හිතින් විඳින්න….

අපි හැමෝම කැමතිම මනුස්ස හැඟීම මොකද්ද කියලා ඇහුවොත්… රහත් වෙච්චි අය, හා කිසිම ආශාවක් නැති අය ඇරෙන්න හැමෝම දෙන එකම උත්තරේ මං හිතන විදියට ආදරය කියන පිළිතුර.  ඉතිං ඔය ආදරයට සීමා මායිම් එහෙම බලපාන්නේ ගොඩක් අඩුවෙන් කියල තමා දන්න කට්ටිය කියන්නේ. ඉතිං ඔය වගේ උතුම් මානුෂික හැඟිමකට තම සිතෙන් කොටසක් වෙන් කරපු අය නිතර දෙවේලෙම ආදරය ගැන හිතනවා… ඒ වගේම ආදරය ගැන කතා කරනවා…. වෙන කෙනෙක් කියන දෙයක් අහගෙන ඉන්නවා….

ඉතිං ආදර සිංදු කියන්නෙත් ආදරය ගැන පුංචි පුංචි පද පේලි ලස්සනට ගලපලා සංගීත රටාවකට අනුව ගායනා කරන ගීත. එව්වත් එක එක භාෂාවන්ගෙන් තියෙනවා. ඉතිං ඒ වගේ ආදරය ගැන ගායනා කරන මගේ හිතට අල්ලපු සිංදු ටිකක් තමා මේ… සිංදු ටික ඔක්කොම ඉංග්‍රිසි…. ඒත් ඉතිං ලිරික්ස් ටික දිහා බැලුවම තියෙන අර්ථය නම් හා දැනෙන හැඟිම නම් ඉංග්‍රිසිද සිංහලද කියලා මට වැටහෙන්නේ නෑ… මොකද මට ඒක තවත් එක හිතට දැනෙන හැඟීමක් විතරක්ම නිසා. ඉතිං මේ සිංදු වල අයිතිකාරයා තමා ෂේන් වෝර්ඩ් කියන්නේ….

අහලම බලන්නකෝ සිංදු ටික. මේ කලෙක්ෂන් එක කිසිම ගැටලුවකින් තොරව ‍ආදරය සම්බන්ධ ඕනෙම දේකට යොදාගන්න පුළුවන්… ඒවගේම මොබයිල් රින්ග් ටෝන් විදියට දාගන්නත් පුළුවන්. ටිකක් පොෂ් උදවිය නොතේරුනා හරි දාගෙන ඉන්නේ ඉංග්‍රිසි සිංදුනේ…. දැන් ඉතිං නොතේරුනා කියන්න බැහැනේ ලිරික්ස් වලට ලින්ක් එකත් දීලාම තියෙනවනේ…!

That’s my goal

බාගන්න    ගී පද

*

No promises

බාගන්න   ගී පද

*

Stand by me

බාගන්න   ගී පද

*

All my life

බාගන්න   ගී පද

*

You are not alone

බාගන්න   ගී පද

*

Back at one

බාගන්න   ගී පද

*

Some one to love

බාගන්න   ගී පද

*

A better man

බාගන්න   ගී පද

*

දැන් ඉතිං හදිස්සියෙම මෙහෙම පුංචි තෑග්ගක් දෙන්න හිතුනේ ඇයි කියලා ගැටලුවක් පැන නැගිච්චි අය ඉන්නවනම් කියන්නේ… අද තමා මම ළමයගේ න්දිනේ….!

ඉතිං ම‍ගේ උපන් දිනේට මුලින්ම සූභ පැතුවේ ඔබ්සර්වර් අංකල්. සතිය පටන් ගන්න කොටම එෆ්.බී මැසේජ් එකක් දාලා තිබුනා… එයාට ගොඩක් ස්තූතියි…

අනිත් දේ තමා, මගේ උපන් දිනේ දවසේ මගේ යාළුවොම දෙන්නෙක් ඉන්නවා… ඒකකෙනෙක් තමා මට ප්ලේන්ටි හත්ත දුන්න වින්දන… ඌ මං උපන් අවුරුද්දේ, මං ඉපදිච්ච දාමයි. අනිත් එක්කෙනා ගොඩක් හිතවත් අයියා කෙනෙක්…උපන් අවුරුද්දනම් මතක නෑ… කොහොම හරි පොරත් අද….

ඉතිං තව එක්කෙනෙක් ඉන්නවා ඊයේ, ජයාග්‍රාහි ලෙස පන්සල් හන්දියෙ තියෙන 30 වෙනි කනුව පහුකරපු…. කල්හාර අයියට සූබ පතපු නැති අය ඉන්නවනම් මෙතෙනින් ගිහිං විෂ් එකක් තියලා එන්න පුළුවන්…!

බලාගෙන යද්දී හොඳ හොඳ වැදගත් පොරවල් ඔක්කොම මේ මාසෙනේ…!!!!
බොරුයි කියලා හිතනවනම් මෙන්න… අද දවසේ විතරක්….!

*

%d bloggers like this: