ජීවිතය ≡ ආදරය

පුංචි මුහුණට එබී ගෙන…

කට කො‍නේ නලියන හිනාව විඳගෙන…

ඔළුව පලාගෙන, නහර වේදනා දී ගෙන,

ඇස් වලට එන කඳුළු හිර කරගෙන…

සුසුම් පිට වෙන්න නොදී,

දහසකුත් සිතුවිලි මැද,

ඔය පුංචි ඇස් දෙක දිහා බැළුවේ…

ඉල්ලන්න හිතා‍ගෙන නෙමෙයි…

ජීවි ලැබෙයි කියලා හිතාගෙන…!

36 Responses to “ජීවිතය ≡ ආදරය”

  1. පිණිබිඳු Says:

    වෙලාවකට ඒ දෙකම එකයි නේද බං. කවියටත් වඩා මගෙ හිත ගියේ පින්තූරෙට.

  2. maathalan Says:

    අවංක ආදරය තුල සාර්ථක ජීවීතයක් ඇත.

  3. praveena Says:

    ඔය කියන ජීවිතය ඉල්ලන එක්කෙනාගෙන් ලැබෙන ආදරයම තමා.

    හප්පේ මේ දස්වවල, ඇහෙන්නෙම ආදර කතාමනේ. පෙනෙන්නෙත් ඒවමයි. .. 🙂

  4. X-Porter Says:

    පස්ට පිංතූරෙ ඈ…

    මේ දවස් වල කශ්ටියම ආදරෙන් ඔකඳ වෙලා වගේ…..
    දැන් එතකොට ගෝල් පිස්ට මොකක්ද ලබුනෙ…..?
    ඔයාගෙ ජීවිතය ඇයි අනුන්ගෙන් හොයන්නෙ…?

  5. praveena Says:

    @Observer,

    එයාම තමා. කෙහෙල් කොටුවේ පොඩි එකා හොඳටම දන්නවා මගේ නම. ඇයි අපි එයාට සිත්තර ඇඳලා ඊමේල් කලානේ. එයා කියන බොරු වලට වැඩිය රැවටෙන්ට එපා… 🙂

  6. නවම් Says:

    ඒත් මොනාද අන්තිමට හම්බු උනේ, ඇත්ත කියහං මලේ, බාටා ද ඩී.එස්. අයි ද එහෙමත් නැත්නං රට බ්‍රෑන්ඩ් එකෙක්ද?

  7. dinesh umagiliya Says:

    අපි ඔය දෙකම බලාපොරොත්තු වෙනවනේ අයියේ…

  8. රූ Says:

    ඇසේ සිරවූ කඳුළු සලන්නට
    සුසුම් පිටවී වේදනා නිවන්නට
    උරහිසේ හිස හොවා හිදින්නට
    එන්න ජීවිතය බෙදාගන්නට…

    ලස්සන කවියක් මලේ..මීට කලින් මට සෙට් වෙලා නෑ. පරණ කවි තියනවද?

  9. මධුරංග Says:

    ඉතින් ඔබ තුමාට ඔය වැඩියෙනුත් එක්ක ජීවිතේ ලැබිලා තියෙනේ. දැන් ඉතින් දෙන්නත් එක්ක සතුටින් ඉදහන් අයියා 🙂

  10. ගිනි කුරුල්ලා Says:

    ආදරේ = ජීවිතේ තමා මාළුවෝ..

    //මේක මගේ චිත්ත සන්තානේටම වැදිලා හන්තානෙන් පැත්තක් නාය ගියා බන්.

  11. arunishapiro Says:

    ජීවිතය ≡ ආදරය ලිව්වා ම ≡ එක්ක පොඩි අවුලක් තියනවා. “ජීවිතය and ආදරය are either both true or both false” වෙද්දී ආදරය නැති ජීවිතයක කිසිම වටිනාකමක් නැද්ද? දැනට ආදරය නැති ජීවිතයට පස්සෙ දවසක ආදරය ලබන්න හැකියාව ඇත්නම්?

  12. Weni Says:

    ජීවිතේ හොයා ගෙන යන කොට… ආදරේ හම්බ වෙනවා ! and vice versa …

  13. කළු පූසා Says:

    එත් මට ඒ පුංචි ඇස් දිහා බලාගෙන ජීවිතය ඉල්ලන්න ශක්තියක් නැති උනා

    දැන් එයා කොහෙද දන්නේ නැහැ. 😦 අයියෝ මගේ කෙල්ල


මන්තරකාරි වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: