තමුසේ නුවරඑළියේ ගියේ ගෑණූන්ගේ □□ුයි…. □ු□වලුයි ෆොටෝ ගන්නද ඕයි…?

මේක විහිළු කතාවක් වගේ වුනාට හෙන ඩෑන්ජොරොස් කතාවක්. කොටින්ම කෙල්ලෝ තුන් දෙනෙක්ගේ පශ්චත් භාග නිසා පවුලක් අවුල් වෙන්න ගිහිං බේරිච්ච එකක්. අම්මෝ ඇත්තමයි මට නම් තාමත් මැවී මැවී පේනවා…. ලෙලදෙන හැටි… පස්ස නෙමේ, අයිනේ තිබ්බ කොඩි ගස් වල එල්ලුන කොඩි.

මේකයි කතාව, අපි නුවරඑළි ගියානේ. ඉතිං අපි හොඳ…….. ෆන් එකක් ගත්තා. අපි ට්‍රිප් එක ගියේ කොල්ලෝ විතරක් වුනාට කෙල්ලෙක් නැතුව මොන ෆන්ද…  ඉතිං ඔහොම හිතපු අපි දෙවෙනි දවසේ හවස් වරුවේ ගියා‍ ග්‍රෙගරි වැව ගාව පොඩ්ඩක් සැරිසරන්න‍. මේ වගේ දෙයක් මං නොලියන්න හිටියා වුනාට වෙලා තියෙන දේ හැටියට හා සිද්ධියට අදාල එකා මට ඇවිත් කතාව කියපු විදියට නොලියා බැරිවුනා. මොකෝ ඉතිං මෑන් මේ මගුල කියවනව කියලයැ….

කට්ටියට මතක ඇතිනේ මං කලින් පෝස්ට් එකේ ලිව්වා කොල්ලෝ වගයක් බාසිකල් වලින් වෙට්ටු දාන්න ගිහිං කෙල්ලෙක්ගේ බාසිකලේ එක්ක ටැපලිලා වැටුනේ නෑ කියලා. ඉතිං විශ්වාස කරපල්ලා වැටුනේ නෑ කියන්නේ වැටුනේ නෑ,…

ඊට කලින් අපි කට්ටිය ඒ ගෑණු ළමයින්ගේ ෆොටෝ ගත්තෙත් නෑ. මොකටද නිකං බොරු කියන්නේ… ඒ ළමයි අපේ ෆොටෝ එකක් නං ගත්තා. එකෙක් යාන්තමින් කියනවා වගේ ඇහුනා මෙහෙම පූසෝ අපේ පැත්තේ නැහැනේ… අරගෙන ගිහිං මීයෝ එන තැන් වලින් තියමුය කියලා. ඇහුනේ නෑ වගේ උන්න එක වෙනම කතාවක්. ඒත් ඉතිං පොඩ්ඩක් තද වුනා. ඒ නිසා කව්ද නොසන්ඩාලයෙක් කෙල්ලෝ තුන් දෙනාට යන්න දීලා මෙන්න මේ වගේ ෆොටෝ එකක් ගත්තේ නෑ….

ඕක බලාගෙන හිටිය තව එකෙක්…. ඌ අනිත් එකාට වැඩිය අවුරුද්දයි වැඩිමල්. දැන් බැඳලා ළමයෙකුත් ඉන්නවා. තව නැවක් එන්නත් බලාගෙන ඉන්නවා. ඉතිං පොර බැන්දයි කියලා හෝමෝන වල ක්‍රියාකාරීත්වය අඩු වෙලා නැහැනේ. කොටින්ම අපිට වැඩිය හොදට පොරගේ මීටර් වැඩ. රසාස්වාදය තමා ඉතිං. ඒ පාර අර කලින් එකා පොටෝ එක ගන්නවා දැකපු මූත් උගේ බැස්ටි බැහැපු කැම් එක කොහොම හරි අමාරුවෙන් ඔන් කරගෙන ගත්තා එකම එක ෆොටෝ එකක්… ඒ එක කෙල්ලෙක් දෙකට ‍නැමිලා සපත්තුවේ ලේස් එකක් ගැට ගහද්දී වරාය එහෙම අපූරුවට දිලිසෙන එකක්. ආහ්… සොරි සොරි… දිලිසෙන නෙමේ… දිස්වෙන එකක්.

ඉතිං ඒ තමා මෑන්ගේ කැම් එකෙන් අවාසන වශයෙන් ගන්න හම්බුන පික් එක. ඊට පස්සේ ගෙදර යනකම්ම වෙන කිසිම ෆොටෝ එකක් ඒ කැම් එකෙන් ගන්න බැරිවුනා. ඒ පාර දැන් ඉතිං ගෙදර ගියා කියමුකෝ. ගිය ගමන් මූ ඇඳුම් ටික එහෙම හෝදන්න දාලා කැම් එකත් චාජ් කරගෙන…. වයිපරේව ඇ‍ඳේ පැත්තකින් තියාගෙන, පොඩි එකාව ඔඩොක්කුවෙන් තියාගෙන, තාත්තගේ ට්‍රිප් එකේ විස්තර පෙන්නන්න අරගෙන.

මුලින්ම ඉතිං සිරි සිරි ගාලා ලෙන්ස් ටික ඇරිලා එහෙම ඔන්න ඩිස්ප්ලේ මොඩ් එකට දාන ගමන් කැම් එක වයිපරේට දීලා…. දැන් කැම් එක වයිපරේ අතේලු. ඩිස්ප්ලේ මොඩ් එක ආපු ගමන් මේං තියෙනවලු…. පට්ට සිරා □□ දෙකක්. මල මගුලයිලු…. අන්තිමට ගත්ත පින්තූරෙනේ මුලින් පේන්නේ… ඉතිං ඒ‍කේ අර දිලිසෙන… නෑ නෑ … දිස්වෙන □□ දෙකක් පේනවලු…. මෑන්ස්ට කට උත්තර නෑලු. ඊට පස්සේ වයිපරේ එක පාරක් ගස්සලා කරලා එහෙම ආපස්සට තියෙන එව්වා බලන බටොං එක එබුවලු. අනේ සංසාරේ කියලා ගෑණිට හිතිලා තියෙන්නේ එතකොට තමාලු. ඊළඟ එකේ අර උඩ එකේ වගේ කෙල්ලෝ තුන් දෙනාගේ ඊට වැඩිය හපන් ලස්සන ෆොටෝ එකක්ලු.

දැන් මෑන් කැම් එක ගන්න හදනවලු වයිපරේගේ අතින් මේකි දෙන්නෙම නෑලු. ඉතුරුවත් බලමු කිය කිය ඉන්නවලු. ඊට පස්සේ ඔන්න මල් වගයක්, එතකොට දිය ඇල්ලේ පින්තූර වගයක් එහෙම තියෙනවලු. මෙන්න ආයෙම කොටු කොටු එකක්ලු. වයිපරේට අසූහාරදාහට කේන්තියිලු. පොඩි එකාටත් අවුරුද්දක් වත් නැති වුනාට ඌත් තාත්තා වගේම අරවා දිහා සෙවල පෙර පෙර බලාගෙන ඉන්නවලු.  ඉතිං පොඩි එකා ඉන්න නිස‍ා තාත්තට සැරෙන් බයින්නත් බැහැනේ…

ඒ පාර වයිපරේ මෑන්ස් ගෙන් හීනියට ඇහුවලු…

ඈ… මිනිහෝ …. තමුසේ නුවරඑළියේ ගියේ ගෑණූන්ගේ □□ුයි…. □ු□වලුයි ෆොටෝ ගන්නද ඕයි…? කියලා.

අර යකාත් ඉතිං තැනට සුදුසු මො‍ලේ පාවිච්චි කරලා එහෙම කිව්වලු… මං නෙමේ ඕවා ගත්තේ වෙන එකෙක්… කියලා උගේ ෆොටෝ එකකුත් හොයලා… ආහ් මේ ඉන්නේ… මේ තලෙලු බුවා තමා මේ ෆොටෝ ටික ගත්තේ කියලා එකෙක්ව පෙන්නලා.

දැන් ඉතිං හිතා ගන්නලා ඒ ගල් මූසලයා පෙන්නලා තියෙන්නේ කාවද කියලා….!

ඒ මදිවට මූ කියලා ඊට පස්සේ අපි ගත්තේ ගෑණුන්ව නෙමෙයි ඔය අයිනේ හිටෝලා තිබුන කොඩි ටික… කියලා.ඊට පස්සේ ඉතිං මොනා වුනාද දන්නේ නෑ… මං හිතන්නේ දවස් තුන හතරක් යනකං ඌට වාරකං කාලෙ උදාවෙයි වගේ.

 

Advertisements

59 Responses to “තමුසේ නුවරඑළියේ ගියේ ගෑණූන්ගේ □□ුයි…. □ු□වලුයි ෆොටෝ ගන්නද ඕයි…?”

  1. විසිතුරු | visituru Says:

    හෙහ් හෙහ්! ඔයින් ගියා ඇති! මටත් තියෙනවා ඕකට ටිකක් සමාන අත්දැකීමක් තියෙනවා…. 😛

  2. පූසා Says:

    මටනම් හොඳටම සුවර් ඒ පොටෝ එක ගත්තේ අර තලෙලු බුවාමයි කියලා…… කොහොමද මම එච්චර සුවර් කරන්නේ? මේකයි… මම මගේ ඇස් දෙකටම දැකලා තියනවා තලෙලු බුවා කැමරාවක් අතේ තියං ඉන්නකොට ගන්නේ මොන වගේ පොටෝද කියන එක! 😀

    • ගෝල්ඩ් fish Says:

      ඔය දාලා තියෙන එක නම් ගත්තේ තලෙලු බුවා තමා…. අනිත් එක මෙතෙන දාන්න බැහැ බං… කොටු දාන්න වෙනවා.

    • ගිනි කුරුල්ලා Says:

      ඔව් ඔව් බන් ඌම තමා පොටො එක අරන් තියෙන්නේ…

  3. සාතන් Says:

    ඌට දෙයියන්ගෙම පිහිටයි…. උඹටත් ඔය සෙතේම තමයි යශෝදරාව උ‍ඹේ කැම් එක බැලුවොත්…. පරිස්සම් වෙයන්…

    • ගෝල්ඩ් fish Says:

      යසෝධරාවට කලින් අපේ අම්මගෙන බේරගන්න එපැයි බං…

      මේ උඹේ දෙක වේලෙනවනේ බං… අළුත් එකක් දාපංකෝ…

  4. නදී Says:

    ඩෑන්ජොරොස් කතාවක්??ඒකියන්නෙ?

    • ගෝල්ඩ් fish Says:

      ඒ කියවන්නේ අති භයංකාර ගෘහ්ස්ත ප්‍රචන්ඩත්වය මත පදනම් වුන ක්‍රියාදාම සහිත කතාවක්…

  5. Chanaka Says:

    පොඩ්ඩක් පැහැදිලි මදි, ඌ උඹව පාවල දුන්නෙ ඇත්තටම ඒවා ගත්තෙ උඹ නිසා නේද ? අනිත් ෆොටෝ ටිකත් බැලුවනම් හරියටම කියන්න තිබුනා කවුද ගත්තේ කියල…

    • ගෝල්ඩ් fish Says:

      උඹ කපටියා… උඹ හදන්නේ අනිත් ෆොටෝ ටිකත් බලාගන්න නේද….

  6. ChammA Says:

    පොරට දවස් ගානක් යනකන් බත් කාඩ් එක කැපිලා යන්න ඇති…අනේ අසරණයා..

    • ගෝල්ඩ් fish Says:

      අම්මට හුඩු ඒක තමා ඹූ මේ ටිකේම කැන්ටින් එකෙන් කෑවේ එහෙනම්… මට ඒක මීටර් වුනේ නැහැනේ…

  7. ~ChAnDiKa~~ Says:

    අම්මපා මාලුවත් ගන්න පොටෝ. අනේ අනික් උන් හන්දා මේ අහිංසක මාලුවට වෙන්නෙ නස්පැත්තිමයි. 😀

    • ගෝල්ඩ් fish Says:

      වැඩක් නෑ බං ඒ ගැන කියලා… දැන් මට උගේ වයිපරේගේ මූන බලන්න විදියක් නැතුව ඉන්නෙ…

  8. Weni Says:

    ලස්සන දේවල් දැක්කහම කවුද අප්ප ෆොටෝ ගන්නෙ නැත්තෙ ????

  9. මධුරංග Says:

    තලෙලු එකා කිව්වේ අර බ්ලොග් ලියන එකාට නෙමේ වෙන්ටෑ.
    යන්තන් අමාරුවෙන් කොටු වලට එන අකුරු ටික පුරෝ ගත්තා. 🙂

  10. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! Says:

    මටත් ශුවර් ෆොටෝ ගත්තේ තෙලෙලු බුවාම තමයි

    • ගෝල්ඩ් fish Says:

      හරි හරි ඉතිං මාත් ගත්තා තමා…. ඒත් ඉතිං ඌ මාව පෙන්නලා තියෙන්නේ මං නොගත්ත එහෙකටනේ…

  11. X-Porter Says:

    මාලුවො උඹ ගෝල්ඩ් fish එකෙක් නෙමයි කට්ට අංකුට්ටෙක්….උඹ හිතුවෙ අපි ඇන්ඳා කියල….නෙ……අපි අහුවෙයි ඕවට….. මේක උනේ උඹට… යශෝදරා ඇද්ද වලිය….වැ‍ටුනා නඩුවක්… උඹ අර අහින්සක එකාව මාට්‍ටු කරා…..හරි දැන් අත්තටම කියපන් උඹේ තහනං නියෝගෙ ඉවරවෙන්නෙ කවද්ද කියලා…. නැත්තං අපිට කියවන්න වෙන්නෙ උඹ හො‍ටුපෙර පෙර ලියන විරහ පෝස්ට් තමයි…..

    • ගෝල්ඩ් fish Says:

      යශෝධරා වලිය ඇද්ද නම් එහෙම මං ඉවරයි. වෙලාවට එයා කැම් එක ඉල්ලුවේ නෑ ලඟකදී

  12. Observer Says:

    ඉහත කොමෙන්ට් වල අංශු මාත්‍රයක සත්‍ය තාවයක් තියේනම් මාළුවාට හොටු පෙරාගෙන විරහ ගී ලිවීමට සිදු වනුයේ උගේ කට නිසා නොව උගේ කැමරාව නිසාය.

    • ගෝල්ඩ් fish Says:

      ඔබා අංකල් 10000%ක් විතර හරි වගේ…. මං නහින්නේ ඕක නිසා තමා.

      • Observer Says:

        “10000%” මාළුවා ගණිතය ඉගෙන ගන්නේ කතන්දර බ්ලොග් සයිට් එකෙන් බව මගෙ ඔබ්සර්වේෂන් එකය්

      • ගෝල්ඩ් fish Says:

        අනේ මන්දා එව්වා නම්…

  13. Gayan Rupasinghe (සිංහයා) Says:

    හික් හික්/// මල හත්තිලව්වයි…. මේ මේක බොට නෙවෙයි නේද උනේ,,, හික් හික්

    ජය……

  14. praveena Says:

    අපොයි අර පින්තූරේ ඉන්න ගෑනු ලමයි තුන්දෙනා හන්දද අර වෆිෆ් කෑගැහුවේ? පව්…:D

  15. කෝඩුකාරයා Says:

    බුදු අම්මෝ…..මාර ඩේන්ජොරොස් වැඩක්නෙ වෙලා තියෙන්නෙ.ඔය ෆොටෝ එක ගත්තු එකා තලෙලු මාලුවෙක් එහෙම නෙමෙයිනෙ?

  16. සාබිත් Says:

    උඹ ලඟදි දොහක නම් ඒ පැත්ත පලාතේ යන්න එපා 🙂

    • ගෝල්ඩ් fish Says:

      නෑ නෑ බං… ආයේ ට්‍රිපක් ගිහිං හොඳ පොටෝ ටිකක් පෙන්නන කං යන්නේ නෑ…

  17. henryblogwalker Says:

    මාලුව නහින්නෙ කාචය නිසයි.©henryblogwalker

  18. ~ChAnDiKa~~ Says:

    මම වරායක් දැකලා නැහැනෙ බං 😦

    • ගෝල්ඩ් fish Says:

      අනේ බබා…. උම දැකලා තියෙන්නේ කෝච්චි ස්ටේෂන් විතරයිනේ නේද බං.

      • anonymoz Says:

        වරායක් kiyanne mokakda banz?

      • ගෝල්ඩ් fish Says:

        ඇත්ත නම දාලා ප්‍රශ්නේ අහපං, උත්තර හම්බුවෙයි ගමකට….

  19. ඔබ නොදු‍ටු ලොවක් Says:

    අනේ ආසයි ඔය වගේ වරායක් බලන්ට…මරු සීන් එකක් නේ වෙලා තියෙන්නේ……

  20. The Lion Says:

    මටත් සැකයි සිංහයා කිව්වා වගේ මූට වෙච්චි දේ වෙන එකෙක්ගේ පිටින් යවනවාදෝ කියලා ……..:D

  21. Kasun Chanaka Says:

    තරහ යන සාදාරනයි නේ දෙයියනේ. ඕනම නම බලල විතරක් එන්න තිබුනනේ, මේ යකා ෆොටෝත් ගහගෙන ඇවිත් නේ.

  22. tharindu Says:

    එල එල.මරැ කතාව

    • ගෝල්ඩ් fish Says:

      හික්… මරුදත් අහනවා… අන්න අහේ අර යකාට වයිපරේ තාමත් දෙහි කපනවලු.

  23. පන්සල් හංදිය Says:

    යකෝ මල් වාලුවො අහිංසක පවුල් කඩන්න එපා ……….

  24. ගිනි කුරුල්ලා Says:

    සිරාවටම අර තලේලු බුවා තමා ෆොටෝ අරන් ඇත්තේ..

  25. නලින්-සමනලුන්ට වෙඩිතියන්න Says:

    මං හිතන්නේ තලෙලු බුවා තමයි ගෝල්ඩ් fish අයියා.හැබැයි මොනවා වුනත් අර අයිනේම ඉන්න රෝස පාට නංගි හෝ අක්කාට පෝෂණ සහණාධාරයක් දෙන්න වෙනවා

  26. ඔබ නොදු‍ටු ලොවක් Says:

    මම ඉන්නේ හෙන කාන්තාරයක …මොන වරායවල්ද….දූවිලියි….ගිනි අව්වයි විතරයි……

  27. pissa palaamalla Says:

    හක් හක් හක්….. උබ කෝකටත් තව කාලෙකට ඒ පැත්තෙ යන්න එපා…. ලොවෙත් නෑ ඕයි…. හක් හක්


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: