උසස් රස වින්දනයක් උදෙසා…. වීඩියෝද…? ඕඩියෝද…?

මුලින්ම කියන්නේ ගීත වල රසවින්දය ගැන කතා කරන්න තරම්, නවම් අයියා කියන විදියේ  ලොකු පොරක් නම් නෙමේ මං. ඒත් ඉතිං සිංදුවක් ගැන අහන්න ඕනේ විදිය මගේ පුංචි මොලේට දැනෙන විදිය කිව්වට කවුරුවත් අමනාප වෙන එකක් නැහැනේ…

උසස් රස වින්දයක් කියන එකෙන් මං මෙතෙන අදහස් කරන්නේ මහා බැරැරුම් සාහිත්‍යමය වචන වලින් යුක්ත ඒ වගේම මහා බර තේරුම් තියෙන වචන වලින් සෑදුන ගීත නෙමේ. ඇත්තටම අපි කොයිතරම් කයිවාරු ගැහුවත් සම්භව්‍ය ගනයේ කියන ගීත වල තේරුමවත් අපි වැඩි දෙනෙක් දන්නේ නෑ. එහෙමත් නැත්තං ගීතයේ පද වලට වෙන මොනා හරි තේරුමක් ආදේශ කරගෙන ගීතයෙන් කියවෙන දේ වෙනස් විදියටම දකිනවා.  ඉතිං මං මේ කියන උසස් රස වින්දනය කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට තේරෙන බොහොම සාමාන්‍ය ව්‍යවාහාරයේ තියෙන වචන පෙළක් හිතට දැනෙන්න කන් දෙකට ඇසෙන්න සලස්වන ගීත වලට.

ඉතිං කාලයත් එක්ක රේඩියෝ එකෙන් සිංදු අහන කාලේ ටික ටික අභාවයට ගිහිං දැන් එළඹිලා තියෙන්නේ සිංදුවට අදාල රූප රාමු එක්ක විෂුවල්ස් බලන කාලේ. කවුරුවත් නිකමටවත් හිතුවාද මේ හැම සිංදුවක් එක්කම එළියට එන රූප රාමු සිංදුවට ගැලපෙනවද නැද්ද කියන එක….???

මං හිතන විදියටනම් එහෙම නෑ… කොටින්ම සිංදුව කියන්නේ කෙල්ලෙක් ගැන නම් වීඩියෝ එකේ තියෙන්නේ තනිකරම වෙන ස්ටෝරියක්… නිකමට හරි ඒ සිංදුවම වීඩියෝ නැතුව හෙමිහිට අහලා බැළුවොත් අපිට දැනෙන හා අපේ හිතේ මැවෙන රූප පිළිවෙලට ලඟින්වත් තියන්න බැරි ඒ වගේම ඕඩියෝ ට්‍රැක් එකත් එක්ක මෙලෝ සම්බන්ධයක් නැති වීඩියෝ එකක් තමා අපිට දැක බලා ගන්න වෙන්නේ බොහෝ වෙලාවට…. මං ඉස්කෝලේ යද්දී නම් ඇඩෝබි ප්‍රිමියර් ප්‍රැක්ටිස් කරන්න හිතාගෙන සිංහල ඕඩියෝ වලට හිංදි/ඉංග්‍රිසි වීඩියෝස් දාලා ඔය වගේ වැඩ කරලා තියෙනවා.

ඒත් ඒ කිසි දෙයක් නොදන්න දවස් වලදී මගේ තරම. දැන්…. මේ සෙල්ලම කරන්නේ ව්‍යාපාරික වශයෙන් හා සල්ලිම අරමුණු කරගෙන මියුසික් වීඩියෝස් නිපදවන කට්ටිය. මං දන්නේ නෑහැ, තේරෙන්නෙත් නෑ එයාල ඕඩියෝ එකත් එක්ක වීඩියෝ එක සමගාමී කරන්න එයාලා බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියලා. එයාල හදන්නේ අර අපිට අපේ හිතට ඕඩියෝ එකෙන් දැනෙන අපි විඳින රසයට වැඩිය දෙයක් බලෙන් අපේ හිත් වලට ඔබ්බන්න. මටත් වෙන කරන්න දෙයක් නැති නිසා මාත් ඒ දේවල් බාරගන්නවා තමා… ඒත්… වීඩියෝ එකයි ඕඩියෝ එකයි ගැලපෙන්නේ නැති වුනාම ඒක රස විඳින කෙනා ලොකු ගැටළුවකට මූන දෙනවා… මොකද ගීතය රස විඳින කෙනාට එකම මොහොතේ ඇහෙන්නේ එක කතාවක්, පේන්නේ තවත් කතාවක්…! කොයි කතාවද වැඩියෙන් රස විඳින්නේ කියලා හිතන කොට සිංදුව ඉවර වෙලා, ඔලුවත් කරකුට්ටං වෙලා…

ඒ වගේ ඕඩියෝ එකට කොහෙත්ම නොගැලපෙන වීඩියෝ එකක් යද්දී කරන්න තියෙන හොඳම දේ තමා දෙයියනේ කියලා ඇස් දෙක පියා ගන්න එක. තමන්ට ඕනේ කරන රූපය තමාගේ සිතුවිලි තුලින් මවාගෙන කන්දෙකෙන් ඕඩියෝ එකට සවන් දෙන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ මට හිතෙන්නේ… ඒ වගේම සමහර වීඩියෝ තියෙනවා ඕඩියෝ චැනල් එකක් නැති වුනත් ලොකු කතාවක් අපේ හිත්වලට දැනෙන්න සලස්සන්න පුළුවන් විදියේ… හැබැයි ඉතිං වැඩි හරියක්ම තියෙන්නේ කලින් කිව්වා වගේ මෙලෝ රහක් නැති වීඩියෝස්. ඇත්තටම ඕඩියෝ එක කොයිතරම් ලස්සන වුනත් වීඩියෝ එක ඕඩියෝ එකට ගැලපෙන්නේ නැත්තං ඕඩියෝ ක්ලිප් එකේ වටිනාකම නැත්තටම නැතුව යනවා.

ඇත්තටම මගේ පෞද්ගලික හැඟිම තමා යම් කිසි රසවින්දනයක් සිංදුවෙන් ලබන්න ඕනේ නම් සිංදුවේ ඕඩියෝ ක්ලිප් එක විතරක් අහන්න ඕනෙයි කියන එක. මොකද එතකොට අපිට පුළුවන් වෙනවා ගීත රචකයාගේ ගීතය ලියද්දී තිබුන අදහස මොකක් වුනත්, ඇස් දෙක පියාගෙන අපි ගීතයට සවන් දෙන කොට අපේම කතාවක් ගීතයට අනුව හිත ඇතුලේ නිර්මාණය කරගන්න….! සිංදුව කියන ගායකයව රස වින්දනයට බාධාවක් වෙන්නේ නෑ කියලයි මං නම් හිතන්නේ… තමන් අකමැති ගායකයෙක් නම් ඉතිං අපි කොහොමත් උන්දැගේ සිංදු අහන්න යන්නේ නෑනේ… ඒක නිසා ඉතිං සිංදුවක රස වින්දනය රඳා පැවෙතෙන්නේ සංගීතය හා පද වල තේරුම මත වෙන්න ඕනේ… අනික ගායකයා පරන කෙනෙක්ද අළුත් කෙනෙක්ද කියන එකත් ප්‍රශ්නයක් නෑ මං හිතන්නේ…

පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න මේ සිංදුවට….! මේ සිංදුවේ වීඩියෝ එකෙන් අපිට කියන්න හදන දේට වඩා කොයි තරම් දෙයක් අපිටම හිතන්න පුළුවන්ද කියලා…! වීඩියෝ එක නරකයි කියනවා එහෙම නෙමේ… ඒක මං දැකපු වර්ණ සංකලනය හා ආලෝක කරනය අතින් හොඳම ගීතයක් වගේම සෑහෙන දුරට ඕඩියෝ ලයින් එකත් එක්ක සමාගාමී වෙන ගීතයක්. ඒත් ඇස් දෙක පියාගෙන සිංදුව අහද්දී මේ වීඩියෝ එකේ තියෙන දේට වඩා දෙයක් ඔයාලාගේ හිතේ ඇ‍ඳෙයි. බලන්න කියන්නේ බොරුද කියලා…

%d bloggers like this: