මලින්දගේ වංගු පාර….

මලින්ද කියන්නේ අපේ ස්කෝලේ කිට්ටුවම හිටිය අපේ වයසෙම එල කොල්ලෙක්. එල කොල්ලෙක් කියන්නේ, අර ඌරට මොන සෞඛ්‍යද කියන කතාව ස්කෝලේ කෙල්ලෝ රොත්තක් ඉස්සරහා මිස් කෙනෙක්ගෙන් අහගන්න තරම් පිං කරපු නියම පොරක්. ඈක්කා… උගේ නහයේ හැම තිස්සෙම හොටු ගුලියක් හිරවෙලා. හිටි ගමන් ටිකක් හයියෙන් හිනා ගියාම හොටු බෝලයක් පිම්බිලා එනවා. මොනා වුනත් මගේ පෙර පිනකට මූ තමා මට හිටිය හොදම යාළුවා. ඒක නිසා ඉතිං අනිත් උන්ට නොකියන එව්වත් මට කියනවා.

ඉතිං මලින්දගේ ගෙවල් තියෙන්නේ ස්කෝලේ පිටිපස්සේ තියෙන කන්ද නැගලා ඊළඟට හම්බුවෙන පල්ලම බැහැලා වම් පැත්තට හැරුණම තියන වංගු පාරේ. මං වැඩියෙන්ම වංගු තියෙනවා දැක්කේ ඒ පාරෙ තමා මෙච්චර කාලෙකට. කොච්චර වංගු තිබුනත් ඒක ඇත්තටම දිව්‍ය ලෝකෙට යන පාර වගේ. දෙපැත්තේ ගස් දුඹුරුම දුඹුරු පාටයි… ඒවයේ හරිත ලව නෑ… පාරේ වුනත් මාර ලුක් එකක් තිබුනේ. හරියට නිකං චොකලට් වල කැටයම් කපාලා වගේ. ඉතිං ඔය වංගු වලින් හැරී හැරී ස්කෝලෙ එන්න යන වෙලාව සාමාන්‍ය විදියට බැලුවොත් විනාඩි හතලිස් පහක් විතර වෙනවා. දුර දල වශයෙන් ගත්තොත් මීටර් හයසීයක් විතර. හිතා ගන්න පුළුවන්නේ කොයිතරම් අධිවේගි මාර්ගයක්ද කියලා…

ඉතිං මලින්ද හැමදාමත් ස්කෝලේ එන්නේ හතයි හතලිස් පහට. ඇයි ඉතිං පාරටම වෙලාව ඉවරයිනේ. මඩ වලවල් බේරන්නයි, වාහන වලට ඉඩ දෙන්නයි… තව කොච්චරක් කියලා බාධකද ඉතිං… ඒ විදියට බැළුවම මලින්ද ස්කෝලෙ එන්න පිටත් වෙන්නේ උදේ හතට විතර. එතකොට පොරගේ පිරිසිදු කමේ හැටියට නැගිටින්නේ අඩුම ගානේ පාන්දර පහටවත් වෙන්න ඕනේ. ඒත් ඉතිං අපිනේ දන්නේ ඌ නැගිටින වෙලාව. ස්කෝලෙට එන්න පැය භාගෙකට කලින් නැගිටලා මූන හෝදනවද නැද්ද නං දන්නේ නෑ අනිත් ඒවා කරගෙන ස්කෝලේ පටන් අරං හරියටම විනාඩි පහලොවක් යද්දී පොර එනවා පන්තියට පනිශ්මන්ට් ක්ලීනින් වැඩෙත් කරලා. මිනිහා කවදාවත් එක විනාඩියක්වත් කලින් නම් ස්කෝලේ ආවේ නෑ… හැමදාම ලේට් කමින් තමා.

හැබැයි පොරගෙන් ඇහුවම පොර කියන්නේ වෙනම කතාවක්. මං පන්තියේ නායක වෙලා හිටි කාලෙක මට පැවැරුනා මූව කලින් ස්කෝලේ ගෙන්න ගන්න වගකීම. මට කලින් හිටිය නායකයොත් මූට කොච්චර වැන්දත් මූ නම් නෙවේ කලින් ආවේ. ඒ පාර දැන් මටනේ බෝලේ කැරකිලා තියෙන්නේ ඒක නිසා මාත් ෂේප් ටෝකක් දාලා බැළුවා. ඇයි ඉතිං මූට මං ගැන අනුකම්පා හිතිලා හරි ස්කෝලේ ආවොත් ඒ ක්‍රෙඩිට් එකත් මටනේ…! ඉතිං දවසක් දා….

මලින්ද… මොනාද බං උඹ හැමදාම පරක්කු වෙලා ස්කෝලේ එන්නේ… වරෙන්කෝ ටිකක් උදෙන්…

උඹ නම් කියයි… යකෝ අපේ පාරේ හැටි උඹ දන්නවනේ බං…

දැන් පොරට අමතකයි, මං උගේ හොඳම යාළුවා බව. මූ අනිත් උන්ට ඇද බාන කෙප්පම මටත් කියනවා. කොටින්ම පොරට මතක නෑ මං විනාඩි දහයෙන් උංගේ ගෙදරට වංගු පාරෙන් ගිය බවවත්. ඌ මට සලකන්නෙත් අනිත් එවුන්ට වගේ.

මං ඉතිං හිමීට ඇහුවා… එතකොට අර එදා විභාගේ ඉවර වෙලා ටයිටැනික් මෙව්වා එක බලන්නේ විනාඩි දහයෙන් ගියේ වෙන එකෙක්ද ඌරෝ…? කියලා….

ඒ කෑගහන්න එපා බං… මට උදෙන් එන්න කම්මැලියි බං ඒකයි පරක්කු වෙන්නේ…. කියලා ඔන්න පොර වැරැද්ද පිලිගත්තා.

පස්සේ ඉතිං දන්න සිල්ප ඔක්කොම දාලා මූව උදෙන් ගෙන්න ගන්න පොරොන්දු කරගත්තා. වැඩේ හරි…. මෙන්න පස්සෙන්දා මූ එනවා හතයි කාලට. මං වෑන් එකෙන් ඇවිත් බහින්නත් කලින් මූ පොත් බෑග් එක පන්තියට දාලා පිට්ටනියට බැහැලා සෙල්ලං කරනවා. එදා තමා මූ පළවෙනි වතාවට මට මතක ඇති කාලෙක උදෙන් ස්කෝලේ ඇවිත් සෙල්ලං කරේ.

ඊට පස්සේ කොල්ලෝ ඇහුවා උඹ කොහොමද බං දැන් කලින් ස්කෝලේ එන්නේ කියලා. මෙන්න එතකොට තමා නියම කතාව මතුවෙලා ආවේ…!

මං දැන් එන්නේ වංගු පාරෙන් නෙමේ බං… සොහොන් පිට්ටනිය අයිනේ නුග ගහ පාරෙන්…!

ඒ පාරේ නම නුග ගහ පාර… එහෙම කියන්නේ හෙන විසාල නුග ගහක් තියෙන නිසා. මහ දවාලක ගියත් නුග ගහ යට පට්ට කලුවරයලු. අපි නම් වෙලාවකට අහනවා, උඹ ස්කෝලෙ ඇරිලා යද්දී ටෝච් එක ගහගෙනම යනවා ඇති නේද බං කියලා…  ඉතිං මලින්දගේ කලින් ගමන හේතුවෙන් මාසයකින් මගෙන් අයින් වෙලා වෙන එකෙක්ට යන්න තිබ්බ පන්ති නායක පට්ටම තව මාසයක් මගේ සාක්කුවට උඩින්ම රැඳුනා.

ඊට පස්සේ ඔහොම ටික ටික ලොකු වෙලා එකොලහ වසරට ආවම තමා අද මං කියන්න හිටි ලොමු දැනගැන්වෙන, අහන කොටත් හිත කූං කූං ගාන කතාව මූ කිව්වේ….!

44 Responses to “මලින්දගේ වංගු පාර….”

  1. පූසා Says:

    අයියෝ අපි හිතුවේ කඩු පයිට් ඔක්කොම ඇති කියලා. 😀

    මම මගේ ජීවිත කාලෙටම පංති නායක වෙලා ඉඳලා තියෙන්නේ මාස 3යි. ඒ 11 වසරෙදි. පන්තියේ උන්ගේ හැසිරීම අන්තිම නරකයි කියලා මාව පංති නායක කමින් නෙරපා දැම්මා. පංති නායක උනාය කියලා මගේම යාළුවෝ කරන පිස්සු වැඩ වලට උන්ට මුකුත් කියන්න පුළුවනැ. උං එක්කම මාත් පිස්සු කරනවා මිසක්!

  2. sevini Says:

    habai mata nan danaganna puluwan wei neda e kathawa???????ehema neda fishi>>>>

  3. ශානු Says:

    අපොයි සොහොන් පිට්ටනිය අයිනේ නුගගහ පාර ගැන කියන්න එපා අලෝ මට බයයි 😦

  4. Kasun Chanaka Says:

    ඇත්ත කියන්න ඉතින් අරූට කීපලකට වැන්දද කලින් ගෙන්න ගන්න? නායක පට්ටම තියාගන්න කොරපු දේවල් නේ ඉතින්.:)

  5. Praසන්ன Says:

    විසිල් බල්ටි ටික ඔක්කොම හලලනෙ.
    අපිනං පන්ති නායක වෙලා හිටියෙ 12,13 පන්තිවල. නාමලේඛනේ ඔෆිස් එකෙන් ගේන එකයි ගිහින් තියන එකයි තමයි එකම රාජකාරිය. හැබැයි ගෙනාවට ආපහු ගිහින් තියන්නෙ එහෙමත් දවසක තමයි.

  6. සපතේරු උන්නැහේ Says:

    ඔබා මාමගෙන්ද පඳුරු තලන්න ඉගෙනගත්තෙ… 😀

  7. ashenmalinda Says:

    මම බැලුවා මම ගැනද කියන්නෙ කියලා. මට ඉස්කොලෙ තියෙන්නෙ අත ලග. ඒකට වෙලාවක් නැ. එක එක වෙලාවට එනවා

  8. සිතුවම් Says:

    අපි හිතුවා කඩු ෆයිට් එහෙම ඇති කියල.බලනකොට මේ ___ බාගයයිනෙ ලියල තියෙන්නෙ

  9. Observer Says:

    කොහෙද බොලේ උඹලගෙ ගම, දුඹුරු පාට ගස් තියෙන?

  10. අකීකරුහිත Says:

    හරි හරි ඔයා පන්ති නායකයා වෙලා හිටියා කිව්ව නම් ඉවරයිනේ

  11. නවම් Says:

    හපෝ මේකට කොමෙන්ට් දාන්න බෑ.. හ්ම්ම් ලියමු අර ලොමු දැහැගැන්වෙන කතාව විහගට… බොලේ උඹලැයි පැත්තෙ ඔහොම පාරවලුත් තියනවද ?

  12. X-Porter Says:

    හුහ්…. මලින්ද වංගු පාරෙන් එක්කං ගියා වගේ.. මේකා අපි වත් වංගු පාරෙං එක්කං යන්න හදන්නෙ….. අපි අහුවෙයි ඕවට…..මේ දාපං බං අර ලොම්බ ඩැහැ ගන්න කතාව ඉක්මනට අගේ නොකර….

    ඔබා පඳුරු වටේ තැලිල්ල උගන්නන ගමං තව මොනවා…. ඉගැන්නුවද මන්දා.. ඕකා තට්ටෙ පෑදුනාට හරි කොටියා….

  13. Weni Says:

    පරක්කු වෙලා ඉස්කෝලෙ එන්නෙ ඉස්කෝලෙ වැටේම ඉන්න අය තමයි..

  14. රූ Says:

    අද කතාවෙ climax එක අන්තිමට වගේ..දැන් ඉතින් අර TV Season වල part 1 දැම්මම දෙවනි එක දානකම් උඩ බලාගෙන ඉන්නවා වගේ බලං හිටපල්ලකෝ…!!
    ආ..මලින්දවත් මතක් කලා කියන්න..මම හිතන්නෙ එයා මේක දැක්කොත් මතක් කරන්න කලින්ම අමතයි වගේ..හික්ස්

  15. ශානka Says:

    වංගු පාරෙන් පාසල් යාම,මචෝ මොකක්ද ඔය ඉක්කෝලෙ ගල උඩ සෙන්ට්‍රල්ද, හික්.
    අගේ නොකර ඉතිරි ටිකත් ඉක්මනට දාපන් මචන්.

  16. ඔබ නොදු‍ටු ලොවක් Says:

    ලොමු දැහැගැන්වෙන එක කියන්නේ කවද්ද…මම මුලිං හිතුවේ මහින්ද කිව්වම ආඩම්බර අප්පොච්චිගේ වංගු පාර කියලා…එළ ඈ…

  17. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    මල්ලි . . තාම කූං ගානවද . . කතාවෙ ඉතුරු ටික නැත්තෙ ????

  18. විසිතුරු | visituru Says:

    අපි නම් උදෙන්ම ගෙදරින් එනවා. ඒත් හැමදාම ස්කෝලෙ යනකොට පරක්කු වෙනවලු. 😀

  19. මධුරංග Says:

    මාත් ස්කෝලේ එනකොට ඔහොම පරක්කු වෙලා කුණු ඇහිදලා එහම තමා එන්නේ.
    ඒ කොල්ලට පීනසේද ?


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: