හිතින් විඳින්න….

අපි හැමෝම කැමතිම මනුස්ස හැඟීම මොකද්ද කියලා ඇහුවොත්… රහත් වෙච්චි අය, හා කිසිම ආශාවක් නැති අය ඇරෙන්න හැමෝම දෙන එකම උත්තරේ මං හිතන විදියට ආදරය කියන පිළිතුර.  ඉතිං ඔය ආදරයට සීමා මායිම් එහෙම බලපාන්නේ ගොඩක් අඩුවෙන් කියල තමා දන්න කට්ටිය කියන්නේ. ඉතිං ඔය වගේ උතුම් මානුෂික හැඟිමකට තම සිතෙන් කොටසක් වෙන් කරපු අය නිතර දෙවේලෙම ආදරය ගැන හිතනවා… ඒ වගේම ආදරය ගැන කතා කරනවා…. වෙන කෙනෙක් කියන දෙයක් අහගෙන ඉන්නවා….

ඉතිං ආදර සිංදු කියන්නෙත් ආදරය ගැන පුංචි පුංචි පද පේලි ලස්සනට ගලපලා සංගීත රටාවකට අනුව ගායනා කරන ගීත. එව්වත් එක එක භාෂාවන්ගෙන් තියෙනවා. ඉතිං ඒ වගේ ආදරය ගැන ගායනා කරන මගේ හිතට අල්ලපු සිංදු ටිකක් තමා මේ… සිංදු ටික ඔක්කොම ඉංග්‍රිසි…. ඒත් ඉතිං ලිරික්ස් ටික දිහා බැලුවම තියෙන අර්ථය නම් හා දැනෙන හැඟිම නම් ඉංග්‍රිසිද සිංහලද කියලා මට වැටහෙන්නේ නෑ… මොකද මට ඒක තවත් එක හිතට දැනෙන හැඟීමක් විතරක්ම නිසා. ඉතිං මේ සිංදු වල අයිතිකාරයා තමා ෂේන් වෝර්ඩ් කියන්නේ….

අහලම බලන්නකෝ සිංදු ටික. මේ කලෙක්ෂන් එක කිසිම ගැටලුවකින් තොරව ‍ආදරය සම්බන්ධ ඕනෙම දේකට යොදාගන්න පුළුවන්… ඒවගේම මොබයිල් රින්ග් ටෝන් විදියට දාගන්නත් පුළුවන්. ටිකක් පොෂ් උදවිය නොතේරුනා හරි දාගෙන ඉන්නේ ඉංග්‍රිසි සිංදුනේ…. දැන් ඉතිං නොතේරුනා කියන්න බැහැනේ ලිරික්ස් වලට ලින්ක් එකත් දීලාම තියෙනවනේ…!

That’s my goal

බාගන්න    ගී පද

*

No promises

බාගන්න   ගී පද

*

Stand by me

බාගන්න   ගී පද

*

All my life

බාගන්න   ගී පද

*

You are not alone

බාගන්න   ගී පද

*

Back at one

බාගන්න   ගී පද

*

Some one to love

බාගන්න   ගී පද

*

A better man

බාගන්න   ගී පද

*

දැන් ඉතිං හදිස්සියෙම මෙහෙම පුංචි තෑග්ගක් දෙන්න හිතුනේ ඇයි කියලා ගැටලුවක් පැන නැගිච්චි අය ඉන්නවනම් කියන්නේ… අද තමා මම ළමයගේ න්දිනේ….!

ඉතිං ම‍ගේ උපන් දිනේට මුලින්ම සූභ පැතුවේ ඔබ්සර්වර් අංකල්. සතිය පටන් ගන්න කොටම එෆ්.බී මැසේජ් එකක් දාලා තිබුනා… එයාට ගොඩක් ස්තූතියි…

අනිත් දේ තමා, මගේ උපන් දිනේ දවසේ මගේ යාළුවොම දෙන්නෙක් ඉන්නවා… ඒකකෙනෙක් තමා මට ප්ලේන්ටි හත්ත දුන්න වින්දන… ඌ මං උපන් අවුරුද්දේ, මං ඉපදිච්ච දාමයි. අනිත් එක්කෙනා ගොඩක් හිතවත් අයියා කෙනෙක්…උපන් අවුරුද්දනම් මතක නෑ… කොහොම හරි පොරත් අද….

ඉතිං තව එක්කෙනෙක් ඉන්නවා ඊයේ, ජයාග්‍රාහි ලෙස පන්සල් හන්දියෙ තියෙන 30 වෙනි කනුව පහුකරපු…. කල්හාර අයියට සූබ පතපු නැති අය ඉන්නවනම් මෙතෙනින් ගිහිං විෂ් එකක් තියලා එන්න පුළුවන්…!

බලාගෙන යද්දී හොඳ හොඳ වැදගත් පොරවල් ඔක්කොම මේ මාසෙනේ…!!!!
බොරුයි කියලා හිතනවනම් මෙන්න… අද දවසේ විතරක්….!

*

68 Responses to “හිතින් විඳින්න….”

  1. කළු පූසා Says:

    මෙන්න තවත් ලස්සන සින්දුවක් බොන් ජෝවී ගේ http://www.youtube.com/watch?v=ESOVrc4K3CQ

    සුබ උපන් දිනයක් වේවා…!!!

    මේ අවුරුද්දෙම යශෝධරාව සරණ පාවා ගැනීමට ලැබේවා 😀

    මෙන්න අපේ පුස් සෙට් ඒකෙන් සුබ පැතුම් http://www.youtube.com/watch?v=9ScOGcdWuPM

  2. sudaraka Says:

    සුබම සුබ උපන් දිනයක් වේවා…උදෙන්ම ආවේ ටැOකියට තමා:-)

  3. Chanaka Says:

    සුභ උපන් දිනයක් වේවා.. තවත් වැඩි වැඩියෙන් ලැබේවා…

  4. පන්සල් හංදිය Says:

    ඔන්න ඕකනේ කියන්නෙ බැලුවාව සෑහෙන්න වැදගත් බුවාලා සෙට් එකක් මේ මාසේ ඉපදිලා තියනවනේ ………
    ඔන්න මගේ හදවතින්ම සුබ පැතුම් හොඳේ ……..

    ප/ලි : මල්ලි මේ වගේ දවසක පෝස්ට් එකට මේ වගේ ටොපික් එකක් දාන්න එපා, උපන් දිනයක් කියලා තිබුනොත් වෙන වැඩ කෝටියක් තිබුනත් සුබ පතලා යන්න එනවා ………

    හිතවත් අයට මඟ ඇරෙන්න පුලුවන් ………

  5. maathalan Says:

    ජයවේවා.. සුබ අනාගතයක් කොලු පැටියෝ සොරි සොරි මාළු පැටියෝ. ඔය ගීත මගේ ප්‍රියතම ගීත. ලයිට් එෆ් එකේ නිතරම යනවා. බෙදාගත්තට පින්. මේ ගීත ගාථා වගේ. සිත නිවනවා…

  6. අකීකරු හිත Says:

    සුබ උපන්දිනයක් වේවා අයියා….. හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම ඉටු වෙන සුබම සුබ අනාගතයකට මුළු හදවතින්ම සුබපතනව ඔන්න….

  7. ශානු Says:

    හැපි බාත් ඩේ අයියේ ඔන්න තුන්වෙනි පාරටත් විස් කොලා කේක් කෑලි 3ක්ම ඕන

  8. praveena Says:

    සුබ උපන් දිනයක් ඔයාට. මේ අවුරුද්දේවත් ඔය හිතන, පතන සෑම දේම ඉටු වේවා කියලා ප්‍රාර්තනා කරනවා…:)

  9. මාඩා Says:

    adeee…. suba upan dinayak machooooooooo…………… seylu pathm etu wewaaaaa………….. el kiri lesata………

    “No promises” eke video ekath maxxxxaaaaaaaa………………

  10. Giza Says:

    සුභම සුභ උපන්දිනයක් වේවා මාළුවෝ ….!!!!
    ජිවිතේ සියලු පෑතුම් ඉටු වේවා…!!!

  11. කෝඩුකාරයා Says:

    ඔයාට සුභම සුභ උපන්දිනයකයකට කෝඩුකාරයාගෙන් සුභ පැතුම්…..

  12. ABC Says:

    සුබ උපන්දිනයක් වේවා මල්ලි.
    ඇත්තටම බලාගෙන යනකොට වැදගත් අය ගොඩක් ඉපදිලා තියෙන්නෙ ම මේ මාසෙ තමයි.
    මොකද ඉතින් මම ත් මේ මාසෙ නෙ.
    අහ් ඒ විතරක්ද අපේ ඔය ආඩම්බර කාර තාත්තත් ඉපදිලා තියෙන්නෙ මම උපන් දවසෙ ම ලු නෙ.

  13. henryblogwalker Says:

    HAPPY BIRTHDAY TO YOU
    HAPPY BIRTHDAY TO YOU
    HAPPY BIRTHDAY DEAR GOLD FISH
    HAPPY BIRTHDAY TO YOU!!!
    (APPLAUSE)
    CANDLES, CAKE, SLUUURRRRP!!

  14. රූ Says:

    ආනේ ඉතින් ගොල්ඩ් ෆිෂ් ඉපදුනා නම් ඒක වැදගත් මාසයක්ම වෙන්න එපැයි….

    සියළු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත උපන් දිනයක් වේවා මලේ..
    තවත් මේ වගේම පෝස්ටු ගොඩක් ලියන්න ශක්තිය ලැබේවා..

    ප/ලි
    වර්චුවල් කේක් වෙනුවට අපට දුන්න සින්දු ටික නම් මාරයි..තැන්කූ..
    ආ මම ආස සින්දුවක් තමා..truly madly deeply do.. කාගෙද කියලනම් මතක නෑ…

  15. Gimhani Says:

    සුබ උපන් දිනයක් මාළු . දැනුයි දැක්කෙ .

  16. Kasun Chanaka Says:

    ෆේස් බුක් එකේ සුභ පැතුවට මදිනේ.:)

    එහෙනම් සුභම සුභ උපන්දිනයක් වෙන්න කියල ආයෙත් ප්‍රාර්ථනා කරනවා.

  17. ගිනි කුරුල්ලා Says:

    ජයග්‍රාහි ලෙස තුන්වෙනි වතාවටත් ඕන් සුභම සුභම උපන් දිනයක් වේවා කිව්වා….

    /* මේක වැදගත් අය ඉපදුනු මාසයක්නේ බන්, එහෙව් එකේ මම මේ දහ අතේ කල්පනා කරන්නේ උබ කොහාමද මේ මාසේ ඉපදුනේ කියලා. සමහරවිට මාළුවා ඉපදෙන අවුරුද්දේ වැදගත් අය ඉපදෙන මාසේ වෙනස් වෙන්ට ඇති නේ?? 😀 😛 */

  18. dinesh umagiliya Says:

    සුභ උපන්දිනයක් අයියේ.. මම කලිනුත් සුභ පැතුවනේ.. කමක් නෑ..

    No promises සින්දුවට මාත් මාරම ආසයි.. අමුතුම හැගීමක් එනවා ඒ සින්දුව අහන් ඉද්දි..

  19. හිස් අහස Says:

    සුබ උපන්දිනයක් වේවා කියලා ඔන්න මම ආයිමත් වතාවක් ප්‍රාර්ථනා කරනවා ..!!

  20. Alchemiya Says:

    ජීවිත කාල දෙකක් ජීවත් වෙච්චි ගෝල්ඩ් ෆිෂ්ට සුබ පැතුම්.. (ගෝල්ඩ් ෆිෂ් කෙනෙකුගේ වැඩිම ආයු කාළය අවුරුදු 15යි)

    තව චිරාත් කාළයක් ටැංකියේ පීනන්න ලැබේවා..!

  21. arunishapiro Says:

    Gelukkige Verjaarsdag! Gëzuar Ditëlindjen! shēngrì kuàilè! Všechno nejlepší k narozeninám! Feliĉan datrevenon! Bon anniversaire! Herzlichen Glückwunsch zum Geburtstag! Hróña Pollá! S dniom roždenija! ¡feliz cumpleaños! iniya pirandha naal nalvaazthukkal! ඔය ඔක්කොම ආදරය වගේ තමයි … සුබ උපන් දිනයක්!

  22. මධුරංග Says:

    මලවුන්ගේ මාසේ ඉපදිච්ච මාලු අයියට සුබ උපන්දිනයක් වේවා !!!
    පෝස්ට් එකෙන් සුබ පතන්න පරක්කු උනාට කෝල් කලානේ බොට !! 🙂

    ප.ලි. – ආයෙත් අර ප්ලේන්ටි හත්ත කියන වචනේ දාලා. මට ආයෙම වෙන විදිහකට හිතෙන්න ගත්තා. ඊට පස්සේ තමා ටාර් ගාලා කමෙන්ට් කරන්න පන්නේ. හික්ස් 🙂

  23. දොඩං Says:

    සුභ උපන් දිනයක් මාළුවෝ…පරක්කු උනාට සමාව භාජනයකට දාන්ටෝන….එහෙනං එකසිය විස්සකට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා කිව්වා

  24. Sachith Says:

    සුභ උපන් දිනයක් මාලු යාලුවා….මට සුබ පතන්න ගොඩක් පරක්කු උනා….3 වෙනිදයින් පස්සෙ අද තමයි ගෙදර (internet) ආවෙ….ටිකක් දුර ඉන්න යලුවෙකුගෙ ගෙදර ගිහින් දවස් දෙක තුනක් හිටියා…සුභ උපන් දිනයක් කියලා ආයෙමත් ප්‍රාර්ථනා කරනවා ..!


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: