කෙල්ලෙකුට හම්බුන උපන්දින තෑග්ගක්…!!!

කෙල්ලට අවුරුදු 19ක් විතර වෙන්න ඇති. ඒ වෙන කොටත් ඒකිගේ මූනේ තිබුන පිං පාටට වහ වැටුන සමනලයෝ දෙතුන් දෙනෙකුගෙම ආදරයට පාත්‍ර වෙච්චි අහිංසක මලක්. ස්කෝලේ යන්න කාර් එකක්, අතට පයට වැඩ  කරලා දෙන්න වැඩකාරයෝ, අම්මා තාත්තගේ අසීමිත ආදරය වගේ කොයි තරම් සැප සම්පත් තිබුනත්… ඒ වයසේ හැටි කියන්නේ… අම්මලා තාත්තලා, අනිත් වැඩිහිටියෝ කියන දේවල් කනකට ගන්නේ නැති තරමට හෝමෝන වල ක්‍රියාකාරිත්වය උග්‍රවෙලා. ඉතිං කොහොම හරි අර සමනලයින්ගෙන් ඒ වෙනකොටත් තමන්ගේ රොන්වල පහස ලබන්න පිං තියෙනවයි කියලා හිතාගෙන හිටිය සමනලයාත් එක්ක මල ඉගිල්ලෙනවා…!

දෙමවුපියෝ හොයන්න පුළුවන් තරම් හොයනවා, ඒත් සමනලයා ගොඩක් සුක්ෂමයි. ඌ අරගෙන ආපු මල රැක ගන්න විදිය ඌ දන්නවා. හංගන්න පුළුවන් හැම තැනම හංගලා අන්තිමේ ටික කාලෙකින් රොන් උරාගෙන එහෙම ආරක්ෂාව ලිහිල් කලා. දැන් ඉතිං මුද්දරේ සීල් එක ගහලනේ…. ඒක නිසා එක අයිතිකාරයයි. අම්මලා තාත්තලා වුනත් එහෙම හිතාවි කියලා කෙල්ල හිතුවට, දෙමවුපියෝවත් කෙල්ලගේ නංගිවත් එහෙම හිතුවේ නෑ. ඒ මුද්දරේ කවුරු සීල් එක ගැහුවත් අම්මට තාත්තට ඕනේ ඒ මුද්දරේ, ඒ අහිංසක මල ආයෙම තමා ළඟට ගන්න.

වෙන මොනවත් නිසා නෙවෙයි ආදරේ නිසා. ඒත් ඉතිං ඒ ආදරේට වැඩිය සමනලයා මලට ආදරේ නිසා මල කවදාවත් තීරණය කලේ නෑ ආයෙම අම්මලා ගාවට යන්න. ඒත් ආදරේ නිසා. පස්සේ ඉතිං ඔහොම ටික කාලයක් ගෙවිලා යද්දී මොකද්දෝ මන්දා අහේතුවකට මලයි සමනලයයි අතර පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා. ඒ ප්‍රශ්නත් එක්කත් ටික කාලයක් මේ දෙන්නා හොඳින් ජීවත් වෙනවා. මල දන්නවා මල නැතුව සමනලයට ජීවත් වෙන්න බැහැ කියලා… ඒ වගේම සමනලයා දන්නවා කවුරු හිටියත් සමනලයා නැතුවත් මලට ඉන්න බැහැ කියලා. ඉතිං ඒ විශ්වාසය මත දෙන්නා රංඩු දබර මැද්දේ ආදරයත් පුරෝගෙන සතුටින් ඉන්නවා.

හැම තැනම ඉන්නවානේ අනුන්ගේ කුණු අදින කාක්කෝ කාක්කියෝ…. ඉතිං මේ පවුලටත් එහෙම සුදු කාක්කියෙක් සෙට් වෙනවා. සුදු පාටට හිටියට ඌත් කාක්කෙක්නේ. ඉතිං පුරුද්ද අතාරින්න බැරි නිසා හැම දේටම හොට දාලා, කොටවන්න පුළුවන් තරම් කොටවනවා. අන්න ඒ විදියට සුළුවෙන් ගිනි පුපුරු ඇවිලිලා අන්තිමේ මේ පුංචි පවුල දෙකඩ වෙනවා.

ඊට පස්සේ කෙල්ල ආයෙමත් යනවා අම්මලා ගාවට. අම්මලා කෙල්ලව එලවන්නේ නෑ… අයිතිකාරයෙක් හිටියත් ඒ කෙල්ලව ආයෙමත් ගෙදට්ට වැද්ද ගන්නවා. ඒ කෙල්ල අසරන නිසා. මොනා වුනත් තමන්ගේ දරුවනේ කියලා හිතුනා නිසා. ඒ අතරෙදි කෙල්ලගෙන් අර සමනලයා දික්කසාදෙත් ඉල්ලනවා. කෙල්ලත් ගෙදර අයට කියලා නඩුවට ලෑස්ති වෙනවා.

ඒ අතරෙදි තමා විශේෂම දෙයක් වෙන්නේ… හරියට හේතුවක් නොදන්නවා වුනත්, අනිත් අය ගොඩක් හොදට සමරණ විසි එක්වෙනි උපන් දිනේ ලබනවා ඒ කෙල්ලටත්…! ඉතිං හැමෝම සුභ පතනවා… එක විශේෂ යාළුවෙකුත් සුභ පැතුවා….!

එයාට  එනවා කෙල්ලගෙන් රිප්ලයි එකක්….

ගිය අවුරුද්දේ අද වගේ දවසෙදී, මම ඇහැරෙද්දී මගෙ මූනට එයා එබීලා හිටියා… ඒත් අද ???

අනිත් අය විසි එක්වෙනි උපන් දිනේ සමරද්දී හැමෝගෙන්ම තෑගි ලැබෙනවා.  මේ කෙල්ලටත් ලැබෙනවා තෑග්ගක්….! ඒකට කියන්නේ දික්කසාදය කියලා….!

59 Responses to “කෙල්ලෙකුට හම්බුන උපන්දින තෑග්ගක්…!!!”

  1. ලොකු ජෝන් Says:

    තීරනගන්න කොට ඔයට වඩා හිතන්න ඔනෙ . ජීවිතය කියන්නෙ අවුරුදු 18-21 අතර පෙන එකම නෙමෙයි. ඒකයි අම්මලා තාත්තලා කියන්නෙ ඒ අයට දැනුම් තෙරුම් තියනවා කියලා තෙරෙන්නෙ තව අවුරුදු ගානක් ගියාට පස්සෙ. එතකන් හරියට පවුල රැකගෙන හිටියොත් හොඳයි නැත්නම් ඉතින් සමනලයටයි මලටයි උන දෙ තමයි !

  2. අකීකරුහිත Says:

    මොනා කියන්නද මේකට..

  3. praveena Says:

    අය්යෝ හරිම දුක හිතෙන කතාවක්…. 😦

  4. දුකා Says:

    දෙමාපිය සෝයුරු සෙවනේ ආදරෙන් ඇති දැඩි වෙලා සතුටෙන් ජීවත්වෙන කෙනෙක් තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්නේ ඒ සතුටට වඩා සතුටක් ලබන්න . . .

    ජීවිතයේ කවදාවත් නොලබපු අමුතුම සතුටක් ලබන්න . . .

    ඒත් ඒ එක් සම්බන්ධය නිසා අලුත් සතුටක් ලැබීම කෙසේ වෙතත් එතෙක් කල් තමන් ලඟ රැඳුනු පොඩි හරි සතුටත් නැති වෙනවනම් . . .

    අවිවාදයෙන් ඒ සම්බන්ධය නවත්වන්න ඕන කියන එකයි මගේ හැඟීම (නීතියෙක් එක්වෙලා හෝ නොවී ඉන්න එක ඒ තීරණයට බලපෑමක් කර ගන්න නරකයි )

    ඒත් කොටවන්නන්ගේ ඉගැන්නුම් බස් නිසා සතුටෙන් හිටි දෙන්නෙක් දෙපැත්තට කරනවනම් උන්ව එල්ලන්න ඕන . .

  5. ශානු Says:

    ඌප්ස්ස්ස්ස්ස් ඔයා මොකද මේ ටිකේ හලි අමුතු එව්වා ලියන්නේ

  6. සපතේරු උන්නැහේ Says:

    විසේස යාලුවා නම් මාළුවෙක්ලු…

    ………

    ශානු +

  7. ඕනයා (Dulip Sikurajapathy) Says:

    මගෙ මල්ලිගෙයි උගෙ මුල් කසාදෙ උන නිරෝශිගෙයි කතාවත් ඕකමයි බං . . . අන්තිමේ එතන තැලුනෙ උංදෙන්නගෙම පැටියා . . මායා

  8. X-Porter Says:

    අම්මට උඩු….. සූස්ති සූට්ටිත්තක් ගහල හිතන්න ඕන පුරස්නයක්…..ඕක සාමාන්ය දෙයක් වෙන්න වගේ යන්නෙ…..අහේතු කාලේන කජ්ජේන පූලං කිව්වලු

  9. සිතුවම් Says:

    අනේ මන්ද උන් දෙන්නම හැබැයි ටික කාලයක් හරි ජීවිතේ විදින්න ඇතිනෙ.මට ඒ ගැන සතුටුයි.

  10. ශානka Says:

    අඩා කරකවල අතඇරිය වගේ බං දුක හිතෙන සීන් එකක්නෙ.

    මචං මුලින් වැසිකිලියට වතුර ගහන්න වාගෙ පෝස්ට් දාල දැන් පරක්කු කරන්නෙ ඇයි ? ලොල්.

  11. පැණි දොඩම් Says:

    මිනිස්සුන්ට ඔලුවක් කියල දෙයක් දීල තියෙන්නෙ ඕකට තමා…

  12. මධුරංග Says:

    මොකද්ද ඔය මුද්දරේට සීල් ගහන කතාව ? මට ඒක විතරමයි නොතේරුනේ.

  13. කළු පූසා Says:

    මට හිතෙන විදිහට මේක සත්‍ය කතාවක් ?

    අඩු වයසින් බැන්දොත් ඔහොම වෙන ඒක අහන්න දෙයක් නෙමෙයි. අඩු ගානේ අවුරුදු 25 වලා නම් කෑමක් නැහැ. අවුරුදු 19 බැඳලා කොහොමද ජිවිතේ විඳින්නේ ? 😦

    හොඳ වෙලාවට මලට තව පොඩි මලක් ලබාදෙන්න බැරි උනේ , එහෙම උනානම් තව ප්‍රශ්නයක්

  14. මකුළු පැංචි Says:

    අපොයි දෙයියනේ….සරල වචන වලිම් හදවතට පිහියෙන් ඇනපු හැටි මාලු අයියණ්ඩී…. :(((

  15. ගිනි කුරුල්ලා Says:

    ඉක්මන් තීරණ ගන්න ගොඩක් අය ඔය විදියට අමාරුවේ වැටෙනව බන්…..

  16. Chanaka Says:

    ඉක්මන කොටයි කියන්නෙ ඕකට තමයි මාලුවෝ.. හැබැයි මට පේන්නෙ මේකට වග කියන්න ඔනේ අර අහක හිටපු කාක්කා හොඳට තිබුන කුරුළු කුඩුව කඩලා දැම්මට..

  17. නවම් Says:

    කවුද බොලේ අර මැසේජ් එක දාපු විසේස කොළුව ? 😉

  18. Observer Says:

    ලංකාවෙ මගේ යාළුවෙකුගෙ දුවෙකුටත් ඔය තෑග්ග ලැබුන වයස 21 වෙන්නත් ඉස්සෙල්ල, වෙලාවට අනෙත් තෑග්ග [හුරතල් කරන්න චුටි බබෙක්] ලබුනෙ නෑ

  19. dinesh umagiliya Says:

    අඩු වයසෙන් කසාද බදින සමහරු ඔය දේට මුහුන දෙනවා.. අවාසනාව වෙන්නේ තමන්ගේ ජීවිතේ ලස්සනම කාලේ එක්කො දරුවෙක් එක්ක තනි වෙන්න වෙන එක..

  20. සිහින ඉසව්ව Says:

    කාගෙවත් කතාවක් නිසා තමන්ගේ ආදරේ අවිශ්වාස කරන්න පුළුවන්ද?තමන් පණ වගේ ආදරේ කරපු ආදරේ අවිශ්වාස කරන්නේ කොහොමද? විශ්වාස නිසා නේද ආදරේ කලේ. ගොඩක් හිතට වැදුණ කතාවක් මාළුවෝ.ගොඩක් දුක හිතුණා..

  21. pissa palaamalla Says:

    අඩු වයසෙන් … ජීවිතේ ගැන බරක් පතලක් නැති.. අත්දැකීම් නැති කාලේ… ඔය වගේ තීරන ගත්තම අවසානය හුඟක් ඔහොම තමා…

    ඈ බොල.. මම මේ මග ඇරුනු පෝස්ට් ටිකම කියවන් එන්නේ… අමුත් ස්ටයිල් එකක් නේ..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: