තනූජගේ කලිසම සහ දේවිකා…!

තනූජ කියන්නේ මගේ හෙන ෆිට් එකක්….! කොච්චර ෆිට්ද කියනවනම්, තනූජ තමා මට බ්ලුග් බ්ලුග් ලෝකෙට යන්න වීසා ලෑස්ති කරලා, ගමනට ඕනේ කරන ඔක්කොම සූදානම් කරලා සෑහෙන කැපවීමකින් වැඩ කලේ… ඉතිං ඒ ෆිට් එක නිසාම මං එක වසරේ ඉඳන් පහ වසර වෙනකම්ම මට ඒ කරපු උදවුවට ප්‍රති උපකාර කරන්න අවස්ථාවක්  හොය හොයාමයි හිටියේ…. එහෙමයි කියලා ඉතිං මං පොරත් එක්ක තරහ වෙලා හිටියේ නෑ….

අපිට ඉතිං එත‍කොට මාර බිසීනේ… පිරියඩ් අටේම ඉක්කෝලේ වැඩ,ඊට පස්සේ ගෙදර ගිය වෙලේ ඉඳන් ටීවී එකේ කාටුන් බලනවා. ආයෙම හවස් වේගෙන එද්දී බෑ….. බෑ…. කියලා අඬද්දී අම්මා කුදලගෙන ගිහිං ගේ පිටිපස්සේ තියෙන හීතල වතුර ‍ළි‍ඳෙන් නාවනවා… නැත්තං ඉතිං තාත්තා ගේන ඉස්පන්චි දෙන්නේ නැහැයි කියනවනේ…

ආයෙම රෑට මොනා හරි තාත්තට කියලා කවාගෙන නිදිය ගන්නවා. ඊට පහුවෙනිදට කිරි එක කටේ ගහන් නැගිටලා දත් මැදලා මූන හෝදලා ඉක්කෝලේ ඇඳුම් ඇඳන් … ඒ කිව්වේ නිල් ෂෝටයි, සුදු කමිසෙයි ඇඳන් ඉක්කෝලේ යනවා… ආයෙම ඉතිං ඉක්කෝලේ ගිහිං පීරියඩ් අටේම වැඩ… ඒ දවස් වල අපි කොහොමත් කලේ මිස්ලට උගන්නන එකනේ…. හා… පුතා දන්නවනම් කියන්න බලන්න කියලා…. එයාලත් කට ඇරං ඉන්නවා.

ඉතිං ඔහොම කාලේ ගතවෙද්දී තමා අවුරුදු කීහිපයක් ගිහිං අපි පහ වසරට ආවේ. ඇත්තමයි මං ජීවිත කාලේදි හිටිය මහ සවුත්තුම පන්තිය තමා ඒක. පන්තිය විතරක් නෙමේ අවුරුද්දම සවුත්තුයි. ඉස්සර ස්කෝලේ ඇරිච්චි ගමන් ගෙදර යන අපි දැන් දුවන්නේ සිස්සස්සෙට කියලා අම්මා ගිහිං ඇරලපු පන්තියකට.

කොහොම කොහොම හරි පහ වසරෙත් මාස කීපයක් යද්දී, මට ආයෙම මතක් වුනා අපේ තනූජට මං ණයයි නේද බොල කියලා. පස්සේ ඉතිං ස්කෝලේ වැඩ අස්සෙම තනූජට, ප්‍රති උපකාර කරන්නත් මං හිතාගත්තා. මොකද ඒ දවස් වල වෙනකොට මූ අපේ පන්තියේ හිටිය ලස්සම කෑල්ලට පැනිය දාගෙන හිටියේ…! කෙල්ලගේ නම දේවිකා…  අම්බෝ ලස්සන… බලාගෙන බත් කන්න පුළුවන්… බත් විතරක් නෙමේ ක්‍රීම් ක්‍රැකර් එහෙමත් කෑවැකි… චීස් කෑල්ල වගේ සුදුයි…. ඉතිං තනූජට මේ වගේ වෙලාවකදී උදවු නොකරන මගෙන් ඇති ‍වැඩේ මොකද්ද…?

ඉතිං අපේ තනූජයා, හැම දාමත් ඉන්ටවල් එකට දේවිකාට නුඩ්ල්ස් දෙනවා… ඉතිං ඒකට හරියන්න  දේවිකා ගේන සතූතූතූතූ පාට ජෑම් ගාපු පාන් පෙත්තක් හම්බුවෙනවා තනූජයට. බොරු කියන්නේ මොකටද පන්තියේ කොල්ලෝ ගොඩ දෙනෙක් දේවිකාට ඇහැදාගෙන තමා හිටියේ… හැබැයි අනේ ඕං මං නම් නෑ…. මං නම් බලයි ඔය කෙල්ලෝ දිහා… කියලා කිව්වට මගේ හිතෙත් පුංචි මෙව්වා එකක් තිබුනා.

සාමාන්‍යයෙන් දේවිකා කෑම කාලා ඉවර වෙලා කෙල්ලෝ කට්ටියත් එක්ක යනවා පිට්ටනියට ගස් පුච්චන්න. ගස් පුච්චනවා කියන්නේ ඔය දැන් කොල්ලෝ සෙට් වුනාම කැලෑ ගිනි තියනවා වගේ සෙල්ලමක් නෙමෙයි….! ගස් පිච්චිල්ල තමා ඒ දවස් වල ටොප් ලිස්ට් එකේ උඩින්ම හිටියේ… ඉතිං අපිත් දැං කැලෑ ගිනි තිබ්බට ඒ දවස් වල කෙල්ලෝ එක්ක පිට්ටනියට පැනගෙන ගස් පුච්චනවා. හෙන ෆන් සෙල්ලම… සෙල්ලම කරපු ඈයෝ දන්නවා ඇති, පිරිමි ළමයිනුයි ගෑණු ළමයිනුයි ගස් පුච්චද්දී තියෙන ෆන් එක. මං නම් ‍එකෝම එක පාරයි කෙල්ලෙක්ව අල්ලන්න ගිහිං ඒකි වැටුනට පස්සේ මාත් කෙල්ලගේ කකුලේ පැටලිලා ඒ ගෑණු ළමයාගේ ඇඟ උඩ වැටුනේ….! අප්පේ ඒ දවස් වල මටයි ඒකිටයි හැදිච්ච කතා ගොඩ… (ඒක්කෝ ඒවා ඕනේ නෑ)

ඉතිං ඔහොම ඩේලි රෑටින් එකේ ඉන්ටවල් එක යන දවසක… අපේ තනූජ ගෙනත් තිබුනා බත් එකක්. ඒ දවස් වල නම් ඉතිං බත් එක දිගෑරියා විතරයි කොලේ ඉතුරු වෙන සීන් නැහැනේ. ඒත් ඉතිං පංතියේ ටීචර් බලාගෙන ඉන්නවා බත් එක ඉවර කරනකම්…! පස්සේ කොහොම හරි අමාරුවෙන් අමාරුවෙන් තනූජ බත් එක ඉවර කරලා පන්තියේ උළුවස්ස ගාවට වෙලා හිටගෙන ඉන්නවා අපි සෙල්ලං කරන දිහා බලාගෙන… පොරට සෙල්ලං කරන්න යන්න විදියක් නෑ බඩ පිරිලා නිසා. ඊට පස්සේ තමා මං දැක්කේ මේ තමා පොරට ප්‍රති උපකාර කරන්න හොඳම වෙලාව කියලා. ඉතිං මාත් කිසි දෙයක් නොදන්න ගානට පන්තියට ගිහිං තාත්ත අරං දීපු වතුර බෝතලෙන් වතුර ටිකකුත් බොන ගමන් කල්පනා කරා මොන වගේ සැලකීමක්ද මූට කරන්නේ කියලා. ඔහොම හිත හිත ඉද්දී දේවිකාත් ඉන්නවා ටීචගෙන් මොනාදෝ මන්දා අහ අහ… පස්සේ මගේ ජුංඩං මොලේට මීටර් වුනා දේවිකාත් ඉන්න නිසා මූට කරන්න පුළුවන් ලොකුම උපකාරය මොකද්ද කියලා…

ආයෙ තව පාරක් හිත හිත හිටියේ නෑ… අර දෙමළ, තමිල්නාඩු මූවි වල වගේ සිං සිං ගාලා බෝතලේ එල්ලුවා පුටු කකුලේ… සුපර් මෑන් වගේ ස්පීඩ් එකෙන් ගියා තනූජ ගාවට. දනිස් දෙකෙන් පොඩ්ඩක් පහලට නැවුනා…. ලොකූකූකූ හූවකුත් කියාගෙනම තනූජගේ කලිසම ඇද්දා ඇදිල්ලක් පහලට, මං දිව්වා…. කලිසම නතර වුනේ තනූජගේ සපත්තු‍ දෙකේ උඩ ගැට්ටේ….

සීන් එක මුලින්ම දැක්කේ දේවිකායි මිසුයි….  ඒ දෙන්න හිනා වෙන කොට තනූජත් කලිසම එහෙම්ම තියාගෙන හැරුනා පන්තියේ අනිත් ඇතුලට. මොකද ඉතිං මං කරපු උදව්ව ගැන පොරට හිතාගන්නවත් බැහැනේ… ඊට පස්සේ ගැජමැටික් ටික දැකලා දේවිකා ඇස් දෙක වහ ගන්නවා විතරක් මං දැක්කා පන්තිය පිටිපස්සේ තිබුන යකඩ දැල් ගහපු ජනේලෙන්. තනූජ පිට්ටනිය පැත්තට පස්ස හැ‍රෙව්වා විතරයි හම්බුනා හූ හඬක්… මට තාමත් මතකයි කොච්චර පවර් ෆුල්ද ඒ සද්දේ කියලා. පස්සේ දඩ බඩ ගාලා මිස් ගුරු පුටුවෙන් නැගිටලා ඇවිත් තමා තනූජගේ කලිසම ඉස්සුවේ… ඌට ඒ වෙද්දිත් මොකද්ද උනේ කියලා හිතාගන්න බෑ…!

පස්සේ ඉතිං ඒ වෙලාවේ පිට්ටනියේ හිටය භාගයක් විතර නොමිලේ ෆිල්ම් එකක් බැළුවා. මාත් බෙල් එක ගහපු ගමන්ම ආයෙමත් පන්තිය වටෙන් ගිහිං රිංගුවා පන්තියට….

ගෝල්ඩ්හ් ෆිෂ්හ්

මල මගුලයි. ටීචර් මගේ පුටුවේ ලඟ. දැන් මං බිම බලාගෙන…. මට පේනවා නිකං වේවලක් වගේ අයිටම් එකකුත් මිස්ගේ අතේ තියෙනවා වගේ… ඒ එක්කම ලස්සනට සුදු පාට මල් වැල් වලින් ලස්සන කරපු සෝක් සෙරප්පු දෙකකුත් මිස් දාගෙන ඉන්නවා… ඒ ඉතිං මේ ගුටිකන වෙලාව මිසක් ඔව්ව බලලා සතුටු වෙන වෙලාවක් නෙමේනේ. අනික මට ගුටියක් කන්න බය හිතුනට අවුරුදු ගානක ඉඳන් කරන්න හිටිය උදව්ව මතක් වෙද්දී හිනා යනවා. ඉතිං සෝක් මූඩ් අතෑරලා හිනා වෙන ගමන්ම මිස් දිහා බැලුවා…

චටාස්…. පටාස්….

ගාලා වදියි කියලා හිතුවට. මගේ හිනා මූන දැක්ක ගමන් මිස්ටත් හිනා. විජහට සාරි පොටෙන් කට වහගෙන ආයෙම ගියා පන්තියෙන් එලියට. දැන් ඉතිං මට ෂුවර් ගුටිය කන්න වෙන්නේ සැර අඩුවෙන් කියලා. මං හිමීට තනූජ දිහා බැලුවා… ඌට එච්චර ගානක් නෑ… පොරත් මගේ දිහා බලාගෙන හිනාවෙවී ඉන්නවා.. ඒ ටීචර් මට ගහනකං….!

පස්සේ ආයෙම මිස් ආවා පන්තියට. මගේ ගාවට ආයෙම ඇවිත්…. නැගිටිනවා. ඒ පාර නම් බොරු තරහක් මවාගෙන. අපේ අම්මත් ඔය වගේනේ. ඒක නිසා ඉතිං බය වෙන්න දෙයක් නෑ. ඒත් ඉතිං කරපු වැරැද්දට දඬුවමක් දෙන්නත් එපැයි. නැත්තං අනිත් එවුනුත් එක එකාගේ කලිසම් ගලවන්න ගනියි…. ඒක නිසා ඉතිං මගේ මූන දිහා බලලා හිනාවෙන ගමන්… දුන්නේ නැද්ද වේවැල් පාරක්. රිදෙන්න නෙමේ, දඬුවමක් දෙන්න ඕනේ නිසා… අයෙ කරනවා එහෙම නෙවෙයි ඔය වගේ වැඩ… හරිද… හ්ම්… කියලා බොරු සැරයකුත් දාලා හිනාව තද කරගෙන ආයෙම ගියා ස්ටාෆ් රෑම් එකට වේවැල තියලා එන්න…!

ලාවට ගුට්ටක් කෑවත් එදා නම් මට හරි සතුටු දවසක්…!

Advertisements

56 Responses to “තනූජගේ කලිසම සහ දේවිකා…!”

  1. ශානු Says:

    හික් හික් ඔය කලිසම ගැලවුනේ ඔයාගෙයි කියලා තමා මට ඔයාලාගෙ ඉක්කෝලේ ඉන්න මගේ ලාලුවෙක් කිව්වේ 😉

  2. haree Says:

    උඹත් කොරන වැඩ……..

  3. රූ Says:

    හපොයි මෙහෙමත් උදව්..
    කතාව කිව්ව හැටි අගෙයි මට මැවිලා පෙනුනා..

  4. ~ChAnDiKa~~ Says:

    යකෝ මුට වෙච්ච සීන් එකක්නේ 😀

  5. Praසන්ன Says:

    ෆිල්ම් එකේ හොඳ ටික දැකල තියෙන්නෙ දෙන්නයිනෙ.

  6. මන්තරකාරි Says:

    චී… නෝටී… 😀

  7. Observer Says:

    මූ පොඩි කාලෙත් මහ නසරානියෙක්නෙ

  8. කස්සා Says:

    බලං ඉඳල දුන්න නේද රිටන් එක.දැන් ඔය කලිසං ගැලවිල්ල පහ වසරෙන් ඉවර උනාද?

    • ගෝල්ඩ් fish Says:

      කැත කතා කියන්න එපා බං… අනුන්ගේ කලිසං ගලවන එකනම් කරේ අන්තිම හා පළවෙනි පාරට. මගේ කලිසම නම් ඉතිං දිනපතාම ගලවනවනේ…

  9. Chanaka Says:

    ඉස්සරහට ගොල්ඩ් ෆිශ්ට මඩ ගහන එවුන් පරිස්සම් වෙලා හිටපල්ලා.. ඔය ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නෙත් මේ වගෙ වැඩක් පටි තද කර ගනිල්ලා..

  10. තරිඳු Says:

    මුන්ගේ හෙදර යන උන් බෙල්ට් එකට අමතරව තම මොනව හරි පටලගෙන පලයල්ලා,,,,කෙල්ලො නම් යන්න එපා..ඉස්ස්‍ර මූට ගහන්න මිස් වත්හිටියා දැන් එහෙමවත් නෑ..එ නිසා යන කට්ටිය පරිස්සමෙන්……අඩො උබ මට අරකට තම උත්තරයක්
    …දුන්නේ නෑ….

    • ගෝල්ඩ් fish Says:

      මගේ සීන් පැත්තක තියපං… මොකද්ද කියපංකෝ බං අහපු ප්‍රශ්නේ….

  11. මාඩා Says:

    adeeee mu podi kale idanm wada karayek ne….. 😀 😀 😀

  12. සාබිත් Says:

    මිස්ලගෙන් ගුටි කන එකත් සැපක් බං!කෝ දැන් හම්බ වෙන්නේ නෑ නොවැ එහෙම ගුටි!

  13. X-Porter Says:

    “..බොරු කියන්නේ මොකටද පන්තියේ කොල්ලෝ ගොඩ දෙනෙක් දේවිකාට ඇහැදාගෙන තමා හිටියේ….මගේ හිතෙත් පුංචි මෙව්වා එකක් තිබුනා….”

    අඩේ… කෙත්ත ගෝල් පිස්… බලං ගියාම ජුන්ඩ කාලෙ ඉඳලම උඹ ඇම්ඩන් නේ…පුදුමයක්යැ දැනුත් ඔය බාල වයස් කාරියක්ට කුරුමානං අල්ලන්නෙ…

    මෙ එක නෙමෙයි… මොකද්ද බං අර කෙල්ලෙක් එක්ක කලයි කියන ගස් පිච්චිල්ල… මොනාද කෙස් ගස් ද..? ඒකාලෙත් ඒව තිබ්බෙයි…? වෙන්ට බෑ…හරී පුදුමයි

    • ගෝල්ඩ් fish Says:

      අයියලෑ කාලේ වගේම අප් කාලෙත් ගස් පිච්චිල්ල තිවුනා… දැනුත් තියෙනවා.

  14. Bunny Says:

    අෆිත් ඔහොම ගැලෙව්වා 😀 ඔයිට වඩා ලස්සනට 😀 😀
    http://freeanushka.blogspot.com/2011/11/blog-post_10.html

  15. dinesh umagiliya Says:

    මරු උදවුවක්නේ යාළුවට කරලා තියෙන්නේ.. මං මේ තාම කල්පනා කරන්නේ ඕකෙන් කොහොමද තනූජයගේ වැඩේ හරි ගියේ කියලා…

    • ගෝල්ඩ් fish Says:

      මොන වැඩේද බං…. දේවිකා අපි එකෙක්ටවත් කැමති වුනේ නෑ… උඹට කියන්න තාමත් ඒකි තනිකඩ….

  16. Gayan Rupasinghe (සිංහයා) Says:

    ආහ් මමත් ගස පුච්චලා තියෙනවා මචන්… මාරු සෙල්ලම ඇ….. හික් හික් උබ නම් ඒ කාලෙත් හෙන ඇම්බැට්ටයෙක් වගේ

    ජය,,,

  17. මධුරංග Says:

    මොකද මන්දා දේවිකා කිව්වම මට මතක් වෙන්නෙම ‘දේවිකා බීඩී’ !!!!
    අයියට ලස්සන කෙල්ලෙක් දැක්කම බත් කාගෙන කාගෙන කාගෙන කාගෙන ගියෑකි කියන එක නම් මට තාමත් හිතෙනවා.
    ඒක නෙමේ. ගස් පුච්චනවා කිව්වේ මයිල් ගස් ද ? මම ඒ සෙල්ලම දන්නේ නෑ.

    • ගෝල්ඩ් fish Says:

      ඔය කටිට්ය සෙට් වෙන දවසක උමත් වරෙන්කෝ මං ගස් පිච්චිල්ල ගැන උඹට හොඳ ලෙසන් එකක් දෙන්නම්.

  18. තිස්ස දොඩන්ගොඩ Says:

    හෙහ් හෙහ් හෙහ් – ගෝල්ඩ් …!!!!!!

  19. pissa palaamalla Says:

    මොනවද බන් කොල්ලොන්ගෙ කලිසම් ගලවන්නේ… ඈ බන් අරූ යටට ඇදල නැද්ද දේවිකා ඇස් වහ ගත්තෙ ?? ඉතින් මොකෑ වැඩේට උනේ ??

    • ගෝල්ඩ් fish Says:

      පහ වසරෙදි යටට අඳින්නේ උත්සවයක් දාට විතරනේ බං… වැඩේට මොනා වුනාද කියලා මතක නෑ… කොහොමහරි කෙල්ල අපේ එකෙකුටවත් කැමති වුනෙ නම් නෑ…

  20. නවම් Says:

    යකෝ මේක ඉස්සරත් එක එකාගෙ රෙදි ගැලෙව්වද?

  21. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    ගස් පුච්චන ගේමෙ තියන පට්ටම ආතල් එක තමයි ඉන්ටවල් එකට පිට්ටනියට ගිහිල්ල සෙල්ලමට කට්ටිය එකතු කරගන්න එක. ඉස්සෙල්ලම පිට්ටනියෙ එක කොනකට යනව . . එතන ඉඳල “ගස් පුච්චනවා” කියල කෑ ගහගෙන පිට්ටනියෙ අනිත් පැත්තට යද්දි හෙන සෙට් එකක් ඉන්නව එකාට එකාගෙ (කෙල්ලො සක කොල්ලො) කරේ අතදාගෙන දිග පේලියක් විදියට.
    අඩේ . . උඹ කොය කෙල්ලගැන කියද්දි මට මතක් උනේ ඒ දවස්වල අපේ පංතියෙ හිටපු හිට් එක . . . ශානිකා මධුමාලි . . . පට්ට ඈ . . . ලා රෝසපාට ටවලිං ශෝටක් යටට අඳින්නෙ . . . .

    ප.ලි.
    වතාවක් තුන වසරෙදි ස්පෝට්ස් මීට් එකේ විකට ඇඳුං තරගෙට මම හිටිය “කපුවෙකුට” ඇඳල. . . . මුලු ඉස්කෝලෙම බලාන ඉඳිද්දි සරම කඩං වැ‍ටුනනෙ බං ස්ටේජ් එක උඩ දි . . . ඒ දවස් වල ලොකුපංති වල හිටපු එවුං ලඟ තාම තියනව ඒ සීන් එකේ පොටෝ . . . .

    • මධුරංග Says:

      කෝ ඉතින් ඕනේ අයියා සෙල්ලමේ ඉතුරු ටික කිව්වේ නෑනේ. සෙල්ලම ගැන මගක් දුරට ආවම සානිකාගේ ටවලිං සෝට මතක් උනා. 🙂

      • ගෝල්ඩ් fish Says:

        මොනා කරන්නද මල්ලි… උඹලා වගේ තමා ඉතිං ඒ දවස් වල ඕනේ අයියාලත්…

      • මධුරංග Says:

        පිස්සුද බොල !!!
        අපි එහෙම නෑ.. අපි හොද කොල්ලෝ !!

      • ගෝල්ඩ් fish Says:

        අපි දන්නවනේ ඉතිං….

    • ගෝල්ඩ් fish Says:

      බලාගෙන යද්දී නවම් අයියලා ඒනේ අයියලා ඔක්කොම එකයි… මුං බලන්නෙම කෙල්ලන්ගේ යටට අඳින එව්වා දිහා…වයසේ වැරැද්ද… 😛

  22. හිස් අහස Says:

    අපෝ බං උඹව හම්බවෙන්න එන්නත් බයයි ..

    දැං ඔෆිස් එකේදී එහෙම ඔය කලිසම් ගලවන සෙල්ලම ගස් ගිණිතියන සෙල්ලම වගේ එවුවා කරන්නේ නැද්ද ?

    • ගෝල්ඩ් fish Says:

      ගස් පුච්චන එව්වා නම් ඉඳලා හිටලා කරනවා. කලිසම් ගලවන්න වෙලාවක් නෑ බං සඳරු….

  23. ගිනි කුරුල්ලා Says:

    ඒ මාළුවෝ මෝඩ වැඩක්නේ කරලා තියෙන්නේ… කෙල්ලෙක් ඉස්සරහා ඔහොම කලාම අරූ ගැන දුක හිතිලා අරූට කාඩ් එක වැටෙනවා, මාළුවගේ කාඩ් එක කුඩු වෙනවා කියලා තේරුනේ නැද්ද???

  24. ඔබ නොදු‍ටු ලොවක් Says:

    හප්පේ අරූගේ කාඩ් එක කුඩු කරලනේ ……

  25. කළු පූසා Says:

    දේවිකා ගැන කියද්දී තමයි මතක උනේ මමත් ඒ කාලේ (3 වසරේ ඉඳන් 5 වසර වෙනකල් කැල්ලක් කලානේ :P) කෙල්ලත් කැමැත්තෙන් හිටියේ හැබැයි අහන්න තමයි බැරි උනේ. තාමත් එයාව දැක්කම නිකන් මොකක්ද වෙනවා 😀

    • ගෝල්ඩ් fish Says:

      ඉතිං බං අහලා බලපංකෝ සිංගල්ද ඩබල්ද කියලා….

      • කළු පූසා Says:

        මම හිතන්නේ සිංගල් ,එත් උන්ව බැඳලා වැඩක් නැහැ බන් ලස්සන විතරයි. අඩු ගානේ තේ එකක්වත් හදාගන්න බැහැ

        🙂

      • ගෝල්ඩ් fish Says:

        අඩේ ඒ කිව්ව කතාවටනම් උඹේ කටේ කී්‍යක් හරි ඔබන්න ඕනේ… ඒක ඇත්තම තමා බං.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: