කොල්ලෙක් උරේට හේත්තු වුනොත් තමා ඕක්කොම….

ඊයේ මං ගෙදර යද්දී ජුංඩක් රෑ වුනා. ඉතිං වාඩි වෙලා යනවා කියන්නේ ඒ වෙලාවේ හැටියට තනිකරම හීනයක්…. ඒක නිසා මුලින්ම ආපු මතුගම බස් එකේ නැගලා කකුල් පෑගි පෑගි, හිරවෙවී සැපට යනවා. ඉතිං ඔහොම ටික දුරක් යද්දී කොන්දා මල්ලි එනවා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමෙන් දීපු සීඩී එකත් දාගෙන.

දෙපැත්තෙන් අයිනට වෙලා මැද්දෙන් ඉඩ දෙන්න…. අනිත් කට්ටිය මැද පොල්ල අල්ලං ඉස්සරහට යන්න… කියාගෙන.

මං නං ඉතිං සුපුරුදු පරිදි මැද පොල්ල අල්ලං අයිනට වෙනවා. ඊට පස්සේ ඕං රැක් එකේ කුණු දූවිලි වල තත්වය යන්තමින් ඇඟිල්ලකින් පරීක්ෂා කරලා බලලා එහෙම බෑග් එකත් දැම්මා මගේ ඉස්සරහින්ම. ඊට පස්සේ කව්දෝ මන්දා එකෙක් ගහන බ්‍රේක් පාරවල් දෙක තුනකට සෙට් වුනාම මං හිටියේ බෑග් එක රැක් එකට දාපු තැන නෙවෙයි. එක්කෝ බෑග් එක දුවලා, එහෙම නැත්තං මං දුවලා.

කොහොම හරි ඊට පස්සේ වට පිට බලද්දී බෑග් එක රැක් එකේ තියෙද්දී මාව තල්ලු වෙලා ටිකක් ඉස්සරහට ඇවිල්ලා. පස්සේ ඉතිං නිකමට වගේ මං හිටිය තැන සීට් එක දිහා බලද්දී…. කිරි අප්පුච්චියෝ… ස්වීට් කෙල්ලෙක්…. අනේ පවූවූවූවූ…. ඒ ළමයට දොයි මතේ…. එහාට වැනෙනවා මෙහාට වැනෙනවා… අර කරුමක්කාරයා බ්‍රේක් ගහන කොට ක්ෂනිකව ඇහැරෙනවා ආයෙ ඊලඟ මොහොතේ නිදි.

ඉතිං ඔහොම ටික දුරක් ආවාම ගෑණු ළමයට හොඳටම නින්ද ගිහිං, සීට් එකේ අයිනේ හිටිය පිරිමි කෙනාගේ උරේට ඔලුව තියාගෙන. ඇත්තටම හෙනම පවු අප්පා. ගෑණු ළමයා කොහෙ හරි වැඩ කරන කෙනෙක්. සෑහෙන මහන්සි ඇති. ඒ නිසාම සීට් එක හම්බුන ගමන් වාඩි වෙන්න ඇති. ඒත් ඉතිං නිදා ගන්න නොහිතුවත් නින්ද යන්න ඇති. පස්සේ ඉතිං මං බැළුවේ එයත් එක්ක හිටිය අනිත් පිරිමි කෙනා දිහා. පොරත් අවුරුදු 35ක විතර කෙනෙක්. මෑන් කිසිම සද්දයක් නැතුව අර ළමයට ඔළුව තියාගෙන ඉන්න දීලා හිටියා. ඇත්තටම කිසිම වැරදි හැඟීමකින් බලන්න වෙන දෙයක් සිදු වුනේ නෑ… අර සමහර අයියලා කැරපොත්තෝ බෑග් වල දාගෙන ගිහිං ගෑණු ළමයින්ව බය කරලා ගුටි කෑවා වගේ දෙයක් නම් සිදු වුනේ නෑ කොහෙත්ම.

ඉතිං ඊළඟ මොහොතේ මට නිකමට වගේ හිතුනේ, වැරදිලා හරි කොල්ලෙකුට නින්ද ගිහිං කෙල්ලෙක්ගේ උරහිසකට ඔය විදියට ඔලුව බර වුනානම් එහෙම… කොහෙන් නවතීද කියලා. එක්කෝ කොල්ලා ඉප්පිරිතාලේ, එහෙම නැත්තං අතක් පයක් කඩලා බස් එකෙන් එළියේ….

පේනවද වෙනස… බස් එකේදී වැරදිලා හරි අතක් ඇ‍ඟේ ගෑවුනොත් රවන රැවිල්ල ‍කොහොමද…? ඉස්සර කතා පොත් වලින් දැක්ක ආලවක යකාගේ ඇස් දෙකට වැඩිය හපන් ඒ රැවිල්ල. ඇස් දෙක දොඹ ගෙඩි ගානට බැරි වුනත් ඊට චුට්ටක් ලඟින් යන්න හරි ඇස් දෙක ලොකු කරලා තරහ ගන්න කැත…. කොල්ලෝ හැම තිස්සෙම නරකයි කියලා හිතන කෙල්ලන්ට මේ වගේ සිද්ධි ගැන ටිකක් හිතන්න වෙයි.

හැම ගල් කැටයක් දිහාම කළු කන්නාඩි දාන් බැළුවම මැණික් ගලුත් මිස් වෙන්න පුළුවන්. ඒ වගේ තමා හැම පිරිමියා දිහාම එක වගේ බැළුවම හොඳ ගතිගුණ තියෙන අයවත් නිකංම අතෑරෙනවා….!

ඉතිං ඔය පඬිකල්පනා හිත හිත ඉන්න කොට බස් එක පානදුරේ ඉප්පිරිතාලේ ගාවටම ඇවිත්. එතනින් අර ගෑණු ළමයා බැහැලා යන්න ගියා. අර පිරිමි කෙනා මං බහින කනුත් බස් එකේ හිටියා. මං ඒ වෙලාවේ තමා හොඳටම දැන ගත්තේ මේ දෙන්නා දන්න කියන දෙන්නෙක් නෙවේ කියලා. නොදන්න ගෑණු ළමයෙකුට තමන්ගේ උරහිසේ ඔලුව තියාගෙන යන්න දුන්න වුනත් කවදාකවත් ගෑණුකෙනෙක් එහෙම නොදන්න පිරිමි කෙනෙකුට ඔලුව තියාගෙන යන්න දෙන්නේ නෑනේ…. ඒක එහෙම කරන්න එපා කියන්නත් බෑ, කරන්න කියන්නත් බෑනේ… කෙල්ල බැහැලා ගියා, පිරිම කෙනාත් ෂටර් එකට ඔලුව තියාගෙන ලාවට නිදා ඒත්‍‍‍‍…. අන්තිමේ මං බස් එකෙන් බහින මොහොතේ මට තමා ලෙහා ගන්න බැරි ගැටලූවක් ඇතිවුනේ, ඉස්තිරී වර්ගයා ගැන….!

74 Responses to “කොල්ලෙක් උරේට හේත්තු වුනොත් තමා ඕක්කොම….”

  1. Gimhani Says:

    එකඟ වෙමි .. මටත් මේ පිලිබඳ අත්දැකීමක් තියනවා . සිරීපාදේ යනකොට බස් එකේදී ලඟ හිටපු පොලිස් මාමෙක්ගේ උරහිස උඩ මම දොයිලු. එයත් පව් කියල සද්ද නැතුව ගිහින් …

  2. විසිතුරු | visituru Says:

    හ්ම්ම්ම්……. මටත් හිතාගන්න බෑ…… අපූරු කට්ටියක් තමයි ස්ත්‍රී වර්ගයා කියන්නේ

  3. praveena Says:

    ලාවට දන්න කියන අයටත් පාර ගහලා තියනවා…:D:D:D

  4. පූසා Says:

    ඒකට හේතුවක් තියනවා මචං. පොඩ්ඩක් හිතලා බලපන්කෝ කෙල්ලෝ කොල්ලන්ට උරහිසේ ඔළුව තියාගන්න දුන්නොත් උඹ කවදාවත් කොල්ලෙක් ඉන්න සීට් එකකින් වාඩි වෙයිද? එහෙමත් නැත්තම් කෙල්ලෙක් ගාවින් වාඩි උනාම නින්ද නොයා තියෙයිද? 😀

  5. මධුරංග Says:

    මටත් ඔහොම සීන් එකක් තියෙනවා. දවසක් මම් නුවර යනකොට කෙල්ලෙක් මගේ උරහිසේ නිදි. බැරි වෙලාවක වත් මට එහෙම නින්ද ගිහින් කෙල්ලෙක්ගේ උරහිසේ ඔලුව තිබ්බා නම් කන සාක්කුවේ දාගෙන එන්න තිබ්බා. හොද වෙලාවට එහෙම උනේ නෑ. මාත් ඉතින් ඒ කෙල්ලගේ උරහිසට හේත්තු වෙලා නිදාගත්තා !!! 🙂

    වැඩේ කියන්නේ කෙල්ලෙක් ලඟ ඉන්නකොට මට නින්ද යන්නැති එකනේ. හික්ස් 🙂

  6. Bunny Says:

    අර මදුරංග කිවා වගේ මට නම් බස් එකේ නින්ද යන්නෙම නැහැ.. කරුමේ කියන්නෙ මෙච්චර කලකට කෙල්ලෙක් මගේ ලගින් වාඩි වෙලා නැනේ 😀 එක්කො ඇන්ටිලා එක්කො අක්කලා 😀 එක්කො මට පේන හැටිද මංදා O_o

  7. Gayan Rupasinghe (සිංහයා) Says:

    මටත් ඔහොම සීන් එකක් උනා.. ඉස්කෝලේ යුනිෆෝම් පිට.. මම ඉන්නවා සීට් එකේ වීදුරුව පැත්තේ නෙවෙයි අනික පැත්තේ,,, මට පිටිපස්සේ සීට් එකේ අපිත් එක්කම ඉස්කෝලේ යන දිනිති කියල කෙල්ලෙක්… මම නිදි.. එහා පැත්තේ ලස්සන අක්කා කෙනෙක්.,.. ටිකක් වෙලා යනකොට මට දැනෙනවා එකෙක් මගේ උරහිසට අනිනවා රිදෙන්න…/// ඇහැරලා බලනකොට මම අර අක්කගේ උරහිසට හේත්තුවෙලා නිදාගෙන තියෙන්නේ,, මට පිටිපස්සේ උන්නු දිනිති මගේ උරහිස කොනිත්තල තියෙන්නේ..

    අර අක්ක නම් යන්තමට හිනා උනා.. කොහෙද මේ දිනිති වැඩේ චා කලානේ,,

    ජය..

  8. Chanaka Says:

    ඇත්තමයි මචං ඕක මටත් තියෙන ප්‍රශ්නයක් බලමුකො පල්ලෙහාට හම්බුවෙන උත්තර මොනාද කියලා..

  9. ශානු Says:

    හප්පා මමත් මේ ලඟදි දවසක ඔහොම දොයියන් ගියාලු

  10. Weni Says:

    ඔව් අෆ්ෆා හිතා ගන්න බැරි දේවල්නෙ වෙන්නෙ .. බස් වල යනකොට .. !

  11. tharindu Says:

    ඔවු බන් ගිය සතියේ මටත් ඔය වැඩේ වුනා..මමත් ඉතින් සත්ව කරැණව දන්න කොල්ලෙක් නිසා එ කෙල්ලට ඩිස්ටබ් කරන්න ගියේ නෑ..එ කෙල්ලත් ශොක් කොට්ටේ කියලා ( වෙන්න ඇති ) හොදට නිදා ගත්තා…..මම බහින තැනට එනකන්..බහින්න කිට්ටුවෙලා කතා කරනකන් දෙහිවල ඉදන් හොදට නිදි…….

  12. KC Says:

    ඔක තනිකරම කාන්තාධිපත්ය…. ඔකට විරුද්දව අපි නැගී සිටින්න ඕනේ.නැගී සිටින්න බැරිනම් අඩු ගානේ කෙල්ලෙක්ගෙ උරහිසේ නිදා ගන්නවත් ඕනේ.

  13. fero.. Says:

    bus eke ninda gana kiyaddi matak une,mama meeta aurudu 8 kata kalin A/L class walata gampaha awa.eth mama nuwara.gampaha idan nuwara yaddi une.nuwara bus eke suuuuuu…… gala senaga.kolaba nuwara bus ekakata magadi naggama sapa kohomada dannawane…
    ane mat poth tikath Tulip bag ekka dala ellagena miris watta handiyen bus ekata nagga,kiuwa wage kattiyage rawili gerawili,erawili atare kakul udin gihin mada polle ellila bus eke madata wenna ainakata set una,ane nuwara idan gampahata ude 7 weddi enna pandarama enna onane,e nisa mata hawasa yaddith nidi matai.
    ane mama sat wechchi tana seat eke aine police mamek hitiye.mama mahansiyatai nidi mathatai polle ellilama hitagenama nidi.. !!! watawak kaudo gahuwa break parakata mawa wisiwela gihin aharuna.mama dakka police mama balan innawa,bus eka aith yanawa… mama aith hitagenama waula wage as piya gatta.ane podda durai giye… policiye unat e karunika hithak thibba mahathmaya nagitala,”malli mahansi neda,wadi wela nida ganna,koheda bahinne mama ahara wannam” kiyala mata seat eka dunna… e wele tamai “wana siupaun wani minisun mada,dewi dewathwun wani minisun atha” kiyana eka aththak bawa therune

  14. පිණිබිඳු Says:

    ඒ උනාට හිතන්න මල්ලි එහෙම කොල්ලෙක් උරහිසට හේත්තු වෙලා නිදාගත්තම ඒකට මුකුත් කියන්නැතුව ඉඩ දුන්නොත් ඔයාලම කියන්නැද්දි ආ ඒකි නම් දාගන්න ලේසියි ෆාස් නම්බර් එකක් කියලා.

  15. හපා Says:

    “හැම ගල් කැටයක් දිහාම කළු කන්නාඩි දාන් බැළුවම මැණික් ගලුත් මිස් වෙන්න පුළුවන්” ඕක තමා වෙන්නෙ ඉතින්. එක අතකට ඉන්න සමහර උන්ගෙ හැටියට එහෙම නැතුවත් බෑ.

  16. X-Porter Says:

    ආයිසප්පා…..මාලුවා පිනාචෑන්ස් එකක් වැදිලා වගේ… ඔන්න ඩයිපර් කාරයා යමරෙට බිරේක් ගහද්දිත් මාලුවා ඉන්නවලු පස්ස විකාගෙන බයිසිකල් හඬල් එකක් ගිලපු රිලව වගේ හෙල්ලෙන්නෙවත් නැතුව… කෙලි පැටික්කිට ඇහැරෙයි කියල …කෙල්ලගෙ කුනුකෙල පෙරිච්ච ශර්ට් එකත් හෝදන්නැතුව තියාගෙන ඉන්නවලු මතක් වෙන්න කියල…..

    දවසක් හාවෙක් ආවලු කොටියෙක් ගාවට අනේ අනේ මාව මරං කාපංකො අනේ කියාගෙන….

  17. දුශ් Says:

    අපි නම් bus එකේ ගිය කලේ bus උඩ පොල්ලේ එල්ලිලා ගියේ තිරස් අතට.. එතකොට ඔය කාගෙවත් අගේ ගවෙන්නේ නැ නේ.. නැත්තම් ඔය ගැනු පරණ වලින් ජීවිතේ බේරාගන්නවා බොරු..
    හැබෙයි ඉතින් bus වල යන අය්යල දිහා බැලුවම එහෙම නැතුවත් බැ, ඒගොල්ලන්ට වරෙද්දක් කියන්නත් බැ.. හොදම වැඩේ.. පුළුවන් තරම් bus වල නොයා ඉන්න එක..

  18. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    මගෙ මිතරයෙක් වතාවක් බස් එකේ නින්ද ගිහිල්ල එහා පැත්තෙ හිටි ගෑනු කෙනෙකුගෙ උරහිසට ඔලුව තියල . . . මේ ගෑනි මූට බැන්නම මූ දීල තියෙන උත්තරේ මොකක් කියලද හිතන්නෙ . . . ???

    “මට නිදාගන්න කොට්ට ඕනෙ”

  19. නලින්-සමනලුන්ට වෙඩිතියන්න Says:

    ස්ත්‍රී වර්ගයා තේරුම් ගන්න ස්ත්‍රීයක්ම වෙලා ඉපදෙන්න ඕන. 😀

  20. රූ Says:

    අනේ මාළුවත් දකින දේවල්.
    අපේ මාමාටත් දවස්ක් ඔහොමම වැඩක් වෙලා..එයත් ඉතින් කට වහගෙන ඇවිල්ලා.
    හැමෝම කියන්නේ ගෑනු ළමයෙකුට මෙහෙම වැඩක් වුනොත් ගමකට බැනුම් අහන්න වෙනවා කියලා.
    කොහොම වුනත් මට ප්‍රශ්නේ තමයි මේ පුරුශ පාර්ශවය කවදාවත් කටක් ඇරලා කියලා තියනවද ඔය වගේ ගෑනු ළමයින්ට “මේ..මට පාඩුවේ බස් එකේ යන්න දෙන්න මගේ ඇඟට හේත්තුවෙලා නිදා ගන්න එපා කියලා?“.. හික්ස්….(තමන්ගේ නිදහස වෙනුවෙන් නැගී සිටින්න!!!)

    (හැබැයි මෙහෙම කියලා වෙන දේවලුත් අනිවා තව පෝස්ට් එකක දාන්න හොඳේ)

    • ගෝල්ඩ් fish Says:

      නෑ අක්තේ අපි කෙල්ලන්ට වැඩිය හෙන සංවේදියි. ඇත්තට මට නම් බෑ කෙල්ලෙක්ව එහෙම නැගිටපං යෝදියේ කියලා කතා කරලා ඇහැරවන්න…. පවුනේ අප්පා. පොඩ්ඩක් වැඩ කරත් ගොඩක් මහන්සි දැනෙනවා කියලා දැන දැන කොහොමද හෙම්බත් වෙලා ඉන්න කෙල්ලක්ව ඇහැරවන්නේ.

  21. pissa palaamalla Says:

    දැන් ඒ මනුස්සය එහෙම හිටියට උබ වගේඋ එකෙක්ගෙ උරිස්සට ඔලුව තියන් නිදාගත්තොත් ඒ දැරිවිට මොනව වෙයිද…. ඒකනේ බන්… උබල වගේ උන් අතරෙ අර වගේ මිනිස්සුත් ඉන්නවා….

    හික් හික් හික්….. මට ඔහොම වෙලා නෑනෙ ඔච්චර බස් වල ගිහින්… සික්

  22. හිස් අහස Says:

    අපෝ බං අපේ ඉස්කෝලේ ටීචර් කෙනෙක්ගේ ඇඟේ වැරදීමකින් බුවෙක් හැප්පිලා ඒ ටීචර් පොලීසි ගියා කියපංකෝ ! අනේ සංසාරේ .. ගෑනු ජාතිය නම් කිසි දවසක තේරුම්ගත නොහැකිවේවි

  23. henryblogwalker Says:

    උඹේ කටේ මසුරන් දාන්න වටිනවා මාලුවො. ඕක මාර කේස් එකක් තමයි. පිරිමින්ගෙ අයිතිවාසිකම් ගැන කතා කරන්න මොකෙක්වත් නෑ. මේකත් වැඩිය කතා කරන්න ගියොත් කක්කා බාල්දියත් තමයි මොකද අර කිව්වත් වගෙ කැරපොත්තො බෑග් වල දාන් ගිහින් කකුල අතගාල ගුටිකන උන් ඉන්නෙත් අපි අතරෙමනෙ.
    henryblogwalker the Dude

  24. කස්සා Says:

    ඉස්තිරිය ඔහොම තමා.ඔයාලව මවනකොටම වෙච්ච වැරැද්දක්.ඔය ගැන හිතන්න යන්න එපා බං.

  25. Black King Says:

    “හැම ගල් කැටයක් දිහාම කළු කන්නාඩි දාන් බැළුවම මැණික් ගලුත් මිස් වෙන්න පුළුවන්” ඒත් බන් කලු කන්නාඩි දාගෙන බැලුවෙ නැතිනම් මැණික් ගල් කියල ගල් කැට වලටත් රැවටෙන්න පුලුවන්

  26. ගලයා Says:

    පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමෙන් දීපු සීඩී එකත් දාගෙන.
    මොනවා උනත් මේ පදේ මරූ….
    ම්ම්ම් මම නම් දවසක් ඔහොම නින්ද ගිහින් බලද්දි බැඳපු අක්කෙක්ගේ උරේ….
    හික්z මට බැන්නෙ නැද්ද ඇහැරවලා…වෙලාවට කොල්ලො සෙට් එකට පින් සිද්ද වෙන්න කණ බේරං ආවා..ස්ත්‍රීන් මාරයි තමා….

  27. කළු පූසා Says:

    මම දවසක් 138 බස් එකේ හෝමාගමට යද්දී කෙල්ලෙක් ඇවිත් මගේ ලඟින් ඉඳගත්ත. ඊට පස්සේ ටික වෙලාවක් යද්දී කෙල්ල මගේ ඇඟේ :).( ඔන්න මම ඒ කෙල්ලගේ ඇඟට ටිකක් හර බර උනානම් මට එන්න වෙන්නේ අතක් පයක් කඩාගෙන 😦 ) ඒ උනාට අපි හොඳ හැදිච්ච කොල්ලෝ වශයෙන් මුකුත් කියන්නේ නැතුව ( තව බරවෙන්න නංගි කියල හිතාගෙන )ජනේලෙන් එලිය බලාගෙන යනවා . ටික වෙලාවක් යද්දී කෙල්ලගේ ඇත හෙලවෙන නිසා මම හිමිට ඇහැක් දාල බලනකොට මෙන්න කෙල්ල sms එකක් ගහනවා. ( තාමත් කෙල්ල මගේ ඇඟේ ) කොහොමහරි හොමාගමෙන් බස් එකෙන් බහිනකල් කෙල්ල හිටියේ මගේ ඇඟේම තමයි.:P
    ඒක නෙමෙයි Best part ඒක ( මම ගිය බස් එකේ seat ටිකක් උසයි. පිටි පස්සේ සිට් එකේ ඉන්න එකාට ඉස්සරහ වෙන්නේ මොකක්ද කියල පෙන්නේ නැහැ. )

    මම බහින්න නැගිටිනකොටම පිටිපස්සෙ සිට් ඒකෙන් ආපු පොරක් ගිහිල්ල කෙල්ල ළඟ ඉඳගත්ත. එතකොටයි මට තේරුනේ කෙල්ල කොල්ලව පිටි පස්සේ සිට් එකේ තියාගෙන ඉඳලයි මගේ ඇඟේ නගින්න හදල තියෙන්නේ. 😛 විශ්වාස කරන්න අමාරුයි වගේ උනාට මේක ඇත්තම සිද්දියක්.

    මචන් මට හිතෙන විදිහට
    ලංකාවේ සංස්කෘතියත් එක්ක කෙල්ලෝ ඔහොම කොල්ලෝ දිහා රවල බලන්නේ නැතුව ඕන කෙනෙකුට ඇඟට හේත්තුවෙලා දොයියගන්න දුන්නොත් , කොල්ලෝ ඒ වගේ කෙල්ලෝ ගැන හිතන්නේ කොහොමද කියල උඹල , අපි දන්නවනේ.
    ඔන්න ඇමරිකාව වගේ රටක නම් තමන්ගේ පෙම්වතිය තමන්ගේ යාළුවා kiss කලත් ප්‍රශ්නයක් නැහැ. එක ඇමරිකන් සංස්කෘතිය. 🙂

  28. ඔබ නොදු‍ටු ලොවක් Says:

    සම්පූර්න ඇත්ත කථාව..බැරි වෙලාවත් පිරිමියෙක් ඔහොම කරානං අර කැරපොත්තා බෑග් එකේ ගෙනිච්ච එකාට වෙච්ච දේ තමයි වෙන්නේ…….පුදුම ලෝකයක්නේ……..

  29. dinesh umagiliya Says:

    ඕවා ගැන කල්පනා කරලා වැඩක් නෑ අයියේ.. ඔවා ඔහොම තමයි.. අපි කෙල්ලෙක්ට බැන්නොත් හැමෝම කියයි අපෝ අරූ කෙල්ලෙක්ට කතා කරන්න දන්නේ නෑ නේ කියලා.. බැරිවෙලාවත් කෙල්ලෙක් අපිට බැන්නොත් ඒ මිනිස්සුම කියාවි අර කොල්ලා මොකක් හරි වැරැද්දක් කරන්න ඇති කියලා.. අපේ තත්වේ ඔහොම තමයි දැන්…

  30. Observer Says:

    මාළුවා,
    හොඳට චෙක් කොරල බැලුවද අර පොර කෑම්පින් ගිහින්ද හිටියෙ කියල?

  31. budhajeewa Says:

    පිස්සු විකාර. මොකා උනත් බස් එකේ යනකොට අනුන්ට කරදරයක් නොවී යන්න ඕන.

  32. පන්සල් හංදිය Says:

    කොල්ලෙක් වැරදිලා හරි කෙල්ලෙක්ගේ උරහිස්සට ඔලුව තියාගෙන ගියොත් ඒ කෙල්ල හිතේ අවුලක් නැතුව හිටියත් අනිත් උන් ඒ කෙල්ල දිහා බලන්නෙ වපර ඇහින් ………….

    ඒත් කොල්ලෙකුට ඒක එච්චර බලපාන්නෙ නැහැ මම හිතන්නෙ ……….

    කොල්ලෙකුට උනත් බැඳලා නං අනිවා කේස් ……..

  33. Bindi Says:

    දුකයි තමයි මක් කරන්නද .කොහොමද අහිංසක අය අඳුන ගන්නේ .අපිට පොඩි කාලේ ඉඳන්ම බස්වල වැඩිය හම්බ වෙන්නේ ජැක්සන්ලානේ. අනික නිකමට හරි ඉඩ දුන්න කියමු . ඊට පස්සේ ඒ කෙල්ලව අර රස්සාව කරන ගානට ගණන් ගනියි වට පිටේ අය . ඔන්න ඕකයි මාළුවෝ තත්වය . කොහොම වුනත් ගැහැණු පිරිමි දෙගොල්ලම පරිස්සම් වෙන එක හොඳයි . ඔය අනුකම්පාවට ගිහින් පොකට් එකට විද ගන්න තමයි වෙන්නේ .

  34. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    ඈ ගොල්ඩ් තාම අර ඉස්පිරිතාලේ ගාව බොක්කුව හදනවාද ?
    මම හිතනවා අර බස් එකේ උරහිස දුන්න අයියාගේ පවුල තාමත් නොකැඩි ඇති කියලා ඔය වගේ දේවල් හෙන භයානක දේවල් නෙව.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: