ප්ලේන්ටි හත්ත….

හතු ගැන නොදන්න බබාල ඉන්නවද…? නෑනේ…. අද කතාව සෝක් හත්තක් ගැන. මේක මට හම්බුනේ මං ස්කෝලේ යන කාලේ, 10 වසරෙදි විතර. ඒ දවස් වල ඉතිං එක එක කාලෙට එක පිස්සු හැදෙනවනේ. මේකත් ඒ වගේ එක්තරා පිස්සුවක්. මං දන්න තරමින් මේක වැඩිය ජනප්‍රිය වුනේ නෑ. මොකද ගෙවල් වල ලොකූ ඈයෝ මේකට විරුද්ධ වුනා. අපේ ගෙදර නම් වැඩි අවුලක් වුනේ නෑ…

ඉතිං මේ පිස්සුව අපේ පන්තියට අරගෙන ආවේ මගේ හොඳම යාළුවෙක් වෙච්ච වින්දන කියලා පොරක්. මෑන්ගේ ඩැඩා පිටරටක වැඩකරන්නේ. ඩැඩා එව්වා කියලා මූ, දවසක් දා මොකද්දෝ මන්දා මහාර්ග බේතක් ගැන ලෙක්චර් එකක් දුන්නා. මේක බොන්න ඕනේ ප්ලේන්ටි එක්කලු. මං ඒ ඇහුවමයි ප්ලේන්ටි එක්ක බොන බේතක් ගැන. බෙහෙත් බොන කොටනම් බෙහෙත් පෙත්ත දිවේ ඇලුනාම තිත්ත යන්නය කියලා ප්ලේන්ටියක් හදලා ලඟින් තියාගෙන බේත් බීපු එක වෙනම කතාවක්… ඒත් ප්ලේනටිත් එක්ක විතරක්ම බොන බේතක්….?

ඉතිං ඒ දවස් වල අපිට මේ සීන් එක මැජික් වගේ. පස්සේ වින්දන කියපු හැටියට මේක හතු වර්ගයක්.  නිකම් හතු වර්ගයක් නෙමේ සීනි දාපු නිවිච්ච තේ වල විතරක් තම වර්ගයා ඩබල් කරන විශ්මිත හතු වර්ගයක්. මේක පැල වෙන්නේ ටිකක් අමුතු ක්‍රමේකට. ඒ වගේම මේකෙන් අළුත් හත්තක් ගන්නවා කියන්නෙ ටිකක් අමාරු වැඩක්. මොකද හත්ත බිත්තර දාන්නේ දවස් හයකට එකක් විතර ගානේ. ඒ කියන්නෙ මෙහෙමයි.

  • මුලින්ම රෑට නිදාගන්න කලියෙන්, පිරිසිදු මැටි (හෝ වීදුරු) භාජනයකට හොඳින් සීනි දාලා දියකරගත්ත නිවිච්චි තේ ‍අඬු කෝප්පයකින් එකක් දාගන්න ඕනේ.
  • සීනි වල පදම කියනව නම්… නිවිච්ච තේ උගුරක් කටට හලා ගත්තම ආයේ කට අරින්න බැරි වෙන්න තොල් ඇලෙන සුළු වෙන්න ඕනේ….
  • ඊට පස්සේ අර හත්ත අරගෙන තේ ටික වැඩිය කැලැත්තෙන්නේ නැති වෙන්න මැටි භාජනෙට දාන්න ඕනේ. මැටි භාජනේට මං නම් ගත්තේ මැටි කෝප්පයක්. කලයක් තිවුනට ඒක ඉල්ලන්න බැහැනේ අම්මගෙන්…
  • ඊට පස්සේ ඔන්න ඒක සත්තුන්ට රිංගන්න බැරි වෙන තැනකින් තියලා පිඟානකින් හරි වෙන මොහොකින් හරි හෝ වහනවා…

පස්සේ ඉතිං දත් මැදලා තව කරන්න තියෙන රාජකාරී තියේනම් එව්වත් කරලා නිදිගන්නවා. ඊට පස්සෙන්දට තමා වැඩේ තියෙන්නේ.

දැන් අර අපි මැටි භාජනේට දාපු හත්ත තියෙනවනේ… ඒකට මුල් දවසේ ප්ලේන්ටි දැම්මම හත්ත උඩින් තව ජුංඩං ලේයර් එකක් වගේ එකක් තියෙනවා පස්සෙන්දා උදේට. ඔහොම ගිහිං තව දවස් පහක් යන කොට අපි අරගෙන ආපු හත්ත වගේම තව ඊට වැඩිය ලස්සන රෝස පාටයි රතු පාටයි මික්ස් වෙච්ච හත්තක් තියෙනවා ඊට උඩින්. ඉතිං අපිට හතු දෙකක් ‍වැඩක් නෑනේ… ඒක නිසා අළුත් එක අපි දෙන්න ඕනේ කාට හරි. ඉතිං හත්තක් තියෙන කෙනෙක්ගෙන් අළුත් එකක් ඉල්ල ගන්නනම් සතියක් බලාගෙන ඉන්න වෙනවා. අපි අළුත් හත්ත දෙන්නේ පරන එකේ ඖෂධීය ගුනය වැඩියි කියන නිසා. නැත්තං දෙයි මේං කියලා අළුත් එක. කොහොම කොහොම හරි වින්දන මගේ හොඳම යාළුවා වෙලා හිටිය නිසා උගේ හත්තට මුලින්ම හම්බෙච්ච අළුත් හත්ත හම්බුනේ මට.

ඊට පස්සේ ඉතිං උදේ පාන්දරම නැගිට්ට ගමන් කලින්දා බෙහෙත් වෙන්න තිබ්බ තේ වතුර ටික පිරිසිදු කැරපොත්තෝ හොම්බ නොදාපු වීදුරුවකට දාගෙන ඇරලා දාන එකයි තියෙන්නේ…

කට්ටිය බීලා ඇතිනේ වැරදීමකින් හරි අරිෂ්ටේ… ඔය තියෙන්නේ දසමූලාරිෂ්ටේ… අර අරිෂ්ටේ මේ අරිෂ්ටේ කිය කිය. (එක්සෙප්ට් මැජික් අරිෂ්ටේ) ඉතිං කලින්දා රෑ හොඳට තිබිච්ච ප්ලේන්ටිය හරියටම අර අරිෂ්ටේ රහයි. නිකං කහට ගතියක්…, නහය කඩාගෙන යන පුස්ඹකුත් එක්ක මැටි භාජනේ ඇරිය ගමන්ම නහයට දැනෙනවා. ඉතිං ‍ඒක නොබී ඉන්න හිතෙන්නේ නෑ.

ඉතිං ‍මේකෙන් තියෙන ප්‍රයෝජන තමා… පුරුස සක්තිය කියන එක වැඩි වෙන එක. ඒ කියන්නේ ඕනේ වලියකට හා… යමං කියලා ඉස්සර වෙන එක කියලා තමා ඒ දවස් වල හිතන් හිටියේ. දැන්නේ දන්නේ වෙන එකක් කියලා. ඒක තමා මූලිකම. ඊට පස්සේ තියෙනවා පාඩම් මතක හිටීම, හෘදයාබාධ අවම වීම, ශරීරය මී පැටියෙක්ගේ වගේ රෝස පාට වීම වගේ හෙන දිග ලිස්ට් එකක්. මට ඉතිං අදාල වුනේ ඔය දේවල් ටික නිසා මතක එච්චරයි…

පස්සේ මමත් සති දෙක තුනක් ඔය බෙහෙත් ප්ලෙන්ටිය බිව්වා… තව යා‍ළුවෝ කීප දෙනෙකුට අළුත් හතුත් තුන හතරක් දුන්නා…. ඒත් ඉතිං ටික දවසක් යද්දී අම්ම හදලා දෙන කිරි එකේ රස මතක් වෙන කොට හත්ත එපා වුනා. උදේ පාන්දර කුණු කෙල පිටින්, මයිලෝ චුට්ටක් දාපු කිරි එක බොන කොට එන ෆිට් එකනම් මේ හත්තෙන් ආවෙ නෑ. ඒක නිසා ඉතිං දවස් දෙක තුනක් මට ඒ හත්තට තේ දාලා තියන්න අමතක වුනා. පස්සේ දවසක් බලද්දී ඒ හත්ත උඩ සුදු පාට තවත් හතු වර්ගයක් පිපිලා. අපේ අම්මනම් කිව්වේ ඒ පුස් කියලා. අනේ මන්දා එතකොට අර වින්දන‍ෙග් ඩැඩා රටින් ගෙනාපු ලොකු අරිෂ්ටේ හත්ත පුස් වර්ගයක් නෙවෙයි වෙන්න ඇති.

කොහොම කොහොම හරි වැඩි කාලයක් යන්න කලින් බෙහෙත් ප්ලේන්ටිය ආගිය අතක් හොයාගන්න බැරිවුනා. ගොඩක්ම වුනේ මේ හතු හැදිල්ලට ගෙවල් වලින් අකමැති වෙච්ච නිසා අපේ ළමයින්ට මතකය වැඩි දියුණු කරගෙන, පැහැපත් වෙන්න තිබ්බ අවස්ථාව ගිලිහී ගිය එක තමා. අන්තිමේ හතු ගෙවල් වලට අරං ගිය අය එව්වා කුණු ගොඩට අතෑරලා තිබුනා.

ඉතිං මට හිටි ගමන් මේ හත්ත ගැන මතක් වෙච්ච නිසා මං නිකමට වගේ ගූග් කරලා බැලුවා ටී මෂ්රූම් කියලා. මේං අහුවුනා භාන්ඩේ එතකොට. (ඔයාලා හොයනවනම් ගූග්ල් ඉමේජ් සර්ච් එකේ රිසල්ට් මොඩරේට් කරලා බලන්න. නැත්තං කියයි… චීයා මූ බලන එව්වා කියලා) තව තව විස්තර හොයද්දී එක තැනක තිවුනා තාමත් ජපානයේ මේ හතු දීර්ඝායුෂ ලබාගන්න භාවිතා කරනවා කියලා. ඒ කියන්නේ ජපන්නු ගාව තියෙන මේ හතු හෙන වයස ඇති. මං ඉතිං ඒ දවස් වල එහෙම වගක් දැනගෙන හිටියේ නෑනේ… නැත්තං මං බෙහෙත් ප්ලේන්ටිය නැති වෙන්න දෙන්නේ නෑ… බෙහෙත් තේ ටික රත්කරලා ඒකට මයිලෝයි නෙස්ප්‍රේයි දාගෙන, බෙහෙත් මිල්ක් ටී එකක්, අම්මට කියලා හදෝගෙන බොනවා එහෙමනම්….!

58 Responses to “ප්ලේන්ටි හත්ත….”

  1. පූසා Says:

    අපෝ මතක් කරන්න එපා ඔය මල ජරාව. මටනම් ඕක දකින කොටත් අප්පිරියයි ඒ දවස් වල. අපේ ගෙදර අනිත් උදවියනම් බිව්වා මොනවදෝ ලෙඩ ගොඩකට හොඳයි කිය කියා……..
    මට නම් ඒකෙන් එන්නේ පට්ට ගඳක්!

  2. ඔබ නොදු‍ටු ලොවක් Says:

    අපේ ගෙදරත් මේක බ්ව්වා ..දැන් දැක්කම තමයි මතක් උනේ…..තාත්තා කොහෙන්ද හොයාගෙන ඇවිල්ලා…ටික දවසක් මේක බ්ව්වා ගෙදර කස්ටියම……

  3. කළු පූසා Says:

    මම අදමයි ඇහුවේ
    දැන් ඉතින් ඕක බිව්වා කියල මොකක්ද ඒ සක්තිය වැඩි උනාද ? 🙂

  4. පිණිබිඳු Says:

    කොහොමද බන් මේක බිව්වෙ. දැක්කමත් බඩ දඟලනව වගේ.

  5. maathalan Says:

    හතු ගැන වෙද මහත්තයගෙන් ඇහුව නම් කියල දෙයි. ඉතාමත්ම ගුන කෑමක්. ප්‍රංශයේ හතු වර්ගයක් තියෙනවා ගිනි කනන් කනවා තියා හිතන්නවත් බෑ. එතකොට අපි බොන්නේ නිකම් ප්ලේන්ටි නේ. ඕකට, පිටරට කට්ටිය හැම දේම එකතු කරනවා.

  6. මධුරංග Says:

    මට ඔක්කාරෙටත් ආවා !!!
    අපේ මාලුවාට නිකන් දෙනවනම් විසිකැති පාරක් හරි කයි !! අනේ මාලුවෝ !!!
    ඇත්තටම ඔවුවා රහයිද අයියා ? තියෙනවනම් මටත් බිම්මල් කෑල්ලක් ගෙනත් දෙන්න !!!

    මට එකපාරටම මේ පෝස්ට් එකේ නම වෙන විදිහකට කිය උනේ. මොකෑ දන්නේ නෑ. හික් හික් හික් 🙂

  7. tharindu Says:

    මාත් බිලා බලන්න ආස හිතුනා..එ මම බීල් නෑ බන්..උබලගේ අම්මට කියපන්කො මටත් ටිකක් හදලා දෙන්න කියලා..
    …

  8. praveena Says:

    ඉතිං ඔයා ඕක බීලා රෝස පාට උනාද?…:D

  9. විසිතුරු | visituru Says:

    ඕක මමත් අත්හදා බලලා තියෙනවා. ගෝල්ඩ් ‍ෆිශ්ට වෙච්ච වැඩේමයි මටත් වුණේ. එපා වෙලා ගියා

  10. සාතන් Says:

    adamai ban ahuwe mehema ekak…..

    dan ube purusa sakthiya wadi welada?…

    (sinhalawala podi case ekak ban ganan ganna epa)

  11. X-Porter Says:

    අඩේ මචන් අපේ ගෙදරටත් ඔය ලෙඩේ ආවා (මට අවු. 15 – 16 විතර )… අපේ කොල්ලොත් ඔය පුරුස ස්ක්තියද මොකද්ද එක ගැන කියල හිස්බඩ ඕක ගහල දාල පැයක් යන්න ඉස්සෙල්ල අර සක්..තිය ඇවිල්ල යමරෙට අත්වැඩ…කොල්ලො…. හික්… උඹට කියන්න සුම්මාන දෙක තුනක් යනකොට අල්ලෙ රේකා නෑබං… හරියට පොලිස්කොරපු ගල්ලෑල්ලවගෙ… පස්සෙනෙ තේරුනේ.. ඒ වයසෙ සහ බලපු වැල සිත්තරපටිවල බලේ මිසක් ඒ ලබ්බෙ තිබ්බ බලයක් නෙමෙයි කියල…..

    ඒත් කොහොම හරි අපේ එව්වො අයින්ස්ටයිං කොල්ලටත් එහා එවුං නිසා සුපිරි පිරි ඉතිරි නව සොයා ගැනීමක් කොලා..ඕං… ඕකට තව අනුපාන එහෙම ටිකක් දාල ගත්තම සූස්තියක් ගහන ගමං කටගැස්මට බොන්න… හම්මට….හුඩු.. ආතල් කන්දෙකෙං බේරෙනව ඕයි……අම්මප ඕයි…..

  12. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    මට මැවිල පේනව ඔය ප්ලේටිය ගහල රෝසපාට වෙච්චි මාලුව රුවල් නැවේ ඉස්කෝලෙ යනව

  13. නවම් Says:

    හා හා ඔය කවුරුවත් මේ බෙහෙත හැක කොරනව එහෙම නෙවෙයි හරිය. මාළුව දැකපු කට්ටිය දන්නව නෙව උගෙ පුරුස සත්තියෙ තරම. අනික උගෙ ඡවි කල්‍යානය… පුහ්……. !

  14. winchAt kirilli Says:

    මා ගාව තියනවා ලස්සන දුර්ලභ ඝණයේ හතු පොටෝස් ගොඩාක්…ඒක මතක් උනෙත් මේක දැක්කට පස්සෙ….

  15. elephas Says:

    නෑ……………………………………………….. පාඩම් මතක හිටිනව ද? අනේ වාසනාවං. මටත් හොයා ගන්ඩ බැරි වෙයි ද දන්නෑ.

  16. පන්සල් හංදිය Says:

    යකඩෝ මම මෙහෙම හතු වර්ගයක් ගැන ඇහුවමයි ………

  17. හිස් අහස Says:

    අප්පේ බං මම නම් උදේට කිරි බොන්න තියෙන්නේ පුදුම අකමැත්තක් . මට ඔය කිරිපිටි වර්ග බොන්ඩ බෑ ඕක්කාරෙට එනවා ඒක නිසා මම උදේට ආසාවෙන් ලිප ලඟ ඉඳගෙන කහටේ බොනවා .. බෝල හකුරුත් කන ගමන් .. මට ඒක තමා ෆිට් එක

    ඔය හත්තේ වැඩේ නම් මමත් අහලා තියේ ..

    ඔයිට වැඩිය හොඳයිලු කොතල හිඹුටු මුල් කෑල්ලක් හෝදලා වේලලා අරගෙන උනු තේකේ විනාඩියක් විතර පොඟෝලා බොන එක ..

  18. Weni Says:

    ඔය හතු කතාව මමත් අහල තියෙනවා ඒත් බීලා නම් නෑ..

  19. Gayan Rupasinghe (සිංහයා) Says:

    ඔයිං එකක් අපේ ගෙදරත් තිබ්බ,,, එක කව්දෝ සීත පෙට්ටියට දාලා අමටක වෙලා… හික්.. ඉවරයි,,,,

    ජය..

  20. අකීකරුහිත Says:

    මේක දැක්කමත් අප්පිරියයි වගේනේ

  21. henryblogwalker Says:

    හනේ බං උඹලත් අර පර්යේෂනාගාර මීයෝ වගෙ. වෙච්ච එකම දේ උඹ රෝස පාට වෙච්ච එක විතරයි මම හිතන්නෙ. හික්ස්

  22. රූ Says:

    මාත් මේක අත්හදා බලන්න ඕනි…සුවර් එකටම ලස්සන වෙන්න පුළුවන් නේද මාළුවෝ?

  23. pissa palaamalla Says:

    මටත් මතකයි ඔය සීන් එක… ඒ උනාට මම නම් බිව්වෙ නෑ.. ඕක දැක්කමත් මට ඔක්කාරෙට වගේ… ඉතින් කොහේ බොන්නද

  24. Kasun Chanaka Says:

    දැන් ඉතින් ඕකෙන් පුරුස සක්තිය වැඩි වුනාද මාළු අයියේ…………?

  25. සිරි කොලුවා Says:

    මෙ පිශ් අයියා ඔක ගැහුවම අලි පැටියා වගෙ මහත් වෙන්නෙ එහෙම නැද්ද? … සිරි මල්ලිට මෙ ලඟදි අක්කණ්ඩි කෙනෙක් නොන්ඩියක් දැන්මා ඇටකිච්චා කියලා .. මට දැන් මැටි ගහ ගෙන හරි මහත් වෙන්න විදියක් කියහන් අයියෙ ,……… 😀


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: