මේ උඹ දැන්ම බඳින්නේ එහෙම නැද්ද බං…?

මේ ලඟඳී දවසක, හරියටම ඉරිදා උදේක… මෙන්න මෙහෙම….

ෆෝන් එක රිං වෙනවා රිං වෙනවා ඉවරයක් නෑ…. ලා වට ඇහැරිලා හිටියට ඒ වෙනකොටත් මං හෙන නිදා මතේ… පස්සේ ඉතිං නින්දෙන්ම ෆෝන් එක අත පත ගාලා බැළුවා මොකාද මේ උදේ පාන්දරම මාව අවදිකරවන පිංවතා කියලා… බැලින්නම් මගේ හොඳම ෆිට් එකක්. ස්කෝලේ කාලේ ඉඳන්ම හොඳ යාළුවෙක්. වෙනදට රිං කට් එකක් විතරක් දෙන පොර එදා උදේ මගේ නින්ද නැත්තට නැති කරා. මූට ඉතිං උදේ පාන්දරම බයින්නත් බැහැනේ… ඒ පාර ඕනේ මගුලක් කියලා ආන්සර් කරා.

ඊළඟ නිමේෂයෙදී මගේ ලඟ කවුරු හරි හිටියනම් බලාගන්න වෙන්නේ… බදාගෙන හිටිය කොට්ටේ පැත්තකට දාලා, බෙඩ් ෂීට් එකත් පැත්තකට විසික් කරලා දඩ බඩ ගාලා පිට කොන්ද කෙලින් කරගෙන ඇ‍ඳේ වාඩි වෙලා ඉන්න මම ළමයාව. ඇයි ඉතිං අර මනුස්පයා උදේ පාන්දරම අහපු දේට එහෙම නොවුන නම් තමා පුදුම…

ගුඩ් මෝනින් මචං… (මං)

ගුඩ් මෝනින්…. මේ උඹ දැන්ම බඳින්නේ එහෙම නැද්ද බං…?

මේ වගේ හාට් ඇටෑක් හැදෙන පස්න අහනවද මං අහන්නේ උදේ පාන්දරම. මමත් ඉතිං නැගිටලා…  නෑ බං… දැන්ම බෑ… තව කල් තියෙනවා… ඇයි බං…? කියලා ඇහුවා…

අනිත් පැත්තෙන් මට කියනවා… මං ලබන මාසේ බඳිනවා බං….. කියලා…. බලන්න ඉතිං අපේ යාළුවෝ… අපි ගැන අහලා තමයි උංගේ එව්වා අපිට කියන්නේ. ඒකට නම් කමක් නෑ කියමුකෝ…. මට මේ 29, 30 දවස් දෙකට දවසකට දෙක ගානේ වෙඩින් හතරක්…..!

එකෙක්ගෙවත් එව්වා මිස් කරන්න බෑ. මොකද හතර දෙනාම හොදම යාළුවෝ. ඒ නිසා අනිවාර්යෙන් යන්නත් ඕනේ… ඒ වුනාට යන්නත් බෑ…. ඒ මොකද කියනව නම්… එකකට ගිහිං අනිත් එකට එදා දවස ඇතුලත යන්න නම් අඩුම ගානේ කෆීර් එකක් වත් ඕනේ වෙනවා. මගුල් හතර තියෙන්නේ ලංකාවේ හතර තැනක. හැම කෙනාම ගෙදරටම ඇවිත් කාඩ් දීලා ගියාම නොගිහිනුත් බෑ… එහෙමයි කියලා ඉතිං මට කොහෙන්ද කෆීර්…? ඉතිං මං තීරනය කොලා ළඟම තියෙන මෙව්වා දෙකට ගිහිං දුර එව්වා දෙක මිස් කරන්න. වෙන කරන්න දෙයක් නෑ. කට්ටිය බැඳලා බබාලා හම්බුනාම බැරියෑ ගිහිං හුරතල් කරලා එන්න.

ඔය ඔක්කොමත් හරි, මුං හතර දෙනාම වෙඩින් කාඩ් වල ඉතුරු කරලා තියෙන වචන බලන්නකෝ…..!

ඔබට, ඔබ දෙපලට, ඔබ සැමට

කාලා වරෙන්කෝ දැන් ඉතිං…!

60 Responses to “මේ උඹ දැන්ම බඳින්නේ එහෙම නැද්ද බං…?”

  1. පන්සල් හංදිය Says:

    අම්මෝ මාසෙකට වෙඩින් දෙක තුනක් සෙට් වෙනවා කියන්නෙ ඉතිංහ හාන්සිම තමා ………
    මේ ඇත්තටම උඹ බඳින්න අදහසක් එහෙම නැද්ද මලයා ………

  2. Weni Says:

    මඟුල්, මරණ, පිරිත් ගෙවල් සහ බණ ගෙවල් නැති ලෝකෙක ලබන ආත්මය ඉපදේවා !

  3. henryblogwalker Says:

    මොනවද මාලු අම්මට හොරෙන් බියර් දෙක තුනක් ඇනගෙන එන එකනෙ. මේ අපි ඉන්න දූපත් සමූහයෙ ඔහොම කරදර නෑ. මනමාලයා මගුල් දවසටත් ෆුට්බෝල් හෙම ගහලා හවසට තමයි වෙඩිං එකට යන්නෙ. අපිටත් ඕනෙ එකක් ඇඳගෙන යන්න පුලුවන්. ගියා, කෑව ආවා. අනික මේක තමයි ලෝකෙ වැඩිම ඩිවෝස් රේට් එක තියෙන රට. එකා එකම ගෑනිව කීප වතාවක් බඳිනවා.
    henryblogwalker the Dude

  4. Gayan Rupasinghe (සිංහයා) Says:

    හික් හික්.. කාලා වරෙන්කො තමයි.. යසෝදරා කෙල්ලගෙන් වත් ඇහුවනම් නරකයි…

    ජය…

  5. Chanaka Says:

    ඔය කෙලලා තියෙන්නෙ තාප්පෙටම.. ඔය දෙපලට කියන්නෙ කාටද බං..ඇත්තටම මේ උඹ බඳින්නේ එහෙම නැද්ද බං ?

  6. කස්සා Says:

    මල කෙලියයි.
    @Weni
    හොඳර පවු කරපන්.ඊට පස්සෙ අපායෙ ඉපදෙයි.ඊටපස්සෙ උඹේ ප්‍රාර්ථනාව ඉශ්ඨ වෙයි

  7. නලින්-සමනලුන්ට වෙඩිතියන්න Says:

    “දෙපලට” කියලා තියෙන නිසා යසෝදරා එක්ක ගියානම් එල. 😀

  8. ශානු Says:

    හප්පා වෙඩින් ගැන නම් කතා කරන්න එපා මේ අනේ ඇත්තට බඳිනවකෝ අලෝ එක්මනට 😀 😉 😛

  9. ඔබ නොදු‍ටු ලොවක් Says:

    සිරාවට මේ අහන්නේ …ඇත්තටම ඔය හස්ත කරුමාන්තේ නවත්තලා කසාදයක් එහෙම බැද ගත්තොත් නරකද…..

  10. Gimhani Says:

    අපෝ මමනම් අහන්නෙ නෑ බඳින්නෙ නැද්ද කියලා . මොකට බඳිනවද අනේ ලියල ඉන්න …

  11. X-Porter Says:

    පිස්සුද… උඹ බඳින්න එපා බං උඹ තනිකඩ්ඩෙං ඉන්නවට මුං ඊරිසියයි… උං කාපු පරිප්පුව උඹටත් දෙන්න යන්නේ..(හුකෑස්.හැහ්.හැහ්).. යසෝධරාවත හරි අපි දැං බඳිමු ක්ව්වදාට බලමු කොල්ල බල්ල වගේ නැට්ට පශ්චාත්බාගෙ ගහං යන හැටි….හුකෑස්. හිහ්…හැහ්…චැහ්..පුහ්…

  12. X-Porter Says:

    ඒ මචං අර උඩ පොටෝ කෑල්ලෙ ඉන්න එකා උඹ වගේමයි නෙහ්….කොහෙන්ද බං ඒ මොංගල් ඩයල් එක හොයාගත්තෙ..?

  13. දුමී Says:

    වෙඩිමකට යනවා කියන්නෙ ආයි අළුතෙන් ඇඳුම් ලෑස්ති කරගන්නයි, තෑගි දෙන්නයි බර වියදමක් යන වැඩක්නේ….! ඊටත් වඩා බැඳපු එකෙක් නම් වයිෆ්ට අළුතෙන් සාරියක් ගන්න, හැට්ට මහන්න, හම්මෝ විකිනෙනවා…. මොකද ඒ ගොල්ලෝ කැමති නෑනේ එක වෙඩින් එකකට ඇඳපු සාරියක් ඊලඟ වෙඩිමට අඳින්න…!

    මල්ලි, උඹ බඳිනවනන් ජූනි, ජූලි, අගෝස්තු මාස ටික අත ඇරලා බැඳපන්…!

  14. නවම් Says:

    ඈ.. මාසෙට මඟුල් හතරක්. පපුව හිරවෙන්න එනව බං. අනේ මේ බොලාට එහෙම ආවට මටනං හීනෙං වත් නොපෙනියං මඟුල් ගෙවල් හතරක් එක මාසෙක. ඒක නෙමෙයි දැං කල වයසත් හරි නේද බං වැඩි ආයුසත් නැති එකේ විගහට මුකුත් කරගන්න අදගසක් නැද්ද ?

  15. praveena Says:

    හපොයි. දැන් කාවහරි ගෙනියන්ට වෙයි…. 🙂

  16. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    මගුල් හතරක් එක මාසෙට සෙට් වෙනව කියන්නෙ මල්ලි එකම අවමගුලක් . . . . ඔය නවම් අයිය කියල තියනව වගේ උඹත් ඉක්මනටම උඹේ අනාගතේ ගැන තීරනයක්ගනිං . . . . අත පවු නෙ . . .

  17. දිල් Says:

    ඒ කියන්නෙ තව කෙනෙක්ව එක්කන් එන්නලු…අමාරු වැඩක් නෙමේනෙ මෙයා…එක්ක යන්න අයද නැත්තේ..( දෙපල කිව්වට ගෑනුද පිරිමිද කියලා නෑනේ )

  18. මුහුදු කොල්ලකාරයා Says:

    ඇත්තට මාළුවාගේ ගෑනු සතාට කියන්නෙ මොකද්ද?
    මට එක පාරක් සෙට් උනා මගුල් ගෙවල් දෙකක් , එක දවසෙ එක වෙලාවට. වෙලාවට තිබ්බෙ එකම හොටෙල් එකේ හෝල්ස් දෙකක. වැඩේ ගොඩ! 😀

  19. Observer Says:

    ඕනයගේ උපදෙස් අමතක කරන්න එපා පුතා…පව් ඌ අත අමතක කරල ඕන්නං අව්රුද්දක් ඉන්න ඇති, ඕනිට බබෙක් ලැබුන, ඊ ගාවට ඌව රටින් පිටුවහල් කෙරුව. දැන් ඉතින් අත නැත්තන් ඕනයෙකුත් නැහැ.

  20. මධුරංග Says:

    එහෙනම් ඉතින් අක්කණ්ඩිවත් යන යහාක ඇන්න යන්න තියෙන්නේ. ආයේ ඉතින් ඔබ තුමාගේ අනාගත බිරින්දෑ නේ.

    “ඊළඟ නිමේෂයෙදී මගේ ලඟ කවුරු හරි හිටියනම් බලාගන්න වෙන්නේ… බදාගෙන හිටිය කොට්ටේ පැත්තකට දාලා, බෙඩ් ෂීට් එකත් පැත්තකට විසික් කරලා දඩ බඩ ගාලා පිට කොන්ද කෙලින් කරගෙන ඇ‍ඳේ වාඩි වෙලා……”

    එතකොට ඇඳ පල්ලේ වැටිලා තිබ්බ සරම අහුල ගත්තේ නැද්ද ? හික්ස් 🙂

  21. රූ Says:

    මාසෙකට වෙඩිම් 4කට යන්න වුනොත් පඩියට සොරිතමා…
    ඒක නෙවි මලේ නඩුකාරිට වචනයක් දාලා බලන්න…සමහරවිට අවසර ලැබෙයි…

  22. පිණිබිඳු Says:

    අම්මෝ වෙඩින් ගැන නම් කතා කරන්න එපා. ලබන සතියෙ අපෙ අක්කා බඳිනවා. ඒකිගෙ වෙඩින් එකට මැරෙන හැටි දැක්කම මට නම් සසර කලකිරෙනවා.

  23. dinesh umagiliya Says:

    ඒ කියන්නේ දැන් අයියගෙත් කාලේ හරි කියන එක.. ඒකනේ යාළුවෝ ඔබ දෙපලට කියලා ආරාධනා කරලා තියෙන්නේ..

  24. කළු පූසා Says:

    හේ හේ මිනිස්සු මොකට බඳිනවද බං ඇත්තටම ඔය වියදම් කරන සල්ලි ඉතුරු කරලා බැංකුවේ දාගෙන පොඩි party එකක් දාල හැමෝටම කිව්වා නම් හරිනේ . Plate එකක්ම බලපන්කො කීයක්ද කියල ?

  25. pissa palaamalla Says:

    උබව සුද්ද වෙයි නේ බන්…. 4 ක් කියන්නේ… සන්තෝසේ බැරුවා….

    ඒ බන් උබ බදින්නෙ නැද්ද… ඒ බැඳපන්කො…..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: