අපේ පන්සලේ ගිනී පෑගීමේ ශාන්තිකර්මයක් ලඟඳීම තියෙන බව කියන්න, මීට සති දෙක තුනකට කලින්ම ලවුඩ් ස්පීකර් බැඳ ගත්ත වාහන කෑ ගහද්දී මාත් හිතා ගත්තා මේක නම් කොහොම හරි බලන්න ඕනේ කියලා. පස්සේ ඉතිං ලංකාවේ අනිත් වුන්ට වගේ මටත් ඔය සීන් එක සති දෙකෙන් අමතක වුනා. පූර්ව දැනුම් දීම කලේ එක දවසක් නිසා වගේම එකදු දැනුවීම් පත්‍රිකාවක් වත් ඇස නොගැටුනනිසා වෙන්න ඕනේ එහෙම වුනේ.
පස්සේ ඉතිං ඊයේ… ටිකක් හැන්දෑවෙලා ගෙදර ගියා කාලා, බීලා ටිකක් කලින් නිදාගන්න හිතාගෙන. කන බොනන එක නම් කොහොම හරි කරගත්තට නිදාගන්න විදියක් නම් තිබුනේ නෑ. මොකද ගෙවල් වලට කිට්ටුව තියෙන පන්සලෙන් ඇහෙනවා කාවඩි නටද්දී ඇහෙන සද්දේ. කොටින්ම කතරගම ගියා වගේ. එහෙමත් නැත්තං මැච් එකක් බලන්න ගියා වගේ…. පපරේ පුපුරනවා කන් දෙක පතුරු යන්න. පස්සේ ඉතිං කෝම හරි අද නේද ගිනි පෑගීම කියලා හිතුනට, යන්න ආසාවෙන් හිටියට කම්මැලි කම සහ නිදිමත නිසාම මං නොයා ඉන්න තීරණය කරලා රෙද්දත් ඔලුවේ ඉදන්ම පෙරෝගෙන පැන්න ඇඳට. ඒ වෙනකොටත් පන්සලට කට්ටිය යනවා.
නින්ද ගිහින් පැය එකාමාරක් විතර ඇති….
ලොකූ…. ලොකූ…. යමු පුතේ පන්සලට ගිහිං එන්න.
ඒ අපේ අම්මා. අම්මටත් පන්සලට යන්න ඕනේ වෙලා. මගේ වෙලාවටද කොහෙද අම්මත් එක්ක යන්න හිටිය නැන්දලා ටික අම්මව තියලා ගිහිං. දැන් ඉතිං ඒ කුන අදින්න වෙන්නේ මටනේ කියලා සුදු ටී-ෂර්ට් එකක් දාගෙන කැමරා පොජ්ජත් කසල මේස පොජ්ජෙන් හොයාගෙන ගෑටුවා පන්සලට.
අම්මෝ…. සෙනග…. සූ…. සූ… හඬවල් හැමතැනම. අපේ අම්මා මාව මේ එක්කන් ඇවිත් තියෙන්නේ දිව්‍ය ලෝකයටදෝ කියලත් හිතුනා. මාත් ඉතිං අපේ අම්මට එයාගේ යාළුවෝ කට්ටියට සෙට් වෙන්න දීලා පැත්තකට වුනා. ඔක්කොමත් හරි අපේ මමීගේ යාළුවන්ගේ දුවලගෙන් තමා බේරෙන්න බැරි. එව්වා ඕනේ නෑ….
ඉතිං ඔන්න අපි යද්දී දහය මාරට විතර ඇති. මං හිතුවේ දැන් ගින්දර පාගනවා ඇති කියලා. ඒත් මොන පෑගිල්ලක්ද… තාම දර කොට ටික පත්තු වෙනවා. ඒ දර ටික පත්තු වෙනකං පොඩි පොඩි කෙල්ලෝ ටිකක් කාවඩි නටනවා. ඒ පද්දන පැද්දිල්ලට නිදි මත කොහේ ගියාද මන්දා. මං බලාගෙන අපේ මවුතුමී මයේ දිහා ඇත කෙලවරකට වෙලා හොරෙන් බලාගෙන ඉන්නවා, මගේ ඇහේ බබා නටන හැටි. මං මොනා කරන්නද අම්මනේ එක්කං ගියේ.
ඉතිං කොහොම හරි හෙන ඉවසීමකින් ඉන්න වුනා එතෙන. මං අස්සෙන් රිංගගෙන ඉස්සරට ගියාට දර ගොඩ ගාව ඉන්න හිටින්න බෑ රස්නෙයි. ඒ මදිවට පිටිපස්සේ ඉන්න එවුන් ටික ටික ඉස්සරහට තල්ලු කරනවා. ඔය ඔක්කොම කටු කාගෙන මගේ ජීවිතයේ පළවෙනි ගිනී පෑගීම බලාගන්න කියලා මං අමාරුවෙන් ඉවසගෙන හිටියා. ටික වෙලාවකින් පුංචි විවේකයක් ගත්තා කාවඩි නටන අය.
මේන්න ඊට පස්සේ එයාලා එනවා කටේ කටු ගහගෙන. සමහරු පිට විදලා උල් කූරු යවලා ඒවයේ අගට නයිලෝන් නූල් බැඳලා තව කෙනෙක් ඊට පිටිපස්සෙන් එව්වා ඇදිනවා… ඉස්සරහා කෙනා නටනවා. ඒ වගේ දෙයක් මං දැකලා තිබුනට ඇස් දෙක ඉස්සරහ ඇත්තටම වෙනවා දැක්කේ පළවෙනි පාරට.
ඊට පස්සේ මට වචනයෙන් කියලා ඉවර කරන්න බැරි තරම් හරි අපූරු දේවල් ගොඩක් අංග එතෙන තිබුනා. කාවඩි දැකලා තියෙන අයට නම් ඉතිං අමුතු දේවල් නෙවෙයි ඒවා.
ඉතිං කොහොම කොහොම හරි නිදි ගැට කඩ කඩ පන්සල් ආපු මට ඒ ආපු ගමන පාඩු නැහැයි කියලා හිතෙන තැනටම වැඩේ සෙට්වුනා. දහයා මාරට විතර ගිහිං එකොලහට විතර එන්න පුලුවන් වෙයි කියලා හිතුවට ගිනි පෑගිල්ල පටන් ගන්න කොට වෙලාව පාන්දර තුනා මාරයි. ඒ වෙනකම්ම එක කට්ටියක් කාවඩි නටන අතරේ තව කීප දෙනෙක් විටින් විට ඇවිලෙන දර ගොඩ අවුස්ස අවුස්ස දර දැවෙන එක ඉක්මන් කලා. අන්තිමටම පිච්චිලා ඉවර වෙච්ච දර ගොඩේ තිවුන නොදැවී ඉතිරි වුන ලොකු කොට කෑලි එහෙම ඉවත් කරලා රතු වෙලා දිලිසෙන අඟුරු කැට විතරක් ඉතුරු අඩි හයක් විතර දිගට අඟුරු ලේයර් එකක් හැදුවා. හරියට නිකං ගිනි ගහන රතු පලසක් වගෙයි.
ඊට පස්සේ පන්සලේ දේවලය ගාවට ගිහිං එතෙනත් කාවඩි නටලා, කපු මහත්තයා එක්ක ආයෙම ගිනි අඟුරු ගොඩ ගාවට ඇවිත් එතෙනදිත් කිසියම් පූජාවක් තියලා එහෙම වැඩේ පටන් ගත්තා. පැය ගානක් තිස්සේ ගිනි රස්නේ වැදී ගෙන උඩින් වැටෙන හීතල පින්නට ඔලුව තෙත කරගෙන හිටිය හැමෝටම හිතට සැනසුමක් දැනෙන්න වුනේ මේ වෙලාවෙදී තමා. සමහර යාළුවෝ නම් හයියෙන් ඇහුවත් එක්ක ගිනි අඟුරු පාගන්නේ හෙට හවසටද කියලා… මොකද ඒ තරමට ඉවසීම හීන වේගෙන ගිහිං තිබුනේ. පස්සේ ඉතිං ප්‍රධාන කපු මහත්තයා මුලින්ම සාමාන්‍ය ගමනින් අර අඩි හයක් විතර දිග අඟුරු ගොඩ උඩින් ඇවිදගෙන ගියා. පස්සේ ඉතිං එයාව අනුගමනය කරලා වටේ හිටිය අයත් එක එක වේග වලින් එක එක රටාවලින් ගිනි අඟුරු අවුස්සගෙන ඇවිද්දා.
ඇත්තටම ඒක හරිම අපූරු සංස්කෘතික අංගයක්. මේ ගිනි පෑගීම ගැන මං ඇස් දෙකින් දැක්කට ලොකු විස්තර ගොඩක් දන්නේ නෑ… මේ තියෙන්නේ ඒ සම්බන්ධ තොරතුරු ටිකක්, දැන්ටමත් අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන් වුන….!
කොහොම හරි අම්මගේ කටේ බලේට හරි පන්සල් ගිහිං, මේ වගේ දෙයක් දැක බලා ගත්ත එක ගැන නම් අප්‍රමාණ සන්තෝසයි.
2011 දෙසැම්බර් 4 දින පෙ.ව. 11:39 ට
ඒත් ගොඩාක් තැන් වල ඔයදේ හරියට කරන් නැ බන්….. මාරම ලස්සන අංගයක්….. photo ටිකක් දාපන්කො..
2011 දෙසැම්බර් 4 දින ප.ව. 2:20 ට
ෆොටෝ ටික ක්ලියර් නෑ බං. අහෙං මෙහෙං රිංග රිංග ගත්තු එව්වා…
2011 දෙසැම්බර් 5 දින ප.ව. 4:47 ට
adee mama 1 ne… 😀 😀 😀
2011 දෙසැම්බර් 6 දින පෙ.ව. 7:03 ට
🙂
2011 දෙසැම්බර් 4 දින ප.ව. 12:56 ට
මමත් ඕක දෙතුන් පාරක් දැකල තියෙනව ඒත් පාගන්න යන්න නම් බයයි මචන්
2011 දෙසැම්බර් 4 දින ප.ව. 2:21 ට
මටත් භය හිතුනා නැත්තං මමත් යනවා….
2011 දෙසැම්බර් 4 දින ප.ව. 1:21 ට
ගිනි පෑගිල්ලක් බලන්ට තිබුනා නම් හරි ආසයි. ඒත් ඉතින් මෙහේ කොහේ කියලා ගිනි පාගනවද?
අර පහල පින්තූරේ නම් අලු ගොඩක් විතරයි අනේ පේන්නේ. 🙂
2011 දෙසැම්බර් 4 දින ප.ව. 2:22 ට
ඔව් අක්කේ… ටිකක් අලු ඇවිස්සුවම තමා ගිනි අගුරු මතුවුනේ…. එතෙන්ට කිට්ටු වෙන්නවත් බෑ සෙනග වැඩියි.
2011 දෙසැම්බර් 4 දින ප.ව. 1:51 ට
අර පද්දපු කස්ටියගෙ ෆොටෝ ටිකක් දැම්මනං ආයුබෝං..
කාලෙකින් පැද්දෙනව දැක්කෙත් නෑ.. 🙂
2011 දෙසැම්බර් 4 දින ප.ව. 2:22 ට
ඔය වීඩීයෝ එකේ තියෙන්නේ ඒ හරිය තමා..
2011 දෙසැම්බර් 4 දින ප.ව. 3:27 ට
එහෙමෙයි?? ඔෆීසියේ බං අදත්.ඒකෙ වීඩියෝ බොලොක් කොරලනොවැ.
හිටු අද ගෙදර යනකම්……
2011 දෙසැම්බර් 4 දින ප.ව. 6:03 ට
එල ගිහිං බලපංකෝ…
2011 දෙසැම්බර් 4 දින ප.ව. 2:23 ට
මමත් දැකල තියනව අගේ කටු ගහගෙන යන අයව නම්. ඒත් හවම ගිනි පාගනව නම් දැකල නෑ
2011 දෙසැම්බර් 4 දින ප.ව. 2:38 ට
කොහෙන් හරි බලපන් මචං… මාර ගති..
2011 දෙසැම්බර් 4 දින ප.ව. 3:02 ට
අපූරු සංස්කෘතිකාංගයක් නම් තමා… අපේ මල්ලි දවසක් කොහේද දේවාලෙක ගිනි පාගනව බලන්න ගිහින් බලන අයත් පාගනව දැකල, මෙයත් ගිනි පාගන්න ගිහින් කකුල පුච්චගෙන ආව…
ඒත් ඔව පංසල් වල කරන එක නම් අනේ මන්ද…
2011 දෙසැම්බර් 4 දින ප.ව. 5:59 ට
මටත් ඔය ප්‍රශ්නෙම තිබුනා. ඒත් ඔය වගේ දේවල් පන්සල් වල හරි ඉතුරු වෙලා තියෙන එක ගැන සතුටු වෙන්න පුළුවන් නිසා කට වහගෙන ඉන්නවා.
