මුලින්ම කියන්නේ ගීත වල රසවින්දය ගැන කතා කරන්න තරම්, නවම් අයියා කියන විදියේ ලොකු පොරක් නම් නෙමේ මං. ඒත් ඉතිං සිංදුවක් ගැන අහන්න ඕනේ විදිය මගේ පුංචි මොලේට දැනෙන විදිය කිව්වට කවුරුවත් අමනාප වෙන එකක් නැහැනේ…
උසස් රස වින්දයක් කියන එකෙන් මං මෙතෙන අදහස් කරන්නේ මහා බැරැරුම් සාහිත්‍යමය වචන වලින් යුක්ත ඒ වගේම මහා බර තේරුම් තියෙන වචන වලින් සෑදුන ගීත නෙමේ. ඇත්තටම අපි කොයිතරම් කයිවාරු ගැහුවත් සම්භව්‍ය ගනයේ කියන ගීත වල තේරුමවත් අපි වැඩි දෙනෙක් දන්නේ නෑ. එහෙමත් නැත්තං ගීතයේ පද වලට වෙන මොනා හරි තේරුමක් ආදේශ කරගෙන ගීතයෙන් කියවෙන දේ වෙනස් විදියටම දකිනවා. ඉතිං මං මේ කියන උසස් රස වින්දනය කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට තේරෙන බොහොම සාමාන්‍ය ව්‍යවාහාරයේ තියෙන වචන පෙළක් හිතට දැනෙන්න කන් දෙකට ඇසෙන්න සලස්වන ගීත වලට.
ඉතිං කාලයත් එක්ක රේඩියෝ එකෙන් සිංදු අහන කාලේ ටික ටික අභාවයට ගිහිං දැන් එළඹිලා තියෙන්නේ සිංදුවට අදාල රූප රාමු එක්ක විෂුවල්ස් බලන කාලේ. කවුරුවත් නිකමටවත් හිතුවාද මේ හැම සිංදුවක් එක්කම එළියට එන රූප රාමු සිංදුවට ගැලපෙනවද නැද්ද කියන එක….???
මං හිතන විදියටනම් එහෙම නෑ… කොටින්ම සිංදුව කියන්නේ කෙල්ලෙක් ගැන නම් වීඩියෝ එකේ තියෙන්නේ තනිකරම වෙන ස්ටෝරියක්… නිකමට හරි ඒ සිංදුවම වීඩියෝ නැතුව හෙමිහිට අහලා බැළුවොත් අපිට දැනෙන හා අපේ හිතේ මැවෙන රූප පිළිවෙලට ලඟින්වත් තියන්න බැරි ඒ වගේම ඕඩියෝ ට්‍රැක් එකත් එක්ක මෙලෝ සම්බන්ධයක් නැති වීඩියෝ එකක් තමා අපිට දැක බලා ගන්න වෙන්නේ බොහෝ වෙලාවට…. මං ඉස්කෝලේ යද්දී නම් ඇඩෝබි ප්‍රිමියර් ප්‍රැක්ටිස් කරන්න හිතාගෙන සිංහල ඕඩියෝ වලට හිංදි/ඉංග්‍රිසි වීඩියෝස් දාලා ඔය වගේ වැඩ කරලා තියෙනවා.
ඒත් ඒ කිසි දෙයක් නොදන්න දවස් වලදී මගේ තරම. දැන්…. මේ සෙල්ලම කරන්නේ ව්‍යාපාරික වශයෙන් හා සල්ලිම අරමුණු කරගෙන මියුසික් වීඩියෝස් නිපදවන කට්ටිය. මං දන්නේ නෑහැ, තේරෙන්නෙත් නෑ එයාල ඕඩියෝ එකත් එක්ක වීඩියෝ එක සමගාමී කරන්න එයාලා බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියලා. එයාල හදන්නේ අර අපිට අපේ හිතට ඕඩියෝ එකෙන් දැනෙන අපි විඳින රසයට වැඩිය දෙයක් බලෙන් අපේ හිත් වලට ඔබ්බන්න. මටත් වෙන කරන්න දෙයක් නැති නිසා මාත් ඒ දේවල් බාරගන්නවා තමා… ඒත්… වීඩියෝ එකයි ඕඩියෝ එකයි ගැලපෙන්නේ නැති වුනාම ඒක රස විඳින කෙනා ලොකු ගැටළුවකට මූන දෙනවා… මොකද ගීතය රස විඳින කෙනාට එකම මොහොතේ ඇහෙන්නේ එක කතාවක්, පේන්නේ තවත් කතාවක්…! කොයි කතාවද වැඩියෙන් රස විඳින්නේ කියලා හිතන කොට සිංදුව ඉවර වෙලා, ඔලුවත් කරකුට්ටං වෙලා…
ඒ වගේ ඕඩියෝ එකට කොහෙත්ම නොගැලපෙන වීඩියෝ එකක් යද්දී කරන්න තියෙන හොඳම දේ තමා දෙයියනේ කියලා ඇස් දෙක පියා ගන්න එක. තමන්ට ඕනේ කරන රූපය තමාගේ සිතුවිලි තුලින් මවාගෙන කන්දෙකෙන් ඕඩියෝ එකට සවන් දෙන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ මට හිතෙන්නේ… ඒ වගේම සමහර වීඩියෝ තියෙනවා ඕඩියෝ චැනල් එකක් නැති වුනත් ලොකු කතාවක් අපේ හිත්වලට දැනෙන්න සලස්සන්න පුළුවන් විදියේ… හැබැයි ඉතිං වැඩි හරියක්ම තියෙන්නේ කලින් කිව්වා වගේ මෙලෝ රහක් නැති වීඩියෝස්. ඇත්තටම ඕඩියෝ එක කොයිතරම් ලස්සන වුනත් වීඩියෝ එක ඕඩියෝ එකට ගැලපෙන්නේ නැත්තං ඕඩියෝ ක්ලිප් එකේ වටිනාකම නැත්තටම නැතුව යනවා.
ඇත්තටම මගේ පෞද්ගලික හැඟිම තමා යම් කිසි රසවින්දනයක් සිංදුවෙන් ලබන්න ඕනේ නම් සිංදුවේ ඕඩියෝ ක්ලිප් එක විතරක් අහන්න ඕනෙයි කියන එක. මොකද එතකොට අපිට පුළුවන් වෙනවා ගීත රචකයාගේ ගීතය ලියද්දී තිබුන අදහස මොකක් වුනත්, ඇස් දෙක පියාගෙන අපි ගීතයට සවන් දෙන කොට අපේම කතාවක් ගීතයට අනුව හිත ඇතුලේ නිර්මාණය කරගන්න….! සිංදුව කියන ගායකයව රස වින්දනයට බාධාවක් වෙන්නේ නෑ කියලයි මං නම් හිතන්නේ… තමන් අකමැති ගායකයෙක් නම් ඉතිං අපි කොහොමත් උන්දැගේ සිංදු අහන්න යන්නේ නෑනේ… ඒක නිසා ඉතිං සිංදුවක රස වින්දනය රඳා පැවෙතෙන්නේ සංගීතය හා පද වල තේරුම මත වෙන්න ඕනේ… අනික ගායකයා පරන කෙනෙක්ද අළුත් කෙනෙක්ද කියන එකත් ප්‍රශ්නයක් නෑ මං හිතන්නේ…
පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න මේ සිංදුවට….! මේ සිංදුවේ වීඩියෝ එකෙන් අපිට කියන්න හදන දේට වඩා කොයි තරම් දෙයක් අපිටම හිතන්න පුළුවන්ද කියලා…! වීඩියෝ එක නරකයි කියනවා එහෙම නෙමේ… ඒක මං දැකපු වර්ණ සංකලනය හා ආලෝක කරනය අතින් හොඳම ගීතයක් වගේම සෑහෙන දුරට ඕඩියෝ ලයින් එකත් එක්ක සමාගාමී වෙන ගීතයක්. ඒත් ඇස් දෙක පියාගෙන සිංදුව අහද්දී මේ වීඩියෝ එකේ තියෙන දේට වඩා දෙයක් ඔයාලාගේ හිතේ ඇඳෙයි. බලන්න කියන්නේ බොරුද කියලා…
2011 නොවැම්බර් 6 දින පෙ.ව. 7:19 ට
ඔව් බන්. සිංදුවක් අහන්න ඕනේ ඒකේ විෂුවල් එක බලන්නේ නැතුව… සමහර සිංදු වල. ඕඩීයෝ එකයි විෂුවල් එකයි හරියට එළ හරකයි මී හරකයි වගේ….
2011 නොවැම්බර් 6 දින පෙ.ව. 7:39 ට
මල්ලී ඒකට අලුත් විදියට කියන්නේ SD Ram එකයි DDR3 Ram එකයි වගේ කියලා….
2011 නොවැම්බර් 10 දින පෙ.ව. 9:42 ට
හික් හික් හික්….
2011 නොවැම්බර් 6 දින පෙ.ව. 7:33 ට
-රස- කෑල්ල කපලා විංදනයක් ලබන්න නම්.. අනිවා වීඩියොස් තමා.. 😀
2011 නොවැම්බර් 6 දින පෙ.ව. 7:39 ට
ඒක නම් ඇත්ත… එව්වා නිසා කොයිතරම් දේවල් වුනාද දෙයියනේ….????????????
2011 නොවැම්බර් 6 දින පෙ.ව. 8:34 ට
ඇස් දෙක පියාගෙන සින්දුවක් අහද්දි හිතට දැනෙන දේවල් වලින් දශමයක්වත් වීඩියෝ එකෙන් ලබා ගන්න පුළුවන් කියලා මම හිතන්නැ… මේ වගේම දැනෙනවා අපි ආසාවෙන් කියවපු නවකතාවකින් චිත්‍රපටියක් හරි ටෙලි නාට්‍යක් හරි හැදුවම… කතාව ගැන අපේ හිතේ මැවුන හැම දෙයක්ම එකෙන් වෙනස් වෙනවා කියලයි මට හිතන්නේ
2011 නොවැම්බර් 6 දින ප.ව. 3:14 ට
ඔව් නංගි ඔයාගේ කතාව ඇත්ත… මං පුංචි කාලේ දඟමල්ල කියවලා තිබුනනේ… ඉතිං දඟමල්ල ටෙලිය යද්දි මං හිතාගෙන හිටිය ඔක්කොම එව්වා වෙනස් වුනා…
2011 නොවැම්බර් 6 දින පෙ.ව. 8:46 ට
අද අලුතින් එන ගායකයෝ කියාගන්න උදවිය ගොඩක් උත්සාහ කරන්නේ වැඩි වියදමක් කරලා වීඩියෝ එක කරලා ඔඅ මොකක් හරි රචනයක් වගේ එකකට මියුසික් එකක් දාලා ප්‍රසිද්ධ වෙන්න…
වැඩේ කියන්නේ සංගීත ක්ෂේත්රයේ මෑත කාලීන ගායකයක්ගෙන් මම ප්‍රිය කරපු ගායකයෙක් වෙච්ච රොමේෂ් ගේ මම ආසා කරපු සිංදුවක් වුනු “දිගු දෑස දුටුවාම” සිංදුවේ වීඩීයෝ එක දැක්ක දවසෙම මට ඒ සිංදුව එපා වුනා.
2011 නොවැම්බර් 6 දින ප.ව. 3:15 ට
ඒක නම් ඇත්ත පූසා. බලපං ඒක නිකං පැලේ ඉඳන් මිනිහාට කෑගහන ගෑණියෙක්ගේ අඳෝනාවක් වගේ බං….
2011 නොවැම්බර් 6 දින පෙ.ව. 9:10 ට
මාළුවාගේ කතාව ඇත්ත… සින්දුවක් කියලා ඒකට විෂුවල් එකක් කරන එක දැන් විලාසිතාවක් වෙලා… දැන් ඉතින් විෂුවල් එකක් කරලා ඒකට සින්දුවක් කියන කාලේ නේ….
2011 නොවැම්බර් 6 දින ප.ව. 3:16 ට
වැරදිලා හරි විෂුඅල් එකක්ට ගීතයක් ලියන්න ගියොත් ලියවෙන්නේ කුනුහරුප….
2011 නොවැම්බර් 6 දින පෙ.ව. 9:20 ට
ඇත්ත මචෝ…..සමහර වෙලාවට දකින වීඩියෝ වලින් කියවෙන්නෙ සිංදුවට සම්පූර්ණයෙන්ම පරස්පරවිරෝධී අදහසක්.ඔය දේවල් දකිනකොටත් පුදුම දුකක් ඇතිවෙනව.
2011 නොවැම්බර් 6 දින ප.ව. 3:17 ට
මම නම් ඉතිං සතුටින් බලනවා… ඕඩියෝ චැනල් එල මියුට් කරලා… අර ඉස්සර පත්තර බැළුවා වගේ…
2011 නොවැම්බර් 6 දින පෙ.ව. 9:35 ට
nidahase taniyen innakota maha reka podi rediyo kellakin sinduwak ahanakota tiyana hegima harima sanwedi pudumakara rahak denenawa,man hithanne sinduwak ahanawata wada widina eki wada denene,ettama kiyanawanam parana sindu taram hitata wedunu getha den kale bihiwenne aduwen………….oya videyo keruwawen minissunge chintana hekiyawa adu karala tiyenne kiyali mata hitenne,…..sinduwak ahanakota tama tamanta wadina akaraye video hithe mewenawa ,eka ekkenagen ekkenata wenas,video eken wenne pennana de balen balanna wena ekane,
2011 නොවැම්බර් 6 දින ප.ව. 3:18 ට
ඇත්ත තමන්ට හිතෙන් මවාගන්න පුළුවන් ලස්සන පින්තූර වැලක් තියෙද්දී අනුන්ගේ එව්වා මොකට බලනවද
2011 නොවැම්බර් 6 දින පෙ.ව. 10:34 ට
දැන් තියෙන සිංදු වල ගීතයට වඩා වීඩියෝ එක නියමයි. වීඩියෝ එකේ එක කතාවක්. සිංදුවෙන් කියන්නේ තව කතාවක්.
ඒ උනාට,
අලුත් සිංදු දෙක තුනකට ඇරෙන්න මම් ගොඩක්ම ආස පරණ සිංදු වලට. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියලා කතාවක් තියෙනවා නේ.
2011 නොවැම්බර් 6 දින ප.ව. 3:19 ට
ඔව් මල්ලි වයසක උන්දලා කැමති එහෙම ඒවට තමා….
උඹ නිකමට ටීවී යන එක සිංදුවක් කියපං මට, ආ මෙන්න මේකේ චැනල් දෙකම එල කියලා….!
2011 නොවැම්බර් 6 දින පෙ.ව. 11:46 ට
මෙහෙමත් පැත්තකුත් තියනවා..අපි එකිනෙකාට වෙනස් නිසා එකම සින්දුව වුනත් දැනෙන විදිහ වෙනස් ඉතින් සමහර වීඩියෝ අපි හැමෝම එකම තලයකට ගේනවා.. (මම මේ කියන්නේ ෆිල්ම් කෑලි ඔබලා හදන වීඩියෝ ගැන නෙමේ)
එක අතකට අපි හැමෝම එකම දේ බලලා සතුටු වෙන එකෙත් පොඩි ගතියක් තියනවා..
මේ වීඩියෝ හදන කෙනාට දැනුනු දේ තමයි රූප වලට ගොනු කරලා තියෙන්නේ..ඒත් අපිට දැනෙන තේරුම වෙනස් වෙන්න පුළුවන්..
2011 නොවැම්බර් 6 දින ප.ව. 3:21 ට
ඉතිං අක්කේ ඒ වැඩේ කොහෙත්ම තේරුමක් නැහැනේ… ප්රඩුයුසර් එකක් පෙන්නනවා අපි වෙන එකක් තේරුම් ගන්නවා… ඊට වැඩිය කොහොමත් හොඳයිනේ අක්කේ අපි අපිට හිතෙන දේම තේරුම් ගත්තම…
2011 නොවැම්බර් 6 දින ප.ව. 12:25 ට
ගීත රචකයාගේ, සංගීතය නිර්මාණය කරන්නාගෙ සහෘදයා වීමට උත්සාහ ගන්නවා.. දැන් වීඩියෝ නිර්මාණ ශිල්පියාගේ සහෘදයා වෙන්න ට්‍රයි කරලා හොඳටම විඳින්න පුළුවන් එක අරං මන් වෙනම තියා ගන්නවා.. සමහර සින්දු තියෙන්නෙ ඕඩියෝ විතරයි. සමහර එව්වයෙ දෙකම තියෙනවා.. සමහර එව්ව ඉන්ස්ටෘමෙන්ටල් වර්ශන් එක විත්‍රක තියේ.. මට හරියන රසිකත්වයට තමයි මේ තේරීම තියෙන්නෙ.. අනිත් අයත් එහෙමද මන්දා ?
2011 නොවැම්බර් 6 දින ප.ව. 3:22 ට
මම නම් හැම දෙයක්ම බලනවා…. විඳින්න ට්‍රයි එකක් දෙනවා… බැරිමනම් අල්ලලා දානවා…
2011 නොවැම්බර් 6 දින ප.ව. 1:02 ට
මම නම් කැමති ඇස් වහගෙන සිංදුවල රස විඳින්ට… 🙂
2011 නොවැම්බර් 6 දින ප.ව. 3:23 ට
ඇස් දෙක වහගත්තට කමක් නෑ නිදාගන්නේ එහෙම නෑ….
තුන් වෙනි ඇහි ඇරගෙන ඉන්න නැත්තං සිංදුව රස විඳින්න වෙන්නේ නෑ….
2011 නොවැම්බර් 6 දින ප.ව. 3:08 ට
තනියම ඔය සිංදුව අහනවට කියන්නෙ ස්වයං වින්දනේ කියලද ????
2011 නොවැම්බර් 6 දින ප.ව. 3:23 ට
ඔව් ඉතිං දැන් වෙන විකල්පෙකුත් නැතුව ඇතිනේ, ඒක නිසා ඉතිං හිතේ දුකට කියන එව්වට මං මුකුත් කියන්නේ නෑ….
2011 නොවැම්බර් 6 දින ප.ව. 4:09 ට
වීඩියෝ නං එපාමයි. මිල්ටන්ල, ක්ලැරන්ස්ල, සුනිල් එදිරිසිංහලගෙ, (තව නම් අම්බානක තියේ) සින්දු අපිත් අහන්නෙ වීඩියෝ එක්කද. නෑනෙ. ඒත් අපි අහන්නෙම ඒවනෙ. මට නං ඔය විකාර වීඩියෝ එපාමයි. අළුත් අයගෙ සින්දුත් එපා. (හොඳ ඒවත් නැතුවම නෙවෙයි, අවුරුදු දෙකකට එකක් විතර හොඳ එකක් හැදෙනවා)
2011 නොවැම්බර් 6 දින ප.ව. 8:18 ට
හික් අන්න කතාව…. අවුරුදු දෙකකට එකක් විතර….
2011 නොවැම්බර් 6 දින ප.ව. 4:42 ට
වීඩියෝ ගැන නම් කතා කරන්න එපා. ආසන්නම උදාහරනේ අර ‘දිගු දෑස’ සින්දුවට කරපු විකාරේ. හැබැයි සමහර වීඩියෝ තියනවා සින්දුව ලස්සන නැතත් වීඩියෝ එක ලස්සන නිසා බලන ඒව.
මම දවසක් වැඩසටහනක දැක්ක කෙනෙක් කියනවා වීඩියෝ එකක් හදන්නේ සින්දුවේ තියන තේරුමටම නෙමෙයි කියල. වීඩියෝ එකෙන් අලුත් කතාවක් කියවෙන විදියටලු හදන්නේ. අනේ මන්ද ඉතින් ඒයාලමනේ කියන්නේ, අපි ඉතින් හදල දෙන එකක් බලනවා.
2011 නොවැම්බර් 6 දින ප.ව. 8:19 ට
ඒක බලද්දී ඇඬෙනවා බං කෙල්ලගේ දුක දැකලා….
2011 නොවැම්බර් 6 දින ප.ව. 5:50 ට
මට කියන්න තියෙන දේ අනිත් අය කියලා ඉවරයි. සීයට අනූවක්ම අවස්තාවල ඕඩියෝ එකට වීඩියෝ එක ගැලපෙන්නෙ නෑ තමයි. මමත් ආසා. මද අඳුරේ ඉඳගෙන සින්දුවක් අහන්නයි. නමුත් විශේෂ අවස්ථාත් නැත්තෙ නෑ. අපි පොඩි කාලෙ ආසම ABBA ගෙ සින්දු ඔක්කොම වගෙ බලා ඉන්න ආසයි. දැනුත් සින්දුව අහන කොට වීඩියෝ එක මැවිලා පේනවා. එතකොට Bryan Adams ගෙ Do You Really Love A Woman සින්දුවෙ එක වීඩියෝ එකක් තියෙනව සුදු ඇඳගෙන කියන. පට්ටයි. එතකොට දැකලා ඇතිනෙ You’ re My First Love, එතකොට, Michael Jackson ගෙ හුඟක් සින්දු. ප්‍රසංග කලාවේ උපරිමය. එතකොට Richard Marx ගෙ HAZZARD.. තව ඒවගෙ ගොඩාක් තියෙනවා
henryblogwalker the Dude
2011 නොවැම්බර් 6 දින ප.ව. 8:20 ට
මඳ අඳුරේ, ටිකක් හීතල වෙලාවක…. කකුල් දෙක පුටුව උඩින් තියාගෙන… ඒ තමා මං කැමතිම ආසනේ… සිංදු අහන්න.
2011 නොවැම්බර් 6 දින ප.ව. 6:09 ට
මෙහෙමත් එකක් තියෙනවා ලංකාවේ හැදෙන සින්දුවල නම් මම හිතන්නේ ඕඩියෝ එක හදන්න ඉස්සරවෙලාම වීඩියෝ එක හදනවද කොහෙද..නැත්නම් ඉතින් හොද ඕඩ්යෝ එකකට වීඩියෝ එකක් ගහනවා මෙලෝ රහක් නැති වෙන්න…
2011 නොවැම්බර් 6 දින ප.ව. 8:21 ට
ඔව් බං.. සමහර සිංදු තියෙනවා ඕඩියෝ එක සුපිරි… වීඩියෝ එක බැළුවම ගායකයවත් එක්ක එපා වෙන්නේ…
2011 නොවැම්බර් 6 දින ප.ව. 6:39 ට
හේයි මාලුවෝ.
අන්න බොල අද උඹ ලිස්ට් එකේ දෙක, තුන ඉන්නවා. මම ස්ක්‍රීන් ශොට් එකක් උඹට එමේල් කලා උඹ කම්මැලියා හන්දා. පිළිගනින් සුභ පැතුම්! ලින්ක් එක මම කලි දුන්නා.
henryblogwalker the Dude
2011 නොවැම්බර් 6 දින ප.ව. 8:22 ට
හික් … තෑන්ක්ස් අයියේ…. බොහොත් අච්චා….
2011 නොවැම්බර් 6 දින ප.ව. 8:05 ට
මාත් එකගයි…..සිංදුවක නියම රසය විදින්න පුලුවන් ඕඩියෝ එකකින් තමා 🙂
2011 නොවැම්බර් 6 දින ප.ව. 8:24 ට
ඔව්…. මුං වීඩියෝ ගහන්න වියදම් කරන සල්ලි වලින් තව ටිකක් මහන්සි වෙලා හොඳ ලයිව් ෂෝ ටිකක් කරානම් ඊට වැඩිය හොඳයි….
2011 නොවැම්බර් 6 දින ප.ව. 8:21 ට
එක ඇත්ත ඕඩියෝ එකකින් තමා සින්දුවක් රස විදින්න පුළුවන් .. අර දිගු දෑස video එක නන් ගන්න දෙයක් නෑ .. අපරාදේ ලස්සන සින්දුව ,,..
2011 නොවැම්බර් 6 දින ප.ව. 8:37 ට
ඔව් ඇත්තටම මාත් හෙන ආසා සිංදුවක්….. දැන් ඉතිං එව්වා ඉවරාරාරාරායි.
2011 නොවැම්බර් 6 දින ප.ව. 8:39 ට
මම මේ post එක කියවල මුලින්ම විනාඩි 10ක් විතර කල්පනා කලේ visual එකයි Audio එකයි ගැලපෙන සින්දුවක් , කියන්න සතුටුයි මම කල්පනා කරලා කල්පනා කරලා මට කිසිම සින්දුවක් හොයාගන්න බැරි උනා
ඔය ලබැඳියේ සින්දුව ඇස් පියාගෙන අහනකොට හිතට මැවෙන්නේ වෙනම කතාවක්.
video එකක් කරන්නේ ගොඩක් වෙලාවට ගායකයාගේ හිතේ තියන අදහසට හරියන්න.
මේ සින්දුවේ කියන්නේ මොකක්ද ? visual එකේ කියන්නේ මොකක්ද ? 😀 හේ හේ
2011 නොවැම්බර් 7 දින පෙ.ව. 7:15 ට
පේනවනේ වෙනස….
2011 නොවැම්බර් 6 දින ප.ව. 11:58 ට
මටත් මේ පෝස්ට් එක දැක්ක ගමන් මතක් වුණේ දිගු දෑස දුටුවාම තමයි .. කතාව ඇත්ත සින්දුවක් රස විඳින්න ඇස් දෙක අවශ්‍යම නෑ . කන් දෙක විතරක් තිබුණානම් ඇති .. හිතෙන් රූප මවාගත්තැහිකි බොහෝම හොඳට
2011 නොවැම්බර් 7 දින පෙ.ව. 7:18 ට
ඔව් සඳරු…
2011 නොවැම්බර් 7 දින ප.ව. 12:16 ට
අමරදේව මාස්ටර්ගෙ සිංදුවකට දඟර නැටුම් දාන වීඩියෝ එකක් දැක්ක ටික කාලෙකට ඉස්සෙල්ල
2011 නොවැම්බර් 7 දින ප.ව. 1:47 ට
අමරසිරි පීරිස්ගේ ළඳුනේ එකට තවම හරියට වීඩියෝ එකක් ගැහුවේ නෑනේ…
2011 නොවැම්බර් 7 දින ප.ව. 12:38 ට
බරක් පතලක් ගැඹුරක් තියන සින්දුවකට විෂුවල් කරනව කියන්නෙ බෙල්ල ගහල යන වැඩක්. අනික සම්භාව්‍ය [ලා චොරස් නැති දේවල්] ගායකයන් කිසිම කෙනෙක් විෂුවල් කරන්නෙත් නැත්තෙත් ශ්‍රාවක ච්ත්තරූපවලට ඉඩ දෙන්න උවමනා නිසා වෙන්න ඇති. හැබැයි මෙලෝ රහක් නැති, අහන්න පුළුවන් මෙලඩිය විතරක්ම තියන සින්දුවක් ප්‍රමෝට් කරන්න වීඩියෝ ඕනෙමයි. නැත්නං ඒවට කොහේ චිත්තරූප මවන්නද.
@ ගෝල්ඩ් පිස්
ඔය කරෝල වාඩිවල තනියම ඉන්න උන්ගෙ හිත රිද්දන්න එපා බං. පෙරේද මට කිව්වෙ ගියාට පස්සෙ බෝතලයක් ඇහැට දැක්කෙ නෑ කියල. එහෙව් එකේ හස්ත කර්මාන්තයක් කරං ඉන්න දීපං.
2011 නොවැම්බර් 7 දින ප.ව. 1:48 ට
හ්ම් එහෙම එව්වානම් ගෙදර අයත් එක්ක බලන්න බෑ…
දැන් එහෙනම් අර අයියා කැටයම් කොරනවා හෝ ගාලා….
2011 නොවැම්බර් 7 දින ප.ව. 2:54 ට
අනේ බන් මම දැන් අවුරුද්දක විතර ඉදන් ඔය අලුත් විශුවල් බලන එක නැවත්තුවා… ඒව හොඳයි ලස්සන කෙල්ලො එහෙම කොටට ඇදන් ඉන්නවා… ශා ලංකාවට ගිය කල කියල බලන්න වගේ… ඒ ඇරුනම සින්දුවනම් ඕඩියෝ….
සින්දුත් අනේ මන්ද… හික් හික්.. වෙනස් රස වින්දනය නෙව.
ඕනය අයියට මොකුත් නොකිය හිටු…. මේ දවස් වල ඕක නැතුව වෙන මොන වින්දනයක්ද… හික් හික්
2011 නොවැම්බර් 7 දින ප.ව. 6:55 ට
හිපොප් සිංදු බැළුවනම් හරි…
ඕනෙයටත් හොඳ අළුත් විෂුවල් ටිකක් යවන්න ඕනේ… විවිධත්වයටත් එක්ක.
2011 නොවැම්බර් 7 දින ප.ව. 6:52 ට
කතාවත් එක්ක මාත් එකගයි.. මං ගොඩක් වෙලාවට වීඩියෝ එක ගත්තට බලන්නේ පළවෙනි පාර විතරයි.. පස්සේ අහන්නේ ඕඩියෝ එක..
2011 නොවැම්බර් 7 දින ප.ව. 7:07 ට
මාත් ඔය වැඩේම කරනවා… නැත්තං දෙකම එපා වෙනවා බං.
2011 නොවැම්බර් 8 දින ප.ව. 2:34 ට
මල්ලි…. ඔයා හරි මල්ලි…. සින්දුවක් ( සින්දුවක් කිව්වෙ සින්දුවක් හරිය….) ගනුදෙනු කරන්නෙ අපේ මනෝ භාවයන් එක්ක…. සින්ඳුවෙ වචනාර්තය සංගීතය හරහා අපෙ සියුම් හැඟීම් උද්දීපනය කරනව…… අපේ මනස තුල විචිත්‍ර වත් මනෝ භාවයන් සමු දායක් ඇති කරනව…..මේවට සීමාවක් නෑ මේ මනෝ භාවයන් පුද්ගලයාගේ දැනුම් හා රස වින්ඳන මට්ටම අනුව වෙනස්වෙනව…නමුත් මේ රූප රාමු වලින් කරන්නෙ මේ අසීමිත මනෝභාවයන් එක රාමුවකට ගේනව… සීමා පනවනව…..ඇත්තටම කියනවනං ඒ සින්ඳුවෙන් ගොඩ නගන සුපසන් මනෝභාවයන් කුඩුකරල දානව . ගීතය විශේෂයෙන් සංගීතය සංතර්පනය කරන්නෙ සුව පත් කරන්නෙ අපෙ අධ්‍යාත්මය…..ඇත්තටම සින්දුවත් සංගීතයේ තියෙන අසීමිත මනෝභාවයන් මැවීමේ ශක්තිය හීන කරනව. අම්මෝ මේක ලොකු කතාවකට යන්නෙ…..මෙතනින් නවත්තමු…
2011 නොවැම්බර් 8 දින ප.ව. 3:41 ට
අපරාදේ මේ ලිපිය ඔයාට ලියන්න දෙන්න තිබුනේ… පුළුවන්නම් තව කරුණු ටිකක් එකතු කලාට තරහක් නෑ…