ගල් වලට ඇස් තියන, ආලෝකයක් නොදකින ගල් වඩුවා…

දැනට අවුරුදු දහයකට විතර කලින්, ටිකක් කළුවර දවසක අපේ තාත්තා මාව එකක්ගෙන ගියා ගල් වැඩ කරන තාත්තගේ යාළුවෙක් ගාවට. මට මතකයක් නෑ කොයි පළාතෙද කියන්න. අපි ගියේ උවමනාවකට නෙවෙයි තාත්තට, තාත්තගේ යාළුවා කරපු ආරාධනයක් නිසා. ඒ ඉතිං දවල් කෑමකට.

අපි ගෙදරින් පාන්දරම පිටත් වෙලා එහෙට යද්දි දවල් දහයමාරට විතර ඇති. අපි යද්දිත් තාත්තගේ යාළුවා බරටම වැඩ. මං නං බය වුනාද මන්දා ඒ අංකල්ව දැකලා. මුනයි කටයි ලේන්සුවකින් බැඳගෙන ඇස් දෙකට ගොගල්ස් වගේ අයිටම් එකක් දාගෙන… අළුම අළු පාටයි මුළු ඇඟම. හරියට නිකං අද්භුත සතෙක් වගේ. පස්සේ ඉතිං එයා නාලා කරලා ආවම තමා හියටම මුන බලාගන්න පුළුවන් වුනේ. ඒ වැඩපල වටේටම එක එක ජාතියේ ගල් පිළිම. බුදු පිළිම, දෙවි රූප, වංගෙඩි වගේ එව්වා…. පිංතාලිය කියන වතුර පුරවන භාජනේ වගේ එව්වා… වගේ ගොඩක් දේවල් තිවුනා. ආහ්…. රෙඩි මේඩ් සොහොන් ගල් වගේකුත් තිවුනා.

ඊට පස්සේ ටිකක් කතා කර කර ඉඳලා මාවත් එකක්ගෙන ගියා ගල් වැඩ කරන තැන බලන්න. එතෙන දැක්කම පුදුම හිතෙනවා. හැම තැනම පුංචි පුංචි ගල් පතුරු. ලොකු උල්, පැතලි මුවහත් ආයුධ. තව කෙරෝලක ටිකක් ලොකු මැෂින් එකක්. ඒ කළු ගල් ඔපදාන මැෂිමක්ලු. ඊටත් එහායින් ඒ අංකල් එක්ක වැඩ කරන තවත් කීප දෙනෙක් බරටම වැඩ.

ටික්…ටික්… ගාලා ටිකක් බරට මිටිය වැදෙනවා කළු ගල් කෑල්ලක් උඩ තියෙන යකඩයකට. ඊට පස්සේ ටික වෙලාවකින් පොඩි පොඩි ආයුධ වලින් ඒ ගල් පතුර හූරලා වගේ අයින් කරාම මෙන්න එතෙන අමුතු රූපයක් මැවී ගෙන එනවා. අපි ඉස්සර එක වසරෙදි ක්ලේ වලින් එක එක රූප හැදුව විදියට ඊට වඩා බැරෑරුම්ව මෙතෙන කලුගල් වලින් එක එක රූප හදනවා. සෑහෙන මහන්සියක් දරලා, ගොඩක් ඉවසීමෙන් තමා එතෙන වැඩ කලේ.

වැරදිලා හරි හදාගෙන යන ගල් රූපයක එක පතුරක් හරි වැරදිලා ගැලවිලා ගියොත් ඒ රූපය මොහොතකට ඉවත් කරනවා. ඊට පස්සේ ආයෙමත් වෙන කෙනෙක් ලව්වා ඒ කපාගෙන ගිය එක ටිකක් පුංචි කරලා ආයෙමත් කප්පනවා. එහෙම තමා එතෙන වැඩ කෙරෙන්නේ. ඒ වගේම ඔය හැම තැනම තියෙන කළුගලුත් නෙමෙයි කිව්වා ඒ වගේ එව්වට ගන්නේ. අපි ඔය නිතර දෙවේලේ දකින කලු ගල් තරම් තද නැති, ඉක්මනට පතුරු ගැලවෙන්නේ නැති කලු ගල් විශේෂයකින්ලු ඒ රූප අඹන්නේ. පස්සේ  ඒ අංකල්ම තමා කිව්වේ ඉස්සර අපේ පැරණි අය දැනගෙන හිටියලු කලුගල් මෙලෙක් කරන බෙහෙතක් ගැනත්. ඒ බෙහෙ‍ත යම් ක්‍රමේකට පාවිච්චි කලාම කලු ගල් ඒ තියෙන තද ගතියෙන් මිදිලා තරමක් මෙලෙක් වෙනවලු. ඊට පස්සේ ගහක් පතුරු ගහනවා කලු ගල පතුරු ගහන්න පුළුවන්ලු. ඉතිං දැන් නම් ඒ බෙහෙත් මොනාද කියලවත් දන්න කෙනෙක් නැහැයි කිව්වා.

ඉතිං හදිස්සියෙම මට මේ සීන් එක මතක් වුනේ සුනිල් එදිරිසිංහ මහත්තයාගේ අළුත් ඇල්බම් එකේ තියෙන සිංදුවක් නිසා… ඔයාලා අහලා ඇති… ඒත් කමක් නෑ ආයෙම අහලා  බලන්න.

මේකෙන් මට හිතෙන විදියට කියවෙන්නේ  අර වෙන සිංදුවක කියවෙන සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ වගේ දෙයක්ද මන්දා….! තාත්තගේ යාළුවා නම් බැඳලා. අක්කලා දෙන්නෙකුත් හිටියා. ඒත් මේ සිංදුවේ කියවෙන ගල් වඩුවා නම් එහෙම නෑවගේ. කොච්චර කලු ගල් වලට ඇස් තිබ්බත් මොකටද තමන්ගේ ඇස් දෙකට හරියට පාර පෙන්නන ආලෝකයක් නැතිව….!

මේ සිංදුවට ලඟදී දවසක ජනාධිපති සම්මානයත් හමුබුනා. මේ සිංදුවේ ගී පද රචනය රාජි වසන්ත වෙල්ගම හා සංගීත නිර්මාණය දර්ශන රුවන් දිසානායක යන අය. පුළුවන්නම් සුනිල් එදිරිසිංහ මහත්තයාගේ “මල් වැහි පොද” කියන ඇල්බම් එක අරගෙන අහලා බලන්න. ලස්සන සිංදු සෙට් එකක්. අනිත් එක තමා කාගෙන් හරි ඉල්ල ගත්ත mp3 කරපු ඇල්බම් එකක් නම් අහන්න එපා. ඔරිජිනල් ඕඩියෝ CD එක අරගෙන අහන්න. මට දැනුන විදියට ඔරිජිනල් CD එකේ තියෙන ගතිය කිසිම වෙලාවක mp3 එකකින් ලැබෙන්නේ නෑ… පුළුවන් කමක් තියේ නම් අඩුම ගානේ 2.1 සබ් එකකටවත් සෙට් කරලම අහන්න. නිංසකලංකෙ සිංදු ටික අහද්දි දැනන හැඟිම කියාගන්න වචන නැතුව යයි…!

39 Responses to “ගල් වලට ඇස් තියන, ආලෝකයක් නොදකින ගල් වඩුවා…”

  1. dinesh umagiliya Says:

    රළු කළු ගල් සියිමැලිවට
    ඔප දමන ඔබේ දෑතේ ගොරෝසුව
    නොපෙනෙන තරමට සොදුරුව
    කළු ගලකට ජීවය දෙන අපූරුව…

  2. Nisupa Says:

    මටත් හිතාගන්න බෑ ඉස්සර මිනිස්සු කොහොම ඒ වගේ නිර්මාන කලාද කියලා.

  3. abeetha Says:

    මේ සිංදුව ගැන දැන් බ්ලොග් පෝස්ට් බර ගානක් පළ වුනා…. මම හිතන්නේ වැඩිම බ්ලොග්පෝස්ට් ගනනක් පළවුනු සිංදුවත් මෙය වෙන්න ඇති….

  4. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    දැං මල්ලි හරියටම බලාගත්තද ගල් වැඩ කරන හැටි ????

  5. මධුරංග Says:

    වෙලාවකට නම් ඔය මිනිස්සු ගැන පුදුමත් හිතෙනවා. මාරම ඉවසීමක් තියෙන්න එපැයි ඔහොම නිර්මාණයක් කරන්න.

  6. praveena Says:

    ගල් වඩුවෝ දැකලා නෑ. ලී කැටයම් කරන අයව නම් දැකලා තියනවා. ඒක උනත් හරි අමාරුවෙන් කරන කාර්යක්.
    මේ ගොල්ලන්ට නම් බලන, බලන දේට සිංදු මතක් වෙනවා. අපි සිංදු දන්නෙත් නෑ… 😦

  7. henryblogwalker Says:

    මාලු, මං එව්ව ලින්ක් එක ගැන මුකුත් කියලා නෑ. ඒක බැලුවද? අද කීවෙනියද?

    http://botd.wordpress.com/top-posts/?lang=si

    ඇත්තටම මම නම් දැකලා නෑ පිළිම නෙලන හැටි
    henryblogwalker the Dude

  8. ලොකු ජොන් Says:

    මට හිතෙන්නෙ “කලුගල් මෙලෙක් කරන බෙහෙත” කතාවෙන් ඒ අයගෙ නිර්මානශීලී හැකියාව ආපස්සට දැමීමක් කියලා. කොහොම උනත් මෙ අය ගැන කතා කල එක අගෙයි.

  9. Observer Says:

    ගල් වැඩ කරන අය හෝ ඒව කරන තැන් ගැන කියෙව්වෙ පලවෙනි වතාවට. සින්දුව අහන්න විදියක් නැහැ තාම වැඩ, ගෙදර ගියාම අහන්නං.

    (ඉස්සර බොරැල්ලෙ කනත්ත ඉස්සරහ වටරවුමෙන් බී. එම්. අය්. සී. එච්. පැත්තට හරෝල යන පාරෙ තිබුන, සොහොන් කොත් හදන ලොකු වැඩ පොලක්, එතනට කිව්වෙ ඒ කාලෙ “ගල් කපන වත්ත” කියල)

  10. Chanaka Says:

    ඉසුරුමුණියෙහි පැතැලි ගලක හිඳ
    ආලයෙ ලීලය පෑ
    විශ්මිත ගල් වඩුවානණි ඔබ හට
    අප ණයගැති නොවෙදෝ

  11. පන්සල් හංදිය Says:

    ඔන්න මලයා මමත් ආවා ටැංකිය පැත්තෙ සෑහෙන කාලෙකින්, දැන් දැන් ඔය ශිල්පෙ දන්න අය අඩුයි …….
    ඉස්සරහට නැත්තටම නැති වෙයි, සිංදුව ගෙදර ගිහිල්ලම අහනවා ………

    තාම ඔය තාත්තගේ යාලුවා ඉන්නවද ………

  12. pissa palaamalla Says:

    ඔය සින්දුව ගැන හුඟාක් කතා බහ ඇති උනා… අමුතුම හැඟීමක් එනවා ගීතය අහද්දි… ගල් වැඩ පොලකට නම් ගිහින් නෑ… ඒත් කලු ගල් කඩන තැන් නම් දැකල තියෙනව… ඒ මිනිස්සු විදින දුක දැක්කම… හ්ම්ම්…

  13. maathalan Says:

    අපිත් හොඳ ගල් වඩුවෝ තමයි ඒ කාළේ. ඔය ගල් බුරුල් වෙන බේත පට්ට බොරුවක්. රාවණගේ දඬුමොනරේ වගේ තමයි.
    දැන් කීයක් හම්බ වෙන්වද ඔය ඇඩ් එකෙන්..

  14. විසිතුරු | visituru Says:

    ඔය කියපු ගල් මෙලෙක් කරන කතාව ඇත්ත වෙන්න ඕනා. අපේ පුරාණ ගල් කැටයම් වල සියුම් බව දැක්කම ඒ බව විශ්වාස කරන්න පුළුවන්!

  15. Gayan Rupasinghe (සිංහයා) Says:

    මචන් මට නම කවදාවත් ගල වඩුවෙක් වෙන්න බෑ.. මොකෝ මට ඉවසීම නෑ නේ..

    ජය,,

  16. X-Porter Says:

    මේ මාලු මල්ලි, දැන් එතකොට ඔය ගල් වැඩ වලට කොච්චරක් විතර ඉවසීම ඕනෙද….ඔයා පොඩි කාලෙ ඉඳල ඔය වැඩ කරා කිව්වනෙ. ඒකයි ඇහුවෙ…එතකොට ඔයාටත් ඔය ගල මෙලෙක් වෙන බෙහෙත දාලද ඔය වැඩේ කොලේ……අනික ඒකාලෙ එක වඩුවෙක්ද හිටියෙ.. නත්තං වඩුවො සැට් එකක්ම හිටියද……..

  17. Gayan Rupasinghe (සිංහයා) Says:

    යකෝ දහම් පාසල් ගුරුවරයෙක් කියල එහෙමත් ඉවසන්න පුලුවන්ද… උබ කියනකොට මටක් උනේ,, ඊයේ නංගි කෙල්ලව හම්බුනා,,, නංගි කෙල්ල කියනවා “අයියා ඉස්සර අපිට ඉගැන්නුවා කාලේ වගේ නෙවෙයිලු දැන්.. හරිම නපුරුයි ලු,,” හික්.. මම ගිය සතියේ එකෙක්ට දුන්නා හොද පාරක්.. ප්රිෆෙක්ට් කොල්ලෙක්ට හු කියල… ඒක දැකල තමයි නංගි මැණික බය වෙලා තියෙන්නේ,,

    ජය..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: