මේ වැස්ස නම් මාව හොඳටම කම්මැලි කරලා. චුරු චුරු ගගා උදේ ඉඳන්ම වැහෙන වැහි බිංදු වල සද්දේ ඇහැද්දී, ඇඳේ ඉඳලා නැගිටින්න හදද්දී ආයෙම නිදි මත හැදෙනවා. සීතලට රෙද්දක් පෙරෝගෙන නිදාගන්නවා තරම් සනීපයක් වෙන කොයින්ද…?
ඔය කම්මැලි කම නිසාම මට මේ ටිකේ පෝස්ට් එකක් ලියනවා කියන්නේ මහා අමාරු වැඩක්. වැස්සට මං කොච්චර ලව්ද කියනව නම්, පෙරේදා අම්මගෙන් ගුටි නොකාපු ටික විතරයි මහ වැස්සේ මීටර් හයසීයක් විතර තෙමී ගෙන ගෙදර ආවා කියලා. බැන්නේ තෙමුනටත් වඩා කුඩේ බෑග් එකේ තියා ගෙන තෙමුනට… මාත් අනිත් පැත්තට… ඉතිං අම්ම කිව්වේ කුඩේ ගෙනිච්චට තෙමන්න එපා කියාල…. කියලා කිව්වම, අම්ම කිව්ව දේවල් මෙතෙන කියන්න බැහැනේ…. ඒ එනකොට ගෙවල් වලට ටිකක් එහායින් තියෙන ට්රාන්ස්ෆෝමරේට හෙනයක් පාත් වෙලා. ඉතිං පෙරේදා මුළු රෑම ගන අන්ධකාරෙ.
පස්සේ ඊයේ ගෙදර ගියා අදනම් මොනා හරි ලියනවමයි කියලා හිතාගෙන අනේ ඒත් ලියන්න හිත දෙන්නේ නෑ… ඒ පාර බැළුවා වෙන මොනාද තියෙන ඔප්ෂන් කියලා… පස්සේ තමා මීටර් වුනේ ඔය පහල තියෙන මෙව්වා එක. ඕක චූටි ගේම් එකක්.
මේ ස්කෝලේ යන කාලේ අපි පොතක කොලයක් එක එක පැති වලට නවලා ඉලක්කං වගයක් ලියලා කෙල්ලෝ ඉස්සරහා වැඩ්ඩා වෙන්න කරපු දෙයක්. ඉතිං අර තරඟයකුත් තිබ්බ එකේ මාත් නිකමට වගේ හදලා ඉදිරිපත් කරා. ස්ථානයක් නම් නෑ… ඒත් ඉතිං එහෙමයි කියලා හිතට දුකකුත් නෑ… ඇයි දෙයියනේ මේ මගුල තරඟෙට බාර ගත්ත එකම මදෑ සතුටු වෙන්න… ආහ් ඔය සතුටු වෙන සෙල්ලම පුරුදු වුනේ පොලීයනා පොත කියෝලා…! කම්මැලි කම යන්න සෙල්ලං කරලා බලන්න මේක…
2011 ඔක්තෝබර් 26 දින පෙ.ව. 6:47 ට
එළ ….
2011 ඔක්තෝබර් 26 දින පෙ.ව. 7:05 ට
🙂
2011 ඔක්තෝබර් 26 දින පෙ.ව. 6:47 ට
හොඳා, නිකං ඉන්න වෙලාවක සෙල්ලං කොරලම බලන්නන්කො
2011 ඔක්තෝබර් 26 දින පෙ.ව. 7:05 ට
අන්න හොඳයි…
2011 ඔක්තෝබර් 26 දින පෙ.ව. 7:03 ට
ඒ කාලේ මේ නම්බර්ස් ලියලා කාඩ් හදා ගෙන හිටියෙ අපි…! ඕන්න දැන් ඒකට පොඩි පොඩි ප්රෝග්රෑම් හදලත් තියේ !
2011 ඔක්තෝබර් 26 දින පෙ.ව. 7:06 ට
ඒ දවස් වල අපි හෙන පොරවල් වුනා ඔය සීන් එක ගෑණු ළමයින්ට පෙන්නලා.
2011 ඔක්තෝබර් 26 දින පෙ.ව. 8:30 ට
යකෝ අරක මාරයි නේ… හරි නේ මචන්..
ජය..
2011 ඔක්තෝබර් 26 දින පෙ.ව. 10:06 ට
වරදින්න විදියක් නැහැනේ බං ඕකත් අර කව්ද කලා වගේ සිය පාරක් විතර චැක් කොලානේ
2011 ඔක්තෝබර් 26 දින පෙ.ව. 8:41 ට
මේක ඉස්සර කළේ කාඩ් පැක් එකෙන්
2011 ඔක්තෝබර් 26 දින පෙ.ව. 10:07 ට
ඔව් කාඩ් හයකින්… අපිට ඕනේ නම් කාඩ් ගාන වැඩි කරලා ගේම් එක තව සංකීර්ණ කරන්නත් පුලුවන්….
2011 ඔක්තෝබර් 26 දින පෙ.ව. 8:48 ට
මරු
2011 ඔක්තෝබර් 26 දින පෙ.ව. 10:07 ට
එල
2011 ඔක්තෝබර් 26 දින පෙ.ව. 9:17 ට
අපිත් ඉස්කෝලෙ යනකාලෙ ඔය කාඩ් වැඩේ කරල තියෙනව.
මේකනං නියමයි මාලුවො. ජය…..
2011 ඔක්තෝබර් 26 දින පෙ.ව. 10:08 ට
ඈ… ඒ දවස් වලත් මේ ගේම් එක තිබුනද…?
2011 ඔක්තෝබර් 26 දින පෙ.ව. 9:43 ට
අපෙත් හිටියා කට්ටිය ඔය සීන් එක කරපු..ඒත් වැඩ පෙන්නන්න කෙල්ලො නොහිටි හින්දද මන්ද එච්චර නැගල ගියෙ නෑ..
වැස්ස ර්ආට වහිනවනම් සිරා… උනු කෝපි එකක් අරගෙන ඉස්තෝප්පුවට වෙලා ඒ වැස්ස දිහා බලන් ඉන්න… පට්ට සිරා බන්…
2011 ඔක්තෝබර් 26 දින පෙ.ව. 10:09 ට
මමත් ආසම දේ …. කොහෙද ඉතිං එක්කෝ අම්මා කෑගහනවා… නැත්තං තාත්තා කෑගහනවා….
2011 ඔක්තෝබර් 26 දින පෙ.ව. 10:00 ට
Nice game.
And hope your mom knows how lucky she is…
Because I think like a dad here, not a fellow blogger.
(No Sinhala font in this PC dude)
2011 ඔක්තෝබර් 26 දින පෙ.ව. 10:09 ට
බනිනවද මංදා… තෑන්ක්ස් අයියේ…
2011 ඔක්තෝබර් 26 දින ප.ව. 6:01 ට
බනිනව නෙවෙයි බොල. මාත් තාත්තෙක් නිසා උඹ ලියන බ්ලොග් පෝස්ට් වල මම දකින මවු පුතු සෙනෙහසට මම හරිම ආදරෙයි.
2011 ඔක්තෝබර් 26 දින ප.ව. 7:46 ට
අප්පේ ඒ ආදරේ ගැනනම් ඕනේ තරම් ලියන්න පුළුවන්….
2011 ඔක්තෝබර් 26 දින ප.ව. 4:49 ට
අනේ මට කම්මැලියි අනේ….:D:D:D
2011 ඔක්තෝබර් 26 දින ප.ව. 7:44 ට
සිංදුවක් කියමු….!!!!
2011 ඔක්තෝබර් 26 දින ප.ව. 5:36 ට
ඒයි අන්න කක්ක ගොඩේ ඇවිදින හෙන්දිරික් මාමා උඹට අමු කුනු හබ්බෙන් බැනල තියේ…..වැස්ස දාට ඒකත් නරක නෑ බං……
අපිනං ඒකාලෙ වහිනකොට කොලේ.. සූස්තියක් ගහගෙන වැස්ස දිහා බලං ඉන්න එක… උඹට කියන්න ටිකක් වෙලා යනකොට වැස්සවැටෙන්නෙ ස්ලෝමෝසොං එකේ..වතුර බිංඳුවක් විනාඩි පහක් විතර වැටෙනව ඕයි…..පට්ට ආතල් බං සැප ක්කනේ…
2011 ඔක්තෝබර් 26 දින ප.ව. 7:45 ට
ඔය අත්දැකීම ගන්නවනම් මට වෙන ගෙයක් කුලියට ගන්න වෙනවා….
2011 ඔක්තෝබර් 26 දින ප.ව. 6:03 ට
ආ තව එකක් අන්න අර මං කියපු ලින්ක් එකේ අද මම #1. හුරේ.
http://botd.wordpress.com/top-posts/?lang=si
ගිහින් බලන්න මේ දැන්.
සමහර දවස්වලට උඹත් මුදුනෙ ඉන්නවා.
2011 ඔක්තෝබර් 26 දින ප.ව. 7:48 ට
ඇත්තමට මට මාව දර්සොනය වෙන්නේ නෑනේ…
2011 ඔක්තෝබර් 26 දින ප.ව. 11:31 ට
මම කීප සැරයක්ම උත්සහ කලා අංක 60. එත් ආවේ අංක 28. මගෙ ඇස් වල දෝසයක් ද මන්ද….
2011 ඔක්තෝබර් 27 දින පෙ.ව. 9:27 ට
තෑන්ක්ස් මචං… උඹ හරි, පොඩි කැල්කියුලේෂන් අවුලක් තිබ්බ තමා…. දැන් ඒක හැදුවා… thnx again.
2011 ඔක්තෝබර් 27 දින පෙ.ව. 12:35 ට
මටත් මතක් උනේ මේක ඒ දවස් වල කෙල්ලන්ට පේන්න කරපු හැටි.. අඩේ දැන් තාක්ෂණය දියුණු වෙලා අපේ ඒ පුන්ච් පහේ සෙල්ලමත් මේකට ඇවිත්….
2011 ඔක්තෝබර් 27 දින පෙ.ව. 9:27 ට
අපි නොදන්නව වුනාට තව කොච්චර දේවල් ඇතිද බං….
2011 ඔක්තෝබර් 27 දින පෙ.ව. 7:47 ට
ෂෝක් සෙල්ලම ……..
2011 ඔක්තෝබර් 27 දින පෙ.ව. 9:28 ට
එල….
2011 ඔක්තෝබර් 27 දින පෙ.ව. 9:24 ට
එල………..!
2011 ඔක්තෝබර් 27 දින පෙ.ව. 9:32 ට
තෑන්ක්ස් නලින්
2011 ඔක්තෝබර් 27 දින ප.ව. 10:27 ට
මමත් පොලියානා පොත කියෙව්වා මෙහෙම එකක් සෙට්වුනේ නෑනෙ මාළුවෝ…
වැඩේ නම් සුපිරි….
තෙමිලා හෙම්බිරිස්සාව හදාගන්න කලින් සමහන් එකක්වත් බොන්න…ආ..මාළුවන්ට කොයින්දෑ හෙම්බිරිස්සාව…!!
2011 ඔක්තෝබර් 28 දින පෙ.ව. 8:03 ට
පොලියානා දෙකයි තුනයි හොයාගෙන කියවන්න ඕනේ අක්කේ… ඒ පොතේ මෙහෙම එව්වා නැති වුනාට පොඩ්ඩක් එහාට මෙහාට කරලා සංස්කරණය කලාම හරි.
2011 නොවැම්බර් 1 දින පෙ.ව. 10:40 ට
ශා.. ගෙම් එක නම් එල පිශ් අයියෙ ………. :))
2011 නොවැම්බර් 1 දින පෙ.ව. 10:51 ට
එල එල…. සෙල්ලං කරලා බලහිකෝ
.