ඇයි මට බොරු කිව්වේ…?

බොරු කිව්වා …? මේ…. මම…?

ඔව්… නැතුව ඉතිං මමයැ

හරි හරි ඉතිං බුම්මං ඉන්නේ නැතුව කියන්නකෝ මොකද්ද මං කිව්ව ඔය මහාහාහා ලොකූකූකූකූ බොරුව කියලා…

අනේ යනවා යන්න…. මං කියන්නේ නෑ… ඕනේ නම් මතක් කරලා බලන්න….

හ්ම්…. හරි එහෙනම් මට බොරුව මතක් කරන්න තත්පර කීයක් දෙනවද..?

මට මොකෝ ඕනේ තත්පර ගානක් ගන්න….

එහෙනම් එකයි, දෙකයි….. හා හරි මතක් වුනා…. කියන්නද එහෙනම්….?

හා… කියන්න බලන්න….

එක්කෝ ඕනේ නෑ… ඒක නෙවෙයි වෙන්න ඇති….

නෑ… නෑ… කියන්නකෝ…….

ම්හු මතක් වෙන්නෙ නෑ…. මං ඔයාට බොරු කියලා නෑනේ….

මාත් හිතුවේ එහෙම තමා…  ඒත් ඊයේ බොරුවක් කිව්වා…

මූන එල්ලන්, නහයෙන් අඬ අඬ ඉන්නේ නැතුව කියන්නකෝ ඉතිං…..

දූගේ නහය මගේ වගෙයි කිව්වේ…

ඉතිං….

ඉතිං…? ඉතිං මේ ජම්බෝල ගෙඩිය වගේ නහය… ම​ගේ වගේද…? ඔයාගේ වගේද…?

47 Responses to “ඇයි මට බොරු කිව්වේ…?”

  1. Weni Says:

    හිකිස්.. තව පොඩ්ඩෙන් කියන්න හිතා හිටපු බොරුත් එලියට එන්න තිබ්බාද මන්දා..!!!

  2. pissa palaamalla Says:

    ලොවෙත් නෑ….. තව ඩිංගෙන් නිකන් ලෙඩක්

  3. X-Porter Says:

    ඉල්ලං කන්න ඔහොම මෙහෙම ගිහිං ගොඩ ගියානෙහ්……

    අඩේ… ඊක නෙමෙයි මාලුවො මේකෙ මොකක් හරි හොරයක් තීනව….. හරි දැන් කියහංකො ඇත්ත කතාව…..

  4. Chanaka Says:

    පට්ටපල් බොරුවක් නොවැ කියල තියෙන්නෙ..

  5. Kasun Chanaka Says:

    කොහෙත්ම සමාවක් දෙන්න බැරි බොරුවක්නේ කියල තියෙන්නේ.

  6. පිණිබිඳු Says:

    මොකද්ද බන් මේකෙ හැංගිච්ච කතාව එතකොට. ඒකත් කියහන්.

  7. ඕනයා (Dulip Sikurajapathy) Says:

    මලය මූදට හත් ගවුවක් තියා අඹුඩ ගහනවද මන්ද . . . .???
    ඔහොම යංකෝ . . . . .

  8. රූ Says:

    හපොයි…එතකොට නහය ඇත්තටම කවුරු වගේද?

  9. සමාදි Says:

    අනේ හුරතල් පැටියා. (මම කිව්වෙ බබා)

  10. සාබිත් Says:

    අනේ මන්ද මූට මොනා හිතිලා ලියන එව්වද කියලා මේවා!

  11. X-Porter Says:

    පුහ්… මල් වට්ටි ….
    තනමල්විල මල් වෙන්ටැ… අපි නොදන්න චෙස්….( අතින් මෙහෙම..)

  12. X-Porter Says:

    පට්ට බොරුවක් තමයි කියල තියෙන්නෙ… නහය අල්ලපු ගෙදර එකාගෙ වගේලු.. (රට්‍ටු කියන්නෙ… ) මට පේන්නෙ අහිංසකයව ඇන්ඳුව…..

  13. praveena Says:

    ඔයා බොරු කීව හන්දා. ඔයා මගේ බව්වා වල්ශේෂන් කීවා. මම තරහයි….:D:D:D

  14. නිසුපා Says:

    හපොයි….. මං හිතුවෙ යසෝදරා නඩුවක් දාලා කියලා…..

  15. මධුරංග Says:

    එතකොට දුවගේ නහය කාගේ වගේද ? එතකොට මේ පුංචි කට කාගේ වගේද ?
    අම්මෝ මෙවුන් දාගන්න නඩු !! 🙂
    අපි නෑ ඔවුවට.

  16. ඔබ නොදු‍ටු ලොවක් Says:

    කොහේදෝ පෝස්ට් එකක දැක්කා එහා ගෙදර පොඩි එකාව ආනේ තාත්තා වගේමයි කියලා වඩාගෙන එකෙක් නෝන්ඩි වෙනවා…හික් හික් ….

  17. විසිතුරු | visituru Says:

    ඔයින් ගියා ඇති! මමත් හිතුවෙ මාලුවගෙ හොරයක් අහු වෙලා කියලා

  18. සිතුවම් Says:

    මේ අහවල් කාරනාවක්ද බං.මටනම් පූර්වාපර සන්ධි ගලපාගන්න අමාරුයි.

  19. මන්තරකාරි Says:

    නිගමනය: මාළුවාට ඇත්තේ ජම්බෝල ගෙඩියක් වැනි නහයකි… 😀


පාර කියන තාරකාවි වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: