පොලියානාගේ සෙල්ලම, පවතින වාතාවරණයට අදාල වෙන හැටි….!

මාතෘකාව ටිකක් ලොකූකූකූ එකක් වගේ පෙනුනට මේක මේ ඇබිත්තං කතාවක්. කතාවක් කිව්වට බොහොම දුක හිතෙන කතාවක්. කතාව කියන්න කලින් පොලියානාගේ සෙල්ලම මොකද්ද කියලා කියන්න එපැයි. ඔය පොලියානා කියන්නේ පොඩි ගෑණු ළමයෙක්. අම්මයි තාත්තයි දෙන්නම නෑ… වයස හැටියට ගත්තොත් නම් පොතේ තියෙන විදියට මට වෙන්නේ නංගි…!!!

ඉතිං ඔය පොලියානා නංගි දන්නවා එල සෙල්ලමක්. අපි පොඩි කාලේ බට්ටෝ පැන්නා, ජිල් ගැහුවා, පිට්ටු කැඩුවා වගේ එව්වා කරාට පොලියානේගේ රටේ එව්වා නෑ. ඒත් ඉතිං මං දන්න තරමින් එයාත් ඔය එක එක විගඩම් කරා. ඒ අතරේ පොලියානා නංගිට එයාගේ තාත්ත කියලා දීල තිබුනා මරු සෙල්ලමක්….! සෙල්ලම තමා තමන්ට අත්විඳින්න වෙන හැම දේකින්ම සතුටු වෙන දෙයක් හොයාගෙන පුළුවන් තරම් සතුටු වෙන එක.

ඔය නංගි, අම්මයි තාත්තයි නැති නිසා ජීවත් වුනේ පුංචි අම්ම ගාවනේ. ඉතිං මෙහේ ඉන්න බැඳපු නැති පුංචි අම්මලා වගේම තමා එහෙත්. පොඩි එවුන්ව පේන්න බෑ…  ඉතිං පොලියානා පොඩි වැරැද්දක් කලත් ඒ ළමයව හදා ගන්නා කියලා පොලි පුංචි දඬුවම් දෙනකොට පොලියානා දඬුවම භාරගන්නේ මාර සන්තෝසෙන්. ඒ දඬුවමෙත් සැඟවුන සතුටක් කොහෙන් හරි හොයාගන්නවා අපේ පොලියානා නංගි.

Eleanor H. Porter ලිව්ව, කතන්‍යා අමරසිංහගේ සිංහල අනුවාදයේ හැටියට…. අනේ… පොලී පුංචි අම්මේ… එහෙම වුන එක කොච්චර හොඳද… කියලා තමා, අපේ පොඩි නංගි, පොලියානා  සෙල්ලමට එන්ටර් වෙන්නේ…! කියවන්න ආස්ස්ස්සාවේ බෑ… හැබැයි ඉතිං ඒ කතාවේ “අනේ” කියන කෑල්ල කීපරක් යෙදිලා තියෙනවද කියන්න නම් මං ගැනලා බැළුවේ නෑ…

දැන් ඉතිං කතාව මේකයි. මගේ ලැපී අසනීපෙන්නේ. ඉතිං හිත පුරා දුක අරා තමා. වෙනද පුරුද්දට ෆිල්ම් දෙක තුනක් ෆ්ලෑෂ්  එකේ දාගෙන  ගිහිං ලැපී දකින කොට තමා මතක් වෙන්න් මේ උස්සං ආපුවා බලන්නේ අහවල් එකට ගහලද කියලා. මුළු චිත්ත සන්තානෙම කඩා බිඳ හැලෙනවා, හරියට නිකං මැටි ගුරුලේත්තුවක් බිම වැටුනම “දෝස්” ගාලා වතුර විසික් වෙනවා වගේ…

ඉතිං මොනා කරන්නද…  ඔහොම දුකෙන් ඉද්දී තමා මට අපේ පොලියානා නංගිව එක පාරට මතක් වුනේ… ඇයි ඉතිං එයා කොයි තරම් දේවල් නැති වුනත් සන්තෝසෙන් හිටියානේ. ඉතිං මටත් හිතුනා ලැපීට කෙලවෙච්චි එක ගැන සන්තෝසයට කාරනාවක් හොයාගන්න…!  අපේ පොලී නංගිට එක අවස්ථාවක එක කාරණාවක් විතරක් හොයාගන්න පුළුවන් වුනාට, මට පුළුවන් වුනා සීසීසීසීසීසීසීසීයක් විතර දේවල් හොයාගන්න.

සීසීසීයම ඕනේ නෑ…. ටිකක් දාන්නම්… මේක පටන් ගන්නේ අනේ පොලී පුංචි අම්මේ කියලා නෙමේ… අනේ ලැපී කියලා…

අනේ  ලැපී, ඔයාට මෙහෙම වෙච්ච එක කොච්චර සෝක්ද… දැන් මට බ්ලොග් කියවන්න නිදි මරන්නේ නැතුව, පෝස්ට් ලියන්න මහන්සි වෙන්නේ නැතුව රෑ හත අට වෙනකොට කාලා ඇඳට පැනගන්න පුළුවන්….!

අනේ ලැපී ඔයාට මෙහෙම වෙච්ච එකහොඳයි… දැන් ඉස්සර වගේ ෆිල්ම් වල ටොරන්ට් හොයන්න මහන්සි වෙවී, එව්වා ඩවුන් කරගෙන ඇවිත් රැ එකොලහ දොලහ වෙනකං බක තපස් වගේ කිරා වැටී වැටී ඉන්නේ නැතුව වෙන වැඩක් කරගන්න පුළුවන්….

අනේ ලැපී ඔයාට මෙහෙම වෙච්ච එක ගැන මං කොයි තරම් සන්තෝස වෙනවද…! දැන් මට අළුත් ලැපත් ගත්තැකි. (තාත්තා ප්‍රතිපාදන පාස් කරොත් විතරක්… කියලා මතක් වෙද්දි නම් පොලියානාගෙ ආච්චිට &@$^()@)

අනේ ලැපී ඔයා මෙහෙම මෙව්වා වුන එක ගැන මං තරම් වෙන සන්තෝස වෙන කෙනෙක් නැතුව ඇති…! ඔයා දන්නවද මට දැන් පුළුවන් ඔයාව පැත්තකට දාලා ඔයාට වඩා පුංචි නෙට් බුක් එකක් ගන්න…

අම්මෝ තව ගොඩක් එව්වා තියෙනවා. ඒවා ඕනේ නෑ වගේ…  කොහොමහරි පොලියානේ සෙල්ලම නිසා හිතේ දුක තරමක් මගහැර ගන්න පුළුවන් වුනා. දැන් ඉතිං ගෙදර ගිහිං මල්ලිට ටෝක් කරලා බලන්න ඕනේ උගේ පීසී එකට විදින්න පුළුවන්ද කියලා. නැත්තං ඉතිං ඉරිදා දවසම…. හුම්….. පොත් කියවන්නයි නිදා ගන්නයි තමා වෙන්නේ….!!!

 

Advertisements

38 Responses to “පොලියානාගේ සෙල්ලම, පවතින වාතාවරණයට අදාල වෙන හැටි….!”

  1. ඕනයා (Dulip Sikurajapathy) Says:

    හොඳ වැඩේ උඹට ලඟ ලඟ පෝස්ට් දානවට . . . .

    • ගෝල්ඩ් fish Says:

      උඹලා වගේ යාළුවෝ… කෙසෙල් බඩ වලින් කපා ගත්තෑකි බොල… 😦

  2. ගිනි කුරුල්ලා... Says:

    නරියා මිදි තිත්තයි කිව්වලු….. 😛

  3. henryblogwalker Says:

    අයියෝ.. මෙන්න ලැපට කෙල වෙච්ච තව එකෙක්. මට වෙලා තියෙන්නෙත් ඕය සන්තෑසියමයි බොල. ජීවිතේම නුහුරට යනව ඔහොම වුනාම. මම මේක කොටන්නෙත් ඉස්කෝලෙ කොම්පියුටරෙන්. මගෙ නම් Blue Screen Of Death උඹේ එකට මක් වෙලාද? තව එකක් අන්න මාලුවා තාත්තා ගැනත් ලියලා. ප්‍රතිපාදන අවශ්‍ය උනාම තමයි තාත්තා මතක් වුනේ නේද බොල?
    henryblogwalker the Dude

    • ගෝල්ඩ් fish Says:

      මගේ ලැපීට වැඩිය මොකුත් උනේ නෑ අයියේ… නඩුකාරිගේ කෝල් එකකට දුවන්න ගිහිං වයර් එක ටැපලිලා බිම පතිත වුනා විතරයි… හාඩ් එකටත් මුකුත් වුනේ නෑ… ක්‍රෑස් වුනා විතරයි… ඉතිං මට හරි සතුටුයි….!!!!

  4. praveena Says:

    දැන් මට අහවලාගේ බ්ලොග් කියවන්න නිදි මරන්නේ නැතුව, රෑ හත අට වෙනකොට කාලා ඇඳට පැනගන්න පුළුවන්…

    හී හී හී හී…මම මේ පොලියානාගේ සෙල්ලමට කැමතී… 🙂 🙂

    • ගෝල්ඩ් fish Says:

      අනේ අක්කේ… ඔය අහවලා මම නෙවෙයි වෙන්න ඇති නිසා මම ඒ ගැන සන්තෝස වෙනවා….!!!

  5. සාබිත් Says:

    මාගේ බලවත් සංතෝෂය !! 🙂
    මේක ලීවෙ කොහෙන්ද?

  6. Observer Says:

    ‘හොඳ වැඩේ උඹට ලඟ ලඟ පෝස්ට් දානවට . . . .’

    ඉතාම කලාතුරකින් වුනත් ඕනයා සමග එකඟ වීමට සිදුව ඇත

    • ගෝල්ඩ් fish Says:

      අනේ අපොයි….

    • දොඩං Says:

      අනේ එපා!! උඹ හෙටත් පෝස්ටුවක් දාපං..නැත්තං කියවන්නෙ මොනවැයි..දැන් තියෙන බ්ලොග් නං 😦

      • ගෝල්ඩ් fish Says:

        හොඳ දොඩං……

  7. arunishapiro Says:

    මඟ ඇරිච්චි පොත් ටික කියවා ගන්න කාලයක් ලැබීමත්, වෙනදාට වඩා වැඩියෙන් ටිකක් නිදාගන්න එකත් කොච්චර ලොකු දෙයක් ද? -පොලියානා ආච්චි!!!

  8. රූ Says:

    “අයියෝ නැන්සි ඔයා සෙල්ලම කරන්නෙ අමුතු විදිහට..“
    මෙහෙම කෑල්ලක් පොතේ තියනවා යාළු මාළුවට මතකද දන්නෑ.ඔයාගෙ පෝස්ට් එක දැක්කොත් පොලියානා නංගි එහෙම කියයි.
    සතුටු වෙන්න කාරණා හොයාගන්න අමාරු වුනාම තමා සෙල්ලම ජොලි කියලා පොලියානා කියන නිසා තවත් ‍හේතු හොයන්න මලේ..!!

    • ගෝල්ඩ් fish Says:

      එතකොට මට කවදාවත් ලැපක් ඕනේ වෙන්නේ නැතුවෙයි…. හික්…. ඇයි ඉතිං ලැප නැතුව සතුටු වෙන්න ඕනේ තරම් හේතු තියෙනවනේ…

  9. Itnishantha Says:

    අනේ බන් මගේ ලැපත් කැඩෙනවා නම් හොඳයි. නැත්නම් මගේ පවුල කැඩෙයි නිදිමරාගෙන මේ මඟුල් blog ලිවිල්ලක් හින්ද.

    • ගෝල්ඩ් fish Says:

      පවුල වගේද අයියා බ්ලොග් එක…. අතාරින්න එපා… මාත් ගේ උකස් තියලා හරි ලැපක් ගන්නවා…

      • ඕනයා (Dulip Sikurajapathy) Says:

        බ්ලොග් ලිවුවොත් පවුල ‍රැකේ කියන ආ‍තෝපදේශය හොඳට හිතට ගනිං මලේ . . . .

      • ගෝල්ඩ් fish Says:

        හේතුවත් කියපං බලන්න

  10. මධුරංග Says:

    එලකිරි !!! එක බ්ලොග් එකක් ඉවර වේගෙන යන්නේ. හුරේ !!! හුරේ !!!
    අඩේ අයියා සිරාවටම ලැපට මොකෑ උනේ ? යුනිටි අරන් ගියෙ නැද්ද

    • ගෝල්ඩ් fish Says:

      යුනිටි ගෙනියන්නේ කොහෙද බං ඒ ඉලව්ව… දැන් ඉතිං බලු පෝතකයෙකුටවත් දමලා අරින්න ඕනේ…

      • මධුරංග Says:

        ඊයා….. බල්ලෝ එක්ක එපා බොල !!!!! 🙂

      • ගෝල්ඩ් fish Says:

        අපිත් නරක් වෙනවා….. සික්…

  11. ඔබ නොදු‍ටු ලොවක් Says:

    හප්පේ මොකක්ද ඔය ලැපීගේ මොඩල් එක …..වීල් බැරෝ එකකද ගෙනියන්න ඕනේ……

  12. Kasun Chanaka Says:

    ඉරිදටත් පොලියාන සෙල්ලමම කරන්න… පව් අසරණ මාළුවා. අම්මෝ කම්පියුටරේ නැති වුනාම තියන ආතල් එක නම් කියල වැඩක් නෑ. වැඩක් නොකරත් පේන්න තිබුනේ නැත්තන් අවුල් මට නම්.

    • ගෝල්ඩ් fish Says:

      ඔව්… දැන් නම් මූලික අවශ්‍යතා වලට පරිගණකය හා අන්තර්ජාලය එකතු කරන්නම වෙනවා….

  13. ~ChAnDiKa~~ Says:

    අනේeee දෙයියනේeeeeee මාලුවට වෙච්ච දේeeeeee 😦 😦 😦 😦

  14. අකීකරුහිත Says:

    අනේ ලැපීට එහෙම වෙච්ච එක කොච්චර හොද දෙයක්ද….දැන් ඉතින් පොතක් පතක් කියෝගෙන ඔය ඔළු ගෙඩිය ටිකක් අලුත් කරගන්න පුළුවන්නේ….

  15. මාඩා Says:

    badu banis ne,,,,, aluth ekakat maru weyan machooo…..

    menna bande ganen…. “MacBook Pro”

    http://www.apple.com/macbookpro/

    😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀

    aluth lapaken set wemuuuu……………………//////

    • ගෝල්ඩ් fish Says:

      මගේ ලැපීව මල්ලි හදලා බං… ඌ පට්ට වැඩක් ඒකට කරලා තියෙන්නේ… ඒ කතාව වෙලාවක ලියන්නම්…..

  16. Gayan Rupasinghe (සිංහයා) Says:

    අනේ බොල.. මට ඔහොම හිතන්න බෑනේ ….. මේ ටිකේ වැඩ වැඩී බන්… ඒකයි එන්න බැරි උනේ…

    ජය….


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: