හරි කියලා ඉවරයි….! මගේ යශෝධරාවත 19

කාලෙකට පස්සේ මේ ලඟදී දවසක මං කුමාරයා ගියා මගේ රටක් වටින දේවියව බැහැදකින්න…! ඉතිං උදේ පාන්දරම යද්දී නඩුකාරි වැටක් බඳිනවා. ඒකට සපෝට් එක දීගෙන යශෝධරාවගේ පියතුමා ඉනි වගයක් කපනවා. ඒත් ඉතිං නාලා කරලා, විලවුන් නාගෙන ගිය මං කුමාරයට විදියක් තිබුනෙම නෑ එයාලට උදව් වෙන්න….!

පස්සේ ඉතිං කර කර හිටිය වැඩේ දාලා යශෝධරාවගේ මව්තුමී ආවා මාලිගයට. ඊට පස්සේ කව්දෝ මන්දා කෙල්ලෙක්ගේ රත්තරං පාට අත් දෙකක් ඇවිදින් මවුතුමීගේ ඉන වටේ පටලැවිලා උරේ උඩින් පසොලොස්වක සඳක් වගේ මූන තියාගත්තා. මං කුමාරයටත් ඉතිං වෙන මොනාද ඔය මූන දිහා බලාගෙන ඉන්න තියේනම්…!

ඉතිං අර මං කුමාරයට පෙන්නන්නේ නැතුව බලෙන්ම හංගගෙන ඉන්න දාංගලෙත් එක්ක ටික වෙලාවක් යශෝධරාව කතා කලා. ඉතිං ඒ ඇති මං හිතන්නේ දවස් තුන හතරකට හුස්ම අරං ජීවත් වෙන්න. ඊට පස්සේ තමා මේ අතීත කතාව මතක් වුනේ…

ඒ දවස් වල, යශෝධරා – ගෝල්ඩ් ෆිෂ් පෙම පටන් ගත්ත අළුත. හරිම නැවුම්. ඉතිං පුළුවන් හැම වෙලාවෙම දෙන්නට දෙන්නා තමන්ගේ ටැලන්ට්ස් පෙන්නනවා. ඉතිං දවසක් දා නිවාඩු දවසක… නඩු කාරි, යශෝධරාවයි මං කුමාරයවයි එක්කන් ගියා එයාට බාර දීලා තියෙන පාසල් පරිගණක විද්‍යාගරයට. ඒක ඉතිං අපි දෙන්නටම අමුතු තැනක් නෙවෙයි. මම ඒකේ තිබ්බ කොම්පියුටර් 17ටම වින්ඩෝස් දාලා තියෙනවා. ඊට පස්සේ යශෝධරාවගෙයි මගෙයි පීසී වලට නීඩ් ෆෝ ස්පීඩ් දාගෙන තියෙනවා. ඒ මදිවට මං පාවිච්චි කරන මැසිමට ජෙට් ඕඩියෝ, මියුසික් මැච් ජියුක් බොක්ස් එහෙමත් දාගෙන තිවුනා.

ඉතිං යශෝධරාව ගිය ගමන් එයාගේ සුපුරුදු එන්.එෆ්.එස් ගහන්න තියාගත්තා. කවදාවත් එයා මං නැතුව ඒ ගේම් එකේ පළවෙනියා වෙලා නෑ… අදටත් ඒක එහෙම්මයි…! මාත් ඉතිං ටිකක් ගනන් උස්සලා එහෙම මගේ පාඩුවේ හෙඩ් සෙට් එකත් දාගෙන කොලෝනියල් කසින්ස් ලෑ ඇල්බම් එක අහ අහ ඉන්න කොට… චූටි රෝස පාට ඇඟිල්ලක් මගේ උරේට වදිනවා වගේ ඇහැ කොනකින් දැක්කා. පස්සේ හැරිලා බලද්දී කුමාරිකාව මං කුමාරයා ලඟ හිටගෙන මොනාද මන්දා කියලා, බැරිම තැන තමා මට ඇඟිල්ලෙන් කතා කරලා තියෙන්නේ. පස්සේ ඉතිං හෙඩ් සෙට් එක එහෙම ගලවලා ඇහුවා…. ඇයි…? කියලා…

මටත් ඕනේ සිංදුවක් අහන්න…..

අනේ ඔයා අහන සිංදු…. මහ ලොකුවට මියුසික් ක්ලාස් ගියාට සිංදු කියන දන්නෙත් නැද්ද කොහෙද….

අනේ අම්මේ… මේ බලන්නකෝ…..

ඇ… දෙයියනේ … නඩුවක් නේද…. මං කුමාරයා කර ගත්ත විපත මහත…. ඔය එන්නේ නඩුකාරි පොතත් අරගෙන…

ඇයි පුතේ….?

මෙයා කියනවා මට සිංදු කියන්න බෑ කියලා…. හුම්….

අනේ තියෙන කොමලේ…. කියලා කියන්න ගියාට කිව්වේ නෑ.

ඉතිං පුතා අයියට ඇහෙන්න සිංදුවක් කියන්නකෝ…

ඊට පස්සේ හරී සතුටින් ඇස් දෙක ලොකු කරගෙන ගොඩක් ආසවෙන් මගේ ලඟින්ම තිබ්බ කැරකෙන පුටුවේ වාඩි වෙලා, හරියට ඉන්ටවීව් එකකට ගිහිං සිංදු කියනවා වගේ මගේ දිහාම බලාගෙන පුංචි කට පොඩ්ඩෙන්, කිව්වා සිංදුවක්… ඒ සිංදුව මට ඇහුනෙනම් නෑ එවෙලේ… මොකද මං කුමාරයා ඒ සිංදුව පටන් ගන්න කොටම ඒ මූනේ තිබ්බ ආලෝකයට වශිවෙලා, තාලෙට පැද්දෙන රන් පාට මූන දිහා ඇහි පිල්ලම් නොගහම බලාගෙන ඉන්න තරමට ධ්‍යාන ගත වෙලා හිටිය නිසා…. ඒත් මං සිංදු අහ අහ හිටිය හෙඩ් සෙට් එකේ මයික් එකෙන් ඇතුලට ගිය යශෝධරාවගේ කට හඬ ජෙට් ඕඩියෝ වලින් ප්‍රොසෙස් වෙලා ඕඩියෝ ෆයිල් එකක් හැදුවා…!

සිංදුව කියලා ඉවර වුනාට පස්සේ… හරි කියලා ඉවරයි….! කියලා මහා ලෝකයක් දිනාගත්තා වගේ ජයාග්‍රාහි බැල්මකින් මගේ මූන දිහා බලන් හිටිය හැටි….! ලස්සනයි සිංදුව කියලා කටක් ඇරලා කියාගන්න බැරි තරමට මං කුමාරයාගේ කට උඩඟු වෙලා හිටියට…. යශෝධරාව දන්නේ නෑනේ….. එයා කිවුව සිංදුව මැරෙනකම්ම අහන්න පුළුවන් වෙන්න මගේ ගාව රෙකෝඩ් වුනා කියලා… ඒ සිංදුවට මං කොයිතරම්ම ආසා කරනවද කියලා….! කොහොමහරි සිංදුවේ රෙකෝඩින් වොලියුම් මදි නිසා ඔඩ්යෝ එක එඩිට් කරද්දී අන්තිමටම කිව්ව “හරි කියලා ඉවරයි…” කිව්ව ටික මං කුමාරයා ඉවත් කලා. දැන් නම් ඒ ඔරිජිනල් රෙකෝඩින් එක හොයාගන්න නෑ….. ඒත් සිංදුව තියෙනවා. ඒ එක්කම අර මැකිලා ගිය කොටස හැම දාමත් හිතේ රැවුදෙනවා…. හරී… කියලා ඉවරයි…..! කියලා….. ඒ පොඩි වෙලාව කොහේ රෙකෝඩ් නොවුනත් මගේ ඇස් දෙක අස්සෙන් ගිහිං, කන් දෙකෙන් ශබ්දය උරාගෙන…. මගේ මතකයේ නම් රෙකෝඩ් වෙලා තියෙනවා අදටත්….!

ආයෙ මයේ ගාව සිංදු කියන එකක් නැති වුනාට, මේ ඇතිවෙයි තව කාලයක් හුස්ම ගන්න.

Advertisements

89 Responses to “හරි කියලා ඉවරයි….! මගේ යශෝධරාවත 19”

  1. දේවා ගේ අඩවිය Says:

    පුද්ගලිකයි උනාට තියනවානම් අහන්නම වටිනවා කියලා හිතුනා මාලු නැද්ද හොයාගන්න අපිටත් අහන්න…

    හුග දවසකින් මේ පලාතේ ආවේ මම හිතන්නේ.. මාලුත් එහෙමද මන්දා මම දැක්කෙත් නැ

    • ගෝල්ඩ් fish Says:

      ඒ රෙකෝඩින් එක නැහැ බං…. මගේ පරන පීසී එකේ හාඩ් එකේ තිවුනා බලන්න ඕනේ.

  2. ChammA Says:

    විලි ලැජ්ජාවේ සන්තොසේ බෑ…ඔය ඕඩියෝ කෑල්ල ජිවිත කාලේම හිතේ තිබේවා !!! 🙂

  3. දේවා ගේ අඩවිය Says:

    ශා අද මම එකනේ….. හිකිස්

  4. නලින්-සමනලුන්ට වෙඩිතියන්න Says:

    අෆ්ෆා මාළුවාගේ ප්‍රේමය වැඩිවෙලා වලිප්පුව හැදිලා වගේ 😀 ,මගේ නිරීක්ෂණ වලින් ගත්ත නිගමන තමයි යශෝදරාව තාම පාසල් වයසේ කියන එක,මගේ නිගමනය හරිද බන්.මොනවා වුනත් සින්දුව එලටම කියනවා.මාළුවට සින්දුවක් අහගෙන හිටියකි.

  5. සාතන් Says:

    උඹ බෑ කිව්වට ඔය ලස්සනට සින්දු කියල තියෙන්නෙ බන්…

    මට පෙන්නෙ උඹල දෙන්නට හඳුනානොගත් ‍ලෙඩක් හැදිලද කොහෙද?…. සමහරක් විට පිටසක්වල කුමණ්ත්‍රණයක් වෙන්න බැරිනෑ….

    • ගෝල්ඩ් fish Says:

      කුමන්ත්‍රන නම් නෑ දන්න තරමින්…. ඒත් බං මටත් හිතාගන්න බැරි ලෙඩේ මොකද්ද කියලා තමා.

  6. ඔබ නොදු‍ටු ලොවක් Says:

    රෙකෝඩ් තැටිය පරිස්සං කරලා තියාගන්න…. බේබි කුමාරයන්ටත් අහන්ට…..

    • ගෝල්ඩ් fish Says:

      නැතුව නැතුව…. මේං අම්මා කුමාරි පුංචි කාලේ සිංදු කියපු හැටි පෙන්නන්න එපැයි…!

  7. pissa palaamalla Says:

    අද නම් යශෝදරා ස්ටෝරිය කොනක ඉදන් කියවන්න ඕනි….

    ඈ බන් මාළුවෝ… යශෝදරා තාම පාසල් යනවද… ??

    • ගෝල්ඩ් fish Says:

      නෑ… නෑ… දැන් පාසල් යන්නේ නෑ අයියේ…. ඔන්න ඔහේ ගෙදරට වෙලා කකා බිබී ඉන්නවා…. දැන් මහත් වෙලත් එක්ක….

      • pissa palaamalla Says:

        මට තෙරෙන්නෙ නෑ බන්… යශෝදරා වත අතීත ස්ටෝරියක්ද… තාම ගලා යනවද…. 19 ම කියවල ආවෙ….

      • ගෝල්ඩ් fish Says:

        අවුරුදු 7කට තව දවස් ගානක් විතරක් ඉතුරු වෙලා තියෙන හයිබර්නේෂන් වෙච්ච ආදරයක්. සැරින් සැරේ ඔලුව උස්සලා ආයෙමත් යට යනවා… තාමත් ගලාගෙනත් යනවා.

      • pissa palaamalla Says:

        වර්තමානය ශෝචනීය උනත් අනාගතය ප්‍රීතිදායක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා කොල්ලෝ… ලස්සනයි බන් කතාව ලියපු විදිය… සිරා

      • ගෝල්ඩ් fish Says:

        තෑන්ක්ස්

  8. යැන්කි Says:

    කතා 19ටම නඩුකාරී මල ඇණයක් වෙලානෙ……. (අද උදේ පාන්දර 1කට මම බැලුව බ්ලොග් එක. එතකොට මේක තිබුනෙ නෑ…. කියටද post 1ක දැම්මෙ..?)

    • ගෝල්ඩ් fish Says:

      නඩුකාරි ඇනයක් වුනාට, එයා තමා මේ කතාවේ ජීවය. එයා නැත්තං මේ කතාව මෙහෙම ලියවෙන්නේ නෑ….

      පෝස්ට් එක දැම්මේ උදේ හයයි ගානකට විතර….

  9. ~ChAnDiKa~~ Says:

    දැං එතකොට මේ අතීතයනෙ මේ කතාවේ? මේකේ වර්තමානයත් අනාගතයත් කියපං…..

    • ගෝල්ඩ් fish Says:

      වර්තමානයනම් බොහොම සෝචනීයයි… අනාගතය ලස්සන කරගන්න තමා දඟලන්නේ…

  10. Chanaka Says:

    උඹට හැමදාම සෙට් වෙන්නෙ නඩු අනේ මං දන්නේ නෑ ..

    • ගෝල්ඩ් fish Says:

      නඩු නැතුව මේ කතාව මෙලෝ රහක් නැති වෙනවා බං. හරියට ගල් වල නොවැදී, වංගු වල නොනැවී ගලන ගඟක් වගේ…

  11. පූසා Says:

    අප්පටසිරි යශෝධරාව දන්නවද උඹ මේක රෙකෝඩ් කරා කියලා?

  12. මාඩා Says:

    adeee… mma uda geya bola…. ewri qwama…. 😀 😀

  13. Gayan Rupasinghe (සිංහයා) Says:

    මචන් පේන විදිහට උබ වැඩේ අල්ලලා දාලා වගෙයි පෙන්නේ…. පිස්සු කෙලින්න එපා පුතා… උත්සාහ කරමු….

    ජය….

    • ගෝල්ඩ් fish Says:

      මම අල්ලලා දාන්න වැඩේ… නෑ මචං… අම්මෝ ඒ තරම් හොඳ කෙල්ලෙක් මට ආත්ම ගානකට හම්බුවෙන්නේ නෑ….

  14. praveena Says:

    අනේ හරි ලස්සන, ආදරේ හිතෙන ආදර කතාවක්නේ. ඊරිසියා හිතෙන තරමට ලස්සනම ලස්සනයි… 🙂

    • ගෝල්ඩ් fish Says:

      තැන්ක්ස් අක්කේ…. ඒත් ඉරිසියා හිතන්න හොඳ නෑ… තවත් වයස පාට මතුවෙලා පෙනේවි…. 😀

  15. Dil Says:

    පරිස්සමෙන් තියා ගන්න…..වයසට ගියාම අහන්න පුළුවන්නෙ…

  16. Kasun Chanaka Says:

    කටහඬ නම් ලස්සනයි………………

    • ගෝල්ඩ් fish Says:

      එතකොට කතාව කැතද බොල…..??? 😦

      • Kasun Chanaka Says:

        කතාව කැත නෙමෙයි, ඒත් ඔය කතාව යන විදිය නම් මට එච්චර අල්ලන්නේ නෑ මාළු අයියේ….. මම කියන දේ තේරෙනවද මන්ද?

      • ගෝල්ඩ් fish Says:

        තේරෙන්න කියපං බං…. ඇත්තටම කියන දේ තේරුනා මදි තමා බං.

      • Kasun Chanaka Says:

        එක්කෝ ඕන නෑ මාළු අයියේ. මම ඔය කතාව ගැන හැම දෙයක්ම දන්නේ නෑ නේ. ඒක නිසා මට හිතෙන විදිය වැරදි ඇති.

      • ගෝල්ඩ් fish Says:

        සමහර විට වෙන්නත් ඇති….

  17. X-Porter Says:

    ඔය සොයාගන්නබැරි ලෙඩේ නම ලව්මාන්දම……බෙහෙත ඉතිං අවසාන නඩුව දාගෙන ජීවිතාන්තය තෙක් අතුලට යන එක.. ඊටපස්සෙ..ඉතිං “.. ඉවරා…යි…” ..අනේ ඉතිං ඊටපස්සෙ අපේ අහිංසක සක සක ගෝල් පිස්… ඔය ඉන්නෙ…. කුම්බලාමාළු කාපු බලලා වගේ….

    ආ දැනුයි මතක් උනේ…. ඇයි බං උඹලෑ දෙකට පටාං ගන්නකොටම නීඩ් ෆෝ ස්පීඩ් දාගත්තෙ…. මට ඒපිලිබඳ පැහැදිලි සැකයක් තියේ.. ඇරත් දෙකටම…

    • ගෝල්ඩ් fish Says:

      දෙකකට දා ගත්තට සෙල්ලං කරන්නේ එක පීසී එකේ… ඒ කතාව පස්සේ ලියනවා.

  18. මන්තරකාරි Says:

    මේ කට හඬ ඇහුනම මට මැවුනේ රෝස පාට චූටි ළමයෙක්. මේකා බාල අපචාරයක්නේ කරලා තියෙන්නේ… 😀

    • ගෝල්ඩ් fish Says:

      මමත් ඒ දවස් වල බාලයිනේ… ඉතිං කොහොමද බාල අපචාරයක් වෙන්නේ… අනික ආදරේ කලා මිසක් කිසිම අපචාරයක් කලේ නැහැනේ… 🙂

  19. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    ඔහොම යමංකො . . . හැබැයි කසාද බැඳල මාස තුනෙං මේ පෝස්ට් එක ඩිලීට් කලොත් බලාගෙනයි . . .

    • ගෝල්ඩ් fish Says:

      හික්…. අත්දැකීම් මැදින් ජීවිතය කියනවනේ… ඔය කියවන්නේ එහෙම නිසානේ….

  20. නවම් Says:

    පික්ෂු හැදෙනවනෙ මල්ලී. උඹනං මැටි හරකෙක් බං මෙහෙව් එකක් අතරමඟ ලොප් කරගන්න.

    බොහොම ලස්සනට ලියල තියනව සටහන. උඹට හිතෙන්නෙ නැද්ද නිකමටවත් ඔය කියාපු හයිබනේෂන් එක නොවුන නම් උඹට මෙච්චර ලස්සනට මේ සිද්ධිය දැනෙන එකක් නෑ කියල.

    ඔබ ඈත සඳ වී පායා
    මම මෑත තරුවක පිපිලා
    මේ නිසල රැයේ ලොව නිදනා
    මා ඔබ ඔබ මා ළඟ ඉන්නා…

    අප දුරින් දුරක වුව තනියේ
    නෙත් සරින් පමණි හමු වුයේ
    ඒ ඈත් බවිනි හද අඳුරේ
    සෙනෙහසේ සොඳුරු බව පිරුණේ…….

    මධු සඳ තරු අද හමු වීලා
    සිටියද ඔබ මා ලං වීලා
    ඒ දුරක එදා අප පිපිලා
    තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා…

    • ගෝල්ඩ් fish Says:

      අයියට දිවැස් නෑ කියලා මං හිතනවා… උඹ දන්නේ නැති වුනාට බන්ඩාර අතාවුදගේ ඔය සිංදු සෙට් එකට තමා අපි වැඩියෙන්ම ආසා කලේ…

      • ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

        ඉඳකිං . . . මම හිතුවෙ නවම කවි ලියනව කියල . . . .

      • ගෝල්ඩ් fish Says:

        නවම් අයියා දන්නවා ලෙසටම කවි ලියන්න….

  21. praveena Says:

    කොල්ලෝ ටොක්කක් එහෙම ඕනිද?.. 🙂

    • ගෝල්ඩ් fish Says:

      හික්…. නෑ නෑ….ඉතිං විහිළුවක්නේ… අනික ඉතිං විහිළු උනත් ඇත්තනේ…. 😉

  22. praveena Says:

    ඔයා මාව දැකලා නෑනේ. දැක්කොත් ඉතින් ඔය වගේ කතා ජීවිතේට කියන එකක් නෑ.

    (රහසින් දෙන්ටමයි හිතෙන්නේ ටොක්කක්. )… 🙂

    • ගෝල්ඩ් fish Says:

      ඔව්නේ අක්කාව දැකලා නම් නෑ තමා… කමක් නෑ මං හිතාගන්නම් කෝ අක්කා හිම කුමාරි වගේ ලස්සන කෙනෙක් කියලා… නිකං මොකටෙයි ටොකු කන්නේ…. 🙂

  23. ශානු Says:

    අප්පට තිලි මාලුවෝ

  24. කෙෂාන් විදුරංග (විද්දා) Says:

    හික් මූට අද නඩු ගොඩයි…
    බාල අපචාර කරාලු…
    මැටි හරකෙක් ලු… අනේ මංද පව් අපේ තෝ කුමාරය… කමක් නෑ ඔහෙම කරගෙන පලයං..
    පොඩි දෙයක් හන්න තියේ.. උබේ ඔය මලඉලව් ලව් එක ස්ටාර්ට් කොරපු පංතිය කියපං කෝ (අඩුම ගානෙ 2 වසරටවත් උඩ පංතියක වෙන්න කියල හිතෙනව… පැහැදිලි උත්තරයක් දීපං හරිය…)

    • ගෝල්ඩ් fish Says:

      අපි දෙන්නම ඉක්කොලේ යන කාලෙ බං පටන් ගත්තේ… මං මොන්ටිසෝරියේ දෙවෙනි වසර… එයා පළවෙනි වසර… 🙂

      • කෙෂාන් විදුරංග (විද්දා) Says:

        හික්… එල එල …..

  25. Observer Says:

    මං හිතුව මගුල කැඩුන වත්ද කියල

  26. danulatb Says:

    ෂා .. කටහඩ නන් පට්ටම ලස්සනයි …

  27. henryblogwalker Says:

    මාත් ඉස්කෝලෙ ස්ටාෆ් රූම් එකේ කොම්පියුටරේකින් සද්දෙ ලාවට දාගෙන ඔන්න රස වින්ද. යසෝදරාව මතක් කලයි කියන්න. නඩු කාරිට නම් නොකිව්වට කමක් නෑ.

  28. dinesh umagiliya Says:

    ඒ රෙකෝඩින් එකත් තිබුනනම් කියලා වැඩක් නෑ අයියේ… කමක් නෑ ඉතින් ඒක ඔයාගේ හිතේ හැමදාම තියෙනවනේ..

    • ගෝල්ඩ් fish Says:

      හ්ම්… ඔව් බං…. සමහරවිට රෙකෝඩින් එක කොහේහරි ඇති… හොයන්න වෙලාවක් නෑ බං…

  29. අකීකරුහිත Says:

    මාතෘකාව දකිද්දි මම හිතුවේ කතාව ඉවරයි කියලා…මේක තව ගොඩා…..ක් දුර යන්න ඕන කතාවක් ලස්සන කතාවක් වෙන්න ඕන

    • ගෝල්ඩ් fish Says:

      හ්ම්… මේ කතාව ලස්සන වේවී කියලා තමා මාත් බලාගෙන ඉන්නේ….

  30. sarath Lankapriya Says:

    සින්දුවත් ඇහුවා. ඔන්න ඉතින් දැන් යසෝදරාවගේ කටහඬ ජන්ජාලෙත් දාගෙන ගොඩක් ලකුණු දාගෙන ඇති.. මහ බිසොව උනත් වැඩියෙන් සලකාවි !

    • ගෝල්ඩ් fish Says:

      නෑ අයියේ ඒක නම් වෙන්නේ නෑ…. දැනගත්තොත් දැනට හම්බුවෙලා තියෙන සංචාරක වීසා එකත් නැත්තටම නැති වෙනවා…

  31. Sachith Says:

    කතාවත් එල…සින්දුවත් එල….කොහොමද ඔය ඉක්මනට ඕක රෙකෝඩ් කර ගත්තෙ…?

    • ගෝල්ඩ් fish Says:

      ජෙට් ඕඩියෝ පිහිට තමා… සිංදුවේ මුල්ම හරියේ ටිකක් අඩුයි…

  32. සිරි කොලුවා Says:

    පිශ් අයියෙ මට කියන්නෙ මොකක්ද කියලා හිතා ගන්න බැ අයියණ්ඩියේ …. 🙂 අපෙ ජිවිතවල මෙ වගෙ සිදුවිම් ඇත්තටම අපෙ ජිවිත කලෙ පුරාවටම අමරණීයයි අයියා. එවා ආත්ම ගනනක් මතක තියන අතීශය සුන්දර මතකයන් . මෙ රෙකොඩින් එකෙ වටිනාකම වැඩි වෙන්නෙ තව කල් යන්න යන්න . පිශ් අයියගෙ ආදර කතාව එක අතකින් සිරි මල්ලිට වෙනස්ම විදියෙ ආදර්ශයක් සපයනවා ( හම්බුන වෙලාවක කියන්නම්කො අයිය ඇයි එ කියලා 🙂 )
    සිරි මල්ලිගෙ පැතුම යශොධරා වත ඉදිරියෙදිත් මේ වගෙම අමතක නොවන අතීශය සුන්දර මතකයන්ගෙන් තව තවත් පිරි ඉතිරෙවා කියලයි ……… 🙂

  33. මධුරංග Says:

    අඩේ අයියා මම් කවදාවත්ම නෙට් එකේ ඕඩියෝ බලන්නේ නැති එකා අයියෑ යශෝදරා අක්කගේ වොයිස් කට් එක නම් ඇහුවා. මරු අයියා. “අම්මාවරුනි ” සිංදුව ලස්සනට කියනවා.

    ඉක්මනටම ඔය කටහඩ හමදාම අහන්න ලැබෙන්න කියලා පතන්නම්. උබලා දෙන්නට දලදා සමිදු පිහිටයි !!!

    • ගෝල්ඩ් fish Says:

      තෑන්ක්ස් මල්ලී….

      • මධුරංග Says:

        තෑන්ක්ස් කියලා හරියන්නේ නෑ. අපටත් වෙඩිමට ආරාදනා ඕනේ. 🙂

      • ගෝල්ඩ් fish Says:

        නැතුව ඉතිං…. උඹනේ දෙවෙනි මනමාලයා….

  34. Giza Says:

    එල මචන් යසෝධරා උබේ සංසාරයටම හෑබෑම යශෝධරාවක් වේවා !!!

  35. Amila Yohan Says:

    පට්ට වොයිස් එකක්නේ තියෙන්නේ……… 😀 😀
    කාලෙකට පස්සෙ ඔය සින්දුව අදයි ඇහුවේ..

  36. කළු පූසා Says:

    මේක එයා O/L කරපු කාලේ record කරපු එකක් නේද ?

    • ගෝල්ඩ් fish Says:

      නැහැ මචං ඊටත් කලින් එකක්… ඇයි උඹ එහෙම ඇහුවේ…?

      • කළු පූසා Says:

        කටහඬ ටිකක් O/L කරන ළමයෙක්ගේ වගේ 🙂

      • ගෝල්ඩ් fish Says:

        ඊට කලින් එකක් බං…

  37. බානුක Says:

    මතෘකාව දැක්කම ටිං වෙලා ගියා… ඇයි යකෝ ඔහොම එකක් දැම්මෙ..
    මිනිස්සු බය කරනවනෙ…

    මොනව වුනත් කටහඬ නම් ලස්සනයි…

    අනාගතය සුභ වෙන්න පතනවා උබල දෙන්නගෙ…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: