මල් ගැන දන්නවනේ… නා නාප්‍රකාර මල් තියෙනවා. ඔය මල් වර්ග අතර ගෑණු ළමයි අතර වැඩියෙන්ම ජනප්‍රිය ගස් වල හැදෙන පෙති තියෙන, රේණු තියෙන, සලමලයෝ වහන සුවඳ හමන, පැනි බේරෙන මල්.
එතකොට පිරිමි ළමයි….?
පිරිමි ළමයි ආසා එහෙට මෙහෙට පැද්දෙන මල් වගේ වෙන්න උත්සාහ කරන ඒත් කවදාවත් මල් වගේ වෙන්න, හා තමුන් මල් කියලා හිතාගෙන ඉන්න ගෑණු ළමුන්ට. ඊට අමතරව තවත් පිරිසක් කැමතියි පෙති නැති, සලමලයෝ තියා මැස්සෙක් වත් වහන්නේ නැති… ඒත් ඇති පදමට මත් වෙනකම් ධූම කෘත පැනි තියෙන දම් පාට, රෝස පාට, කොල පාට, නිල් පාට බියුටිපුල් මල් වලට.
මේ කතාවත් එහෙව් එකක් තමා. අපි මීට අවුරුදු කීපයකට කලින් ගියා කුකුලේ ගඟ නිවාඩු නිකේතනයට පොඩි නිවාඩුවක් වගේ එකක් ගත කරන්න කියලා. එක්කං ගියේ ඔෆිස් එකෙන් තමයි. ඉතිං යන ගමන් කට්ටිය බීලා ගිහිං ආයෙමත් හෝටලේටත් ගිහිං බොන්න තියාගත්තා.
ඒ අස්සේ කට්ටියට හඳට යන්නත් චෑන්ස් එකක් හම්බුවෙලා. කව්දෝ මන්දා එකෙක් මල් වට්ටියක්ම ගෙනැල්ලා. හඳට යන්න ආසා වුන්ට බෙදාගෙන යනවා. කව්ද අප්පේ ආසා නැත්තේ නොමිලේම හඳට ගිහිං නීල් ආම්ස්ට්‍රෝන්ගේ පා සලකුණ එහෙම බලාගෙන එන්න. ඉතිං ඒක නිසා ගොඩක් දෙනා අර බියුටිපුල් මල් ඉල්ලා ගත්තා.
අපේ ඔෆිස් එකේ එක සිරිතක් තියෙනවා, ට්‍රිප් එකක් යද්දී බොස්ලායි ජබොස්ලායි ඔක්කොමලා එකට කට් වෙන විදියේ. වෙනින් තැන් වල වගේ නෙවෙයි, බොන්න ගත්තම ඔක්කොමලා එකයි. ලොක්කන්ට කතා කරන්නේ යාළුවන්ට වගේ. බලාගනෙ ඉන්න ආසයි. ඇත්තට ඒ බොන එවුන් අස්සේ නොබී හිටියනම් එහෙම බීලා කියවන එව්වා අහලා, බීපු එවුන්ට වැඩිය ෆන් එකක් ගන්න පුළුවන්….!
ඉතිං කට්ටිය තැන් තැන් වල සෙට් වෙලා බීලා, අර හම්බුවෙච්චි මල් ටිකටත් වග කියලා එහෙම අන්තිමේ ගිහිං ස්ව්මිං පූල් එකට නාගන්න කියලා. බොස්ලත් කට්ටියත් හඳට ගිහිං තමා ඉඳලා තියෙන්නේ. ඉතිං ඔහොම ටික ටික වෙලාවක් පූල් එකට බැහැලා ඉන්න කොට අපේ එක බොස් කෙනෙකුට පේනවලු, අර ඉස්සර කාටුන් වල හිටිය වගේ තඩි මකරෙක් ඉන්නවා නිශාන්ත කියලා අයිය කෙනෙක්ගේ උරේක. මකරා ගිනි පිඹ පිඹ එහෙට දඟලනවලු මෙහෙට දඟලනවලු. ඒ අස්සේ අර අයියවත් කන්න පයින්න වගේලු.
ඉතිං මාර සීන් එක. ලොක්කා බය වෙච්ච පාරට පොරව පූල් එකේම වැටිලා. දැන් මෑන්ස් ඉන්නේ අනිත් අයගේ වාරුවෙන්… ඒ ඉන්න ගමන් අර අයියට කියනවලු…
ඒ… නිශාන්ත…. ඔන්න යකෝ මකරෙක් උඹේ අතේ වහලා… ගසපන් අත ගසපන්….. නැත්තං ඕක උඹව කයි…. කිය කිය අනිත් අයටත් මකරව පෙන්නනවලු. පස්සේ අනිත් ගගනගාමියෝ ටිකත් සීන් එක දැකලා. උනුත් කෑගහනවලු… නෑ නෑ… මහත්තයා ඒ මකරෙක් නෙවෙයි…. වෙන මොකෙද්ද එකෙක් බං… කිය කිය
ආයෙම බොසා, නිශාන්ත මෙහෙ වරෙන් මං ඔය මකරව අද කනවා… කියලා නිශාන්තව එලෝගෙන යනවලු පූල් එක වටේට. හඳට ගිහිං ඉද්දී පීනන්න බැහැනේ… දැන් දෙන්නම පූල් එකේ දුවනවා. වටේ පිටේ ඉන්න එවුන් නෑවෙනවා. කොහොම කොහොම හරි ටික වෙලාවකින් ලොක්කා නිශාන්තව අල්ල ගත්තා…. නිශාන්ත ඔහොම හිටපං මං අද ඔය මකරවා කනවා…. කියලා නිශාන්තගේ අතට පැනලා. පස්සේ නිශාන්තත්, ආ… එහෙනම් ඉඳා කාපිය කියලා බොසාට අත කන්න දීලා.
දෙන්නම බීලානේ. දෙන්නටම තේරුමක් නෑ මොකද්ද වෙන්නේ කියලා. පස්සේ ලොක්කා නිශාන්තගේ අත ටික වෙලාවක් හපාගෙන ඉඳලා අතෑරියා. පස්සේ ඉතිං ඒ වෙලාවේ මුකුත් අවුලක් නෑ වෙරි හිඳුනම ගෙදර ගියා.
මෙන්න ඊට දවස් දෙකකට පස්සෙ නිශාන්ත වැඩට එනවා අත බැන්ඩේජ් කරගෙන. අතේ ගහපු මකරාගේ පච්චෙ වටේට පැල ඉනි හිටෝලා වගේ දත් පාරවල්. ඒ මදිවට වටේටම නිල් පාට වෙලා. පස්සේ ලොක්කට හෙන අප්සට් වැඩේට. පස්සේ පොර කියනවලු වෙන අයිය කෙනෙකුට මෙහෙම…
බලනවා ඕයි, බිවුවම මිනිස්සු සත්තු වෙනවා, රොකට් ඇද්දම කෙලින්ම දඩයක්කාරයොම වෙනවනේ….!
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 2:14 ට
හික් හික් ලොක්කට පහුවෙනිදා ඉඳලා දඩයක්කාරයා කියලා කාර්ඩ් එකක් වැටෙන්න ඇති..
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 3:34 ට
හරියට හරි… දැන් කියන්නේ හන්ටර් කියලා….
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 2:27 ට
සිරාවට අහන්නෙ..ඇත්තටම බිව්වම ඔහොම වෙනවද මලේ..?
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 3:35 ට
අරක්කු වගේ බැලන්ස් නැතිවෙන්නේ නෑ, ඒත් එක එක අමුතු දේවල් හිතෙනවලු…. මල් බිව්වම….
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 2:28 ට
රොකට් අදිනව කියන්නෙ, හඳට යනව කියන්නෙ මොනවටද? 🙂
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 3:36 ට
අනේ බබං…. ඒ කියන්නේ මල් නෙලනවට….
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 2:28 ට
දැකලත් නැත, බීලත් නැත!
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 3:46 ට
ඇත්තටම….?
මං දෙපාරක් විතර බීලා තියෙනවා, කීප පාරක් දැකලත් තියෙනවා. හැබැයි මට නම් ඔය කියන තරම් ෆන් එකක් දැනිලා නෑ…
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 2:39 ට
අපොයි බොනවා කියලා ඔහොමත් බොනවද?…:D
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 3:46 ට
අරක්කු නෙවෙයිනේ අක්කේ…. මල්නේ…
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 2:44 ට
පව් බන් ලොක්ක….
අපේ එකෙක් නම් පුෂ්පෙ අයියට හැම තිස්සෙම කරදර කරන්න බැරි හින්ද, අපි හැමෝටමත් වදයක් නොවෙන්නත් කියල කස්ටියටම ඇති වෙන්න වැව්ව… පස්සෙ කාලෙක ඉතිං ට්‍රිප් එහෙම යද්දි අරං ගියෙ උගේ වගාවෙ පළදාවම තමයි…. සරුවට වැවුන එක පෝච්චියක් සෙට් එකකට හොඳටම ඇති 😉
සිගරට් ගනන් වැඩි කරපු වෙලාවෙ මේව ප්‍රමෝට් කරල උඹත් වවපුව ටිකක් විකුණගන්නවද්ද හදන්නෙ?…
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 3:47 ට
ඈ සිගරට් ගනන් වැඩිකරලා… එහෙමනම් අපේ අයියලට සනීප ඇති….
මං එහෙම එකක් දැනන් හිටියේ නෑ බං….
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 2:49 ට
මල ගහන්න ඕනම නෑ. බොන ගමන් ගහන උන්, හපන උන්, ගහගන්න උන් වැහි වැහැලා…
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 7:45 ට
ඒක නම් ඇත්ත අයියේ… නොබීම ඉන්න ඕනේ ඒ ලස්සන බලන්න….!
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 2:57 ට
එයාර් ෆොර්ස් එකේ නන් ඔය අතේ ගහන කුරුල්ලො ඉන්නව කියල අහල තියනව…. හැබැයි අතේ ගහන මකරෙක් ගැන ඇහැවුවමයි
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 7:04 ට
ඕනේ තරම් ඉන්නවා බං…..
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 3:02 ට
මෙහෙමත් ඔපීසියක්. උඹ කොහොමෙයි බං ඔලුව බේරගෙන ඉන්නෙ ඕකෙ.
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 7:04 ට
එක එක වෙලාවට වෙස් මාරු කරගෙන යාන්තං ගැලවිලා ඉන්නවා අක්කේ
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 3:32 ට
“පුෂ්ප මකරන්දය” කියන්නෙ ඔය මල් වලින් හදන ජාතියක් වෙන්නැති
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 7:05 ට
අපෙන් අහන්නේ ඔය අයියලා දන්නවා ඇතිනේ අපිට වැඩිය හොඳට…. 😛
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 3:59 ට
ඕනැ තාං පාවිච්චිකර තිබේ . . . නමුත් හඳ තියා තරුවක්වත් පෙනුනේ නැත . . . අරක්කු සොමියෙන් වෙනස්වූ කනේ මයිල් මද පවනේ ලෙලදෙන්නාක් මෙන් සොමි හැඟීමක් නං දැනී ඇත. කොච්චර ගැහුවත් ඔච්චර තමයි මලේ . . . .
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 7:06 ට
ඒ වුනාට මං බිව්ව පළවෙනි දවසෙනං මං මල් පෝච්චියක් එහෙම පෙරලගෙන වැටුනේ නෑලු….
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 4:18 ට
කොමෙන්ට් කරන්න ඕවා ගැන දැනගෙන ඉන්න එපායෑ….අනේ අපි නම් ඕව දන්නෙ නෑ
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 7:06 ට
ඇයි හත්තිලව්වේ ගංජා ගැන දන්නේ නැද්ද… අර ආයුර්වේද බේතක් තියෙන්නේ….
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 4:22 ට
මල් ජරාවය !!! ඉතා ගඳ ය !!! බීඩී ඊට වඩා හොද ය !!!
මල් ගැසූ විට නහුතෙට කහින්නද සිදුවේ.
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 7:07 ට
ඔන්න ඔන්න අත්දැකීම් හෙළි කරන්න අරගෙන… අපිනම් නෑ හොඳේ….
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 8:01 ට
අඩේ අයියා මම් ඔවුවා ගහලා නෑ බොල !!!! අපේ හොස්ටල් එකේ උන් ගහනවා. ඒ හන්දයි මම් කිව්වේ !!! හපෝ මම් මල්කාරයෙක් කියලා නම් කියන්න එපා. වෙන ඕනම එකක් කියව !!! 🙂
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 8:18 ට
වෙන ඕනේ එකක්… හා එල කිරි… ළඟදීම බලාපොරොත්තුවෙය….
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 10:50 ට
මධුරංගය මල් ගහන්නෙ නෑ… මල් තලනවලු… පේරා ගිය කොලුවෙක්නෙ 😉
2011 ඔක්තෝබර් 22 දින පෙ.ව. 7:14 ට
ඒකත් එහෙමද… අපි ඉතිං එව්වා දන්නේ නෑනේ බං…
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 4:22 ට
ඔයින් ගියා ඇති! ඔය මල් ගහපු එකෙක් එක්ක දවසක් මම මෝටර් බයික් එකේ ගියා. එලෙව්වෙ ඌ. අපොයි පොළවට අඟල් 2ක් විතර උඩින් වාහනේ ගියේ
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 7:08 ට
මොලේ සමහර ප්‍රදේශ ගොඩක් ක්‍රියාකාරී වෙනවා වගේම බිය කියන දෙයත් ටිකක් අඩුකරන දෙයක් කියනවනේ ඔය මල් කියන්නේ….
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 4:41 ට
මලක් ගහලා වෙලා තියන දෙයක් …….
ඔයන් ගියා මදෑ …..
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 7:09 ට
ඒ සීන් එක නෝන්ඩි වුනාට පස්සේ ලොක්කා බොන එක අඩුකරලා….!
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 5:05 ට
ඇත්තටම මොනාද අප්පා ඔය මල් කියන්නෙ…..?
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 7:11 ට
මේං මෙව්වා…. http://en.wikipedia.org/wiki/Cannabis_%28drug%29
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 8:11 ට
බොසාට නියම වැඩේ.. අර කිව්වත් වගේ මේ දිහා අමද්‍යපව බලාගෙන ඉන්න අයට ඒකෙන් මොනතරම් ෆන් එකක් ගන්න පුළුවන්ද???
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 8:19 ට
වෙලාවකට හිනා වෙවී මැරෙන්න පුළුවන් බිව්වම කරන එව්වා දිහා බලාගෙන….
2011 ඔක්තෝබර් 21 දින ප.ව. 9:53 ට
මල් ගහලා පිනන්න ගිහින් ඇති යන්තම් ගිලුන් නැතුවා
2011 ඔක්තෝබර් 22 දින පෙ.ව. 7:06 ට
මම ගැහුවේ නෑ බොල
2011 ඔක්තෝබර් 22 දින පෙ.ව. 7:06 ට
මම ගැහුවේ නෑ බොල
2011 ඔක්තෝබර් 22 දින පෙ.ව. 3:24 ට
හි හි….එත්කොට අර මොකක්ද කාණුවේ වැටුනු කථාව…මයියාගේ පෝස්ට් එකක් දාලා තිබ්බේ,,,
2011 ඔක්තෝබර් 22 දින පෙ.ව. 7:15 ට
පළවෙනි පාර ටෙස්ටින් වන් කොරන්න ගිහිං තමා ඒ. පාර දෙක වෙලා පේද්දී කාණුවෙන් අනිත් පැත්තට කකුල තිබ්බා… දඩ බඩාං ගාලා මල් පොච්චියත් පෙරලගෙන මම බිම. කකුල තියලා තියෙන්නේ හරියටම ඉලක්කේ බලලා කානුවට.
2011 ඔක්තෝබර් 22 දින පෙ.ව. 8:59 ට
අඩේ නීල් ආම්ස්ට්රෝනුත් එහෙමද දන්නෑ හඳට ගියේ.
2011 ඔක්තෝබර් 22 දින ප.ව. 1:07 ට
කියන්න බැහැ… ඔව්වා ඉතිං ඇමෙරිකාවෙන් එලි කරන එකක්යැ.
2011 ඔක්තෝබර් 22 දින පෙ.ව. 10:51 ට
ඔය ලොක්කා කියන තැනට මාළුවා කියලා රීප්ලේස් වෙන්ට ඕනිලු 😉
2011 ඔක්තෝබර් 22 දින ප.ව. 1:07 ට
මං කිව්ව කියලා හිතාගනින්…
2011 ඔක්තෝබර් 22 දින ප.ව. 12:53 ට
අඩේ සමාවෙයන් එන්න පරක්කු උනාට ඈ. පන්සලේ කටිනෙ ඊයේ බන්.. දැනුයි ඇහැරුනේ… බීපි සෙට් එකක් මැද්දේ නොබී ඉන්නවා කියන්නේ හෙන දේන්ජර වැඩක්.. හිනා වෙලා බද පැලෙන්නේ පුළුවන්,,,
ජය..
2011 ඔක්තෝබර් 22 දින ප.ව. 1:08 ට
ඒ ෆන් එක ගැන නම් කියන්න වචන නෑ බං…
2011 ඔක්තෝබර් 22 දින ප.ව. 1:14 ට
මුං එකෙක් වත් සූස්තියෙ හරි ආතල් එකක් අරං නැතිද නැත්තං බබා වීමට සැරසෙනවාද යැයි නොතේරේ…. ඒ ආතල් එක පැවසීමට සබ්ද කෝසයේ වචන නැතය…..දන්නෝ දනිතිය… ඒ නිසා කිසිත් නොකියමිය…. නමුත් එකක් කීමට තිබේ… (කිව්වට දෙක තුනක්)… අරක්කුබී සූස්ති ගසා… කවලං කොරං මඤ්ඤං වී කෙලින පිස්සු සූස්ති පිටින් යැවීම හරි වැරදය….. සූස්ති ගසූවිට රෞද්‍ර සිංහයාත් අහිංසක හාපැටියෙක් වෙනවාය…..(එහෙං මෙහෙං උතුර දකුන මාරුවී අහිංසක ආතල් (එයටම ආවේනික ) නොදෙන්නේ නොවේ..ඒ වාද පට්ටම ආතල්ය. ). ලස්සන භාව පූර්න හීතයක් වැනි දෙයක් බොක්කෙම රසවිඳිමින් පැත්තක් අල්ලං පෙත්තෙක් වගේ ඉන්ට හැකි අරුම පුදුම දෙයකි………..ඒ නිසා….
අඩේ බොලොව්,
නොදන්න **තවල් නොකියා අමුර්තාංගයක් වූ ඒ අහිංසක පානයට (සක්‍රයා විසින් සොයා ගත් – ඉතිහාස කතාව නොදන්නවානං මගෙන් අසාගනුව..) නින්දා නොකරවු….තොපි අරක්කුම බී සත්තු වෙයවු….” සූස්තියට අත නොතබනු ”
ඔන්න මාව යකා කොරගන්ට එපා හරිය……මල පැන්නොත් කාගෙන කාගෙන යනව මේ මේසෙ
2011 ඔක්තෝබර් 22 දින ප.ව. 4:40 ට
අම්මේ යකෝ….. මේකනේ හොඳම කමෙන්ට් එක…. මට සූස්තියක් නොගහත් මැරෙනකං හිනා. පුරුදු කාරයෝ කියනකොට අපි කොහොමෙයි නෑයි කියන්නේ….
2011 ඔක්තෝබර් 22 දින ප.ව. 5:51 ට
හැම එකාම සූස්ති ගැන කතා කරන නිසා මම පච්චෙ හැන කතා කරන්නම්. මාත් පච්චයක් කොටාගන්න ඉන්නෙ මේ පාර නිවාඩුවට ආවම. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ ටිපෙක්ස් වලින් තමයි කොටන්න වෙන්නෙ. මොකද කලු, නිල් රතු වලින් කෙටුවට පේන්නෙ නෑනෙ බං මගෙ ඡවි කල්‍යාණයට. ඇයි උඹ හිනාවෙන්නෙ? ගෝල්ඩ් ෆිෂ්ලගෙ නම් හම රන්වන් පාටනෙ.
2011 ඔක්තෝබර් 22 දින ප.ව. 6:08 ට
මටත් ඕකනේ අයියේ වෙලා තියෙන්නේ. අයියට තියෙනවා පොඩ් ඔප්ෂන් එකක්. දැන් තියෙනවා පච්ච කොටන්න සිරි ඉන්ක් එකක්. ඒක තමන්ගේ හමේ වර්ණයට අනුව ගන්න පුළුවන්ලු. මේකෙන් පච්චෙ ගැහුවම පච්චේ පේන්නේ, පච්චෙට ලයිට් එලියක් වැටුනම විතරලු. ඒ කියන්නේ පච්චෙ දිලිසෙනවලු. ඉතිං කලු අපිට මේ වගේ ඉන්ක් එකකින් පච්චයක් කොටා ගත්තොත් නම් සෑහෙන වටනවා. මොකද කලුවරේ ටෝච් එකක් ගැහුවම පච්චේ පෙන්නුවනම් අඳුන ගනියිනේ ආහ්… මේ එන්නේ හෙන්රිම තමා කියලා.
2011 ඔක්තෝබර් 22 දින ප.ව. 6:40 ට
ඉතින් දෙන්න එක්ක කොටාගනිමුකො දෙකක් බ්ලොග්වෝකර් සහ ගෝල්ඩ් ෆිෂ් කියලා. හික්ස්.
2011 ඔක්තෝබර් 22 දින ප.ව. 8:37 ට
හෑ… එහෙනම් ඩිංගක් ඉන්න මං වෙන ගෙයක් හොයාගන්නකං…
2011 ඔක්තෝබර් 22 දින ප.ව. 8:01 ට
දඩයක්කාරයා
2011 ඔක්තෝබර් 22 දින ප.ව. 8:38 ට
😉
2011 ඔක්තෝබර් 22 දින ප.ව. 10:57 ට
hikz..pissu hadei
2011 ඔක්තෝබර් 23 දින පෙ.ව. 7:01 ට
නැතුව නැතුව
2011 ඔක්තෝබර් 23 දින පෙ.ව. 12:45 ට
හහ් හහ් හහ් එළ සීන් එක …මගේ යාළුවත් මඩ වතුර ඇලකට පැන්නේ ඔය සද ගමනක් නිසා ….
2011 ඔක්තෝබර් 23 දින පෙ.ව. 7:05 ට
පොර මොකක් කියලා හිතලද ඇලට පැන්නෙ…
2011 ඔක්තෝබර් 23 දින පෙ.ව. 7:21 ට
අත්දැකීම් නැත , දැක නොමැත 🙂
මොනවා උනත් බොසාට ලැජ්ජ හිතෙන්න ඇති වෙරි හිඳුනට පස්සේ
2011 ඔක්තෝබර් 23 දින පෙ.ව. 7:28 ට
ඊට පස්සේ එකම ට්‍රිප් එකකට වත් ආවේ නෑ බං….
2011 ඔක්තෝබර් 25 දින ප.ව. 4:28 ට
හපොයි බන් හිනා කාල මැරෙනවා… මල් ගැන නම් කතා නොකර ඉමු… අනේ හපොයි අන්තිම වතාවට මලක් පූජ කොරන්න ගොහින් කොල්ලෙක් ජම්බු ගහෙනුත් වැටුනා…
2011 ඔක්තෝබර් 25 දින ප.ව. 7:27 ට
මං කියෙව්වා ඒක නම්…. මල් නම් මල්ම තමා නේද බං.
2011 ඔක්තෝබර් 26 දින ප.ව. 3:01 ට
අතේ ගහපු මකරෙක් ගැන ඇහුවමයි.
මල් ගැනනම් ඉතින් කවර කතාද?
ජීවිතේට එක පාරයි ගැහුවෙ දවස් තුනක් යනකම්ම හඳේ
2011 ඔක්තෝබර් 26 දින ප.ව. 7:34 ට
මට පේන්නේ කසුන් මල් පෝච්චියක්ම ගහලා වගේ…
2011 නොවැම්බර් 1 දින පෙ.ව. 11:22 ට
මට අරුන් දෙන්න පුල් එකවටෙ දුවනවා මැවිලා පෙනවා අයියා .. සිරාවටම ඔය වගෙ බොන උන් අස්සෙ බොන් නැතුව හිටියම තමා සුපිරිම ආතල් එක ගන්න පුලුවන් වෙන්නෙ 😀 😀 😀 😀
අය නම් ජිවිතෙට මලක් ගැහුව එකෙක් ලගින්වත් යන් නැ ………. 
බලහල්ලකො බොසා පස්සෙ කියලා තියන කතාව .. හික්zz .. මැන් ආස අති හඳෙ දඩයම් කරන්න .. 😀
* ඔය ජොයින්ට් / මල් ගහන එක නම් මහ කාලකන්නි වැඩක් අයියා … මටත් එක පාරක් ගෙට් එකකදි ඔය මලක් ගහපු එකෙක් සෙට් උනා … අම්ම්බො ඌ දස වදයක් දුන්නෙ අපිට එදා
2011 නොවැම්බර් 1 දින ප.ව. 12:26 ට
ඒකෙ ඔය කියන තරම් ආතල් එකක් නැහැ කියලයි බං මටනම් හිතෙන්නේ….