කියවලා ඉවර කරන්න හිතෙන්නේ නැති, පොත් කියවිල්ල…!

අපි හැමෝම පොත් කියවනවනේ… අර කව්දෝ මන්දා කියලත් තියෙනවනේ පොත් කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ… කියලා. මටත් ඒ වැකිය ස්කෝලේ යන කාලෙ ඉඳලම අහලා අහලා ඇති වෙලා තිබුනේ. ඒ මදිවට අපේ පුස්තකාලෙත් තඩි අකුරින් බ්‍රිසිල් බෝල් හතරක් පහක් සෙට් ‍කරලා ලොකුවට ඇඳලා තිබුනා. ඒ දවස් වල ඉතිං ‍මගේ පොත් කියවීම ගැන කියනවනම්, මං අර පුස්තකාලේ තිබුන වැකිය දකින්නේ අවුරුද්දටම වැඩිම වුනොත් පස් පාරයි. එක පාරක් යනකොට දූවිලි පිහිදලා ලස්සනට බැබලෙන්න තියෙනවා. ආයෙ යන දාට මකුළු දැල් බැඳිලා දූවිලි පිරිලා…

කොහොම කොහොම හරි මං ටිකක් වැඩියෙන් පොත් කියවන්න ගත්තේ කුමාරිකාව එක්ක නඩු දාගන්න ගත්තට පස්සේ. ඒ දවස් වල ඉතිං එයා කියවන පොත් ප්‍රමාණේ එක්ක බැළුවම මාව අහලකින් වත් තියන්න බෑ. පියතුමා එයාලගේ පුස්තකාලෙන් පොත් ගේනවා නඩු කාරිත් එයාලගේ පුස්තකාලෙන් පොත් ගේනවා. ඉතිං එයා ඔක්කොම වැඩ පැත්තක තියලා පොත් ටික කියවනවා. ඒ දවස් වල මාත් බලනවා මොනාද මෙයා මේ කියවන්නේ කියලා. පස්සේ ඔහොම බලන්න ගිහිං තමා පොත් වල රහ මටත් දැනුනේ. එව්වා මැක්සා පොත් ටිකක්, ඔක්කොම පරිවර්තනය කරපු ළමා කතා. ආයෙ මොනාද පොත කියවද්දී අපිත් නිකං බෝට්ටු ගෙදර පොඩි ළමයි වගේ කියලා හිතෙන තරමටම සංවේදීව ලියලා තියෙනවා. ඊට පස්සේ නම් ඉතිං සතියකට එක පොතක් එයා කියවනවා, අනික මං කියවනවා…. ඒ ඉතිං හොරන්. මොකද කුමාරිකාවගෙන් ලස්සන කතා පොතක් ඉල්ලගන්නවා කියන්නේ ඉබ්බගෙන් පිහාටු ගන්නවාට වැඩිය හපන්….!

ඉබ්බනම්… අනේ මයේ ගාව නෑ ඕයි පිහාටු … බලනවකෝ කට්ටක් විතරයි තියෙන්නේ… තමුසෙට ඕනෙමනම් කුරුල්ලෙක් ගෙන් ඉල්ලලා දෙන්නං… කියලා හරි කියයි… ඒත් ඉතිං හපෝව්… මතක් කරන්න එපා… ඒකට අර ගල් ඉබ්බි….

නෑ…. නෑ… නෑ….කියවල මිසක් දෙන්නේ නෑ….!  ඉතිං එයා කි‍යෝලා ඉවරවෙන කොට පොත ආපහු බාර දෙන්න ඕනේ කාල සීමාවත් පැනලා.  ඒක නිසා මං පුරුදු වුනා පොත් හොරකම් කරගෙන ගිහිං එක හුස්මට කියෝලා ආයෙම ගෙනත් දෙන්න. පවුනේ ඉතිං අනිත් අයත් කියවන්න ඕනෙනේ…!

මේ තියෙන්නේ හොරකම මාට්ටු වෙලා අහගත්ත ටික…!

ඊට පස්සේ ඔහොම එක එක පැත්තට හැරී හැරී මගේ පොත් කියවිල්ල ටික ටික වැඩි වුනා. වැඩි හරියක්ම පරිවර්තන… ඊට පස්සේ විද්‍යාත්මක එව්වා, එතනින් පස්සේ ලංකාවේ අතීතය වගේ දේවල්. හිතට අල්ලපු නවකතා, යාළුවෝ හොඳයි කියපු නවකතා එහෙමත් හොයාගෙන හරි සල්ලි දීලා අරගෙන කියවන්නත් පුරුදු වුනා.

ඔහොම ගිහිං ගිහිං එක එක ඒවා කියෝ කියෝ හිටි මට ආයෙමත් ඉස්සර වගේ ළමා කතා කියවන්න හිතුනනේ…! ඒ දවස් වලට වැඩිය දැන් තමා ඒවා රස. කොටින්ම කියන්න කතා පොත කියවලා ඉවර කරන්න ලෝබයි. කතාව ඇතුලේ ජීවත් වෙමින් පොත කියවද්දී, චුරු චුරු ගගා වැස්සකුත් තිබ්බ නිසා ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද පරිවර්තනය කරපු‍ ලෝරා ඉන්ගල්ස් ගේ වන අරණක කුඩා නිවස පොත කියවලා ඉවර කරන්න මට දවස් හයක් ගියා කිව්වොත් මොකද හිතන්නේ…?

ඒ තරමටම අපේ හිත් තාමත් පුංචි කාලෙට ආස කරන හැටි. කතාවේ කියවෙන ලෝරායි මේරියි දිහා බලාගෙන, අපි එයාලගේ පුංචි ගේ ඇත්ලේ එහෙ මෙහෙ යන අදෘශ්‍යමාන චරිතයක් වෙන්නේ අපි හිතන්නත් කලිං.

දැන් ඉතිං ලැපිත් නැති එකේ පුංචි කාලේ කියෝපු පොත් සේරොම හොයාගෙන කියවන්න ගන්න ඕනේ…! මොකද සමහර පොත් තියෙනවා එක පාරක් කියෙවුවම තව තව කියවන්න ආසා හිතෙන එව්වා… ඒ අතරින් ඔය ගංගා නිරෝෂනී පරිවර්තිකාව පරිවර්තනය කරපු පොත් සීරීස් එකම නියමයි. ටිකක් තේරුම් ඇති වයසක පොඩි එහෙකුට තෑගි දෙන්නත් ගැලපෙනවා…

Advertisements

60 Responses to “කියවලා ඉවර කරන්න හිතෙන්නේ නැති, පොත් කියවිල්ල…!”

  1. asela Says:

    \\ අනේ මයේ ගාව නෑ ඕයි පිහාටු … බලනවකෝ කට්ටක් විතරයි තියෙන්නේ… තමුසෙට ඕනෙමනම් කුරුල්ලෙක් ඉල්ලලා දෙන්නං… කියලා හරි කියයි… ඒත් ඉතිං හපෝව්… මතක් කරන්න එපා… ඒකට අර ගල් ඉබ්බි….

    නෑ…. නෑ… නෑ….කියවල මිසක් දෙන්නේ නෑ….!//

    මම ඔන්න ඔය ටික විතරයි කියෙව්වෙ…..
    ඉතුරු ටික පොත් ගැන නේද තියෙන්නෙ…..
    පොත් කියවන 1 එපාවෙන වඩක්……

  2. ශානු Says:

    හ්ම්ම්ම්ම් මම නම් ඉස්සර ඉඳලාම පොත් කියවන්න ආසයි ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ අපි පොත් කියවන්නේ ස්කූල් බෑග් එක ඔඩොක්කුවේ තියාගෙන ඒක උඩ පොත තියාගෙන මිස්ට පේන්නේ නැති විදියට 😉

  3. ඕනයා (Dulip Sikurajapathy) Says:

    මාක් ට්වේන්ගෙ ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටොම් සෝයර්, ඇඩ්වෙන්චර්ස් ඔෆ් හකල්බරි ‍ෆින් කතා ටිකත් හොයාන කියවපං
    උඹ අනිවා කැමති වෙයි . . .
    ඔය පොත් ගන්න අතරෙ “පබා සහ සුදු පුලුං” කියල පොතක් හෙම අහු උනොත් ගනිං සුදු මල්ලියෙ . . . . මම කියවපු පලවෙනි ළමා නවකතාව . . තාම මටම කියල කොපියක් හොයාගන්න බැරි උනා

  4. ඕනයා (Dulip Sikurajapathy) Says:

    අඩේ . . හොප් ලිංක් එක දාද්දි වැරදිලා “පබා සහ සුදු පුලුං” කෑල්ල අහුවෙලා තියෙන්නෙ . . .

  5. Chanaka Says:

    ලැපිට මොකද උනේ.

    • ගෝල්ඩ් fish Says:

      ජයාග්‍රාහි දෙවෙනි වතාවටත් වැඩ කර කර තියෙද්දී මගේ අතින් බිම වැටුනා…

  6. Sachith Says:

    මමත් ඉස්සර පොත් කියවන එකම තමයි වැඩේ…අලුතෙන් පොතක් ලැබුනොත් ඉතින් කියවලාම තමයි වෙන දෙයක් කරන්නෙ….සමහර දවසට ගෙදරින් නඩුත් වැටෙනවා…මැෂින් එක ගත්තත් හරි ඒක නැති වෙලාම ගියා…ලැප් එකට මොකද උනේ….? හදා ගන්න බැරි වෙයිද..?

    • ගෝල්ඩ් fish Says:

      මං නම් ඉතිං දැන් තමා පොත් කියවන්නේ…

      ලැප් එකට හාඩ් එකක් දාන්න වෙන පාටක් තියෙන්නේ.

  7. රූ Says:

    අපි පොත් කියවන විදිහට සම්පූර්ණ වෙනවනම් අපි අංගසම්පූර්ණ වෙන්න ඕනි..
    හැබැයි අත්දැකීමෙන් කියන්නෙ මාළුවෝ..බැන්දට පස්සෙ නම් ඔච්චර පොත් කියවන්න වෙන්නෑ මලේ…
    එතකොට පොත් දාන්නයි දැනගන්න ඕනි.. හික්ස්..

    • ගෝල්ඩ් fish Says:

      බැන්දට පස්සේ බයවෙන්න දෙයක් නෑ අක්කලා ඉන්නවනේ… පොත් පෙරලන හැටි අක්කලාගෙන්ම අහගන්න බැරියෑ…

  8. Observer Says:

    ‘නරියා සහ කැලාව’ කියෙව්වද?
    ‘යකා පහනට වැටීම’ ත් නරක නැහැ.
    රුසියන් ළමා කතා…..

    • ගෝල්ඩ් fish Says:

      පොඩි ට්‍රයි එකක් දීලා බලන්න් ඕනේ…

    • ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

      ඇයි ඔබ්සර්වර් අයිය . . .
      වඩුවයි බල්ලයි . . . ???

      • ගෝල්ඩ් fish Says:

        ඒක නම් හොඳ පොතක් වෙන්න ඇති නේද..? කව්ද බං අයියේ ලියලා තියෙන්නේ… 😀

      • ඕනයා (Dulip Sikurajapathy) Says:

        ශ්‍රේෂ්ඨ ගත්කරුවෙක් ඉන්නව අහල තියනවද “පවුල් කොයියා” කියල . . ආන්න එයා තමයි ලියල තියෙන්නෙ

      • ගෝල්ඩ් fish Says:

        මට හිතුනා… යකෝ මේක ජරා කරන්න එපා…

      • ඕනයා (Dulip Sikurajapathy) Says:

        ඔහොම කියන්න එපා බං . . . දකින එවුං හිතයි අපි කුනුහරුප කියනව කියල

      • ගෝල්ඩ් fish Says:

        ඊඊඊඊ… ඒකත් ඇත්ත නේ බං…

  9. praveena Says:

    ‘Little House on the Prairie’ television seriesඑක ඔක්කොම බැලුවද?

    • ගෝල්ඩ් fish Says:

      නැහැනේ අක්කේ…. සීරිස් එක තියා එක කෑල්ලක්වත් බලලා නැහැ…

  10. සාතන් Says:

    mama nam kiyawanne punchi surangana katha… 🙂

    “Ran kukulo igila yathi” potha thiyana thanak dakkoth kiyapan….

    • ගෝල්ඩ් fish Says:

      ඒක හොඳයි… බැන්ද දාට වයිපරේට කියලා දෙන්න බැරියෑ… 😀

  11. රුචා Says:

    මම 5වසරෙදි විතර කියවපු පොතක් තිබුන පොතේ නම මතක විදියට “සිවුයහලු වික්‍රමය” පස්සෙ නම් ඒක ටෙලිනාට්‍යකටත් ගත්ත.
    තව පොඩිකාලෙ ආසාවෙන්ම කියවපු පොත් සෙට් එකක් තමයි “දග මල්ල සහ අමුතු ඉස්කෝලේ” ඔය පොතේ කොටස් 2ක් 3ක් විතර තිබුනා.

    • ගෝල්ඩ් fish Says:

      දඟ මල්ලත් මචං ගංගානි සුදුවැලිකන්දම තමා පරිවර්තනය කරලා තියෙන්නේ… ඒ සෙට් එකත් හොරෙන් උස්සං ගිහිං කියෙවුවා මං… ඒත් බං ටීවී එකේ ගියාට පස්සේ මට කතාව එපා වුනා බං…

  12. මාඩා Says:

    apith podi lmi thmatha………. 😀 😀 😀

  13. kumaraya Says:

    @ ඔබා මලයා …
    නියම පොත් ටික …
    [ඒ වුනාට තව පොත් කීපයක් ම අඩුයිනෙ ඔතන]

  14. arunishapiro Says:

    යාළු මාළුවෝ, පරිවර්තනයේ නම දැම්මාට ඒ පරිවර්තනය කරලා තියෙන පොතේ නමත් දැම්මා නම් නොදන්න මම වගේ අයට දැන ගන්න?

  15. ගිනි කුරුල්ලා... Says:

    පොත් කියවන එක තරම් සිරා වැඩක් තවත් නෑනේ මාළුවෝ… පොතක් තියෙනවා කන්න බොන්න ඕනෙත් නෑ මට නම්.. හැබැයි ඉතින් නවකථා, පරිවර්තන වගේ ඒවා තමා… 😀

    • ගෝල්ඩ් fish Says:

      මම නම් නවකථා වගේ ඇදී යන එව්වට වැඩිය කැමති නෑ බං… කෙටි කතා තමා ගොඩක්ම කියවන්නේ…

  16. sudu poosa Says:

    පබා සහ සුදු පුලුන්. හරිම ලස්සන කතාවක්. කියවන්නම වටිනවා..:D

  17. Y2K Says:

    එල එල, මං ළඟ ලෝරා ඉන්ගල්ස් ගේ පොත් සැට් එකම තිබේ

    • ගෝල්ඩ් fish Says:

      මයෙ ගාව එකක්වත් නෑ,… ඒ වුනාට ඉතිං පොත් කියවන නංගිලා ඕනේ තරම් ඉන්දැද්දී අපිට මොන අඩුවක්ද…. බටර් පාරක් ගෑවනම් පොත් දෙක තුනක් අතේ…

  18. නවම් Says:

    උඩගිය බබා කියවල තියනවද? ඒක තමා මටම කියල හම්බුවෙච්ච පලවෙනි පොත. කෙට්‍ටුම කෙට්‍ටු පොඩි එකෙක් බත් නොකා ඉඳල හුලඟකට අහුවෙලා උඩගියපු කතාවක්. ඉස්සරත් මං කන්න හොරයි, ඕක හන්දමද කොහෙද අම්ම ගෙනැල්ල දුන්නෙ. හෙහ් හෙහ්….

    ඒකෙන් පටන් ගනිපු කියවිල්ල හිරේ විලංගුවෙ වැටෙන කල්ම කියෙව්ව. දැං නම් කියවන එක නවත්තල අහං ඉන්න එක තමයි වැඩිපුරම කරන්නෙ. 😉

    • ගෝල්ඩ් fish Says:

      මාත් මේ හති දාගෙන කියවන්නේ ඒක නිසා තමා…. බැන්දදාට…හ්ම්…. ආයෙ ඉතිං වයසට ගිහිං බන පොතක් අතින් අල්ලනකං පොත් කියවන්න ලැබෙයිද…

  19. හසී Says:

    වැඩබැරි දාසගේ කතා කියවන්න… අනේ මගේ පොත නම් නැති වෙලා හොයාගන්න ඕන.. 😦

  20. හිස් අහස Says:

    මම නම් කැමතිම ශර්ලොක් හෝම්ස් පොත් කියවන්න තමයි . ඊට අමතරව ඉතින් පරිගණක ආශ්‍රිත පොත් තමා මම කෑමත් එපා කියලා ආසාවෙන් කියවන්නේ . මම නම් මචං පොතක් ගත්තාද ඒක කියෝලාම තමා නැගිටින්නේ

  21. X-Porter Says:

    ආහ්… පොත්නෙ… අමතක නොවන සහ නිතර නිතර කියවන පොත් අතර අමතක නොවනම පොත් දෙකක් තියෙනව…එකක් හරි පුදුම ඉස්කෝලේ… අනික ලස්සන වසිලිස්සා…… රෑට නැති නුවන දවල්ට පහල වෙනව කියල තියෙන්නෙ… කියවල නැත්තං හොයල කියවන්න වටිනව…..මේ නාකි අපිව හිතින් හරි ලමා කාලෙට ගෙනියන්නෙ ඕව තමයී…(මොකො උඹ කින්ඩියට හිනා වෙන්නෙ. නාකියි කිඋවට නාකිමනෑ තාම හොඳට නාඩි වෑටෙනව හරිය…)

    මේ…. ගල් ඉබ්බි කියල දාගත්තනේද නඩුවක් දැන් ඉතින් බලවපං…..පිහා‍ටු නැත්තං අතේ ගහන කුරුල්ලෙක් දෙන්නද…..

    • ගෝල්ඩ් fish Says:

      මේ ලඟදී දවසක වසිලිස්සා නිසා තව පොඩ්ඩෙන් රෑට කන්නත් නැතුව යනවා…

  22. X-Porter Says:

    @ Praveena :හිහ් ..හිහ්.. ඔයත් මාර කතා තමයි අහන්නෙ.. ‘Little House on the Prairie’ යන කාලෙ අපේ ගෝල් පිසා තාත්තගෙ දනිස්සෙවත් නැතුව ඇති ……අඩු ගානෙ කඩෙ කෙහෙල් ගෙඩියෙවත්… හිකෑ…ස්… හිහ්…හැහ්… හොහ්..හොහ්….මේ පඬි ටෝක් දැම්මට මේකා තාම චූකොල්ලා …….පොල්කට්ටක් පිරෙන්න චූකරගන්නවත් බෑනෙ…..

    • ගෝල්ඩ් fish Says:

      මුංගෙ කටවල්….???? හරියට නිකං එහෙ බැරල් පුරවන්නේ මූ වගේ…. අනේ පල යන්න…. ගෙම්බා… 😀 😀

  23. මධුරංග Says:

    ඒක නෙමේ අයියා ඔය පොත් අතරේ භද්‍රජි මහින්ද ජයතිලකගේ පොත් එහෙම තිබ්බේ නැද්ද ?
    මම් ඒවට ලයික් ය. ඔහේ ගාව වත් ඒවා නැද්ද ??

    • ගෝල්ඩ් fish Says:

      මේ පොත මං තියෙනවද කියලා බලන්නං… මුලින් කියපං උඹට ගාල්ල මාතර පැත්තේ නෑයෙක් ඉන්නවද කියලා…

      • මධුරංග Says:

        මාතර නැන්දා කෙනෙක් නම් ඉන්නෝ. මොකෑ එහෙම අහන්නේ 🙂

      • ගෝල්ඩ් fish Says:

        උඹේ ලැන්ග්වේජ් එක ටිකක් අමුතු වෙලා බං ඒකයි…

  24. henryblogwalker Says:

    මමත් ඉතාම දරුණු පාඨකයෙක් පොඩි කාලෙ ඉඳන්ම.

    henryblogwalker the Dude

  25. Kasun Chanaka Says:

    අපෝ මගේ පොත් කියවිල්ල නම් අන්තිමයි.

    • ගෝල්ඩ් fish Says:

      දැම්ම පටන් ගනින්… බැන්ද දාට නඩු පොත ඇරෙන්න වෙන පොත් අල්ලන්න වෙන්නේ නෑ…

  26. චතූ Says:

    පොත් කියවිල්ල මගේත් ලොකුම හොබියක්… මේ දවස්වල නිදිමරාගෙන ඊ-බුක් නවල්ස් කියවනවා… පහුවදා වැඩට ගියාම තමා තරු පේන්නෙ !!!

  27. suwii Says:

    ශා..!අත්තටම මාර ෆට්ට කතාවක්නෙ ඒක….බෝට්‍ටු ගෙදර ලමටි තව දුම් නැවකින් දුර ගමනක් කියෙව්වද?

    • Gold fish Says:

      ඔව්… ඒවා කියවලා තියෙනව… හරි ලස්සනයි ඒවා…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: