මේ මාසේ නොවැම්බර්නේ… ඒ කියන්නේ තනිකරම වැදගත් අය උපදින මාසයක්. බොරුනම් බලන්න මේං එකයි, මේං දෙකයි… ඒත් මදිනං මේං… ඒ වුනාට කරුමේ වලක්කන්න බැහැ වගේ සුද්දෝ මේ මාසෙ හඳුන්වලා තියෙන්නේ උංගේ මලවුන්ගේ මාසේ කියලා.
ඉතිං මේ මළවුන්ගේ මාසෙ නිසාම මැරිච්ච මිනිස්සු ගැන කෙසේවෙතත් මැරිලා මේ ලෝකේ හොල්මන් කරන අය ගැනනම් කතා ගොඩක් කියවන්න ලැබුනා. ඉතිං මාත් මේ බඹරේ කරකවන්නේ ඒ ගැන මගේ මහා පණ්ඩිත අදහස් ටික දක්වන්න. මොකද මාත් හොල්මන් අවතාර දැකලා නැති වුනාට, ඉස්සර ඉඳන්ම තාත්තගේ ඔඩොක්කුවට වෙලා හොල්මන් කතා අහලා බය වෙන්න සූරයෙක් නිසා. හොල්මන් කතා අහගෙන ඉන්න බය කෙලි පැට්ටෝ එහෙම ඉන්නවනම් දුවන්නයි කිව්වේ වෙන බ්ලොග් එකකට.
දැන් ඉතිං මෙහෙමනේ… ඔය මැරිච්ච අය මේ ලෝකේ ඉන්නවාය කියලා බුදු දහමේ කියනවා. ඉතිං මාත් දැක්ක හරි නොදැක්ක හරි විශ්වාස කරනවා. මොකද ඒ කාරනාව පිළිගන්න ඕනේ තරම් හේතු තියෙන නිසා. මරණයෙන් පස්සේ යම් කිසි විදියක ශක්තියක් වෙලා අපේ සිතුවිලි මේ ලෝකේ එක එක විදියට ඉන්නවා කියලා මං මුලින්ම තර්කාණුකූලව දැන ගත්තේ බුද්ධ ධර්මය පොත් වලින් හා දහම් පාසලේ ඉන්න ගුරුවරුන්ගෙන්. ඒවත් ඉතිං ගොඩක් දුරට ගෙතුන කතා වගේ තමා. කවදාවත් ඇහැකට දැකල නැති නිසා සීයට පනහ, පනහ තමා දෙපැත්තටම. ඊට පස්සේ දැනට ටික කාලෙකට කලින් සෙට් වුනා එක්තරා පත්තරයක මේ සම්බන්ධව ලියවෙනි ලිපි සෙට් එකක්. ඒවා ඔක්කොම ඇත්ත ඒවා කියලා තමා කතෘතුමා සඳහන් කරන්නේ. එක එක අයට මළගිය අය ගෙන් කරදර වෙලා ඒ කරදර වලින් ඒ අයව මුදා ගන්න කේස්ම තමා ඒ ලිපි වල ලියවෙන්නේ. තාමත් ලියවෙනවා.
ඊට අමතරව ඉංග්‍රිසි මූවි බර ගානක් බලලා ඕනේ තරම් බොරු දැකලා, එත් අම්බානෙට බය වෙලාත් තියෙනවා. එව්වා ඔක්කොම සාමාන්‍ය සාක්ෂිනේ. ඊට පස්සේ ඉතිං ඔය සම්බන්ධව ලියවුන පොත් පත් ගොඩකුත් කියවලා තියෙනවා. ඔක්කොටමත් වැඩිය අපේ තාත්තා එක පාරක් අසනීප වෙච්ච වෙලාවක ලේඩි ඩොක්ට කෙනෙක් කියපු කතාවකුත් තාම හිතේ තියෙනවා. ඒ තමා මගේ කන් දෙකට මගේම කෙනෙක් සම්බන්ධව අහන්න ලැබුන පළමු සිදුවීම. ඊට පස්සේ තමා තාත්තා කියන කතා අහගෙන ෆන් එකට බය වෙවී හිටිය මං මේ මගුල ගැන ටිකක් විපරම් කරලා බලන්න පටන් ගත්තේ.
එතනින් පස්සේ ඉතිං ඔය මැරිච්ච අයගැන ලියවෙච්චි කතා, එතකොට දෙවිවරු ගැන, හොල්මන් අවතාර ගැන වගේ කියවන්න ගත්තේ. ඉතිං මං ඒ හැම තැනකදීම දැක්ක පොදු දෙයක් තමා මිනිස්සු හුස්ම අරං භෞතික ශරීරයක් දරාගෙන ඉද්දී රැස්කරන පිං හා පවු සිතුවිලි අනුව ඊළඟ භවයේ උප්පත්තියක් ලැබෙනවායි කියන එක. ඒ දවස් වල ඉතිං මට ඔය පවු පිං කියන්නේ මොනාද කියලා තේරුමක් තිබුනට එව්වා රැස් වෙන්නේ කොහෙද කියන එක ගැන තේරුමක් නෑ… පස්සේ ඉතිං පොත් කියවද්දී තමා මටම හිතුනේ ඔය පවු පිං කියන්නේ තනිකරම වර්චුවල් දෙයක් වෙන්න ඕනේ කියන එක. මොකද අපි කාසි එකතු කරන්නේ කැටෙට් දාලා, එතකොට හාල් රැස් කරන්නේ මුට්ටියකට දාලා… ඉතිං ඔය කාසි, හාල් වගේම කැටේ, මුට්ටිය කියන්නේ භෞතික දේවල්. ඒත් ඉතිං හිත කියන්නේ භෞතික දෙයක් නොවෙන නිසාම පවු පිං කියන්නෙත් භෞතිකව රැස්වෙන දෙයක් නෙමේ… හැබැයි එව්වාට යම් කිසි ශක්තියක් ඇති. කොටින්ම අපිට හිතක් තියෙනවා කියලා දැනෙනවා වගේ, අපි මැරෙන මොහොතෙදී පවු පිං ගැනත් දැනෙනවා ඇති.
ඊට පස්සේ ඔය ආත්ම කතාව තියෙනවනේ… ඒක වෙනවා ඇත්තේ සිතුවිලි වලින් පිරුණු ආත්මයක් කියන, වර්ණා වලියේ අපිට නොපෙනෙන කොටසකට අයත් යම් ශක්තියක් වරින් වර විවිධාකාරයේ භෞතික ශරීර වලට ඇතුලුවීමෙන් වෙන්න ඕනේ. ඒ වගේම මට ඔය හොල්මන් පෙරේතයෝ ගැන මගේම කියලා නිශ්චිත සිතුවිල්ලක් තනා ගන්න උදව් වුනෙත් ඒ ටිකම තමා.
හොල්මන් පෙරේතයෝ හා දෙවිවරු කියන්නේ මං හිතන විදියට අර ශක්ති කදම්බය ඇතුලේ තියෙන සිතුවිලි වල පිරිසිදු හා අපිරිසිදු භාවය අනුව දෙපැත්තකට බෙදෙන පිරිසක් වෙන්න ඕනේ. ඒ දෙකට බෙදුනට පස්සේ අයෙමත් සමහර විට උපකොටස් වලට බෙදීම නිසා දෙවිවරු තවත් කාන්ඩ වලටත් අනිත් පැත්තෙන් නරක ආත්ම එයාලට අයිති වෙන යම් යම් ශක්ති මට්ටම් වලට අනුව කාලය ගත කරනවා ඇති. භෞතික ශරීරයක් දරා සිටිද්දී කොයි තරම් වැඩ දාගෙන හැඩට හිටියත් භෞතික ශරීරය නැති වුනාම ඒ සෙල්ලං ඔක්කොම ඉවර වෙනවා ඇති අර කලින් කිව්ව පිං හා පවු කියන දේ නිසා.
කොහොමහරි ඔහොම හිතා ගෙන හිතාගෙන යද්දී මට එක තැනකදී යම් තරමක් දුරට සෑහීමකට පත් වෙන්න පුළුවන් වුනා හොල්මන්, අවතාර හා දෙවිවරු කියන ඉතා ක්ෂුද්‍ර අංශු වලින් සමන්විත යම් ජීවයක් ඇතයි කියලා. මොකද යම් දෙයක් අපේ ඇහැට පේන්න නම් අපි ඉදිරියේ හෝ වටේ පිටේ තියෙන දේවල් වලින් නිකුත් වෙන එහෙමත් නැත්තං පරාවර්තනය වෙන ආලෝක කිරණයන් අපේ දෘශ්ටි විතානයේ කනපිට හැරිලා සටහන් වෙන්න ඕනේ… ඉතිං ඒ අපිට පේන්නේ වර්ණාවලියේ බොහොම සීමිත ප්‍රමාණයක් තුල තිබෙන ආලෝකයන් විතරයි. ආලෝක තරංග වල අපේ මොලයට සංවේදී සංඛ්‍යාතය වැඩි හෝ අඩු ප්‍රමාණයක පවතින ඒවා අපේ දෘශ්ටි විතානයේ සටහන් වුනත් මොලයෙන් හඳුනාගන්නේ නැතුව ඇති. ඉතිං ඔය කියන ආත්ම සමන්විත වෙලා තියෙන්නේ ඒ වගේ අපිට නොපෙනෙන තරංග පරාසයක තියෙන ආලෝක කිරනයන් පරාවර්තනය කරන්න පුළුවන් විදියට වෙන්න ඕනේ.
මොකද විද්‍යාඥයෝ දැනටමත් කොයි තරම් ඇසට නොපෙනෙන ඒත් අපි නොදැනුවත්වම වගෙ ප්‍රයෝජනයට ගන්න ආලෝක කිරණයන් සොයාගෙන තියෙනවද…??? අපි දන්න වර්ණාවලියේ එක කෙලවරක අධෝරක්ත කිරනත් අනිත් පැත්තේ පාර ජම්බූල කිරණත් රජ කරද්දී එතනින් එහාට තව කොයි තරම් ආලෝක කිරණයන් ඇතිද….???
ඉතිං කලින් කිව්ව විදියට පිං පවු අනුව ලැබෙන තරංග පරාසය නිසා හොල්මන් අපිට නොපෙනීම ස්වභාවික වෙන්න පුළුවන් වගේම, විශේෂිත උපකරන වලට හෝ සාමාන්‍ය පරාසයට වඩා පෙනෙන අයට හොල්මන් පෙනීම ගැනත් වෙන්න පුළුවන් දෙයක් කියලා හිතන්න පුළුවන්…!
වැඩිය ඕනේ නෑ… ඔයාලගේ ගෙවල් වල තියෙන අධෝරක්ත කිරන රිමෝට් කන්ට්‍රෝල් එකක් අරගෙන බට්න් එකක් ඔබලා ලයිට් එක දිහා බලන්න… ඒකෙන් ආලෝකයක් පිටවෙන වග ඔයාලට නොපෙනේවි… ඒත් ඒ විදියටම බට්න් එකක් ඔබලා ජංගම දුරකථනයක කැමරාව ඔන් කරලා කැමරා කාචයට දුරස්ථපාලකය අල්ලලා බලන්න මොකද වෙන්නේ කියලා…. සාමන්‍ය ඇසින් දැක ගන්න නොහැකි වුන ආලෝකයක් ඔයාලට දකින්න පුළුවන් වේවි….!
ඉතිං ඉස්සෙල්ලා බට්න් එක ඔබද්දී ආලෝකයක් තිබුනේ නැද්ද…? ඒවා අපේ ඇස් වල වැදුනේ නැද්ද…? ආලෝකයක් පිටවුනා, ඇස් වලත් වැදුනා ඒත් මොළය ඒවා හරියට ග්රහනය කලේ නෑ… ඒක නිසා අපිට එහෙම ආලෝකයක් පෙනුනෙත් නෑ….
මං හිතන්නේ ඒ විදියේ දෙයක් තමා ආත්ම කියන දෙය සම්බන්ධයෙනුත් තියෙන්නේ… ඉතිං කැමරාවක ඉඳලා හිටලා, අපේ දෘශ්‍ය වර්ණායලියට ටිකක් කිට්ටුව ගැවසෙන හොල්මනක හෝ දෙවිකෙනෙකුගේ ප්‍රතිබිම්භයක් සටහන් වුනොත් ඒක බොරුවක් කියන්න පුළුවන් කමක් තියේද…? ඒ වගේම භාවනා යෝගීව සිත දියුණු කරලා මොලයේ ක්‍රියා නොකරන සෛල අවදි කරවලා ක්‍රියාත්මක කරපු කෙනෙක් හෝ උපතින්ම එහෙම වෙලා තිවුන කෙනෙකුට ඒ වගේ ආත්මයක රූපයක් දකින්න පුලුවන් වුනයි කිව්වොත් ඒක අවිශ්වාස කල හැකිද….?
බොරු කාරයෝ හා වංචා සහගත විදි වලින් මේ වගේ දේවල් වලට ජනප්‍රියත්වයක් දෙන්න හදන මිනිස්සු නිසා මේ වගේ දේවල් යට යනවා ඇති. ඒත් ටිකක් හිතලා බැලුවොත් මේ වගේ දෙයක් නෙමේ දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. සමහර විට අපි අවටත් අපිට නොපෙනෙන වර්ණ පරාවර්තනය කරමින් යම් යම් අය ඉන්නවා ඇති… ඒවා අපේ ඇස් දකිනවාත් ඇති… ඒත් අපේ මොළය ඒ වර්ණයන් හඳුනා ගන්න තරම් දක්ෂ නැතුව ඇති….!
සමහර විට අපි මෙහෙම හිමීට පරිනාමය වෙලා ගිහිං අපේ ඇස් පෙනීම තවත් පුළුල් වෙලා අපිත් මේ වගේ ආත්ම එක්ක කතා බහ කරමින් ජීවත් වෙන කාලයක් එන්නත් බැරි නෑ… අඩුම ගානේ විශේෂිත අක්ෂි උපකරණයක් මගින් හරි මේ වගේ ආත්මයක් දැකගන්න පුළුවන්කමක් ඇතිවෙයි…!
2011 නොවැම්බර් 9 දින පෙ.ව. 7:38 ට
මම එක…………
නොවැම්බර් වගේ වැදගත් දවසක ඉපදුන අපිට හොල්මන්නම් මොනාද බන්……
2011 නොවැම්බර් 9 දින පෙ.ව. 9:01 ට
එක අතකට ඒකත් හරි…
2011 නොවැම්බර් 9 දින පෙ.ව. 7:45 ට
මමත් හොල්මන් , අමනුෂ්‍ය ආත්ම පිළිබඳව විශ්වාස කරනවා ඒ වගේම සාස්තර අහන තැන්වලට ගිහිල්ලා ඔවුන් ඇත්ත කියන විදිහත් දැකල තියනවා , ඒ වගේම බොරුකාරයෝ ගොඩකුත් දැකල තියනවා.
අපේ පැරැන්නන් දෙවිවරු යක්ෂයින් වශයෙන් වෙන් කරගෙන මෙවැනි වෙනත් බුද්ධිමත් ජීවීන්ගේන් උදව් ලබා ගත්තත් ඒ තාක්ෂනය දන අපිට අහිමිවී ගෙන යනවා
2011 නොවැම්බර් 9 දින පෙ.ව. 9:01 ට
ඒක තාක්ෂණයක් කියනවට වැඩිය ලොකු දැනීම් සම්භාරයක් කියලයි මට හිතෙන්නේ
2011 නොවැම්බර් 9 දින පෙ.ව. 7:45 ට
පොසිබිලිටි එකක් තියන දේවල් ගැන ශාස්ත්‍රිය හිතන එක ගොඩක් හොඳයි හැබැයින් ප්‍රයෝගික ජිවිතයේදි කරගහග්න්න එක තේරුමක් නැ , ඒ කියන්නෙ සහෝගෙ මේ ලිපිය වගෙ ලිපි වලින් කථා කරන එක සැහෙන්න වැදගත් හැබැයි හොල්මන් වලට බය වෙලා තොවිල් නටන්න වෙන එක නම් තේරුමක් නැ
2011 නොවැම්බර් 9 දින පෙ.ව. 9:03 ට
ඔව් ඒකනම් ඇත්ත අයියා….
2011 නොවැම්බර් 9 දින පෙ.ව. 8:56 ට
අර අන්තිමට කියලා තියෙන ටික වැරදිලාවත් වෙනවට මම නම් කැමති නැ….
2011 නොවැම්බර් 9 දින පෙ.ව. 10:05 ට
ඒ මොකද අප්පේ ඒ…??? මං නම් හෙන ආසයි ඒ වගේ අත්දැකීමක් ලබාගන්න… කොහොමද අපේ කවුරු හරි මැරුණට පස්සෙත් වෙන උපදින්න තැනක් සෙට් වෙනකං අපිත් එකක්ම කතා කර ඉන්දැද්දී….
2011 නොවැම්බර් 9 දින පෙ.ව. 9:38 ට
ඉස්සර වැඩකරපු කොම්පැනියේ මම දවසක් ලොකූ වැඩක් කරනවා වගේ අනික් උන්ට පේන්න මොනිටර් එකත් හංගගෙන ෆිල්ම් එකක් බැලුවා..ස්නේක් ඔන් ද ප්ලේන්….ඕක බලං ඉදලා වෙනෙ එකෙක් මගේ ඇගට දැම්මා නේද පවර් කේබල් එකක් ගුලි කරලා..හප්පේ ..කෑ ගහගෙන නැගිට්ටා …..මුලු බිල්ඩිමටම නෝන්ඩියි සීන් එක…
2011 නොවැම්බර් 9 දින පෙ.ව. 10:09 ට
මාත් එක පාරක් ඔය වගේ සීන් එකක් වෙලා පුටුව පෙරලගෙන වැටුනේ… යාන්තං තාත්තගේ කකුලට ඔලුව හිටලා බේරුනා…
2011 නොවැම්බර් 9 දින පෙ.ව. 10:18 ට
හොල්මංද පොල්කොල කිව්වලු…… මාලුව මූනු බලන්න ගිහිං මක්ක හරි උනෙයි..?.. හෙල්ලිච්චි මනස ගැන මුකුත් කියන්න යන්නෙනෑ…….ඔය සියලුම පොත් සමහ ආචාර්ය කොවුර් ගෙ කාලෝ පොන්සෙකාගෙ එහෙම පොත් ටිකකුත් බැලුවනං හොඳයි නේද මාලුවො….
2011 නොවැම්බර් 9 දින පෙ.ව. 10:20 ට
හ්ම් ඇත්ත තමා හොයාගෙන කියවන්න ඕනේ…
2011 නොවැම්බර් 9 දින පෙ.ව. 10:41 ට
හොල්මන් , අමනුෂ්‍ය ආත්ම, දෙවියෝ ගැන මමත් විශ්වාස කරන අවස්ථා හා විශ්වාස නොකරන අවස්ථාත් තියනව. ඒත අර අන්තිමට කිවුව වගේ ඒ දේවල් අපිට පෙන්න ගත්තොත් එහෙම ඉදල ඉවරයි.
දැන් පේන්න ඉන්න මිනිස්සු දොස් කියනව කෝල් එකක් වත් දෙන්නෙ නෑ, බලන්න එන්නෙ නෑ…. කියල. තව පේන්නේ නැති කට්ටියවත් සෙට් උනොත් ??????
2011 නොවැම්බර් 9 දින පෙ.ව. 10:47 ට
මගුලයි…. එහෙම වුනොත් කියමු, උඹලට නිකං පාවි පාවි ඉන්න පුළුවන් එකේ අපිව ඇවිල්ලා බලලා පලයං කියලා….. 😀
2011 නොවැම්බර් 9 දින පෙ.ව. 11:45 ට
හ්ම්ම්. ඉඳල ඉදල ඔය ලියල තියෙන්නෙ හොල්මන් කතාවක්.
පිං පව් රැස් වෙනවා කියල කියනවනෙ, මම නම් හිතන්නෙ ඒව ඔක්කොම රැස් වෙන්නෙ අපේ මනස තුළමයි කියල.
මම එක පාරක් කොහෙදිහරි කියෙව්ව මතකයි ඔය දේවල්, අපේ හැඟීම්, මතකයන් ඔක්කොම අපේ වටේ අවකාශයේ එකතු වෙලා අපිත් එක්ක හැම වෙලේම තියෙනව කියල අපේ වටේ තියෙන වළාකුළක් වගේ.
හොල්මන කියන වචනය මම දන්න විදිහට අර්ථ දැක්වෙන්නෙ සෙලවුණු මනස කියලයි. ඒ විදිහට හිතුවොත් හොල්මනක් කියල දෙයක් නැති වෙන්න ඕනෙ, තියෙන්නෙ අපේ හිතේ ඇඳුනු දෙයක් විතරයි.
හොල්මන්, දෙවියො කියන කට්ටියට ශරීරයක් නෑ කියලනෙ කියවෙන්නෙ. නමුත් අර කීව වගේ යම් ආලෝකමත් ශරීරයක් මවා ගැනීමට හැකියාවක් තිබෙනවා වෙන්න පුළුවන්. අනිත් එක ඔය කියන ආත්මයන්ගේ ශරීර වලට හැඩයකුත් නෑ කියලයි මම අහල කියවල තියෙන්නෙ, එයාලට ඕනෙ වෙලාවට ඕනෙ හැඩයක් මවාගන්න පුළුවනි වෙන්න පුළුවන්, ඒ ඒ අයගේ මනෝ තත්වය අනුව.
ඉතින් මේ දේවල් එක්ක හිතුවම මට හිතෙන්නෙ මේ හැමෙකෙක්ම ශක්තියක් පමණයි කියලයි. මේ පේන මිනිස්සු සත්තුන්ට භෞතික ශරීර තිබෙනවා, නමුත් ඔය කියන ජාතියෙ අයට තියෙන්නෙ ශක්තියක් පමණයි. ඒ ශක්තියේ ප්‍රමාණය ස්වභාවය අනුව තමා එයාල පේන එක වගේ දේවල් වෙනස් වෙන්නෙ. කැමරාවක සංවේදකයකට හැකියාව තිබෙනවා අපේ ඇසට වඩා තවත් ශක්ති කලාප හඳුනා ගන්න. ඒ නිසා වෙන්න ඕනෙ ඔය හොල්මන් වල ෆොටෝ ගහන්න පුළුවන්.
ඒබ්‍රහම් ටී. කොවුර් කියන්නෙ සම්පූර්නයෙන්ම භෞතිකවාදියෙක්. එයා මේ කිසිම දෙයක් පිළිගත්තු කෙනෙක් නෙමෙයි. හැම ආගමකම මෙහෙම භෞතිකත්වය ඉක්මවා ගිය දේවල් කියවෙනවා. ඉතින් ඔබ යම්ම හෝ ආගමක් අදහනවා නම් ඔබට කවදාවත් භෞතිකවාදියෙක් වෙන්න බෑ. කොවුර්ගේ පොත් මම කියවල තිබෙනවා. ඔහු ඔප්පු කරනවා කියල කියනව මේ කියන්නා වගේ කිසිම භෞතිකත්වය ඉක්මවා ගිය දේවල් නෑ කියල, නමුත් මම කියන්නෙ, ඔහු කිසිවක් ඔප්පු කළේ නෑ. මොකද එහෙම හැකියාවැති කෙනෙක්, කවදාවත් ඒ දේ ලෝකෙට නිකම්ම පෙන්නන්න යන්නෙ නෑ. නිකරුනේ ඒ ශිල්පය හැකියාව බාල්දු කරන්න යන්නේ නෑ. ඉතින් ඔහුට කිසිවක් ඔප්පු කරන්න බෑ. ඔප්පු කළේ නෑ.
2011 නොවැම්බර් 9 දින ප.ව. 12:29 ට
මරු මචං… නියම කරුණු ටිකක් උඹත් දාලා තියෙන්නේ.
2011 නොවැම්බර් 9 දින පෙ.ව. 11:52 ට
උඹේ “හොල්මන් ගැන මගේ අත්දැකීම” පෝස්ට් එක කිව්වම තව එකක් මතක් උනා.
උඹ කියල තිබුනනෙ මේ ආත්ම වලට අපිට යම් බලපෑමක් කරන්න පුළුවන් ඇති කියල. මම උඩ කමෙන්ට් එකේ කීව නේද අපේ හැඟීම්. සිතිවිලි අපි වගේ වළාකුළක් වගේ තියෙන කතාවක්. අන්න ඒක මේකත් එක්ක ගැළපෙනවා. මොකද ඔය කියන ආත්ම, නැත්තම මම වඩා කැමතියි “ශක්තීන්” කියල කියන්න. අන්න ඒවට පුළුවන් අපි වටේ තියෙන අර වළාවට බළපෑම් කරන්න. චුම්භක ක්ෂේත්රයක් ගාවින් විදුලිය ගෙන යන රැහැනක් තිබ්බොත් අන්න ඒ විදුලිය නිසා ඒ කම්බිය වටේ උපදින චුම්භක ක්ෂේත්රයෙන් අර මුල් චුම්භක ක්ඒත්රයට බලපෑම් කරනව වගේ. එතකොට තමා අපේ මනසට ඒක දැනෙන්නෙ. ආරූඬ වෙනවා කියල වෙන්නෙ මෙන්න මේ සම්බන්ධය ඉතාම ශක්තිමත්ව වෙන එක වෙන්න පුළුවන්.
2011 නොවැම්බර් 9 දින ප.ව. 12:29 ට
මං හිතන්නෙත් උඹ හිතන දේ හරි කියලා…
2011 නොවැම්බර් 9 දින ප.ව. 12:13 ට
අංජනම් එලි කාරයොන්ගේ බඩට ගහන්නද තෝ හදන්නේ?
2011 නොවැම්බර් 9 දින ප.ව. 12:30 ට
ඔව් නේ බං… මාව උස්සයිද දන්නෙත් නෑ….
2011 නොවැම්බර් 9 දින ප.ව. 12:15 ට
//සමහර විට අපි මෙහෙම හිමීට පරිනාමය වෙලා ගිහිං අපේ ඇස් පෙනීම තවත් පුළුල් වෙලා අපිත් මේ වගේ ආත්ම එක්ක කතා බහ කරමින් ජීවත් වෙන කාලයක් එන්නත් බැරි නෑ//
අපේ ඇස් පරිනාමය වෙන්නැතුව මහන්සිවෙලා උත්සාහ කරලා දියුණු කරගන්න පුළුවන් ක්‍රමයක් තමා බුදු දහමෙ පෙන්නලා දුන්නෙ..නිවන් මාර්ගය කියලා..ඒත් අපි කවදාවත් ඒ මාර්ගයෙ යන්න උත්සාහ කරන්නෑනෙ..මේ කියන පිං පව් ගැන පංචේන්ද්රියන්නට ගෝචර නොවන දේ ගැන දැනගන්න පුළුවන් විදිහ බුදු දහමෙ ලස්සනට විස්තර කරනවා..ඒත් අපි ඒ හැකියාව වර්ධයන කරගත්තට පස්සෙ මේ වගේ දේවල් හොයන්න උවමනාව නැතිවෙලා යනවා..ඒ නිසයි මේ වගේ ඒවා නිසරු ප්‍රශ්න විදිහට බුදු හාමුදුරුවො සලකලා තියෙන්නෙ..
අද නම් ටිකක් දාර්ශනික ලිපියන් මාළුවෝ…නියමයි..
2011 නොවැම්බර් 9 දින ප.ව. 12:32 ට
ඔව් අක්කේ අක්කා කියන දේ එක්ක මං එකඟයි… බුදු දහමෙන් කාලයකට කලින් හොයාගත්ත දේවල් දැන් ආයෙමත් අළුත් පරීක්ෂන වලින් සොයාගන්න කාලයක්නේ මේක…
2011 නොවැම්බර් 9 දින ප.ව. 12:56 ට
හලෝ මාලු.. සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ. හොල්මන් වෙලා යන කතවක් කියල තියෙන්නෙ. මම නම් විද්‍යාවට අසු නොවන දේවල් මේ ලෝකෙ තියෙනවා කියලා විශ්වාස කරන කෙනෙක්.
2011 නොවැම්බර් 9 දින ප.ව. 2:05 ට
එහෙම වෙන්න වෙනවානේ අක්කේ… හැම දේම නැහැයි කියලා ඔප්පු කරලා නැති නිසා යම් තරමකට හිතන්න පුළුවන් එහෙම දේවල් ගැන.
2011 නොවැම්බර් 9 දින ප.ව. 1:22 ට
නොවැම්බර් වල ඉපදිලා තියෙන්නේ හොල්මන් ඩයල් පේන්නේ නැද්ද හොඳම උදාහරණෙ මේ ටැංකිය අයිතිකර හොම්මන 😉
2011 නොවැම්බර් 9 දින ප.ව. 2:07 ට
ඔව්නේ…. ඒ වුනාට සමහර ගෑණූ ළමයින්ව දකින කොට හොලුමනුත් බය වෙනවානේ….
2011 නොවැම්බර් 9 දින ප.ව. 1:35 ට
100%ක්ම madhawa habarakada ගේ අදහසට එකඟයි ,මේ විශ්වයේ ඉන්නේ පෙන්න ඉන්න අපි විතරක් නෙවෙයි ,
අපේ ඇසට නොපෙනෙන බැක්ටීරියා ,වයිරස් වැනි ක්ෂුද්රජීවින්ද එක උදාහරණයක් , බෞද්ධ,කතෝලික ,හින්දු ,මුස්ලිම්
ප්‍රධාන ආගම් වලද යක්ෂ,භූත ආදීන් ගැන සදහන් වෙනවා ,
goldfish ගේ පොස්ට් එක පර්යේෂණාත්මක අයුරින් ඉදිරිපත් කරලා තියනවා,අපුරුයි ..!
2011 නොවැම්බර් 9 දින ප.ව. 2:08 ට
කොයිතරම් කිව්වත් මට තාම ඇහැකට දැකගන්න පුළුවන් වුනේ නෑනේ…. 😦 තෑන්ක්ස් රුවන්…
2011 නොවැම්බර් 9 දින ප.ව. 3:36 ට
අපිට පේන ලෝකෙට වඩා නොපෙනෙන ලෝක ගොඩක් තියනව බන්,
2011 නොවැම්බර් 9 දින ප.ව. 4:08 ට
ඒක නම් ඇත්ත… ඒත් ඉතිං සමහරු පිළිගන්නෙම නෑනේ බං.
2012 දෙසැම්බර් 22 දින ප.ව. 4:12 ට
හා හා.. ඔය දෙන්නම ඒක හරියටම දැනගෙන වගේ නේද මල්ලිලා.. නොපෙනෙන ලෝකෙ පැත්තේ ගිහින් ආවද ජෝඩුව..??
2011 නොවැම්බර් 9 දින ප.ව. 6:14 ට
අර අන්තිමට සදහන් කරපු කාරණාව නම් වටිනවා.. අපිට මේ ආත්මත් එක්ක කතා කරන්න දකින්න ලැබෙනවනම් ඒක සමහර විට හොද වෙන්න පුළුවන්.. ඒත් අපි අර බයේ බලන ෆිල්ම් වල වගේ අමනුස්ස ආත්ම ඒ අතර උනොත් අපිට මොනවා වෙයිද??
2011 නොවැම්බර් 10 දින පෙ.ව. 6:27 ට
ඔය වගේ දේවල් නිර දකින්න ගත්තම බය නැතිවෙලා යාවි බං….
2011 නොවැම්බර් 9 දින ප.ව. 7:02 ට
හානේ මමත් නොවැම්බර්.. අපි එතකොට පිස්සු හොල්මන්ද? 😉
2011 නොවැම්බර් 10 දින පෙ.ව. 6:30 ට
අනේ ඇයි නංගියේ “අපි” කියලා බහු වචනයක් දාගෙන තියෙන්නේ…. අපි ගැන හිතන්න කලින් මම ගැන හිතන්න කියලනේ බුදු හාමුදුරුවොත් කියලා තියෙන්නේ.
2011 නොවැම්බර් 9 දින ප.ව. 10:22 ට
හොල්මන් වලට වඩා ජීවත් වෙලා ඉන්න එවුන්ට තමා බය වෙන්න ඕනේ.
හොල්මන් අපිව බය කරන්න එන්නේ නෑ. අපිමයි හොල්මන් දැකලා බය වෙන්නේ. ඒ උනාට ජීවත් වෙලා ඉන්න එවුන් එන්නේ අපිව බය කරන්න !!!
ඒක නෙමේ. බොලා ගාව අලුත් හොල්මන් කතා එහෙම නැද්ද ? ‘වන් මිස්ඩ් කෝල්’ වලින් පස්සේ එකක්වත් බලන්න උනේ නෑනේ.
2011 නොවැම්බර් 10 දින පෙ.ව. 6:32 ට
මේ මේ උඹ ඒ පාර හොර එව්වා බලන්න පටන් ගන්නද හදන්නේ? ඕං අපිටනම් බෑ තොවිල් වලට ගාටන්න හරිද…. 😀
2011 නොවැම්බර් 10 දින පෙ.ව. 5:35 ට
මට අවුරුදු කීපයලට උඩදි දැකපු සිද්දියක් මතක් උනා…. හිටු ලියන්න.
2011 නොවැම්බර් 10 දින පෙ.ව. 6:39 ට
ඇත්තට වෙච්චි දෙයක්ද….
2011 නොවැම්බර් 10 දින පෙ.ව. 6:42 ට
ඔව්. මම නම් හොල්මන දැක්කෙ නෑ… ඒත් වැහුන කෙනාව දැක්ක.. කුකුලෙක්ගෙ බෙල්ල චරස් ගාල හපනවත් දැක්ක.
2011 නොවැම්බර් 10 දින පෙ.ව. 8:42 ට
බයේ වෙවුල වෙවුල බං කියෙව්වෙ. අන්න තව බියර් එකක් බොන්න මම තව ස්ක්‍රීන්ෂොට් එකක් එව්වා. මේක දැන් පුරුද්දකට ගිහින් වගෙ. කමෙන්ට් එකකින් අහන්න හරි නැති කියලා හිතුන ප්‍රශ්නෙකුත් ඊයකින් අහලා එව්වා.
2011 නොවැම්බර් 11 දින පෙ.ව. 6:46 ට
අන්න මං උත්තරේ දුන්නෝ….
2015 දෙසැම්බර් 8 දින ප.ව. 10:39 ට
කොවුර්ගේ පෙට්ටගමට ගිනිතියල ඉවරයි
මිත්‍යාව යනු කුමක්ද? විද්‍යාව දන්නා බවද? විද්‍යාව නොදන්නා බවද? සැක හැර දැන ගන්න. පහත Facebook පේජ් එකට යන්න.
https://www.facebook.com/JyotishLanka