ඒ දෙක නම් මලාට මාරුවෙන්නේ නෑ අයියේ…
2011 දෙසැම්බර් 11 දින ප.ව. 5:53 ට
//නැත්තං මට ෆ්‍රෙන්ඩ් ෂිප් බුක් වල අත්සන් කරන්නයි, ගෑණු ළමයි අහන එව්වට උත්තර දෙන්නයි… අම්බෝ…. කීයක් කියලා වැඩ සෙට් වෙනවද…! ගෑණු ළමයි මාව ඉඹින්නත් තිවුනානේ එහෙනම්….! මගේ හොඳ වෙලාවට මට උ යන්නයි නු යන්නයි මාරු වුනේ… නැත්තම්… හ්ම්ම්ම්ම්ම්……!//
නුඹ හිතනවා වැඩී මගේ හිතේ. 🙂
2011 දෙසැම්බර් 11 දින ප.ව. 7:55 ට
මේං අක්කත් නාට්‍යයක් රඟපාන්න හදනවා….
2011 දෙසැම්බර් 11 දින ප.ව. 7:19 ට
පොලියානා තියරිය වැරදි ලෙස යොදා ගැනීමක්………..!!
2011 දෙසැම්බර් 11 දින ප.ව. 7:57 ට
ඈ… එහෙම වෙන්නෙ කෝමද… හැම දුක හිතෙන වෙලාවකම සතුටට දෙයක් හොයාගන්න එක වැරදිද…?
2011 දෙසැම්බර් 11 දින ප.ව. 7:55 ට
අපරාදේ රුපියල් විස්ස, නේද?
2011 දෙසැම්බර් 11 දින ප.ව. 7:59 ට
තව ටික දුරක් ගිහිං රියසල් තිබ්බනම් එහෙම දෙතුන් දාහකට කෙලවෙනවා…
2011 දෙසැම්බර් 11 දින ප.ව. 8:01 ට
එදා ඒ වචන දෙක පැටලුනායින් අපිට සම්මානනීය නළුවෙක්නේ මේ අහිමි වෙලා ගියේ.. කලාවට වෙච්චි සෑහෙන අපරාදයක් ඒක..
2011 දෙසැම්බර් 12 දින පෙ.ව. 6:50 ට
ඒකනේ බලපං… සම්භාවනීය ගනයේ එව්වයේ රඟපාන නළුවෙක් වෙන්නත් තිබ්බ චාන්ස් එකනේ…
2011 දෙසැම්බර් 11 දින ප.ව. 10:03 ට
මම නාට්ටියක රඟපෑවා බෝම ඉස්සර .. මට ලැබී තිබුනු චරිතය තමා ගහක් ලෙස පෙනී සිටීම . දෙබස් එහෙම මොනවත් නෑ ගහක් වගේ ඇඳගෙන වැනි වැනී ඉන්න තමා තිබුනේ ..
එදා දෙබස් හරියට කීවා නම් අද ඔබ රිදී තිරයට පවා එන දක්ෂ නලු බට්ටෙකි ..
2011 දෙසැම්බර් 12 දින පෙ.ව. 6:56 ට
සඳරු බස හැසිරවීම වෙනස් වෙලානේ බං උඹේ….
2011 දෙසැම්බර් 12 දින ප.ව. 9:38 ට
මේක ලීවදා රෑ මම පොඩ්ඩක් අරං හිටියේ බං ඒකයි බ්ස වෙනස් වුණේ !
2011 දෙසැම්බර් 13 දින පෙ.ව. 7:08 ට
හරි හරි බං ඒක අවුලක් නෑ…
2011 දෙසැම්බර් 12 දින පෙ.ව. 3:10 ට
එළ එළ යංතං බේරිලා තියෙන්නේ..නැත්තං තාමත් ඔටෝ අස්සං කරනවනේ…..
2011 දෙසැම්බර් 12 දින පෙ.ව. 7:08 ට
ඒකනේ… මගේ අත් දෙක කැඩෙයි…
2011 දෙසැම්බර් 12 දින පෙ.ව. 8:17 ට
මාළුවා නහින්නේ කට නිසාලුනේ
2011 දෙසැම්බර් 12 දින ප.ව. 12:43 ට
ඒ ඉස්සර …
2011 දෙසැම්බර් 12 දින පෙ.ව. 10:08 ට
//නැත්තං මට ෆ්‍රෙන්ඩ් ෂිප් බුක් වල අත්සන් කරන්නයි, ගෑණු ළමයි අහන එව්වට උත්තර දෙන්නයි… අම්බෝ…. කීයක් කියලා වැඩ සෙට් වෙනවද…! ගෑණු ළමයි මාව ඉඹින්නත් තිවුනානේ එහෙනම්….! ///
හෙහ් හෙහ්….. අනේ !!! බලහල්ලකො අසහනේ තරම මුගේ…..
2011 දෙසැම්බර් 12 දින ප.ව. 12:44 ට
අපි ඇබ් නෝර්මල් නෙවේ බොල අයියේ… ෆුලි නෝමල්…!
2011 දෙසැම්බර් 12 දින පෙ.ව. 10:40 ට
ෂැහ් අපරාදෙ චෑන්ස් එක මිස් වෙලානෙ. නැත්තන් අද උඹ කොහෙද. හෙහ් හෙහ්..
2011 දෙසැම්බර් 12 දින ප.ව. 12:44 ට
සරසවි සම්මානම කීයක් අරගෙනද මං….
2011 දෙසැම්බර් 13 දින පෙ.ව. 12:10 ට
අයියෝ මේක කියවලා මට වුන ඔය වගේම සිද්ධියක් මතක් වුනා. 3 වසරේද කොහෙද පොතේ ඉස්සර තිබුණා විහාර මහා දේවියගේ කතාව. ඒකෙ විහාර මහා දේවියගේ පිය රජතුමාගේ (කාවන්තිස්සද කොහෙද හරියට මතක නෑ නේ :)) චරිතෙට මාව තොර ගත්තා. ඕකේ ප්‍රැක්ටිස් යන දවස් වල ලොකු අම්මා ටීචර්ට කියලා තිබුණා මෙයාට නිතරම හතිය එනවා. ඒ නිසා කෝකටත් තව ළමයෙකුත් රෙඩි කරලා තියන්න කියලා. ඔය අතරේ කිව්වා එක දවසක් හතිය වැඩි වෙලා ඉස්කෝලේ යන්නේ නැතුව හිටියා. හයියෝ දෙයියනේ ඊළඟ දවසේ යනකොට මාව රජකමෙන් පහ කරලා. වෙන එකෙක් රජ වෙලා. කාට කියන්නද ඉතින් මේ දුක…..
2011 දෙසැම්බර් 13 දින පෙ.ව. 7:09 ට
හප්පේ වෙච්ච විනාසයක්… නැත්තං අද උඹ දුටුගැමුණුගේ සීයානේ බං….
2011 දෙසැම්බර් 21 දින පෙ.ව. 9:31 ට
උඹ එදා උඹ නොකිය නුඹ කිව්ව නම් අද කොහෙද අහ්…
2011 දෙසැම්බර් 21 දින ප.ව. 7:25 ට
ඒකනේ බං… හැමදාම කෙල වෙන්නේ කට නිසා…