ෆොටෝ ටික එවපං □කෝ….

අද නම් මං පෝස්ට් එකක් නොදා ඉන්න තමා හිතාගෙන හිටියේ. ඒත් ඉතිං බ්‍රේකින් නිවුස් කියන ජාතිය මේ ලෝකෙට බිහි කරපු එකා නිසා මේ පෝස්ට් එක දාන්නම වෙනවා. මේක බොහොම දුක්බර කතා පුවතක්… හැබැයි හිනා යන්නත් පුළුවන්…!

අපේ ඔෆිස් එකේ ඉන්නේ කම්මැලි නැති අය නිසා ඉන්ටර් කොම් එක රින්ග් වෙනකොට කැ‍රකෙන පුටුවෙන් තල්ලු වෙලා ගිහිං  ෆෝන් එක උස්සන එක හරි වදයක් විදියට තමා සලකන්නේ. ඉතිං මේක විසඳුමක් විදියට කම්පූටරෙන්ම ලෑන් එක හරහා මැසේජ් කරන්න පුළුවන් ‍ෆ්‍රී සොෆ්ට් වෙයාර් එකක් හැමෝගෙම පී.සී වලට දාලා දුන්නා අපේ ඔෆිස් එකේ තොරතුරු තාක්ෂන ඇමතිතුමා.

ඇත්තටම ඒක සෑහෙන්න ප්‍රයෝජනවත් දෙයක් වුනා අපි හැමෝටම. අපිට කාව හරි අවුස්සන්න ඕනේ වෙච්චි ගමන් පටාර් ගාලා මැසේජ් එකක් කෙටුවා යැවුවා. ආයේ ඉතිං වට පිටාවටම ඇහෙන්න කෑගහලා කුණුහබ්බ කියන්න ඕනේ කමකුත් නැති නිසා ඔය මැසෙන්ජර් එක නැති දවස් වල අහපු නැති එව්වත් අපිට කියවන්න, දැනගන්න හම්බුනා. පොඩි හිටි අයට වඩාත්ම සුදුසු එව්වා එහෙම ඉස්සර ඔෆිස් එක ඇතුලේ ට්‍රාන්සර් වුනේ බොහොම සීමිත වශයෙන් ෆ්ලෑෂ් ඩ්‍රයිව් වල වුනාට දැන් ඒ වගේ සීමා මායිම වැට කඩුලු නෑ. ඒත් අර මැසෙන්ජර් එකේ ‍ෆයිල් ට්‍රාන්ස්ෆරින් වලට  පිංසිද්ධ වෙන්න. කොටින්ම අර ක්වුඩ් කම්පියුටිං සංකල්පය ඉතාම හොදට අපේ ඔෆිස් එකේ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපේ කාගෙ හරි හාඩ් එකක ගිගා බයිට් 100කට වැඩි ඉඩක් තියෙන්ම් කාගේ හරි දත්ත සංචිතයක් විදියට ඒක යොදාගන්නවා. ඕනේ වෙලාවට මැප් කරගන්නවා, එපා වෙලාවට අයින් කරලා දානවා. මොකද හැමෝටම ඇක්සස් කරන්න කරන්න පුළුවන් ෆයිල් සර්වරේ දැම්මොත් ගෑණූ ළමයි වුනත් නරක් වෙන්න පුළුවන්නේ. ඔය මොනා වුනත් මේ හැම දෙයක්ම ඉතිං කෙරෙන්නේ හොර රහසේ. අපි ඉතිං අපේ තොරතුරු තාක්සන ඇමතිව රැකගන්නත් ඕනේනෙ අනිත් ලොක්කන්ගෙන්….

ඉතිං ඊයේ හවස තමා මේ දරුණු ඛේදවාචකය වුනේ. වෙලාව තත්පරේටම, පරන රේඩියෝ චැනල් වල කියන විදියට කියනවනම් පස්වරු දොලහ පසුවී පැය හතරයි, විනාඩි 14යි තත්පර – අනේ මන්දා, ගානකට….

මතකද මං අර වෙඩින් හතරක කතාවක් කිව්වා. ඉතිං මං තීරණය කාලේ දෙකකට යන්නනේ. ඒ තීරණයේ පරිදිම වෙඩින් දෙකකට ගියා. ගල්කිස්සේ ලොකූකූකූකූ හොටෙල් එකේ තිබ්බ වෙඩිමේදී මං අනිත් අයගේ පොටෝ වගයක් ගත්තා. මේකප් දාලා ෆවුන්ඩේෂන් ගහලා ගත්තම ඕනේ යකින්නකට මනුස්ස පාටක් දෙන්න පුළුවන් නිසා, අපේ කෙල්ලෝ ටික අඳුර ගන්න බැරි තරමටම ලස්සන වෙලා තමා හිටියේ. මට ඉතිං කොහොමත් ගෑණු ළමයින්ගේ ෆොටෝ අරං පුරුද්දක් නැති නිසා, පුරුදු වෙන්නත් එක්ක මාත් ට්‍රයිකරලා බැළුවා. කරුමෙටම ලස්සනයි කියලා හිතන්න පුළුවන් මෙව්වා ටිකක් මගේ කැම් එකේ තිවුනා. ඉතිං එදාම ඔය පින්තූර ටික අපේ කොලු පැටවු ටික දැක්ක නිසා ඊලඟට ඔෆිස් එන දාට ෆ්ලෑස් එකට අරගෙන වර කියලා මට හෙන තර්ජන.

මගෙත් වෙලාව හොඳ නැති කමට හෝ පහුවෙනිදාත් අර දුඹුරු පාට ශාක සාර ටිකක් කටේ වත් නොතිය උගුරට හලාගත්තා නිසාද කොහෙද ඔය සීන් එක සහමුලින්ම එන්ගේජ් වුනා. පස්සේ ඉතිං ඊයේ වැඩට ගිය වෙලේ ඉඳන් සෙටාර් එක මාව මරාගෙන කන්නම හදනවා… දීපිය කෙල්ලොන්ගේ ෆොටෝ ටික කියලා… කොල්ලෝ විතරක් නම් මදෑ… කෙල්ලොත් එහෙමමයි. ඔය ඔක්කොම තර්ජන අර මැසෙන්ජර් එකෙන්ම තමා. ඉතිං මං ඊයේ කැම් එක අරං ගිහිං තිවුනට කේබල් එක ගිනිහිං තිවුනේ නෑ. ඒක නිසා ඉතිං ෆොටෝ ටික ඩවුන් කරනවා කියන්නේ තනිකරම හීනයක්. ඒත් ඉතිං මෙමරි කාඩ් එක ගලෝලා අරගෙන ලැපකට ගැහුවනම් වැඩේ හරි තමා… ඒත් ඉතිං මං ඒ වැඩේට ටිකක් විතර අකැමැති නිසා, අපේ එච්.ආර් එකේ කොල්ලෝ ටික මට එවනවා පියන් කොල්ලෙක් අතේ මල්ටි කාඩ් රීඩර් එකක්…!

පස්සෙ ආයෙම තර්ජන… එකෙක් කියනවා, අඩෝ එවපං කිව්වේ ෆොටෝ ටික…

තව එකෙක්… මොනාද මචං, ගෙදර යන්න කලින් එපවංකෝ බං….

ඊලඟට පර්චසින් එකේ කෙල්ල… අනේ අපේ ෆොටෝ ටික එවන්නකෝ සුදු……

ඊට පස්සේ අකවුන්ට්ස් එකේ කෙල්ල…. මගේ හොඳ පැටියානේ…. මගේ ෆොටෝ එක විතරක් වත් එවන්න මට….

අම්මේ මුංගේ බටර්…. කොහොම හරි ඔය උඩ මැසේජ් හතර මට එහෙම්ම අකුරක්වත් අඩු නැතුව ආවා. ඊට පස්සේ ඔක්කොටම මං එක පාර රිප්ලයි කරා, උඹලා එවපු කාඩ් රීඩර් එක වැඩ කරන්නේ නෑ… ඒක නිසා ඩවුන් කරන්න විදියක් නෑ කියලා.

ඉතිං ආයෙම උඩ වගේම මෙතෙන දාන්න බැරි මට්ටමේ එව්ව එකක් හා තවත් බටර් ලොරි භාගයක විතර මැසේජ් දෙකකුත් ආවා. ඒත් එකක් නෑ… ඌ තමා මගේ රිප්ලයි එක මුලින්ම බැලුව එකා… ඒත් උ‍ගෙන් මං බලාපොරොත්තු වෙච්ච සිංහල ව්‍යාකරණ සහිත නව චවන මාලාව ආවේ නෑ…

පස්සේ මං ටිකකින් මැසේජ් එකක් යවන්න බලද්දී පොර ඕ‍ෆ් ලයින්. ඒ වෙලාවට ඉතිං පුටුවෙන් නොනැගිට, ෆෝන් එකට නොගොස් කතා කරන විදියක් තමා අපේ ඇමතිතුමා සෙට් කරලා දීලා නෑ… ඒක නිසා ඉතිං කෝල් එකක් දැම්මට… ම්හු… ආන්සර් කරන්නේ නෑ…

පස්සේ ඕනේ මගුලක් කියලා මොකද වුනේ බලන්න.

යන කොට අපේ හියුමන් රිසෝස් ඩිපාමන්ට් එකම ඇඬූ කඳුලින්…. මුනවල් ‍බෙරි වෙලා. හෙන දුකින්. ඉතිං ඇහුවා මොකද සීන් එක කියලා…

සීන් එක…. තෝ දැන් එනවද යකෝ සීන් එක අහන්න…?

ඇයි බං මොකද වුනේ…???

මොකද තමා… මං උඹට යවපු මැසේජ් එක වැරදිලා ගිහිං තියෙන්නේ එෆ්.සීට යකෝ…

ඒක ඉතිං එච්චර දෙයක් නෙමේනේ බං… ඕක මොකද්ද මැසේජ් එකක් වැරදුනාම ඔච්චර අඩන්න ඕනේයැ බං…. මාත් ඉතිං බබා වගේ උත්තර දුන්නා. මට නිකමට හිතිලා තිබුනේ මුගේ සිංහල ව්‍යාකරණ කට්ටලේ තමා මේ එෆ්.සීට ගිහිං තියෙන්නේ කියලා…

පස්සේ අයෙම…. ඉතිං උඹ මොනාද මට එව්වේ… ඔච්චර සීරියස් වෙන්න බං…?

ඒව්වේ….???? එව්වේ ෆොටෝ ටික එවපං □කෝ…. කියලා.

ඉතිං ඉතිං ඊට පස්සේ….. අරෑ අඩන ගමන් හිනා යනවා සීන් එකට. ඊට පස්සේ ගිහිං සමාව ගත්තා.

ඉතිං….!!!!

පොර කියනවා බං පොටෝ ටික ඉල්ලපු එක අවුලක් නෑ… ලැන්ග්වේජ්ද මොකද්ද එක හැන්ඩ්ල් කරපු විදිය වැරදි නිසා ලොක්කට මේල් එකක් දැම්මා… කියලා බං.

පස්සේ ඉතිං මටත් හෙන අප්සට්… මං නිසානේ ඔක්කොම කියලා. කොහොමහරි හතරා මාර යන්න හිටිය මමත් ගියේ හයට විතර. පවුනේ ඉතිං කොල්ලව සනසලා එහෙම යන්න ලෑස්ති වෙද්දී මූ කියනවා…

එෆ්.සී කිව්වා බං ලියුමක් ගහනවා කියලා මට ඩිසිප්ලීන් හොඳ නෑ කියලා….

ඉතිං…? මං ඇහුවා… ඒක ඉතිං ටිකක් බරපතල කාරනයක්නේ…

ඉතිං… මං බය නෑ බං…. කියලා මූ හිනා වෙනවා හෝගාල. ඒ පාර නම් මටත් අවුල්. මොකද මං අහලා තියෙනවා ජීවිතය ගැන අසුභවාදිව බලන… ඒ කියන්නේ මේ… මේ…. මොකක් හරි ලොකු කේස් එකක් නිසා ජීවිතයෙන් පැනලා යන්න ලෑස්ති වෙන අය අන්තිම මොහොතේ අපේ එකා හිනා වුනා වගේ හිනා වෙනවා කියලා….

පස්සේ ඉතිං මාත් ලඟටම ගිහිං,… මොකද බං හිනා වෙන්නේ…? කියලා හෙනම සිරියස් ඇහුවා…. මට හම්බුන උත්තරේ තමා….

ඇයි යකෝ… කාට ලියුම් ගැහුවත් ගහන්න් එච්.ආර් එකෙන්නේ… මං එපෑ බං මගේ ලියුමත් ටයිප් කරන්න….!!!!

මං හිතන්නේ වැඩේ දැන් ෂේප්… ඒත් කරුමෙටවත් ලියුමක් දැම්ම නම් එහෙම ඌට නෑ බෑ නොකිය ඌටම ටයිප් කරන්ගන්න වෙනවා…. අනිත් එක තමා අර මං කොටුවක් දාලා තියෙන තැනට මූ දාලා තියෙන්නේ නයාගේ ඩිෆෝල්ට් එන අකුර…

ඉතිං ඔන්න ඔහොම තමාලු බ්‍රේකින් නිවුස් ලියන්නේ හො‍ඳේ…. බොහෝම කෙටියෙන්… විස්තර සහිතව…

%d bloggers like this: