මීට අවුරුදු පහකට හයකට විතර කලින් මං දන්න කියන අයියා කෙනෙක් වැඩ කලා පොඩි වෑන් එකක ඩැයිවර් හැටියට. පොඩ කිව්වට ඉතිං වෑන් එක පොඩිමත් නෑ… අර ඒ දවස් වල ආපු මැස්ඩා පාන් බාගේ වගේ වෑන් එකක්. ඉතිං ඔය වෑන් එක නිකං එහාට මෙහාට ගියෑ නෑනේ… ඒකෙ සබන්, රෙදි සෝදන කුඩු වගේ එව්වා කඩ වලට දාන්න යොදවපු වෑන් එකක්.
මේ අයියත් ඉතිං සාමන්‍ය පරිදි ටිකක් විතර කුකුලා. මේ කියන දවසේ මූට ඩිලිවරි යන්න සෙට් වෙලා තියෙන්නේ කොට්ටාව පැත්තේ. ඉතිං හවස පහට විතර මූ බඩු ටික කඩවලට දාගෙන වෑන් එකේ ඉස්සරහා ඉන්න රෙපා එක්ක කොට්ටාවට එනවලු. ඒ වෙලාව ගාමන්ට් එහෙම ඕෆ් වෙන වෙලාවනේ. ඉතිං කොට්ටාවේ දකින දකින හැම තැනම ලස්සන ලස්සන ගෑණූ ලමයිලු… රෙපාත් ඉස්සරහ සීට් එකේ ඉඳන් එක එක කොමඩි කෑලි දානවලු කෙල්ලොන්ට පේන්න. පස්සේ ඉතිං කොහොමහරි වෑන් එක ට්‍රෆික් එකකට අහුවෙලා. ඒ පාර ඉතිං අර රෙපා දානවලු පැනි පාර බස් හෝල්ට් එකක ඉන්න කෙල්ලෙකුට. කෙල්ලත් ෆුල් ලයික් පාටයිලු… එහෙට ඇඹරෙනවලු… මෙහෙට ඇඹරෙනවලු… හරියට නිකං දෙහි ගෙඩියක් හිර වෙලා වගේලු….
පස්සේ ඉතිං මේ සීන් එක දකිනවා අපේ ඩැයිවර් අයියා. ඌට ටිකක් ජේ වගේලු මේ සීන් එකට. ඇයි ඉතිං පොර මැරී ගෙන වාහනේ එලෝනවා, රෙපා පැසෙන්ජර් සීට් එකට වෙලා පැනි පෙරනවා. ඉතිං කොහොම හරි ට්‍රෆික් එක ඉවර වෙනකං කාගෙන ඉඳලා…. ඊට පස්සේ ඉස්සරහා වාහන ටික ඉස්සරහට යනවා දැකපු රෙපා කියනවලු… අනේ මල්ලී, වාහනේ නම් හොල්ලනන් එපා බං ඔහොම්ම තියහං කියලා. හිතන්නකෝ ඉතිං රෙපා කොච්චර සිහිකල්පනාවෙන් ඉන්න ඇද්ද කියලා….
පස්සේ ඩැයිවර් අයියාට රෙපා ගැන තිබුන පහන් හැඟීමත් එක්කම ඇක්සලේටරේ උඩ නැගලම පාගලා ඇරලා ඇවිල්ල හතර මං හන්දියක් කිට්ටුවට. ඔහොම එනකොට ඉස්සර කහ ඉරක් තියෙනවලු. ඊට තුත්තක් එහායින් ට්‍රැෆික් බුවෙක් ඉන්නවලු. අර සුදු ඉරි මාමලා කියන්නේ…. ඇයි බං අර 1200 දඩේට ඩිස්කවුන්ට් දීලා රුපියල් සීය කරන එවුන්…. ඉතිං ඩැයිවර් අයියා පාගලා එනකොටම අර බුවා හතර මං හන්දියේ මැද ඉඳගෙන අත දාලා වාහනේ නවත්තන්න… පැහැදිලිව කියනවනම් මෙහෙමයි….
ඔන්න හිතන්නකෝ උතුර, දකුන, නැගෙනහරි, බටහිර කියලා දිශා හතරක් තියෙනවා කියලා. ඉතිං ඒ දිශා හතරටම යන්න පුළුවන් පාරවල් තියෙන හතරමං හංදියක් තියෙනවා. ඒ හතර මං හන්දියේ දකුණු දිශාවේ පාරෙ මැදට වෙන්න ඉන්නවා පොලිස් කාරයෙක්. පොර ඉන්නේ උතුරු පැත්තේ ඉඳන් දකුනට එන වාහනයි, දකුණු පැත්තේ ඉඳන් උතුරට යන වාහනයි නවත්ගෙන නැගෙනහරි ඉඳන් බටහරිට යන එව්වටයි බටහිර ඉඳන් නැගෙනහිරට යන එව්වටයි යන්න දීලා…. දකුණු පැත්තේ පාරට පිටුපාලා දකුණු අත නැගෙනහරි පැත්තට දික් කරගෙන. හරිය…. ඉතිං අපේ ඩැයිවර් එන්නේ දකුණු පැත්තේ ඉඳන්. ඒ කියන්නේ රාළහාමිගේ පිටි පස්සෙන්. ඉතිං කොහොම හරි ඔය හතර මං හන්දියට කිට්ටුවෙද්දී වාහනේ තිරංග වදින්නේ නැතුව යනවා. එතකොට ඉතිං හතර මං හංදියක් නෙවෙයි මොන මගුල තිවුනත් වාහනේ නවත්තන්න බැහැනේ. ඒක නිසා පොර හෝන් ගහගෙන ඉදිරියටම ඇදෙනවා. මේ වෙද්දී රෙපාටත් වැඩේ තේරිලා තිබුන නිසා මූත් වීදුරුවෙන් එලිවට ඔලුව දාගෙන අයින් වෙන්නෝ බෙරේක් නැතෝ කියලා අනවුන්ස්මන්ට් එක දීගෙන තමා යන්නේ…. පස්සේ ඕං ආපු වේගෙට තත්පරේට දෙකට වාහනේ පොලිස් කාරයා ගාවලු. රෙපා කෑගහනවලු රාළහාමි අයින් වෙන්ඩෝ ගානකොටම…. රාළහාමිගේ ඇඟේ වැදිලා වෑන් එක. වැදිලා කිව්වේ ලාවට ටච් වෙලා. ඒ වැදිච්චි පාරට හා එක පාරට වෙච්ච දේට ෂොක් වෙච්ච රාළහාමි අර දිග ඇරගෙන හිටිය අත එහෙම්ම තියෙද්දී අංසක අනූවක් විතර කැරකිලා….
දැන් ඉතිං වාහන නවත්තන හස්ත සංඥාව දකුණු පැත්තෙ නෙවේ…නැගෙනහිරටයි බටහිරටයි අදාල වෙන විදියටලු…. අනේ ඉතිං මේ සංඥා වෙනස් වීමට ඇහැගහ ගෙන හිටිය ඩැයිවර්ලා ඔක්කොම ගානට ඒ සංඥාවත් පිලිපැද්දලු… සුළු මොහොතකින්….. කාර් තුනක් එක්ක වෑන් දෙකක් වට කරගෙන රක්ෂනේ මහත්තරු ඉන්නවලු…
අන්තිමට කේස් එක පත්තු වෙලා තියෙන්නේ පොලිස් නිළධාරියා වැරදි සංඥා ලබාදීම නිසා සිදුවු රිය අනතුරක් කියලා…. පවු අහිංසකයා….
2011 නොවැම්බර් 5 දින පෙ.ව. 7:13 ට
හික් හික් හික්… අඩේ මේක කියෙව්වම මතක් උනේ ෆිල්ම් වල වෙන සීන්. පව් අර අසරණයා….
2011 නොවැම්බර් 5 දින පෙ.ව. 7:25 ට
බලපං… වෙන එවුන්ගේ වැරදි නිසා කන කටු…
2011 නොවැම්බර් 5 දින පෙ.ව. 7:15 ට
පව් බන් අසරණයා.. ( රාලහාමි.. )
2011 නොවැම්බර් 5 දින පෙ.ව. 7:25 ට
ඔව් බං…
2011 නොවැම්බර් 5 දින පෙ.ව. 8:01 ට
අනේ පවු දෙයියනේ………………… 😦
2011 නොවැම්බර් 5 දින පෙ.ව. 8:36 ට
පවු නේන්නං බං…
2011 නොවැම්බර් 5 දින පෙ.ව. 8:04 ට
පව් රාළගාමි නෙමෙයි බන් අර පැණි පෙරපු රෙපා බලහන් ඌ ගොඩ යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ඩැයිවර් කරපු පාහර වැඩේ.. හික්
2011 නොවැම්බර් 5 දින පෙ.ව. 8:36 ට
එව්වට ඉතිං අපි මොනා කරන්නද බං… උං දෙන්නගේ බිස්නස්නේ එව්වා.
2011 නොවැම්බර් 5 දින පෙ.ව. 8:07 ට
ml mguli ne bn……… 😀 😀
2011 නොවැම්බර් 5 දින පෙ.ව. 8:37 ට
මගුලයි කියන්නේ හොඳම එකක්
2011 නොවැම්බර් 5 දින පෙ.ව. 8:08 ට
මේක උනේ පංචිකාවත්ත හතරමන් හන්දියේදෑ.
2011 නොවැම්බර් 5 දින පෙ.ව. 8:37 ට
ඔව් ඉතිං උඹ දන්නේ පංචිකාවත්තේ හතරමං හන්දිය විතරයිනේ 😀 😀
2011 නොවැම්බර් 5 දින පෙ.ව. 8:36 ට
බලපන් කෙල්ලෙක් නිසා උණු කෙලියක්… ඔව්වා තමයි සීන්,,, ලංකාවේ මොක උනත් කොහේ හරි චීත්ත පොටක් ගෑවිලා ඇති…
ජය..
2011 නොවැම්බර් 5 දින පෙ.ව. 9:51 ට
අනේ මන්දා බං… උඹලා තමා එව්වා දන්නේ.. අපි ඉන්න හරියේ ආසාවට කෙල්ලෙක් නෑ බං.
2011 නොවැම්බර් 5 දින ප.ව. 3:44 ට
මොකෝ ගෝල්ඩ් ෆිෂ් මාළු පැටික්කියක් හොයාගත්තානම් වැඩේ ගොඩ නොවෑ
2011 නොවැම්බර් 5 දින ප.ව. 4:26 ට
හික්…. බලමුකෝ…
2011 නොවැම්බර් 5 දින පෙ.ව. 8:46 ට
මොන පව්ද උන්ට ඔහොම වෙන්න ඕන ………
ෂෝක් වචන ටික “රාලහාමි අයින් වෙන්ඩෝ“
2011 නොවැම්බර් 5 දින පෙ.ව. 9:50 ට
මොකද්දෝ ලොකූ තරහක් තියෙනවා වගේ…. 😀
2011 නොවැම්බර් 5 දින පෙ.ව. 9:16 ට
කොහොමද දන්නේ නෑ හරියට බලා ඉඳලා වගේ කියලා තියෙන්නේ. ලංකාවේ පොලීසියේ අයගේ යුනිෆෝර්ම් මාරු කලේ කවද ඉඳන්ද? මාර ලස්සනයිනේ… 🙂
2011 නොවැම්බර් 5 දින පෙ.ව. 9:52 ට
මට දිවැස් තියෙනවා….. අක්කටත් චුට්ටක් ඕනෙද…????
ලංකාවේ එවුන්ට යුනිෆෝම් නැතෝ…. ඒකට කියන්නේ අවසර ලත් හොරකම් කිරීමේ බලපත්‍රය කියලා….
2011 නොවැම්බර් 5 දින පෙ.ව. 11:24 ට
පට්ට සීන් එකනෙ. පව් අර පොලිස් කාරයා.ඌට මොනවා හිතුනද දන්නෙ නෑ..
2011 නොවැම්බර් 5 දින ප.ව. 12:55 ට
මොනව හිතෙන්නද ඉතිං ඌත් පොලිසියේ නිසා කේස් එක හැංගෙන්න ඇති…
2011 නොවැම්බර් 5 දින පෙ.ව. 11:27 ට
ඇති ලොකු අනතුරක් වුනේ නැතුව බේරුනා….
2011 නොවැම්බර් 5 දින ප.ව. 12:55 ට
ඇයි දෙයියනේ කාර් තුනකුයි වෑන් දෙකකුයි හැප්පෙන එක චූටි අනතුරක්ද… ඈ…
2011 නොවැම්බර් 5 දින ප.ව. 12:02 ට
මේක ලංකාවේ සීන් කෝන් එකක් නං වෙන්න බෑ. (පින්තුරත් පිටරට ඒවනෙ)
‘Customer is always correct’ වගේ ලංකාවේ පොලිස් කාරයා හැම වෙලාවේම හරි
2011 නොවැම්බර් 5 දින ප.ව. 12:56 ට
ලංකාවේ පොලිස් කාරයින්ගේ පින්තූර දාලා මට කන්න වෙයි…. මේක ඉන්දියාවේ එකක්ලු.
2011 නොවැම්බර් 5 දින ප.ව. 1:19 ට
උතුර දකුණ මාරු උනා බං අර පොලිස් මාම හිටපු විදිය හිතාගන්න ගිහිල්ල.
2011 නොවැම්බර් 5 දින ප.ව. 1:31 ට
මටත් ඕකම වුනා අයියේ… ඒකනේ මට තේරෙන භාසාවෙන් දැම්මේ…
2011 නොවැම්බර් 5 දින ප.ව. 5:38 ට
දැන් කොච්චර කාලෙක ඉඳලා කියන එකක් ද මහා මාර්ග වලින් පොලිස් රාළහාමිලා අයින් වෙන්ඩකෝ කියලා … ඒත් තාමත් පිළිනොගන්න අය වැඩියි … මහා මාර්ග වලින් පොලිස් රාළහාමිලා අයින් වෙන්ඩ ඕන. ආර්ථිකයට ඇඟිලි ගහන දේශපාලනඥයෝ අයින් වෙන්ඩ ඕන …
2011 නොවැම්බර් 5 දින ප.ව. 6:12 ට
ඒ විතරක් නෙමේ අක්කේ… රඟපාන දේශපාලනඥයෝත් ඉවත් වෙන්න ඕනේ….
2011 නොවැම්බර් 5 දින ප.ව. 5:51 ට
හරියට ෆිල්ම් එකක් වගේ
2011 නොවැම්බර් 5 දින ප.ව. 6:13 ට
ටැමිල් එකක්…. වීජේ ඉන්නේ…. 🙂
2011 නොවැම්බර් 5 දින ප.ව. 6:01 ට
ඔය ට්‍රැෆික් පොලිස් කාරයන්ගෙ ලේ වල තියෙන ඊයම් මට්ටම මාර ඉහලයිලු. අපිට පේන්න බැරි වුනාට. කශ්ටිය කන්නෙත් මාර කට්ටක් අර ඔක්කොම දුම කකා.
henryblogwalker the Dude
2011 නොවැම්බර් 5 දින ප.ව. 6:13 ට
ඔව් නේද… ඒත් ඉතිං මාටියා ගහන එව්වැයින් බැරියෑ අසනීප වුනාම බෙහෙත් ගන්න…
2011 නොවැම්බර් 5 දින ප.ව. 7:45 ට
ඒයි මෙයා….. අර ඩයිපර් ඔයාවගේම ඩයල් එකක්නේ……..ඉරිසියා පලතුරුබීම……ඔයගොල්ලන්ගෙ පැත්තෙ කෙල්ලො පුලුටක් වත් නැතය…? නැතුව ඉතිං… ඔයා වගේ ඩයල් ඉන්නකොට අම්මල ඔය පැත්තෙ ගෑනු ලමයෙක් තියා පෑන්ටියක් වත් තියැයියැ……..
2011 නොවැම්බර් 5 දින ප.ව. 8:10 ට
අඩෝ වරෙන්කෝ ලංකාවට….!!!!!!
2011 නොවැම්බර් 6 දින පෙ.ව. 12:29 ට
හැබැයි ඩ්‍රැයිවරය කරල තියෙන්නෙ කුපාඩි වැඩේ . . . . අන් සැපතට ඊරිසියා කරන එක එච්චර හොඳ දෙයක්නෙමේ මලේ
2011 නොවැම්බර් 6 දින පෙ.ව. 7:01 ට
ඒකනම් ඇත්ත තමා අයියේ….
2011 නොවැම්බර් 6 දින පෙ.ව. 2:27 ට
“හරියට නිකං දෙහි ගෙඩියක් හිර වෙලා වගේලු….”
මොකක්ද මාළු අයියේ ඒකෙ තේරුම…..????
2011 නොවැම්බර් 6 දින පෙ.ව. 7:08 ට
මෙච්චර වැදගත් දේවල් තිබුනා මූට මීටර් වුනේ මෙච්චරයිනේ…!!!!
2011 නොවැම්බර් 6 දින පෙ.ව. 5:41 ට
ඩ්‍රයිවර් අයියටත් උතුර දකුන මාරු වෙන්න ලැබෙන්න ඇති නේද….
2011 නොවැම්බර් 6 දින පෙ.ව. 7:10 ට
ඌ කියන විදියටනම් නවත්ත ගන්න බ්‍රෙක් තිබුනේ නැති නිසා එහෙම්ම ටික දුරක් ඈවිල්ලා, අතුරුපාරකට දාලා ගහක වද්දලා තමා නවත්තලා තියෙන්නේ… ඒක නිසා බේරිලා තියෙනවා….
2011 නොවැම්බර් 6 දින ප.ව. 8:50 ට
පව් වැඩේ මොනවා උනත් පොලිසියේ හැමෝම හප්පෝ නෙමෙයිනේ . දවසක් මම එලෝ මෙලෝ නැතුව පාර පනින්න යද්දී traffic Uncle කෙනෙක් තමයි මාව අයිනට අදාල ගත්තේ . මිනිහා ඇද්දේ නැත්නම් මම sure එකට අතක් පයක් කඩාගෙන මහා ඉස්ිපිරිතාලේ. 😀
2011 නොවැම්බර් 7 දින පෙ.ව. 7:16 ට
සමහරු නං ඉන්නවා තමා බං. ඒත් වැඩි හරියක් එවුන් ජරා පප්පලා.
2011 නොවැම්බර් 7 දින ප.ව. 2:58 ට
ඌ කොහොමද බන් නවත්තගෙන තියෙන්නේ ඊට පස්සෙ ?
2011 නොවැම්බර් 7 දින ප.ව. 6:56 ට
ගහක වද්දලා….