මේ කතාව එකෝමත් එක රටක එකක් නොවුනට ඒ ස්ටයිල් එකට තමා ලියන්න වෙන්නේ. මොකද මේ කතාවට අදාල ලොකු මහත්තයා කතාව වැරදිලා හරි කියෙවුවොත් එහෙම දෙතුන් දෙනෙකුගෙම රස්සා වලට කෙලවෙන නිසා.
ඉතිං එකමත් එක රටක එක ඔෆිස් එකක හිටියා පේරා ගියපු ඉංජිනේරු මහත්තයෙක්. පොර සැබෑ මහත්තයෙක් වගේ උන්නට එක එක කුණු හරුප වැඩත් කලා. ඉතිං ඔය මහත්තයාට උන්නා සහයාකයෙක්… සිංහලෙන් ඇසිස්ටන් කියන්නේ අන්න එහෙම එකෙක්. ඉතිං ලොකු මහත්තයගේ කඩේ යන වැඩ වලින් ගොඩක්ම ඉටුකරේ ඇසිස්සටන් තමා. පියන්ලා හිටියට ෆොටෝ කොපි ගන්න, ෆැක්ස් යවන්න වගේ වැඩ වලට කොයි වෙලේත් එහෙට මෙහෙට දිව්වේ ඔය ඇසිස්ටන්ම තමා.
ඉතිං ඔහොම දවසක් දා ඔන්න ලොකු සෑර්ට මීටමකට යන්න වෙලා. ඒ අස්සේ පොරගේ රෙන්ට් අවුට් කරලා තියෙන වාහනයක ප්රයිවට් ඇන්ඩ් කන්ෆිඩෙන්ෂල් කියන ඩොකියුමන්ට් එකක ෆැක්ස් එකකුත් කාටද මන්දා යවන්න ඕනේ වෙලා. ඉතිං කොයිතරම් ලොක්කා වුනත් වැඩ දෙකක් එකපාර කරන්න බැරිනිසා, ලොක්කා අර වැදගත් ඩොක් එක දුන්නා ඇසිස්ටන්ට. තව පොඩි නෝට් පෑඩ් එකකින් කොලේකුත් ඇදලා අරං ෆැක්ස් එක යවන්න ඕනේ නම්බර් එකත් ලිව්වා. ඊට පස්සේ, ඇසිස්….ඇසිස්… මේක කාටවත් පෙන්නන්නේ නැතුව ෂේප් එකේ ඔය නොම්මරේට ෆැක්ස් දාලා එන්න…. කියලා.
ඇසිසුත් ඉතිං හා හරි… එල කිරි සෑර්… කියාගෙන හුචස් හුචස් ගාලා කිරිටොයියා වගේ වැඩ කරන ෆැක්ස් මැසිම හොයාගෙන ඉගිලුනා. ඔන්න ඉතිං ඇසිස් ගිහිං, ෆැක්ස් මැසිමේ පේපර් ෆීඩර් එක උස්සලා කොලේ තිබ්බා… මේක ඉතිං අළුත්ම එකක්නේ, නිෂ්පාදිත වර්ෂය එකදාස් බර ගනන් වගේ තමා තිබුනා කියන්නේ. ඉතිං ඒක නිසා මේ ෆැක්ස් මැසිම ෆුලි ෆන්ක්ෂනල් එකක්. හැබැයි මැනුඅල්. පස්සේ ඉතිං ඔන්න කොලේ තියලා නම්බර් පෑඩ් එකෙන් අංක ටික කොහොමහරි හොයාගෙන ගැහුවා නොම්මරේ… ඔන්න ඉතිං ෆැක්ස් ලයින් එක වැඩ පටං ගත්තා… මහ රෑක කළුවරේ ඇහෙන සද්ද ඔක්කොම ටික අහන්න පූළුවන් මේ ෆැක්ස් මැසිම අනිත් පැත්තට කනෙක්ට් වෙන්න ඩයල් වෙද්දී. ඌරු මීයෝ… පළඟැටියෝ… හික් මීයෝ, ගොළුබෙල්ලෝ, මී මැස්සෝ, ඔර්සමටුල්ලෝ අරුං මුං ඔක්කොගෙම සද්ද ඇහෙනවා ෆැක්ස් එකෙන්…!
පස්සේ ඉතිං ඇසිස් දිව විකාගෙන ඉන්නවා ෆැක්ස් එක යනකං… ටික වෙලාවක් ගියා නෑ… මේක ඉතිං පට්ට ස්පීඩ්නේ… ඒක නිසා සුළු කාලයක් ඉවසා වදාරන්න වෙනවා. මෙන්න ටික වෙලාවකින් අර කැලෑ සද්ද ඉවර වෙලා සුවිට් අක්කා කෙනෙක් කියනවා… ඔබ ඇමතූ අංකය භාවිතයේ නොමැත… කරුණාකර අංකය පරීක්ෂා කර බලා නැවත අමතන්න… කියලා…
ඇසිස්ට පට්ට හැපී… ඇයි ඉතිං බොහොම පොඩි කාලයයිනේ මේ වැඩේට ගත වුනේ. දැන් ඉතිං ආයෙ අංක හොය හොය ඔබන්න එපෑයි…. පස්සේ ඉතිං කෝම හරි ආයෙමත් අර කරපු විදියටම කරාලු. අනේ ඒත් අර අක්කම කියනවලු නොම්මරේ වැරදියි කියලා…!
පස්සේ ඉතිං මීටිමට යන්න ඔන්න මෙන්න හිටිය ලොකූ සෑර්ව හොයාගෙන ඇසිස් දුවනවලු මොකද්ද එක කැඩිච්චි කඩියා වගේ. දුවලා දුවලා ගිහිං… සෑර් සෑර්… සෑර් ලියලා දීලා තියෙන නොම්මරේ වැරදියි… කිවුවම… මෙන්න බොසාගේ ඇස් දෙක උඩ ගිහිං, ටයි ගැට බුරුල් වෙලා, කටේ කෙල හිඳිලා ගිහිං එහෙම ඇසිස්ගේ මූන දිහා බලාගෙන ඉන්නවලු…
ඇයි සෑර්…. ඒ ඇසිස්….
නොම්මරේ වැරදියි..?
ඔව් සෑර්….
ඉතිං දැන් ෆැක්ස් එක ගියාද….?
නෑ… නෑ… ෆැක්ස් එක යවන්න බෑ… ඒ අංකය භාවිතයේ නොමැත කියනවා.
හම්මේ ඒක මිසක්…. කෝ බලන්න මං හදිස්සියට ලියලා තියෙන නම්බර් එක…
අප්පා වැරදියි නේන්නම් ඇසිස්… දෙක මාරු වෙලානේ…!
මටත් හිතුනා ඒක එහෙම වෙලා ඇති කියලා… කියලා කියන්න හිතුනට ඇසිස් එහෙම කිව්වේ නෑලු….!
2011 නොවැම්බර් 28 දින ප.ව. 1:56 ට
කොයි දෙකද මාරු වුනේ දැන්…??
2011 නොවැම්බර් 28 දින ප.ව. 1:58 ට
ඇසිස්ගෙන් තමා අහන්න ඕනේ….
2011 නොවැම්බර් 28 දින ප.ව. 2:00 ට
අඩේ ඇසිස් උඹ නෙවීද??
මම හිතුවෙ උඹ කියලා..හික් හික්….
2011 නොවැම්බර් 28 දින ප.ව. 2:02 ට
මම ඇසිස් වුනත් කොහොමද බොල ඔව් කියන්නේ….
2011 නොවැම්බර් 28 දින ප.ව. 2:00 ට
@ සිතුවම්,
මොනා හරි අස්ථි දෙකක් වෙන්නැති
2011 නොවැම්බර් 28 දින ප.ව. 2:01 ට
වෙන්ඩෑ වෙන්ඩෑ.කෝ මේ මාලුවා කියන්නෑනොවැ.
2011 නොවැම්බර් 28 දින ප.ව. 2:03 ට
නැත නැත දරුව මා නොව ඒ ඇසිස්…
2011 නොවැම්බර් 28 දින ප.ව. 2:02 ට
අනේ අම්මෝ මං නම් දන්නේ නැතෝ….
2011 නොවැම්බර් 28 දින ප.ව. 2:05 ට
අප්පා බලන්ඩ… ඇසිස් උනත් ලස්සනට කතාව ලියල තියෙන හැටි අනුන්ට උනා වගේ.. ඕකට ඉතින් සෑහෙන දක්ෂතාවක් තියෙන්න ඕනෙ.
2011 නොවැම්බර් 28 දින ප.ව. 3:03 ට
ඒකනේ නේද…. 😛 😛
2011 නොවැම්බර් 28 දින ප.ව. 2:23 ට
හැබෑටම මචං මොකක්ද මාරු වෙච්ච දෙක..
2011 නොවැම්බර් 28 දින ප.ව. 3:04 ට
ඉලක්කං වෙන්න ඇති බං…
2011 නොවැම්බර් 28 දින ප.ව. 2:29 ට
හෑ ටියුබ් ලයිට් අම්මපා තේරුනේ නෑ කිසිවක් 😛
2011 නොවැම්බර් 28 දින ප.ව. 3:05 ට
මේකෙ අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නෑ….
2011 නොවැම්බර් 28 දින ප.ව. 3:16 ට
මෙතන මොකක් හරි හංගලා ලියලා වගේ.. 😀 😀
2011 නොවැම්බර් 28 දින ප.ව. 7:22 ට
ඇයි හත්ඉලව්වේ මොනා හංගන්නද….?
2011 නොවැම්බර් 28 දින ප.ව. 3:17 ට
දෑන් එතකොට ඕකට මාලුවෙක් සම්බන්දම නෑද්ද? 😛
2011 නොවැම්බර් 28 දින ප.ව. 7:23 ට
පිස්සුද උඹට… හීනෙන් වත් එහෙම හිතන්න එපා…
2011 නොවැම්බර් 28 දින ප.ව. 3:39 ට
uba mokaada dan othana?
2011 නොවැම්බර් 28 දින ප.ව. 7:24 ට
මං මෙතෙනට ගෑවිලාවත් නෑ බං….
2011 නොවැම්බර් 28 දින ප.ව. 4:06 ට
මොකෙක්ද බං ‘ඔර්සමටුල්ල’ කියන්නෙ
2011 නොවැම්බර් 28 දින ප.ව. 7:24 ට
හික්… අන්න චැලේන්ජ් එක පුළුවන්නම් හොයලා කියන්න….
2011 නොවැම්බර් 28 දින ප.ව. 4:43 ට
ඒයි ඒක නේන්නං මොකාද බං ඔර්සමටුල්ලා කියන්නෙ….ඔටුවෙක් වගේ එකෙක් ද…? …?
“නැත නැත දරුව මා නොව ඒ ඇසිස්…”
ඒ ඇසිස් ඔබ නොවේ නම් මේ අසිස් ඔබ විය උතුය..?
දැන් ඔය මොකද්ද දෙක කොහාටෙයි මාරු උනෙ….?
අනේ අම්මපා ගෝල් පිසෝ උඹත් හොයාගන්න දේවල්…..
2011 නොවැම්බර් 28 දින ප.ව. 7:25 ට
නිර්මාණශීලි චින්තනය කියනවනේ… ඔර්සමටුල්ලාව හොයාල කියන්න බලන්න…
2011 නොවැම්බර් 28 දින ප.ව. 4:58 ට
ඔර්සමටුල්ලෝ ?ඒ මොක්කුද බං ඒ? මම ඇහුවමයි
2011 නොවැම්බර් 28 දින ප.ව. 7:27 ට
පොඩි ට්රයි එකක් දීලා බලපන් හොයන්න….
2011 නොවැම්බර් 28 දින ප.ව. 5:11 ට
mama nan dannawa oya storya gana,,assis kauda kialath dannwa,mawa amathannako kiala denna
2011 නොවැම්බර් 28 දින ප.ව. 7:27 ට
ඇසිස්ගේ රෙදි ගලවන්න වගේ හදන්නේ… 😀
2011 නොවැම්බර් 28 දින ප.ව. 6:01 ට
Asse = gold fish ?????
***** prissam weyaaaaaaaaannn…………… 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀
2011 නොවැම්බර් 28 දින ප.ව. 7:28 ට
මං හිතුවේ නෑ මල්ලි උඹ මට ඔහොම කරයි කියලා…. බලපං ඊයේ තිබ්බ ෆිට් එක එක දවසට නැතිවුන හැටි… 😛
2011 නොවැම්බර් 28 දින ප.ව. 7:05 ට
මේ ඇසිස් කියන්නෙ මාළුවා නෙවේ කියල කට්ටිය පිළිගන්නෙම නෑ වගේ නේද?
ටොප් සීක්රට් කියල කිව්ව නිසා මට මේක කාටහරි කියන්නම හිතෙනවා…
2011 නොවැම්බර් 28 දින ප.ව. 7:29 ට
අර BBC කියලා කිව්ව කතාව හරි වගේ…. 😀
2011 නොවැම්බර් 28 දින ප.ව. 8:49 ට
මට හිතුනා දෙක මාරු වෙන්න ඇති කියලා.
මටත් ඔහොම ෆෝන් නම්බර් එකක සීන් එකක් උනා. ඒක නම් උනේ අන්තිම අංකේ ලියාගන්න් අමතක වෙලා. නම දෙනෙක්මට කෝල් කලා.
2011 නොවැම්බර් 29 දින පෙ.ව. 6:59 ට
අම්මේ ඔව් ඔව් නම දෙනෙක්ම උමට කෝල කරන්න ඇති… එයින් කීයක් කෙල්ලොද බං?
2011 නොවැම්බර් 29 දින පෙ.ව. 1:40 ට
හොද වෙලාවට අනිත් නොම්බරේ භාවිතයේ නොතිබුනේ… නැත්නම් මොනා වෙයිද දන්නේ නෑ…
2011 නොවැම්බර් 29 දින පෙ.ව. 7:02 ට
ඒක නම් ඇත්ත… නැත්තං ලොකු විනාසයක් වෙන්න තිබුනා…
2011 නොවැම්බර් 29 දින පෙ.ව. 8:23 ට
මාරු වෙලා ඇත්තේ වයර් වෙන්ටැති. 🙂
2011 නොවැම්බර් 29 දින පෙ.ව. 9:42 ට
ඇසිස් ගෙන් අහන්න ඕනෙ අක්කේ…. මං නම් දන්නේ නෑ…..
2011 නොවැම්බර් 29 දින පෙ.ව. 10:55 ට
බොසාගේ වෙලාව හොදයි. නැත්තම් ටොප් සීක්රට් එක වෙන මොකෙක් හරි අතට යනවා…..
දෙක මාරු කලා නම් ඔය ඇසියා ගෝල්ඩ් පිස් ද දන්නේ නෑ
2011 නොවැම්බර් 29 දින ප.ව. 12:16 ට
උඹත් හිතන්නේ මමයි ඒ ඇසිස් කියලද බං… මොනාද බං… ඕකනේ කියන්නේ එකට කෑවත් බොක්කේ දඩමස් කියලා.
2011 නොවැම්බර් 30 දින ප.ව. 9:54 ට
😀
ඔර්සමටුල්ලා කියන්නේ රෑ බදුල්ලද ?
2011 දෙසැම්බර් 1 දින පෙ.ව. 7:15 ට
නෑ මචං…
2011 නොවැම්බර් 29 දින පෙ.ව. 11:03 ට
අම්මට උඩු නිර්මාණ ශීලී චින්තනය….එහෙම එව්ව කොහෙද මාලු දැන්.. දැන් තියෙන්නෙ මහින්ද චින්තනය…..කට වරද්ද ගන්න එපා…. හරිය…
මගෙ මේ පුංචි කිඩ්නියට තේරුනු හැටියට… ඔර්ස මටුල්ලා යනු…. රෑට මල පනින ක්රී………ං සද්දෙ දාන රැහැය්යාය… හරිය….. ? නත්තං උඹ.. ඔර්සිමටුවා….ය…
2011 නොවැම්බර් 29 දින ප.ව. 12:17 ට
නෑ අයියේ තව ටිකක් හොයන්න ඔර්සමටුල්ලා කියන්නේ අයියා ඔය කියන එකා නෙවෙයි…
2011 නොවැම්බර් 30 දින පෙ.ව. 12:36 ට
ගනංගන්න එපා මචං . . . .මමත් වතාවක් ඇස් ඇම් ඇස් එකක් නොම්මරේ මාරු කරල යවල හෙන කේස් එකක් උනා . . . මට තේරෙනව උඹේ ලොක්කට මොන තරං නං දාඩිය දාන්න ඇතිද කියල . . .
2011 නොවැම්බර් 30 දින ප.ව. 12:53 ට
මගේ ලොක්කට…????????????????
2011 නොවැම්බර් 30 දින පෙ.ව. 3:25 ට
මාලු මල්ලි කතාවෙන් කෑල්ලක් හංගල වගේ කියන්නෙ..
2011 නොවැම්බර් 30 දින ප.ව. 12:53 ට
නැතුව බැහැනේ අයියේ….
2011 නොවැම්බර් 30 දින පෙ.ව. 5:38 ට
අපේ පරන කොම්පැනියේ තිබ්බ ෆැක්ස් මැසිමේ අර කාබන් රෝලක් දාන්න තිබුනේ..කවුරුහරි ෆැක්ස් එකක් ගැහුවම අර රෝලේ ඒක වදිනව එලට..අපේ උං කරේ ඕක ගලව ගලව ඔතලා යූස් කරපු එක..හොර ෆැක්ස් ගහල හමාරයි අර කාබන් එකේ ඔක්කොම වදිනව …..
2011 නොවැම්බර් 30 දින ප.ව. 12:54 ට
ඉර එලියට හරි ලයිට් එලියකට හරි ඈල්ලුවනම් නිකංම කියවන්න පුළුවන් ඇතිනේද…
2011 නොවැම්බර් 30 දින පෙ.ව. 7:22 ට
දෙක මාරු වෙච්ච නිසා ලොක්කා ගොඩ !
2011 නොවැම්බර් 30 දින ප.ව. 12:54 ට
ඔව් අයියේ ඇත්තටම…. නැත්තං මල මගුලක් වෙන්නේ….
2011 දෙසැම්බර් 7 දින ප.ව. 4:06 ට
ඉතින් ඇයි උබ හිතුන දේ ලොක්කට නොකිව්වෙ එවෙලෙ ??
2011 දෙසැම්බර් 7 දින ප.ව. 8:02 ට
හත් දෙයියනේ මං…????