පාට පාටින් මූන හැංගිල්ල….

මුන හැංගිල්ල කියන්නේ ඉතිං අපි හැමෝම වගේ සාමාන්‍යයෙන් කරන දෙයක්නේ. අපේ ඇත්ත මූන යට ගහගෙන හොඳ මූනක් පෙන්නන එක කාටවත් අමුත්තක් වෙන්න බෑ. එව්වා ඉතිං කරන්නේ කාවහරි රවට්ටන්න තමා. එහෙමත් නැත්තං කාට හරි ලෙඩක් අදින්න හිතාගෙන. ඒත් මේ කියන මූන හැංගිල්ලනම් කරන්නේ ගොඩක් වෙලාවට අසනීප වෙච්ච කෙනෙක්ව සනීප කරන්න එහෙමත් නැත්තං සිතට යම් සහනයක් අවශ්‍ය වෙච්ච කෙනෙකුට ඒ සහනය ලබාදෙන්න හිතාගෙන.

ඉතිං මේ මුන හැංගිල්ලට මූලිකවම යොදාගන්නේ වෙස් මූන කියලා හඳුන්වන ලී වලින් කැටයම් කරලා නොයෙක් වර්ණ වලින් වර්ණවත් කරපු පළදනාවක්. දන්න විදියටනම් ගොඩක් වෙලාවට වෙස් මූනු හදන්නේ  වෙල් කදුරු ලීයෙන්. වෙල් කදුරුම පාවිච්චි කරන්න හේතුවෙලා තියෙන්නේ ලීයේ ඇති සැහැල්ලු බව වගේම ඕනෑම අතකට හරවා කැටයම් කිරීමේ පහසුව නිසයි. මොකද මේ ලීය කොයි පැත්තෙන් කැපුවත් පතුරු ගැල වෙන්නේ නෑ… ඒ වගේම කල් පවතින ලීයක්.

වෙස් මූනු ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ පහත රට හා මුහුදු බඩ කලාප වල කියල තමා දැනගන්න තියෙන්නේ. ඒ වගේම ඒ පැතිවලිනුත් මාතර, අම්බලන්ගොඩ ආදි ප්‍රදේශ විශේෂ තැනක් ගන්නවා. ඒ වගේම වෙස් මූනු වල විවිධත්වය ගොඩක් වැඩියි. අපේ අතීත සාහිත්‍යයේ කියවෙන දෙවිවරු, රජවරු,බිසෝවරු, විවිධ නම් තියෙන හා විවිධ දේ වලට අරක්ගත් අමනුෂ්‍යයින් හා අලි ඇතුන් වැනි සතුන් දක්වාම මේ වෙස්මූනු කලාව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම අපි සමාජයේ නිතර ඇස ගැටෙන චරිත කිහිපයකුත් මේ වෙස්මූනු වලින් හාස්‍යයට ලක් කරලා තියෙනවා.

මේ තියෙන්නේ විවිධ වර්ණ වලින් පැහැ ගන්වපු නැති වෙස් මූනු කිහිපයක්. අපේ රටට පැමිණෙන විදේශිකයින් දැන් දැන් වැඩිපුරම නැඹුරුවක් තියෙන්නේ මේ වගේ කදුරු ලීයෙන් හදලා පාට නොකරපු ලීයේ ස්වභාවික පැහැයෙන්ම තියෙන වෙස් මූනු වලට කියලා තමා ව්‍යාපාරිකයින් කියන්නේ.

මේ එක්තරා විශේෂ වෙස්මූනක්. අපි හැමකෙනෙක්ම කලාත්මකව පැහැ ගන්වන ලද වෙස් මූනු කොයි තරම් දැකලා තිබුනත් මේ වගේ කලු හා සුදු පැහැයෙන් පමණක් අලංකෘත කරන ලද වෙස්මූනු නම් දැකලා නැතුව ඇති වැඩි පිරිසක්…! ඉතිං මේ තියෙන්නේ එහෙම වෙස් මූනක්. වෙළඳ පොලේ ඇති ඉල්ලුම අනුව මේ වගේ නිර්මාණ කෙරෙන බව තමා වෙස් මූනු නිපදවන්නන් කියන්නේ.

මේ වෙස්මූනු අශ්‍රිතවම කෙරෙන තවත් නිර්මාණයක්. කදුරු ලීයෙන්ම කරන ලද කුඩා ඇත් රුවක් සහිත යතුරු රඳවන කීපයක් තමා මේ. මේ සියල්ල දැක බලාගන්නට වගේම මිලදී ගන්නටත් හැකියාව තියෙනවා අම්බලන්ගොඩ පිහිටි වෙස්මූනු කෞතුකාගාරයෙන්. මේ වගේ තවත් බොහෝ දේ නිර්මාණය වෙලා තියෙනවා. ඒවා අතර කුඩා දේව ප්‍රතිමා, ඉතා කුඩා ප්‍රමාණයේ වෙස් මූනු හා විවිධ සත්ව රූපද, අම්බලන්ගොඩ – මාතර ප්‍රදේශ වලට විතරක් ආවේනික රිටක හිඳ මාළු බෑමේ නිරත වෙන මිනිසුන්ගේ නිර්මාණද තියෙනවා.

ඇත්තටම ලංකාවේ අතීතෙයේ ඉඳලම පැවත එන මේ වගේ පාරම්පරික කලාවක් ගැන අහන්න ලැබෙන තොරතුරු බොහොම අපූරුයි. ඉස්සර මිනිසුන්‍ගේ විවිධාකාර ඇදහිලි ක්‍රම හා විශ්වාසයන් මූලික කරගෙන තමා මේ වෙස් මූනු නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම අර කලින් කිව්ව වගේ එක චරිත මෙන්ම මිනිසුන්ගේ විවිධ ඉරියව් වලට  පවා ඒ වෙනුවෙන්ම වෙන්වුන වෙස් මූනුත් තියෙනවා. කම්මැලිකම, සතුට, කේන්තිය, වමනය වගේ දේවල් වලට දැන් භාවිතා වුනේ ඉමොටිකන්ස් වුනාට ඉස්සර ඉඳන්ම ඒ ඒ දේවල් වලට අදාල දැනට වඩා පිරිපුන් සංකේතමය මූනු ශ්‍රී ලාංකිකයා පාවිච්චි කරල තියෙනවා.

ඉතිං මේ හැම දෙයක්ම හොයාගෙන ගියේ, ඉරිදට ගෙදර ඉන්න බැරි අමාරුවට පිංසිද්ධ වෙන්න. මේ හැම කරුණක්ම දැන කියාගත්තේ අම්බලන්ගොඩ වෙස් මුහුණු කෞතුකගාරයෙන්. මට මේ කෞතුකාගාරය පෙන්වන්න එක්කං ගිහිං කට්ට කාගෙන සෑහෙන උදවුවක් දුන්නේ මාඩාගේ අම්බලම ලියන මනූජ සහෝ තමා… ඇත්තටම ඒ කෞතුකාගාරයට ගියාම, කාලය හරහා ලංකාවේ අතීතයට ගියා වගේ හැඟීමක් තමා ඇතිවෙන්නේ. බලන බලන හැම පැත්තෙම හිනා වෙලා ඉන්න, විරිත්තගෙන ඉන්න, ඔරෝගෙන ඉන්න…. දිව එලියට දාගෙන හෑ… කියාගෙන ඉන්න එක එක විදියේ වෙස්මූනු වලින් පිරිලා.

නිවාඩු වෙලාවක හරි ගාල්ල පැත්තට යන ගමන් හරි නිකමට හරි ඒ තැනට ගියොත් ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් වෙයි… ඒ නැතත් තමන් ඉන්න මූඩ් එකට හරි යන වෙස් මූනක් හරි හොයාගන්න බැරියෑ….

pdf එකක් ඕනේ නම් මෙතනින්…

43 Responses to “පාට පාටින් මූන හැංගිල්ල….”

  1. Itnishantha Says:

    මස්සිනා ලිපියනම් එල. මේක කියවනකොට ආව සිතිවිල්ලක් මේක. කොහොමද අපේ වෙස්මුහුණු රුප යොදාගෙන ඉමොටිකොන්ස් හැදුවොත්. චැට් වලට බ්ලොග්ස් වලට එහෙම දාන්න. පුළුවන් නම් try එකක් දීපන්.

  2. henryblogwalker Says:

    එහෙම කෞතුකාගාරයක් තියෙන බව අහලා තියෙන බවත් මතක් වුනේ මාලු කිව්වට පස්සෙ. ස්තුතියි. කැමරා එල්ලං ගිහින් ෆෝටෝ ගන්න අවුලක් නැත්ද? එහෙම ඇහුවෙ අපේම රටේ අපිට කැමරාවක් පාවිච්චි කරන්න අපේ පොරවල් වලින් සෑහෙන බාදා එල්ල වෙන නිසයි. හුඟක් තැන් වල ෆෝටෝ ගන්න පුලුවන් ‍ටුවරිස්ට්ලට විතරයි. අපිට මොකටද අපේම රටේ ෆෝටෝ වගෙ හැඟීමක් තමයි මුංගෙ තියෙන්නෙ.
    henryblogwalker the Dude

    • ගෝල්ඩ් fish Says:

      නැහැ අයියේ එහෙම කේස් එකක් නම් නැහැ. කොහොමත් මනූජ ඒ වැඩේ සෙට් කරලා තිබුනේ…

    • පූසා Says:

      අනේද කියන්නේ හෙන්රි අයියා. මම යාළුවෝ කට්ටියක් එක්ක නිදහස් චතුරස්‍රෙට ගියපු වෙලාවක ඒකේ ඇතුලේ පොටෝ ගන්න ගිහින් එතන හිටි මුර අයියා කෙනෙක් පොටෝ ගන්න එපයි කිව්වා. (මිනිහටත් ඉතිං ඉහලින් ලැබෙන නියෝග නොවැ) ඉතිං අපි කරබාගෙන වටේ ඇවිද ඇවිද ඉන්නකොට සුද්දෝ ඇවිත් එතන පෙරලි පෙරලි පොටෝ ගැහුවා. සිරාවටම එවෙලෙනම් මට පට්ටම අප්සට් ගියා.
      එක අතකින් බැලුවාම ඔතන අපේ උන්ට පොටෝ ගන්න දුන්නාම පොටෝ අරං නිකම් ඉන්නේ නැතුව තව විකාර වැඩ කරන උන් හන්දා වෙන්න ඇති අපේ අයට පොටෝ ගන්න තහනම් කරලා ඇත්තේ.

  3. Chanaka Says:

    දැන් උඹ දාගෙන ඉන්නෙ ඔය මොන වෙස් මුණද ?..

  4. Observer Says:

    එතන වෙස් මූණු විකුනන්නත් තියෙනවද?

  5. Kasun Chanaka Says:

    මැච් වෙන මූනක්‌ හොයාගන්න ඒක තමයි වැඩේ.:D

  6. Gimhani Says:

    ඔයත් සොයාගෙන යන ඒව නේද ? කොහොම උනත් හොඳ ලිපියක් ….

  7. සිතුවිලි නිහඬයි Says:

    හම් හම්…ඒ කියන්නේ අපේ පැත්තේ ඇවිත් නේද අයියා……

  8. මාඩා Says:

    adee,,,, el ne,,, thnx mcho,,, ape gama gan maxxa post ekak dammat………..

    nanna set wel wren……… 😀 😀 😀 😀 😀

  9. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    මං ඒත් කල්පනා කලා . .. . මට උඹේ මූන දකින දකින වෙලාවට මතකෙට එන ඒ ශ්‍රේෂ්ඨ කළා කෘතිය මොකද්ද කියල . . . දැං නෙව මට මතක් උනේ . . . . ඔය තියෙන්නෙ බැබලි බැබලි . . . “ගරා යක් මුන”

  10. රූ Says:

    ම්… හැමදාම වගේ පින්තූරු ටික නම් පට්ටමයි මාළුවෝ…wall paper එකකට දාගන්නෝනැ..

  11. අමා Says:

    සිරාවට මම මාතෘකාව දැක්කම හිතුවේ මේක් අප් දාන එක ගැන ලියපු එකක් කියල! හික්ස් !!

  12. X-Porter Says:

    මේ.. ඔයාගෙ මූනත් සන්නි මූනු හදන්න අච්චුවකට ගත්තා කියලා රට්‍ටු කියන්නේ හැබෑද….? ඒ මොන සන්නි මූනටද…?

  13. ~ChAnDiKa~~ Says:

    ගෝල් පිස් මූණක් තිබ්බනං පංකාදුයි 😀

  14. pissa palaamalla Says:

    අඩේ දන්නෙත් නෑ නෙව… කොල්ලො තරහ නැතුව විස්තර ටිකක් දාපන් ඔය කෞතුකාගාරයට යන විදිය ගැන… මේකට රෙප්ලයි එකක් දැම්මත් කමක් නෑ..

    කෝච්චි කෞතුකාගාරය නම් ලිස්ට් එකේ අනිවා ඊලග පාර… මේක ඉතින් ගාලු පාරෙනම් ලේසියි නේ….

  15. arunishapiro Says:

    ඊ ළඟට ලියන්න ඉන්න සටහනකට වෙස්මුහුණු පින්තූරයක් කදිමෙට ගැලපෙනවා! අදහස දුන්නට ස්තූතියි යාළු මාළුවෝ. වෙස්මුහුණු වල පාටින් සතුට සඳහා නම් රතු කහ පාටවල්, නිරෝගී බවට නම් නිල් කොළ පාටවල් කියා ද අදහසක් තියෙනවා නේද? කෞතුකාගාරයේ දී ප්‍රදර්ශනයට තබා ඇති භාණ්ඩ වලට අමතර ව වෙස්මුහුණු ගැන ඉතිහාසය, කලාව ගැන විස්තර දැන ගන්න ක්‍රමයක් නැද්ද?

  16. මධුරංග Says:

    මම් හරි ඔය මූනූ දාගෙන නටන සාන්තිකර්ම බලන්න යන්න. නිදිමරාගෙන රෑ දෙගොඩහරි ජාමෙත් ගිහින් එනවා. ගම්මඩු දෙවොල් මඩු බලලා. තනියම නම් යන්නේ නෑ. අප්පච්චිත් එක්ක තමා යන්නේ. බයකට නෙමේ තනියම යන්න හොද නැති නිසා.

    ප.ලි. – බ්ලොගර් එකවුන්ට් එකක් තියෙන ගෝල්ඩ් ෆිශ් කියන්නේ අයියාමද ?

  17. කස්සා Says:

    මචන් පින්තූර ටිකනම් කියල වැඩක් නෑ.උඹට එක ඇහැක් තියෙන්නෙ


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: