නුවරඑළිය ට්‍රිප් එක – I

හ්ම්…. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. ඒ තරමට අළුත් අත්දැකීම් ගොඩක්, අළුත් විස්තර ගොඩක් ඔළුව ඇතුලේ පිරිලා. කොහොම වුනත් මේ තමා මං ගිය හොඳම… හොඳම… හොඳ….ම විනෝද චාරිකාව.

මුල ඉඳලම කියන්නම්. හැබැයි අර බලධාරියා විසින් කපාහැරිය යුතු කොටස් කපා හැරලා. මොකද නැත්තං මේක බලධාරියා කියෝපු දාට මං ඉවරයි. ඉතිං නව වෙනිදා උදේ තමා ගමන පටං ගත්තේ. ආරම්භයේදී නම් කීයටවත් හිතුවේ නෑ මේ පොඩි පොඩි අපහසුතා ඇතිවුනත් මේ තරම් හොඳ විනෝද චාරිකාවක් බවට මේක පත්වෙයි කියලා.

ඉතිං මුලින්ම ගියේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ කරන සුපුරුදු වැඩේ කරගන්න. ඒ කියන්නේ නා ගන්න… ඇත්තටම අපේ සංවිධායක මන්ඩලයට තැනක් හම්බුවෙලා තිබුනෙම නෑ මේ නා ගැනිල්ලට. ඒක නිසා ඉතිං පේරාදෙණිය ගාඩ්න් එක පිටිපස්සෙන් ගලාගෙන වතුර හිඳිච්ච මහවැලි ඟගේ නාන්න ගිහින් කට්ටිය හොඳට නාගත්තා. මට ඉතිං අමුතුවෙන් නාන්න දෙයක් නැති නිසා මං නම් නෑවේ නෑ එතනින්. ඊට පස්සේ එතනෙම ඉඳන් දවල් කෑමත් කාලා එහෙම යන්න පිටත් වුනා රම්බොඩ හෝටලයට. අපේ කාලසටහනට අනුව රම්බොඩට යන්න නියමිත වෙලා තිවුනේ හවස හතරට වුනත් අපේ රියදුරු මහත්තරුන්ගේ අත්ගුනේ නිසාම තුනයි හතලිස් පහට විතර යන්න පුළුවන් වුනා. (රම්බොඩ ගැන කලින් දාපු ලිපිය) අත්ගුනේ පොඩ්ඩක් හරි වැරදුනා නම් එහෙම පාරේ ඉඳන් මීටර් දෙසීයක් තුන්සීයක් පහල තියෙන චූටි බෑවුමක තමා නතර වෙන්න වෙන්නේ…

ඊට පස්සෙ ඉතිං එතනින් ගත්ත කාමර වල අපේ ඇඳුම් බෑග් එහෙම තියලා, ෂෝටකුත් දාගෙන ගියා රම්බොඩ ඇල්ල ගාවට. නා ගන්න කියලා හිතාගෙන තමා ගියේ. ඒත් ඉතිං බෑ බෑ… කියලා හිතුනා. හම්මෝ එතෙන සීතල. ගොඩක්ම සීතල ඇල්ලෙන් විසිරෙන වතුර බිංදු පහල ගල් තලා වල හැපිලා තවත් පුංචි කෑලි වලට කැඩිලා මීදුමක් වගේ ඇල්ල පාමුල ඉඳන් මීටර් කීපයක් ඈතට යනකම්ම පාවෙල යන නිසයි. ඒ වතුර බිංදු දිහා එක එක පැත්තෙන් බැළුවම එක එක විදියට පේනවා. සමහර වෙලාවට වතුර බිංදු වලට ඉර එලිය වැටිලා දේ දුන්නක් වගේත් පෙනුනා. ඇත්තටම මං රම්බොඩ ඇල්ල පාමුලට තමා, දිය ඇල්ලක පාමුලට ගියා කියලා කියන්න පුළුවන් වෙන්න ගිහිං තියෙන්නේ. අනිත් එව්ව‍ා ගොඩක් තියෙන්නේ පාරේ ඉඳන් බලන්න එහෙමත් නැත්තං දිය ඇල්ල නරඹන්න තබපු වේදිකාවක ඉඳන් බලන්න. ඒත් ඉතිං රම්බොඩ ඇල්ල පාමුලට නම් කිසිම අපහසුවකින් තොරව යන්න පුළුවන්. වැඩිය ඕනේ නෑ ‍අපේ සමහර අයියල ඇල්ලෙන් වැටෙන වතුර පාරට ඔළුව අල්ලලත් නෑවා.

කොහොම හරි එතෙන මට පැය දෙකක් විතර ගත වෙන්න ඇති. ඊට පස්සේ මං මාසෙකටත් කලින් ඉඳන්ම ප්ලෑන් කරගත්ත ගමනක් තිබුනා, අකීකරු හිත බ්ලොග් එක ලියන වරුණිව බලන්න යන්න. ඉතිං ඒ ගමන යන්න ඕනේ නේද කියලා මතක් වෙලා ඇල්ලට පිටුපාලා අනිත් පැත්ත හැරෙද්දී, බටහරි අහසේ තැඹිලි පාටට කළු වලාකුළු අස්සෙන් ඉර බැහැගෙන යන මාරම ලස්සන… හරියට නිකං චිත්‍රයක් වගේ අහසක් දැක්කා. ඒක දිහාත් තවත් විනාඩි පහක් දහයක් බලාගෙන හිටියා. ආයේ ඉතිං මුහුදු වෙරලට ගිහිං අහස දිහා බලාගෙන ඉන්නවට වැඩිය පොඩි ගතියක් තිබුනා, පිටිපස්සෙන් වැටෙන වතුරේ හෝ  හෝ සද්දෙයි, අමුතු සීතලයි වටේටම තිබුන නිසා.

ඊට පස්සේ පුංචි අඩි පාර දිගේ හෝටලයේ අපිට ලැබිලා තිබුන කාමරයට ගිහිං ඉක්මනට වොෂ් එකක් දාගත්තා. දඟ ගගහ යන්න පුළුවනෑ ගමනක් යද්දී. ඉතිං නාලා තේත් බීලා හෝටලේ ඉඳන් පාරට එන්න තියෙන තඩි කන්දත් නැගගෙන ආවා පාරට. ඔය පාරට ආපු ගමන් පේන්නේ මීටර් දෙක තුනක් ඉස්සරහින් තියෙන රම්බොඩ උමග. මමයි තව අයිය කෙනෙකුයි තමා පිටත් වුනේ. ඊට පස්සේ ඉතිං විනාඩි දහයකින් විතර ට්‍රයි ෂෝ එකක් අරගෙන අපිට වරුණිලාගේ ගෙදරට යන්න ඇහැක් වුනා. එතෙනත් ටික වෙලාවක් කතා කර කර ඉඳලා අයෙම ඉතිං අපේ නවාතැනට එන්න ලෑස්ති වුනා.

පස්සේ පාරට ඇවිත් කඩල වගේකුත් කකා හෙන කළුවරේ කිලෝමීටර් තුනක් විතර පට්ට හීතලේ පයින්ම හෝටලයට ආවා. වරුණිනම් කිව්වේ හෝටලයේ ඉඳන් එයාලෑ ගෙදරට කිලෝමීටර් එකාමාරක් විතර කියලා… අනේ මන්දා ඉතිං එව්වනම්. සමහර විට අපිට නුපුරුදු නිසා දුරයි වගේ තේරෙන්න ඇති.

ඊට පස්සේ ආයෙමත් කාමරේට ගිහිං සීතලට අඳින්න ගෙනාපු ඇඳුම් කෑලි දෙක තුනක් පටලෝ ගෙන ආයෙම හොටෙල් එකේ ලොබි එකට ආවා කෑම කන්න කියලා හිතාගෙන. මොන කෑමක්ද… අපේ වුන් මෙලෝ සිහියක් නැතුවා බොනවා. මං ඉතිං මේ ආයෙ බොනකං අමද්‍යප නිසාත් අර පයින් එන ගමන් කඩල කෑවේ නිකංම නිසාත් බොන්න ගියේ නෑ. (මේ පාර නං නාගත්තේ නෑ…. )

ඊට පස්සේ කෑම කන වෙලාව. කට්ටිය බීලා හිටිය නිසා කෑම ගැන නම් ප්‍රශ්නයක් වුනේ නෑ, මට මතක විදියට මස් කන්නේ නෑ කියලා මොකද්දෝ සංවිධානෙක පොරොන්දු පත්‍රයකට අස්සන් කරපු කීප දෙනෙකුත් වෙරි මතින්ම මස් කාපු බවක් නම් කවුදෝ කිව්වා. කමක් නෑ ඉතිං වෙරි නිසානේ. ඇත්තටම කෑම ටික නම් මරු. පිරිසිදු කමද, කාර්යක්ෂම තාවද ඔක්කොම සුපිරි.

පස්සේ ඉතිං බෑන්ඩ් එකක් එහෙම සෙල්ලං කරලා, අපේ කට්ටියත් සිංදු කියලා, දෙතුන් දෙනෙක් සිහි මඳ ගතියෙන් පසු වෙද්දි පළවෙනි දවසේ රෑ නිදියන වෙලාව ආපු නිසා මාත් කෑම කාලා හොඳට රෙද්දකුත් පොරෝගෙන නිදා ගත්තා. දෙවෙනි දවසේ වෙච්චි එව්වා ටික හෙට දිහාවේ ලියන්නම්.

52 Responses to “නුවරඑළිය ට්‍රිප් එක – I”

  1. Gimhani Says:

    අර ඉරබැහැගෙන යන දර්ශනය හරිම ලස්සනයි ..හොඳට විනෝද වෙලා තියනබව පේනවා …

  2. ගිනි කුරුල්ලා Says:

    යකෝ ඕකේ නාලා ඔලුව හිල් කරගන්නවට වැඩිය හොදයි නිකන් ඉන්නව….

  3. Chanaka Says:

    අර හාවා කැරට් කාපු කතාවට මොකද උනේ ?

  4. කළු පූසා Says:

    මේක කියවද්දී මට ආයිත් නුවරඑලිය යන්න හිතෙනවා 🙂

  5. ඔබ නොදු‍ටු ලොවක් Says:

    රම්බොඩ ඇල්ල හොටේල් එකට මම ගිය මාසේ ගියා..මරු නේද තැන..පාරේ ඉදන් හොටේල් එකට එක්කන් එන්නේ හොටේල් එකේ පොඩි වෑන් එකක ..ආයිත් ගිහිල්ලා බස්සනවා උඩට..කොහොමද කන්ද….මම ඇහුවා ඒ වෑන් ඩ්‍රයිවර්ගෙන් එතකොටත් මිනිහා 23 පාරක් උඩ පහල ගිහිල්ලා …

  6. අකීකරුහිත Says:

    ඉතින් අපි කිව්වැයි පයින් යන්න කියලා….
    “මං ඉතිං මේ ආයෙ බොනකං අමද්‍යප නිසාත්“ ……ඒ කියන්නේ බිව්වැයි කියන එකනේ

  7. සාතන් Says:

    උඹ ඔය ට්‍රිප් එකේදි එක දවසක් වත් නෑවද කියපන්…

  8. Gayan Rupasinghe (සිංහයා) Says:

    ලියහන්කෝ ඉතිරි ටිකත් දෙන්න හොද කමෙන්ට් එකක්
    ජය..

  9. E-Porter Says:

    කොරගෙන යංකො.. හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට කිවුවලුනෙ.. නෙහ්…….කොල්ල හීනියට ගසල කොරල එනකොට කතා මැවෙයි…

    මේ මචෝ උඹ හොඳට නාල කොරල හිටහං නැත්තං පහු වෙනකොට toilet යන්න වෙන්නෙ ක‍ටුවයි මිටියයි අරං තමයි…කොහොමද පු* පැත්තට වතුර ටිකක් වැටෙනකොට… නිකං පු* නෑ වගේ නෙහ්……සැප කනේ….

  10. Praසන්ன Says:

    ලස්සන ෆොටෝ ටිකක්. ඉතුරු ටිකත් ලියන්න.

  11. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    ඔය හීතල නංආතල් තමයි . . . ඒත් පහුවදා උදේම ටොයිලට් ගිහිං හෝදද්දි තමයි කල්පනාවට වැටෙන්නෙ . . . “ඇයි සුද්දො කඩදාසියෙං පිහින්නෙ” කියල

  12. warsha Says:

    Ramboda nana eka harima shoak. matanam Nuwara eliye gihinuth wedak ne Ramboda nanne nethuwa.

  13. මලියා Says:

    ඕන් ඉතින් මාළුවා කතා කරලම කිව්ව නිසා මම කොමෙන්ටුවක් පාස් කොරනවා එහෙනන්! කියෙව්වෙ උදේ, දාන්නෙ දැන් ;{)
    සැහ් අර ලොක්කා හිටියනන් ඔයිට වඩා හොදට නාන්නත් තිබ්බා!
    එල ඈ!

  14. ලහිරු Says:

    ෂහ්.. දැන් නම් මටත් යන්න හිතයි….! උමඟ ඇතුලට යන්න දෙනවද බලන්න…?
    …

  15. නලින්-සමනලුන්ට වෙඩිතියන්න Says:

    ගෝල්ඩ් fish අයියා ඇවිල්ල තියෙන්නේ මම ඉන්න පැත්තටනේ.මමත් කොත්මලේ කෙනෙක්.

  16. praveena Says:

    අම්මෝ පින්තූරවල ලස්සන. මෙච්චර ලස්සන තැන් තියනවද කියලා දන්නේ පින්තූර දැක්කාම.

    අර නාන තැන ෆොටෝ එක මොන ෆිල්ම් එකේ කෑල්ලක්ද?…:D

  17. මධුරංග Says:

    නියම ට්‍රිප් එකක් ගිහින් තියෙන්නේ.
    ඕවා දැක්කම යන්න හිතුනා. ආහ්. අයියා පලතුරු එහෙම නැද්ද දැන් ඔහේ ??? අර කිවි කියන ජාතිය.

  18. හිස් අහස Says:

    උඹටනම් මාර චාන්ස් වදින්නේ සවාරි ගිය හැකි ජයටම . මම තාම නුවර එලියේ ගිහින් නෑ .

    උඹ මීට කලිනුත් ඔහොම නුවර එලියේ ට්‍රිප් එකක් ගැන ලියලා තිබ්බා මතකයි ..කමක් නෑ අපි පින්තුර බලලා හරි හිතින් ඔහේ ගිහිං ආවා

  19. dinesh umagiliya Says:

    අර ඉර බැහැගෙන යන පින්තූරෙනම් නියමයි.. පළවෙනි දවස බීලා නිදා ගත්තා.. හරි.. දෙවෙනි දවස?? ඒකත් දාමුකෝ එහෙනම්…

  20. The Lion Says:

    එළ එළ.ඉතුරු ටිකත් ඉක්මනට දාමු ……..:D

  21. සුදු හංසි Says:

    උමඟ දිගේ පයින් යන්න හිටිය ප්ලෑන වැරදිලා වගේ.. හික් හික්

  22. පන්සල් හංදිය Says:

    අඩේ මලයා නියමයි, මාත් වෙලාවක ගෙදර කට්ටියත් එක්ක යන්න ඕනා ………
    මාර ආසාවක් ආවා හිතට ………


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: