කම්මැලි කමට මෙව්වා එකක්….

මේ වැස්ස නම් මාව හොඳටම කම්මැලි කරලා. චුරු චුරු ගගා උ‍දේ ඉඳන්ම වැහෙන වැහි බිංදු වල සද්දේ ඇහැද්දී, ඇ‍ඳේ ඉඳලා නැගිටින්න හදද්දී ආයෙම නිදි මත හැදෙනවා. සීතලට රෙද්දක් පෙරෝගෙන නිදාගන්නවා තරම් සනීපයක් වෙන කොයින්ද…?

ඔය කම්මැලි කම නිසාම මට මේ ටිකේ පෝස්ට් එකක් ලියනවා කියන්නේ මහා අමාරු වැඩක්. වැස්සට මං කොච්චර ලව්ද කියනව නම්, පෙරේදා අම්මගෙන් ගුටි නොකාපු ටික විතරයි මහ වැස්සේ මීටර් හයසීයක් විතර තෙමී ගෙන ගෙදර ආවා කියලා. බැන්නේ තෙමුනටත් වඩා කුඩේ බෑග් එකේ තියා ගෙන තෙමුනට… මාත් අනිත් පැත්තට… ඉතිං අම්ම කිව්වේ කුඩේ ගෙනිච්චට තෙමන්න එපා කියාල…. කියලා කිව්වම, අම්ම කිව්ව දේවල් මෙතෙන කියන්න බැහැනේ…. ඒ එනකොට ගෙවල් වල‍ට ටිකක් එහායින් තියෙන ට්‍රාන්ස්ෆෝමරේට හෙනයක් පාත් වෙලා. ඉතිං පෙරේදා මුළු රෑම ගන අන්ධකාරෙ.

පස්සේ ඊයේ ගෙදර ගියා අදනම් මොනා හරි ලියනවමයි කියලා හිතාගෙන අනේ ඒත් ලියන්න හිත දෙන්නේ නෑ… ඒ පාර බැළුවා වෙන මොනාද තියෙන ඔප්ෂන් කියලා… පස්සේ තමා මීටර් වුනේ ඔය පහල තියෙන මෙව්වා එක. ඕක චූටි ගේම් එකක්.

මේ ස්කෝලේ යන කාලේ අපි පොතක කොලයක් එක එක පැති වලට නවලා ඉලක්කං වගයක් ලියලා කෙල්ලෝ ඉස්සරහා වැඩ්ඩා වෙන්න කරපු දෙයක්. ඉතිං අර තරඟයකුත් තිබ්බ එකේ මාත් නිකමට වගේ හදලා ඉදිරිපත් කරා. ස්ථානයක් නම් නෑ… ඒත් ඉතිං එහෙමයි කියලා හිතට දුකකුත් නෑ… ඇයි දෙයියනේ මේ මගුල තර‍ඟෙට බාර ගත්ත එකම මදෑ සතුටු වෙන්න… ආහ් ඔය සතුටු වෙන සෙල්ලම පුරුදු වුනේ පොලීයනා පොත කියෝලා…!  කම්මැලි කම යන්න සෙල්ලං කරලා බලන්න මේක…

Posted in Flash. 38 Comments »

38 Responses to “කම්මැලි කමට මෙව්වා එකක්….”

  1. Observer Says:

    හොඳා, නිකං ඉන්න වෙලාවක සෙල්ලං කොරලම බලන්නන්කො

  2. Weni Says:

    ඒ කාලේ මේ නම්බර්ස් ලියලා කාඩ් හදා ගෙන හිටියෙ අපි…! ඕන්න දැන් ඒකට පොඩි පොඩි ප්‍රෝග්‍රෑම් හදලත් තියේ !

  3. ABC Says:

    මේක ඉස්සර කළේ කාඩ් පැක් එකෙන්

  4. Praසන්ன Says:

    අපිත් ඉස්කෝලෙ යනකාලෙ ඔය කාඩ් වැඩේ කරල තියෙනව.
    මේකනං නියමයි මාලුවො. ජය…..

  5. pissa palaamalla Says:

    අපෙත් හිටියා කට්ටිය ඔය සීන් එක කරපු..ඒත් වැඩ පෙන්නන්න කෙල්ලො නොහිටි හින්දද මන්ද එච්චර නැගල ගියෙ නෑ..

    වැස්ස ර්‍ආට වහිනවනම් සිරා… උනු කෝපි එකක් අරගෙන ඉස්තෝප්පුවට වෙලා ඒ වැස්ස දිහා බලන් ඉන්න… පට්ට සිරා බන්…

  6. henryblogwalker Says:

    Nice game.
    And hope your mom knows how lucky she is…
    Because I think like a dad here, not a fellow blogger.
    (No Sinhala font in this PC dude)

  7. X-Porter Says:

    ඒයි අන්න කක්ක ගොඩේ ඇවිදින හෙන්දිරික් මාමා උඹට අමු කුනු හබ්බෙන් බැනල තියේ…..වැස්ස දාට ඒකත් නරක නෑ බං……

    අපිනං ඒකාලෙ වහිනකොට කොලේ.. සූස්තියක් ගහගෙන වැස්ස දිහා බලං ඉන්න එක… උඹට කියන්න ටිකක් වෙලා යනකොට වැස්සවැටෙන්නෙ ස්ලෝමෝසොං එකේ..වතුර බිංඳුවක් විනාඩි පහක් විතර වැටෙනව ඕයි…..පට්ට ආතල් බං සැප ක්කනේ…

  8. henryblogwalker Says:

    ආ තව එකක් අන්න අර මං කියපු ලින්ක් එකේ අද මම #1. හුරේ.
    http://botd.wordpress.com/top-posts/?lang=si
    ගිහින් බලන්න මේ දැන්.
    සමහර දවස්වලට උඹත් මුදුනෙ ඉන්නවා.

  9. දසුන් Says:

    මම කීප සැරයක්ම උත්සහ කලා අංක 60. එත් ආවේ අංක 28. මගෙ ඇස් වල දෝසයක් ද මන්ද….

  10. dinesh umagiliya Says:

    මටත් මතක් උනේ මේක ඒ දවස් වල කෙල්ලන්ට පේන්න කරපු හැටි.. අඩේ දැන් තාක්ෂණය දියුණු වෙලා අපේ ඒ පුන්ච් පහේ සෙල්ලමත් මේකට ඇවිත්….

  11. රූ Says:

    මමත් පොලියානා පොත කියෙව්වා මෙහෙම එකක් සෙට්වුනේ නෑනෙ මාළුවෝ…
    වැඩේ නම් සුපිරි….
    තෙමිලා හෙම්බිරිස්සාව හදාගන්න කලින් සමහන් එකක්වත් බොන්න…ආ..මාළුවන්ට කොයින්දෑ හෙම්බිරිස්සාව…!!


dinesh umagiliya වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: