ෆොටෝ ටික එවපං □කෝ….

අද නම් මං පෝස්ට් එකක් නොදා ඉන්න තමා හිතාගෙන හිටියේ. ඒත් ඉතිං බ්‍රේකින් නිවුස් කියන ජාතිය මේ ලෝකෙට බිහි කරපු එකා නිසා මේ පෝස්ට් එක දාන්නම වෙනවා. මේක බොහොම දුක්බර කතා පුවතක්… හැබැයි හිනා යන්නත් පුළුවන්…!

අපේ ඔෆිස් එකේ ඉන්නේ කම්මැලි නැති අය නිසා ඉන්ටර් කොම් එක රින්ග් වෙනකොට කැ‍රකෙන පුටුවෙන් තල්ලු වෙලා ගිහිං  ෆෝන් එක උස්සන එක හරි වදයක් විදියට තමා සලකන්නේ. ඉතිං මේක විසඳුමක් විදියට කම්පූටරෙන්ම ලෑන් එක හරහා මැසේජ් කරන්න පුළුවන් ‍ෆ්‍රී සොෆ්ට් වෙයාර් එකක් හැමෝගෙම පී.සී වලට දාලා දුන්නා අපේ ඔෆිස් එකේ තොරතුරු තාක්ෂන ඇමතිතුමා.

ඇත්තටම ඒක සෑහෙන්න ප්‍රයෝජනවත් දෙයක් වුනා අපි හැමෝටම. අපිට කාව හරි අවුස්සන්න ඕනේ වෙච්චි ගමන් පටාර් ගාලා මැසේජ් එකක් කෙටුවා යැවුවා. ආයේ ඉතිං වට පිටාවටම ඇහෙන්න කෑගහලා කුණුහබ්බ කියන්න ඕනේ කමකුත් නැති නිසා ඔය මැසෙන්ජර් එක නැති දවස් වල අහපු නැති එව්වත් අපිට කියවන්න, දැනගන්න හම්බුනා. පොඩි හිටි අයට වඩාත්ම සුදුසු එව්වා එහෙම ඉස්සර ඔෆිස් එක ඇතුලේ ට්‍රාන්සර් වුනේ බොහොම සීමිත වශයෙන් ෆ්ලෑෂ් ඩ්‍රයිව් වල වුනාට දැන් ඒ වගේ සීමා මායිම වැට කඩුලු නෑ. ඒත් අර මැසෙන්ජර් එකේ ‍ෆයිල් ට්‍රාන්ස්ෆරින් වලට  පිංසිද්ධ වෙන්න. කොටින්ම අර ක්වුඩ් කම්පියුටිං සංකල්පය ඉතාම හොදට අපේ ඔෆිස් එකේ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපේ කාගෙ හරි හාඩ් එකක ගිගා බයිට් 100කට වැඩි ඉඩක් තියෙන්ම් කාගේ හරි දත්ත සංචිතයක් විදියට ඒක යොදාගන්නවා. ඕනේ වෙලාවට මැප් කරගන්නවා, එපා වෙලාවට අයින් කරලා දානවා. මොකද හැමෝටම ඇක්සස් කරන්න කරන්න පුළුවන් ෆයිල් සර්වරේ දැම්මොත් ගෑණූ ළමයි වුනත් නරක් වෙන්න පුළුවන්නේ. ඔය මොනා වුනත් මේ හැම දෙයක්ම ඉතිං කෙරෙන්නේ හොර රහසේ. අපි ඉතිං අපේ තොරතුරු තාක්සන ඇමතිව රැකගන්නත් ඕනේනෙ අනිත් ලොක්කන්ගෙන්….

ඉතිං ඊයේ හවස තමා මේ දරුණු ඛේදවාචකය වුනේ. වෙලාව තත්පරේටම, පරන රේඩියෝ චැනල් වල කියන විදියට කියනවනම් පස්වරු දොලහ පසුවී පැය හතරයි, විනාඩි 14යි තත්පර – අනේ මන්දා, ගානකට….

මතකද මං අර වෙඩින් හතරක කතාවක් කිව්වා. ඉතිං මං තීරණය කාලේ දෙකකට යන්නනේ. ඒ තීරණයේ පරිදිම වෙඩින් දෙකකට ගියා. ගල්කිස්සේ ලොකූකූකූකූ හොටෙල් එකේ තිබ්බ වෙඩිමේදී මං අනිත් අයගේ පොටෝ වගයක් ගත්තා. මේකප් දාලා ෆවුන්ඩේෂන් ගහලා ගත්තම ඕනේ යකින්නකට මනුස්ස පාටක් දෙන්න පුළුවන් නිසා, අපේ කෙල්ලෝ ටික අඳුර ගන්න බැරි තරමටම ලස්සන වෙලා තමා හිටියේ. මට ඉතිං කොහොමත් ගෑණු ළමයින්ගේ ෆොටෝ අරං පුරුද්දක් නැති නිසා, පුරුදු වෙන්නත් එක්ක මාත් ට්‍රයිකරලා බැළුවා. කරුමෙටම ලස්සනයි කියලා හිතන්න පුළුවන් මෙව්වා ටිකක් මගේ කැම් එකේ තිවුනා. ඉතිං එදාම ඔය පින්තූර ටික අපේ කොලු පැටවු ටික දැක්ක නිසා ඊලඟට ඔෆිස් එන දාට ෆ්ලෑස් එකට අරගෙන වර කියලා මට හෙන තර්ජන.

මගෙත් වෙලාව හොඳ නැති කමට හෝ පහුවෙනිදාත් අර දුඹුරු පාට ශාක සාර ටිකක් කටේ වත් නොතිය උගුරට හලාගත්තා නිසාද කොහෙද ඔය සීන් එක සහමුලින්ම එන්ගේජ් වුනා. පස්සේ ඉතිං ඊයේ වැඩට ගිය වෙලේ ඉඳන් සෙටාර් එක මාව මරාගෙන කන්නම හදනවා… දීපිය කෙල්ලොන්ගේ ෆොටෝ ටික කියලා… කොල්ලෝ විතරක් නම් මදෑ… කෙල්ලොත් එහෙමමයි. ඔය ඔක්කොම තර්ජන අර මැසෙන්ජර් එකෙන්ම තමා. ඉතිං මං ඊයේ කැම් එක අරං ගිහිං තිවුනට කේබල් එක ගිනිහිං තිවුනේ නෑ. ඒක නිසා ඉතිං ෆොටෝ ටික ඩවුන් කරනවා කියන්නේ තනිකරම හීනයක්. ඒත් ඉතිං මෙමරි කාඩ් එක ගලෝලා අරගෙන ලැපකට ගැහුවනම් වැඩේ හරි තමා… ඒත් ඉතිං මං ඒ වැඩේට ටිකක් විතර අකැමැති නිසා, අපේ එච්.ආර් එකේ කොල්ලෝ ටික මට එවනවා පියන් කොල්ලෙක් අතේ මල්ටි කාඩ් රීඩර් එකක්…!

පස්සෙ ආයෙම තර්ජන… එකෙක් කියනවා, අඩෝ එවපං කිව්වේ ෆොටෝ ටික…

තව එකෙක්… මොනාද මචං, ගෙදර යන්න කලින් එපවංකෝ බං….

ඊලඟට පර්චසින් එකේ කෙල්ල… අනේ අපේ ෆොටෝ ටික එවන්නකෝ සුදු……

ඊට පස්සේ අකවුන්ට්ස් එකේ කෙල්ල…. මගේ හොඳ පැටියානේ…. මගේ ෆොටෝ එක විතරක් වත් එවන්න මට….

අම්මේ මුංගේ බටර්…. කොහොම හරි ඔය උඩ මැසේජ් හතර මට එහෙම්ම අකුරක්වත් අඩු නැතුව ආවා. ඊට පස්සේ ඔක්කොටම මං එක පාර රිප්ලයි කරා, උඹලා එවපු කාඩ් රීඩර් එක වැඩ කරන්නේ නෑ… ඒක නිසා ඩවුන් කරන්න විදියක් නෑ කියලා.

ඉතිං ආයෙම උඩ වගේම මෙතෙන දාන්න බැරි මට්ටමේ එව්ව එකක් හා තවත් බටර් ලොරි භාගයක විතර මැසේජ් දෙකකුත් ආවා. ඒත් එකක් නෑ… ඌ තමා මගේ රිප්ලයි එක මුලින්ම බැලුව එකා… ඒත් උ‍ගෙන් මං බලාපොරොත්තු වෙච්ච සිංහල ව්‍යාකරණ සහිත නව චවන මාලාව ආවේ නෑ…

පස්සේ මං ටිකකින් මැසේජ් එකක් යවන්න බලද්දී පොර ඕ‍ෆ් ලයින්. ඒ වෙලාවට ඉතිං පුටුවෙන් නොනැගිට, ෆෝන් එකට නොගොස් කතා කරන විදියක් තමා අපේ ඇමතිතුමා සෙට් කරලා දීලා නෑ… ඒක නිසා ඉතිං කෝල් එකක් දැම්මට… ම්හු… ආන්සර් කරන්නේ නෑ…

පස්සේ ඕනේ මගුලක් කියලා මොකද වුනේ බලන්න.

යන කොට අපේ හියුමන් රිසෝස් ඩිපාමන්ට් එකම ඇඬූ කඳුලින්…. මුනවල් ‍බෙරි වෙලා. හෙන දුකින්. ඉතිං ඇහුවා මොකද සීන් එක කියලා…

සීන් එක…. තෝ දැන් එනවද යකෝ සීන් එක අහන්න…?

ඇයි බං මොකද වුනේ…???

මොකද තමා… මං උඹට යවපු මැසේජ් එක වැරදිලා ගිහිං තියෙන්නේ එෆ්.සීට යකෝ…

ඒක ඉතිං එච්චර දෙයක් නෙමේනේ බං… ඕක මොකද්ද මැසේජ් එකක් වැරදුනාම ඔච්චර අඩන්න ඕනේයැ බං…. මාත් ඉතිං බබා වගේ උත්තර දුන්නා. මට නිකමට හිතිලා තිබුනේ මුගේ සිංහල ව්‍යාකරණ කට්ටලේ තමා මේ එෆ්.සීට ගිහිං තියෙන්නේ කියලා…

පස්සේ අයෙම…. ඉතිං උඹ මොනාද මට එව්වේ… ඔච්චර සීරියස් වෙන්න බං…?

ඒව්වේ….???? එව්වේ ෆොටෝ ටික එවපං □කෝ…. කියලා.

ඉතිං ඉතිං ඊට පස්සේ….. අරෑ අඩන ගමන් හිනා යනවා සීන් එකට. ඊට පස්සේ ගිහිං සමාව ගත්තා.

ඉතිං….!!!!

පොර කියනවා බං පොටෝ ටික ඉල්ලපු එක අවුලක් නෑ… ලැන්ග්වේජ්ද මොකද්ද එක හැන්ඩ්ල් කරපු විදිය වැරදි නිසා ලොක්කට මේල් එකක් දැම්මා… කියලා බං.

පස්සේ ඉතිං මටත් හෙන අප්සට්… මං නිසානේ ඔක්කොම කියලා. කොහොමහරි හතරා මාර යන්න හිටිය මමත් ගියේ හයට විතර. පවුනේ ඉතිං කොල්ලව සනසලා එහෙම යන්න ලෑස්ති වෙද්දී මූ කියනවා…

එෆ්.සී කිව්වා බං ලියුමක් ගහනවා කියලා මට ඩිසිප්ලීන් හොඳ නෑ කියලා….

ඉතිං…? මං ඇහුවා… ඒක ඉතිං ටිකක් බරපතල කාරනයක්නේ…

ඉතිං… මං බය නෑ බං…. කියලා මූ හිනා වෙනවා හෝගාල. ඒ පාර නම් මටත් අවුල්. මොකද මං අහලා තියෙනවා ජීවිතය ගැන අසුභවාදිව බලන… ඒ කියන්නේ මේ… මේ…. මොකක් හරි ලොකු කේස් එකක් නිසා ජීවිතයෙන් පැනලා යන්න ලෑස්ති වෙන අය අන්තිම මොහොතේ අපේ එකා හිනා වුනා වගේ හිනා වෙනවා කියලා….

පස්සේ ඉතිං මාත් ලඟටම ගිහිං,… මොකද බං හිනා වෙන්නේ…? කියලා හෙනම සිරියස් ඇහුවා…. මට හම්බුන උත්තරේ තමා….

ඇයි යකෝ… කාට ලියුම් ගැහුවත් ගහන්න් එච්.ආර් එකෙන්නේ… මං එපෑ බං මගේ ලියුමත් ටයිප් කරන්න….!!!!

මං හිතන්නේ වැඩේ දැන් ෂේප්… ඒත් කරුමෙටවත් ලියුමක් දැම්ම නම් එහෙම ඌට නෑ බෑ නොකිය ඌටම ටයිප් කරන්ගන්න වෙනවා…. අනිත් එක තමා අර මං කොටුවක් දාලා තියෙන තැනට මූ දාලා තියෙන්නේ නයාගේ ඩිෆෝල්ට් එන අකුර…

ඉතිං ඔන්න ඔහොම තමාලු බ්‍රේකින් නිවුස් ලියන්නේ හො‍ඳේ…. බොහෝම කෙටියෙන්… විස්තර සහිතව…

51 Responses to “ෆොටෝ ටික එවපං □කෝ….”

  1. තනිඅලියා Says:

    නයාගෙ ඩිෆෝල්ට්! ,, අලුත් නයා වර්ෂන් එකේ නං P 😀

  2. සරුංගලේ Says:

    කට්ටිය නිදිද තාම…
    මරු වඩේ නේද? මිනිස්සු අමරුවෙ දාන්නෙ නැතුව එව්වනම් ඉවරයිනෙ…..
    ——
    —-



    මේ….. මටත් එවන්න පුලුවද??????

  3. maathalan Says:

    අපෝ සුළු දෙයක්නේ.. අපේ එකෙකුට දවසක් බොසා උදේම් දීලා පොරි හැලෙන්න. මූ මල අතේ තියන් ඉන්න එකේ. ලනු කෝල් තුන හතරක් ඇවිල්ලා ඒවා කාලා ඒකටත් කින්ඩිය දාලා මලේ පෙතිත් කඩලලු හිටියේ ඒ පාර තව කෝල් එකක් ඇවිල්ලා මම මේ හෙඩ් ඔෆීස් එකෙන් ඒ ජී එම් කියල. මූ අම්මමෝ නැතුව දීලා පට්ට කුණුහබ්බෙන්. ඇත්තටම කෝල් කරලා තියෙන්නේ ඒ ජී එම් ම තමයි…

  4. සිරි කොලුවා Says:

    ඇරියා තාප්පෙටම කිව්වලු.. විලි ලැජ්ජාවෙ සන්තොසෙ බැරුවා පිශ් අයියගෙ මිත්‍රයට 😀 සම්පුර්න වගකිම භාර ගන්න ඔනෙ පිශ් අයියා .. ඇයි යකො කලින්දා කසාය නොබි ගෙදර ගියා නම් සිහිය අතුව පොටො ටික දා ගෙන එනවනේ… ශුවර් එකටම එර එදා කිව්වා වගෙ ගෙදර යන්න ඇත්තෙ බජට් ටැක්සි එකකින් තමා … :ඪ්

  5. praveena Says:

    //ගල්කිස්සේ ලොකූකූකූකූ හොටෙල් එකේ //

    මේකට නමක් නැද්ද?…:D

  6. Chanaka Says:

    අනේ ඔය ලස්සන අපි දැකලා නැතුවයැයි.. දාපිය ඒ ටිකත් එක්කම පොස්ට් එකකුත් තෝ අර දුඹුරැපාට ශාක සාර බීල ගෙදර ගිය හැට කියලා..

  7. Observer Says:

    ගණන් ගන්න එපා, කැලේ අලි මැරෙන්නෙ වලිගෙ පිටින්

  8. X-Porter Says:

    ගෝල් පිසය… ඔබ මහා ධාතු සුනකයෙකි. අහිංසක මිනිසුන් අමාරුවේ වැ‍ටුන පසු එය පබිලිස් කොර සිනාසෙනවා නේද..? ශුක්‍ර වැඩ නොකර සිටිනු මැනවි.

  9. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    මටත් කලිං වැඩ කරපු කොම්පැනියෙදි ඔය විදියෙ ලියුං බරගානක් වැදිල තියනව . . . මම නෙමේ සතේකට ගනන් ගත්තෙ. මොකද අපේ පුද්ගලික ලිපිගොනුදාල තිබුන කබඩ් එකේ පිටිපස්සෙ ලෑල්ලෙ ඉස්කුරුප්පු ඇන හතරම මම කලිං ගලවලා තිබුනෙ . . . පිටිපස්සෙ ලෑල්ල අයිං කලාම ලාච්චුවෙ කෙලවරම තියෙන්නෙ මගෙ ෆයිල් එක . . . මම අයිං වෙද්දි ෆයිල් එක “සුවිශුද්දයි”

  10. henryblogwalker Says:

    “ඕනැ @$$& කියපන් කුණුහරප කියන්නෙ නැතුව.” කියලා එකෙක් කිව්වනෙ.

  11. pissa palaamalla Says:

    ඔයින් ගියා මදැයි… ඒ උනාට උබ කරල තියෙන්නේ අර නරිය කරපු ජාතියෙ වැඩක් නේ බන්… අධෝ මුඛයේ ඇරිය මදිවට ශුක්‍රානු වේලෙන්නත් කලින් ඒක බ්ලොග් එකෙත් දාල…. ශික්…. හක් හක්

  12. ~ChAnDiKa~~ Says:

    ආහ්!! උඹ කියන්නෙ අර පණ නැති නයා ගැනනේද? 😀

  13. ගිනි කුරුල්ලා Says:

    හික් හික් හික්… මම උබට කිව්වා කැමරාව කෙල්ලන්ට මාන්නන්න ගිහින් තමා නහින්නේ කියලා….

  14. මධුරංග Says:

    ගල්කිස්සේ මහ හෝටලේ දෑ. අම්මෝ නයෙක් නයෙක් !!

  15. Weni Says:

    කටින් කියන කොට මක්කා කිව්වත් ලියන එව්ව නම් ලියන කොට හිතන්න වෙනවා දෙපාරක්ම නේද ?

  16. Gayan Rupasinghe (සිංහයා) Says:

    හපොයි දෙවියනේ,,,, පව් බන් .. බලපන්.. ඔය මගුල් ෆොටෝ ටික අගේ නොකර දුන්නනම් ඉවරනේ.. හිකිස්… උදේ සිට ඉන්ටනෙට් අවුල්ය… පරක්කු උනාට සමාව අයදිමි..

    ජය.

  17. Kasun Chanaka Says:

    දැන් අපිට ඕව බලන්න බැරිද? නෑ මම කිව්වේ මාළුවාගේ ෆොටෝ ගැනීමේ හැකියාව බලාගන්න.

  18. සපතේරු උන්නැහේ Says:

    ඌරගෙ මාලු ඌරගෙ ඇඟේ තියල කපනව වගේ අරූටම ලියුම ටයිප් කරගන්න වුණා නම් තමා වැඩේ…

  19. ඔබ නොදු‍ටු ලොවක් Says:

    එළ එළ මමත් පරන කොම්පැනියේ ඉන්නකොට පොඩි මේල් සර්වර් එකක් දැම්මා “ඇතුලේ මේල්” කියලා…. වැඩේ නැගලා ගියා..බැන්ඩ්විත් එකත් ඉතුරු උනා..හැබැයි ඔක්කොම අසබ්ය මේල් තමයි ඕකේ යවන්නේ…..

  20. අකීකරුහිත Says:

    සම්පුර්ණ වැරැද්ද ඔයාගෙනේ ඉතින්…

  21. කළු පූසා Says:

    ලොක්ක යාළුවොත් එක්ක ඉන්නකොට කතා කරන්නේ මේ මහත්මය එන්න , ඔයා එනවද වගේ හොඳ භාෂාවකින් වෙන්න ඇති නේද බං ?

    ඔන්න office එක ඇතුලේ කාටහරි බැන්නනම් , language එක භාවිතා කරපු හැටි වැරදියි කියන්න තිබුනා. මේ වගේ සුළු අත්වැරැද්දක් ගණන් ගන්න එක නම් වැරදියි.

  22. පන්සල් හංදිය Says:

    උඹ ඔය යූස් කරන චැට් වර්ෂන් එකක අයි ඩී එකක් අපිටත් එව්වනං බලන්න ……..


ගෝල්ඩ් fish වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: