මෙන්න බඩු ටික…

මෙන්න මම නුවරඑළිය ට්‍රිප් එකේදී ගත්ත ටිකක් විතර හොඳ තත්වයේ තියෙන ෆොටෝ ටිකක්. මේවා 1600px X 1200px ප්‍රමාණයට තියෙනවා. කැමති අයට ඩවුන් කරගන්නත් පුලුවන්.


 

 
මේ ෆොටෝ එක ගත්තේ නුවරඑළිය ට්‍රිප් එකේ පලවෙනි දවසේ නාවතැන් ගත්ත රම්බොඩ හෝටලයේ පහල තියෙන රම්බොඩ ඇල්ල පාමුල තියෙන ගල් තලාව උඩ ඉඳලා. ඇල්ලට විරුද්ධ පැත්තෙන් තමා ඉර බැහැගෙන යන්නේ.

 

 

 

 

මේ ෆොටෝ එකත් රම්බොඩ හෝටලයෙම ගත්ත එකක්. මට මතක විදියට ඒ හෝටලයේ තිබ්බ හැම විදුලි ලාම්පු ආවරණයක්ම මේ වගේ තමා. මේ ආවරණය හදලා තියෙන්නේ පුංචි පුංචි ලී පතුරු වලින්.

 

 

 

 

මේක සූරියකාන්ත මලක්… තිබුනේ කොහෙද කියන්න නම් මතක නෑ… මොකද මේ වගේ සූරිය කාන්ත මල් දහයක් විතර ෆොටෝ ගත්තා.

 

 

 

 
මේ ෆොටෝ එක ගන්න නම් සෑහෙන කට්ටක් කන්න වුනා. මොකද මේ පුංචි කෘමියා ෆොටෝ එක ගන්න කොටම ඉගිලෙනවා. ඉතිං මට මතක හැටියට කෘමියා නැතිව ෆොටෝ දහයක් විතර වදින්න ඇති…මේ මල තිබුනේ නුවරඑළියේ වික්ටොරියා උද්‍යානයේ. මේ සතා මී මැස්සෙක්නම් නෙමේ. ඊට ටිකක් ලොකු එකෙක්. (සමහර විට රට මී මැස්සෙක්ද දන්නේ නෑ… ලොකු එකෙක්නේ)

 

 

 

 

මේ මල් වර්ගෙනම් මොකද්ද කියන්නේ දන්නේ නෑ. කොහොම හරි මේ මල දකින්න තිවුනේ ග්‍රෙගරි වැව අයිනේ තියෙන ගලක් ගාව. ලස්සනට හදන එකක්ද කැලේට හැදෙන එකක්ද කියන්න  දන්නෙත් නෑ… කොහොම හරි නුවරඑළියේ කැලේට හැදෙන මල් වලින් වැඩි හරියක් එහෙ මිනිස්සු, ඉහල මිලකට කොළඹ අවට ප්‍රදේශ වලට අලෙවි කරනවා.

 

 

මේ තමා නුවරඑළියේ ග්‍රෙගරි වැව. මේ ෆොටෝ එක ගත්තේ පාන්දර හයට විතර. ඒ වෙද්දි එහෙටනම් ටිකක් විතර එළිය වැටිලා… ඇතින් පේන්නේ නුවරඑළිය – වැලිමඩ පාර හා ඊට උඩින් තියෙන කඳු ගැටයක තියෙන ගෙවල් වගයක්. ඒ අස්සෙන් උඩට ඉස්සිලා කූරු කූරු වගේ තියෙන්නේ දුරකථන සම්ප්‍රේෂන කුළුණු කීපයක්.

 

 

 

මේ ඩැන්ඩලයන් කියන මල් වර්ගයේ ප්‍රභේදයක්. මේකට ටිකක් හයියෙන් පිම්බොත් හරි හුළං පාරක් වැදුනොත් හරි මේ මලේ පුලුං වගේ රේණු ඒවයේ බීජත් එක්ක පාවෙලා ගිහිං වෙන කොහෙහරි තමන්ගේ ජනාවසයක් බිහිකරනවා. මේ මල තිබුනේ අපි ලැගුම් ගත්ත නවාතැන පොලේ මල් පාත්තියක…

 

 

67 Responses to “මෙන්න බඩු ටික…”

  1. පන්සල් හංදිය Says:

    මාර ඇහැක්නෙ මලයට තියෙන්නෙ ………
    පටිටයි ඈ ……….

  2. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! Says:

    ලස්සන රූප ටික , හොඳ ඇහැක් තමයි … එතකොට අර ආන්දෝලනාත්මක ඡායාරූප කෝ ???

  3. Bunny Says:

    අර ටැග් එක දාපු ෆොන්ට් එක නම් මාර ගති 😀

  4. පූසා Says:

    මං කලිනුත් කිව්වද කොහෙද…. අන්තිම පොටෝ එකනම් පට්ටයි මචං!

  5. praveena Says:

    ලස්සන “මල්: පින්තූරු ටික. Dandelion Flowers දැක්කාම ” Little House on the Prairie” කතාව මතක් වෙනවා.
    මම ආසම මල සූරියකාන්ත…:)

  6. Gayan Rupasinghe (සිංහයා) Says:

    පින්තුර ටික නම් අයෙ කියල වැඩක් නෑ. උපරිමයි….

    අර වැව ගාව තිබ්බ සුධු පාට මල කැලේට වැවෙන එකක් මගේ හිතේ…

    ජය…

  7. Chanaka Says:

    උඹ ලස්සන් ෆොටෝ ටික හංගගෙන කැත ඒවා ටික මෙතන දැම්මා නේද ? කැතයි හොඳේ ??

  8. Gimhani Says:

    හරිම අපූරු පිංතූර ටික මල්ලී.සුන්දරත්වය හරියාකාරයෙන් දකින්න පුලුවන් ඇහැක් තියෙන්නේ ඔයාට ….

  9. බුද්ධි Says:

    පොටෝ ටික මරු…….! කලර්ස් නියමෙට තියෙනවා. ක්‍රොප් කරන එකයි, කැමරා කෝණ ගැනයි තව ටිකක් බැලුවනම් තව ගතියක් ගන්න තිබ්බා!

  10. X-Porter Says:

    වර්ධණීය ලක්ශොන පෙන්නුම් කරනවා……මාලුටැංකියෙන් හොනඳ පොටෝ කාරයෙක් බිහිවෙන්ට වගේ යන්නෙ…. දිගටම කොරගෙන පලයන්…..පොටෝ කොරනය ගැනත් සංකල්ප ගැනත් හොඳට හදාරපන්…නැත්තං ඇතුල පුස් වෙනව.උඹට වරද්න්නෙ නෑ……සෝක් ඇහැක් නොවැ උඹට තියෙන්නෙ… ඕක සහ උඹගේ චින්තනේ තව පොලිස් කොරල ගනිං….. “ඔබට සුබ අනාගතයක්….”

    කෝ අර *ක වල් සහ *න වල්…. ඒවටිකත් දැම්මනං උඹේ ඇහැ ගැන හරියටම ලකියන්න තිබුනා…..ඒ අංදලෝකෙ ආත්මෙ කොටගත් ටිකත් දාපං බං. කැතවැඩ නොකර….ඕං ඕං උම්බ ඉති පොර වෙන්න යනවනේ……ඌරන්ට මොන සවුක්කෙද…..

  11. hansi Says:

    හරිම ලස්සන ෆෝටෝ ටිකක් දැක්කමත් ආස හිතෙනවා..

  12. Observer Says:

    මල් පින්තුර ටික මරු, කෝ එතකොට අර අනිත් කිව්ව පින්තුර ටික?

  13. henryblogwalker Says:

    ඇස්වහක් කටවහක් නෑ හරිම ලස්සනයි. ඉතුරුවත් දානවද මොකද?

  14. රූ Says:

    හරිම ලස්සන පින්තූර ටික මාළුවෝ…මී මැස්සා මලේ වහලා ඉන්න පින්තූරෙ නම් මරු. මාත් ඔය වගේ එකක් ගන්න try කරලා තියන නිසා මේක කොච්චර අමාරුද කියලා. තැන්කූ මේවා බෙදාගත්තට මලේ.

  15. Kasun Chanaka Says:

    මේ, සාතන් අයිය කියනව වගෙ ෆොටෝග්‍රැපි කෝස් එකක් කලොත් නරකද? මේ තියන හැකියාවත් එක්ක පට්ටම තැනකට යන්න පුලුවන් එතකොට.

  16. දුමී Says:

    සිරා ෆොටෝ ටික මල්ලි…. ෆුල් ප්‍රොෆෙශනල් ලූකින්….!

  17. නවම් Says:

    හැමෝම හොඳ කියල තියන එකේ මං මක්කටෙයි ඒකම කියන්නෙ.

    බොලේ යමං මේව ප්‍රින්ට් කරං කලාභවනෙ වැට අයිනට. මට 25% ඉතුරුව බොට. ඊලඟ පාර ගන්න කොට මෙලෝ සතෙකුට තේරුං ගන්න බැරි පිංතූර ටිකකුත් ගනිං. ඒවට සෑහෙන්න ඉල්ලුම.

  18. ලකී වික්‍රමසිංහ Says:

    මාළු යාලුවාට මාර ඇහැක්නේ තියෙන්නේ. පින්තූරු ටික පංකාදු පහයි ඕං! 🙂
    මම මේ තකහනියක් ආවේ ඔයාගේ පරණ පෝස්ට් එකක් කියවලා. ඔයාගෙයි ජනූ අක්කගෙයි පෝස්ට් දැකලා මාත් ඉතින් ඒකක් ලිව්වා

    http://thoughtsoflucky.blogspot.com/2011/10/blog-post_17.html

  19. මධුරංග Says:

    නියම ෆොටෝ ටිකක් අයියා. මම් ආස අර මැක්‍රෝ ලෙවල් එකේ ෆොටෝ වලට !!!

    මේ ටික සේව් කරගත්තට කමක් නෑ නේද ? 🙂
    වෝටර් මාක් එක දාලා නිසා අවුලක් නෑනේ. 🙂

    ඒක නෙමෙයි අයියා, අර පහලින් කලුපාට තීරුවක් වැටෙන්නේ ඇයි ෆොටෝ වල ? මේ සෙට් එකේ නම් නෑ.

  20. හිස් අහස Says:

    බොකු බඩවැල් කූල් වෙලා යන පින්තූර ටික මචං . ඇත්තටම ලස්සනයි මම වැඩිය කැමති උඩ ඉඳන් 5 වෙනි පින්තූරෙට

  21. dinesh umagiliya Says:

    අයියා නියම ෆොටොග්‍රෑපර් කෙනෙක්නේ.. ලස්සනයි ඇත්තටම.. මම ආසයි මේ සොභාදහමේ ෆොටෝ වලට…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: