කාලෙකට පස්සේ මේ ලඟදී දවසක මං කුමාරයා ගියා මගේ රටක් වටින දේවියව බැහැදකින්න…! ඉතිං උදේ පාන්දරම යද්දී නඩුකාරි වැටක් බඳිනවා. ඒකට සපෝට් එක දීගෙන යශෝධරාවගේ පියතුමා ඉනි වගයක් කපනවා. ඒත් ඉතිං නාලා කරලා, විලවුන් නාගෙන ගිය මං කුමාරයට විදියක් තිබුනෙම නෑ එයාලට උදව් වෙන්න….!
පස්සේ ඉතිං කර කර හිටිය වැඩේ දාලා යශෝධරාවගේ මව්තුමී ආවා මාලිගයට. ඊට පස්සේ කව්දෝ මන්දා කෙල්ලෙක්ගේ රත්තරං පාට අත් දෙකක් ඇවිදින් මවුතුමීගේ ඉන වටේ පටලැවිලා උරේ උඩින් පසොලොස්වක සඳක් වගේ මූන තියාගත්තා. මං කුමාරයටත් ඉතිං වෙන මොනාද ඔය මූන දිහා බලාගෙන ඉන්න තියේනම්…!
ඉතිං අර මං කුමාරයට පෙන්නන්නේ නැතුව බලෙන්ම හංගගෙන ඉන්න දාංගලෙත් එක්ක ටික වෙලාවක් යශෝධරාව කතා කලා. ඉතිං ඒ ඇති මං හිතන්නේ දවස් තුන හතරකට හුස්ම අරං ජීවත් වෙන්න. ඊට පස්සේ තමා මේ අතීත කතාව මතක් වුනේ…
ඒ දවස් වල, යශෝධරා – ගෝල්ඩ් ෆිෂ් පෙම පටන් ගත්ත අළුත. හරිම නැවුම්. ඉතිං පුළුවන් හැම වෙලාවෙම දෙන්නට දෙන්නා තමන්ගේ ටැලන්ට්ස් පෙන්නනවා. ඉතිං දවසක් දා නිවාඩු දවසක… නඩු කාරි, යශෝධරාවයි මං කුමාරයවයි එක්කන් ගියා එයාට බාර දීලා තියෙන පාසල් පරිගණක විද්‍යාගරයට. ඒක ඉතිං අපි දෙන්නටම අමුතු තැනක් නෙවෙයි. මම ඒකේ තිබ්බ කොම්පියුටර් 17ටම වින්ඩෝස් දාලා තියෙනවා. ඊට පස්සේ යශෝධරාවගෙයි මගෙයි පීසී වලට නීඩ් ෆෝ ස්පීඩ් දාගෙන තියෙනවා. ඒ මදිවට මං පාවිච්චි කරන මැසිමට ජෙට් ඕඩියෝ, මියුසික් මැච් ජියුක් බොක්ස් එහෙමත් දාගෙන තිවුනා.
ඉතිං යශෝධරාව ගිය ගමන් එයාගේ සුපුරුදු එන්.එෆ්.එස් ගහන්න තියාගත්තා. කවදාවත් එයා මං නැතුව ඒ ගේම් එකේ පළවෙනියා වෙලා නෑ… අදටත් ඒක එහෙම්මයි…! මාත් ඉතිං ටිකක් ගනන් උස්සලා එහෙම මගේ පාඩුවේ හෙඩ් සෙට් එකත් දාගෙන කොලෝනියල් කසින්ස් ලෑ ඇල්බම් එක අහ අහ ඉන්න කොට… චූටි රෝස පාට ඇඟිල්ලක් මගේ උරේට වදිනවා වගේ ඇහැ කොනකින් දැක්කා. පස්සේ හැරිලා බලද්දී කුමාරිකාව මං කුමාරයා ලඟ හිටගෙන මොනාද මන්දා කියලා, බැරිම තැන තමා මට ඇඟිල්ලෙන් කතා කරලා තියෙන්නේ. පස්සේ ඉතිං හෙඩ් සෙට් එක එහෙම ගලවලා ඇහුවා…. ඇයි…? කියලා…
මටත් ඕනේ සිංදුවක් අහන්න…..
අනේ ඔයා අහන සිංදු…. මහ ලොකුවට මියුසික් ක්ලාස් ගියාට සිංදු කියන දන්නෙත් නැද්ද කොහෙද….
අනේ අම්මේ… මේ බලන්නකෝ…..
ඇ… දෙයියනේ … නඩුවක් නේද…. මං කුමාරයා කර ගත්ත විපත මහත…. ඔය එන්නේ නඩුකාරි පොතත් අරගෙන…
ඇයි පුතේ….?
මෙයා කියනවා මට සිංදු කියන්න බෑ කියලා…. හුම්….
අනේ තියෙන කොමලේ…. කියලා කියන්න ගියාට කිව්වේ නෑ.
ඉතිං පුතා අයියට ඇහෙන්න සිංදුවක් කියන්නකෝ…
ඊට පස්සේ හරී සතුටින් ඇස් දෙක ලොකු කරගෙන ගොඩක් ආසවෙන් මගේ ලඟින්ම තිබ්බ කැරකෙන පුටුවේ වාඩි වෙලා, හරියට ඉන්ටවීව් එකකට ගිහිං සිංදු කියනවා වගේ මගේ දිහාම බලාගෙන පුංචි කට පොඩ්ඩෙන්, කිව්වා සිංදුවක්… ඒ සිංදුව මට ඇහුනෙනම් නෑ එවෙලේ… මොකද මං කුමාරයා ඒ සිංදුව පටන් ගන්න කොටම ඒ මූනේ තිබ්බ ආලෝකයට වශිවෙලා, තාලෙට පැද්දෙන රන් පාට මූන දිහා ඇහි පිල්ලම් නොගහම බලාගෙන ඉන්න තරමට ධ්‍යාන ගත වෙලා හිටිය නිසා…. ඒත් මං සිංදු අහ අහ හිටිය හෙඩ් සෙට් එකේ මයික් එකෙන් ඇතුලට ගිය යශෝධරාවගේ කට හඬ ජෙට් ඕඩියෝ වලින් ප්‍රොසෙස් වෙලා ඕඩියෝ ෆයිල් එකක් හැදුවා…!
සිංදුව කියලා ඉවර වුනාට පස්සේ… හරි කියලා ඉවරයි….! කියලා මහා ලෝකයක් දිනාගත්තා වගේ ජයාග්‍රාහි බැල්මකින් මගේ මූන දිහා බලන් හිටිය හැටි….! ලස්සනයි සිංදුව කියලා කටක් ඇරලා කියාගන්න බැරි තරමට මං කුමාරයාගේ කට උඩඟු වෙලා හිටියට…. යශෝධරාව දන්නේ නෑනේ….. එයා කිවුව සිංදුව මැරෙනකම්ම අහන්න පුළුවන් වෙන්න මගේ ගාව රෙකෝඩ් වුනා කියලා… ඒ සිංදුවට මං කොයිතරම්ම ආසා කරනවද කියලා….! කොහොමහරි සිංදුවේ රෙකෝඩින් වොලියුම් මදි නිසා ඔඩ්යෝ එක එඩිට් කරද්දී අන්තිමටම කිව්ව “හරි කියලා ඉවරයි…” කිව්ව ටික මං කුමාරයා ඉවත් කලා. දැන් නම් ඒ ඔරිජිනල් රෙකෝඩින් එක හොයාගන්න නෑ….. ඒත් සිංදුව තියෙනවා. ඒ එක්කම අර මැකිලා ගිය කොටස හැම දාමත් හිතේ රැවුදෙනවා…. හරී… කියලා ඉවරයි…..! කියලා….. ඒ පොඩි වෙලාව කොහේ රෙකෝඩ් නොවුනත් මගේ ඇස් දෙක අස්සෙන් ගිහිං, කන් දෙකෙන් ශබ්දය උරාගෙන…. මගේ මතකයේ නම් රෙකෝඩ් වෙලා තියෙනවා අදටත්….!
ආයෙ මයේ ගාව සිංදු කියන එකක් නැති වුනාට, මේ ඇතිවෙයි තව කාලයක් හුස්ම ගන්න.
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 6:09 ට
පුද්ගලිකයි උනාට තියනවානම් අහන්නම වටිනවා කියලා හිතුනා මාලු නැද්ද හොයාගන්න අපිටත් අහන්න…
හුග දවසකින් මේ පලාතේ ආවේ මම හිතන්නේ.. මාලුත් එහෙමද මන්දා මම දැක්කෙත් නැ
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 7:01 ට
ඒ රෙකෝඩින් එක නැහැ බං…. මගේ පරන පීසී එකේ හාඩ් එකේ තිවුනා බලන්න ඕනේ.
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 6:09 ට
විලි ලැජ්ජාවේ සන්තොසේ බෑ…ඔය ඕඩියෝ කෑල්ල ජිවිත කාලේම හිතේ තිබේවා !!! 🙂
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 7:02 ට
අනිවාර්යයෙන්….!
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 6:10 ට
ශා අද මම එකනේ….. හිකිස්
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 7:02 ට
🙂
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 6:17 ට
අෆ්ෆා මාළුවාගේ ප්‍රේමය වැඩිවෙලා වලිප්පුව හැදිලා වගේ 😀 ,මගේ නිරීක්ෂණ වලින් ගත්ත නිගමන තමයි යශෝදරාව තාම පාසල් වයසේ කියන එක,මගේ නිගමනය හරිද බන්.මොනවා වුනත් සින්දුව එලටම කියනවා.මාළුවට සින්දුවක් අහගෙන හිටියකි.
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 7:02 ට
අම්මෝ නැහැ… දැන් ගෙදරට වෙලා ඉන්නේ…
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 6:22 ට
උඹ බෑ කිව්වට ඔය ලස්සනට සින්දු කියල තියෙන්නෙ බන්…
මට පෙන්නෙ උඹල දෙන්නට හඳුනානොගත් ලෙඩක් හැදිලද කොහෙද?…. සමහරක් විට පිටසක්වල කුමණ්ත්‍රණයක් වෙන්න බැරිනෑ….
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 7:03 ට
කුමන්ත්රන නම් නෑ දන්න තරමින්…. ඒත් බං මටත් හිතාගන්න බැරි ලෙඩේ මොකද්ද කියලා තමා.
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 6:46 ට
රෙකෝඩ් තැටිය පරිස්සං කරලා තියාගන්න…. බේබි කුමාරයන්ටත් අහන්ට…..
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 7:05 ට
නැතුව නැතුව…. මේං අම්මා කුමාරි පුංචි කාලේ සිංදු කියපු හැටි පෙන්නන්න එපැයි…!
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 7:09 ට
අද නම් යශෝදරා ස්ටෝරිය කොනක ඉදන් කියවන්න ඕනි….
ඈ බන් මාළුවෝ… යශෝදරා තාම පාසල් යනවද… ??
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 7:12 ට
නෑ… නෑ… දැන් පාසල් යන්නේ නෑ අයියේ…. ඔන්න ඔහේ ගෙදරට වෙලා කකා බිබී ඉන්නවා…. දැන් මහත් වෙලත් එක්ක….
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 8:15 ට
මට තෙරෙන්නෙ නෑ බන්… යශෝදරා වත අතීත ස්ටෝරියක්ද… තාම ගලා යනවද…. 19 ම කියවල ආවෙ….
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 8:30 ට
අවුරුදු 7කට තව දවස් ගානක් විතරක් ඉතුරු වෙලා තියෙන හයිබර්නේෂන් වෙච්ච ආදරයක්. සැරින් සැරේ ඔලුව උස්සලා ආයෙමත් යට යනවා… තාමත් ගලාගෙනත් යනවා.
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 8:45 ට
වර්තමානය ශෝචනීය උනත් අනාගතය ප්‍රීතිදායක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා කොල්ලෝ… ලස්සනයි බන් කතාව ලියපු විදිය… සිරා
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 9:37 ට
තෑන්ක්ස්
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 7:12 ට
කතා 19ටම නඩුකාරී මල ඇණයක් වෙලානෙ……. (අද උදේ පාන්දර 1කට මම බැලුව බ්ලොග් එක. එතකොට මේක තිබුනෙ නෑ…. කියටද post 1ක දැම්මෙ..?)
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 7:38 ට
නඩුකාරි ඇනයක් වුනාට, එයා තමා මේ කතාවේ ජීවය. එයා නැත්තං මේ කතාව මෙහෙම ලියවෙන්නේ නෑ….
පෝස්ට් එක දැම්මේ උදේ හයයි ගානකට විතර….
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 8:35 ට
දැං එතකොට මේ අතීතයනෙ මේ කතාවේ? මේකේ වර්තමානයත් අනාගතයත් කියපං…..
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 8:37 ට
වර්තමානයනම් බොහොම සෝචනීයයි… අනාගතය ලස්සන කරගන්න තමා දඟලන්නේ…
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 9:00 ට
උඹට හැමදාම සෙට් වෙන්නෙ නඩු අනේ මං දන්නේ නෑ ..
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 9:38 ට
නඩු නැතුව මේ කතාව මෙලෝ රහක් නැති වෙනවා බං. හරියට ගල් වල නොවැදී, වංගු වල නොනැවී ගලන ගඟක් වගේ…
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 9:01 ට
අප්පටසිරි යශෝධරාව දන්නවද උඹ මේක රෙකෝඩ් කරා කියලා?
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 9:40 ට
එදා නම් දන්නෙ නෑ… පස්සේ දවසක අහන්න දුන්නා…
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 9:21 ට
adeee… mma uda geya bola…. ewri qwama…. 😀 😀
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 9:40 ට
තාම ඒ උත්තරේ මං ඉල්ලුවෙත් නෑනේ බං….
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 9:30 ට
මචන් පේන විදිහට උබ වැඩේ අල්ලලා දාලා වගෙයි පෙන්නේ…. පිස්සු කෙලින්න එපා පුතා… උත්සාහ කරමු….
ජය….
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 9:41 ට
මම අල්ලලා දාන්න වැඩේ… නෑ මචං… අම්මෝ ඒ තරම් හොඳ කෙල්ලෙක් මට ආත්ම ගානකට හම්බුවෙන්නේ නෑ….
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 9:30 ට
අනේ හරි ලස්සන, ආදරේ හිතෙන ආදර කතාවක්නේ. ඊරිසියා හිතෙන තරමට ලස්සනම ලස්සනයි… 🙂
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 9:42 ට
තැන්ක්ස් අක්කේ…. ඒත් ඉරිසියා හිතන්න හොඳ නෑ… තවත් වයස පාට මතුවෙලා පෙනේවි…. 😀
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 9:35 ට
පරිස්සමෙන් තියා ගන්න…..වයසට ගියාම අහන්න පුළුවන්නෙ…
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 9:43 ට
සැදෑ සිරි විඳින ගමන් අහන්න පුළුවන්….!!!
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 9:48 ට
කටහඬ නම් ලස්සනයි………………
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 9:49 ට
එතකොට කතාව කැතද බොල…..??? 😦
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 1:07 ට
කතාව කැත නෙමෙයි, ඒත් ඔය කතාව යන විදිය නම් මට එච්චර අල්ලන්නේ නෑ මාළු අයියේ….. මම කියන දේ තේරෙනවද මන්ද?
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 2:07 ට
තේරෙන්න කියපං බං…. ඇත්තටම කියන දේ තේරුනා මදි තමා බං.
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 11:36 ට
එක්කෝ ඕන නෑ මාළු අයියේ. මම ඔය කතාව ගැන හැම දෙයක්ම දන්නේ නෑ නේ. ඒක නිසා මට හිතෙන විදිය වැරදි ඇති.
2011 නොවැම්බර් 1 දින පෙ.ව. 7:40 ට
සමහර විට වෙන්නත් ඇති….
2011 ඔක්තෝබර් 31 දින පෙ.ව. 11:15 ට
ඔය සොයාගන්නබැරි ලෙඩේ නම ලව්මාන්දම……බෙහෙත ඉතිං අවසාන නඩුව දාගෙන ජීවිතාන්තය තෙක් අතුලට යන එක.. ඊටපස්සෙ..ඉතිං “.. ඉවරා…යි…” ..අනේ ඉතිං ඊටපස්සෙ අපේ අහිංසක සක සක ගෝල් පිස්… ඔය ඉන්නෙ…. කුම්බලාමාළු කාපු බලලා වගේ….
ආ දැනුයි මතක් උනේ…. ඇයි බං උඹලෑ දෙකට පටාං ගන්නකොටම නීඩ් ෆෝ ස්පීඩ් දාගත්තෙ…. මට ඒපිලිබඳ පැහැදිලි සැකයක් තියේ.. ඇරත් දෙකටම…
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 12:04 ට
දෙකකට දා ගත්තට සෙල්ලං කරන්නේ එක පීසී එකේ… ඒ කතාව පස්සේ ලියනවා.
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 12:49 ට
මේ කට හඬ ඇහුනම මට මැවුනේ රෝස පාට චූටි ළමයෙක්. මේකා බාල අපචාරයක්නේ කරලා තියෙන්නේ… 😀
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 2:06 ට
මමත් ඒ දවස් වල බාලයිනේ… ඉතිං කොහොමද බාල අපචාරයක් වෙන්නේ… අනික ආදරේ කලා මිසක් කිසිම අපචාරයක් කලේ නැහැනේ… 🙂
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 12:54 ට
ඔහොම යමංකො . . . හැබැයි කසාද බැඳල මාස තුනෙං මේ පෝස්ට් එක ඩිලීට් කලොත් බලාගෙනයි . . .
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 2:06 ට
හික්…. අත්දැකීම් මැදින් ජීවිතය කියනවනේ… ඔය කියවන්නේ එහෙම නිසානේ….
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 1:41 ට
පික්ෂු හැදෙනවනෙ මල්ලී. උඹනං මැටි හරකෙක් බං මෙහෙව් එකක් අතරමඟ ලොප් කරගන්න.
බොහොම ලස්සනට ලියල තියනව සටහන. උඹට හිතෙන්නෙ නැද්ද නිකමටවත් ඔය කියාපු හයිබනේෂන් එක නොවුන නම් උඹට මෙච්චර ලස්සනට මේ සිද්ධිය දැනෙන එකක් නෑ කියල.
ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ ඔබ මා ළඟ ඉන්නා…
අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමු වුයේ
ඒ ඈත් බවිනි හද අඳුරේ
සෙනෙහසේ සොඳුරු බව පිරුණේ…….
මධු සඳ තරු අද හමු වීලා
සිටියද ඔබ මා ලං වීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා…
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 2:08 ට
අයියට දිවැස් නෑ කියලා මං හිතනවා… උඹ දන්නේ නැති වුනාට බන්ඩාර අතාවුදගේ ඔය සිංදු සෙට් එකට තමා අපි වැඩියෙන්ම ආසා කලේ…
2011 නොවැම්බර් 1 දින පෙ.ව. 1:08 ට
ඉඳකිං . . . මම හිතුවෙ නවම කවි ලියනව කියල . . . .
2011 නොවැම්බර් 1 දින පෙ.ව. 7:08 ට
නවම් අයියා දන්නවා ලෙසටම කවි ලියන්න….
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 2:06 ට
කොල්ලෝ ටොක්කක් එහෙම ඕනිද?.. 🙂
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 2:12 ට
හික්…. නෑ නෑ….ඉතිං විහිළුවක්නේ… අනික ඉතිං විහිළු උනත් ඇත්තනේ…. 😉
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 2:16 ට
ඔයා මාව දැකලා නෑනේ. දැක්කොත් ඉතින් ඔය වගේ කතා ජීවිතේට කියන එකක් නෑ.
(රහසින් දෙන්ටමයි හිතෙන්නේ ටොක්කක්. )… 🙂
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 2:19 ට
ඔව්නේ අක්කාව දැකලා නම් නෑ තමා… කමක් නෑ මං හිතාගන්නම් කෝ අක්කා හිම කුමාරි වගේ ලස්සන කෙනෙක් කියලා… නිකං මොකටෙයි ටොකු කන්නේ…. 🙂
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 2:37 ට
අප්පට තිලි මාලුවෝ
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 3:12 ට
ඇයි ශානු…?
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 2:50 ට
හික් මූට අද නඩු ගොඩයි…
බාල අපචාර කරාලු…
මැටි හරකෙක් ලු… අනේ මංද පව් අපේ තෝ කුමාරය… කමක් නෑ ඔහෙම කරගෙන පලයං..
පොඩි දෙයක් හන්න තියේ.. උබේ ඔය මලඉලව් ලව් එක ස්ටාර්ට් කොරපු පංතිය කියපං කෝ (අඩුම ගානෙ 2 වසරටවත් උඩ පංතියක වෙන්න කියල හිතෙනව… පැහැදිලි උත්තරයක් දීපං හරිය…)
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 3:13 ට
අපි දෙන්නම ඉක්කොලේ යන කාලෙ බං පටන් ගත්තේ… මං මොන්ටිසෝරියේ දෙවෙනි වසර… එයා පළවෙනි වසර… 🙂
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 3:56 ට
හික්… එල එල …..
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 3:10 ට
මං හිතුව මගුල කැඩුන වත්ද කියල
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 3:15 ට
අම්මෝ නෑ…..මේ මගුල කඩා ගත්තොත් මං විනාසයි.
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 4:17 ට
ෂා .. කටහඩ නන් පට්ටම ලස්සනයි …
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 4:26 ට
එල මචෝ….
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 4:53 ට
මාත් ඉස්කෝලෙ ස්ටාෆ් රූම් එකේ කොම්පියුටරේකින් සද්දෙ ලාවට දාගෙන ඔන්න රස වින්ද. යසෝදරාව මතක් කලයි කියන්න. නඩු කාරිට නම් නොකිව්වට කමක් නෑ.
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 5:15 ට
කවුරු මතක් කලා කියලද කියන්නේ අයියේ…? 😛
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 8:35 ට
ඒ රෙකෝඩින් එකත් තිබුනනම් කියලා වැඩක් නෑ අයියේ… කමක් නෑ ඉතින් ඒක ඔයාගේ හිතේ හැමදාම තියෙනවනේ..
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 8:48 ට
හ්ම්… ඔව් බං…. සමහරවිට රෙකෝඩින් එක කොහේහරි ඇති… හොයන්න වෙලාවක් නෑ බං…
2011 නොවැම්බර් 1 දින පෙ.ව. 9:17 ට
මාතෘකාව දකිද්දි මම හිතුවේ කතාව ඉවරයි කියලා…මේක තව ගොඩා…..ක් දුර යන්න ඕන කතාවක් ලස්සන කතාවක් වෙන්න ඕන
2011 නොවැම්බර් 1 දින පෙ.ව. 10:47 ට
හ්ම්… මේ කතාව ලස්සන වේවී කියලා තමා මාත් බලාගෙන ඉන්නේ….
2011 නොවැම්බර් 1 දින පෙ.ව. 9:19 ට
සින්දුවත් ඇහුවා. ඔන්න ඉතින් දැන් යසෝදරාවගේ කටහඬ ජන්ජාලෙත් දාගෙන ගොඩක් ලකුණු දාගෙන ඇති.. මහ බිසොව උනත් වැඩියෙන් සලකාවි !
2011 නොවැම්බර් 1 දින පෙ.ව. 10:48 ට
නෑ අයියේ ඒක නම් වෙන්නේ නෑ…. දැනගත්තොත් දැනට හම්බුවෙලා තියෙන සංචාරක වීසා එකත් නැත්තටම නැති වෙනවා…
2011 නොවැම්බර් 1 දින පෙ.ව. 9:32 ට
කතාවත් එල…සින්දුවත් එල….කොහොමද ඔය ඉක්මනට ඕක රෙකෝඩ් කර ගත්තෙ…?
2011 නොවැම්බර් 1 දින පෙ.ව. 10:49 ට
ජෙට් ඕඩියෝ පිහිට තමා… සිංදුවේ මුල්ම හරියේ ටිකක් අඩුයි…
2011 නොවැම්බර් 1 දින පෙ.ව. 10:02 ට
පිශ් අයියෙ මට කියන්නෙ මොකක්ද කියලා හිතා ගන්න බැ අයියණ්ඩියේ …. 🙂 අපෙ ජිවිතවල මෙ වගෙ සිදුවිම් ඇත්තටම අපෙ ජිවිත කලෙ පුරාවටම අමරණීයයි අයියා. එවා ආත්ම ගනනක් මතක තියන අතීශය සුන්දර මතකයන් . මෙ රෙකොඩින් එකෙ වටිනාකම වැඩි වෙන්නෙ තව කල් යන්න යන්න . පිශ් අයියගෙ ආදර කතාව එක අතකින් සිරි මල්ලිට වෙනස්ම විදියෙ ආදර්ශයක් සපයනවා ( හම්බුන වෙලාවක කියන්නම්කො අයිය ඇයි එ කියලා 🙂 )
සිරි මල්ලිගෙ පැතුම යශොධරා වත ඉදිරියෙදිත් මේ වගෙම අමතක නොවන අතීශය සුන්දර මතකයන්ගෙන් තව තවත් පිරි ඉතිරෙවා කියලයි ……… 🙂
2011 නොවැම්බර් 1 දින පෙ.ව. 10:50 ට
බලමු බං… මොනා වෙයිද කියලා දන්නේ කාලය තමා…
2011 නොවැම්බර් 1 දින ප.ව. 9:03 ට
අඩේ අයියා මම් කවදාවත්ම නෙට් එකේ ඕඩියෝ බලන්නේ නැති එකා අයියෑ යශෝදරා අක්කගේ වොයිස් කට් එක නම් ඇහුවා. මරු අයියා. “අම්මාවරුනි ” සිංදුව ලස්සනට කියනවා.
ඉක්මනටම ඔය කටහඩ හමදාම අහන්න ලැබෙන්න කියලා පතන්නම්. උබලා දෙන්නට දලදා සමිදු පිහිටයි !!!
2011 නොවැම්බර් 2 දින පෙ.ව. 7:15 ට
තෑන්ක්ස් මල්ලී….
2011 නොවැම්බර් 2 දින ප.ව. 7:59 ට
තෑන්ක්ස් කියලා හරියන්නේ නෑ. අපටත් වෙඩිමට ආරාදනා ඕනේ. 🙂
2011 නොවැම්බර් 3 දින පෙ.ව. 9:43 ට
නැතුව ඉතිං…. උඹනේ දෙවෙනි මනමාලයා….
2011 නොවැම්බර් 2 දින පෙ.ව. 10:06 ට
එල මචන් යසෝධරා උබේ සංසාරයටම හෑබෑම යශෝධරාවක් වේවා !!!
2011 නොවැම්බර් 2 දින ප.ව. 1:26 ට
තෑන්ක්ස් මචං…. !!!
2011 නොවැම්බර් 2 දින ප.ව. 3:15 ට
පට්ට වොයිස් එකක්නේ තියෙන්නේ……… 😀 😀
කාලෙකට පස්සෙ ඔය සින්දුව අදයි ඇහුවේ..
2011 නොවැම්බර් 2 දින ප.ව. 3:40 ට
එල එල 🙂
2011 නොවැම්බර් 4 දින පෙ.ව. 7:12 ට
මේක එයා O/L කරපු කාලේ record කරපු එකක් නේද ?
2011 නොවැම්බර් 4 දින පෙ.ව. 7:29 ට
නැහැ මචං ඊටත් කලින් එකක්… ඇයි උඹ එහෙම ඇහුවේ…?
2011 නොවැම්බර් 6 දින ප.ව. 7:56 ට
කටහඬ ටිකක් O/L කරන ළමයෙක්ගේ වගේ 🙂
2011 නොවැම්බර් 6 දින ප.ව. 8:22 ට
ඊට කලින් එකක් බං…
2011 නොවැම්බර් 8 දින ප.ව. 4:09 ට
මතෘකාව දැක්කම ටිං වෙලා ගියා… ඇයි යකෝ ඔහොම එකක් දැම්මෙ..
මිනිස්සු බය කරනවනෙ…
මොනව වුනත් කටහඬ නම් ලස්සනයි…
අනාගතය සුභ වෙන්න පතනවා උබල දෙන්නගෙ…
2011 නොවැම්බර් 8 දින ප.ව. 8:15 ට
තෑන්ක්ස් මචෝ….