තමුසේ නුවරඑළියේ ගියේ ගෑණූන්ගේ □□ුයි…. □ු□වලුයි ෆොටෝ ගන්නද ඕයි…?

මේක විහිළු කතාවක් වගේ වුනාට හෙන ඩෑන්ජොරොස් කතාවක්. කොටින්ම කෙල්ලෝ තුන් දෙනෙක්ගේ පශ්චත් භාග නිසා පවුලක් අවුල් වෙන්න ගිහිං බේරිච්ච එකක්. අම්මෝ ඇත්තමයි මට නම් තාමත් මැවී මැවී පේනවා…. ලෙලදෙන හැටි… පස්ස නෙමේ, අයිනේ තිබ්බ කොඩි ගස් වල එල්ලුන කොඩි.

මේකයි කතාව, අපි නුවරඑළි ගියානේ. ඉතිං අපි හොඳ…….. ෆන් එකක් ගත්තා. අපි ට්‍රිප් එක ගියේ කොල්ලෝ විතරක් වුනාට කෙල්ලෙක් නැතුව මොන ෆන්ද…  ඉතිං ඔහොම හිතපු අපි දෙවෙනි දවසේ හවස් වරුවේ ගියා‍ ග්‍රෙගරි වැව ගාව පොඩ්ඩක් සැරිසරන්න‍. මේ වගේ දෙයක් මං නොලියන්න හිටියා වුනාට වෙලා තියෙන දේ හැටියට හා සිද්ධියට අදාල එකා මට ඇවිත් කතාව කියපු විදියට නොලියා බැරිවුනා. මොකෝ ඉතිං මෑන් මේ මගුල කියවනව කියලයැ….

කට්ටියට මතක ඇතිනේ මං කලින් පෝස්ට් එකේ ලිව්වා කොල්ලෝ වගයක් බාසිකල් වලින් වෙට්ටු දාන්න ගිහිං කෙල්ලෙක්ගේ බාසිකලේ එක්ක ටැපලිලා වැටුනේ නෑ කියලා. ඉතිං විශ්වාස කරපල්ලා වැටුනේ නෑ කියන්නේ වැටුනේ නෑ,…

ඊට කලින් අපි කට්ටිය ඒ ගෑණු ළමයින්ගේ ෆොටෝ ගත්තෙත් නෑ. මොකටද නිකං බොරු කියන්නේ… ඒ ළමයි අපේ ෆොටෝ එකක් නං ගත්තා. එකෙක් යාන්තමින් කියනවා වගේ ඇහුනා මෙහෙම පූසෝ අපේ පැත්තේ නැහැනේ… අරගෙන ගිහිං මීයෝ එන තැන් වලින් තියමුය කියලා. ඇහුනේ නෑ වගේ උන්න එක වෙනම කතාවක්. ඒත් ඉතිං පොඩ්ඩක් තද වුනා. ඒ නිසා කව්ද නොසන්ඩාලයෙක් කෙල්ලෝ තුන් දෙනාට යන්න දීලා මෙන්න මේ වගේ ෆොටෝ එකක් ගත්තේ නෑ….

ඕක බලාගෙන හිටිය තව එකෙක්…. ඌ අනිත් එකාට වැඩිය අවුරුද්දයි වැඩිමල්. දැන් බැඳලා ළමයෙකුත් ඉන්නවා. තව නැවක් එන්නත් බලාගෙන ඉන්නවා. ඉතිං පොර බැන්දයි කියලා හෝමෝන වල ක්‍රියාකාරීත්වය අඩු වෙලා නැහැනේ. කොටින්ම අපිට වැඩිය හොදට පොරගේ මීටර් වැඩ. රසාස්වාදය තමා ඉතිං. ඒ පාර අර කලින් එකා පොටෝ එක ගන්නවා දැකපු මූත් උගේ බැස්ටි බැහැපු කැම් එක කොහොම හරි අමාරුවෙන් ඔන් කරගෙන ගත්තා එකම එක ෆොටෝ එකක්… ඒ එක කෙල්ලෙක් දෙකට ‍නැමිලා සපත්තුවේ ලේස් එකක් ගැට ගහද්දී වරාය එහෙම අපූරුවට දිලිසෙන එකක්. ආහ්… සොරි සොරි… දිලිසෙන නෙමේ… දිස්වෙන එකක්.

ඉතිං ඒ තමා මෑන්ගේ කැම් එකෙන් අවාසන වශයෙන් ගන්න හම්බුන පික් එක. ඊට පස්සේ ගෙදර යනකම්ම වෙන කිසිම ෆොටෝ එකක් ඒ කැම් එකෙන් ගන්න බැරිවුනා. ඒ පාර දැන් ඉතිං ගෙදර ගියා කියමුකෝ. ගිය ගමන් මූ ඇඳුම් ටික එහෙම හෝදන්න දාලා කැම් එකත් චාජ් කරගෙන…. වයිපරේව ඇ‍ඳේ පැත්තකින් තියාගෙන, පොඩි එකාව ඔඩොක්කුවෙන් තියාගෙන, තාත්තගේ ට්‍රිප් එකේ විස්තර පෙන්නන්න අරගෙන.

මුලින්ම ඉතිං සිරි සිරි ගාලා ලෙන්ස් ටික ඇරිලා එහෙම ඔන්න ඩිස්ප්ලේ මොඩ් එකට දාන ගමන් කැම් එක වයිපරේට දීලා…. දැන් කැම් එක වයිපරේ අතේලු. ඩිස්ප්ලේ මොඩ් එක ආපු ගමන් මේං තියෙනවලු…. පට්ට සිරා □□ දෙකක්. මල මගුලයිලු…. අන්තිමට ගත්ත පින්තූරෙනේ මුලින් පේන්නේ… ඉතිං ඒ‍කේ අර දිලිසෙන… නෑ නෑ … දිස්වෙන □□ දෙකක් පේනවලු…. මෑන්ස්ට කට උත්තර නෑලු. ඊට පස්සේ වයිපරේ එක පාරක් ගස්සලා කරලා එහෙම ආපස්සට තියෙන එව්වා බලන බටොං එක එබුවලු. අනේ සංසාරේ කියලා ගෑණිට හිතිලා තියෙන්නේ එතකොට තමාලු. ඊළඟ එකේ අර උඩ එකේ වගේ කෙල්ලෝ තුන් දෙනාගේ ඊට වැඩිය හපන් ලස්සන ෆොටෝ එකක්ලු.

දැන් මෑන් කැම් එක ගන්න හදනවලු වයිපරේගේ අතින් මේකි දෙන්නෙම නෑලු. ඉතුරුවත් බලමු කිය කිය ඉන්නවලු. ඊට පස්සේ ඔන්න මල් වගයක්, එතකොට දිය ඇල්ලේ පින්තූර වගයක් එහෙම තියෙනවලු. මෙන්න ආයෙම කොටු කොටු එකක්ලු. වයිපරේට අසූහාරදාහට කේන්තියිලු. පොඩි එකාටත් අවුරුද්දක් වත් නැති වුනාට ඌත් තාත්තා වගේම අරවා දිහා සෙවල පෙර පෙර බලාගෙන ඉන්නවලු.  ඉතිං පොඩි එකා ඉන්න නිස‍ා තාත්තට සැරෙන් බයින්නත් බැහැනේ…

ඒ පාර වයිපරේ මෑන්ස් ගෙන් හීනියට ඇහුවලු…

ඈ… මිනිහෝ …. තමුසේ නුවරඑළියේ ගියේ ගෑණූන්ගේ □□ුයි…. □ු□වලුයි ෆොටෝ ගන්නද ඕයි…? කියලා.

අර යකාත් ඉතිං තැනට සුදුසු මො‍ලේ පාවිච්චි කරලා එහෙම කිව්වලු… මං නෙමේ ඕවා ගත්තේ වෙන එකෙක්… කියලා උගේ ෆොටෝ එකකුත් හොයලා… ආහ් මේ ඉන්නේ… මේ තලෙලු බුවා තමා මේ ෆොටෝ ටික ගත්තේ කියලා එකෙක්ව පෙන්නලා.

දැන් ඉතිං හිතා ගන්නලා ඒ ගල් මූසලයා පෙන්නලා තියෙන්නේ කාවද කියලා….!

ඒ මදිවට මූ කියලා ඊට පස්සේ අපි ගත්තේ ගෑණුන්ව නෙමෙයි ඔය අයිනේ හිටෝලා තිබුන කොඩි ටික… කියලා.ඊට පස්සේ ඉතිං මොනා වුනාද දන්නේ නෑ… මං හිතන්නේ දවස් තුන හතරක් යනකං ඌට වාරකං කාලෙ උදාවෙයි වගේ.

 

ගල් වලට ඇස් තියන, ආලෝකයක් නොදකින ගල් වඩුවා…

දැනට අවුරුදු දහයකට විතර කලින්, ටිකක් කළුවර දවසක අපේ තාත්තා මාව එකක්ගෙන ගියා ගල් වැඩ කරන තාත්තගේ යාළුවෙක් ගාවට. මට මතකයක් නෑ කොයි පළාතෙද කියන්න. අපි ගියේ උවමනාවකට නෙවෙයි තාත්තට, තාත්තගේ යාළුවා කරපු ආරාධනයක් නිසා. ඒ ඉතිං දවල් කෑමකට.

අපි ගෙදරින් පාන්දරම පිටත් වෙලා එහෙට යද්දි දවල් දහයමාරට විතර ඇති. අපි යද්දිත් තාත්තගේ යාළුවා බරටම වැඩ. මං නං බය වුනාද මන්දා ඒ අංකල්ව දැකලා. මුනයි කටයි ලේන්සුවකින් බැඳගෙන ඇස් දෙකට ගොගල්ස් වගේ අයිටම් එකක් දාගෙන… අළුම අළු පාටයි මුළු ඇඟම. හරියට නිකං අද්භුත සතෙක් වගේ. පස්සේ ඉතිං එයා නාලා කරලා ආවම තමා හියටම මුන බලාගන්න පුළුවන් වුනේ. ඒ වැඩපල වටේටම එක එක ජාතියේ ගල් පිළිම. බුදු පිළිම, දෙවි රූප, වංගෙඩි වගේ එව්වා…. පිංතාලිය කියන වතුර පුරවන භාජනේ වගේ එව්වා… වගේ ගොඩක් දේවල් තිවුනා. ආහ්…. රෙඩි මේඩ් සොහොන් ගල් වගේකුත් තිවුනා.

ඊට පස්සේ ටිකක් කතා කර කර ඉඳලා මාවත් එකක්ගෙන ගියා ගල් වැඩ කරන තැන බලන්න. එතෙන දැක්කම පුදුම හිතෙනවා. හැම තැනම පුංචි පුංචි ගල් පතුරු. ලොකු උල්, පැතලි මුවහත් ආයුධ. තව කෙරෝලක ටිකක් ලොකු මැෂින් එකක්. ඒ කළු ගල් ඔපදාන මැෂිමක්ලු. ඊටත් එහායින් ඒ අංකල් එක්ක වැඩ කරන තවත් කීප දෙනෙක් බරටම වැඩ.

ටික්…ටික්… ගාලා ටිකක් බරට මිටිය වැදෙනවා කළු ගල් කෑල්ලක් උඩ තියෙන යකඩයකට. ඊට පස්සේ ටික වෙලාවකින් පොඩි පොඩි ආයුධ වලින් ඒ ගල් පතුර හූරලා වගේ අයින් කරාම මෙන්න එතෙන අමුතු රූපයක් මැවී ගෙන එනවා. අපි ඉස්සර එක වසරෙදි ක්ලේ වලින් එක එක රූප හැදුව විදියට ඊට වඩා බැරෑරුම්ව මෙතෙන කලුගල් වලින් එක එක රූප හදනවා. සෑහෙන මහන්සියක් දරලා, ගොඩක් ඉවසීමෙන් තමා එතෙන වැඩ කලේ.

වැරදිලා හරි හදාගෙන යන ගල් රූපයක එක පතුරක් හරි වැරදිලා ගැලවිලා ගියොත් ඒ රූපය මොහොතකට ඉවත් කරනවා. ඊට පස්සේ ආයෙමත් වෙන කෙනෙක් ලව්වා ඒ කපාගෙන ගිය එක ටිකක් පුංචි කරලා ආයෙමත් කප්පනවා. එහෙම තමා එතෙන වැඩ කෙරෙන්නේ. ඒ වගේම ඔය හැම තැනම තියෙන කළුගලුත් නෙමෙයි කිව්වා ඒ වගේ එව්වට ගන්නේ. අපි ඔය නිතර දෙවේලේ දකින කලු ගල් තරම් තද නැති, ඉක්මනට පතුරු ගැලවෙන්නේ නැති කලු ගල් විශේෂයකින්ලු ඒ රූප අඹන්නේ. පස්සේ  ඒ අංකල්ම තමා කිව්වේ ඉස්සර අපේ පැරණි අය දැනගෙන හිටියලු කලුගල් මෙලෙක් කරන බෙහෙතක් ගැනත්. ඒ බෙහෙ‍ත යම් ක්‍රමේකට පාවිච්චි කලාම කලු ගල් ඒ තියෙන තද ගතියෙන් මිදිලා තරමක් මෙලෙක් වෙනවලු. ඊට පස්සේ ගහක් පතුරු ගහනවා කලු ගල පතුරු ගහන්න පුළුවන්ලු. ඉතිං දැන් නම් ඒ බෙහෙත් මොනාද කියලවත් දන්න කෙනෙක් නැහැයි කිව්වා.

ඉතිං හදිස්සියෙම මට මේ සීන් එක මතක් වුනේ සුනිල් එදිරිසිංහ මහත්තයාගේ අළුත් ඇල්බම් එකේ තියෙන සිංදුවක් නිසා… ඔයාලා අහලා ඇති… ඒත් කමක් නෑ ආයෙම අහලා  බලන්න.

මේකෙන් මට හිතෙන විදියට කියවෙන්නේ  අර වෙන සිංදුවක කියවෙන සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ වගේ දෙයක්ද මන්දා….! තාත්තගේ යාළුවා නම් බැඳලා. අක්කලා දෙන්නෙකුත් හිටියා. ඒත් මේ සිංදුවේ කියවෙන ගල් වඩුවා නම් එහෙම නෑවගේ. කොච්චර කලු ගල් වලට ඇස් තිබ්බත් මොකටද තමන්ගේ ඇස් දෙකට හරියට පාර පෙන්නන ආලෝකයක් නැතිව….!

මේ සිංදුවට ලඟදී දවසක ජනාධිපති සම්මානයත් හමුබුනා. මේ සිංදුවේ ගී පද රචනය රාජි වසන්ත වෙල්ගම හා සංගීත නිර්මාණය දර්ශන රුවන් දිසානායක යන අය. පුළුවන්නම් සුනිල් එදිරිසිංහ මහත්තයාගේ “මල් වැහි පොද” කියන ඇල්බම් එක අරගෙන අහලා බලන්න. ලස්සන සිංදු සෙට් එකක්. අනිත් එක තමා කාගෙන් හරි ඉල්ල ගත්ත mp3 කරපු ඇල්බම් එකක් නම් අහන්න එපා. ඔරිජිනල් ඕඩියෝ CD එක අරගෙන අහන්න. මට දැනුන විදියට ඔරිජිනල් CD එකේ තියෙන ගතිය කිසිම වෙලාවක mp3 එකකින් ලැබෙන්නේ නෑ… පුළුවන් කමක් තියේ නම් අඩුම ගානේ 2.1 සබ් එකකටවත් සෙට් කරලම අහන්න. නිංසකලංකෙ සිංදු ටික අහද්දි දැනන හැඟිම කියාගන්න වචන නැතුව යයි…!

%d bloggers like this: