අපේ ස්කෝලේ හිටිය නියම යාළුවෙක් තමා නෆීස් කියන්නේ. නෆීස් කියන නම කියන්න ටිකක් අමාරු නිසා, නපියා, නපා වගේ නම් තමා කිව්වේ. හිටි ගමන් කාට හරි නපියා එක්ක තද වුනාම අඩෝ ගූ මොහොමඩ් කියලත් කියනවා. නපියා උපතින්ම මුස්ලිම්. හැබැයි ඉතිං මෑන් දෙක වසරට එද්දිත් අපිට වැඩිය හොඳට සිංහල භාෂාවේ සාහිත්‍ය හරඹ ගැන එහෙම හොඳ දැනුමක් තිබුනා.
මට මතක විදියට මං මුලින්ම ස්කෝලේ එකෙක්ගෙන් කුණු හරුපයකට කියලා අහලා තියෙන්නේ නපියා දෙක වසරෙදි කියපු කුණුහබ්බයක්… අපි ඒ කාලේ ලඟ ඉන්න යාළුවෙකුට වුනත් තමුසෙ කියලා කතා කරෙත් හෙන බයෙන්. ඒකට නපියා… ඌ දෙනවා අපිව අඹරිලා යන්න කුණුහරුප. සමහර ඒවා පළවෙනි වතාවට තමා ඇහුවේ.
ඔය කොච්චර ලොකු ටෝක් දැම්මත් නපියාගේ නම වැඩි හරියක්ම රෙජිස්ටර් වෙලා තිබ්බේ වෙන සීන් එකකට. ඒ දවස් වල අපි දෙකේ පන්තියෙ. හිටියේ උඩ තට්ටුවක තියෙන පන්තියක. පන්ති තුනකට එක හෝල් එක ගානේ තමා තිබුනේ. ඉතිං ස්කෝලේ පටන් අරං පැයක් විතර යනකොට… නහය කඩා ගෙන යන තරමේ ටොයිලට් වලක් ඉතිරුවා වගේ ගඳක් එනවා. මේක දවස් දෙක තුනක් එක දිගට වුනා. අපි ඉතිං චූටියිනේ ඒ දවස් වල, ඒ නිසා ඉතිං ඊයා…. ගඳයි කියා කියා ඉන්නවා මිසක් ගඳක් එන්නේ කොහෙන්ද කියලා හොයන්නේ නෑ… ගෑණු ළමයිනම් ලේන්සු වලින් නහය වහගෙන එහෙම තමා ඉන්නේ. අපිත් ඉතිං සුවඳ ගහන මක්කේ මක්කේ ඉඹ ඉඹ ඉන්නවා.
අපි එහෙම හිටියට අපේ පන්තියට උගන්නපු අබේවර්ධන මිස් නිකා හිටියේ නෑ. හැමෝගැනම හෙන පරික්ෂාකාරීව හොයා බැළුවා. ඔහොම බලද්දි තමා මිස්ටත් වැඩේ මීටර් වෙලා තියෙන්නේ. ඉතිං අපි ඉන්ටවල් එකට කෑම කන්න යන්නේ පහල මිදුලේ තියෙන ගහක් යටට. එතෙන තියෙන බංකුවේ වාඩි වෙලා තමා අපි හැමෝම කෑවේ. ඒක අපි දෙක වසරට ආපු දා ඉඳන්ම අබේවර්ධන මිස් පුරුදු කරපු දෙයක්. අපි හැමදාමෙත් ඔය වගේ කෑමට යද්දි වෙනදාට නපියත් උගේ මාළු පාන් එක උස්සං ආවට මේ ටිකේම ආවෙ නෑ. අපිටත් ඉතිං කෑමක් දැක්කම යාලුවෝ මතක් වෙනවැයි…. ඒක නිසා නපියා ආවද නැද්ද කියලා ගානක් නෑ. ඉතිං නපියා මොකද්දෝ හේතුවක් නිසා ස්කෝලේ ඇරිලා ළමයි ටික ඔක්කොම ගියාට පස්සෙ තමා පන්තියෙන් නැගිටලා එන්නේ. ඒක නම් එදා ඉඳන් තිබුන දෙයක් නිසා ඒකත් අපිට වැඩිය ගානක් වුනේ නෑ.
පස්සේ කොහොමරි ඊලඟ දවසෙත් අර ගඳ එනවා. ඒ පාර අපේ මිස් ගුරු පුටුවෙන් නැගිටලා ඇවිත්….
නෆීස්… පුතේ… ඔයා මේ කාඩ් බෝඩ් කෑලි දෙක කලිසමට යටින් අල්ලගෙන මේ ඇන්ටිත් එක්ක් ටොයිලට් එකට ගිහිං එන්න…. කියලා කිවුවා. ඊට පස්සේ ඉතිං අපිත් පන්තියේ යකඩ දැල ගාවට දුවලා ඒකෙ එල්ලිලා බලාගෙන හිටියා කේස් එක. නපියා යනවා මිස් දුන්න කාඩ් බෝඩ් කෑලි දෙක කකුල් දෙකේ පිටිපස්සට කරලා අල්ලාගෙන. අර ඇන්ටි යනවා නපියාට ටිකක් ඉස්සරහට වෙන්න…
දැන් ඉතිං අපිට හරි පස්නේ ඇයි මේ එකපාරටම කියලා. ඊට පස්සේ පන්තියේ වැඩට උදවුවට හිටිය ඇන්ටිත් එක්ක නපියා ටොයිලට් ගිහිං කලිසමත් මාරු කරගෙන ආවම තමා වැඩේ තේරුනේ.
නපියා තමා පන්තියේ කැත කරගන්නේ කියලා හොයා ගත්ත අපේ මිස් කරලා තියෙන්නේ, උගේ පොතේ රතු පෑනෙන් සීන් ලියලා යවලා ගෙදරට… ඒ එක්කම වැඩිපුර කලිසමකුත් එවන්න කියලා ලියලා. වෙලා තියෙන්නේ පොරට ඒ දවස් වල තදේට බඩේ අමාරුවක් හැදිලා. බෙහෙත් බිව්වම රෑට හොඳ වෙනවලු උදේට ආයෙම හැදෙනවලු.
මේකව ගෙදර නවත්තගන්න හැදුවම අඩන නිසා අම්මල අකමැත්තෙන්ම මූව ස්කෝලේ එවලා. ඊට පස්සේ ඉතිං උදේ අටේ ඉඳන් එකොලහ මාර වෙනකං අපේ නාස් වලට විසුමක් නෑ. පස්සේ ඔන්න පොර කලිසම මාරු කරගෙන හිනාවෙවී එනවා පන්තියට. ආපු ගමන් නපියාට එහා පැත්තේ හිටිය යාළුවා පොරගෙන් ඇහුවා… ඇයි නෆිස් ඔයා සනීප නැත්තං ගෙදරට වෙලා ඉන්නේ නැත්තේ කියලා…
නපියා ගත් කටටම… තමුසෙට ඒක වැඩක් නෑනේ කැ□□ කියලා ඇදලා ඇරියෑ නැතෑ පන්තියටම ඇහෙන්න. කෙල්ලෝ ගල්ගිල්ලා වගේ… අපිත් මීයට පිම්බා වගේ, ඒත් නපියා… ඌ කලිසම අස්සට අතදාගෙන ෂර්ට් එක යට කරනවා. මෙලෝ ගානක් නෑ මෑන්ට. ඒ පාර මිස් ඇවිල්ලා කන මිරිකලා පිටටත් දෙකක් ගහලා ගියා යන්න.
පස්සෙන්දා ඔන්න නපියා එනවා අම්මයි තාත්තයි එක්ක…. ආපු ගමන් පන්තියටම ඇහෙන්න නෆිස්ගෙ ලෙඩේ ගැනත් කියලා හැදියාව ගැනත් කියලා දෙමාපියන්ව පිටත් කලා. ඊට පහුවෙනිදා ඉඳන් සාමාන්‍ය පෙල වෙනකංම නපියා අපිත් එක්ක වැඩි කතාවක් නෑ… උගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්නවා. නැත්තං කාටවත් කරදරයක් නැතුව කෙරෝලේ ඩෙස් එකකට වෙලා සැපට බුදි….! හිටි ගමන් අපිත් එක්ක සෙල්ලං කරන්න එහෙම එනවා… එතාකොට මූ හොර අවුට් එහෙම ඉල්ලද්දි තමා… අඩෝ ගූ මොහොමඩ් කියලා උඹ දන්න රෙද්ද… කියලා නපියාගේ අතීතාවර්ජනයක් කරන්නේ. ආහ් අපි දෙක වසරෙදි නපියාට කිව්වේ බඩේ අමාරු නපීස් කියලා… ඒක කාලයත් එකක් මොඩිෆයි වෙලා තමා අනිත් කාඩ් එක හැදුනේ.
මට දැන් නම් හිතෙන්නේ අම්මලා තාත්තලා ගෙන්නලා සීන් එක කිව්වට පස්සේ තාත්ත මූට ගෙදර ගිහිං සලකලා තියෙනවා කාලෙකට මතක හිටින්න….! සාපෙන් පස්සෙනම් නපියාව හම්බුනේ නෑ… ඒත් ආරංචි විදියටනම් පොර දැන් දෙදරු පියෙක්…
* මේක ආගමකට අපහස කරන්න කිව්ව එකක් නෙවෙයි හරිද. මගේ පුංචි කාලේ ස්කෝලේ හිටිය යාළුවෙක් ගැන මතක් වෙච්ච නිසා ලිව්ව දෙයක්. සිංහයාත් ලියන්න පටන් අරගෙන තියෙනවා සිංහයා පැටියා කාලේ කොරපු වැඩගැන, මේ ලින්ක් එකෙන් ගියොත් ඒ ටික කියවන්න පුළුවන්.
2011 ඔක්තෝබර් 18 දින පෙ.ව. 8:14 ට
අපේ හොස්ටල් එකෙත් හිටිය “ගූ ලන්කට්” කියල එකෙක්, අනේ මන්ද ඒ කතාවත් ලියන්නද කියල හිතුන මේක දැකල…. වැඩේ තියෙන්නෙ ලියපු ගමන් කොමෙන්ට් වැටෙන්නෙ උඹට නේද මේක වුනේ කියල අහලනෙ
2011 ඔක්තෝබර් 18 දින පෙ.ව. 9:44 ට
ඔබා අංකල්ගේ කතාවකත් ලියලා දාන්න…
මට නම් සහ සුද්දෙන්ම කයතෑකි මේක වුනේ මට නෙවේ කියලා….
2011 ඔක්තෝබර් 18 දින පෙ.ව. 11:38 ට
ඉතිං ආයෙ ඕකෙ හෝදන්න දෙයක් තියෙනවැයි ඔබා අයියෙ . . . ??
2011 ඔක්තෝබර් 18 දින ප.ව. 12:15 ට
අඩෝව්…
2011 ඔක්තෝබර් 18 දින පෙ.ව. 8:31 ට
ඒක නේන්නම් මාළුවා මේ උඹට වෙච්චි දෙයක් නෙමෙයිද? 😀
2011 ඔක්තෝබර් 18 දින පෙ.ව. 9:45 ට
නෑ නෑ බං… මට දැන් වගේම විනාඩි දහයට ඔක්කොම ටික අයින් කරලා දාන්න පුළුවන්…
2011 ඔක්තෝබර් 18 දින පෙ.ව. 8:34 ට
හරියට හරි ඔබා අයියේ මේකත් වෙලා තියෙන්නෙ ගොල්ඩ් ෆිශ්ට තමයි.. මු මේ නිකං පානිය දැම්මට නේද කොලුවෝ…
2011 ඔක්තෝබර් 18 දින පෙ.ව. 9:45 ට
අඩෝව්…. නෑ බං මේක වුනේ සැබෑ මුස්ලිම් පොරකට.
2011 ඔක්තෝබර් 18 දින පෙ.ව. 8:49 ට
මට මතක් උනේ අපේ ඉස්කෝලෙ ( 5 වසරට වෙනකල් ගිය ) හිටපු හොට්ටව… ඌ හොටු පෙරා ගත්තු ගමන්මයි. එකෙක් වත් ලගට ගන්නෙ නෑ… පව්… ඒ කාලේ ඉතින් එහෙමනේ.
ඒ බන් මේක උනේ නපීස් ටද උබටද.. ඇත්ත කියපන්.
2011 ඔක්තෝබර් 18 දින පෙ.ව. 9:46 ට
අනේ අම්මෝ පිස්සයියේ මට නම් නෙවේ…
2011 ඔක්තෝබර් 18 දින පෙ.ව. 9:10 ට
අපේ ඉස්කෝලෙත් හිටියා අර කියන හොටු පෙරන කොල්ලෙකුයි පංතියම ගඳ ගස්සන එකෙකුයි. වෙලාවකට පවු කියලත් හිතෙනවා !!!
2011 ඔක්තෝබර් 18 දින පෙ.ව. 9:47 ට
දෙන්නනේ එකෙක් උඹ කියලා හිතාගත්තට අවුලක් නැහැනේ බං…
2011 ඔක්තෝබර් 18 දින පෙ.ව. 9:40 ට
හික් හික්.. ඔය එන්නේ කක්කි කතා ටික එලියට,,, ම්ම් කොහොමද අර සුවද …..
මචන් සදරුවා ගේ මොබයිල් නම්බර් එක තියේ නම් එවපන්,,
ජය…
2011 ඔක්තෝබර් 18 දින පෙ.ව. 9:48 ට
සුවඳ ගැන නම් මතක් කරන්න එපා…
2011 ඔක්තෝබර් 18 දින පෙ.ව. 11:01 ට
මේ ඇත්තම ඇත්තද?…:D
2011 ඔක්තෝබර් 18 දින ප.ව. 12:13 ට
ඔව් අක්කේ… ගොඩක් කෑලි අයින් කරලා ලිව්වේ…
2011 ඔක්තෝබර් 18 දින පෙ.ව. 11:14 ට
අඩ්ඩෝවු… ගූ මාලුවා….!!!!!
කැලනියෙත් හිටිය පොරක් ඌගෙනම ගස් බොගා…… ඌ දාන්නෙ ගස් බොග.. දන්නවෙයි කොහොමෙයි කියල…..
2011 ඔක්තෝබර් 18 දින ප.ව. 12:13 ට
කියහංකෝ බලන්න අයියේ ක්‍රමේ…
2011 ඔක්තෝබර් 18 දින පෙ.ව. 11:19 ට
පව් අප්පා මොනා උනත් පොඩි කොල්ලා.
2011 ඔක්තෝබර් 18 දින ප.ව. 12:14 ට
ඒ දවස් වල ඉතිං ඔහොම තමා. සමහරු ඉන්නවා ඔලුව පීරන්නේ නෑ… සමහරුන්ගේ ඈඟිලි පහම කටේ…
2011 ඔක්තෝබර් 18 දින පෙ.ව. 11:21 ට
පවු අර මුස්ලිම් කොල්ලා. මූට වෙච්ච ඒවා උගේ පිටින් යවලා…
2011 ඔක්තෝබර් 18 දින ප.ව. 12:14 ට
නෑ නෑ… ඇත්තටම මේක පොරටම තමා වුනේ.
2011 ඔක්තෝබර් 18 දින පෙ.ව. 11:25 ට
අනේ මන්දා මාලු. මේ දවස්වල හරියට කක්ක කේස්.
2011 ඔක්තෝබර් 18 දින පෙ.ව. 11:29 ට
පව් අහිංසකයා
2011 ඔක්තෝබර් 18 දින ප.ව. 12:15 ට
හික්… පුංචි කාලෙනේ ඉතිං.
2011 ඔක්තෝබර් 18 දින පෙ.ව. 11:42 ට
ගෝල්ඩ් ෆිශ් වෙනුවට අපිට දැං “ගූ තිත්තය, ගූ පරව” වගේ නං පාවිච්චි කරන්නත් පුලුවං නේද ???
හා බලන්න කට්ටිය යෝජනා කරන්න එහෙනං . . . . ?????
2011 ඔක්තෝබර් 18 දින පෙ.ව. 11:46 ට
ගුරාමි කියලත් මාළු ජාතියක් ඉන්නව නේද?
2011 ඔක්තෝබර් 18 දින ප.ව. 12:28 ට
ඉන්නවා ඉන්නවා… ගුරාමි කියලා ජාතියකුත්… එනවා මෙතෙන පන්දං අල්ලන්න…
2011 ඔක්තෝබර් 18 දින ප.ව. 11:54 ට
අකීකරුහිත:
++++++++++++++++ 😀
2011 ඔක්තෝබර් 18 දින ප.ව. 12:27 ට
මොනාද බං අයියේ කොරන්නේ… උම්බලකඩ කෑල්ලක් වේලගෙන ඉන්නේ නැතුව? 😛
2011 ඔක්තෝබර් 18 දින ප.ව. 1:19 ට
යෝජනා ඉදිරිපත් කිරිම සහ පන්දං ඇල්ලිම යනු එකිනෙකට වෙනස් ක්‍රියාවන් දෙකකි …. 😛
2011 ඔක්තෝබර් 18 දින ප.ව. 7:53 ට
මෙයා දැන් හෙන පන්ඩිතයා වෙලා…. හිටුකෝ….
2011 ඔක්තෝබර් 18 දින ප.ව. 4:23 ට
මොනා උනත් පව් වැඩේ ……………
හැබැයි ඉතිං හිනත් යනවා …….
2011 ඔක්තෝබර් 18 දින ප.ව. 7:54 ට
හිනා යනවා කියන්නේ, අපිට ඒ දවස් වල මැජික් වගේ වුනාට පස්සේ කාලෙකදී තමා තේරුනේ මේකට හිනා වෙන්නම ඕනේ කියලා…
2011 ඔක්තෝබර් 18 දින ප.ව. 7:14 ට
මම මේ කතාවේ ආසම තැන තමා ගඳ යන්න කට්ටිය සුවඳ මක්කේ නහය ළඟ තියාගෙන හිටපු හැටි කියන හරිය..අපිත් පොඩි කාලේ ඔය වැඩේ කරලා තියනවා ගඳක් දැනුනොත්. 🙂
2011 ඔක්තෝබර් 18 දින ප.ව. 7:57 ට
ලඟකදී නම් මක්කයක් අල්ලපු කාලයක් මතක නෑ… ටිපෙක්ස් ටිපෙක්ස්…
2011 ඔක්තෝබර් 19 දින පෙ.ව. 4:02 ට
අපේ පංතියෙත් එකෙක් හිටියා ඔය වගේම…ඌට කියන්නේ ගූ කොල්ලා කියල….
2011 ඔක්තෝබර් 19 දින පෙ.ව. 7:23 ට
අපිට හිතාගන්න පුළුවන් කාටද එහෙම කිව්වේ කියලා…. හික්… 😀
2011 ඔක්තෝබර් 23 දින පෙ.ව. 7:15 ට
අපිත් පොඩි කාලේ ගඳක් ආවහම මකනේ නහයට තියන් ඉඳල තියනවා
2011 ඔක්තෝබර් 23 දින පෙ.ව. 7:19 ට
ඒක හොඳ පුරුද්දක්…