සත්තුයි මිනිස්සුයි අතර වෙනස…!

ගොඩක් ඉස්සර කාලෙක එක රටක, එක නගරෙක ඈත කෙලවරකට වෙන්න තරුණ මිනිහෙක් ජීවත් වුනා. තනියම නෙවෙයි… ලොකු බංගලාවක, තරුණ බිරිඳයි, බංගලාවේ වැඩට ඉන්න කට්ටියයි එක්ක.

බංගලාව වටේටම තියෙන ලොකු වත්තේ තිබුන උද්‍යානය බලාගන්න මුරකරුවෝ කීප දෙනෙක්, වත්තේ පිටියේ වැඩ කරන්න ඒ වැඩ වලට දක්ෂ මිනිස්සු කීප දෙනෙක් එත‍ෙකාට ගෙදර වැඩ කරන්න සේවිකාවෝ කීපදෙනෙක් එහෙමත් මේ බංගලාවෙම ජීවත් වුනා. හැම දෙනාටම තරුණ මිනිහා සැලකුවේ පවුලේ අයට වගේ. තරුණ මිනිහාට ඕනේ තරම් සල්ලි තිබුනා. ඒ එයාට දෙමවුපියන්ගෙන් හම්බුවෙච්ච බූදලේ වගේම එයා කරන රැකියාවෙන් හම්බුවෙන වැටුපත් එක්ක. ඉතිං තරුණයා සතුටින් හිටිය නිසාම එයාගේ යාළුවන්ටත් මේ නිවසෙදී ගොඩක් වෙලාවට සාද පැවැත්වුනා… යාළුවොත් ගොඩක් හිටියා. ඒ වගේම තරුණයාගේ අම්මලා තාත්තලට සහෝදර සහෝදරියන්ට මේ තරුණයා ලස්සන පැති වලින් ගෙවල් හදලා දීලා බොහොම සුව පහසුවට ඉන්න සලස්සල තමා තිබුනේ.

ඉතිං කිසිම බරක් පතලක් නැතුව ගොඩක් සන්තෝසෙන් මෙහෙම දවස් ගනන් ගෙවී ගෙන යද්දී තරුණයාට හිතුනා සුරතලේට ඇති කරන්න බල්ලෙකුත් ගෙනාවොත් නරකද කියලා…! ඔහොම හිතලා යාළුවන්ගේ මාර්ගෙන් හොඳ වර්ගෙක බලු පැටියෙක්ව, තරුණයා පාවිච්චි කරන සෑහෙන වටිනාකමක් තියෙන කාර් එකේ දාගෙන ගෙනාව මේ ලොකු බංගලාවට. ඊට පස්සේ ඉතිං අර තරුණයා උදේට රැකියාවට යන්න කලින් බලු පැටියාට කෑම දීලා එහෙම තමා යන්නේ.

ඔහොම කාලයක් යද්දී බලු පැටියා ලොකු වුනා…. තරුණයා මහලු වුනා. අළුතින් සේවකයෝ ආවා ගියා. යාළුවෝ වැඩි වුනා වෙනස් වුනා…. ඒත්…..!

කවුරුවත් හිතුවෙ නැති වෙලාවක තරුණ කාලය පසුකරමින් සිටිය මහලු තරුණයා අසනීප වුනා. එයා දැන් ලෙඩ ඇ‍ඳේ…! ඉතිං ගෙදර හිටිය හැමෝටම හරි දුකයි… කොච්චර සුව කරන්න හැදුවත් කවදාවත් සනීප කරන්න බැරි, බෙහෙත් නැති ලෙඩක් තමා හැදිලා තියෙන්නේ කියලා දොස්තරවරු කිව්වා… ඊට පස්සේ ඉතිං පවුලේ අය මහල්ලාගේ සල්ලි ඉවර වෙනකම්ම බෙහෙත් කරා… ඒත් කිසිම ගුණකයක් නෑ… පස්සේ මහල්ලා පාචිච්චි කරපු වාහනේ විකුණලා එයාට බෙහෙත් කලා…. ඒත් සුව කරන්න බැරි වුනා…

පස්සේ ඉතිං තරුණයාගේ ගේ විකුණලා බෙහෙත් කරන්න හදද්දී, තරුණයා කිව්වා… මේ ලොකු ගේයි වත්තයි විකුණලා මං  කොහෙද ඉන්නේ කියලා….

එතකොට වටේ රැස්වෙලා හිටිය යාළුවෝ, නෑදෑයෝ කිව්වා…. අපි ඔයාට පොඩි කාමරයක් විතරක් තියෙන ගෙයක් බලලා තියෙන්නේ කියලා. ඒත් මහල්ලා ඇහුවේ ඒ ප්‍රශ්නෙත් නෙවෙයි, බලාපොරොත්තු වුනේ ඒ උත්තරෙත් නෙවෙයි…

මහල්ලා, එයාගේ විකිණුවට පස්සේ ඉන්නේ කොහෙද කියලා ඇහුවේ, තමන් නවතින්නේ කාගෙ ගෙදරද කියන එකයි… මොකද ඒ හැම ගෙයක්ම හදලා දුන්නේ මහල්ලා නිසා. ඒත් හම්බුනේ කවදාවත් හිතුව නැති උත්තරයක්….!

ඊට පස්සේ, හරි කමක් නෑ… මේ ඔක්කොම විකුනලා දාලා හරි මාව සනීප කරන්න පුළුවන්නම්..,! කියලා හිත හදාගනෙ අර යාළුවෝ කිව්ව පුංචි ගෙදර පදිංචි වුනා… දැන් අතට පයට වැඩ කාරයෙක්වත්, නෑදෑයෙක්වත් එන්නේ නෑ… මොකද ඒ තරම් පුංචි ගේකට එන්න එයාලට ලැජ්ජා නිසා…! බිරිඳත්, එයාගේ අම්මලා තාත්තලා ගාවට ගියා. එතකොට අර ගේයි වත්තයි විකුණපු සල්ලි….? ඒවා යාළුවෝ නෑදෑයෝ බෙදාගෙන… කොටින්ම අම්ම තාත්ත ගාව, බිරිඳ ගාව පවා ගේයි වත්තයි විකුණපු සල්ලි වල ‍කොටස් තිබුනා….

ඊට පස්සේ අර මහල්ලා තනි වෙලා…. කන්න බොන්න නෑ… යාළුවෙක් නෑයෙක් නෑ… ඒත් එයත් එක්ක එකම එක්කෙනෙක් එයාගේ තනියට ආවා…

ඒ තමා එයාගේ විකුණපු කාර් එකේ දාගෙන ගෙදර ගෙනාව වටිනා බල්ලා….! ඌගේ වටිනා කම නිසාම ගොඩක් දෙනා ඌව බලෙන්ම වාහ‍නවල දාගෙන තමන්ගේ ගෙවල් වලට ගෙනියන්න හදද්දී බල්ලා දත් විලිස්සගෙන මිනිස්සුන්ව කන්න පැන්නා. ඌ කවදාවත් කැමති වුනේ නෑ තමන්ට සලකපු ස්වාමියාව දාලා යන්න….!

Advertisements

48 Responses to “සත්තුයි මිනිස්සුයි අතර වෙනස…!”

  1. ඔබ නොදු‍ටු ලොවක් Says:

    සම්පූර්න ඇත්ත කථාවක්…මමත් ගෙදර එනකොට වෆ්ට ඉස්සෙල්ලා මාව ඉබින්නේ බල්ලා …හික් හික් ….

  2. maathalan Says:

    ඒ උනාට බල්ලො වගේ මිනිස්සු කීපදෙනෙකුත් තම මේ ළෝකේ ඉන්නවා. රස්සාවෙන අයින් වෙලා ටමන්ගේ දෙමව්පියන්ට සාත්තු සප්පායම් කරන කීප දෙනෙක්ම මම පෞද්ගලිකව දන්නවා…

  3. පිණිබිඳු Says:

    බල්ලෙක්ට පොඩි ආදරයක් දුන්නත් උන් මහ මෙරක් තරමට අපිට ආයෙ ආදරේ දෙනවා.

    • ගෝල්ඩ් fish Says:

      හැම තිස්සෙම ඒරියල් එක කෙලින් කරගෙන දුව ගෙන දුව ගෙන ඇවිත් සහෝදර ප්‍රේමය නිසා ඈඟට පයින්න තරම් උං අපිට පෙරළා ආදරය කරනවා…!

  4. මාඩා Says:

    minissunt wage ktha krann bri unath balla keyanne welawkt minisunt wada hoda yaluwek,, arkshakyek wgem hoda partner kenek,,,, ballont minisunt wada lagen ashry krna, salakan ayage sithuwili therenw godak hodat……

  5. Kasun Chanaka Says:

    හැබැයි බල්ලෝ මාළු එක්ක නම් කේස්…:P

  6. praveena Says:

    ඔන්න මටත් හොඳ අදහසක් ආවා. කසාද බඳින එකට වඩා කොච්චර හොඳද බලු පැටියෙක් හදන එක කියලා. දැම්මම මට ෂෝයි බලු පැටියෙක් ඉන්නවා…. 🙂

    • ගෝල්ඩ් fish Says:

      වල්සේෂන් එකෙක් වෙන්න ඇති… කොහොමත් බල්ලෙක් තියා ගන්න එක ආරක්ෂාවට හොඳ ඇති. ආදි කාලෙ ඉඳලම මුර කාරයොනේ ඉතිං…. පැරනිම සිකුයුරිටි…!

  7. ඕනයා (Dulip Sikurajapathy) Says:

    මචං, මගෙ මිත්‍රයෙක් ඉන්නව කොළඹ තැනක වැඩ කරන. ඌට ඉන්නෙ අම්ම විතරයි. අම්මට අංශභාගෙ දැන් අවුරුදු 8කට එහා ඉඳල. ඌ ඉන්නෙ ගම්පහ. තවම මගෙ මිත්‍රය තමයි අම්මව නාවල, කවල, පොවල, බෙහෙත් දීල, දවල්ට කෑමත් ලෑස්ති කරන්නෙ. උගෙ ගෙදර තියෙන්නෙ ගම්පහ.
    ඌ මගෙත් එක්ක කිවුව කසාද බඳින්නෙ නෑ කියල . . . හේතුව ගේන ගෑනි අම්මට වෙනස්කමක් කරයි කියල . . .

    • ගෝල්ඩ් fish Says:

      ඒත් අයියේ සමහර දෙවිවරු වරගේ ගෑණුත් ඉන්නවා කියලා ඌට කියලා දුන්නොත් නරකද…

  8. X-Porter Says:

    “බල්ලොත් සමග හෙලුවෙන්..”

    ගෑනිගෙයි නෑ.. නෑ.. වයිප් ගෙයි (නිකං ලෙඩ දාගන්නෙ මක්කටෙයි..) බල්ලගෙයි වෙනස මොකද්ද… වැඩ ඇරිල ගෙදර එනකොටමූන එල්ලං ඉන්නව, ගස්සනව, පද්දනව, අරක ගෙනාවෙ නැද්ද අගනව, මේක ගෙනාවෙ නැද්ද අහනව,තව මෙකී නොකී දාහක් විජ්ජුම්බර..(බැඳල අවු. දෙක තුනකට පස්සෙ හරිය..) .ඒත් බල්ල මොන අඩු පාඩු තිබ්බත් මග බලං ඉඳල හිනාවෙලා, නැස්ට වනල, කැරකිලා, හිටිපිනුම් බඩපිනුම් ගහල, කරට නැගල කෙල බේරෙන කිස් එකක් දීල මනුස්පයව පිලිහන්නව….

    මමත් ආස බල්ලොන්ට…. කතා කොරන්න බැරිනිසා කනක් ඇහිල ඉන්න පුලුවංනෙ..හිහ්..හිහ්…..මාලුවො උඹට තේරුනැයි…. ?

  9. indika Says:

    aka atta.samahara minisunta wada ballo kalahi guna dannawa

  10. henryblogwalker Says:

    බල්ලො කවදත් අපිට පෙන්නුවෙ කොන්දෙසි විරහිත ආදරයක්. බලල නැත්ද Hachiko ‍ෆිල්ම් එක. මමකඳුලු පෙරුවා ඒක බලලා.
    ඒක නෙවෙයි. මේ කතාවෙ මට පොඩි ගැටලු වගයක් තියෙනවා.
    “තරුණ කාලය පසුකරමින් සිටිය මහලු තරුණයා…”
    “පවුලේ අය මහල්ලාගේ සල්ලි ඉවර….”
    “පස්සේ ඉතිං තරුණයාගේ ගේ විකුණලා….”
    මොකද මේ මහල්ලා තරුණයා දෙකම යොදා ගත්තෙ? switching between the two?
    henryblogwalker the Dude

    • ගෝල්ඩ් fish Says:

      “තරුණ කාලය පසුකරමින් සිටිය මහලු තරුණයා…” මේක නම් මං හිතලම ලියපු එකක්… හේතුව තමා සල්ලි තියෙන මිනිස්සු කොච්චර වයසට ගියත් තරුණයි කියලා හිතාගෙන ඉන්න එක….

      අනිත් ඒවා නම් ලියාගෙන යද්දී ලියවෙච්චා එව්වා….

  11. විසිතුරු | visituru Says:

    උතුම් ගුණ අති බල්ලො වගේම මිනිස්සුන්ගේ දුර්ගුණ පිහිටපු බල්ලොත් ඉන්නවා. ඒත් සාපේක්ෂව හොඳ බල්ලො වැඩියි.

    • ගෝල්ඩ් fish Says:

      ඒක ඇත්ත වෙන්න පුළුවන් අයියේ… මම නම් තාම එහෙම බල්ලෙක්ව දැකලා නෑහැ. ඒත් අනිවා ඉන්නවා නම් ඇති…

  12. Gimhani Says:

    හොඳ කතාවක් මාළු. ඇත්ත තමයි . මාත් දැකල තියනව
    තමන්ගෙ ස්වාමියා මැරුනමත් මිනී පෙට්ටිය ලග ඉන්නව හෙල වෙන්නෙ නැතුව ..

    • ගෝල්ඩ් fish Says:

      හ්ම්…. අපේ ගෙවල් පැත්ත පලාතේ ඔය වගේ හොද එක බල්ලෙක් නෑනේ…

  13. pissa palaamalla Says:

    හැම මිනිහම එහෙම නෑ බන්… හොඳ මිනිස්සු ඕනි තරම් ඉන්නවා… ඒත් සාපේක්ශව අඩුයි… බල්ලොන්ගෙ ඒකෙ අනික් පැත්ත…

  14. Observer Says:

    බල්ලට අහු වුනොත් මාළුව රත්තරන් කියල බලන්නේ නෑ හැබැයි, කනව ෂුවර් එකට

    ‘ඌ මගෙත් එක්ක කිවුව කසාද බඳින්නෙ නෑ කියල . . . හේතුව ගේන ගෑනි අම්මට වෙනස්කමක් කරයි කියල . . .;
    කියන්නෙ ඕනයා.

    දැන් ඌ බඳින්න තීරණය කරලලු, නරක මිතුර ලංකාවෙ නැති හින්ද

    • ගෝල්ඩ් fish Says:

      ඒ කියන්නේ නරක මිතුරා තමා වැඩේ කාලා තියෙන්නේ… තෝ ඔහෙටම වෙලා හිටු…. අනිත් උනුත් කසාදයක් කරගන්න කං…

    • ඕනයා (Dulip Sikurajapathy) Says:

      අනේ පල මැන්ටලේ යන්න . . . .

      • ගෝල්ඩ් fish Says:

        😛

  15. දොඩං Says:

    තිතට හරි…බල්ල නං කියල නිම කරන්න බැරි වටිනාකමක් තියෙන සතෙක්. මිනිස් සතාට වැඩිය වටින සතේක්!!

  16. කස්සා Says:

    මිනිස්සු කියන්නෙ හිතාගන්නවාත් බැරි ජාතියක් මචන්.පන දෙන්න කතාකරන අය එක තත්පරේට් වෙනස් වෙනව.හරියට කිඹුළ කනපිට ගැහුව වගේ.හොඳම දේ තමා ඉතාම අතළොස්සක් එක්ක ආශ්‍රය කරන එක.

    • ගෝල්ඩ් fish Says:

      ඔව් කස්සා උම කියන කතාව සම්පූර්ණ ඇත්ත මචං. ඈත්තටම මට යාළුවෝ කොච්චර හිටියත් මට ලඟින්ම ආස්සරේ කරන්නේ 10ක් හෝ 12ක් විතරයි….

  17. ඉන්දික උපශාන්ත Says:

    බල්ලක් හදපු එකෙක් තමයි බල්ලගෙ අගේ දන්නෙ. අවුරුද්දකට පස්සෙ ගෙදර ගියත් වාහනෙන් බහින්න ඉස්සෙල්ල ඌ කකුල්දෙක ළඟ.

    මේ ස්ටෝරිය බල්ලගෙ ජීවිත කාලෙ එක්ක ගත්තම වෙන්න අමාරු දෙයක් උනත් බල්ල ගොඩක් කල් හිටියොත් අනිව වෙන දෙයක්!

  18. Weni Says:

    කන්න දුන්නත් නැතත්.. ඔළුව අත ගෑවත් නැතත්.. කොයි වෙලාවෙත් නැට්ට වනා ගෙන එන බල්ලා.. සමහර මිනිස්සුන්ට වඩා කොයි තරම් හොඳද ?

    • ගෝල්ඩ් fish Says:

      මිනිස්සු වගේ ඔරවන්නේ නැතිව, දෙන දෙයක් කාලා ඉන්නවත් එක්කනේ….

  19. ගිනි කුරුල්ලා Says:

    ඒ බල්ල උනාට ඌ ලඟ මනුස්සකම කියන එක තියෙනවා බන්… 😀

  20. මධුරංග Says:

    දැන් බොලාට බල්ලෙක් හදන්නවත් හිතුනද ?
    අර කිව්වත් වගේ බල්ලොයි මිනිස්සුයි අතර තියෙන සම්බන්ධතාව ඈත අතීතයේ ඉදන්ම එන එකක් කියලා මම් අහලා තියෙනවා.

    • ගෝල්ඩ් fish Says:

      අපේ ගෙදරට නම් බල්ලෝ ගේන්නේ නෑ බං… මොකද අපේ අම්ම බයයි ගෙදර ඉන්න පූස් පැටව් දෙන්නව ආම්බාං කරගන්න බැරුව බල්ලෙක්වත් ආම්බාං කරන්න වෙයි කියලා…

  21. Gayan Rupasinghe (සිංහයා) Says:

    එහෙම තමයි මචන් බල්ලෝ.. අපේ ඩගිය ත් එහෙම තමයි,,,, ඩගියෝ උබට මගේ ආචාරය…

    ජය..

  22. නදුන් උයන Says:

    දැන් බලු ගති කියන්නේ මේවටද ආයුබෝවන්ඩ .. ?

    • ගෝල්ඩ් fish Says:

      ඉස්සර ඉඳන්ම බල්ලන්ගේ බලු ගති මෙව්වා තමා… මිනිස්සුන්ගේ බලු ගති ගැන අයියා දන්නවා ඈතිනේ…

  23. කළු පූසා Says:

    යතාර්ථය


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: