පොලියානාගේ සෙල්ලම, පවතින වාතාවරණයට අදාල වෙන හැටි….!

මාතෘකාව ටිකක් ලොකූකූකූ එකක් වගේ පෙනුනට මේක මේ ඇබිත්තං කතාවක්. කතාවක් කිව්වට බොහොම දුක හිතෙන කතාවක්. කතාව කියන්න කලින් පොලියානාගේ සෙල්ලම මොකද්ද කියලා කියන්න එපැයි. ඔය පොලියානා කියන්නේ පොඩි ගෑණු ළමයෙක්. අම්මයි තාත්තයි දෙන්නම නෑ… වයස හැටියට ගත්තොත් නම් පොතේ තියෙන විදියට මට වෙන්නේ නංගි…!!!

ඉතිං ඔය පොලියානා නංගි දන්නවා එල සෙල්ලමක්. අපි පොඩි කාලේ බට්ටෝ පැන්නා, ජිල් ගැහුවා, පිට්ටු කැඩුවා වගේ එව්වා කරාට පොලියානේගේ රටේ එව්වා නෑ. ඒත් ඉතිං මං දන්න තරමින් එයාත් ඔය එක එක විගඩම් කරා. ඒ අතරේ පොලියානා නංගිට එයාගේ තාත්ත කියලා දීල තිබුනා මරු සෙල්ලමක්….! සෙල්ලම තමා තමන්ට අත්විඳින්න වෙන හැම දේකින්ම සතුටු වෙන දෙයක් හොයාගෙන පුළුවන් තරම් සතුටු වෙන එක.

ඔය නංගි, අම්මයි තාත්තයි නැති නිසා ජීවත් වුනේ පුංචි අම්ම ගාවනේ. ඉතිං මෙහේ ඉන්න බැඳපු නැති පුංචි අම්මලා වගේම තමා එහෙත්. පොඩි එවුන්ව පේන්න බෑ…  ඉතිං පොලියානා පොඩි වැරැද්දක් කලත් ඒ ළමයව හදා ගන්නා කියලා පොලි පුංචි දඬුවම් දෙනකොට පොලියානා දඬුවම භාරගන්නේ මාර සන්තෝසෙන්. ඒ දඬුවමෙත් සැඟවුන සතුටක් කොහෙන් හරි හොයාගන්නවා අපේ පොලියානා නංගි.

Eleanor H. Porter ලිව්ව, කතන්‍යා අමරසිංහගේ සිංහල අනුවාදයේ හැටියට…. අනේ… පොලී පුංචි අම්මේ… එහෙම වුන එක කොච්චර හොඳද… කියලා තමා, අපේ පොඩි නංගි, පොලියානා  සෙල්ලමට එන්ටර් වෙන්නේ…! කියවන්න ආස්ස්ස්සාවේ බෑ… හැබැයි ඉතිං ඒ කතාවේ “අනේ” කියන කෑල්ල කීපරක් යෙදිලා තියෙනවද කියන්න නම් මං ගැනලා බැළුවේ නෑ…

දැන් ඉතිං කතාව මේකයි. මගේ ලැපී අසනීපෙන්නේ. ඉතිං හිත පුරා දුක අරා තමා. වෙනද පුරුද්දට ෆිල්ම් දෙක තුනක් ෆ්ලෑෂ්  එකේ දාගෙන  ගිහිං ලැපී දකින කොට තමා මතක් වෙන්න් මේ උස්සං ආපුවා බලන්නේ අහවල් එකට ගහලද කියලා. මුළු චිත්ත සන්තානෙම කඩා බිඳ හැලෙනවා, හරියට නිකං මැටි ගුරුලේත්තුවක් බිම වැටුනම “දෝස්” ගාලා වතුර විසික් වෙනවා වගේ…

ඉතිං මොනා කරන්නද…  ඔහොම දුකෙන් ඉද්දී තමා මට අපේ පොලියානා නංගිව එක පාරට මතක් වුනේ… ඇයි ඉතිං එයා කොයි තරම් දේවල් නැති වුනත් සන්තෝසෙන් හිටියානේ. ඉතිං මටත් හිතුනා ලැපීට කෙලවෙච්චි එක ගැන සන්තෝසයට කාරනාවක් හොයාගන්න…!  අපේ පොලී නංගිට එක අවස්ථාවක එක කාරණාවක් විතරක් හොයාගන්න පුළුවන් වුනාට, මට පුළුවන් වුනා සීසීසීසීසීසීසීසීයක් විතර දේවල් හොයාගන්න.

සීසීසීයම ඕනේ නෑ…. ටිකක් දාන්නම්… මේක පටන් ගන්නේ අනේ පොලී පුංචි අම්මේ කියලා නෙමේ… අනේ ලැපී කියලා…

අනේ  ලැපී, ඔයාට මෙහෙම වෙච්ච එක කොච්චර සෝක්ද… දැන් මට බ්ලොග් කියවන්න නිදි මරන්නේ නැතුව, පෝස්ට් ලියන්න මහන්සි වෙන්නේ නැතුව රෑ හත අට වෙනකොට කාලා ඇඳට පැනගන්න පුළුවන්….!

අනේ ලැපී ඔයාට මෙහෙම වෙච්ච එකහොඳයි… දැන් ඉස්සර වගේ ෆිල්ම් වල ටොරන්ට් හොයන්න මහන්සි වෙවී, එව්වා ඩවුන් කරගෙන ඇවිත් රැ එකොලහ දොලහ වෙනකං බක තපස් වගේ කිරා වැටී වැටී ඉන්නේ නැතුව වෙන වැඩක් කරගන්න පුළුවන්….

අනේ ලැපී ඔයාට මෙහෙම වෙච්ච එක ගැන මං කොයි තරම් සන්තෝස වෙනවද…! දැන් මට අළුත් ලැපත් ගත්තැකි. (තාත්තා ප්‍රතිපාදන පාස් කරොත් විතරක්… කියලා මතක් වෙද්දි නම් පොලියානාගෙ ආච්චිට &@$^()@)

අනේ ලැපී ඔයා මෙහෙම මෙව්වා වුන එක ගැන මං තරම් වෙන සන්තෝස වෙන කෙනෙක් නැතුව ඇති…! ඔයා දන්නවද මට දැන් පුළුවන් ඔයාව පැත්තකට දාලා ඔයාට වඩා පුංචි නෙට් බුක් එකක් ගන්න…

අම්මෝ තව ගොඩක් එව්වා තියෙනවා. ඒවා ඕනේ නෑ වගේ…  කොහොමහරි පොලියානේ සෙල්ලම නිසා හිතේ දුක තරමක් මගහැර ගන්න පුළුවන් වුනා. දැන් ඉතිං ගෙදර ගිහිං මල්ලිට ටෝක් කරලා බලන්න ඕනේ උගේ පීසී එකට විදින්න පුළුවන්ද කියලා. නැත්තං ඉතිං ඉරිදා දවසම…. හුම්….. පොත් කියවන්නයි නිදා ගන්නයි තමා වෙන්නේ….!!!

 

%d bloggers like this: