ඇපල් කියන්නේ මාර රස පලතුරක් කියලා දන්නවා ඇතිනේ. ඉතිං ඇපල් කනවා කියන්නේ ඒ රස පලතුර කන එකටම විතරක් නෙවේ. ඔය ක්ලාස් යන වයසේ කෙල්ලෝ කොල්ලෝ එහෙම පඳුරු අස්සේ හැංගිලා කට කන එකට ශිෂ්ඨ සම්පන්න විදියට කියන්නෙත් ඇපල් කනවා කියලා. ඉතිං මට ඒ ඇපල් කන්න තාම අවස්ථාවක් නොලැබුනාට මාත් හෙන ඇපල් ලෝලියෙක්…
ඒ ඇපල් ආදරේ පටන් ගත්තේ 2006 ග්‍රැෆික් ඩිසයිනින් කරන්න පටන් ගත්තා දවසේ ඉඳන්. එදා තමා මට අමතක නොවෙනම දවස මේ අවුරුදු කීපය තුල කොම්පියුටර් ආශ්‍රිතව ලැබුන. මුලින්ම අපිට ගිහිං ඉඳගන්න කිව්වා කම්පියුටර් ඉස්සරහින්… ඒ අපේ පළවෙනි ප්‍රැක්ටිකල් එක සඳහා. මුලින්ම ඉගැන්නුවේ පේජ් මේකර් නිසා මුල්ම ප්‍රැක්ටිකල් එකත් පේජ් මේකර් වලින්.
අපේ බැච් එකේ හිටිය දොලහක් විතර දෙනා ලඟ ලඟ තිබ්බ වීව් සොනික් මොනිටර දාලා තිබුන, ස්ක්‍රොල් මවුස් තිබුන පී.සී ලඟින් වාඩිවුනා, අන්තිමේ මට ඉතුරු වුනේ එකම එක මවුස් බටන් එක්ක තියෙන, හද්ද පරන මොනිටර් එකක් තියෙන මහ අමුතු හැඩේක පී.සී එකක්. පස්සේ ඉතිං අපේ සර් කිව්වා දැන් ඉතිං පී.සී ඔන් කරගෙන වැඩ පටන් ගන්න කියලා.
අනිත් හැම එකාම, කොම්පියුටරයක් ගෙවල් වල නැති අය හිටන් සී.පී.යූ එකේ පවර් බටන් එක ඔබලා මැෂින් ඔන් කරගෙන ලොගින් ස්ක්‍රීන් එකට එනකනුත්… මම මගේ අමුතු පී.සී එකේ පවර් බටන් එක හොයනවා…! පස්සේ සර් ඇවිල්ලා…. මේකට සී.පී.යූ බටන් එකක් නෑ, කීබෝඩ් එකේ තමා පවර් බටන් එකත් තියෙන්නේ කියලා එබුවේ නැතෑ හතරැස් කීස් වලට උඩින් තියෙන ඕවල් හැඩේ බටන් එකක්.
දැං ඉතිං මං බලන් ඉන්නවා එක්ස්.පී බූට් ස්ක්‍රීන් එනකං. අනිත් අය පේජ් මේකර් ලෝඩ් කරගන වැඩ පටන් අරගෙන මං තමා අන්තිමයා. පස්සේ ඉතිං වට පිට බලලා මගේ මොනිටරේ දිහා බලද්දී, මොකද්දෝ මන්දා අමුතු එකෙක් නිකං කින්ඩියට වගේ හිනාවේගෙන ඉන්නවා මට. බැලින්නම් ඒ ඇපල් මැක් ලෝඩර් එක. හප්පේ මට දාඩිය දාන්න ගත්තා. කවද දැකපුවද දෙයියනේ….!
පස්සේ ඉතිං තව ටිකකින් මෙන්න එනවා නෝමල් ස්ක්‍රීන් එකට. ඉස්සර ඉඳන්ම ඉතිං කම්පියුටරේ ගත්ත ගමන් කරන්නේ මවුස් එක රයිට් ක්ලික් කරලා රී-ෆ්‍රෙෂ් එකක් දෙන එකනේ… මල මගුලයි මේකේ රයිට් බටන් එකක් නෑ… ඔක්කොටම තියෙන්නේ එක බටන් එකයි. පස්සෙ ඉතිං යාන්තං පේජ් මේකර් ෂෝට් කට් එක ඩබල් ක්ලික් කරලා වැඩේ පටන් ගත්තා. ටිකක් කරගෙන යන කොට රයිට් ක්ලික් මෙනු එක ගන්න ඕනේම තැනකදී මං ආයෙම හිරවුනා. ඊට පස්සේ තමා අපේ සර් ඇවිත් මාව කැරකෙන පුටුව පිටින්ම ටිකක් එහාට තල්ලු කරලා මගේ මැසිමේ මොනිටරේ අනිත් ළමයින්ටත් පේන්න ඒ පැත්තට හරවලා මගේ අමුතු කම්පියුටර් එක ගැන කියලා දෙන්න ගත්තේ.
ඒකේ මවුස් එකට තියෙන්නේ එක බටන් එකයි….! රයිට් ක්ලික් මෙනු එක ඕනේ නම් තව කී එකක් ප්‍රෙස් කරන්න ඕනේ. ඊට පස්සේ ඩෙස්ක් ටොප් එකේ අයිකන්ස් ඩිෆෝලට් තියෙන්නෙත් වෙනස්ම ඕඩර් එකකට. ඒ වගේම ග්‍රැෆික්ස් වලට හොඳටම හොඳ යන්තරේත් ඇපල් මැක් මැසිමක් කියලා කිවුව හැටි එදා වගේ තාමත් මතකයි.
පස්සේ ඉතිං අනිත් අය හැමදාමත් අයි.බී.එම් පීසි වල වාඩි වෙද්දී මං හැමදාමත් වාඩි වුනේ මගේ අමුතු මැසිමේ. වින්ඩෝස් වල එක එක විකාර කරපු මට ඇපල් කියන්නේ මහා ලොකු තෑග්ගක් වගේ වුනා. ඇපල් මොනිටරෙන් මං දැක්ක මිදි ගෙඩි වල දම් පාට, දේදුන්නේ පාට හත, වැඩිය ඕනේ නෑ සිංහ කොඩියේ කහ පාට පවා මං අනිත් මොනිටර් වල, අනිත් පී.සී වල දැක්කේ මහාම මහ අලුගුත්තේරු පාටවල් විදියට. ඇත්තටම මං කෙල්ලෙකුට වඩා ඇපල් මැක් වලට ආදරය කරන්න ඇති…!
ඒත් ඉතිං කොයි තරම් හිතින් ලව් කරත් ඇපල් මැක් මැසිමක් නම් ගන්න බැරිවුනා තවම. එක පාරක් හල් කම්පියුටර්ස් එකට කෝල් එකක් දීලා ගාන ඇහුවම, මට හාට් ඇටෑක් හැදෙන්නත් ගියාද කොහෙද… සී.පී.යු එක රුපියල් ලක්ෂ එකාමාරයි මොනිටරේ ලක්ෂයයි. ඒ දැනට අවුරුදු ගානකට කලින් තත්තවය. දැන් නම් ගාන අඩු ඇති. ඉතිං කොහොම කොහොම හරි කට්ට කාගෙන තද කරගෙන හිටිය මේ ආසව ආයේ වැඩිවුනා රස්සාවක් කරන්න ගත්තම. ඊට පස්සේ කොහොම හරි ඇපල් එකක් ගන්නවා කියලා හිත හිත උන්නට වෙන වෙන එව්වාට හිත ගිය නිසා ඒ අදහසත් නිකංම නැතිවෙලා ගියා.
පස්සේ ඉතිං මගේ අළුත් ලැපී කුමාරිව ගත්තට පස්සෙ තමා පරණ ආසාවල් ආයෙමත් මෝදු වෙන්න ගත්තේ. මං දැනගෙන හිටියා ඇපල් මැක් පරන වර්ෂන් එකක ලයිව් සී.ඩී එකක් තිබ්බ වග. මං ඒක මගේ පරන ලැපීත් එක්ක ට්‍රයි කලත් ඒ වැඩේ හබක් වුනා රැම් එක මදි නිසා. ඊට පස්සේ ඉතිං අළුත් එක එක්ක ට්‍රයි කරන්න බලද්දී ඒ ලයිව් ඉමේජ් එක නෑ. ඊට පස්සේ අමාරුවෙන් නෙට් එකෙන් හොයාගෙන බා ගත්තා ලෙපර්ඩ් එක. ඒක රන් වෙන්නේ වර්චුවල් මැෂින් එක්ක විදියට. ඒක නම් ගොඩක් වටින දෙයක්. මොකද මට කවදාවත් එච්.පී ලැප් එක මැක් ඇන්ඩ් වින් දෙකම රන් කරන්න පුළුවන් වෙන්න ඩුවල් බූට් කරන්න බැරි වුනත් මේ වී.එම් වෙයාර් නිසා ඒ වැඩේ ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් වුනා…!
දැන් ඉතිං වින් වල ඉඳන්ම මැක් වලින් තමා වැඩ. වෙලාවට මගේ ඩොන්ගල් එකත් ඇපල් එකට ගහපු ගමන් ස්ටාට්..! දැන් ඉතිං සිංහල එහෙම දාගෙන ආයෙමත් පරන ආදරේ හොයාගෙන යන්න ඕනේ….! ඒත් ඇපල් මොනිටර් එකක් නැති කම නම් ලොකු අඩුවක් වෙනවා. බලමුකෝ ඒකටත් මොකක් හරි කොරගන්න….!
මේ පෝස්ට් එක නම් ඇපල් මැසිමක් ජීවිතේට ඇහැකටවත් දැකලා නැති කෙනෙකුට කිසිම හරයක් නැති වෙයි. ඒත් ඇපල් එක්ක එක පාරක් හැප්පිලා තියෙන කෙනෙකුට නම් ඇපල් මොනිටරේ මැවුන ලස්සන පාට එක්කම මතකය අළුත් වෙයි….!
දැන් හොයන්න ඕනේ අළුත්ම ලයන් වර්ෂන් එකේ වර්චුවල් මැෂින් ඉමේජ් එකක්….!
2011 දෙසැම්බර් 2 දින පෙ.ව. 7:24 ට
නියමයි මචෝ…ට්‍රයි කරලා බලන්න ඕන…
2011 දෙසැම්බර් 2 දින පෙ.ව. 7:36 ට
එල ට්‍රයි එකක් දීලා බලන්නකෝ….
2011 දෙසැම්බර් 2 දින පෙ.ව. 7:31 ට
ඇපල් කාලා නෑ කීවා නේද? 😛
2011 දෙසැම්බර් 2 දින පෙ.ව. 7:36 ට
හ්ම් 😦 😦 😦
2011 දෙසැම්බර් 2 දින පෙ.ව. 7:46 ට
කන ඇපල් වලට වඩා වෙනස් ඇපල් තියෙනව එහෙනං
2011 දෙසැම්බර් 2 දින පෙ.ව. 7:48 ට
නැතුව නැතුව… තව කොච්චරක් කියලද….!
2011 දෙසැම්බර් 2 දින පෙ.ව. 8:49 ට
දැන්වත් ඇපල් ගෙඩියක් කාල බලන්න.
2011 දෙසැම්බර් 2 දින පෙ.ව. 9:27 ට
හැම ඈපල් ගෙඩියමත් රහ නැහැලුනේ අයියේ….
2011 දෙසැම්බර් 2 දින පෙ.ව. 9:00 ට
I had a chance to buy a Emac for 5000 bucks and it was awesome. After it got corrupted I bought another emac from ‘U computers’ kirulapana. I think its already available for 6900 bucks. U may try Mac os x 10.4 . [just beside perera & sons]
2011 දෙසැම්බර් 2 දින පෙ.ව. 9:28 ට
ස්තූතිය විස්තර ටිකට….
2011 දෙසැම්බර් 2 දින පෙ.ව. 9:10 ට
අපොයි ඉස්සර ඔෆිස් එකේ වැඩ කරද්දි ඇපල් මැෂින් මටත් මුල් දවස් වල නිකන් හුටන් වගේ පස්සේ ටිකක් කල් යද්දි ඒකෙ වැඩ කරන්න හුරු උනා දැන්නම් අවුරුදු එකහමාරකින් විතර ඇපල් මැෂින් එකක වැඩ කළේ නෑ
2011 දෙසැම්බර් 2 දින පෙ.ව. 9:28 ට
ෂික් දෑවැද්දටවත් මට ඇපල් මැෂිමක් ලැබුනොත්… 😀
2011 දෙසැම්බර් 2 දින ප.ව. 12:22 ට
නඩුකාරිට කියමු 😀
2011 දෙසැම්බර් 2 දින ප.ව. 2:25 ට
එයාට කිව්ව ගමන් කිව්වේ… “ඇපල් දා ගත්ත නම් කාපං කොල්ලෝ” කියලා. මං ඉතිං අනිත් පැත්තට ඇරලා දැම්මා තනියම කන්නේ කොහොමද ඔයාගේ දූ පොඩ්ඩ ඉක්මනට මයෙ ගාවට එවන්න කියලා.
2011 දෙසැම්බර් 2 දින පෙ.ව. 9:50 ට
ඒ කියන්නෙ ඇපල් මැසිමෙන් කරපු ලස්සන වැඩ කෑලි ටිකක් අපිටත් ලඟදිම බලා ගන්න පුළුවන් වෙයි..
2011 දෙසැම්බර් 2 දින ප.ව. 2:21 ට
ඒකට නම් කාලයක් යයි අක්කේ…. මං ඇත්තටම මැක් දාගත්තේ ආසාවට…
2011 දෙසැම්බර් 2 දින පෙ.ව. 9:56 ට
oytath hithena dewal….kalen kaleta eka eka aasawal….
2011 දෙසැම්බර් 2 දින ප.ව. 2:22 ට
එහෙම නැතුව බෑනේ….
2011 දෙසැම්බර් 2 දින පෙ.ව. 10:28 ට
There is os called “Hackintosh” (Hacked-Mackintosh) which can install on PCs. U better try it. 🙂
2011 දෙසැම්බර් 2 දින ප.ව. 2:23 ට
දිරිගැන්වීමට ස්තූතියි… ඔය වගේ වැඩ වලට වෙලාව හොයාගන් එක තමා අමාරු.
2011 දෙසැම්බර් 2 දින පෙ.ව. 11:35 ට
😀 😀 adeeee el bn….. e keyanne bn win 7 thiyagenama mac danna puluwannda…. pattaaaa bnnn….. anew mth try kornna one,,, me ethkot adobe cs5 master collection ek aplle eketh wada da???
2011 දෙසැම්බර් 2 දින ප.ව. 2:24 ට
තාම බැළුවේ නෑ බං…. ඉක්මනටම බලලා කියන්නම්….
2011 දෙසැම්බර් 2 දින ප.ව. 4:16 ට
elzzz….. anew keypn…
2011 දෙසැම්බර් 2 දින ප.ව. 4:59 ට
🙂 ela
2011 දෙසැම්බර් 2 දින ප.ව. 1:30 ට
මන් පාව්ච්චි කරන්නේ ඇපල් මැක් බුක් ප්‍රෝ එකක්. මැක් නියමයි
2011 දෙසැම්බර් 2 දින ප.ව. 2:26 ට
ඔව්… මැක් සුපිරි…!
2011 දෙසැම්බර් 2 දින ප.ව. 2:15 ට
කාපන් පුතේ ඇපල් කිව්වලු…..
2011 දෙසැම්බර් 2 දින ප.ව. 2:26 ට
තනියම කොහේ කන්නද බං….
2011 දෙසැම්බර් 2 දින ප.ව. 3:27 ට
ඇපල් කොම් එකක් දැකලනම් තියෙනවා , පාවිච්චි කරලා නැහැනේ. මම ඇපල් ෆෝන් වලටනම් මාර ආදරෙයි. එයාව මං ගන්න හිතන් ඉන්නවා ජොබ් එකක් එහෙම ගත්තාම 🙂
2011 දෙසැම්බර් 2 දින ප.ව. 4:17 ට
ඒ දවස් වෙනකොට තව ගොඩක් ගැජ මැටික් එක්ක ඇවිල්ලා තියේවි අයි ෆෝන් එක…
2011 දෙසැම්බර් 2 දින ප.ව. 3:41 ට
ඇපල් මැසිමනං ඵෂ්ඨ ඕයි . . . මාත් හෙනම ලැයික් . . ඒත් අපිට කොයිංද බං බූල් බල්ලො
2011 දෙසැම්බර් 2 දින ප.ව. 4:22 ට
ඒකනේ අයියේ පස්නේ… බූල් තියා නිකං බලු කුක්කෙක්වත් නෑ බං….
2011 දෙසැම්බර් 2 දින ප.ව. 5:59 ට
ඇපල් මැශිමක 2-3 සැරයකට
වඩා වැඩ කරලා නෑ..හොයලා බලන්න ඕනි එකක් ගන්න කොහෙන් හරි..
2011 දෙසැම්බර් 2 දින ප.ව. 7:02 ට
වැඩ කරලම බලන්නකෝ…!
2011 දෙසැම්බර් 2 දින ප.ව. 7:27 ට
ඇපල් රහයි.හැබැයි ගනං වැඩී.
2011 දෙසැම්බර් 2 දින ප.ව. 7:48 ට
ඔව් බං…. පාටත් මාර ලස්සනයි…!
2011 දෙසැම්බර් 2 දින ප.ව. 7:29 ට
මම මේ ඇපල් වලට කැමති .. ඒත් අනිත් ඇපල් ගෙඩි වල නම් මට වැඩි රහක් දැනෙන්නෙ නැහැ. උගුරුස්ස, නෙල්ලි, නමිනං මතක් කර කර ඉන්නවා ඇපල් එකේ කොටද්දී !!!
2011 දෙසැම්බර් 2 දින ප.ව. 7:49 ට
හික්… අක්කා කියන්නේ පළතුරු ගැනනේ… කටු ලොවි වල රස එහෙම මතක තියේද තාම?
2011 දෙසැම්බර් 3 දින පෙ.ව. 12:45 ට
ග්‍රැෆික්ස් නම් පට්ට තමා.. ඒත් ඇපල් මෙෂින්ස්, මොනිටර්ස් විතරක් නෙමෙයි මැක් බුක්ස් වුනත් මට පේන හැටිද මන්ද නිකන් ෆෙමිනින් ටච් එකක් තියෙනව වගේ පෙනුම..
2011 දෙසැම්බර් 3 දින පෙ.ව. 8:23 ට
ඉතිං එහෙම එව්වට නේන්නම් කොල්ලෝ කැමති… 😀
2011 දෙසැම්බර් 3 දින ප.ව. 7:06 ට
හත්තිලව්වයි එතකොට මම gay ද ? 😦
2011 දෙසැම්බර් 3 දින ප.ව. 7:23 ට
නෑ නෑ හත්තිලව්වේ… දැන් ඔය උන්නැහේ වයසයි නොවැ….
2011 දෙසැම්බර් 3 දින පෙ.ව. 7:38 ට
ඇපල් වලට සමාන ඕඑස් එකක් තියෙනවා හැකින්ටොශ් කියලා. ඒක ට්‍රයි කරලා බලන්න අයියා. ඒ වගේම වින් 7ට තියෙනවා ඇපල් තිම් එකක්. තනිකරම ඇපල් වල වැඩ කරනවා වගේ හිතෙයි.
මාත් ටික දවසක් ඇපල් එකක වැඩ කරලා තියෙනවා. ග්‍රැෆික්ස් එහෙම මරු. හොට් කෝනර්ස් වගේ අමුතු ඉෆෙක්ට්ස් තියෙනවා. තව ෆයිල් ස්ට්‍රක්චර් එක එහෙමත් වෙනස්. .exe ෆයිල් වෙනුවට .pkg තියෙන්නේ. වින්රාර් ෆයිල්ස් වෙනුවට තව මොනවද ජාතියක්.
2011 දෙසැම්බර් 3 දින පෙ.ව. 8:24 ට
හැකින්ටොෂ් කියන්නෙ මැක් මැෂින් වල නැතුව අයි.බී.එම් සිස්ටම් වල දුවවන්න පුළුවන් විදියට වෙනස් කරපුවා. එයින් එකක් තමා මටත් හම්බුනේ…
2011 දෙසැම්බර් 3 දින පෙ.ව. 8:29 ට
අන්න හරි. ඒක තමා.
අපේ අයියා කෙනෙක් තමා කියලා දුන්නේ. මම නම් මැක් වලට වඩා ලිනක්ස් තමයි !!! 🙂
මැක් සක්ස් !!!! 🙂
2011 දෙසැම්බර් 3 දින ප.ව. 6:43 ට
ලිනක්ස් හොඳයි… මැක් හොඳාඳාඳාදායි…
2011 දෙසැම්බර් 3 දින පෙ.ව. 9:32 ට
ඉක්මණට ඇපල් කන්න ලැබෙවා…..
2011 දෙසැම්බර් 3 දින ප.ව. 6:44 ට
අන්න හොඳ ප්‍රාර්ථනාවක්….!
2011 දෙසැම්බර් 3 දින ප.ව. 5:48 ට
කියලා වැඩක් නෑ.. මමත් ඇපල් එකක් අතගෑවේ ඉතාලි ආවට පස්සේ.. කියලා වැඩක් නෑ… මාරම කොලිටි එකක් තියෙන්නේ..
2011 දෙසැම්බර් 3 දින ප.ව. 6:46 ට
ඔව් ඒ විදියට වින්ඩෝස් හැදිලා ආවනම් වින්ඩෝස් වල වටිනාකම කියලා වැඩක් නෑ
2011 දෙසැම්බර් 3 දින ප.ව. 5:54 ට
thanks අයියේ, මේක xp වල run කරන්න පුලුවන්ද. ?? මමත් mac වලට මාර ආදරේ!
2011 දෙසැම්බර් 3 දින ප.ව. 6:47 ට
මං දන්න තරමාන් පුළුවන්… අවුලක් වෙන්නේ නෑ ට්‍රයි කරලා බලන්න…
2011 දෙසැම්බර් 4 දින පෙ.ව. 12:24 ට
අනේ මේ ඇපල් නම් තේරෙන්නෙ නැතෝ…. 😦
2011 දෙසැම්බර් 4 දින පෙ.ව. 11:22 ට
නියමයි නිසූ… අවස්ථාවක් හම්බුනොත් ට්‍රයි කරලා බලන්න…
2011 දෙසැම්බර් 4 දින පෙ.ව. 4:12 ට
හලේ මටනං සිරාවටම මොකුත් තේරුනේ නැතියෝ… ඒත් ඉතින් මාළු අයියණ්ඩිගෙ ලව් සික් එක ඉශ්ඨ සිද්ද වුණු එක ගැනනං හරිම සතුටුයි…. 😀
ඇපල් මැක් ප්‍රේමය වගේම ඇපල් කෑමේ වාසනාවද ල්ඟදීම ලැබෑවායි මංචියා ඉත සිතින්ම පතමි… 😉
2011 දෙසැම්බර් 4 දින පෙ.ව. 11:23 ට
අර අන්තිම ප්‍රාර්ථනාවට මං හෙන ලයික් හරිද…
2011 දෙසැම්බර් 4 දින පෙ.ව. 7:52 ට
මමත් Mac Computer එකක වැඩකරන්න ආසයි. එත් තාම එකකවත් වැඩ කරල නැහැ. කොහෙද ඉතින් සල්ලිවලට ගන්න පුළුවන් ගානක් නෙමෙයිනේ තියෙන්නේ
2011 දෙසැම්බර් 4 දින පෙ.ව. 11:24 ට
ඕනෙ කම තියෙනවා නම් මැක් නාන්න වුනත් පුළුවන් බං…
2011 දෙසැම්බර් 4 දින පෙ.ව. 10:03 ට
කොහොමත් වැඩිහරියක් අපල කන්නේ පනුවෝ බන් , ඒ හින්ද ගණන් ගන්නා එපා ,,
ඉඩක් ලැබුන වෙලාවක අලුතින් පටන් ගත්ත මගේ මකර ගුහාව පැත්තෙත් ඇවිල්ල, අඩුපාඩු ඇතොත් පෙන්නලා දීල යන්න කියල මම ආදරයෙන් ආරාධනා කරනවා
2011 දෙසැම්බර් 4 දින පෙ.ව. 11:25 ට
මකර ගුහාවට මං ගිහින් තියෙන්නේ …
2011 දෙසැම්බර් 4 දින පෙ.ව. 10:17 ට
මම ඉස්සර වැඩකරපු කොම්පැනියක ඔය ග්‍රැෆික් බුවෙක් අළුතෙන් ඇවිල්ලා MAC එකක් ගෙනාවා මූට වැඩට..කොහොමහරි මූ වැඩ කරේ නෑ දවස් දෙක තුනක් යනකං.මොකද මොනිටරේ විතරයි නේ ඇවිල්ලා තියෙන්නේ…මට මතක G3 එකක් ද කොහේද..ඌත් ඇපල් වල වැඩ කරලා නෑ.අපේ උනුත් බයිට් කරලා මොනිටරේ විතරයි ඉදපන් කියලා අනික් ඒවා එනකං…හික් හික් හික් ….
2011 දෙසැම්බර් 4 දින පෙ.ව. 11:26 ට
ඇපල් මොනිටරේට වින්ඩෝස් සෙට් කරත් එල… මාර කලර්ස්….
2011 දෙසැම්බර් 5 දින පෙ.ව. 12:46 ට
G3 මොඩල් එකේ මොනිටරේ විතරයි නේ තියෙන්නේ..ඒකේ නේ ඔක්කොම තියෙන්නේ..පිටිං බැළුවම පේන්නේ මොනිටරේ විතරක් නිසා අර බුවා රැවටිලා….
2011 දෙසැම්බර් 5 දින පෙ.ව. 7:08 ට
හ්ම්… හ්ම්… දැන් එන අළුත් ඕල් ඉන් වන් වල මූලිකම අවධිය….
2011 දෙසැම්බර් 4 දින ප.ව. 4:35 ට
ඕනෙ කම තියෙනවා නම් මැක් නාන්න වුනත් පුළුවන් ! ඒ කොහොමද??????????????????? :^)
2011 දෙසැම්බර් 4 දින ප.ව. 6:45 ට
මැක් තියෙනවා ඕනේ තරම්… නෝමල් පී.සී එකක උනත් යූස් කරන්න හදාගන්න විදි ඕනේ තරම් නෙට් එකේ තියෙනවා.
2014 අප්‍රේල් 20 දින ප.ව. 1:47 ට
ඇත්ත කතාව !!
2014 මැයි 15 දින ප.ව. 5:46 ට
🙂