2011 දෙසැම්බර් 4 දින ප.ව. 3:48 ට
සමීප ඡායාරූපයක් ගන්න තිබුනේ උඹට….
2011 දෙසැම්බර් 4 දින ප.ව. 6:19 ට
ළඟට යන්න නබෑ බං….
2011 දෙසැම්බර් 4 දින ප.ව. 5:59 ට
ගිනි පෑගීම කිසිදු දේව භක්තියකින් තොරව කල හැකි බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඔප්පු කලේ 1960 දශකයේදී බව අමතකද නැත්නම් ඒ ගැන දන්නේ නැද්ද? අපිටනම් ගිනි පෑගීම යනු තවත් ගොන්පාට් එකක් පමණි.
2011 දෙසැම්බර් 4 දින ප.ව. 6:47 ට
වෙන්න ඇති වෙන්න ඇති… මං ඒකනෙ කියලා තියෙන්නේ මං මේ ගැන වැඩිය දන්නේ නෑ කියලා… අනික හැම සංස්කෘතික අංගයක්ම ගොන්පාට් විදියට ගන්නත් එපා.
2011 දෙසැම්බර් 4 දින ප.ව. 6:29 ට
මුන්නේස්සරම් දේවාලේ ගිනි පාගල අපේ එවුන් ටිකක් ගුටි නොකා බේරිලා ආවෙ නූලෙන්.
අනිත් කට්ටිය ඔක්කොම වතාවත් කරල, පේ වෙලා ගිනි පාගද්දී, සෑහෙන්න අනුමත වෙලා හිටපු මේ කට්ටිය, මේක තනි බොරුවක් කියල, නිකම්ම ගිනි පාගල පෙන්නලා.
මට මතක විධියට කාලෙකට කාලෝ ෆොන්සේකද කොහෙද, එක අතකින් අරක්කු වීදුරුවකුයි, අනිත් අතෙන් බැදපු මස් කෑල්ලකුයි, අරන් කොකු වලින් එල්ලිලා පෙන්නුව. ඒ දවස් වල ඒ පින්තුරත් පත්තර වල වැටුන.
2011 දෙසැම්බර් 4 දින ප.ව. 6:48 ට
ඔය ගැන ඇත්තටම මං වැඩිය දන්නේ නෑ ඔබ මාමේ… මාත් මේ පළවෙනි පාරට තමා මෙහෙම සීන් එකක් ලයිව් දැක්කේ…
2011 දෙසැම්බර් 4 දින ප.ව. 6:51 ට
ගිනි පාගන සීන් එකනං ලස්සනයි තමයි . . . ඒත් පන්සලේ . . . ???
// ඒ කුන අදින්න වෙන්නේ මටනේ//
කියන්නෙ නැතුව . . “කට්ට කන්න වෙන්නෙ මටනෙ” වගේ කිවුවනං යසයි නේද මල්ලියෙ එතන . . මොකද ගෑවිල ඉන්නෙ වෙන කවුරුවත් නෙමේනෙ ඒ වාක්කියට.
2011 දෙසැම්බර් 5 දින පෙ.ව. 7:00 ට
ඒ වචනේ ගැන මං එච්චර වද වෙන්නේ නෑ අයියේ… කට වචනෙට මොනා කිව්වත් හිතේ තියෙන ආදරය ගැන ආයෙම අමුතුවෙන් කියන්න ඕනේ නෑ….
2011 දෙසැම්බර් 4 දින ප.ව. 7:15 ට
මාත් ඔය වගේ සීන් වලට හෙනම ලයික් !!
අපේ ගමක හරි අහල ගමක හරි ගම්මඩු දෙවොල් මඩු එහෙමත් අතාරින්නේ නෑ. අපේ තාත්තව එක්කන් යනවා. බයකට නෙමේ. තනියම යන්න හොද නැති නිසා.
2011 දෙසැම්බර් 5 දින පෙ.ව. 7:00 ට
එන ජනවාරියෙත් තියෙනවා ගම් මඩුවක්.. ඒකටත් සෙට් වෙන්න ඕනේ බං…
2011 දෙසැම්බර් 5 දින ප.ව. 10:10 ට
අඩේ අයියා මාත් එන්නද ? අයියලාගේ ගෙදර ඉන්න පුලුවන් නේ ?
2011 දෙසැම්බර් 6 දින පෙ.ව. 7:07 ට
ඒකෙ කෙල්ලෝ හිටියේ නෑ බං… බං බොරුවට කිව්වේ… උඹ රැවටුනා නේද…? 😛
2011 දෙසැම්බර් 4 දින ප.ව. 8:56 ට
මමත් දැකලා තියේ හරියට..ඒත් ගිනි පාගන්න නම් බයයි !
2011 දෙසැම්බර් 5 දින පෙ.ව. 7:01 ට
මටත් බය හිතුනා අයියේ….
2011 දෙසැම්බර් 4 දින ප.ව. 9:10 ට
මම නාකියෙක් නිසා, අපි ඉස්කෝලේ යන කාලේ වෙච්ච, කාලෝ ෆොන්සේකා මහත්තයාගේ ගිනි පෑගිල්ලේ මතක තියන දේවල් කියන්නම්. එතුමා විශ්ව විද්‍යාල සිසුන්ද ඇතුළු විද්වත් කණ්ඩායමක් සමග, දකුණු පළාතේ සුප්‍රසිද්ධ දේවාලයක තමයි මේ ගිනි පැගිල්ල කරේ. මෙහිදී එතුමා ඉතා සරලව පෙන්නා දුන්නා දේව භක්තියකින් තොරව ගිනි පෑගීමට හැකිවන සාධක මොනවාද කියා. එනම් 1. ගිනිගොඩේ උෂ්ණත්වය (ගිනි අඟුරු තුලට උෂ්ණත්වමානයක් දමා පෙන්නුවා) (මහා ගිනි මැලයක් ගැහුවට සැහෙන්ඩ නිවුනට පාසේ තමයි පාගන්නේ.) 2. ගිනි පාගන තැනැත්තාගේ යටි පතුලේ සමෙහි ඝනකම. 3. යටි පතුල ගිනි ගොඩ සමග ස්පර්ශව තිබෙන කාලය. (එක් පියවරක් තැබීමේදී) 4. ගිනි මැලයේ දිග. ගිනි පාගන අයගෙන් බහුතරය සපත්තු පළඳින අය නොවේ. එබැවින් ඔවුන්ගේ යටි පතුල් ඝනකමයි. එසේ නොවන ගිනි පාගන්නන් භක්තිය යන හැගීම නිසා ඇතිවන ස්වයං මෝහනයෙන් එහෙම කරන්නේ. (ඔබේ මව ගිනි ගොඩකට වැටුනොත් ඇයව බේරා ගැනීමට යාමේදී ගින්නේ රස්නය ඔබට දැනෙන්නේ නැහැ වගේ තමයි) ගිනි පාගන අය බොහොමයක්, ජලය ස්නානය කරලා තෙත රෙදි පිටින් ගිනි ගොඩ වෙත එන්නේ. ඔවුන්ගේ රෙදි වලින් වැක්කෙරෙන ජලයෙන් ගින්න නිවාගන්ඩ පොඩි සපෝට් එකක් ලැබෙනවා. සමහරු ගිනි ගොඩ මත වේගයෙන් දුවන්නේ භය හා පිච්චීම යන හේතු දෙකම නිසයි. යමෙකුගේ කකුල් පිච්චුනොත් හොර කපුවො කියන්නේ කිල්ලට අහු වෙලා කියලා. නමුත් කිල්ල තමයි ඉහත සඳහන් සාධක සම්පූර්ණ නොවීම. කාලෝ ෆොන්සේකලාගේ අභියෝගයෙන් ලැජ්ජාවටපත් කපුවෝ පොලු කැලි වගේ දේවල් දැම්ම කාලෝ කණ්ඩායමේ අය ගිනි ගොඩ උඩ වට්ටවන්ඩ . නමුත් වැටුනේ නැහැ. උන් අන්තිමට තවත් ගිනි පාගන්ඩ නොදී වතුර ගහලා ගිනි ගොඩ නිව්වා. මට මතක හැටියට දවස පත්තරේද කොහෙද දාලා තිබුනා ලස්සන හෙඩිමක්. ‘කපුවෝ ගිනි ගොඩේ පහරති’ ඔන්න ඔහොමයි ගිනි පෑගිල්ල.
2011 දෙසැම්බර් 5 දින පෙ.ව. 7:06 ට
හරි ඒ කතාව ඇත්ත වෙන්න පුළුවන්. ඔය වගේ දෙයකදී මට පුංචිවත් නිදහසක් නෑ ඒක එහෙම නෙමෙයි කියන්න. මොකද මං තාම අත්දැකීම් එකතු කරන නිසා.
අයියගේ මේ කමෙන්ට් එකට නම් ගොඩක් ස්තූතියි. මං දන්නේ නැති දේවල් ටිකක් දැන ගත්තා.
හැබැයි අර තෙත රෙදි පිටින් ගිනි පෑගිල්ලනම් එතෙන වුනේ නෑ. අනික් ඇත්තටම එයාලගේ කකුලේ සමේ ගන කම වැඩි ඇති මොකද එයාලාගේ කකුල් වලට නිතරම ගල් බොරලු පෑගිලා ඒවාට ඔරොත්තු දෙන්න පුලුවන් කියලා මටත් හිතෙනවා.
ස්වයං මෝහනය ගැන නම් දන්නේ නැත.
2011 දෙසැම්බර් 4 දින ප.ව. 9:26 ට
ගිනි පාගන එක බලන්න මම හරි අකමැතියි. සිරාවටම ඇයි පන්සලක ඔහොම දෙයක් කලේ?
2011 දෙසැම්බර් 5 දින පෙ.ව. 7:07 ට
අපේ පැත්තේ දේවලා නැහැනේ අයියේ. ඒක නිසා වෙන්න ඕනේ.
2011 දෙසැම්බර් 4 දින ප.ව. 10:17 ට
කවදාකවත් ඔය ගිනි පාගන්න යන සීන් එක නම් මම දැකලා නෑ ..ඒවා නිකම් අන්ධ විස්වාස කියලා තමයි මම කොහොමටත් විස්වාස කරන්නේ .. ඒත් ඉතින් එවුවා මොනවා වුණත් මම ඒවා අත්හදා බලන්න යන්නේ නැති නිසා මම ඒ ගැන වැඩිය හිතන්නේ නෑ
Ratawesiya ගේ කමෙන්ට් එකට මාරම ලයික්
2011 දෙසැම්බර් 5 දින පෙ.ව. 7:07 ට
මම විශ්වාස ගැන නම් දන්නේ නෑ සඳරු… ඒත් ඒ සංස්කෘතික අංගය නම් බලාගෙන ඉන්න පුළුවන් තරමට ගති.
2011 දෙසැම්බර් 5 දින පෙ.ව. 1:59 ට
අපි නම් කතරගම පෙරහැර කාලෙට නිතරම වගේ එහෙ යන නිසා ගිනි පෑගිල්ල දෙතුන් වතාවක්ම දැකලා තියෙනවා..ඒත් මට නං හිතාගන්නවත් බෑ පිච්චෙන්නැතුව කොහොම ඇවිදිනවද කියලා..මටනං රත් වෙච්ච වැලි පොලවකවත් ඇවිද ගන්න බෑ නේ… :O
2011 දෙසැම්බර් 5 දින පෙ.ව. 7:09 ට
මට වෙලවෙකට හිතෙනවා ඒක ඇවිදිල්ලක් නෙමේ නිකං දිවිල්ලක් වගේ කියලා… ආයෙම පාරක් හොඳටම බලන්න වෙනවා…
2011 දෙසැම්බර් 5 දින පෙ.ව. 3:21 ට
කාවඩි සද්දෙට ගිනි පාගන්නමයි හිතෙන්නේ…..මොකද මේ සද්දේ ටිකකින් නැතිවෙන්නේ….
2011 දෙසැම්බර් 5 දින පෙ.ව. 7:10 ට
මම නම් බයයි….! අම්මේ මගේ කකුල් දෙක….
2011 දෙසැම්බර් 5 දින පෙ.ව. 3:23 ට
සොරි, ඉස්සෙල්ල කොමෙන්ට් එක දානකොට, ratawasiyaa ගෙ කොමෙන්ට් එක දැකල තිවුනෙ නෑ, ratawasiyaa සමග සම්පුර්ණයෙන් එකඟ වෙනව.
[වයසින් සමකාලීනයෙකු වෙන්න ඕනේ 60 දශකයේ පාසල් ගියා නම්]
මා සඳහන් කල සිද්ධියට අමතරව, ඔහු සඳහන් කල සිද්ධියත් ඒ කොමෙන්ට් එක කියෙව්වම මතක් වුනා
2011 දෙසැම්බර් 5 දින පෙ.ව. 7:11 ට
ඒ ගැන තව විස්තර ටිකක් දැන ගන්න තැනක් කියන්න පුළුවන් නම් තවත් හොඳයි..!
2011 දෙසැම්බර් 5 දින පෙ.ව. 8:11 ට
ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවූර්ගේ හේතුවාදී පොත්වල මේ ගිනි පෑගීම දේව භක්තියකින් තොරව ඕනෑම අයෙක්ට කරන්න පුලුවන් කියලා හේතු සාධක දක්වලා විග්රහ කරලා තිබුණා මතකයි. ඒකේ පරීක්ෂණය කරලා තිබුණේ දොස්තර කාලෝ ෆොන්සේකා සහ පිරිසක්. කොහොම නමුත් ලංකාවේ තියෙන සංස්කෘතික අංගයක් විදිහට ගිනි පෑගිමත් ගන්න පුලුවන්.
මට නම් ඕකේ සිරා පපරෙට කාවඩි නැටිල්ල තමා 🙂
2011 දෙසැම්බර් 5 දින ප.ව. 12:23 ට
මමත් හසිත ලොකුවට මේක ගැන නොලිව්වේ ඔය දේ ගැන මං දන්නේ බොහොම ටිකක් නිසා. අඩේ කාවඩි නැටිල්ල ගැනනම් කියලා වැඩක් නෑ… පිස්සු හැදෙනවා…
2011 දෙසැම්බර් 5 දින පෙ.ව. 10:41 ට
mama nan danan hitiya fishi yanwa kiuwama next post eka meka wenawa kiala,,,,,,
2011 දෙසැම්බර් 5 දින ප.ව. 12:24 ට
හ්ම්… 🙂
2011 දෙසැම්බර් 5 දින පෙ.ව. 11:24 ට
හිත හයිය නම්, විස්වාසයන්ගෙන් අන්ධ නම් ගිණි පෑගිල්ලට වඩා ගියපු දේවල් මිනිස්සුන කරන පුළුවන්. ඒක් නිසා ආගමික විස්වාසයක් මත කරන ගිණිපෑගිල්ලෙත් මිනිස් හිතේ හයියට එහා ගියපු කිසිම දෙයක් නෑ. ඒත් ඒ දිහා බලල පුදුම වෙන්න කාගෙන් තියන තහනමක්ද ?
2011 දෙසැම්බර් 5 දින ප.ව. 12:29 ට
මමත් මේ සිද්ධිය බලලා විඳගත්තා මිසක් එතනින් එහාට දෙයක් නෑ….
2011 දෙසැම්බර් 5 දින ප.ව. 5:18 ට
පන්සල් වලත් ගිනි පාගනවද? මම නම් දැකලා තියෙන්නේ කෝවිල් වල විතරයි….
2011 දෙසැම්බර් 6 දින පෙ.ව. 7:06 ට
අපේ පැත්තේ කෝවිල් නැහැනේ… ඒක නිසා තමා පන්සල් වල තියන්නේ…
2011 දෙසැම්බර් 6 දින ප.ව. 5:14 ට
කාවඩි නංගිල ටික පංකාදු පහයි.
2011 දෙසැම්බර් 6 දින ප.ව. 7:56 ට
උඹ හිටියනම් නියමයි බං….
2011 දෙසැම්බර් 7 දින ප.ව. 4:17 ට
ඈ බන් පංසල් වල ගිනි පාගනවද… පුදුමෙකුත් නෑ… ඉන්න තරම් දෙවි ගොල්ලො දැන් ඉන්නෙ පන්සල් වලනේ..
මට කියන්න හිතුන දෙයක් ඕනය කියල.. උබ පිළිතුරුත් දීලනේ.
2011 දෙසැම්බර් 7 දින ප.ව. 8:04 ට
අප්පට සිරි දැන් පන්සල් වල තමා කොහොමත් දෙවියෝ ඉන්නේ. බලපංකෝ කැරකිලා වටයක්… බෝගහක් නැතත් දේවාලයක් ඇති…
ඒ ගැන එච්චර හිතන්න එපා…