එකෝමත් එක රටක හිම කුණාටුව…!

ඔන්න එකෝමත් එක රටක හිටියා රජතුමෙක්…! ජීවත් වුනේ රටේ මැද හරියට වෙන්න හදලා තිබුන තට්ටු හතක් උස මාලිගාවක. ඒ මාලිගාවේ හැම බිත්තියක්ම ලස්සන ලස්සන පිඟන් ගඩොල් අල්ලලා ගොඩක් ලස්සනට තිබුනා. ඒ මාලිගය වටේට තිබුන කවුලු වලින් මාලිගය ඇතුලේ එක තැනකට එලිය වැටුනත් ඒ එළිය අර දිලිසෙන පිඟන් ග‍ඩොල් වල වැදි වැදි ගිහිං මුළු මාලිගයම ආලෝකවත් කරනවා.

ඉතිං මේ රජතුමා කොයි තරම් හොඳට රට පාලනය කලාද කියනව නම්, තට්ටු හතේ මාලිගාවේ උඩම තට්ටුවට නැගලා රට වටේට බැළුවම පේන්නේ කොල පාටින් දිලිසෙන කෙත් වතු… ඊට පස්සේ කහ පාටින් දිලිසෙන මල් වතු… ඒවා පොඩි අයට සෙල්ලම් කරන්න. ආයෙම පේනවා රතුපාටයි තැඹිලි පාටයි මල් වැවිච්චි මල් වතු… ඒවා ආදර වන්තයින්ට කාලය ගත කරන්න… ඒ එක්කම තව ටිකක් බැළුවම පේනවා ලා කොල පාට තණ පිට්ටනි, ඒවා පොඩි අයටයි අම්මලා තාත්තලා ටයි මහලු අයටයි හමෝටම විනෝද වෙන්න….!

ඉතිං හැමදාම හවසට මේ රජතුමාගේ පුත් කුමාරයයි, දූ කුමාරියයි බිසවුන්නාන්සෙයි රජතුමයි යනවා ඔය කියන ලස්සන ලස්සන මල් වතුවලට. ගිහිල්ලා තමන්ගේ රට වැසියාව හම්බුවෙලා කතා බහ කරලා, යම් දියුණුවෙන්න යම් උදව්වක් අවශ්‍ය නම් ඒවා ගැන පොතක සටහන් කරගෙන, පහුවදාම රජ මාලිගයට ගෙන්නලා ඒ අයට උදවු වුනා….! ඉතිං ඔහොම කාලය හොඳින් ගෙවෙනවා.

රට වටේට තියෙන මුහුදෙන් මත්ස්‍ය සම්පත ලැබෙනවා, ඒ වගේම රට ඇතුලේ තියෙන මී ගව පට්ටි වලින්, කිරි ලැබෙනවා, අනිත් සත්ත්ව ගොවිපොල වල් වලින් මස් හා බිත්තර ලැබෙනවා, රටේ හැම තැනම පිරිලා තියෙන කෙත් වතු වලින් සහල් හා අනෙකුත් ආහාර ලැබෙනවා. ඉතිං මේ ඔක්කොම ගබඩා කරගන්නත් ඒ මිනිස්සුන්ට ගබඩා තිබුන නිසා ආහාර ද්‍රව්‍ය කවදාවත් අපතේ ගියේ නෑ…!

ඒ වගේම ඒ රටේ තියෙන කැලෑ කපන්න එහෙම කාගෙන්වත් අවසර ගන්න ඕනේ නෑ… ඒ මොකද කියනව නම් ඒ රටේ මිනිස්සු පුරුදු වෙලා හිටියා එක ගහක් කපන්න කලින් පැල දහයක් ඉන්දලා ඒවා සරුවට වැඩී ගෙන එද්දී විතරක් අර ලොකු ගහ බිම දාන්න.

පස්සේ ඉතිං ඔහොම යද්දී අනිත් හැම රටටම වගේ මේ රටටත් ලොකු කරදරයකට මූන දෙන්න වුනා. සෑහෙන කාලෙකට පස්සේ එන ලොකු හිම කුණාටුවකට මේ රට මූන දුන්නා. රට වැසියන්ගේ විතරක් නෙව් රජමාලිගේ වහල පවා සුදු පාට හිම කැටිති වලින් වැහිලා ගියා. වැටවල් වල හිම ගොඩවල් කැටිගැහිලා තව තවත් ලොකු වෙමින් තිබුනා. කැලෑ හිටය සත්තු කැලේ තිබුන ලොකු කොට අස්සට, ගල් ගැහා වලට රිංගා ගත්තා…. ඉතිං රටේ බව බෝග සම්පත් බොහොම එහෙමත් ඉක්මනින් ක්ෂය වුනා. මිනිස්සු සීතලෙන් බැට කන්න පටන් ගත්තා. රජතුමාට කියලත් වෙනසක් නෑ… රජ පවුලටත් කෑම බිම හිඟ වුනා. සීතල දැනෙන්න පටන් ගත්තා.

පස්සේ ඉතිං ටික දවසක් ඉවසලා අර තුමා පනිවුඩයක් ඇරියා රට වටේටම, මේ සීතල කාලය අවසන් වෙනකං හැම දෙනාම තමන්ගේ තියෙන ආහාර ද්‍රව්‍ය, වටිනා කියන දෑ අරගෙන ඇවිත් රජමාලිගයට වටේට තමන්ගේ තාවකාලික නිවාස තනාගෙන හැම දෙනෙක්ම එකමුතුව දුක සැප බෙදා ගමු කියලා. ඉතිං රජතුමාගේ මේ පණිවුඩය අහපු හැම කෙනෙකුටම බොහොම සන්තෝසයි. ඒ හැමෝම සිහින මැව්වේ… අඩි ගානක් උස රජ මාලිගේ තාප්පෙන් ඇතුලේ කොයිතරම් ආරක්ෂිතද කියලා. මොකද ඒ තාප්පේ පෙරලන්න එක පිට එක හිම කුණාටු සීයක් ආවත් බැරි බව හැම කෙනෙක්ම දැනගෙන හිටියා.

ඉතිං තමන්ගේ වටිනා කියන දේ අරගෙන රජ මාලිගයට යද්දී අශ්වයෝයි අනිත් සත්තුයි ගාල් කරන්න වෙනම තැනක්, ආහාර ගබඩා කරන්න වෙනම තැනක් එහෙමත් රජතුමාගේ අනපරිදි හැම ලෑස්ති කරලා තිබුනේ. ඉතිං රට වැසියන්ට තිබුනේ තමන්ගේ වාසස්ථානය හදාගන්න විතරයි. එහෙම හිතලා හැමෝම රජමාලිගේ වටේ තිබුන තාප්පෙන් ඇතුලෙට යද්දී රජතුමා රට වැසියන්ට අවශය පුංචි නිවාසත් හදවලා… එක් කෙනෙකුටවත් ඉන්න හිටින්න තැනක් නොතිබුනේ නෑ… මොකද රජතුමා දැනගෙන හිටියා තමන්ගේ යටතේ ඉන්න පවුල් ගාන කොච්චරක් කියලා හරියටම. රජතුමාගේ උපදේශකයෝ ඒ වගේ කරුණු ගැන හැම තිස්සෙම රජතුමාව දැනුවත් කලා. ඉති මහ ජනයට හරි සතුටුයි. කොහොම හරි රටේ හිටය සියලු දෙනාම රජමාලිගයට එකතු වුනාට පස්සේ රජතුමා ඒ අයට කතා කරලා ආයෙමත් කිව්වා… අපි මේ හිම කුණාටුව ඉවර වෙනකං මෙහෙම ඉමු, මේ හිම කුණාටුව වැඩි කාලයක් පවතින්නේ නැති බව රටේ කාලගුණය පිළිබඳ තතු කියන විශේෂඥයෝ කියනවා කියලා. ඊට පස්සෙ ඉතිං හැම කෙනෙක්ම රජතුමාත් එක්ක සතුටින් පුළු පුළුවන් විදියට කා බීගෙන සතුටින් හිටියා. රජතුමාත්, රජමාලිගේ අනිත් අයත් මාලිගයට වෙලා ගිනි උඳුන් දල්වගෙන උණුසුම් වුනේ නෑ, ඒ අයත් මේ ජනතාව එක්ක එකට ජීවත් වුනා…!

ටික දවසකින් හිම කුණාටුව නැතිවෙලා ගිහිං අයෙමත් ඒ එකෝමත් එක රටේ තත්වය බොහොම සුභදායි වුනා… හැමෝටම තමන්ගේ පුරුදු තැන් වලට ගිහිං ආයෙමත් පුරුදු ජීවන රටාවටම හැඩ ගැහෙන්න පුළුවන් වුනා බොහෝම ඉක්මනට….!

ඉතිං කවුරුවත් වැරදියට තේරුම් ගන්න එපා මේ එකෝමත් එක රටේ අපේ රටයි කියලා….! හොඳද….!

52 Responses to “එකෝමත් එක රටක හිම කුණාටුව…!”

  1. රුචා Says:

    ඊයේ ගාල්ල පැත්තට ලොකු කුණාටුවක් ආවයි කියල මටත් ආරංචි උනා. ඒ වගේ දවස් වලට මේ වගේ හීන පේන එක ස්වභාවික දෙයක්.

  2. maathalan Says:

    නියමයි.. මේවා තමයි අවශ්‍ය අද කාළේ…

  3. Chanaka Says:

    රෑට පන්සිල අරගෙන නිදාගනින් එතකොට ඔහොම හීන පේන එකක් නෑ..

  4. ශානka Says:

    එල කතාව පිශ්,පස්ට ඈ ….
    පොඞි කාලෙ කියවපු සුරංගනා කතා මතක් උනා. 

  5. X-Porter Says:

    ආහ්… අප්පෙ… ගො..ඕ..ඕ…ඕ…ල් පිස්…
    අර සූටි කෑල්ලත් එක්ක සෑහෙන්න සුරංඟනා කතා කියෝනව වගේ…. බාල අපචාර කොරාම ඔහොම වෙනව… හෛකි….හෛකි………

  6. weniwelWeni Says:

    මේ සීතල මාස වලට ඔහොම හීන පෙනෙනව නේන්නම් !

  7. නිසුපා Says:

    කවදා හැබෑ වේවිද ඔය වගේ හීන නම්..:((

  8. මධුරංග Says:

    මාත් හරී…..ම ආසයි කාගෙන් හරි කතාවක් අහන්න !!!!
    මෙවුවා ඉතින් මතක තියාගෙන ඉන්න එක හොදයි. තමන්ගේ දූ පොඩ්ඩක් පුතු පැටියෙක් හදාගත්ත දාට ඉතින් කියලා දෙන්න බැරුව යෑ. නැත්නම් ඉතින් කියන්න වෙන්නේ අප්පච්චි, කෙල්ලෝ පස්සේ වැටිලා කාපු චාටර් සීන් නේ. හික්ස් 🙂

  9. රූ Says:

    ලස්සන කථාව..මමත් ආසයි මේ කතාව ඇත්ත වෙනවා දකින්න..
    කුණාටුවක් හරි කමක් නෑ හිම දකින්න ලැබෙනවා නම්..හ්ම්..

  10. ඕනයා (Dulip Sikurajapathy) Says:

    මල්ලි . . . බජට් එක ඇහුව දවසෙ ඉඳල මටත් ඔය වගේ හීන පේනව . . . . .

  11. දිල් Says:

    අනේ ඉතින් අපි දකින්නෙ ඔය වගේ හීන තමා නේද ගෝල්ඩ් ෆිෂ්

  12. praveena Says:

    ලස්සන කතාව. අහපු හැටියේ දුවගන යන්ට හිතුනා හැබැයි අර හත්වෙනි තට්ටුවට. අපරාදේ කතාවට හොඳ ලස්සන කුමාරයෙකුත් දැම්මේ නැත්තේ…. 🙂

  13. Kasun Chanaka Says:

    ටිකක් නිදි මරල වගේ. ඇත්තට හීනෙකින් වත් ඔහොම රටක පේන්න කොහොමද කියල මම කල්පනා කලේ.:)

  14. විසිතුරු | visituru Says:

    ලස්සන හීනයක් වගේ!

  15. pissa palaamalla Says:

    හීන කවදත් මැකෙන හින්දා….

    කමක් නෑ…

  16. කෙෂාන් විදුරංග (විද්දා) Says:

    හික් උබ හිතුවද යකෝ එකෝමත් එක රට ලංකාව කියල හිතා ගන්න තරං අපේ ඔළු ගෙඩි මොළගෙඩි වල හිම තට්ටු ගනං බැදිල කියල..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: