බොරු කිව්වා …? මේ…. මම…?
ඔව්… නැතුව ඉතිං මමයැ…
හරි හරි ඉතිං බුම්මං ඉන්නේ නැතුව කියන්නකෝ මොකද්ද මං කිව්ව ඔය මහාහාහා ලොකූකූකූකූ බොරුව කියලා…
අනේ යනවා යන්න…. මං කියන්නේ නෑ… ඕනේ නම් මතක් කරලා බලන්න….
හ්ම්…. හරි එහෙනම් මට බොරුව මතක් කරන්න තත්පර කීයක් දෙනවද..?
මට මොකෝ ඕනේ තත්පර ගානක් ගන්න….
එහෙනම් එකයි, දෙකයි….. හා හරි මතක් වුනා…. කියන්නද එහෙනම්….?
හා… කියන්න බලන්න….
එක්කෝ ඕනේ නෑ… ඒක නෙවෙයි වෙන්න ඇති….
නෑ… නෑ… කියන්නකෝ…….
ම්හු මතක් වෙන්නෙ නෑ…. මං ඔයාට බොරු කියලා නෑනේ….
මාත් හිතුවේ එහෙම තමා… ඒත් ඊයේ බොරුවක් කිව්වා…
මූන එල්ලන්, නහයෙන් අඬ අඬ ඉන්නේ නැතුව කියන්නකෝ ඉතිං…..
දූගේ නහය මගේ වගෙයි කිව්වේ…
ඉතිං….
ඉතිං…? ඉතිං මේ ජම්බෝල ගෙඩිය වගේ නහය… මගේ වගේද…? ඔයාගේ වගේද…?