ජයනි කියන්නේ අපි දෙක වසරෙදි, අපේ පන්තියේ, දේවිකාට පස්සේ හිටිය බ්‍රයිට්ම කෑල්ල. එතකොට කෑලි ගැන වැඩි තේරුම්ක් නොතිබ්බට ලස්සන අතින් බැලුවම තමා දේවිකාට විතරක් දෙවෙනි වුනේ. දේවිකා තරම් මහත් නොවුනට, ගිනි කූර වගේ හීන වුනාට ජයනිගේ කට නම් තියෙනවා ස්පෝට් මීට් එකට බැන්ද ලවුස් කීපරේ වගේ සද්දෙට.
මං වගේම අපේ පන්තියේ අනිත් එවුනුත් ඉතිං ඒ දවස් වල කෙල්ලන්ගේ කටට බයයි. හැම තිස්සෙම ඉන්නේ මූන රතු කරගෙන “ඥෑස්” ගාගන්න බලාගෙනනෙ. ඉතිං ඒ දවස් වල කෙල්ලක් අඬවන්න තිබ්බ බය තමා තාමත් අපේ හිත්වල තියෙන්නේ. එහෙම නැතුව මේ කෙල්ලොන්ට ඇති බයක් නෑ කොල්ලෝ. (බැඳපු අය ගැන නම් දන්නේ නෑ, සමහර විට පෝෂන මල්ලට සම්භාධක වැටෙන නිසා වෙන්න ඇති)
ඉතිං කොහොම හරි ඔන්න දෙක වසරෙදි අපිට උගන්නපු අබේවර්ධන මිස්ගේ හිත දිනාගන්න ජයනි සමත් වුනා. ඒ දවස් වල මිස් කෙනෙක්ගේ හිත දිනාගන්න එක ඒ හැටි දෙයක් නොවුනට මිස්ගේ ෆිට්ම ගෝලය වෙන එකේ නම් හොඳ හා නරක පැතිත් තිබුනා. නරක පැති තමා මිස් පන්තියෙන් යද්දී වතුර බෝතලේ උස්සං යන එක, පොත් ටික එකතු කරගෙන ගිහිං දීලා, ආයෙම පොත් බලලා ඉවර වුනාම ළමයින්ට බෙදලා දෙන එක වගේ කරදරකාරි වැඩ. හොඳ පැති තමා මිස් පන්තියේ නැති වෙලාවට තමන්ට ඕනෙ ඕනෙ විදියට ළමයින්ව පාලනය පුළුවන් බලතල ටික ලැබෙන එක. එතකොට පන්තියේ නායක කම ලැබෙන එක වගේ දේවල්.
ඉතිං ජයනිටත් වැඩි කල් යන්න කලින්ම ඔය සෝරොම වරප්‍රසාද ලැබුනා. හැබැයි ඒ අපේ අම්මයි තවත් අම්මලා කීප දෙනෙකුයි ඇවිත් ජයනිගේ පන්ති නායිකා බැජ් එක ගලවනකම් විතරයි….!
ඉස්සර අපිට තිබුනා අසා ලිවීම කියලා දෙයක්. මිස් කියනවා අපි ලියනවා. අකුරු ලස්සනට, හරියට රූල් අතර ලියන ළමයට රතු පෑනෙන් තරු තුනකුත් එක්ක ඉතා හොඳයි කියලා ලොකූකූකූ හරියක් ලැබෙනවා මිස්ගෙන්. ඔය හරිය ගන්න ඒ දවස් වල දඟලපු දැඟලිල්ලක්….! එක එක් කෙනාගේ මට්ටම් අනුව හරියේ දිග වෙනස් වෙනවා… ඉතා හොඳයි එක, හොඳයි…. සාමාන්‍යයයි, දුර්වලයි, ඉතා දුර්වලයි කියලා තවත් කෑලි වලට කැඩෙනවා.
ඉතිං ඔහොම අසා ලිවීම තියෙන දවසක, අපේ මිස්ට ප්‍රින්සිපල්ගෙන් පණිවිඩයක් ආවා ගුරු රැස්විමකට කියලා. ඉතිං ඇසීම පැත්තකින් තියලා වචන ටික කියවන්න කියලා ජයනිට පොත දීලා මිස් ගුරු රැස්වීමට ගියා. මේං ඉතිං ජයනි රජ වුනා වගේ තමා. ඒ දවස් වල ඉතිං කෙල්ලොන්ට සූව දාන්න අපි දන්නේ නැහැනේ. ඒකෙන් අනිසි ප්‍රයෝජනේ ගත්ත ජයනි පොර වෙලා මිස් කියනවට වැඩිය හයියෙන් කෑගහලා වචන ටික කියනවා. අපිත් ඉතිං වෙන කරන්නම දෙයක් නැති නිසා පුළු පුළුවන් විදියට අසා ලිවීම ලියනවා. පස්සේ ඉතිං වචන ටික ඉවර වෙලා මෙන්න ජයනිම පොතුත් බලනවා…!
අකුරු කැත අයට, මීට වැඩිය ලස්සනට ලියන්න… / රූල් වල ලියලා නැති අයට, තාම රූල් අතර ලියන්න බැරිද….? / අකුරු අඩුවෙන් ලියලා නැති අයට, ඔයා හරියට ලියලා නෑ… වගේ පඬි ටෝක් දිදි පොත් බැලිල්ල කරනවා. මාත් ඉතිං බෑ බෑ කිය කිය පොත උස්සං ගියා. වෙලාවට ජයනි ටීච මුකුත් කිව්වේ නෑ… පස්සේ ඔන්න පොතේ හරියක් දාලා හොඳයි කියලත් ලිව්වා…
ඒ ලියපු හොඳයි එක තමා ජයනිගේ නරකට හිටියේ. අපේ අම්මා ඉස්සර ඉක්කෝලේ ඇරිලා ගිය ගමන් මගේ පොත් ටික ඇදලා බලනවා. ඒ දවස් වල ඉතිං පොත් වල පිටකවර අස්සේ ලියුම් දාගෙන හිටියේ නෑනේ. ඉතිං අම්මා බලන්නේ මොනාද අද මූ ඉක්කෝලෙදී කරලා තියෙන්නේ කියලා තමා. වෙනදා වගේම පොත් බලද්දී අම්මා දැක්කා කව්දෝ මන්දා ටීච කෙනෙක් බෝල අකුරෙන් හොඳයි කියලා ලියලා… ජයනි කියලා අත්සනුත් කරලා…
ලොකූ…???
මං ටී.වී බලනෝ…..
කාලෙකට කලින් නඩුකාරි නඩුපොත උස්සං එනවා වගේ අපේ අම්මාත් එදා එනවා අර ජයනි ටීච සයින් කරපු පොත අරගෙන…
පුතා, කව්ද මේ අස්සන් කරලා තියෙන්නේ….?
ජයනි….
ජයනි කියන්නේ? අලුත් ටීච කෙනෙක්ද…?
නෑ නෑ… අයියෝ…. කාටුන් එක බලන්න දෙන්නකෝ…
කාටුන් නෙමේ ළමයෝ, කව්ද මේ අස්සන් කරලා තියෙන්නේ…? ඒ පාරනම් කේන්තියෙන්…
අපේ පන්තියේ නායිකාව… ජයනි…. අර අම්මේ කොන්ඩේ කොටට කපලා, වද මල වගේ කොන්ඩෙන් මලක් බැඳගෙන ඉන්නේ….!
වද මල වගේ තමා… මිස් කෙනෙක් ඇරෙන්න ළමයි කොහොමද ළමයින්ගේ පොත්වල අස්සන් කරන්නේ…? යංකෝ හෙට ස්කෝලෙට…
මාත් ඉතිං… හා… නියමයිනේ කියලා හිටියා.
ඒ දවස් වල ඉතිං අම්ම ඉක්කෝලෙට එනවා කියන්නේ හෙන ලොකු දෙයක්නේ. දහයට එකොලහට යද්දී නම්… පන්ති කවයක් තිබුනේ නෑනේ ළමයෝ කියලත් කියනවා ඇහුනා. තිබුනට ගෙන්නන්න පුළුවනෑ….
ඊට පස්සෙන්දා මං අම්ම ස්කූල් වෑන් එකේ නැතුව අම්ම එක්ක බස් එකේ ගියේ. අම්මගේ අතේ එල්ලිලා තමා පන්තියට ගියෙත්. පට්ට හැපි. ඇයි ඉතිං අපේ වයසේ හැම එකාම අම්මයි , අම්මගේ අතේ එල්ලිලා යන කොලුවයි දිහා බලද්දී කාටද ආඩම්බර… (සමහරු කියනවා එහෙම යද්දී ආඩම්බර තාත්තටලු. මං නම් දන්නේ නෑ එව්වා) පස්සෙ ඉතිං පන්තිය ගාවට යද්දී මෙන්න බොල මගේ යාළුවෝ දෙතුන් දෙනෙක්ගේ අම්මලා කිහිපදෙනෙකුත් ඉන්නවා. පස්සේ මාව පන්තියට යවලා අම්මලා ටික ලොකූකූකූ කතාවක්…
ඊට පස්සේ පන්තියට මිස් ආපු ගමන් ළමයින්ට ආයුබෝවන් කියලා, ආයෙම ගියා අම්මලාව මුන ගැහැන්න…. ඊට පස්සේ ඉතිං මොනා කතාවුනාද දන්නේ නෑ… කොහොම හරි මිස් ජයනිව ගෙන්නලා මොන මොනාද කිව්වා…. පවු…. ජයනි, එයාගේ ලා කහ පාට අහිංසක මූන රතු වෙනකම්ම අඬලා… ඇස් දෙකත් රතුම රතු වෙලා. ටීච එයාට බනින්න ඇති…. ඒත් මොකටද… ඇයි එයාට බනින්නේ…? එයානේ ටීචගේ හොඳම ගෝලයා…. මට ඉතිං ප්‍රශ්න ගොඩයි…. ඒ ප්‍රශ්න අස්සේ හෙනට දුකයි… ඒත් ඉතිං මං මොනා කරන්නද ???
පස්සේ ටිකකින් බලද්දී, හැමදාමත් එයාගේ සාක්කුවේ ලස්සනට එල්ලෙන පන්ති නායිකා කියලා මෙරුන් පාට බැක්ග්‍රවුන්ඩ් එකේ කහ පාටෙන් ලස්සනට ප්‍රින්ට් කරලා තිබ්බ බැජ් එක වෙන ගෑණු ළමයෙකුට දීලා…
ඊට පස්සේ ටික දවසකින් ජයනි ස්කෝලෙන් අස්වුනා… එදායින් පස්සේ ආයෙමත් එයාව අපිට දකින්න ලැබුනේ නෑ කවදාවත්…. අද වෙනකං….!!!
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 6:11 ට
පව් අලෝ කොල්ලො ආත්මාර්තකාමී කියන්නෙ ඇත්ත නේද එහෙනම් 😉 😛
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 6:55 ට
ආච්චිගේ රෙද්ද…. අපි මොනා කරන්නද…??? කෙල්ලෝ පන්ඩිතයි කියන්නේ ඕකනේ….
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 6:20 ට
දුක් සීන් එකක් නේ…මූනු පොතේ වත් හොයල බැලුවෙ නැද්ද…
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 6:55 ට
නම මතක නෑනේ…. ජයනි කියලා විතරයි මතක…
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 6:21 ට
හෆෝයි ඒකාලේ ඔය වගේ කෙල්ලෝ එකසිය ගානට…. අපිත් හිටියේ කොහොමද මුන්ට ගේමක් දෙන්නේ කියල… ඒත් දැන් තමා හිතෙන්නේ පව් නේද කියල.
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 6:56 ට
අපි ඉතිං හිතලා කරපු දෙයක් නෙමේනේ…. අනික ජයනි අපේ ස්කෝලෙන් අස්වෙලා ගියේ කොළඹ ලොකු ස්කෝලෙකට….!
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 6:30 ට
චූටි ළමයි පංඩිත වැඩ කරනවා තමයි.. නමුත් ටීචට ඊට වඩා දෙයක් කරන්න තිබ්බා.. සමහර විට ඉස්කොලේ නම ලස්සන කරන්න හිටි ළමයෙක් ඉස්කොලෙට නැතිවෙන්න ඇති..!!
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 6:56 ට
ඒක ඇත්ත බං…. ඒ දේ තමා වුනේ…!
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 7:03 ට
ඒ වගේ වෙලාවකදී ටීචට තිබුනේ බැජ් එක ගලවන එක නෙමෙයි…ඒ ගැන තේරුම් කරන එක.. පුංචි කාලේ වෙන ඔය වගේ දේවල් සමහර වෙලාවට මුළු ජිවිතේම වෙනස් කරනවා
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 7:08 ට
එක එක ගුරුවරු එක එක විදියයිනේ නංගි. ඒ වගේ වෙලාවට ළමයි අසරණ වෙනවා…
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 7:55 ට
මාළු ඔයා ලියපු ලිපි වලින් මම කැමතිම ලිපිය තමයි මේක . පාසැල් කාලේ මේවගේ සුහ්දර කතා කොච්චරද නේද ?
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 11:02 ට
තව මහ ගොඩක් තියෙනවා අක්කේ… හිමීට ලියනවා…
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 8:32 ට
සමහර කෙල්ලෝ ඔහොම්මමයි බං හෙන පණ්ඩිතයි 😀
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 11:03 ට
ඒක නම් ඇත්ත පූසෝ…. නිකං නෙමේ බක පණ්ඩිතයි…!
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 8:42 ට
“ලස්සන අතින් බැලුවම තමා දේවිකාට විතරක් දෙවෙනි වුනේ”
අනේ උඹ ඒ කාලෙත් මුකුත් නොදන්න බබා පාට් එක ඇක්ට් කරලනේ..
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 11:04 ට
එහෙම තමා බං… නැත්තං කියවන අය හිතයි ඒ කාලෙත් මුං හෙන වලත්තයි කියලා…
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 8:57 ට
එක පැත්තකින් පව්… කමකුත් නෑ එක්කෝ..
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 11:13 ට
මටත් ඉතිං කරන්න දෙයක් නෑ….
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 9:00 ට
ජයනි පව්. වැරද්ද ටීචගේ. ඒයි ඔයා ගියේ ගෑනු ඉස්කෝලෙකටද? 🙂
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 11:14 ට
මං ගියේ ගෑණූ ළමයිනුයි පිරිමි ළමයිනුයි දෙගොල්ලම ඉන්න ස්කෝලෙකට… එනවා මෙතෙන නෝන්ඩි දාන්න.
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 10:16 ට
ඇයි එයට නායක කම නැතුව ඉගෙන ගන්න බැරිද, ඉස්කෝලෙන් අයින් උනේ?
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 11:19 ට
ඒක දන්නේ නෑ… එයාලගේ අම්මලා තමා ඇවිත් අස්කරගෙන ගියේ….
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 10:23 ට
මදැයි අත්සන් කොලා…
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 11:21 ට
පවු බං ඒ වුනාට….
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 10:58 ට
නෑ එහෙම තමා කරන්න ඔ්න! ඔය බැජ් දිවිල්ලෙං තමා ළමයින්ගෙ ඔලු ඉදිමෙන්න!
2011 නොවැම්බර් 24 දින පෙ.ව. 11:26 ට
ඒක නම් ඇත්ත තමා…. ඒත් පවු කියලා හිතුනා එදානම්…
2011 නොවැම්බර් 24 දින ප.ව. 12:08 ට
වෙලාවට කොල්ලො විතරක් ඉන්න ඉස්කෝලෙකට ගියේ
2011 නොවැම්බර් 24 දින ප.ව. 12:12 ට
හික්…. නැත්තං මොනා වෙයිද දන්නේ නෑ නේද…
2011 නොවැම්බර් 24 දින ප.ව. 12:13 ට
අද වෙනකම් දකින්න ලැබුනෙ නෑ කිව්වෙ අද දකින්න ලැබුනද ඒ කෙල්ලව…. ඒකිට දෙයියන්ගෙම පිහිටයි, ආරක්ෂාවයි…. කියල තමයි කියන්න තියෙන්නෙ එහෙම වුනා නම්…
2011 නොවැම්බර් 24 දින ප.ව. 12:43 ට
අනේ නෑ බං… අදවත් දකින්න පුළුවන් වෙයි කියලා හිතලයි එහෙම ලියුවේ…
2011 නොවැම්බර් 24 දින ප.ව. 1:18 ට
කඳුලු බේරෙනවා බන්.පව් ඒ අහිංසක කෙල්ල…
2011 නොවැම්බර් 24 දින ප.ව. 1:20 ට
උඹ අඬන්නේ අහවල් එකටෙයි…? ඒ කියන්නේ උඹෙත් පොඩ්ඩ ඇත්තං හිත උනුවෙනවා නේද… 😀
2011 නොවැම්බර් 24 දින ප.ව. 3:48 ට
ඔය පංතිවල ඉද්දි කෙල්ලො මහ පන්ඩිත වැඩ කරනවනං තමා . . . අම්මප උංව කෝටුමස්කරන්න ඕනෙ . . . ඒත් උඹලැ ටීච කරල තියන වැඩේ වැරදියි . . . . මට හිතෙන්නෙ උඹේ අම්ම සහ අනිත් අම්ම්ලත් වැරදියි . . .
2011 නොවැම්බර් 24 දින ප.ව. 4:29 ට
අපේ අම්මලා මොනා කිව්වද කියන්න දෙයියෝ තමා දන්නෙ. අනික එතෙන හිටිය අනිත් අම්මලා දෙන්නම මිස්ලගේ ගෙවල් පැත්තේ…
2011 නොවැම්බර් 24 දින ප.ව. 3:57 ට
පව් බං ඒ කෙල්ල. ඉස්කෝලෙනුත් අස්වෙන්න උනා
2011 නොවැම්බර් 24 දින ප.ව. 4:35 ට
ඒ වුනාට ඒකි ඊට පස්සේ ගිය ස්කෝලේ මල් හතයිනේ…
2011 නොවැම්බර් 24 දින ප.ව. 5:16 ට
හපෝ ඔය ගෑණු ජාතියෙ හැටිමයි. හෙන පණ්ඩිතයි !
2011 නොවැම්බර් 25 දින පෙ.ව. 6:53 ට
අක්කා දැක්කනම් එහෙම මේ කමෙන්ට් එක… නවම් අයියා ගෙදර ගිහිං හමාරයි…
2011 නොවැම්බර් 24 දින ප.ව. 5:45 ට
ඇඬෙනව ඌයි….. ජයනි පයන්න කයන්න පවු..වු..වු…. .
උඹට කෙල්ලො ගැනමයි දුක හිතෙන්නෙ නේහ්….
අනේ පල ගෝල් පිසෝ යන්න..අපි නොදන්න ගෝල් පිස්…..
2011 නොවැම්බර් 25 දින පෙ.ව. 6:54 ට
ඔන්න ඔන්න සුන්දර ළමා කාලයක් නොලැබීමේ ඉරිසියාව මතුවී ගෙන එනවා… 😀
2011 නොවැම්බර් 24 දින ප.ව. 7:10 ට
බලය අයුතු විදිහට පාවිච්චි කිරීමේ ප්‍රතිඵල… පව් කියලත් හිතෙනවා කෙල්ල ගැන..
2011 නොවැම්බර් 25 දින පෙ.ව. 6:54 ට
ඒ දවස් වල ඒකිටත් ඔය මහප්‍රාන තේරෙන්න නැතුව ඇති බං…
2011 නොවැම්බර් 24 දින ප.ව. 8:04 ට
කෙල්ල පවු. ඒත් බලය අරගෙන ඉගිල්ලෙන්න හදපු ඒකිට ඔහොම දෙයක් උන එකත් හොදයි කියලා හිතෙනවා.
ඒක නෙමේ ප්‍රශ්නේ. අයියාට ලැබිලා නැද්ද ඔය නායක පට්ටමක් එහෙම ?
මට නම් දෙපාරක් විතර ලැබිලා තියෙනවා.
2011 නොවැම්බර් 25 දින පෙ.ව. 6:55 ට
මට ප්‍රධාන ශිෂ්‍ය නායක ඇරෙන්න අනිත් එව්වා ටික තියෙනවා….
2011 නොවැම්බර් 24 දින ප.ව. 9:07 ට
ආනේ මන්දා දෙක වසරෙ ඉද්දිත් මේ කොල්ලො හිතන්නෙම කෙල්ලො ගැන නෙව..
2011 නොවැම්බර් 24 දින ප.ව. 11:47 ට
පවු බං උඹට ඔයිට වඩා ඒකිට සලකන්න තිබුණා
කාටුන් බැලිල්ල පැත්තක තියලා අම්මට බොරුවක් කීව නම් අද උඹ තාත්ත කෙනෙක් බං !
2011 නොවැම්බර් 25 දින පෙ.ව. 6:56 ට
අන්න ඒකනේ බං මං අපේ අම්මට ඇත්තම කිව්වේ. නැත්තං පස්සේ ඒකි අපේ ගෙදර ඇවිත් අම්මගේ බලය අරගෙන මට තවත් නෙලයි…
2011 නොවැම්බර් 25 දින පෙ.ව. 1:40 ට
හිස් අහස : මොන පිස්සුද… මූ එහෙම කොලානං ජයනි අද අප්පෙක් නැති දරුවෙක්ගෙ අම්ම කෙනෙක්….
2011 නොවැම්බර් 25 දින පෙ.ව. 7:00 ට
සික් මුං අපිට වැඩිය වැඩිමල් වෙලත් හිතන කැත… මං කෙල්ලෙක් ගැන ලිවුවොත් මේක දානවා කෙල්ල ඇඳලා කුණුහබ්බයක්…! 😀
2011 නොවැම්බර් 25 දින ප.ව. 10:02 ට
අනේද කියන්නේ.
කෙල්ලගේ වාසනාව !!!! ඒකි බේරුනා 🙂
2011 නොවැම්බර් 25 දින පෙ.ව. 8:34 ට
පව් බන් ජයනි… උබ මහ නරක මාළුවෙක්.. අම්මට බොරුවක් කියල බේරගත්තනම් අද ඈ… ළමයි 3 – 4 ක් වත් ඉන්නවනෙ උබට.. අශෝබනයි ඈ…
2011 නොවැම්බර් 26 දින පෙ.ව. 7:47 ට
සඳර වගේම තමා උඹත්…! කවුරු හරි අමාරුවේ වැටෙනකං තමා බලාගෙන ඉන්නේ
2011 නොවැම්බර් 25 දින පෙ.ව. 10:58 ට
ඒ ළමයා පව්. පොඩි කාලෙදි එහෙම වැඩ කරා ට, ඒ තරම් දඬුවමක් දෙන එක වැරදියි…..
ඊට පස්සේ ගියපු ඉස්කෝලේ හොඳ නම්, එයාගේ ජීවිතේ ට හොඳක් වෙන්න ඇති. ඒත්, ඔයාලගේ ඉස්කෝලෙ ට පාඩුවක් වෙන්න ඇති……….
2011 නොවැම්බර් 26 දින පෙ.ව. 7:48 ට
එව්වා ඉතිං ඒ ළමයගෙයි අපේ මිස්ගෙයි, අපි ඔක්කෝගෙම දෙමවුපියන්ගෙයි වැරදි… පුංචි අපි ඒ දවස් වල මක් කරන්නද.?
2011 නොවැම්බර් 26 දින ප.ව. 12:49 ට
පවු අනේ ජයනි.ඒ ලමයට ඕක ජීවිත කාලෙම මතක තියේවි.මතක් වෙන පාරක් ගානෙ හිත රිද්ද ගනීවි. 😦
2011 නොවැම්බර් 26 දින ප.ව. 1:28 ට
අපිද වැරදි ඉතිං…?
2011 නොවැම්බර් 29 දින ප.ව. 10:18 ට
මේ ලිපිය මුල ඉඳන්ම හිනාවෙලා කියෙව්වත් අග අන්තිම ටික කියවල ඉවර උනාට පස්සේ ඇත්තටම දුක හිතුනා.
සිරාවටම මචන් ටීචර් මිට වඩා කාරුණික වෙන්න ඕනේ , උඹ දන්නවනේ පොඩි කාලේ කෙල්ලෝ මාර පන්දිතයිනේ , ඉතින් ඔය සුළු වැරැද්දක් කලාම ටීචර්ට තිබුනේ ලඟට ගෙනල්ල හොඳින් අවවාද කරලා අතාරින එකනේ. ඒවගේම මෙතන දෙමව්පියන්ගේ වැරැද්දක නැහැ කියලයි මම හිතන්නේ වැරැද්ද සම්පූර්ණයෙන් තියෙන්නේ මිස් අතේ
2011 නොවැම්බර් 30 දින ප.ව. 12:50 ට
ටිකක් හිතලා බලද්දී කාගෙවත් වැරැද්දක් නෑ බං. මිස් ජයනිව ලඟට ගෙන්නලා කාටවත් ඈහෙන්නේ නැතිවෙන්න තමා කතා කරේ….
2011 නොවැම්බර් 30 දින ප.ව. 10:35 ට
එකත් ඇත්ත
2011 දෙසැම්බර් 1 දින පෙ.ව. 7:20 ට
🙂
2011 නොවැම්බර් 29 දින ප.ව. 10:48 ට
ජයනිගේ නමේ ඉතුරු ටික මතකද ?
2011 නොවැම්බර් 30 දින ප.ව. 12:53 ට
නෑ බං… ඒ දවස් වලත් මතක තිබුනේ නෑ….
2011 නොවැම්බර් 30 දින ප.ව. 10:34 ට
https://www.facebook.com/search/results.php?q=jayani&init=quick&tas=0.26549588274710556
මෙන්න ඉන්නවා ජයනිල ඔක්කොම නැතිචෙච්ච ජයනිව හොයාගෙන sorry කියන්න 😛
2011 දෙසැම්බර් 1 දින පෙ.ව. 7:20 ට
එල මචෝ තෑන්ක්ස් මං බලන්නම්… ඒත් කොහොමද දෙක වසරේ දැක්ක මූන අඳුන ගන්නේ?
2011 දෙසැම්බර් 1 දින ප.ව. 2:07 ට
ඒක තමයි ප්‍රශ්නේ